විවාහ නැකත් සෑදීම හා විවාහ නැකත් පත්‍රය








සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් මූලකයි කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉගැන්වෙනවා . ඉපදීම සහ මරණය කියන අවස්ථා දෙක තමයි ප්‍රධානම වෙන්නේ . ඒ අතර කාලසීමාව තුලදී තියෙන වැදගත්ම අංගය විදියට විවාහය කියන අවස්ථාව පෙන්නුම් කරන්න පුළුවන් . ලෝකයේ ජීවත්වෙන සෑම සජීවී දෙයකම ප්‍රධාන අරමුණ වෙන්නේ ඉදිරි පරපුරේ පැවැත්ම තහවුරු කිරීම . සතුන් වුනත් ගස් වැල් වුණත් ඒවා තමන්ගේ ජීවන චක්‍රයේ මුල් අවධියේ ඉඳලාම පරිණත වීම දක්වා කාලසීමාවේදී ලකලෑස්ති වෙන්නේ තමන්ගේ ප්‍රජනන කාර්යය උදෙසා . මනුෂ්‍යයා වුණත් කුඩා කාලයේ ඉඳලා පරිණත වීම දක්වා කාලය තුල ජීව විද්‍යාත්මකව සහ සමාජීය වශයෙන් සූදානම් වෙන්නේ විවාහයක් කරගැනීමට . විවාහයේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ දරුවෙක් බිහි කරලා ඒ දරුවා සමාජයට හොඳ පුද්ගලයෙක් විදියට නිදහස් කිරීම .

මේ වෙනුවෙන් ජ්‍යෝතිෂ විද්‍යාව සහ ආයුර්වේදය ප්‍රධාන තැනක් හිමිකරගෙන ඉඳලා තියෙනවා අතීතයේ ඉඳලාම . ජ්‍යෝතිෂ විද්‍යාව කියන්නේ විශ්වයේ ශක්තිය පැවැත්ම විග්‍රහ කෙරෙන විද්‍යාවක් . කෙනෙක්ට කියන්න පුළුවන් ග්‍රහ තාරකා වලට මොනවද කරන්න පුළුවන් කියලා . ඔව් ග්‍රහ තාරකා වලට මොකවත් කරන්න බැහැ තමයි . ග්‍රහ තාරකා වලින් සංකේතවත් කරලා තියෙන්නේ පෘථිවි වාසීන්ට බලාපාන ශක්ති විශේෂයන් ගැන . ඒවගේම තමයි ඒ ශක්තිය උපතේදී කොහොමද බලපාන්නේ , ජීවත් වෙනකොට කොහොමද බලපාන්නේ සහ අහසේ සිදුවෙන ග්‍රහ චාරය නිසා වෙනස් වෙන්නේ කොහොමද කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේදී කතා කෙරෙනවා . 

විවාහයකදී බලාපොරොත්තුවෙන මූලිකම දේ අනාගත පරපුර බිහිකිරීම නම් ඒ වෙනුවෙන් අවශ්‍ය පසුබිම සම්පාදනය කිරීම තමයි ජ්‍යෝතිෂ විද්‍යාවේදී පෙන්නුම් කරන්නේ . දරුවෙක් පිළිසිඳ ගැනීම වෙනුවෙන් අවශ්‍ය ශාරීරික පසුබිම සෑදීම සහ දරුවා බිහි කිරීම කියන කාර්යයන් අයත් වෙන්නේ ආයුර්වේදයට . අද කාලේ මේ කාර්යය බටහිර වෛද්‍ය කර්මයට මූලිකවම හිමිවෙලා තියෙනවා . ඒත් වෛද්‍ය ක්‍රම වලින් බෙහෙත් වලින් වගේ දේවල් වලින් දරුවන් ලබාගැනීම ප්‍රමාද වීම නිසා ප්‍රතිකාර ගත්ත වැඩි පිරිසක් ආයෙත් මූලික තැනට එනවා ජ්‍යෝතිෂ පැත්තෙන් ඒ වෙනුවෙන් තියෙන සම්භාවිතාවය කොහොමද කියලා බලාගන්න . සමහර වෙලාවල් වලදී එයාලාගේ ශරීරයේ තියෙන ශක්තිය අසමතුලිත වීම ජ්‍යෝතිෂ විද්‍යාත්මක කරුණු වලින් සාර්ථකව සමතුලනය කරන්න පුළුවන් . 

ඒ පැත්ත අසාර්ථක වෙනකොට ආයුර්වේද පැත්තට දායක වෙන්න වෙන්නව . ලංකාවේ හොඳම වෛද්‍යවරයා , ලංකාවේ හොඳම රෝහල , හොඳම ඖෂධ , දියුණුම තාක්ෂණික ක්‍රම කියන මේ හැම දේම භාවිතා කරත් කළලයක් ස්ත්‍රී ශරීරයේ තැම්පත් කරාට පස්සේ හෝ තැම්පත් වුණාට පස්සේ ඒක ස්වභාවිකව ම තමයි වර්ධනය වෙලා විකසනය වෙන්න ඕන . මේ තත්වය නොවෙනවානම් බටහිර වෛද්‍ය කර්මයට කිසිම අවස්ථාවක් නැහැ නිවැරදි කරන්න . 

ආයුර්වේදයේ ක්‍රම තියෙනවා . ඒත් සාර්ථක වෛද්‍ය වරයෙක් සොයාගන්නා එක ප්‍රශ්නයක් . අවසානයේ ආයෙත් ජ්‍යෝතිෂ පැත්තට හැරෙනවා මොකක්ද ප්‍රශ්නය කියලා බලන්න .ඔය ප්‍රශ්න අරගෙන එන වැඩි දෙනෙක්ගේ විවාහ නැකත් කොහොමද කියලා පරීක්ෂා කරන්නත් වෙන වෙලාවල් එනවා කේන්දර වලින් අසමානකම් තියෙනකොට . එතකොට විවාහ නැකත්වල දෝෂ වුණත් අපිට අදාළ කරගන්න වෙන වෙලාවල් තියෙනවා . ඒ නිසා විවාහ නැකත් සම්බන්ධව දීර්ඝව කතා කරානම් හොඳයි කියලා මම කල්පනාකරා . 

විවාහ වීම කියන කාර්යය අද ඉතාම සංකීර්ණ කාර්යයක් වුණත් සම්මත චාරිත්‍රවාරිත්‍ර අනුව බලනකොට පැවතගෙන ආව චාරිත්‍ර වාරිත්‍ර ඒවගේම තවමත් කෙරෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන් . සාමාන්‍යයෙන් ජ්‍යෝතිෂ විද්‍යාව පිළිනොගන්නා කෙනෙක් වුණත් විවාහ නැකත් බලලා විවාහ වෙන්න කටයුතු කරන අවස්ථා තියෙනවා . විවාහ මංගලෝත්සව වලදී සාමන්‍යයෙන් පෝරුවේ චාරිත්‍ර සිදුකරන අය කියන කතාවක් තමයි සිංහල සිරිත් විරිත් කියල අද වෙනකොට පොඩි පොඩි වෙනස්කම් වලට ලක් වුණත් පවතින්නේ අවුරුදු චාරිත්‍රයි පෝරුවේ චාරිත්‍රයි විතරයි කියලා . 

ඉතින් ඔය ආකාරයට අදහස් දක්වන මේ විවාහ නැකත් සෑදීම කියන දේ මොකක්ද සහ විවාහ නැකත් මොනවාද කියල අපි කතා කරමු . 

ලංකාවේ විවාහ නැකත් සෑදීම සම්බන්ධව කතා කරනකොට දෛවඥකාමධෙනුව කියන පොත සාමාන්‍යයෙන් වැදගත් තැනක තියෙනවා . මොකද ලංකාවේ ලියවුණු පැරණි ජ්‍යෝතිෂ ග්‍රන්ථවලින් අද වෙනකොට ඉතුරු වෙලා තියෙන්නේ ඒ පොත විතරක් නිසා . ඒවගේම පිලිප්ද සිල්වා ඈපාඅප්පුහාමි ගුරුතුමන්ගේ මුහුර්ත චින්තාමණි කියන පොතත් වැදගත් තැනක තියෙනවා . ඊට අමතරව නැකත් සිතුරුවන වගේ පැරණි ජ්‍යෝතිෂ ග්‍රන්ථවල මේ විවාහ නැකත් සෑදීම ඉතාමත් පැහැදිළි විදියට දක්වලා තියෙනවා .

විවාහ නැකත් සෑදීම

විවාහ නැකත් සෑදීම සාමාන්‍යයෙන් අයිති වෙන්නේ මනමාල මහතාගේ පාර්ශවයට . සිරිත් පරිදි අතීතයේ ඉඳලාම ඒක මනමාල මහතාගේ පැත්තට හිමි වෙන රාජකාරියක් . සාමාන්‍යයෙන් නැකත් හදවාගන්න යනකොට ඉර අවරට ගියාට පස්සේ ජ්‍යෝතිෂ වේදීන් හමුවෙන්න යන එක වැඩිය හොඳ දෙයක් නෙවෙයි කියලා මම හිතනවා . මොකද හරියට වැඩ කරන ජ්‍යෝතිෂ වේදීන්ගේ මනස විඩාවට පත්වෙන්න පත්වෙන්න මේ කාර්යය සාර්ථක බවෙන් අඩු වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් . පැහැදිළි නිරවුල් මනසකින් කරන රාජකාරිය තමයි සාර්ථක වෙන්නේ . ඒ නිසා ඉර අවරට යන්න කලින් මේ වෙනුවෙන් ජ්‍යෝතිෂ වේදියා හමුවීම වැදගත් . ඊට පස්සේ ජ්‍යෝතිෂ වේදියාට විවාහ වෙන දෙදෙනාගේ කේන්ද්‍ර සටහන් ලබාදීලා විවාහ වෙන්න සුදුසු දින මොනවාද කියලා කතා කරගන්න පුළුවන් . සාමාන්‍යයෙන් විවාහ නැකත් දිනය යොදාගන්නේ දෙදෙනාගේම කේන්දර සටහන් වලට ගැළපෙන නැකතක් යෙදිලා තියෙන දවසක් . පොරොන්දම් වලින් සහ කේන්දර සටහන් වලින් දෙදෙනාගේ උපන් නැකත් ගැළපෙනවා වගේම තමයි විවාහ නැකත් දිනයත් දෙදෙනාට ගැළපෙන්න ඕන . ඔය දේවල් වලට පස්සේ ජ්‍යෝතිෂ වේදියා දැනුවත් වෙන්න ඕන කරුණු කරණා තියෙනවා . 

විවාහ මංගල උත්සවය පවත්වන්නේ නිවසේද ? උත්සව ශාලාවකද කියන එක .

විවාහ මංගල උත්සවය වෙනුවෙන් මනමාලයට මනාළියගේ නිවසට යන්න හෝ උත්සව ශාලාවට යන්න කොපමණ දුරක් වෙලාවක් ගතවෙනවාද කියන එක . 

මංගලෝත්සවය වෙනුවෙන් මනමාලයා සහ මනමාළිය නිවසෙන් පිටත් වෙන්න ඕන වෙලාව ආසන්න වශයෙන් කොහොමද කියන එක . මේක සාමන්‍යයෙන් ඇඳුම් අන්දවන අයගේ අවශ්‍ය වේලාවන් කොහොමද කියන එකත් එක්ක ගැළපෙන විදියට සකස් කරන්න තමයි ඒ වෙලාවල් කොහොමද කියලා දැනගන්න ඕන වෙන්නේ . 

ඡායාරූප ගැනීම් උදේ වරුවේ සිදුවෙනවානම් ඒවා කෙරෙන ස්ථානය සහ මංගල උත්සවය පවතින ස්ථානය අතර දුර සහ කාලය .

පෝරුවේ චාරිත්‍ර කරනවාද නැත්ද කියන කාරණාවත් වැදගත් . මොකද සමහර අවස්ථා වලදී පෝරුවේ චාරිත්‍ර කෙරෙන්නේ නැහැ . විවාහ ලියාපදිංචිය සහ මුදු මාරුකිරීම පමණක් වෙන අවස්ථා තියෙනවා . ඒ වෙලාවල් වලදී ජ්‍යෝතිෂ වේදියා දැනගෙන ඉන්න ඕන පෝරුවේ චාරිත්‍ර කරනවද නැත්ද කියලා . 


ඔන්න ඔය කරුණු කරණා සම්බන්ධව විවාහ මංගල උත්සවයකදී නැකත් සෑදීමේ කටයුත්තේදී මූලිකවම දැනුවත් කිරීම කරන්න ඕන . ඒවගේම තමයි විවාහ මංගල උත්සව අද කාලේ උත්සව ශාලාවල සිදුකරන නිසා ඒ උත්සව ශාලාව මේ නැකත් දවසට වෙන් කරවාගන්න පහසුද කියන කාරණාවත් සලකා බලන්න වෙලා තියෙනවා අද වෙනකොට . මේක නැකත් සෑදීමේදී සාමාන්‍යයෙන් ලොකු හිසරදයක් වෙන අවස්ථා තියෙනවා . ඒ නිසා නැකත් සෑදීමට කලින් ගැළපෙන නැකත් දිනය අනුව උත්සව ශාලා වෙන්කරවාගන්නත් මනාල යුවලට සිදුවෙනවා . 

නැකත් භාරදීමේ චාරිත්‍රය

ඔය ඔක්කොම දේවල් ගැන සලකලා බලලා නැකත් සෑදීම කරාට පස්සේ ඉස්සෙල්ලාම තියෙන්නේ මනාල මහතාගේ පාර්ශවයෙන් මනාලියගේ පාර්ශවයට නැකත් භාරදීමේ චාරිත්‍රය ඉටුකිරීම . සාමාන්‍යයෙන් විවාහයට මාස තුනකට කලින් වත් නැකත් භාරදීම කියන දේ සිදුවෙනවා . චාරිත්‍රානුකුලව නැකත් භාර දෙන්නේ මනාල මහතාගේ පියා විසින් . ඒත් යම් යම් පැතිවල අදවෙනකොට මේ නැකත් භාර දෙන කෙනා කවුද කියලා කියන කාරණාව වෙනස් වෙන අවස්ථා තියෙනවා . 

ඒවගේම තමයි විවිධ පාළාත්වල නැකත් කොලය භාරදීම විවිධ ආකාරයට කෙරෙනවා . සමහර පැතිවල නික්නම් නැකත් ලියලා තියෙන කොලේ අරගෙන ගිහින් දීලා වඳිනවා . එහෙමත් නැත්නම් සමහර පළාත්වල නැකත් කොලය සන්නස් මංජුසාවක දාලා ඒක භාර දෙනවා . තවත් සමහරුන් මේ නැකත් කොලය මුද්‍රිත පිටපතක් විදියට භාර දෙනවා වගේම ඒ මුද්‍රිත පිටපත රාමු කරලා කාලයක් තියාගන්න පුළුවන් විදියටත් භාර දෙනවා . මේ සිරිත එක එක පැතිවල එක එක විදියට වෙනවා . 

ගොඩක් වෙලාවට තමන්ට මංගල නැකත් චාරිත්‍රවල අවශ්‍යතාවය අනුව තමයි මේ භාරදීම කියන කාර්යය පිළිවෙලට හෝ අපිළිවෙලට කරන්නේ . ඔහේ දෙන්නන් වාලේ නැකත් කොලය භාර දෙන්නේ සාමාන්‍යයෙන් ඉතින් ඒ ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතිවෙනකොට . කොහොම වුණත් අද වෙනකොට ඩෙකරේෂන් , ඇඳුම් , ශාලාව වගේ දේවල් මූලික වෙලා නැකත් කොලය පැත්තකට ගිහින් තියෙනවා . එහෙම වෙලා තියෙන්නේ ශිල්පයට වඩා මවාපෑම කියන දේ වැදගත් නිසා අද කාලයේ .


නැකතට මගුල් කීමේ චාරිත්‍රය

විවාහ මංගලෝත්සවය සම්බන්ධව මුලින්ම නිවසෙන් පිටට දැනුම්දීම තමයි මේ නැකතට මගුල් කීම කියලා කරන්නේ . මේකත් නැකතකට කරන චාරිත්‍රයක් . සාමාන්‍යයෙන් විවාහ මංගල උත්සවය සම්බන්ධව මුලින්ම කියන්නේ තමන්ගේ ළඟම නෑදෑකුට හරි එහෙමත් නැත්නම් පවුලට හිතවත්ම ආසන්නම කෙනෙක්ට . මෙතනදී ආරාධනා පත්‍රයක් දීමට වඩා බුලත් හුරුල්ලක් අතට දීලා විවාහ මංගල උත්සවය පැවැත්වෙන දවස සම්බන්ධව දැනුවත් කිරීම තමයි කරන්නේ . මේ නැකතට මගුල් කියන කෙනාට සාමාන්‍යයෙන් සිරිතක් විදියට දෙවෙනි ගමනටත් එන්න කියලා ආරාධනා කෙරෙනවා . අද කාලේ වෙනකොට ඒක ඒ තරම් දුරට කෙරෙන්නේ නැති වුණත් සිරිතක් වශයෙන් බලනකොට දෙවෙනි ගමනටත් ආරාධනා කිරීමක් සිදුවෙනවා නැකතට මගුල් කීමේදී . 


මනමාලයා විසින් මනමාලියට විවාහ උත්සවයට සැරසෙන ඇඳුම් / සාරිය ලබාදීමේ චාරිත්‍රය . 

මේකත් නැකතකට කෙරුණු කාර්යයක් . අද වෙනකොට නම් මේ කාර්යය සිදුවෙන්නෙම නැහැ . ඒත් අතීතයේ මෙහෙම සිරිතක් පැවතිලා තියෙනවා . ඒ කාලේ විවාහ මංගල උත්සව වලදී මනමාලිය අඳින්නේ සැලෝන් එකෙන් කුලියට ගන්නා ඇඳුමක් නෙවෙයි . ගොඩක් වෙලාවට සුදු පැහැය තියෙන සාරියක් තමයි අඳින්නේ . ඒ නිසා ඒ සාරිය මනමාලයා විසින් ලබාදීම කෙරෙනවා නැකත් වෙලාවකට . ඔය සුදු සාරිය නැකත් වෙලාවට ලබාදෙන්න තවත් යම් හේතුවක් තියෙනවා . පෝරුවේ චාරිත්‍ර කියන දෙයින් පෙන්නුම් කරන්නේ මනමාලියගේ පාරිශුද්ධ භාවය . ඒ වෙනුවෙන් තමයි පළවෙනි දවසේ දී මනමාලිය සුදුපැහයට හුරු ඇඳුමක් අඳින්නේ . ඒ නිසා තමයි මේ ඇඳුම භාරදීම විශේෂ දෙයක් විදියට සලකලා තියෙන්නේ .

මගුල් කප සිටුවීමේ චාරිත්‍රය

දේවාලවල පෙරහරක් පවත්වනකොට කප් සිටුවීම කරනවා වගේ මංගල උත්සවය කරදර බාධක වලින් තොරව කරන්න ලැබෙන්න කියලා නැකතට මගුල් කප් සිටුවීමේ චාරිත්‍රයක් අතීතයේ තිබිලා තියෙනවා . ඒ චාරිත්‍රයත් අද වෙනකොට කෙරෙන්නේ නැහැ . සමහරු මේ කප් සිටුවීම වෙනුවෙට දෙවියන්ට පඬුරු ගැටගහලා විවාහ මංගල උත්සවයට පස්සේ තමන් අදහන දේවාලයකට හෝ පන්සලට ගිහින් ඒ පඬුර දාලා පුද පූජා පැවැත්වීම හෝ දෙවියන්ට පින් දීම සිදු කරනවා . 


තෙල් වලන් ලිප තැබීමේ චාරිත්‍රය

මේ නැකත සෑදීම සම්බන්ධව සාමාන්‍යයෙන් විවිධ මත තියෙනවා . කෙනෙක් කියනවා තෙල් වලන් ලිප තියන්න ඕන උත්සවයට දවස් කීපයකට කලින් කියලා . තව කෙනෙක් කියනවා සති කීපයකට කලින් කියලා . කෙසේ වෙතත් ආහාර පාන පිළියෙළ කරන අය දන්නවා කොච්චර කාලයක් මේ කැවිලි තියාගන්න පුලුවන්ද කියලා . නැකත් දවස ඒ වෙනුවෙන් අදාළ කරගන්න බැරි නම් කරන්න තියෙන්නේ නැකත් වෙලාවට විවාහ මංගල උත්සවයට හදන්න නියම කරගෙන ඉන්න කැවිලි වර්ගයක් මොනවා හරි හදන එක . ඒවා විවාහ මංගල උත්සවය අවසාන වෙනකල් ඉඳුල් නොකර තබා ගැනීමෙන් ගැටළුව නිරාකරණය වෙනවා . කෙසේ වෙතත් අතීතයේ මේ තෙල් වලන් ලිප තියන්න නැකත් දීලා තියෙන්නේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් කැවුම් පිළියෙළ කරන්න තෙල් වළඳ ලිපේ තියෙන්න . අද වෙනකොට මේක විවිධ විදියට කෙරුණත් තෙල් වළඳ ලිප තැබීමේ චාරිත්‍රය තවමත් කෙරීගෙන යනවා . 

මගුල් මඩුව සෑදීමේ චාරිත්‍රය

මේ නැකත් වෙලාව දැන් නම් අවශ්‍ය වෙන්නේ නැහැ . ඉස්සර කාලයේ විවාහ මංගල උත්සව නිවසේ පවත්වන කාලයේ ගෙවල් ඇතුලේ විශාල පිරිසකට කන්න බොන්න දෙන්න අපහසු නිසා මගුල් මඩුව කියලා එකක් හදනවා . ඒක සාමාන්‍යයෙන් ඒ ඒ තරාතිරමේ හැටියට කැටයම් කපපු කඩදාසි ගොප්කොල සැරසිලි එකතු කරලා තමයි හදන්නේ . ඒ නිසා මගුල් ගෙදරක ඒ කාලේ වැදගත්ම දෙයක් තමයි මගුල් මඩුව කියලා කියන්නේ . මගුල් මඩුව හදන්න කණු හිටවන්නත් ඒකාලේ නැකතක් හැදිලා තියෙනවා . අද වෙනකොට ඒක කෙරෙන්නේ නැත්තේ උත්සව ශාලාවල විවාහ මංගලෝත්සව සිදු කරන නිසා . 


මනමාලයා නිවසින් පිටත් වීමේ චාරිත්‍රය

විවාහ මංගලෝත්සවය සිදුවෙන දවසේ උදේ මනමාලයා මංගල ගමන වෙනුවෙන් පිටත්වීමට තමයි මේ නැකත් වෙලාව හැදෙන්නේ . සාමාන්‍යයෙන් අදකාලේ මංගල උත්සව වලදී නිවසින් පිටත් වීමේ අවස්ථා කීපයක් තියෙනවා . එක්කෝ ඇඳුම් අඳින තැනට යන්න පිටත් වෙනවා . නැත්නම් ඇඳුම් නිවසේදී ඇඳගෙන පිටත් වෙනවා . එහෙමත් නැත්නම් උදේම උත්සව ශාලාවට ගිහින් වෙන් කරන ලද කාමරයක ඇඳුම් ඇඳීම කරනවා . මේ මොන දේ වුණත් තමන් කලින් දවසේ හිටපු තැනින් මංගල ගමන වෙනුවෙන් පිටත් වීමට තමයි මේ නැකත් වෙලාව හැදෙන්නේ . ඒ නිසා නැකත් හදනකොට ජ්‍යෝතිෂ වේදියා මේ කාර්යයන් සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න වෙනවා . මොකද අද කාලේ වෙලා තියෙන්නේ නැකතට වැඩ නෙවෙයි වැඩේ විදියට නැකත් හොයන්න වීම . ප්‍රායෝගික ගැටළුවක් වුණත් ගැටළුවට පිළිතුරු හොයන්න යන්නේ නැතුව දෝෂ අවම කරගෙන හොඳ වෙලාවක එලියට බහින්න තමයි මේ නැකත් සෑදීම කරන්නේ . 


මනමාලිය නිවසින් පිටත් වීමේ චාරිත්‍රය 

ඉස්සර කාලේ නම් මෙහෙම චාරිත්‍රයක් කෙරුනේ නැහැ . ඒත් අදවෙනකොට ප්‍රායෝගිකව කෙරෙන දේවල් එක්ක මෙහෙම නැකත් වෙලාවක් බලන්න වෙලා තියෙනවා . මොකද විවාහ වෙන්න ගැහැණු ළමයෙක් තමන් උපන් දවසේ ඉඳලා ජීවත් වුන නිවසෙන් පිටත් වෙන්න ඕන හොඳ වෙලාවක නිසා . ඉස්සර දෙන්නාටම ගැළපෙන්න විවාහ යුවල පිටත් වීමට වෙලාවක් හැදුනට අද කාලේ කෙරෙන පිළිවෙල අනුව මේ නැකත සෑදීම අවශ්‍ය වෙලා තියෙනවා . මනමාළිය එක්කෝ උත්සව ශාලාවේ කාමරයක ඇඳුම් පැළඳුම් වලින් සැරසීම කෙරෙනවා . එහෙමත් නැත්නම් සැලෝන් එකේදී තමයි සැරසීම වෙන්නේ . ඒ නිසා උදේ පාන්දර නිවසෙන් පිටත් වීම වෙන්න ඕන . ඒකට මේ නැකත් වෙලාව සාදනු ලබනවා . 

මනමාලියගේ වේල් එක තැබීම හෝ තැල්ල හිස මත පැළඳවීමේ චාරිත්‍රය

තැල්ල පැළඳවීම සාමාන්‍යයෙන් කරන්නේ මනමාලියගේ අම්මා විසින් . අම්මා නැත්නම් තාත්තා හෝ ළඟම ඥාතියෙකු විසින් මේ තැල්ල පැළඳවීම නැකත් වෙලාවට කරනවා . බටහිර ක්‍රමයට නම් වේල් එකක් පැළඳවීම තමයි සිදුකරන්නේ . පෙරදිග බටහිර කියලා එහෙම වෙන් වුණත් ඒ වෙනුවෙන් නැකත් වෙලාවක් සෑදීම සිදුවෙනවා .


මනාල යුවල පෝරුව / මංගල මණ්ඩපය වෙත සම්ප්‍රාප්තවීමේ චාරිත්‍රය 

විවාහ මංගලෝත්සවයක වැදගත්ම දේ තමයි මේ පෝරුවේ චාරිත්‍ර කියලා කියන්නේ සරළවම කියනවානම් පෝරුවේ චාරිත්‍ර ගැන වචනෙන් දෙකෙන් කියන්න බැහැ . කෙසේ වෙතත් පෝරුව මත නැංවීමේ නැකත් වෙලාව තමයි විවාහ මංගල උත්සවයේ වැදගත්ම වෙලාව වෙන්නේ . සියලු දෝෂ නැතිවෙන්න හෝ දෝෂ වැඩිම ප්‍රමාණයක් නැති වෙලාවක් තමයි මේ වෙනුවෙන් යොදාගන්නේ . නැකත් වෙලාවට පෝරුවේ දෙපැත්තෙන් ඉන්න මනාල යුවල නියමිත වෙලාවට පෝරුවට නැංවීම සිදුවෙනවා . ඊට පස්සේ පෝරුවෙන් බස්වන වේලාව වෙනකල් කරන චාරිත්‍ර වාරිත්‍ර පෝරුවේ චාරිත්‍ර කරනු ලබන පුද්ගලයාට හිමි වෙනවා . 


මනාල යුවල පෝරුවෙන් බැස්වීමේ චාරිත්‍රය 

මේ වෙලාවත් වැදගත් වෙලාවක් . සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ බලපෑමෙන් ජීවත්වන මනුෂ්‍ය ශරීරය විවාහ බන්ධනයෙන් පස්සේ පොළවට පළවෙනි පියවර තබන වෙලාව තමයි මේ නැකත් වෙලාව . ඒ වෙලාවට පොල් බිඳීම වගේ චාරිත්‍ර කරන්නේ පොළවට අඩිය තියන වෙලාවේදී ඇතිවෙන දෝෂ සමනය කරන්න . පෝරුවෙන් බැස්වීම කරාට පස්සේ විවාහ බන්ධන චාරිත්‍ර අවසාන වෙනවා . 

මනාල යුවල පිටත් වීමේ චාරිත්‍රය 

සාමාන්‍යයෙන් මනමාල යුවල විවාහ වුණාට පස්සේ මනමාලියගේ නිවසින් පිටත් වෙනවා කියන චාරිත්‍රය තමයි මේ නැකත් වෙලාවට සිදුකරන්නේ . උත්සව ශාලාවලදී ත් කෙරෙන්නේ මේ දේම තමයි . කෙසේ වෙතත් පෝරුවේ චාරිත්‍ර වලට පස්සේ වැඩි දෙනෙක් කතා කරන බලාගෙන ඉන්න වෙලාව තමයි මනාල යුවල පිටත් වීමේ චාරිත්‍රය යෙදෙන නැකත් වෙලාව . 


විවාහ ලියාපදිංචි කිරීමේ නැකත 

නීත්‍යානුකූලව විවාහයක් ලියාපදිංචි කරන්න මේ නැකත් වෙලාව යොදාගන්නවා . 



මනාලයාගේ නිවසට යාමට පිටත් වීමේ චාරිත්‍රය සහ මනාලයාගේ නිවසට ඇතුල් වීමේ චාරිත්‍රය . 

මේ කටයුතු දෙකටම වෙලාවල් බැලීම සාමාන්‍යයෙන් කෙරෙනවා . ඒ වෙලාවට කලින් සැරසීම කටයුතු ඉවර කරලා මේ වෙලාවට පිටත් වෙනවා වගේම තමයි අදාළ වෙලාවට මනාලයාගේ නිවසට ඇතුල් වීමත් සිදු කරනවා .

මීට අමතරව විවාහයක අතීතයේ කරපු නැකත් චාරිත්‍ර අනුව විවාහ යුවලට ප්‍රථම කායික එක්වීමට සුබ වෙලාවක් බැලීම කරලා තියෙනවා . ඒක දැන් කෙරෙන්නේ නැහැ . ඒකක් ජ්‍යෝතිෂ වේදියා සහ මනාලයුවල අතර අදහස් හුවමාරුවේදී ලිංගික එක්වීම සම්බන්ධව විවෘතව කතාකරන්න ඇතිවන ලැජ්ජාව වගේ කාරණා . ඊට අමතරව ඒ සම්බන්ධව සැලකිල්ලක් දක්වන්නේ නැති වීම . ඒත් මොන ශිල්ප දාලා නැකත් හැදුවත් විවාහයක වැදගත්ම නැකත් තුන වෙන්නේ පෝරුවට නැංවීම , පෝරුවෙන් බැස්වීම සහ කායික එක්වීම කියන වෙලාවල් තුන . කායික එක් වීම වෙනුවෙන් වෙලාවල් බැලීම අද වෙනකොට නැත්තටම නැතිවෙලා තියෙනවා . 

මේ එක්කම තවත් වෙලාවක් හැදිලා තියෙනවා මනමාල මහත්මිය විසින් තමන්ගේ අලුත් නිවසේ හෝ තමන්ගේ ස්වාමියාගේ නිවසේ පළමු ලිප ගිණි මෙලවීම කියන කාර්යය සිදු කරන්න . ඒත් ඒ නැකතත් දැන් දැන් හැදෙන බවක් පේන්නේ නැහැ . හැබැයි ජීවිතයක වඩාත් වැදගත් දේවල් තමයි ඒවා . මොකද ගෘහනියක් වශයෙන් ලිප , මිරිස් ගල  වගේ දේවල් කාන්තා චරිතයකට වඩාත් සමීප දේවල් . 

අදකාලේ කෙරෙන යම් වැරදි දෙයක් සම්බන්ධවත් අදහස් දක්වන්න මම කල්පනා කරා . සමහර නැකත් චාරිත්‍ර බලනකොට පේනවා පෝරුවේ නංවලා ඊට පස්සේ තැලී පිලි අන්දවන්න , මුදු මාරු කරන්න , ඇතපැන් වත්කරන්න වගේ දේවල් වලටත් නැකත් වෙලාවල් හදනවා . එහෙම දෙයක් නම් ශාස්ත්‍රානුකූලව කියවෙන්නේ නැහැ . එන්ගේජ්මන්ට් එකකදී මුදු මාරු කරන්න නැකත් හැදුවට පෝරුවට නංවලා මුදු මාරුකරන දේවල් කරන්න නැකත් හදන්නේ නැහැ . ඒවා පෝරුවේ චාරිත්‍ර . පෝරුව කියන්නේ හරියට බලනවානම් පාරිශුද්ධ තැනක් . පෝරුවේ චාරිත්‍ර සහ අෂ්ටක කියන හැම දේකින්ම කියන්නේ විවාහවෙන මනමාලියගේ පාරිශුද්ධත්වය . ඒ නිසා පෝරුවේ නැංවීම කරාට පස්සේ චාරිත්‍ර වලට වෙලාවල් හදන්නේ නැහැ .
මම දකින්නේ මේක මුදල් ගරාගැනීම වෙනුවෙන් කෙරෙන දෙයක් කියලා . මොකද නැකත් සෑදීමේ ගාස්තු වශයෙන් සාමාන්‍යයෙන් ගාස්තුව නියම කරන්නේ එක නැකත් වෙලාවක් හදන්න මෙච්චර ගානක් කියලා . මේ තත්වයට ජ්‍යෝතිෂවේදියා පත්වෙලා තියෙන්නේ යම් සාධාරණ හේතුවක් මත . මොකද නැකත් කොලේ හදලා දුන්නාට පස්සේ සමහරු ආයෙත් එනවා ඒ දවසට බැහැ විවාහ වෙන දවස වෙනස් කරන්න කියලා . එතකොට විවාහවෙන දවසේ නැකත් සියල්ලම එහා මෙහා කරන්න වෙනවා . එතකොට ඒ වෙනුවෙන් ගාස්තු ය කිරීම විනයක් සහිතව කරන්න තමයි එක නැකතක් වෙනුවෙන් මෙහෙම මිලක් අය කරනවා කියලා කියන්නේ . සමහරු කරන්නේ පෝරුවේ චාරිත්‍ර වලටත් වෙලාවල් හදලා ඒ නැකත් වෙලාවල් වලටත් මුදල් අය කරනවා . ඒත් මම දැකලා තියෙනවා පෝරුවේ චාරිත්‍ර කරන කෙනා බලන්නේ පෝරුවට නංවන සහ බස්වන වෙලාවල් විතරයි කියලා . ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නෙත් ඒ වෙලාවල් විතරයි . ඒ නිසා අන්න ඒ කාරණාව ගැන විවාහ මගුල් නැකත් සාදවන අය කල්පනාකාරී වෙන්න ඕන කියලා මම මතක් කරනවා .

විවාහ නැකත් සෑදීම මූලිකවම මේ වගේ විස්තර කරත් මේ සම්බන්ධව වැඩිදුර සාකච්ඡා කරන්න කරුණු කාරනා තියෙනවා . ඒ නිසා තවත් ලිපි කීපයක මේ වෙනුවෙන් ලියන්න හිතාගෙන ඉන්නවා . 

අපි ඒ ලිපිවලින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

ප්‍රභාෂ්වර ජ්‍යෝතිෂ සේවය හරහා ඔබගේ විවාහ මංගලෝත්සවයේ නැකත් පත්‍රය පිළියෙළ කරවාගැනීම සඳහා පහත Link එක ඔස්සේ පිවිසෙන්න .


විවාහ නැකත් පිළියෙළ කිරීම - Click Here 


සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් මූලකයි කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉගැන්වෙනවා . ඉපදීම සහ මරණය කියන අවස්ථා දෙ...

විවාහ නැකත් සෑදීම





විවාහ මංගල්‍යයක් පැවැත්වීමේදී එහි ප්‍රධානතම අංගයක් වන්නේ සුබ වේලාවන් අනුව විවාහ මංගල චාරිත්‍ර සිදු කිරීමයි . විවාහ නැකත් පත්‍රය පිළියෙළ කිරීම චිරාගත සම්ප්‍රදායානුකූලව සිදුකරන කටයුත්තක් වන අතර ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය මගින් විවාහ නැකත් පිළියෙළ කිරීම , Online සේවාවක් වශයෙන් ඔබට ලබාගත හැක .

මෙහිදී ,


මනාල මහතා නිවසින් පිටත් වීම 
මනාල මහත්මිය නිවසින් පිටත් වීම 
නැකතට මනාලියට තැල්ල තැබීම
විවාහය ලියාපදිංචි කිරීම
පෝරුවට නැගීම 
පෝරුවෙන් බැසීම 
පිටත් වීම 

මනාලයාගේ නිවසට නව යුවල පිවිසීම 

නැකතට මගුල් කීම 

නැකතට තෙල් වළං ලිප තැබීම 

මගුල් කප් සිටුවීම
මගුල් මඩුව සෑදීම
විවාහ යුවල මනාලයාගේ නිවසේ කිරි ඉතිරවීම 

යන අවස්ථා සඳහා නැකත් සෑදීම සිදු කරනු ලැබේ. 

මෙයින් මගුල් කප් සිටුවීම , මගුල් මඩුව සෑදීම , විවාහ යුවල මනාලයාගේ නිවසේ කිරි ඉතිරවීම යන නැකත් , විවාහ නැකත් පත්‍රයක අත්‍යාවශ්‍ය නැකත් වේලාවන් නොවන අතර ඔබට අවශ්‍ය නම් පමණක් එම කාර්යයන් සඳහා ද නැකත් වේලාවන් සාදවාගත හැක . 


මෙම නැකත් පත්‍රය පිළියෙළ කර PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නොමිලේම නිවසට තැපැල් මාර්ගයෙන් එවීමට කටයුතු සලසනු ලැබේ .  .


එක් නැකත් වෙලාවක් සඳහා 400/= මුදලක් අය කෙරේ . 


මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක සහ එම විස්තර ඔබගේ නැකත් සටහන සැකසීමෙන් අනතරුව ලබා දේ .



මෙම සේවාව වෙනුවෙන් මෙම දත්ත අවශ්‍ය වේ .


පුරුෂ

උපන් දිනය
උපන් වේලාව ( පෙ.ව / ප.ව සමග )
උපන් නගරය
ලග්නය ( දන්නවානම් )
නවාංශකය ( දන්නවානම් )
නැකත ( දන්නවානම් )
දසා ශේෂය ( දන්නවානම් )


ස්ත්‍රී

උපන් දිනය
උපන් වේලාව ( පෙ.ව / ප.ව සමග )
උපන් නගරය
ලග්නය ( දන්නවානම් )
නවාංශකය ( දන්නවානම් )
නැකත ( දන්නවානම් )
දසා ශේෂය ( දන්නවානම් )



ඔන්ලයින් සේවාවක් ලෙස මෙම සේවාව පවත්වාගෙන යන අතර ඔබගේ නැකත් සටහනේ යම් ගැටළුවක් තිබේනම් හෝ පැහැදිළි කරගැනීමක් අවශ්‍ය වේ නම් ඒ සඳහා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වීමට හැකියාව තිබේ .

- 071 613 20 67 -





ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


විවාහ මංගල්‍යයක් පැවැත්වීමේදී එහි ප්‍රධානතම අංගයක් වන්නේ සුබ වේලාවන් අනුව විවාහ මංගල චාරිත්‍ර සිදු කිරීමයි . විවාහ නැකත් පත්‍රය ප...

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 7 - ස්තම්භ වේද දෝෂය





සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .


ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .


වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා . 


නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 6 - සුසාන වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා සුසාන වේද දෝෂය කියන්නේ මොකක්ද සහ සුසාන වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ ස්තම්භ වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා .


ස්තම්භ කියලා කියන්නේ කණුවට . ස්තම්භ වේද දෝෂය කියලා කියන්නේ කණුවක් නිසා ඇතිවෙන වේද දෝෂයට . මේකට කණුවක් කියලා කිව්වට එක කණුවක් ම නෙවෙයි , කණු ගොඩක් වුණත් හේතු වෙන්න පුළුවන් . අද කාලේ ප්‍රායෝගික ජීවිතය සම්බන්ධව කතා කරලා බලනකොට ලයිට් කණු , ටෙලිෆෝන් කණු , අධිබලැති විදුලි රැහැන් සම්බන්ධ කරලා තියෙන අට්ටාල වගේ විශාල කණු , සන්නිවේදන කුළුණු එහෙමත් මේ යටතට අදාළ වෙනවා . 


වේද දෝෂයක් විදියට කණුවක් නිවසේ ඉදිරිපස දොරටුව ආසන්නයේම පිහිටලා තිබීම නිසා යම් ප්‍රශ්න ඇතිවීමක් තියෙනවා . ආසන්න වීම නිසා තමයි මේ දෝෂය වැඩියෙන්ම ඇතිවෙන්නේ . මොකද කණුවක් ප්‍රධාන දොරටුවට ආසන්න වෙනකොට නිවස ඇතුලට යම් ප්‍රමාණය විශාල යමක් ඇතුලට හෝ ඉන් පිටතට රැගෙන යන්න අපහසු තත්වයක් උදාවෙන්න ඉඩ තියෙනවා . ඒවගේම තමයි නිවසේ කෙනෙක් මිය ගියාම මෘත දේහය තැම්පත් කරලා තියෙන පෙට්ටිය නිවසට ගැනීම සහ පිටතට ගැනීම කියන දේවල් වලට කරදර වෙන්න ඉඩ තියෙනවා . 


නිවස ඉදිරියේ මම උඩින් කියලා තියෙන විදුළි රැහැන් ගෙනියන කුළුණු සහ අට්ටාල තිබීමත් සන්නිවේදන කුළුණු තිබීමත් නිසා අකුණු ඒ ආසන්නයට ඇදිලා එන්න පුළුවන් අවදානමක් තියෙනවා . ඒවගේම තමයි ඒ ප්‍රදේශය ආශ්‍රිත විද්‍යුත් චුම්භක කිරණවල සමතුලිත අසමතුලිත වීම් ඇතිවෙන්නත් ඒ නිසා මිනිස්සුන්ගේ මානසික තත්වයට බලපෑම් වෙන්නත් පුළුවන් කමක් තියෙනවා . 


මේවා ඔක්කොම පැත්තක තියලා කල්පනා කරත් සාමාන්‍යයෙන් නිවසක ඉදිරියේ මේවගේ විශාල කුළුණක් තියෙනකොට නිවසේ ඉඳලා යන එන අයට මේ කුළුන නිතරම පේනවා . ඒ පෙනීම නිසා ඒ නිවසේ අයගේ පෞර්ෂත්වය අඩුවීමක් වෙන්න පුළුවන් කියලා වාස්තු විද්‍යාවේ කතා කරනවා . ඒවගේම තමයි නිවසේ ශක්ති අසමතුලිත වීමක් වෙනවා කියලාත් පිළිගැනීමක් තියෙනවා . 


මේ නිසා වාස්තු විද්‍යාවේ ඉතාම පරෙස්සමෙන් හසුරුවන්න ඕන දෙයක් විදියට තමයි මේ කුළුණු ඉදිකිරීම සම්බන්ධව විස්තර කරලා තියෙන්නේ . අවශ්‍යම තැනකදී කණුවක් දානවා ඇරෙන්න අනවශ්‍ය විදියට කණු හදන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියලා තමයි මමනම් විශ්වාස කරෙන්නේ . බර බෙදිලා යන්න හෝ වහල සමතුලිත කරන්න තමයි කණු යෙදීම කරන්න ඕන . ඒක ඉතාම සැලසුම් සහගතව විශේෂඥ උපදෙස් ඇතුව තමයි නිවසකට එකතු කරන්න අවශ්‍ය වෙන්නේ .


තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට ස...

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 6 - සුසාන වේද දෝෂය






සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .


ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .


වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා . 


නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 5 - දේවතා වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා දේවතා වේද දෝෂය කියන්නේ මොකක්ද සහ දේවතා වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ සුසාන වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා .


සුසානය කියලා කියන්නේ මිය ගිය අය භූමදාන හෝ ආදාහනය කරන ස්ථානයට . ඒ ස්ථානය වේද වෙන්නේ කොහොමද කියලා තමයි සුසාන වේද දෝෂය යටතේ සාකච්ඡා කරන්නේ . ඊට අමතරව සුසාන වේද දෝෂය කිව්වම අද කාලේ අනුව බලනකොට මෘත ශරීරාගාරත් අයත් වෙනවා . ඒ නිසා සොහොන් පිට්ටනි ගැන කතා කරනවා වගේම තමයි මෝචරි ගැනත් කතා කරන්න වෙනවා . 


සුසාන වේද දෝෂය ඇතිවෙන්නේ නිවසක ප්‍රධාන දොරටුව ඉදිරියේ කනත්තක් හෝ මෘත ශරීරාගාරයක් පිහිටා තිබීම . නිවසෙන් එලියට බහිනකොටම කනත්තක් නම් පේන්න තියෙන්නේ කනත්ත කියන දේ ඒ මනුෂ්‍යයාගේ හිතේ නිතරම තියෙන කාරනාවක් වෙනවා . එතකොට දන්නෙම නැතුව එයාලාගේ පෞර්ෂත්ව සාධක හීන වෙනවා කියලා තමයි අතීතයේ විස්තර කරලා තියෙන්නේ . කිලි කියන සංකල්පය අනුව බලනකොට කිල්ලත් නිතරම ඇතිවෙනවා . කිල්ල කියලා කියන්නේ විසබීජ කියලා තමයි මමනම් අදහස් කරන්නේ . එතකොට විසබීජත් නිතරම නිවසට ඇතුළුවෙන්න මේවා හේතු වෙනවා .


සාමාන්‍යයෙන් මෝචරියක් ආසන්නයේ නිවසක් පිහිටලා තියෙනවානම් නිතරම මෘත ශරීර අරගෙන එන යන වාහන , ඒවගේම අවමංගල රථ එහෙමත් නිතරම දකින්න ලැබෙනවා . ඒ නිසාත් මිනිස්සුන්ගේ හිතේ ඇතිවෙන හැගීම එයාලාගේ මානසික තත්වය පහත වැටෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් .


ආදාහනය කිරීම් කරන ස්ථානයක නම් නිවෙස පිහිටලා තියෙන්නේ ඒ දුම් පිට කිරීම් හරියටම වෙන්නේ නැත්නම් ඒ දුමට මිනිසුන් විවෘත වීම වැඩියි .එතකොටත් ප්‍රශ්නයක් තියෙනවා . මට මතකයි එක වතාවක් කොළඹ ප්‍රසිද්ධ කාන්තා පාසලක මේ වගේ දෙයක් තියෙනවා කියලා කතාවක් තිබුණා . 


ප්‍රායෝගිකව බලනකොට මේ ප්‍රශ්න ඇතිවෙනවා . ඊට අමතරව අමනුෂ්‍ය බලපෑම් ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි . මට මේවගේ නිවසක් පරීක්ෂා කරන්න ලැබිලා තියෙනවා ලංකාවේ ප්‍රසිද්ධ සුසාන භූමියක් ආසන්නයේ පිහිටලා තියෙන නිවසක් . ඒ නිවසේ අමනුෂ්‍ය බලපෑමක් තියෙනවා තියෙනවා කියලා විශ්වාස වන්ත විදියකින් අපිට හොයාගන්න පුළුවන් වුණා . ඒ නිසා සුසාන වේද දෝෂයත් සෞඛ්‍ය පැත්තෙන් බැලුවත් සමාජීය වශයෙන් බැලුවත් අවුලක් තියෙන ප්‍රශ්නක් තමයි .


සමාජීය වශයෙන් කියලා කියන්නේ ඇයි කියලා මට කියන්න බැරි වුනා . සමාජීය වශයෙන් කියලා කියන්නේ , ඔන්න දැන් කෙනෙක්ගේ නිවසක් තියෙනවා කනත්තක් ආසන්නයේ . ඒ කෙනාට කීදෙනෙක් කියනවද අපෝ ගෙදර තියෙන්නේ කනත්ත ළඟ නේද කියලා . ඒ කියන කීම ම ඇති ඒ මනුස්සයාගේ මානසිකත්වය පහළට ඇදලා දාන්න . ඒවගේ අයට මනස ශක්තිමත් වෙන විදියට තමයි කතා කරන්න ඕන . 


එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට...

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 5 - දේවතා වේද දෝෂය






සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .


ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .


වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා . 


නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 4 - කූප වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා කූප වේද දෝෂය කියන්නේ මොකක්ද සහ කූප වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ දේවතා වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා .


දේවතා වේද දෝෂය ඇතිවෙන්නේ නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට ඒ ආසන්නයේම බුදු පිළිමයක් හෝ දේව ප්‍රතිමාවක් හෝ දෙවියන්ට බුදුන්ට පහන් දල්වන ස්ථානයක් තිබීමෙන් . මේක වරදවා වටහා ගන්න එපා . නිවසට ඇතුළුවෙනකොටම බුදු පිළිමයක් පේන්න තියන එක වරදක් නැහැ . මම දැකලා තියෙන ගොඩක් දියුණු පවුල් ජීවත්වෙන නිවෙස්වල වුණත් නිවසට ඇතුළුවෙනකොටම බුදු පිළිමයක් පේන්න තියෙන නිවෙස් තියෙනවා . මෙතන ගැටලුව තියෙන්නේ නිවසෙන් පිටත් වෙන්න එලියට බහිනකොටම මේවගේ පුද පූජා පවත්වන තැන් පිහිටීම .





මේවගේ තැන්වල පත්තු කරන පහන් වලට සහ පුද පූජා වලට අමනුස්සයෝ එක් රැස් වෙනවා . අමනුස්සයෝ කිව්වාම දෙවියන් යකුන් භූතයින් පෙරේතයින් කියන සියල්ලම අයත් වෙනවා .ඒ අය නිවස ඉස්සරහාට බැල්ම දැම්මාට පස්සේ පහනේ එලිය වැටෙනකොට ඒ එලිය වැටෙන ස්ථාන වලටත් බැල්ම දානවා . ඒ නිසා අනවශ්‍ය අමනුස්ස බලපෑමක් ඇතිවීමක් වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා වගේම තමයි එහෙම වෙලාත් තියෙනවා . ඒ නිසා මේ වේද දෝෂය ගැටළුවක් වෙනවා .


ඒවගේම තමයි මේ වගේ ස්ථානවල පත්තු කරන පහන් එලිය නිසා සමහර විට මිනිස්සුන්ගේ පෞර්ශත්වය දන්නෙම නැතුව හීන වීමක් වෙන්න පුළුවන් . පොඩි පහන් දැල්ලක් තියෙන පහනක් පත්තු වෙනවා නම් ඒ පහන් දැල්ල නිසා මිනිස්සුන්ගේ හිතේ ඇතිවෙන්නේ පෞර්ශත්වය දුර්වල වීමක් වෙනවා කියලා පිළිගැනීමක් තියෙනවා . ඒක ඇත්ත වෙන්න පුළුවන් කියලා සාධාරණ හේතු තියෙනවා .


දේවතා වේද දෝෂය යටතට නිවසක් ඉදිරියේ දේවාලයක් පිහිටලා තිබීමත් ගන්න පුළුවන් . මොකද දේවාලයක නිතරම සද්ද බද්ද ඇතිවෙනවා . ඒක නිවසකට බාධාවක් වෙනවා . වින කැපීම වගේ දේවල් නිතරම දේවාලයේ වෙනවානම් ඒවා නිසා අවට ගෙවල් වලටත් බලපෑම් ඇතිවෙනවා . සාමාන්‍යයෙන් දේවාල වලට නිතරම මිනිස්සු එනවා . ඒ නිසා මිනිස්සු නිතරම වගේ ගේ අවට සැරිසරනවා . විවිධ ජාතියේ මිනිස්සු එන නිසා නිවසේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්න ඇතිවීමක් වෙන්න පුළුවන් . දේවාලවල නිතරම දුම් ඇල්ලීම කරනවා . මේ දුම ආඝ්‍රාණය කිරීම නිසා නිවසේ අයටත් ස්වසන ආබාධ ඇතිවෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන් .

දේවතා වේද දෝෂය නිසා මේවගේ ආබාධ රැසක් සිදු වෙනවා . ඒ නිසා මේ දෝෂය නම් මගහරවා ගන්නා එක වැදගත් අවශ්‍යතාවයක් කියලා තමයි මමනම් විශ්වාස කරන්නේ .


තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර ...

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 4 - කූප වේද දෝෂය






සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .


ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .


වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා .  


නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 3 - වෘක්ෂ වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා වෘක්ෂ වේද දෝෂය කියන්නේ මොකක්ද සහ වෘක්ෂ වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ කූප වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා .


කූප කියලා හඳුන්වන්නේ ලිඳ . සාමාන්‍යයෙන් අද කාලේ පර්චස් 10 හෝ ඊට වඩා අඩු ප්‍රමාණයේ ඉඩමක ගෙයක් හදලා වාහන නවතන ඉඩ ප්‍රමාණය වැසිකිලි වල කියන දේවල් හැදුවාට පස්සේ ලිඳක් ගැන හිතන්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ . ඒත් අතීතයේ එහෙම නෙවෙයි . ගෙයක් හදනවානම් එතන ලිඳක් තියෙනවාම තමයි . මොකද ජීවයේ මූලිකම අවශ්‍යතාවය වෙන්නේ ලිඳ නිසා . ඒ නිසා කූප ශාස්ත්‍රය කියලා වෙනමම පෙරදිග ඉගැන්වීමක් තියෙනවා ළිං හැරීම සහ වතුර තියෙන තැන් හොයාගන්නේ කොහොමද කියලා උගන්වන . කාලයත් එක්ක අපිට ඒවා බ්ලොග් එකේ සාකච්චා කරන්න පුළුවන් වෙයි .





වේද දෝෂ වලදී ප්‍රධානවම හිතලා බලන්නේ නිවසේ ප්‍රධාන දොරටුවට ඇතිවෙන වේද වීම සම්බන්ධව . ඒ නිසා කූප වේද දෝෂයත් අදාළ කරන්නේ ප්‍රධාන උළුවස්ස සමග පැවතීම ගැන සාකච්චා කරන්න . නිවසක ප්‍රධාන දොරටුවට ආසන්නයේම ලිඳක් පිහිටලා තියෙනවානම් ඒක කූප වේද වෙනවා . නිවසේ ප්‍රධාන දොරටුව ඉස්සරහාම නම් ලිඳ පිහිටලා තියෙන්නේ ඒකත් කූපවේද දෝෂයක් වෙනවා . 


අද කාලේ කූප වේද දෝෂය ගෙදරකට ලොකුවටම බලපාන්නේ නැහැ . මොකද නිවසක අඩිතාලම එක්ක බිත්ති බඳින්න කලින් යකඩ කම්බි දාලා කොන්ක්‍රීට් බීම යන නිසා . ඒ නිසා නිවසේ බර බෙදිලා යනවා . එතකොට ලිඳකට තියෙන බලපෑම අඩුයි . ඒත් මේ දෝෂය සර්ව සම්පූර්ණයෙන්ම අඩුවෙනවා කියලා කියන්න බැහැ . සාමාන්‍යයෙන් නිවසකට වඩා අඩි 7 කට ඈතින් ලිඳ පිහිටලා තියෙනවානම් ලොකු ගැටළුවක් නැහැ . 


නිවසක් ඉදිරියේම ලිඳක් පිහිටලාතියෙන එක කොහොමත් හොඳ නැහැ . ලිඳ සිමෙන්තියෙන් බැඳලා කොන්ක්‍රීට් ලෑලි දාලා වහලා තියෙනවානම් ගැටළුවක් නැහැ . ඒත් විවෘත ලිඳක් නම් පිහිටලා තියෙන්නේ එතන අවධානමක් තියෙනවා පොඩි ළමයි එහෙම ඉන්නවානම් . ඒ නිසා ආරාක්ෂිත විදියට ලිඳක් කොහොමත් නිර්මාණය වෙන්න ඕන කියලා මතක තියාගන්න ඕන . 


තවත් ලිපියකින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට...

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 3 - වෘක්ෂ වේද දෝෂය





සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .


ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .


වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා .  


නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 2 - ද්වාර වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා ද්වාර වේද දෝෂය කියන්නේ මොකක්ද සහ ද්වාර වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ වෘක්ෂ වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා .


වෘක්ෂ කියනකොටම අපි දන්නවා මේ කතා කරන්නේ ගහක් ගැන තමයි කියලා . ඔව් , ඇත්තටම මේ ගහක් ගැන තමයි කතා කරන්නේ . ගස් පරිසරයේ කොටසක් . අපි හිටවලා හෝ ඉබේ පැළ වෙලා හැදෙන ගස් වුණත් ඒවා පරිසරයේ කොටස් . නිවාස හැදීම අපි කරන්නේ අපි ජීවත් වෙලා ඉන්න පරිසරයේ සමතුලිතය ඇත්තටම බිඳ දැමීමක් කරමින් . ඒ නිසා ඒ බිඳ දැමීම නිසාත් වෙන්න පුළුවන් මේ වෘක්ෂ නිවාස ඉදිරිපිට පිහිටීම නිසා දෝෂයක් ඇතිවෙන්න පුළුවන් . වෘක්ෂ වේද දෝෂය කියලා කියන්නෙත් එහෙම ඇතිවෙන දෝෂයක් . 


වෘක්ෂ වේද දෝෂය ඇතිවෙන්නේ මෙහෙමයි . නිවසක් ඉදිරිපිට සාමාන්‍යයෙන් විශාල ගහක් තියෙනවා නම් හෝ , නිවසේ ඉදිරිපස ප්‍රධාන දොරටුව ඉදිරියේ විශාල ගහක් පිහිටලා තියෙනවානම් හෝ නිවස අන්ධකාර කරගෙන මහා යෝධයෙක් වගේ ගහක් පිහිටලා තියෙනවානම් ඒ ගෙදරට වෘක්ෂ වේද දෝෂය තියෙනවා කියලා කියනවා . 

මේක මම වැඩි වාර ගණනක් අත්දැකීමෙන් දැකලා තියෙන දෝෂයක් . මේවගේ ගෙවල්වල වැඩියෙන්ම ගෘහමූලිකයා රෝගී වෙනවා . සෙම ආශ්‍රිත ලෙඩ රෝග තමයි ඇතිවෙන්නේ . ඒවගේම මුදල් නිවසට ගලාගෙන ඒම නතර වෙනවා . වියදම් වැඩි වෙනවා . 


ප්‍රායෝගිකව බැලුවත් මේ කරුණු කාරණා ඇත්ත වෙන්න පුළුවන් . මොකද නිවස අඳුරු වෙලා තියෙනවානම් සහ ගහෙන් නිවස වැඩියෙන් ආවරණය වෙලා තියෙනවානම් ඒ නිවසේ අභ්‍යන්තරයට ඉර එලිය වැටීම අඩු වෙනවා . ඒවගේම තමයි හුළඟ නිවසට ඇතුළුවෙලා පිටවීමක් වෙනෙන් නැහැ . සාමාන්‍යයෙන් වාස්තු විද්‍යාවේ උගන්වන්නේ ඉර එළියෙන් නිවස අතුල ආලෝකවත් වීම සහ හුළඟ සංසරණයවීමෙන් නිවස සිසිල් වීම . මේ වෘක්ෂ වේද දෝෂය නිසා මේ කරුණු කාරණා දුර්වල වෙනවා . 


ඊට පස්සේ වෙන්නේ නිවසේ විසබීජ වර්ධනය වීම .දිලීර සහ වෛරස් බැක්ටීරියා වර්ධනය වෙනවා . මේ නිසා වෙන්න පුළුවන් මේ වගේ නිවෙස්වල අයට සෙම ආශ්‍රිත ලෙඩරෝග වැඩි වෙන්නේ .


මීට අමතරව ඵල නොදරන ගස් නිවස ඉදිරිපිට තිබීමත් වෘක්ෂ වේද දෝෂය කියලා ගණන් ගන්නවා . මොකද ඵල දරන්නේ නැහැ කියලා කියන්නේ අසුබ කාරණාවක් විදියට ගණන් ගැනෙන නිසා . ඒ නිසා වෘක්ෂ වේද දෝෂය සාමාන්‍යයෙන් වේද දෝෂවල ප්‍රධානම වේද දෝෂයක් විදියට ගණන් ගන්නවා . 

තවත් ලිපියකින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට ස...

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 2 - ද්වාර වේද දෝෂය






සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .


ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .


වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා .  


නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 1 - බ්‍රහ්ම වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා බ්‍රහ්ම වේද දෝෂය කියන්නේ මොකක්ද සහ බ්‍රහ්ම වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ ද්වාර වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා . ද්වාර කියන්නේ දොර කියන තේරුම . ද්වාර වේද දෝෂය කියලා කියන්නේ දොරක් නිසා ඇතිවෙන වේද දෝෂය කියන තේරුම . ද්වාර වේද දෝෂයෙදී කියන්නේ ප්‍රධානවම , නිවසේ ප්‍රධාන උළුවස්ස ඉදිරියේ ඒ උළුවස්සේ උස වගේ දෙගුණයක් දුර සහිත සීමාව ඇතුලේ තවත් නිවසක ප්‍රධාන උළුවස්ස පැවතීම නිසා ඇතිවෙන දෝෂයට . 


සාමාන්‍යයෙන් නිවසකට නිවසක් මුහුණලා පවතිනකොට ඒ නිවසේ දේවල් මේ නිවසට පෙනීමත් මේ නිවසේ දේවල් ඒ නිවසට පෙනීමත් නිසා නිවාස දෙකේ පෞද්ගලිකත්වය කියන දේවල් පිටට පෙනීම වෙන්න පුළුවන් . ඒ නිසා ඇතිවෙන ප්‍රශ්න වළකා ගන්න තමයි මේ දෝෂය විස්තර කරලා ඒ දෝෂය මගහරවාගන්න කියලා උපදෙස් දීලා තියෙන්නේ . 


ද්වාර වේද දෝෂය ඇතිවෙන තවත් ක්‍රමයක් තමයි පාරක් ආසන්නයේම දොරක් පිහිටලා තිබීම . ඒ නිසා පාරේ ගමන් කරන අයට නිවාස ඇතුලේ දේවල් පෙනීම නිසාත් දෝෂයක් ඇතිවෙනවා . ඒවගේම තමයි ඒ දෝෂය නිසා ගැටළු පැන නැගීමක් වීමත් වෙනවා . ඒවාත් මේ දෝෂය මගහරවාගැනීමෙන් මගහරවා ගන්න පුලුවන්න . 

ද්වාර වේද දෝෂය ඇතිවෙන තවත් ක්‍රමයක් තමයි නිවසේ ප්‍රධාන දොරටුව නිවසේ ගේට්ටුවට එකඑල්ලේ පිහිටා තිබීම . එතනත් වෙන්නේ ප්‍රධාන පාරට ප්‍රධාන උළුවස්ස විවෘත වීම නිසා ඇතිවෙන වේද දෝෂයම තමයි . මේ දෝෂ මගහරවාගන්න ප්‍රායෝගිකව යම් යම් උපක්‍රම තියෙනවා . ඒවගේම තමයි පිළියම් තියෙනවා . හැබැයි නව නිවසක් ඉදි කිරීමේදී මේ දෝෂ ඇතිවෙන්නේ නැතිවෙන්න නිවාස සැලසුම් කිරීම තමයි වැදගත් වෙන්නේ  . 


සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට...

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 1 - බ්‍රහ්ම වේද දෝෂය





සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .

ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .

වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා . අපි බලමු බ්‍රහ්ම වේද දෝෂය කියන්නේ මොකක්ද කියලා . 

බ්‍රහ්ම වේද දෝෂය සාමාන්‍යයෙන් ඇතිවෙන ආකාර කීපයක් තියෙනවා . මේ ආකාර කීපයෙන් කොයි ආකාරයේ දෝෂයක් වුණත් බලපෑම සමාන මට්ටම් වලින් පවතිනවා . නිවසක හරිමැද කෙලින් තවත් නිවසක දොරක් හෝ බිත්තියක් පිහිටා තිබීම හෝ නිවසේ වෙනත් අංගයක් පිහිටා තිබීම බ්‍රහ්ම වේද දෝෂය වෙනවා . ඒ එක් ආකාරයක් . තවත් ආකාරයක් තමයි නිවසේ පිටත බිත්තියේ හරිමැද ප්‍රධාන උළුවස්ස පිහිටලා තිබීම . අනිත් බ්‍රහ්ම වේද දෝෂය එන්න පුළුවන් ආකාරය වෙන්නේ නිවසේ මුදුන් බිත්තියකින් නිවසට ඇතුළු වෙන්න තිබීම .

අදවෙනකොට පවතින කොන්ක්‍රීට් යකඩ කම්බි භාවිතයෙන් දාන ලින්ටල් නිසා මේ දෝෂ ඇතිවීම විශාල ප්‍රමාණයක් පාලනය වෙලා තියෙනවා . ඒ වුණාට මේ දෝෂ නිසා ඇතිවෙන වාස්තු විද්‍යාත්මක බලපෑම් මිනිස්සුන්ට තියෙනවා . මම පරීක්ෂා කරලා තියෙන නිවෙස්වලින් නිවෙස් කීපයකම වගේ මේ දෝෂය හඳුනාගෙන තියෙනවා . ගෘහ මූලිකයාගේ සෞඛ්‍ය තත්වය දුර්වල වෙන්න මේ දෝෂය බලපෑම් ඇතිකරලා තියෙනවා කියලා තමයි මම හඳුනාගෙන තියෙන්නේ . 

තවත් වේද දෝෂ ගණනාවක් තියෙනවා . අපි පිළිවෙලින් එකින් එක ගැන සාකච්චා කරමු . 

තවත් ලිපියකින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට ස...

2019 සිංහල අවුරුදු නැකත්





නවසඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 07 වන ඉරිදා දින ද , අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 9 වන බ්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි .
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි .
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා දින අපර භාග 02 09 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි .
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා පූර්ව භාග 07 45 සිට එදින අපර භාග 08 33 දක්වා පුණ්‍ය කාලය බැවින් , අප්‍රේල් මස 14 වෙනි ඉරිදා දින පූර්ව භාග 07 45 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත හැර ආගමික වතාවත් වල යෙදීමද , පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් , 14 වන ඉරිදා දින අපර භාග 02 09 සිට අපර භාග 08 33 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම , ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි .
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා අපර භාග 02 42 ට රතු සහ කහ මිශ්‍ර ( තඹ පැහැති ) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ , ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරිබතක් ද , තිකුළු මිශ්‍ර ( ඉඟුරු , ගම්මිරිස් , තිප්පිලි යන කුළු බඩු දමා ) අග්ගලා සහ කැවුම් යන කැවිලි වර්ගද පිළියෙළ කරගැනීම මැනවි .
වැඩ ඇල්ලීම , ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා අපර භාග 03 54 ට රතු සහ කහ මිශ්‍ර ( තඹ පැහැති ) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙණු කොට ආහාර අනුභවය මැනවි .
හිස තෙල් ගෑම
අප්‍රේල් මස 17 වෙනි බදාදා පූර්ව භාග 07 40 ට පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද , පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි .
රැකිරක්ෂා සඳහා පිටත්ව යාම
අප්‍රේල්මස 18 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 04 52 ට පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මෝරු මිශ්‍ර කිරිබතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත්ව යාම මැනවි .


නවසඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 07 වන ඉරිදා දින ද , අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 9 වන බ්‍රහස්පතින්දා දින ද නව...