පෙරහැර ගෙට ගෙවැදීම




සිංහාසන මණ්ඩපයේ පැයකට පමණ නතරවූ පෙරහැර දැන් දේවාලයට ඇතුළුවී අවසානය.පෙරහැරේ දේවාභරණ දේවාලයේ  පහත මළුවට  වැඩමවන විට දළදා පෙරහැර ගෙට ගෙවදීම සිදුවෙමින් පවතී.දේවාලයේ තේවාව භාර නිලධාරීන් පත්තිරිප්පුවට පැමිණේ.එවිට සධාතුක කරඬුව රන්සිවිගෙයින් ඉවත වැඩමවන අතර හේවිසි වාදනය කරමින් දේවාලය තුලට වැඩමවාගෙන යයි .කරඬුව වැඩම කල පසු එම ස්ථානයෙන් හස්තියා ඉවතට රැගෙන යන අතර එවිට හස්තියා ඒම ස්ථානයෙන් ඉවතට රැගෙනයි.අනතුරුව පත්තිනි දේවාලයේ දොලාවත් බිසෝ දේවියගේ දේවාභරණ රැගත් දොලවත් පහත මළුවේ සිට දේවාලයට ඇතුළුවේ.මෙම දෝලාවල් වැඩමවන සියලුම තේවාව භාර නිලධාරින්ද දෙවාලයට ඇතුළුවේ.දැන් දේවාලයේ උඩමළුවට ගමන කරන පියගැටපෙළ පාමුල ඇති අඩසඳගල අසලට කුමාර රථය පැමිණ තිබේ.මෙම සියලුම ක්‍රියාවන් සිදුවන අතරතුරදීද දේවාලයේ තේවා හෙවිසිකන්ඩායම තම වාදනය ඉදිරිපත් කරමින් හිඳී.

     සමන් දෙවියන්ගේ බිසෝ දේවියගේ දේවාභරණ වැඩමවන දෝලාව




       පත්තිනි දේවියගේ දෙවභාරන් වැඩමවන දෝලාව 




දේවාභරණ වැඩමවමින් දේවාලයට ඇතුළුවූ පිරිස නැවත කුමාර රථය අසලට පැමිණේ.පෙරහැර ගෙට ගෙවදීමේදී මට දකින්න ලැබුණු උත්කර්ෂවත්ම අවස්ථාව මෙම කුමාර පෙරහැර ගෙට ගෙවදීමේ  අවස්ථාවයි.මෙම අවස්ථාවට බස්නායක නිලමේතුමා මොහොට්ටාලවරුන් සියලුදෙනාද සහභාගිවේ.


කුමාර රථයේ ඇති කුඩා ලී ඉනිමග රථයට සම්බන්දකෙරේ.පසුව පාවාඩ එලන්නන් තනි සුදු පාවාඩයක් ඉනිමගෙහි එලනු ලබයි.එය ඉනිමගක් ලෙස හැඳින්වුවත් හරියටම කියනවානම් එයකුඩා පඩිපෙලකි.පසුව කුමාර රථයේ ඇති තිරය මෑත් කරන විටම ශන්ඛයත් බුරම්පෙත්තුවත් හඬ නංවයි.එසැනින්ම කුමාර රථයේ සිටින කපුමහතා දෙවාභාරණය හිසතබගෙන මහත් ගාම්භීරව රථයෙන් බිමට සම්ප්‍රාප්තවේ.ඉන් අනතුරුව දේවාලය දක්වාම පාවාඩ එලෙන අතර ඒ මතින් කපුමහතා දේවාභරණය වැඩමවනු ලබයි.
මෙම අවස්ථාවට අලත්ති අම්මාවරු,පලිහ දරන්නන්,චාමර සලන්නන්,කවි ගායකයින්,පන්දම අල්ලන්නා,වියන අල්ලන්නන්,සේසත් දරන්නන් ආදීසියලුම රාජකාරි කරුවන් සහභාගිවේ.
දෙවභාරණය දැන් ක්‍රමයෙන් දේවාලයේ උඩමළුවට වැඩමවාගෙන යයි.කපුමහතා උඩමළුවේ වාහල්කඩින් ඇතුළුවනවාත් සමගම නැවතත් හක්ගෙඩි සහ බුරම්පෙත්තු වාදනය වේ.දැන් දෙවියන් උඩ මළුවට සංප්‍රාප්ත වි ඇත.ශාන්ති මණ්ඩපය හරහා දැන් දේවාභරණ වැඩමවයි.හේවිසි වාදකයින් ශාන්තිමන්ඩපයේ නතර වේ.ඔව්න්ට දේවාලයේ උඩමළුව තුල හේවිසි වාදනය කල හැක්කේ මෙම ශාන්ති මණ්ඩපයේ සිට පමණි.
පාවඩ උඩුවියන් මතින් දෙවභාරණය දේවාලයේ හඳුන් කුඩමට වැඩමව්යි.පාවඩ එලීමත් උඩුවියනත් හඳුන් කුඩමට ඇතුළුවන ස්ථානයෙන් නතර වේ.තවත් ස්වල්ප වෙලාවක් හේවිසි වාදනය වීමෙන් පසුව එකවරම හේවිසි වාදනය නතර වේ.ඒ අවස්ථාවේම නැවතත් බුරම්පෙත්තුවත් හක්ගෙඩියත් වාදනයවේ. නිල වශයෙන්ම දැන් පෙරහැර ගෙටගෙවැදී අවසානය.
මෙම හේවිසි වාදනය නතරවන අවස්ථාවේදී සමන් දේවාභරණ වැඩමවූ අලියා දේවාලයේ පහත මළුවේ පියගැට පාමුලට පැමිණ දෙවියන් වන්දනා කරයි.මෙම අලියා වන්දනා කිරීමේදී එම පිගැටපෙල මැද කිසිවෙකුට සිටීමට ඉඩ නොදේ.
හේවිසි වාදනය නතරවූ පසු එම හේවිසි කණ්ඩායම පළමුව බුදුගෙය දෙසට හැරී වන්දනා කරයි.දෙවනුව සමන් දෙවියන්ට වන්දනා කරයි.තෙවනුව පත්තිනි දේවාලයට වන්දනා කරයි.සිව්වනුව සුනියම් දෙවියන්ගේ පිළිරුව දෙසට වන්දනා කරයි.


 
                                          

 

 
                                          

                                        

මෙම වීඩියෝ පට කීපය වාදනය කර බැලීමෙන් පෙරහැර ගෙට ගෙවදීම පිලිබඳ ඔබට යම් රුපයක් මවාගත හැකිවේ.අනිවාර්යයෙන්ම අවසන් වීඩියෝපට දෙක නරඹන්න. පෙරහැරක මම දුටු උත්කර්ෂවත් අවස්ථාව මෙයයි.
වීඩියෝ පට වාදනය කිරීමෙන් ඔබටත් දෙවියන් පිළිබඳවවිශ්වාසයක්‌ ඇතිවේවායි මම ප්‍රර්ථනා කරමි.
මෙම වීඩියෝ පටිගත කිරීමට සහායවූ මගේ හොඳම මිතුරාටත් ඔහුගේ සොහොයුරාටත් සමන් දෙවියන්ගේ පිහිට ලැබේවායි ප්‍රර්ථනා කරමි.

පෙරහැර ගෙටගෙවදුනපසු  හේවිසි කණ්ඩායම දේවාලයෙන් පිටත්වී අසල ඇති පිරිත් නිලයේ ස්වාමින්වහන්සේලා වැඩවසන පන්සලට ගමන් කරයි.අපි ඊළඟ ලිපියෙන් බලමු අනතුරුව කුමක් සිදුවෙවිද කියලා
ඔබ සැමටත් සමන් දෙවියන්ගේ පිහිට ලැබේවා............!


...