හූනියම් වීදියට වඩින ගම්භාර ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම්








මම ඉතිං බුකියට එක එක ෆොටෝ අප්ලෝඩ් කරනවා මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා නම් දන්නවනේ . ඔන්න ඔය උඩ තියෙන ෆොටෝ එකේ ඉන්න කෙනාගේ ෆොටෝ එකක් දැම්මට පස්සේ කීප දෙනෙක්ම කීප විදියක කමෙන්ට් කරලා තිබුණා .

සමහරු දෙවියෝ සහ යක්කු ගැන විශ්වාස කරා හෝ නැතා මේ පොස්ටුව මම කොටන්නේ මෙහෙමත් කථා තිබුණා කියලා සයිබරේට දාලා තියන්න ඕන නිසා . කැමති අය කියවන අකමැති අයත් කියවන්න . මේක කියෙව්වා කියලාවත් ෆොටෝ එක බැලුවා කියලාවත් මේ යක්කු ආවේස වෙන්නේ නෑ . එහෙම වෙනවනම් ඉතින් මානසික වෛද්‍යවරයෙක් හම්බෙලා තමාගේ දුර්වල මානසිකත්වය දියුණු කරගන්න මක්ක හරි කරන්න ඉතින් හොදේ . හැක්ක හැක හැක හැක හැක.............

දෙවියෝ යක්කු නෑ කියලා කියනවනම් ඉතින් බුදු බණත් බොරු වෙන්න ඕන කියලා මට හිතෙනවා . මොකද ආලවක , කාලි , වගේ යක්කුත් සක්‍රයා , උපුල්වන් , වෛශ්‍රවණ වගේ දෙවිවරුත් බුදු හාමුදුරුවන්ගේ දේශනාවල සඳහන් වෙනවා . ඉතින් මෙයාලා දැන් කාලේ කෙසේ වෙතත් ඉස්සර කාලේවත් හිටියා කියලා බෞද්ධ අපිට පිළිගන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ .

උප්පැන්න සහතිකේ ලියවිලා තියෙන හැටියට ගම්භාර ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් දිව්‍ය රාජෝත්තමයානන් වහන්සේ කියලා කියන අර්ධදේව තත්වයේ ඉන්න මේ දෙවියන් ගැන ගොඩක් දෙනෙක් ඉන්නේ හරිම බයෙන් . අඩුම තරමේ මේ පොස්ට් එක කියවලාවත් ඒ බය නැති කරගන්න කියලා මම කියන්නේ . මොකද මේ අමනුස්සයෝ මිනිස්සු වගේ නෙවේ . කිව්වොත් කිව්වා , අනික තමයි කොයික කරත් සාධාරණේට වැඩ .

අර්ධ දේව කියන්නේ මනුස්සයින් හෝ යක්ෂයින් වෙලා ඉඳලා වෙන වෙන ලොකු දෙවිවරුන්ගෙන් වරම් අරගෙන දේවත්වයට පත්වෙච්ච අයට .

දෙවියොත් එක්ක ගනුදෙනු වලදී වැඩිපුර ජෝක්ස් මුල් කරගන්න මමනම් කැමති නෑ . ඒක නිසා පෝස්ට් එක කියවන අයට මේක බොරින් නම් සොරි වෙන්න ඕන හොඳේ .........!

ඔන්න එහෙනම් හූනියම් දෙයියන්ගේ කතාව පටන් ගන්නවා . සාධුකාර දීලා බය අය ඉන්නවනම් ඉතිපිසෝ ගාථාවත් කියලා කියවන්න .



පුරාවෘත වල කියන විදියට ඉතාමත් ඈත අතීතයේ , ඒ කියන්නේ අපේ ගෙවල් ගාව ඉඳලා සිංදු අයියගේ ගෙවල් ගාවට විතර දුර ඈත අතීතයේ ඉන්දියාවේ වඩිග කියන දේශයේ වඩිග කියලා රජකෙනෙක් රජකම් කරනවා . මෙතුමාගේ දේවිය තමයි යවුදගිරි බිසව .

මේ යවුදගිරි බිසව ඉතාමත්ම රූමත් දේවියක් . දවසක් අහසේ ගමන් කරන මහේශාක්‍ය දෙවිකෙනෙක් මේ බිසවගේ ලස්සනට මන්මත්වෙලා දේවියගේ ඇඟට ආවේසවෙලා මෙව්වා එකක් කරනවා . ඉතින් දෙවියා ආවේස උන නිසා යවුදගිරි බිසවට සිහිනැතිවෙනවා . සිහිනැතුව ඉන්න බිසව සනීප කරගන්න ඕන නිසා වඩිග රජතුමා කරන්නේ ඍෂිවරු ගෙන්නලා දිව්‍ය මන්තර ජපකරලා දේවියට සිහිය ලබාගනන්වා . පස්සේ තමයි දැනගන්නේ දේවියට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා . රජතුමා ගොඩක් සතුටුවෙලා බමුණන් පිරිසක් මාලිගාවට ගෙන්නලා දේවියට සෙත් ශාන්ති කරවනවා .

ටික ටික ගැබ මෝරනකොට දේවියගේ තනපුඩු කලුපාටවෙලා කිසිමදෙයක් කන්නේ නැතුව ඇඹුල් වර්ග , දිවුල් කන්න ඕන කියලා දොළදුක් ඇතිවෙනවා . මේ දොළදුක් කොහොම හරි ගොඩ දැම්මා කියමුකෝ . ඒත් තව දොළක් ඇතිවෙනවා . ඒ තමයි ස්වර්ණාභරණයෙන් සැරසිලා නයි, සර්පයින් ඇඟේ පැළඳගෙන නුවර ඇතුලේ ගමන් කරන්න ඕන කියන දොළ දුක . රජතුමාට කේන්ති යනවා . එහෙම වෙලා රජතුමා මේ බිසව මරන්න නියෝග කරනවා . ඒත් යවුදගිරි බිසව කියනවා තමා ගැබ්බර නිසා මරන්න එපා කියලා . පස්සේ රජතුමා කරන්නේ බිසව මාලිගාවෙන් පිටමන් කරලා තියන එක . මාස ගණන සම්පූර්ණවෙලා ඔන්න පුත් කුමාරයෙක් ඉපදෙනවා . රජතුමා මේ කුමාරයට බමුණන් ලවා නමක් දම්මනවා . ඒ තමයි ඔඩ්ඩි වඩිග කුමාරයා කියන නම .

බමුණෝ ඊට පස්සේ මේ කුමාරයාගේ ඇඟේ ලකුණු බලලා කියනවා මෙන්න මෙහෙම

" මහ රජ , මේ කුමරුවා මහානුභාව සම්පන්නය , සොලොස්වස් පිරුණු කල්හී තොපවහන්සේද පරිවාර රාජ්‍යන්වල රජවරුද මරා වඩිග දේශයම අත්පත්කරගනී . පසුව ලංකාවට ගොඩබැස අමු මිනීමස් කා වාසය කරයි "

රජතුමා මේ ගැන බොහොම උදහස් වෙනවා . මොකද ඒ කාලේ හිටියේ තිරශ්චීන විද්‍යාවෙ කෙල පැමිණි උදවිය . ඒ නිසා රජතුමා දන්නවා එයාලා මෙහෙම අනාවැකි කිව්වොත් අනිවා බඩු හම්බෙනවා කියලා . රජතුමා කියනවා මේ කුමාරයාව මරවන්න කියලා . ඒත් රජතුමාටම දුක හිතෙනවා . තමාගේ දරුවා නිසා කොහොම මරන්නද . රජතුමා ළමයාව හදාගන්නවා .

ඔන්න අවුරුදු දාසයක් ගියා කියමුකෝ . දවසක් මේ වඩිග කුමාරයා කැලයේ ඇවිදින්න යනවා . ඒ යනකොට වේ හුඹහක් දකිනවා . මේ හුඹහේ ඉන්නවා නයි . වඩිග කුමාරයා මේ නයි අල්ලගෙන උන්ගේ දල කඩලා දාලා විස උරා බොනවා . ටික ටික නයි විස මේ කුමාරයාගේ ශරීරයට ඇතුල් වෙනවා . ඔන්න දැන් තමයි වැඩ පටන් ගන්නේ . දල කඩපු නයි , මේ කුමාරයා තමාගේ ඇඟ වටේට ඔතාගන්නවා . පොළොංගු මාපිල්ලු අල්ලගෙන බෙල්ලේ ඔතාගන්නවා .



තමා උරා බීපු නයි විස වැඩ කරලා මේ කුමාරයා එකපාරටම යක්‍ෂාවතාරය බවට පත්වෙනවා . තමා නයින්ගේ කඩා දාපු දල , පොලොන් දල , කරවැල් දල , මාපිල් දල , උගුරැස්ස කටු , දෙහි කටු , තිබොල් කටු අරගෙන මාලයක් වගේ අමුනගෙන බෙල්ලේ එල්ල ගන්නවා . දැන් යක්‍ෂාවතාරය ගත්ත මේ කුමාරයා කරන්නේ තමාගේ පියා සහ පරිවාර ප්‍රාන්ත රජවරු මරා දමන එක . වඩිග දේශය සහමුලින්ම මේ යක්ෂයාගේ ක්‍රියාවෙන් බයට පත්වෙනවා . කුඩා දරුවන් මුල කාලේ ආහාරයට ගත්තත් පස්සේ පස්සේ මිනිස්සු මර මර කන්නත් මේ යක්ෂයා පටන් ගත්තා . මෙන්න මෙහෙමයි සූනියම් යක්ෂයා ඇතිවෙන්නේ .

දැන් යකාට තමාගේ සේනාව වැඩි කරගන්න ඕන . ඉස්සෙල්ලම මේ යකා යනවා වෙසමුණි රජ්ජුරුවෝ හම්බෙන්න . වෙසමුණි විමානයේ තියෙනවා ඇතුල්වෙන තැන ගල් දොරක් . මේ යකා මේ ගල් දොරට පයින් ගහලා කඩලා දානවා . ඒ සද්දෙට වෙසමුණි රජ්ජුරුවොත් භය වෙනවා . වෙසමුණි රජ්ජුරුවෝ අහනවා මෙච්චර ලොකු සද්ද දාලා වැඩ පෙන්නන්න කාරණාව මොකක්ද කියලා . සූනියම් යකා කියනවා " වඩිග දේසේ වඩිග රජ්ජුරුවන්ට ජාතක උන යවුදගිරි බිසවගේ කුසෙන් උපන් ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් යක්ෂයානම් මමය . මට නරලොව මිනීමස් කන්නට වරමක් ඕනය " කියලා . වෙසමුණි රජුරුවෝ වරම දෙනවා . ඊට පස්සේ මේ යක්ෂයා යනවා මහකෙල නාගරාජයා හම්බෙන්න . ඒ නාගරාජයාගේ දල හතරේ වාසය කරන යක්ෂ දූවරු හතරදෙනෙක් ඉන්නවා . තකරී , මකරී , යාමී , යමදූතී කියන්නේ ඒ හතරදෙනා .

සූනියම් යකා මේ හතරදෙනා තමාගේ සේනාවට එකතු කරගන්නවා .ඊටපස්සේ තව යක්ෂණියෝ අටදෙනෙක් ඉන්නවා අයිලක් කණ්ඩී , මයිලක් කණ්ඩී , වචක්කණ්ඩී , තොටක්කණ්ඩී , අසේනි , විසේනි , කාලරාත්ති , තස්මාදේවි කියලා . මේ අයත් ඒ අයගේ පිරිවරත් තමාට එකතු කරගන්නවා . මෙහෙම කරලා මෙයා යනවා තවුතිසාවට ; ගිහින් එහෙ දෙවිවරුත් බියගන්නවලා සිරාට්ටා , වාරට්ටා , ගොරාට්ටා කියන දෙවිවරුත් තමාගේ සේනාවට එකතු කරගන්නවා .






දැන් සූනියම් යකාට හොඳ සේනාවක් ඉන්නවා . මෙයා දැන් පොලවට එනවා . ඇවිත් කරන්නේ විශාලා මහනුවර ගම් නියම් ගම් හැම එකකම ඉන්න මිනිස්සු ළදරුවෝ ගෑණුලමයි මර මර මිනීමස් කනඑක . ගෙවල් වල ඉන්න අත දරුවෝ හිටි හැටියේම අතුරුදහන් වෙනවා . තනියම පාරවල් වල යන එන අය අතුරුදහන් වෙනවා . අන්තිමට ඇටකටු විතරයි ඉතුරුවෙන්නේ .

මේ ගමේ අයට මේක හරිම ප්‍රශ්නයක් . ගමේ ඉන්න මන්තර ගුරුකම් දන්න අය මොකක් කලත් මේ යකාව බන්ධනය කරන්න බෑ . අන්තිමට ගමේ අය තෙලිඟු රටෙන් අතිදක්ෂ , මන්තර ගුරුකම්වල කෙල පැමිණි ඇදුරෙක් එක්ක එනවා .

මේ ඇදුරා යකාව බන්ධනය කරන්න මන්තර අලුතෙන් හදනවා . ඔය අපේ සිංදු අයියා සොෆ්ට්වෙයා ලියනවා වගේ වැඩක් මේක . මන්තර හද හද පුස්කොල පොත්වල ලියනවා . යකා අල්ලන සොෆ්ට්වෙයාර් එක මෙහෙම ලියලා ලියලා බලනකොට මන්තර ලක්ෂ ගණනක් ඒ ඇදුරා අතින් ලියවිලා .

දැන් මේ මන්තර ජප කර කර අදාළ ක්‍රියාව කරගෙන යනකොට සූනියම් යකා එකපාරටම මේ පුස්කොල පොත අතරට ඇදිලා ගියා හරියට ඇලඩින්ගේ පහනේ බූතයා පහනට යනවා වගේ . දැන් යකා හිර උනා . මේ පොත දිගෑරුනොත් යකා ආයෙත් එලියට එනවා . ඒක නිසා කරන්නේ රත්තරං හුයකින් ( නූලකින් ) මේ පොත තදට ගැටගහලා ගැට හිර කරන එක .

එදා ඒ ඇදුරා මේ පුස්කොලපොත යකත් එක්කම මුහුදේ පාකරලා යවනවා . පුස්කොලපොත ලංකාවේ දකුණු වෙරළට පාවෙලා එනවා .අන්න එහෙමයි සූනියම් යකා ලංකාවට සැපත් වෙන්නේ . මේ පුස්කොල පොත මාතර ප්‍රදේශයේ පුද්ගලයෙක් අරගෙන ගිහින් ගෙදර තියාගන්නවා . එයාට දෙවිවරු හීනෙන් කියනවා මේ පුස්කොල පොත වීවෘත කරන්න එපා කියලා . ඒත් හේතුව කියන්නේ නෑ . මේ පුද්ගලයත් පොත විවෘත නොකර රහසේම තියාගන්නවා .


මගේ Online හරහා සිදු කෙරෙන ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේ සේවාවට සම්බන්ධ වී ජන්ම පත්‍රය පරීක්ෂා කරගැනීමට පහත Image එක මත Click karanna 



මේ අතරේ කුලියාපිටිය කියන ගමේ ඉන්න බොහොම දැහැමි උපාසක කෙනෙක් දෙවිනුවර දේවාලයට වන්දනා ගමනක් යනවා . මේ උපාසක මහත්තයට අර පුස්කොල පොත හම්බෙච්ච පුද්ගලයා මීට් වෙනවා . පස්සේ උපාසක මහත්මයා මේ පුස්කොලපොත තියෙන ගෙදර රෑ නවතිනවා .

පුස්කොලපොත ගැන මේ උපාසක මහත්තයට කිව්ව අර පුද්ගලයා මේ පොත දිගාරින්නේ නෑ කියන පොරොන්දුව පිට පොත උපාසක මහත්මයාට ගෙනියන්න දෙනවා . එහෙම දෙන්නේ තමාට වඩා උපාසක මහත්මයා සිල්වත් කෙනෙක් නිසා මේ පොත පරිස්සම්කරන්න උපාසක මහත්මයා තමාට වඩා ගැලපෙන නිසා . උපාසක මහත්මයාත් මේක ගෙනිහින් තමාගේ ගෙදර පෙට්ටගමක දාලා යතුරුදාලා උම්මා දීලා පරිස්සමට තියාගන්නවා .

හේතු කාරණා මොකක්ද කියලා දැන නොගත්තත් මහා බලගතු මන්තර තියෙන පුස්කොල පොතක් උපාසක මහත්මයාගේ ගෙදර පෙට්ටගමේ තියෙනවා කියලා කුලියාපිටියේ උපාසක මහත්මයාගේ ගෙවල් කිට්ටුව කෙනෙක්ට ආරංචි වෙනවා . දැන් ඉතින් ඕක ගන්නකන් නිවනක් නැති නිසා ඒ මිනිහා කරන්නේ උපාසක මහත්තයා නැති වෙලාවේ ගෙදරට පැනලා පෙට්ටගමෙන් පොත උස්සන එක .

පොත රත්තරං නූල් වලින් ගැටගහලා තිබ්බ නිසා මේ හොරත් හිතන්නේ පොතේ වටිනා මන්තර ඇති කියලා . පොතේ නූල් ලිහලා පොත දිගෑරියා විතරයි සූනියම් යක්‍ෂයා තමාව බන්ධනය කරලා තිබ්බ පුස්කොල පොතෙන් නිදහස් උනා . එතකොටම දෙවිවරු ඝෝෂා කළා " කඹ ලා හිර කරනු , කඹ ලා හිර කරනු " කියලා . ඒත් එතකොට යකා එලියට පැනලා ඉවරයි .

විසාලා මහා නුවර කාබාසිනියා කළා වගේම සූනියම් යකා ලංකාවෙ කුලියාපිටිය පැත්තෙත් මිනිස්සු මර මර කන්න පටන්ගත්තා . ඒ ප්‍රදේශය යක්ෂ භීතියෙන් ඇලලී ගියා . දැන් මේකට මොකද කරන්නේ ? . ඒ පැත්තේ හිටියා තව බොහොම සිල්වත් මන්තර ශාශ්ත්‍රය වගේම දෙවියන්ගෙන් වරම් ගත්ත රාජපද්ම මුදියන්සේ කියලා උපාසක මහත්මයෙක් ,

මුන්නැහේ තමන්ගේ දේව වරම උපයෝගී කරගෙන පත්තිනි දෙවියන්ට මේ පැමිණිල්ල ඉදිරිපත් කරනවා . දවසක් පත්තිනි දේවිය මේ උපාසක මහත්තයට පේන්න වැඩලා කියනවා නවගුණ මන්ත්‍රයෙන් ලක්ෂ වාරය ගනනේ ජීවන් කරපු නවගුණ වැල් හත් පොටක් ලබා දෙන්න කියලා . ඒ කියන්නේ ලක්ෂහත් පාරක් මතුරන්න ඕන . ඒත් මේ ප්‍රශ්නේ බැරෑරුම් කම තේරුම් ගත්ත රජපද්ම උපාසක මහත්මයා මේ නවගුණ වැල් හත්පොට හදලා පත්තිනි දේවියට ලබා දෙනවා .

පත්තිනි දේවිය අහසට පැන නැගලා ටිකක් අමාරුවන් මේ සූනියම් යකාගේ බෙල්ලට නවගුණවැල් හත්පොට දැම්මා . යකත් මේ මන්තරේ බලේට ඉවසාගෙන ඉන්න බැරුව අහසට පැන නැගලා පොටවල් හතෙන් හතර පොටක් කඩලා දානවා . ඒත් තුන් පොටක් කඩාගන්න බැරි උනා . යකා බිමට වැටුනා .

පස්සේ රාජපද්ම මුදියන්සේ උපාසක මහත්මයා ඇතුළු පිරිස , යකාව මතුරපු කඹ වලින් බන්ධනය කරලා හිර කරා . එදා ඉඳලා ඒ ප්‍රදේශය කඹලෑව කියලා ප්‍රසිද්ද උනා . දැන් ඔය කබලෑව කියලා කියන්නේ එතන තමයි .

පත්තිනි දේවිය මේ යකාගේ බලය දැකපු නිසා තීරණය කරනවා දේව වරමක් දීලා දේවත්වයට පත් කරන්න . කිසිම දවසක ආයෙත් මිනීමස් කන්නේ නෑ කියලා පොරොන්දු කරගත්තට පස්සේ පත්තිනි දේවිය සූනියම් යකාට දේව වරමක් දීලා කියනවා සූනියම් වීදියට අරක්ගෙන දොළ පිදේනි ගන්න , ලෙඩ්ඩු සුවපත් කරන්න , ආතුරයින්ට වැහෙන යක්ෂ දෝෂ දුරු කරන්න , සෑම මන්ත්‍රයකටම අරක්ගෙන ඉන්න කියලා .

මෙන්න මෙහෙමයි සූනියම් දෙවියෝ ලංකාවේ දේවත්වයට පත්වෙන්නේ . එදා එතුමා වැටිච්ච කබලෑව
කියන ප්‍රදේශයේ තමයි එතුමාට කැප වෙච්ච ප්‍රධාන දේවාලය පිහිටලා තියෙන්නේ .




අපේ සබරගමුව මහා සමන් දේවාලයේත් මෙතුමාට කැපවෙන පොඩි දේවාලයක් තියෙනවා .





මේ වගේම ලංකාවේ හැම දෙවාලයකම වගේ සූනියම් දෙවියන්ට කැපවෙන ස්ථානයක් ඉදිකරලා තියෙනවා . මොකද සූනියම් දෙවියන් තමයි ගුප්ත ශාස්ත්‍රයට අධිපතීත්වයෙන් කටයුතු කරන්නේ . සූනියම් දෙවියන් ගම්භාර දෙවියන් කියලත් හඳුන්වනවා . ඒ කියන්නේ ලංකාවේ ගම් බිම් සියල්ලම පාහේ මෙතුමාට භාර වෙනවා .

සූනියම් දෙවියෝ දවසේ භාගයක් යක්‍ෂ අවතාරයෙනුත් අනිත් භාගය දේව අවතාරයෙනුත් ඉන්නවා කියලා මතයක් තියෙනවා . හැමදාම රාත්‍රී 9 30 ට මෙතුමා යක්ෂ අවතාරයෙන් මිදිලා දේව අවතාරය ගන්නවා කියලා කියනවා . මේ වෙලාව රාත්‍රී 10 හෝ 10.45 කියලත් විවිධ මත දරන අය ඉන්නවා . හැබැයි ඔන්න මම අහලා තියෙන්නේ 9 30 තමයි . තවත් මතයක් තියෙනවා සූනියම් දෙවියෝ අව පක්ෂයේදී යක්‍ෂාවතාරය විදියටත්

ගුරුකම් මන්ත්‍ර කරන අය මෙතුමා වෙනුවෙන් පහන් දල්වනවා . මේ පහන වෙනුවෙන් හැමදාම සූනියම් දෙවියෝ ඒ පහන් පලට වඩිනවා කියලත් එතුමා එන ඉඩමේ බල්ලන් ඇතිකරන්න බෑ කියලත් කියනවා . බල්ලන්ට මේ දෙවියන් පේනවලු . ඒ දැක්කම බල්ලන් බුරනවලු . ඒ බිරුවම සූනියම් දෙවියන් තමාගේ අතේ තියෙන වේවැලෙන් බල්ලාට පහර දෙනනිසා බල්ලාගේ කකුල් පන නැතිවෙලා මිය යනවා කියලා මතයක් තියෙනවා . මතේ කෙසේ වෙතත් එහෙම ගෙවල් නම් මම දැකලා තියෙනවා . මොකක් හරි ඇත්තක් ඇති .

සූනියම් දෙවියන්ට අයිති එතුමාගේ ඇල්ම බැල්ම වැටෙන ගුරුකම් වලින් ටිකක්

# රුහුණු මායා පිහිටි ඔඩ්ඩි වඩිග පාන්ඩේ සොලී අංග නිලංග වංග කාලිංග බෙන්ගාල පරංගී ඕලන්ද ආදී දහ අට දේස භාෂා මන්තර

# රට යකුම් වීදිය , තොට යකුන් වීදිය , තොටුපල වීදිය , කුමාර වීදිය , නාග වීදිය , ස්වර්ණ වීදිය , වටුන වීදිය , ගොපලු වීදිය , සල්ලි වීදිය , දෙමල වීදිය , ඔඩ්ඩි වීදිය ආදී සියලුම වීදි

# අන්ද සමයන් , මන්ද සමයන් , පාන්දර සමයන් , සැන්දෑ සමයන් , ඉරමුදුන් සමයන් , මහසොහොන් සමයන් , ඔඩ්ඩි සමයන් ආදී සියලුම සමයන්

# අරිච්චි සන්නි , කාල සන්නි , ගොළු සන්නි , බිහිරි සන්නි , කොර සන්නි , ඇඳිරි සන්නි , වෙඩි සන්නි , මල් මදන සන්නි , නාග සන්නි , දේව සන්නි , දෙමල සන්නි , ඔඩ්ඩි සන්නි , වාත සන්නි , පිත් සන්නි ,සෙලෙස්මා සන්නි ,කොළ සන්නි , ඇවුලුම් සන්නි , කණ සන්නි ආදී සියලුම සන්නි

# වස විස අන වින කටුගැසුම් වැල්පැන්නුම් රැක්කටුගැසුම් පෙතලිසූනියම් ඇතුළු හාරසහස් හාරසිය හැත්තෑ දෙකක් හූනියම් වින

# අරින අංගම් ,දුවන අංගම් , පිඹීන අංගම් , පනින අංගම් , බිහිරි අංගම් ,පිල්ලේ අංගම් , ඔඩ්ඩි අංගම් ආදී සියලුම අංගම්

# දෙහි තීන්දු , අල තීන්දු , නලකිරි තීන්දු , තැඹිලි තීන්දු , අන්නක්ක තීන්දු , මහා තීන්දු ආදී සියලුම තීන්දු

මෙන්න මේවගේ තව ගොඩක් ගුරුකම් වලට අධිපති විදියට මෙතුමා කටයුතු කරනවා . ඇදුරන් සියලුදෙනාම ආරක්ෂා කරන්නෙත් මෙතුමා තමයි . කතරගම දෙවියන් සහ ඇදුරන් අතර පණිවිඩ හුවමාරු කරන්නා විදියටත් මෙතුමා කටයුතු කරනවා . කොඩි වින හූනියම් වලදී ඒවා වලට අරක්ගෙන කටයුතු කරන්නත් මෙතුමා ඉදිරිපත් වෙනවා . වින කපනකොට ඒවා ආපස්සට හරවන්නත් මෙතුමා ඉදිරිපත් වෙනවා .

හූනියම් දෙවියන් වසඟයට ගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි . මගේ ආච්චිඅම්මා නැතිවෙන්න කලින් දවසක් මට කිව්වා එයාලා පොඩි කාලේ ඒ කිව්වේ 1920 විතර කාලේ එයාලගේ ගමේ හිටියලු හූනියම් දෙවියෝ වසඟයට ගත්ත දක්ෂ ඇදුරෙක් . එයා පාරේ ඉස්සරහට එනකොට කවුරුත් පාරෙන් අයින් වෙලා එයාට ආයුබෝවන් කියලා ආචාර කරන්නත් පුරුදුවෙලා හිටියලු . එහෙම උනත් එයා වැඩිය ලොකු ලයින් දාපු කෙනෙක් නෙවෙයිලු . ගමේ හොඳින් ජීවත් උනාලු . ගමේ කාවහරි නයි , පොළොංගු, සර්පයෝ කාලා විස බස්සන්න බැරි උනාම මේ කියෙන කෙනාට මන්තර මතුරලා නයි විස බස්සන්න අරුම පුදුම හැකියාවක් තිබුණා කියලත් ආච්චි අම්මා මට කිව්වා . ඒ හැකියාව ලැබුනේ හූනියම් වසඟය නිසා කියලා ගමේ පිළිගැනීමක් තිබුනලු .





කියන්න අමතක උනා තව පොඩි කතාවක් . හූනියම් දෙවියන්ට පහන් තියන අය ඉන්නවනම් මේක මතක තියාගෙන්න ඕන . කරනවානම් කරන වැඩේ හරියට කරන්න . මොකද වෙන දෙවිවරුවගේ හූනියම් දෙවියන් ගාව සෞම්‍ය ගතිගුණ නෑ . කවදත් තියන පහන එක දවසක් හරි අතපහු වෙනවානම් ඒ මොකද කියලා මෙතුමා හොයලා බලනවා කියලා කියනවා . පහන අතපහු උනේ නොසැලකිල්ල නිසානම් දඬුවම් ලැබෙනවා කියලත් මතයක් තියෙනවා . සමහර ඇදුරන් නයි දෂ්ට කරලා මිය ගිහින් තියෙනවා . එයාලට එහම උනේ තමා තියන හූනියම් දෙවියන්ට කැප උන පහන අමතක කරපු නිසා කියලත් කියනවා .

කියන්න නම් තව ගොඩක් දේවල් මතක් උනාට දැනටමත් පොස්ට් එක රෙඩ් ලයිට් පහු කරගෙන ගිහිල්ලා . ඒ නිසා හැමෝටම සෙත් පතලා නවතිනවා .





සාධු සාධු සාධු..........................!

තෙදවරම් පස්වාන් දහසකට ආයු ලැබ ඉරන්ද නම් වනයේ අජාසත්ත පර්වතයේ යහතින් වැඩ සිටින සිරසමත ධවල ජටාවකින්ද සැඩපලු දහතුනකින්ද පොලොඟුන් දහතුනකින්ද රකුසු මුහුනකින්ද බඳවට නයින් ජාලයක්ද එක උරයක කරවැලුන් හතර දෙනෙක්ද සුරතට වඩිග කඩුවක්ද වමතට ගිනිකබලක්ද ගෙලවට නයෙකුද හිස සිට දෙපතුල දක්වා නාගයන් දෙදෙනෙකුද දරා දිවිසම් වතින් සැරසුන නිල්වන් දේහයකින් යුතුව නිල්වන් අසෙකු පිට පැන නැගී යක්ෂ රාක්ෂ නාග රාජ කුමාරාදී දස අවතාරයකින් පෙනී සිටින දස දෙස විපුල කීර්ති සත්‍යානුභාවයෙන්ද තවද මෙම ශ්‍රී ලංකාද්වීපයේ සහ එක්ලක්ෂ හතලිස්දහසක් ගණ කෝවිල්වලට යහතින් දිවස් ලූ කබලෑවට අරක් ගත් ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් දිව්‍ය රාජෝත්තමයානන් වහන්සේට දෙපා වැඳ මා කරන කන්නලවුව ඔබගේ දිව කනින් අසා දිව නෙතින් බලා ඔබවහන්සේ නමින් ඔප්පු කරන සුවඳ දුම් මල් පහන් පුද පූජා පිළිගෙන මේ ආතුර ප්‍රාණ කාරයන්ට වැදී ඇත්තාවූ සකලවිද උවදුරු දුක්ඛාන්ධකාරයන් දුරින් දුර නසා මොවුන් වෙත බැල්ම දිෂ්ටිලා විනකර අම්ලාකර සිටින්නාවූ යක්‍ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ ආදීන් සැනෙකින් පලවා හැර සෙත් සාන්තිකර සකල රෝගාබාද ධූරීභූතකර ආයු රක්ෂාකර දී වැඩ වදාරන සේක්වා !!!

ශිව මස්තු නමෝ රාමඃ
කන්ධ සේනා සමාගමඃ
වඩිගතන්ත්‍ර මණී කණ්ඨ
ඔඩ්ඩි මංගල නමෝ නමඃ 


මම ඉතිං බුකියට එක එක ෆොටෝ අප්ලෝඩ් කරනවා මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා නම් දන්නවනේ . ඔන්න ඔය උඩ තියෙන ෆොටෝ එකේ ඉන්න කෙනාගේ ෆොටෝ එකක් ද...

යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ රාධා බලා හිදී - යමුනා ගංතෙර ( ලිංගික එක්වීමක් වෙනුවෙන් සිහින මවන රාධාගේ ආරාධනය ) ( 18 + )






මේ ගීතයත් මම අහන්න වෙලා ලොකු කාලයක් වෙනවා . ඇත්තටම මේ ගීතයත් මම මුලින්ම ඇහුවේ ගීතයේ තිබුණු සංගීත රසය නිසා . ඒවගේම තමයි මේ ගීතයේ වයලීන් වාදන කොටසක් තියෙනවා . වයලීන් වාදනය කරන්න ඉගෙන ගන්න මුල කාලයේ මේ වාදන කොටස වාදනය කරන්න ඉගෙන ගන්න ඕන නිසාම මේ ගීතය නැවත නැවත ඇහුවා . ඒ කාලේ ගෙදර කම්පියුටර් එකක් තිබුණෙවත් DVD CD ප්ලේ කරන්න පුළුවන් කමක් තිබුණේ වත් නැහැ . ඒ නිසා කැසට් පීස් එකකට මේ ගීතය රෙකෝඩ් කරගෙන ඇවිත් ගෙදර තිබුණු කැසට් එකෙන් තමයි අහ අහ වාදන කොටස් වාදනය කරන්න ඉගෙන ගත්තේ . කොහොමහරි ගීතයේ වාදනය වගේම සංගීත කොටස් හැම දෙයක්ම වගේ හිතේ කාවදින තරමටම මේ ගීතය ඇහුවා . ඊට පස්සේ මේ ගීතය නිතරම ප්ලේ කරන සින්දු ලිස්ට් එකෙන් අයින් වුණා .

මේ ළඟදී දවසක් අපේ මාමා ගෙදර ආව වෙලාවක කිව්ව කතාවක් නිසා මමයි වයලීනියි දෙන්නම කතා වුණා , ඇත්තටම මාමා කිව්ව කතාව නම් 100%ක් ඇත්ත කියලා . මාමගේ පුත්‍රයා දැන් අහන්නේ ඔක්කොම වගේ බස් සින්දු . කියන්න දුකයි . ඒත් ඇත්ත ඒක තමයි . අපේ ගෙදර ඇවිල්ලත් ලැප් එකෙන් ප්ලේ කරන්නේ බස් සින්දු . දවසක් මාමා අපේ ගෙදර ඇවිත් කිව්වා මට මේ එපා වෙලා ආවේ . ගෙදර ප්‍රයිවෙට් බස් එකක යනවා වගේ උදේ ඉඳලා බස්වල යන සින්දු දානවා . ඒවා හරියට ලියුම් කියවනවා වගේ සින්දු කියලා . බලනකොට ඇත්ත තමයි කතාව . මම ඒවගේ සිංදු කීපයක වචන මෙතන පේස්ට් කරනවා පොඩ්ඩක් කියවලා බලන්න ඔයාලට . 






මගේ ආදරේම අපරාදේ අපතේ ගියාද මේ කාලේ
සිත පාරවා දමා මාගේ ඔබ ගියා සාරිතා
මුලු ජීවීතේම අද මාගේ එක තැනක නතර වී වාගේ
අද නැසුනා එදා වාගේ කෝ
ඔයා සාරිතා-ආ.........

ආදරේ ගිනි පුපුරු ලබන විට ඔබ නෑලු
තනිවේලා හිත පාලු ඇයි උනේ අපි යාලු
හිටපු හැටි අමතකලු දුන්නු සිත ගත්තාලු
වේදනා විතරයිලු අන්තිමේදී ඉතුරු....

කියා ගන්න බැරි සිදුවීමක්
පාරවාවී හැම ජීවිතයක්
මගේ කතාවත් දැන් නැවතිලා ආ...............

නිමා වේන්නේ නෑදිග සුසුමක්...
දුකම දේවි සංසාරයෙමත්
පිහිට වේන්න දේවියන් නැති නිසා ආ......

ඔබ වේනුවෙන් මා කරනා
පින් වල අනුහස් ලැබිලා
මට ලංවීලා ඉපදේවා ඇසුනාද සාරිතා........

ආදරේ ගිනි පුපුරු ලබන විට ඔබ නෑලු
තනිවේලා හිත පාලු ඇයි උනේ අපි යාලු
හිටපු හැටි අමතකලු දුන්නු සිත ගත්තාලු
වේදනා විතරයිලු අන්තිමේදී ඉතුරු.....

ලබා ගන්න බැරි ආදරයක්
මේ භවේදි යලිකිසිදාවත්
නමුත් මතක් වෙනවා රිදවලා....
ආ....ආහා................................

සොයා යන්න ලඟපාතකවත්
නෙමේයි ගියේ දුර තව කවදත්
රැයේ එන්නේ සිහිනෙන් හිනහිලා
...ආ.......

ඔබ වේනුවෙන් මා කරනා
පින් වල අනුහස් ලැබිලා
මට ලංවීලා ඉපදේවා ඇසුනාද සාරිතා.......

. මගේ ආදරේම අපරාදේ අපතේ ගියාද මේ කාලේ
සිත පාරවා දමා මාගේ ඔබ ගියා සාරිතා
මුලු ජීවීතේම අද මාගේ එක තැනක නතර වී වාගේ
අද නැසුනා එදා වාගේ කෝ
ඔයා සාරිතා-ආ.........

ආදරේ ගිනි පුපුරු ලබන විට ඔබ නෑලු
තනිවේලා හිත පාලු ඇයි උනේ අපි යාලු
හිටපු හැටි අමතකලු දුන්නු සිත ගත්තාලු
වේදනා විතරයිලු අන්තිමේදී ඉතුරු.....



========================================================================


තහනම් දැන් මට ඔයාගේ
රූපෙ පේනා තැනක ඉන්නත්
මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා
මේ ගෙවෙනා මොහොත ගානේ ඔබව යාවී දුරට මාගෙන්
පුළුවන්නම් තබමි කාලය නවතලා
අපි ආයේ හමුවෙන්නෙ
කවදාදෝ නෑ දන්නේ
එතකල් ඉන්නවා මඟ බලා
මා ඉන්නේ ලතැවිල්ලේ හිත ඇතුලේ ගිනි දැල්වේ
ඔබ දන්නෑ මගේ වේදනා

ඇයිදෝ මේ බාධා
අපි කාටත් නෑ වරදක් කරලා
මේ කඳුලක් පාසා පෙම තව වැඩි වුනා
නෑ අන්සතු වෙන්නේ
ඔබ මා ඉන්නාතුරු මේ ලෝකේ
ඒ බව දිවුරන්නම් ඔබ දුක් වෙන්නෙපා
අන්සතු වෙයි කියා සිතන්නත් එපා
සදාකල් මගේමයි ඔයා

ආදරයේ නාමෙන් මේතාක්කල් වින්ඳේ දුක විතරයි
ඒ ගැන වෙන කවුරුත් නෑ තේරුම්ගන්නේ
ජීවිතයම මාගේ පවතින්නේ ඔබෙ සෙනෙහේ හින්දා
මා හැර ඔබ ගියොතින් අසරණ වේවී මා
ඉතින් කිසිමදා වෙනස් වෙන්නෙපා
සදාකල් මගේමයි ඔයා



========================================================================



ආදරය කියන්නේ….
අරුම පුදුම නැවතුම් පොලක්….
කොතනින් පටන්ගනීද…..
කොතනින් නතර වෙයිද කියලා කියන්න…..
කවුරුත්ම හරියට දන්නේ නෑ…..
සෙවනැල්ල සේ….
ඔබ උන්නු කාලේ…..
මට තනිකමක්…
දැනුනේම නෑනේ…..
අද මගෙ ළඟින්…
ඔබ නොමැති මොහොතේ….
මට දැනුනේ නම්…
මහ තනිකමක්නේ......
ජීවිතේ නුඹ නමින් තනිඋනා….
හමුවුනු තැන්වල මතකය විතරයි අද ඇත්තේ…
හා හාහා...
අප ගිය මාවතේ අද මම විතරයි පියමැන්නේ…..
හා හා හා...
මියගිය ප්‍රේමය හදවත පත්ලෙම මා..ගේ……
හා හා හා..
සදහටම මිහිදන් කලා......

සත්තයි මට ඔබ වාගේ…..
කවුරුත් නෑ මේ ලෝකේ….
උපදින භවයක් ගා…නේ…..
ඔබගෙම වෙන්නයි ඕනේ.....

හා.... හා......
හා.... හා.....
හා.... හා.....

සුවදක් දැනේ...
මට ඔබගේ පපුවේ....
මගෙ වේදනා....
ඔබ දන්නේ නෑනේ....
මැරුණත් හදේ....
තියෙනා මේ සෙනෙහේ....
වෙනසක් නොවේ....
සංසාර ගමනේ....
ජීව්තේ නුඹ නමින් තනිඋනා....

සත්තයි මට ඔබ වාගේ…..
කවුරුත් නෑ මේ ලෝකේ….
උපදින භවයක් ගා…නේ…..
ඔබගෙම වෙන්නයි... ඕනේ.....

හා.... හා......
හා.... හා.....
හා.... හා.....
ටූ රුරු රූ



========================================================================


රූ තෝරනා නෙතේ ඈදිලා
උන්මාද නිල් තාරුකා..
ඒ යෝජනා හිතේ පෑහිලා
නොකී ආදරේ පීදිලා..

මන්දාරම් සුවදේ හමා..
සංසාර සිහිනේ ඔයා..

නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා..

නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා..

කොපුලේ පුරා සිතු සේ සරා
කෙහෙරැල්ල සුලැගිල්ලෙ
සෙල්ලම් කලා..
ළමැදේ පවා සුවසේ නිදා
නල රැල්ල ඔච්චම් කලා..

මන්දාරම් සුවදේ හමා..
සංසාර සිහිනේ ඔයා..

නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා..

නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා..

රූ තෝරනා නෙතේ ඈදිලා
උන්මාද නිල් තාරුකා..
ඒ යෝජනා හිතේ පෑහිලා
නොකී ආදරේ පීදිලා..

මන්දාරම් සුවදේ හමා..
සංසාර සිහිනේ ඔයා..

නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා..

නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා..



========================================================================



තරහක් නැ අදත් තුන් හිතේ වත් මාගේ
හිමිකම් නැතිනිසා අපි අපෙන් වෙන් වුනා
මා හෙට මලත් එහෙමමයි ආදරේ
මේ තරම් වත් නුබයි මාව ජිවත් කලේ
මා හෙට මලත් එහෙමමයි ආදරේ
මේ තරම් වත් නුබයි මාව ජිවත් කලේ


හීන තිබුනේ නැ පෙර මාගේ ලෝකයේ
නොකියා නුබ ඇවිත් දුන්නාම ආදරේ
වරදේ පැටලිලා හිතුමතේ පෙම් කළා
මා හිස් හදේ සෙනෙහෙ ඉතිරුනේ
මා හෙට මලත් එහෙමමයි ආදරේ
මේ තරම් වත් නුබයි මාව ජිවත් කලේ


ආයෙමත් පරාදවූ මේ ජිවිතේ
නොකියා ඇයි ගියේ අද ඔහුගේ උණුහුමේ
නිකරුනේ ලංවෙලා උපරිමේ පෙම් කළා
මේ වේදනා තිබුනදෙන් ගොළුවෙලා
මා හෙට මලත් එහෙමමයි ආදරේ
මේ තරම් වත් නුබයි මාව ජිවත් කලේ

තරහක් නැ අදත් තුන් හිතේ වත් මාගේ
හිමිකම් නැතිනිසා අපි අපෙන් වෙන් වුනා
මා හෙට මලත් එහෙමමයි ආදරේ
මේ තරම් වත් නුබයි මාව ජිවත් කලේ
මා හෙට මලත් එහෙමමයි ආදරේ
මේ තරම් වත් නුබයි මාව ජිවත් කලේ



========================================================================



සැපේදී ලං වුනූ
දුකේ දී
ඈත් වුනූ
මටත් පෙම් කෙරූ
තව එක
පෙමක් තිබුණූ
විශ්වාසෙ
කඩ කරපූ
නුඹට හිත්
දෙකක් සුදූ
මටත් වරදපූ
නුඹත් ඒ
වරද ම ලබපූ

ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතැන හරි
සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ
ලබන මතු භවේ
ආයෙමත්
රවට්ටන්නට එපා

ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතැන හරි
සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ
ලබන මතු භවේ
ආයෙමත්
රවට්ටන්නට එපා

දැනුන නං ඉස්තරං
කරපු පෙම
වෙන කවුද
මං තරං
රැවටුනත් දැන දැනත්
රැවටුනේ ඔබට මං
ඒ තරං

ලොකු දුකක්
එක දෙයක්
දැනගත්තා
කෙටියි ජීවිතේ නං
ඔබට මං
ආදරේ කෙරුවා
මහ මුහුදෙ
වැලි කැට තරං

ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතැන හරි
සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ
ලබන මතු භවේ
ආයෙමත්
රවට්ටන්නට එපා

ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතැන හරි
සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ
ලබන මතු භවේ
ආයෙමත්
රවට්ටන්නට එපා

රත්තරන්
ඇස් ඇරන්
ඉන්න බෑ
නොමැති දා
ඔබ ළඟින්
හිස් වුනත් ජීවිතේ
වැරදුනත් නෑ
එපා වී ඉතින්

දුක් ගොඩක්
ලං කරන්
ඉන්නෙ මා
වේදනා උහුලමින්
මට වෙච්ච දේ
නුඹත් අත්වින්දා
නේද මගෙ රත්තරන්

ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතැන හරි
සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ
ලබන මතු භවේ
ආයෙමත්
රවට්ටන්නට එපා

ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතැන හරි
සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ
ලබන මතු භවේ
ආයෙමත්
රවට්ටන්නට එපා

ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතැන හරි
සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ
ලබන මතු භවේ
ආයෙමත්
රවට්ටන්නට එපා

ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතැන හරි
සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ
ලබන මතු භවේ
ආයෙමත්
රවට්ටන්නට එපා





මම මේ ගීත ගැන හොඳක් හෝ වරදක් කියන්නේ නැහැ . තීරණය ශ්‍රාවකයා සතු දෙයක් නිසා . මොකද කතාවක් තියෙනවනේ කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් අහන්න කියලා . ඒ නිසා . මේ අතරේ තමයි නැවතත් යමුනා ගංතෙර ගීතය ප්ලේ ලිස්ට් එකට එකතු වුණේ . මේ ගීතය නන්දා මාලනී මහත්මිය ගායනා කරන ආකාරය , සංගීත කොටස් , විශේෂයෙන්ම තබ්ලා වාදනය ගැන බොහොම සාවධානයෙන් අහනකොට ගීතයේ තියෙන තේරුම කොහොම දෙයක්ද කියලා තේරුම් ගන්න පුළුවන් . ඒවගේම තමයි ගීතයේ තේරුම සම්බන්ධව තියෙන විග්‍රහයන් කීපයකුත් ඔලුවේ තියාගෙන තමයි මේ ගීතයේ තේරුම සම්බන්ධව ලිපියක් ලිව්වනම් හොඳයි කියලා කල්පනා කරේ . අපි දැන් මුලින්ම ගීතයේ වචන කියවලා බලමු . 

යමුනා ගං තෙර
තමළු ලතා හෙවනේ
යොහොඹු කුසුම් යහනේ
රාධා බලාඉඳී
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා

නළලත බබළන සඳන තලාවයි
සිරුරත ඝන නිල් මේඝ වළාවයි
මානස විල මැද රණ තිසරාණනි
බෘන්දා වනයේ වසන්තයයි
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා

මලයගිරේ මධු ගීත කලාවයි
තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි
වන රේඛාවේ රණ මොණරාණෙනි
තරුද නොපායන රාත්‍රියයි
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා

ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය තනුව - රෝහණ වීරසිංහ
ගායනය - නන්දා මාලනී


විෂ්ණු දෙවියන්ගේ අවතාර 10 සම්බන්ධව විස්තර කෙරෙනකොට ක්‍රිෂ්ණ අවතාරය සම්බන්ධව විස්තර කෙරෙනවා . ඉන්දියාවේ වේද ග්‍රන්ථවල වගේම වෙනත් සාහිත්‍ය ග්‍රන්ථවලත් මේ ක්‍රිෂ්ණා කියන චරිතය ගැන විස්තර කරලා තියෙනවා . වැඩියෙන්ම මේ ක්‍රිෂ්ණා ගැන විස්තර කෙරෙන්නේ රාධා ක්‍රිෂ්ණා කියන ප්‍රේම වෘතාන්තය සම්බන්ධව . ඒවගේම තමයි මේ රාධා ක්‍රිෂ්ණා දෙන්නාට සාපේක්ෂව ප්‍රේම සම්බන්ධතා පිලිබඳ විග්‍රහ කිරීමත් සමහර සාහිත්‍ය කෘතිවල සිදුවෙනවා . අමරා රණතුංග මහත්මිය කියන රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කියන ගීතයේත් කියවෙන්නේ ඒ වගේ චරිත සහ ඒ අයගේ ප්‍රේමයට සාපේක්ෂව තමන්ගේ ප්‍රේමය සම්බන්ධව විග්‍රහ කිරීමක් . ඒ තරමටම රාධා ක්‍රිෂ්ණා දෙන්නාගේ ප්‍රේම වෘතාන්තය ගැඹුරු විග්‍රහ කිරීම් වලට ලක්වන ප්‍රේම වෘතාන්තයක් . 

රාධා කියන්නේ ගොපළු ගමක ජීවත්වන තරුණියක් . ක්‍රිෂ්ණා කියන්නේ ගොපළු තරුණයෙක් . ක්‍රිෂ්ණා කරන්නේ හරක් බලාගන්නා එක . ඒ නිසා නිතරම වගේ හිමාලය ආශ්‍රිත මිටියාවත්වල ගවයින් බලාගන්න me ක්‍රිෂ්ණා සැරිසරනවා . කොහොමහරි මේ දෙන්නාගේ ප්‍රේමය ආරම්භ වෙලා දෙන්නාම ප්‍රේමයෙන් වෙලෙනවා . මානසික වශයෙන් වගේම මේ දෙන්නාගේ ප්‍රේමය ලිංගිකමය වශයෙන් කායික එක් වීම දක්වාම දුරදිග යනවා . රාධා මේ ලිංගික එක් වීමේ රසය තදින්ම තමන්ගේ හිතේ පවත්වාගෙන ඉන්නවා . ක්‍රිෂ්ණා රාධා එක්ක වගේම තවත් ගොපළු තරුණියන් එක්ක කායික එක්වීම් පවත්වාගෙන යනවා කියලා රාධාට අහුවෙනවා . ඊට පස්සේ දෙන්නා වෙන් වෙනවා . මේ වෙන් වීම වුණත් , පසු කාලීනව කාලයත් එක්කම රාධාට නැවතත් ක්‍රිෂ්ණා සිහිපත් වෙනවා . මේ සිහිපත් වීම වෙන්නේ ඇත්තටම මානසික වශයෙන් ඇතිවෙන ප්‍රේමය නිසා වගේම දෙන්නාගේ ලිංගික එක් වීමෙන් ලැබුණු කායික සුවයත් මතක් වෙලා . මේ කායික මානසික සුවය නිතරම සිහිපත් කිරීම නිසා රාධා ප්‍රාර්ථනා කරනවා නැවතත් ක්‍රිෂ්ණා තමන් වෙතට එනවා නම් හොඳයි කියලා . 

යමුණා ගංතෙර ගීතයෙන් කියාවෙන්නේ ලිංගික සන්තර්පණය වෙනුවෙන් ක්‍රිෂ්ණා නැවතත් තමන් වෙතට එන්න කියලා ප්‍රාර්ථනා කරන රාධාගේ වැළපීම .





යමුනා ගං තෙර
තමළු ලතා හෙවනේ
යොහොඹු කුසුම් යහනේ
රාධා බලාඉඳී
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා


ගීතයේ ස්ථායි කොටසෙන් කියවෙන්නේ රාධා තමන් ජීවත්වන පරිසරයේ ලස්සන දකිමින් , මේ වගේ පරිසරයක ක්‍රිෂ්ණාට සහ තමන්ට පෙමින් වෙලෙන්න හැකියාවක් ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා සිහිපත් කිරීමක් . යමුනා ගංතෙර තමළු ලතා හෙවනේ . මේ කියන්නේ යමුනා ගඟ ආශ්‍රිතව හිමාලයට ආසන්නයේ වනාන්තරවල හැදෙන තාමලි කියන මල් පිපුණු වැල් වලට . මේ මල් වැල් ආරුක්කු වගේ වනාන්තරය අලංකාර කරලා තියෙනවා . යොහොඹු කුසුම් යහනේ . ඒ කියන්නේ අසෝක මල් බිම වැටිලා තියෙනවා ; ඒ අසෝක මල් යහනාව මත රාධා බලා ඉන්නවා ක්‍රිෂ්ණා එනකල් . අසෝකමල් වැටිලා තියෙන යහනාවේම වෙන්න ඇති රාධා ක්‍රිෂ්ණා එක්ක කලින් වතාවල් වලදීත් කායිකව එක් වෙන්න ඇත්තේ . ඒ පසුබිමේ ම ඉඳගෙන තමන්ගේ අතීතය සිහිපත් කරමින් රාධා ක්‍රිෂ්ණාව බලාපොරොත්තු වෙනවා . රාධාම තමයි තරහා වුණේ . ඒත් හිත යටින් නැවතත් රාධා ක්‍රිෂ්ණා තමන්ට ලැබෙන්න කියලා බලාපොරොත්තු වෙනවා . 







නළලත බබළන සඳන තලාවයි
සිරුරත ඝන නිල් මේඝ වළාවයි
මානස විල මැද රණ තිසරාණනි
බෘන්දා වනයේ වසන්තයයි
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා

දැන් රාධා ක්‍රිෂ්ණාව වර්ණනා කරනවා . නළලත බබළන සඳන තලාවයි . ක්‍රිෂ්ණාගේ නළල හරියට අඩ සඳ වගේ බබළනවා . හැඩය සහ පැහැපත් බව අඩ සඳ ට සමාන වෙනවා කියලා රාධා කියනවා . සිරුරත ඝන නිල් මේඝ වළාවයි . ක්‍රිෂ්ණා කලුයි . සාහිත්‍යයේදී සහ සාමාන්‍ය අවස්තාවලදී වුණත් නිල් කියලා කියන්නේ කළු පාට සාහිත්‍ය ආකාරයෙන් පෙන්නුම් කිරීමට . සැරියුත් හිමියන් , විභීෂණ දෙවියන් , නීල මහා යෝධයා මේ හැමෝම කලුයි . කළු පැහැය කළුයි කියලා පහත් කරන්නේ නැතුව නීල වර්ණ කියලා වටිනාකමක් දීලා ඉහලට අරගෙන තියෙනවා . මෙතනත් රාධා ක්‍රිෂ්නාව ඝන නිල් මේඝ වළාවකට සමාන කරනවා . මානස විල මැද රණ තිසාරාණෙනි . මානස විල කියන්නේ හිමාලයේ තියෙන විලක් . සාහිත්‍යයේ මේ මනස විල සම්බන්ධව නිතරම කියවෙනවා . මානසවිල සමහරවිට ඇත්තටම තියෙනවා වෙන්න පුළුවන් . එහෙමත් නැත්නම් මානස විල කියන්නේ මනඃකල්පිත විලක් වෙන්නත් පුළුවන් . මේ මානස විල මැද ඉන්නවා කියනවා රත්තරන් පාට හංසයෙක් . රාධා ක්‍රිෂ්ණාට අමතන්නේ මානස විල මැද ඉන්න රණ තිසරාට ක්‍රිෂ්ණාව සමාන කරලා . හිමාල වනයට තමයි බෘන්දා වනය කියලා කියන්නේ . බෘන්දා වනයේ වසන්තයයි කියලා කියන්නේ රාධා දකිනවා තමන්ට ක්‍රිෂ්ණා එක්ක ලිංගිකව එකතු වෙන්න වසන්ත කාලය තමයි මේ එළඹීලා තියෙන්නේ කියලා . 





මලයගිරේ මධු ගීත කලාවයි
තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි
වන රේඛාවේ රණ මොණරාණෙනි
තරුද නොපායන රාත්‍රියයි
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා


මලයගිරේ මධු ගීත කලාවයි . මලය ගිර පැත්තෙන් ඉතාමත් අලංකාර ගීත ඇහෙනවා . තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි .තුන් ලෝකයම දෙවියන් විසින් ආරක්ෂා කරනු ලබන වෙලාවක් තමයි මේ උදාවෙලා තියෙන්නේ . ඒ නිසා කිසිම අනතුරක් වෙයි කියලා බයක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ . වනරේඛාවේ රණ මොණරාණෙනි . රාධා ඉන්නේ හිමාල වනාන්තරයේ ගමක් සහ වනාන්තරය වෙන්වන ආසන්නයේ තියෙන වණලැහැබක . මේ වනාන්තර කොටසේ ඉන්න රණ මොණරාට ක්‍රිෂ්නාව සමාන කරනවා . එහෙම කියලා කියනවා , වන රේඛාවේ ඉන්න රණ මොණරාණෙනි මාවෙත පැමිණෙන්න කියලා . තරුද නොපායන රාත්‍රියයි . රාධා ක්‍රිෂ්ණාට මේ එන්න කියලා කියන්නේ නැවතත් කායික සම්භෝගය ප්‍රාර්ථනා කරලා . ඒවගේ වෙලාවකදී ආලෝකය නැතිව තිබීම හොඳයි කියලා දෙන්නාම දන්නවා ඇති . ඒ නිසා රාධා කියනවා මේ රාත්‍රියේ තරු වත් පායන්නේ නැහැ . ඒ නිසා පොඩි හරි ආලෝකයක් නැහැ . ඒ නිසා මාවෙත පැමිණෙන්න කියලා . 


ගීතයේ මේ වගේ තේරුමක් තියෙනවා කියලා ඇත්තටම හිතෙන්නේ නැහැ . පාරිසරික වර්ණනා කිරීම වඩාත් වැඩියෙන් තියෙන නිසා ගීතයේ තියෙන්නේ වෙන් වීම නිසා ඇතිවෙන දුක සහ නැවතත් එකතුවෙන්න තියෙන ආශාව කියලා එක පාරටම ගම්‍ය වෙන්නේ නැහැ . 

මේ ගීතයේ සංගීතය නිර්මාණය කෙරිලා තියෙන්නේ උත්තරභාරතීය හින්දුස්තානී රාගධාරී සංගීතය ඇසුරෙන් . ඇත්තටම මම මේ ගීතය රසවිඳින අවස්ථාවකදී මම මගේ අවධානය වැඩියෙන්ම යොමු කරන්නේ තබ්ලාවට . මොකද තබ්ලාවෙන් වාදනය කෙරෙන වාදන කොටස් ශුද්ධ සංගීතයට වඩාත් හොඳින් ගැළපෙන විදියට නිර්මාණය කරලා තියෙන නිසා . සකීර් හුසේන් වගේ කෙනෙක්ගේ රාගධාරී වාදනයකට සහයවෙන තබ්ලා වාදනයක් ඇහුවා නම් මේ ගීතයේත් ඒවගේ කොටස් අන්තර්ගත වෙලා තියෙනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන් . 

ගීතය ආරම්භ වෙන්නේ ඕබෝ එකක් සහ සිතාර් එකක් වාදනය කරමින් . මේ වාදන කොටස වාදනය කෙරෙනවත් එක්කම අපිට මැවෙන්නේ ක්‍රිෂ්ණා එනකල් රාධා බලාගෙන ඉන්න අවට පරිසරය ගැන අදහසක් . ගස්වැල් සතුන් කුරුල්ලන් වගේ විවිධ පාරිසරික අලංකාරවත් කොටස් ඒ වාදන කොටසෙන් ඉදිරිපත් කෙරෙනවා . ඊට පස්සේ වාදනය කෙරෙනවා ජල තරංගයක් ආධාරයෙන් වාදන කොටසක් . ඒ වාදන කොටසෙන් දැනෙන්නේ හරියට මොණරෙක් ඇවිදිනවා වගේ පසුබිමක් . ගීතයේ අතුරු වාදන කොටසේත් තියෙන්නේ සම්පූර්ණයෙන්ම පරිසරයේ අලංකාරවත්බව පෙන්නුම් කරන වාදන කොටස් . 

අතුරු වාදන කොටසේ තියෙනවා බටනලාවක් වාදනය කරන වාදන කොටසක් . ඒ බටනලාවත් එක්කම සිතාර් එකකින් වාදනයක් කෙරෙනවා . සිතාර් වාදනයක උච්චතම අවස්තාව , ඒ කියන්නේ ජලා වාදනය කරනවා කියලා කියන්නේ අන්න ඒ වාදන ක්‍රමයට . ඒවගේ සියළුම උත්තර භාරතීය වාදන ක්‍රම මේ ගීතයට ඇතුළත් කරලා තියෙනවා . රාධා ක්‍රිෂ්ණා කතාවත් ඇත්තටම අදාළ වෙන්නේ උතුරු ඉන්දීය කතා වලට නිසාත් , මේ ගීතයට උතුරු ඉන්දීය සංගීත ශෛලීය ක්‍රම යොදාගැනීම ඇත්තටම සාධාරණයි . 

තබ්ලා වාදනය ගැන නම් ඇත්තටම කියන්න වචන නැහැ . හරියට වතුර පාරක් ගල් මුල් තැනිතලා බෑවුම් ඔස්සේ හැපී හැපී හැරෙමින් ගමන් කරනවා වගේ තමයි තබ්ලා වාදනය කෙරෙන්නේ . තබ්ලා වාදනය ඒ තරමටම මනා සංයමයක් ඇතුව වාදනය වෙනවා . හරි තාල ස්ථාන වලට ගමන් කරන අතරේ වාදකයා තමන්ගේ දක්ෂතා වඩාත් හොඳින් ඉස්මතු කරලා පෙන්නනවා . 

හෙඩ්සෙට් එකක් ආධාරයෙන් රෑ වෙලාවක මේ ගීතය සාවධානව ශ්‍රවනය කරන්න . මම මේ කියලා තියෙන දේවල් කොයි තරම් දුරට සාර්ථක ද සාධාරණද කියලා එතකොට තමන්ටම අවධාරණය කරගන්න පුළුවන් . 

========================================================================

මේ ගීතයේ තේරුම කියවලා බලන්න . ඒවගේම තමයි අද කාලේ බස්වල ඇහෙන ගීතත් ශ්‍රවනය කරලා බලන්න . අද කාලේ ඇහෙන ගීත බහුතරයක තියෙන්නේ ඔයා වටේම ගිහින් එන්න . මම භාර ගන්නම් . එහෙමත් නැත්නම් ඔයා මලත් මම සොහොනටවත් එන්නේ නැහැ . මගේ සොහොනටත් ඔයා එන්න එපා . එතනත් තියෙන්නේ විප්‍රයෝගය . මේ ගීතයේත් තියෙන්නේ විප්‍රයෝගය . බලන්න කොයිතරම් සාහිත්‍යවත් විදියට මේ යමුනා ගං තෙර ගීතය නිර්මාණය කරලා තියෙනවද කියලා . අද කාලේ ඒවගේ ගීතයක් බිහිවෙයි කියලා නම් හිතන්න අමාරුයි . ඒවගේම ඉදිරියට නම් කවදාවත් එහෙම ගීත බිහිවෙන එකක් නැහැ . ඒ නිසා මේ ලිපි කියවන ඔයාලාත් ඔයාලගේ දරුවන්ට මේවගේ ගීත අහන්න රස විඳින්න හුරු කරවන්න . 


තවත් ලිපියකින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


මේ ගීතයත් මම අහන්න වෙලා ලොකු කාලයක් වෙනවා . ඇත්තටම මේ ගීතයත් මම මුලින්ම ඇහුවේ ගීතයේ තිබුණු සංගීත රසය නිසා . ඒවගේම තමයි මේ ගීතයේ වයල...

ලේ තුනීකාරක ඖෂධ භාවිතය - අඟහරු ග්‍රහයා සහ ජ්‍යෝතිෂ විද්‍යාව






ටිකක් විතර සංකීර්ණ කාරණා දෙකක් මම මගේ අත්දැකීම් එක්ක සම්බන්ධ කරනවා මේ ලිපියෙන් . සාර්ථක අසාර්ථක භාවය සමබන්ධව කියවන ඔයාල තමයි තීරණය කරන්නන ඕන . මම මගේ කතාව ලියන්නම් . මේ සිද්ධිය වෙලා දැනට අවුරුද්දක් විතර වෙනවා . 

දවසක් මම රත්නපුරේ ඉඳලා කඩුවෙල පැත්තට යන්න කියලා රත්නපුර කොළඹ පරණ පාර බස් එකක් එනකල් ඉඳලා ඒ නැති නිසා අවිස්සාවේල්ලට ගිහින් යනවා කියලා හිතාගෙන අවිස්සාවේල්ල ටවුන් එකට ගියා . අවිස්සාවේල්ල ස්ටෑන්ඩ් එකේ මම බස් එකක් එනකල් ඉඳගෙන ඉන්නකොට මට කෝල් එකක් ආවා . ඒ කෝල් එක ගත්ත කෙනා මට කිව්වේ යම් කෙනෙක් අසනීප වෙලා අසාධ්‍ය වෙලා රෝහල් ගත කරලා කියලා . තවම හේතුව දන්නේ නැහැ කිව්වා . ජ්‍යෝතිෂ පැත්තෙන් කරන්න පුළුවන් මොනවද කියලා බලලා කියන්න කියලා මට මතක් කරන්න තමයි කෝල් කරේ . 

පස්සේ මම එහෙමම කෝල් එක කට් කරලා ඒ වෙලාවේ ග්‍රහ පිහිටීම කොහොමද කියලා බැලුවා . තත්කාලය අනුව ජ්‍යෝතිෂය භාවිතා කිරීම තමයි ඒ අවස්ථාවේ මම කරේ . අඟහරු ග්‍රහයාගේ යම් අහිතකර අවස්තාවක් තමයි තත්කාලයෙන් පෙන්නුම් කරේ . මම ආයෙත් කෝල් එකක් අරගෙන මට කතා කරපු කෙනාට කිව්වා මේක ලේ සම්බන්ධ ප්‍රශ්නයක් . ටිකක් මාරක පැත්තට වැටෙනවා . කතරගම දෙවියන්ගේ පිහිටක් ගන්න පුළුවන් නම් මේ අවස්තාව පන්නගන්න් පුළුවන් කියලා . ඒවගේම ලේ දන් දීමක් කරලා කතරගම දෙවියන්ට පිං දෙන්න වෙනවා කියලා . 

කොහොමහරි මට මේ පණිවිඩයට දැනුම් දුන්න කෙනා කිව්වා , ඔව් මේක ලේ සම්බන්ධ ප්‍රශ්නයක් තමයි . වැටිලා ඔලුව ඇතුලේ අභ්‍යන්තර ලේ වහනයක් වෙලා දැන් හොඳටම අමාරුවෙලා සිහි නැතිවෙලා රෝහලේ ඉන්නේ කියලා . 





මේ අසනීප වුණු කෙනා කවුද කියලා මට කියන්න බැහැ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඕන නිසා . ඒත් ලංකාවේ යම් ප්‍රසිද්ධ චරිතයක් තමයි මේ . දීර්ඝ කාලයක් තිස්සේ ලේ තුනීකාරක ඖෂධ භාවිතා කරලා තියෙනවා . දවසක් පුටුවක ඉඳගන්නකොට හිසේ පිටිපස්ස පුටු ඇන්දේ ඉහල කෙලවරේ වැදිලා තියෙනවා . ඒ වැදුණු පාර පිටින් ලේ වහනයක් පෙන්නුවේ නැති වුණාට අභ්‍යන්තර රුධිර වහනයක් වෙලා තියෙනවා . 

දවස් කීපයකට පස්සේ හදිස්සියේම සිහි නැති වීමක් නිසා රෝහල් ගත කරාට පස්සේ තමයි දැනගෙන තියෙන්නේ මේ ප්‍රශ්නයට හේතු වෙලා තියෙන්නේ දීර්ඝ කාලීන ලේ තුනීකාරක ඖෂධ පාවිච්චි කරලා නිසාත් ඔලුව වැදුනට පස්සෙත් මේ ඖෂධ අරගත්ත නිසා අභ්‍යන්තර තුවාලය සනීප නොවීමෙන් ලේ වහනය වෙලා තියෙනවා කියලා . පාලනය කරන්න බැරි නිසා අවසානයේ හිස්කබල විවෘත කරන ලද සැත්කමක් කරලා සිහිය එනකල් කාලයක් රෝහලේ ඉඳලා දැන් තරමක සුවයක් ලබාගෙන තියෙනවා . 

මොනවද මේ ලේ තුනීකාරක ඖෂධ කියලා කියන්නේ ? 

සරලවම කියනවානම් ලේ කැටි ගැසීම වළක්වාගන්න පාවිච්චි කරන ඖෂධ ලේ තුනී කාරක ඖෂධ කියලා හඳුන්වනවා . සාමාන්‍යයෙන් මේ ඖෂධ නිර්ණය කරන්නේ වෛද්‍ය වරයෙක් ම තමයි . වෙන කෙනෙක්ට මේ ඖෂධ හිතුමතේට පාවිච්චි කරන්න බැහැ . වෛද්‍ය නිර්දේශ කිරීමක් මත තමයි මේ ඖෂධ ෆාමසියකින් නිකුත් කරන්නේ . ඒවා නියම කරන්නේ රෝගියාගේ ලේ කැටිගැසෙන්න වැඩි නැඹුරුවක් තියෙන තත්වයක් තියෙනවානම් . 

රුධිර පීඩනය , රුධිර සංසරණය කියන කටයුතු දෙකම පහසු කරවන්න මේ ලේ තුනී කාරක ඖෂධ භාවිතා කරනවා . ලේ කැටි ඇතිවීමේ අවධානම අඩු කරන්නත් මේ ඖෂධ භාවිතා කෙරෙනවා . රුධිර කැටි ගැසීම නිසා වැඩියෙන්ම අවධානමක් තියෙන්නේ රුධිර පීඩනය වැඩි වීම නිසා හෘදයාබාධ ඇතිවෙන්න සහ අංශභාග තත්වයන් ඇතිවෙන්නත් වෙනත් දරුණු රෝග ඇතිවෙන්නත් පුළුවන් හැකියාවක් තියෙන නිසා . 

ලේ තුනීකාරක ඖෂධ රුධිර ප්‍රතිකැටි කාරක ඖෂධ ගණයට අයත් වෙනවා . මේ කටයුත්ත වෙනුවෙන් භාවිතා කරන විවිධ ඖෂධ තියෙනවා . 



anti-coagulants

heparin
warfarin (Coumadin)
rivaroxaban (Xarelto)
dabigatran (Pradaxa)
apixaban (Eliquis)
edoxaban (Savaysa)
enoxaparin (Lovenox)
fondaparinux (Arixtra)

anti-platelets

clopidogrel (Plavix)
ticagrelor (Brilinta)
prasugrel (Effient)
dipyridamole
dipyridamole/aspirin (Aggrenox)
ticlopidine (Ticlid)
eptifibatide (Integrilin)


මේ ඖෂධ නිසියාකාරව භාවිතා කරන්න නම් වෛද්‍යවරයා සහ රෝගියා කියන දෙන්නාම බොහොම හොඳ සම්බන්ධතාවයක් පවත්වාගන්න ඕන . මොකද ඖෂධ පාවිච්චි කරන විදිය සම්බන්ධව වෛද්‍ය උපදෙස් නිසියාකරවම භාවිතා කරන්න ඕන නිසා . එහෙම කරනවානම් ලේ තුනීකාරක ඖෂධ වලින් නිසි ප්‍රතිඵල ලබන්න පුළුවන් . 


ලේ තුනීකාරක ඖෂධ භාවිතා කරනකොට වෛද්‍යවරයා නියම කරපු වෙලාවටම පාවිච්චි කරන්න ඕන . දවසේ තමන්ට හිතෙන හිතෙන වෙලාවට ඖෂධ භාවිතා කරන්න හොඳ නැහැ . සෑම දවසකම එකම වෙලාවට ඒ ඖෂධ ලබාගන්න ඕන . කිසිම දවසක ඖෂධ මාත්‍රාවක් ගන්න අමතක කරන්න හොඳ නැහැ . ඖෂධ ගැනීම අමතක වුණා නම් බැරිවෙලා වත් ඒ දවසේ මතක් වුණු වෙලාවේම ඖෂධ ගැනීම කරන්න ඕන . කලින් දවසේ මාත්‍රාවක් අමතක වුණා නම් පහුවෙනිදා ඉඳලා සුපුරුදු පරිදි නියම වෙලාවට නියම මාත්‍රාව ගන්න ඕන . නිතර නිතර මේ අමතක කිරීම කරන්න හොඳ නැහැ . මාත්‍රාවක් අමතක වුණා කියලා මාත්‍රා දෙකක් එක වතාවේ ගන්න හොඳ නැහැ . මාත්‍රාවක් අමතක වුණා නම් ඒ ගැන යම් සටහනක් තියාගන්න එක වැදගත් වෙනවා . 

රුධිර තුනීකාරක ඖෂධ , ඖෂධ ශාලාවකින් ලබාගන්නකොට හරි බෙහෙත් හරි බර ප්‍රමාණය තියෙන පෙති ලැබුණද කියලා පරීක්ෂා කරලා බලන්න . කලින් වතාවේ භාවිතා කරපු ප්‍රමාණයට වඩා පෙත්තේ වර්ණය ප්‍රමාණය වෙනස් වගේ දැනෙනවා නම් ඖෂධවෙදියාගෙන් අහලා දැනගන්න දෙපාරක් හිතන්න එපා . ඖෂධවේදියා බනියිද කෑගහයිද මොනවා කියයිද කියලා හිත හිත ඉන්න එපා . අහලා දැනගන්න . මොකද ඊට වඩා තමන්ගේ ජීවිතය වටින නිසා . 

ලේ තුනීකාරක ඖෂධ පාවිච්චි කරන්න කියලා වෛද්‍යවරයෙක් ඔයාලට නියම කරනවානම් ඔයාලා භාවිතා කරන වෙනත් බෙහෙත් ගැන වෛද්‍යවරයාව දැනුවත් කරන්න . ඇහුවත් නැතත් මම මෙන්න මේ බෙහෙත් දිගටම ගන්නවා කියලා මතක් කරන්න . වෛද්‍ය නිර්දේශයක් නැතුව බෙහෙත් මොනවා හරි පාවිච්චි කරනවා නම් හෝ සප්ලිමන්ට් වගේ දේවල් පාවිච්චි කරනවානම් ඒවා ගැනත් දැනුවත් කරන්න . වෙනත් රෝගයක් වෙනුවෙන් ඔයාලා බෙහෙත් ගන්න වෙලාවට ඒ වෛද්‍යවරයාට තමන් ලේ තුනීකාරක ඖෂධ පාවිච්චි කරනවා කියලා මතක් කරන්න . ඒකත් ඇහුවත් නැතත් කමක් නැහැ කියලා මතක් කරන්න . මෙහෙම මතක් කිරීමක් අවශ්‍ය වෙන්නේ මේ ලේ තුනීකාරක ඖෂධ සහ වෙනත් ඖෂධ අන්තර් ක්‍රියා කරලා අක්‍රිය වෙන්න පුළුවන් ලොකු හැකියාවක් තියෙන නිසා . ලේ තුනීකාරක අක්‍රිය වෙන්න දෙන්න ඉඩ තියන්න හොඳ නැහැ කිසිම වෙලාවක . 





ලේ තුනීකාරක භාවිතා කිරීමෙන් ඇතිවෙන අතුරු ආබාධ වෙන්නේ රුධිර වහනය වීම . බාහිර හෝ අභ්‍යන්තර ලේ වහනය වීම තමයි ගැටලුව වෙන්නේ . ඒ නිසා බොහොම පරෙස්සම් වෙන්න ඕන ලේ තුනීකාරක ඖෂධ භාවිතා කරනවානම් . බැරිවෙලා වත් ලේ තුනීකාරක ගන්නා අතරේ මුත්‍රා රතු දුඹුරු පැහැ වීම , මලපහ රතු පහ හේ තාර පැහැය වීම වෙනවා නම් , රතු දුඹුරු පැහැයෙන් වමනය පිට වෙනවානම් , විදුරුමස් නහය කියන ස්ථාන වලින් දිගින් දිගටම රුධිර වහනය වෙනවානම් , කැස්ස සමග රුධිරය පිටවෙනවා නම් , ඇද වැටීම් නිසා හිස තුවාල වෙනවා නම් , අසාමාන්‍ය ලේ වහනයන් තියෙනවා නම් , වෛද්‍ය උපදෙස් ගන්නම ඕන හැකි ඉක්මණින් . මතක ඇතුව කියන්න තමන් ලේ තුනීකාරක ඖෂධ භාවිතා කරනවා කියලා . 

ලේ තුනීකාරක ගන්නා කෙනා තුවාල ඇතිකරගන්න එක පුළුවන් තරම් අඩු කරගන්න ඕන . පිහි කතුරු රේසර් වගේ දේවල් පාවිච්චි කරනකොට පරෙස්සම් වෙන්න ඕන . රණ්ඩු කෝලාහල වගේ දේවල් වලින් ඈත් වෙන්න ඕන . 

ලේ තුනීකාරක ඖෂධ එක්ක , විශේෂයෙන්ම warfarin එක්ක විටමින් k සහිත ආහාර අඩුවෙන් ගන්න ඕන . මොකද විටමින් k මගින් warfarin වල ක්‍රියාව අඩාල කරන නිසා . විටමින් k සහිත ආහාර වර්ග  වෙන්නේ ගෝවා , බ්‍රොකලි , සලාද කොළ , නිවිති කොළ , කොළ පැහැති පළා වර්ග වගේ දේවල් . ඒවා අඩු කරන්න නෙවෙයි අවශ්‍ය වෙන්නේ . ගානකට ගත්තාම හරි . 

ගැබිණි කෙනෙක් නම් ලේ තුනීකාරක ගැනීම ගැටළු සහගත වෙනවා . ඒ වෙනුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගන්න වෙනවා . තමන් දරුවෙක් බලාපොරත්තු වෙනවා නම් තමන්ට ලේ තුනීකාරක ගන්න වෙලා තියෙනවා නම් මේ ගැන වෛද්‍ය වරයා දැනුවත් කරන්න අවශ්‍ය වෙනවා . එතකොට ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් ඒවා පාලනය් කරගන්න පුළුවන් වෙනවා . 

රුධිරය ජ්‍යෝතිෂ විද්‍යාවේදී සම්බන්ධ වෙන්නේ කුජ ග්‍රහයාට . අඟහරු ග්‍රහයා තමයි ලේ ධාතුවට අධිපති වෙන්නේ . ඒ නිසා කුජ ග්‍රහයා කේන්දරේක පිහිටන ආකාරය අනුව ලේ ධාතුවේ ගුණාත්මක භාවය වෙනස් වෙන්න පුළුවන් . ඒවගේම තමයි කුජ ග්‍රහයා සතුරු මිතුරු උච්ච නීච ස්වක්ෂේත්‍ර වීම මගිනුත් මේ රුධිර ධාතුවට බලපෑම් වෙන්න පුළුවන් . 





කුජ කියන්නේ දවස් 45 ක් වගේ කාලයක් ඇතුළත වෙනස් වෙන ග්‍රහයෙක් . ඒ නිසා චන්ද්‍රයා වගේම කුජ ග්‍රහයාටත් ඉක්මන් ගමනක් තියෙනවා . ඒ නිසා තමන්ගේ ජන්ම පත්‍රයේ කුජ ග්‍රහයාගේ තත්වය හොඳ මදි ගතියක් තියෙනවා නම් හෝ තමන්ගේ රුධිර ධාතුවේ ගැටළුවක් වෙනුවෙන් තමන් දීර්ඝ කාලීනව ඖෂධ ගන්නවානම් ජන්ම පත්‍රය පරීක්ෂා කරවලා ඒ වෙනුවෙන් ජ්‍යෝතිෂ ප්‍රතිකාර කරන එක යම් වාසියක් තියෙනවා . මොකද කුජ ග්‍රහයාගේ බලපෑම වෙනස් කරාම ලේ ධාතුවේ ගුණාත්මක බව යතා තත්වයට පත්කරගන්න පුළුවන් නිසාත් යම් ග්‍රහ අපල තත්වයක් තියෙනවා නම් ඒ අපලය සමනය කරගත්තාම බෙහෙත් පත්තියන් වෙලා තමන්ගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා . 

මට එක වතාවක් ලැබුනා ජන්ම පත්‍රයක් . ඒ කෙනා තමන්ගේ ජීවිතයේ ආසාව අතෑරලා වගේ තමයි කතා කරේ . මොකද තමන්ගේ ලේ අධිකලෙස උකු බවට පත්වෙන කෙනෙක් . ඒ ලේ උකු වීම නිසා කාලෙන් කාලෙට ලේ ඉවත් කරන්න වෙනවා . ඒවගේම තමයි බෙහෙත් ගන්නත් නිතරම පීඩනය පරීක්ෂා කරන්නත් සිදුවෙනවා . ඒ කෙනාගේ මේ ගැටළුව ජ්‍යෝතිෂ විද්‍යාව පැත්තෙන් කරපු ප්‍රතිකාර වලින් සාර්ථක ලෙස පාලනය කරන්න හැකියාවක් ලැබුණා . දැන් එයා එයාගේ සාමාන්‍ය ජීවන කටයුතු කරගෙන ඉන්නවා . ඒ නිසා පර්යේෂණ මගින් අපි සනාථ කරගත්තා ග්‍රහ බලපෑම් ලේ ධාතුවේ ගැටළු වලට හේතු වෙනවා කියලා . ඒවා පාලනය කරගැනීමට ජ්‍යෝතිෂ විද්‍යාවෙන් උපකාර ගන්න පුළුවන් . 

තවත් ලිපියකින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

ටිකක් විතර සංකීර්ණ කාරණා දෙකක් මම මගේ අත්දැකීම් එක්ක සම්බන්ධ කරනවා මේ ලිපියෙන් . සාර්ථක අසාර්ථක භාවය සමබන්ධව කියවන ඔයාල තමයි ත...

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරවූ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ






මේ ලිපිය ලියන්න කියලා මුලින්ම අදහසක් ආවේ දැනට ටිකක් කාලයකට කලින් . ඒත් ගීතය නම් අහන්න ලැබිලා ගොඩක් කල් වෙනවා . මේ ගීතය අහන්න ගත්තේ වැඩියෙන්ම සංගීත රසය නිසා . ඒත් පස්සේ කාලෙකදී තමයි ගීතයේ තේරුම මොකක්ද කියලා හිතට ගියේ . ඒ කාලේ ගීතයේ තේරුම ගැන වැඩියෙන් හිතුවේ ඉස්කෝලේ වයලීන් ප්ලේ කරන එක නතර කරන්න ලෑස්ති වෙලා හිටපු නිසා . ඒවගේම තමයි උසස්පෙළට සයන්ස් කරනවා කියලා දැනගත්තම බහුතරයක් කිව්වේ සයන්ස් කරන්නේ නැතුව ආර්ට් කරන්න කියලා . මොකද සංගීත විෂය පැත්තෙන් ඉදිරි ගමනක් යන්න පුළුවන් වෙන නිසා .

ඒත් මම සංගීත විෂය අතෑරලා සයන්ස් වලට ගියාම මේ ගීතය ඇත්තටම කොච්චර ප්‍රායෝගික කතාවක් කියනවද කියලා තේරුණා . මොකද 2010 දී ශාස්ත්‍රීය සංගීතය විෂයක් විදියට කරලා , කැම්පස් ගිහින් ඉගෙනගෙන තැනකට ඇවිත් ක්ෂේත්‍රයේ එලියට එනකොට 2017 වත් වෙනවා . ඒ කාලේ වෙනකොට අලුතෙන් ඇතිවුණු පරම්පරාවල රසවින්දනය ගොඩක් ම වෙනස් වෙලා . රසවින්දනය වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා ඉතින් මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැහැනේ .

ඒ නිසා අපේ රසවින්දනයයි ඒ කාලේ වෙනකොට බලාපොරොත්තුවෙන රසවින්දනයයි ගැළපෙන්නේ නැති නිසා බොහොම සීමා වෙච්ච පිරිසකට විතරක් වෙන් වෙලා කලාව ඉදිරියට කරගෙන යන්න වෙනවා . හම්බ කරන්න වුණත් අකමැති දෙයක් කරලා හම්බ කරනඑක හිත හදාගෙන කරන්න ලේසි වෙන්නේ නැති නිසා සංගීතය සහ වයලීන් වාදනය මටම විතරක් තියාගෙන සංගීතය විෂයට යම් තරමකින් සමු දුන්නා . 

ඉතින් මේ ගීතය සහ නිත්තවෙල ගුණයා ගුරුනාන්සේ හිතේ ගොඩක් කල් ඉඳලා තැම්පත් වෙලා තිබුණා . වයලීනි එක්ක දවසක් වයලීනිලගේ ගෙදර යනකොට කටුගස්තොට පැත්තට බස් එක ලඟා වුණා . මහනුවර මාතලේ පාරේ අතරමගින් නිත්තවෙල කියන ගමට හැරෙන්න බෝඩ් එකක් ගහලා තිබුණා . ඒක දැක්කම ඇත්තටම මතකයට ආවේ මේ නිත්තවෙල ගුණයා කියන නර්තන ශිල්පියාව . කොහොම වුණත් මම හිතුවේ නැහැ නිත්තවෙල කියන ගම මේවගේ යන එන ආසන්නයේ පිහිටලා තියෙයි කියලා . මොකද වාසගම් විදියට නුවර පැත්තේ තියෙන ගොඩක් නම් ටිකක් නාගරික පැත්තෙන් ඈත් වෙලා තියෙන නිසා .

ඊට පස්සේ ඉතින් බස් එකේ යන එන හැම වෙලාවේම නිත්තවෙල බෝඩ් එක දකිනකොට ගුණයා ගුරුන්නාන්සේ මතක් වෙනවා . අද 2019 වසරේ සබරගමුව මහ සමන් දේවාලයේ හතරවෙනි රන්දෝලි පෙරහැර දවස . මමයි වයලීනියි ඉස්සෙල්ලම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැරක් බලන්න ගියේ මේ වතාවේ . අපි දෙන්නා බලන්න ගියේ දෙවෙනි රන්දෝලි පෙරහැර . මේ පෙරහැරේ මමනම් බලන්න ගියේ ඇත්තටම අලි ඇත්තු ටික . හැබැයි වයලීනි ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් විදියට පෙරහැර බැලුවා .

උඩරට නැටුම් සබරගමු නැටුම් පහතරට නැටුම් ගැන අපි දෙන්නා පොඩියට වගේ ඒ ඒ අංග යනකොට කතා වුණා . මේ අතරේ ගියා පන්තේරු නැටුමක් . මේ නැටුම නටපු ශිල්පීන් මට හොඳට මතකයි ; මම දන්න කාලේ ඉඳලා පන්තේරු නැටුම නටනවා . ඒ නිසා හොඳ පළපුරුද්දක් සහ ශිල්පීය හැකියාවක් මේ ශිල්පීන්ගේ නර්තනයෙන් පෙනුනා . කොහොමහරි පෙරහැර බලලා ආවට පස්සේ තමයි කිරුළ මුතු ලිහී කියන ගීතය ආයෙත් හිතට ආවේ .

අපි බලමු නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේගේ කතාව කොහොමද කියලා . මෙතුමා ඉපදිලා තියෙන්නේ මහනුවර නිත්තවෙල කියන ගමේ 1905 වර්ෂයේ . එතුමාගේ නම " මුල්යද්දෙස්සලාගේ ගෙදර ගුණයා " එතුමා අධ්‍යාපනය ලබලා තියෙන්නේ මහනුවර වටපුළුව පාසලෙන් . පහ වසර දක්වා විතරයි එතුමා තමන්ගේ අධ්‍යාපනය හදාරලා තියෙන්නේ . මෙතුමා පැවත එන්නේ දඹදෙණි යුගයේ ඉඳලා පැවතගෙන ආව නැටුම් පරම්පරාවකින් . ඒවගේම තමයි එතුමාගේ පරම්පරාවේ ආදීතමයින් මහනුවර යුගයේ සටන් වලදී තමන්ගේ දායකත්වය දක්වලා තියෙනවා .

මෙතුමා තමන්ගේ මුල්ම නර්තනය නටලා තියෙන්නේ . 1924 වර්ෂයේදී මහනුවර නිත්තවෙල පුරාණ විහාරයේදී . මෙතුමාට වෙස් බැඳලා තියෙන්නේ නිත්තවෙල සුරඹා ගුරුන්නාන්සේ . ඒ මෙතුමාගේ ලොකු තාත්තා . තමන්ගේ තාත්තා තමන්ට වෙස් බැන්දේ නැත්තේ නැටුමෙන් නැතුව අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න කියලා උනන්දු කරපු නිසා කියලා එතුමා කියලා තියෙනවා .

සිළුමිණ පත්තරේ මේ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ ගැන ලියවුණු ලිපියක් මම මෙතනට උපුටා ගන්නවා . ඒ ලිපියේ එතුමා තමන්ගේ නර්තන කලාව වෙනුවෙන් කරපු සේවාව සාරාංශගත කරලා තියෙනවා .





කුමාරජිත් 2018 12 15 

ශ්‍රී ලාංකේය නර්තන ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණ නාමයකි නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ. මුල්වරට මුළු යුරෝපය ම මවිත කළ සිංහල නැට්ටුවා ඔහු ය. ඇමරිකාව, රුසියාව, මහා බ්‍රිතාන්‍ය, චීනය, ජපානය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙකොස්ලෝවැකියාව, ඉන්දියාව යන රටවල් සිය නර්තනයෙන් මවිත කළ මේ අසහාය නැටුම් ශිල්පියා අපේ සිංහල නැටුම යුරෝපීයන්ට හඳුන්වා දුන්නේ ය.

1950 වසරේ ගුණයා ගුරුන්නාන්සේ දළදා මාළිගාව පසුබිමක නර්තනයේ යෙදෙන ශත 04 ක වටිනාකමින් යුත් තැපැල් මුද්දරයක් නිකුත් කර ඇත්තේ මේ කලාකරුවාගෙන් අපේ රටට සිදු වූ සේවය අගය කරමිනි. මෙය අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ උපදෙස් පරිදි ප්‍රථම වරට රජයක් සිංහල කලාකරුවකුට කළ ඉහළ ම උපහාරය ලෙස සැලකිය හැකිය. 1950 වසරේ නිදහස් දින උත්සවයේ දී විශේෂ සංස්කෘතික සංදර්ශනයක් ගුණයා ගුරුන්නාන්සේ ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව ද වාර්තා වේ.

මහාචාර්ය තිස්ස කාරියවසම් හා මහාචාර්ය මුදියන්සේ දිසානායක විසින් රචිත “විශ්ව නර්තනයේ විශිෂ්ට චරිත” නම් කෘතියේ සඳහන් කර ඇත්තේ ගුණයා මහතාගේ රුව ගැන විවිධ අදහස්, මත තිබුණ ද Encyclopedia of Sri Lanka කෘතියේ සී. ඒ. ගුණවර්ධන මහතා කර ඇති සටහන අනුව ගුණයා මහතාගේ රුව සත්‍ය තොරතුරක් ලෙස පිළිගත හැකිය.

හුන්නස්ගිරි කඳු පාමුල දුම්බර මිටියාවතේ නිත්තවෙල ගම්මානයේ දී 1905 වසරේ උපත ලැබූ මුල්යද්දෙස්සලා ගෙදර ගුණයා මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර වටපුළුව පාසලෙනි. ඔහු ඉගෙන ගෙන ඇත්තේ 5 වන ප්‍රමාණය තෙක් පමණි. ඔහු පැවත එන්නේ හයවෙනි බුවනෙකබා රජුගේ යුගයේ සිටි උඩරට කීර්තිමත් නැටුම් පරම්පරාවකිනි. ඔහු ගේ මී මුත්තා වූයේ උඩරට කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ නිලමේ සටන් කළ නිත්තවෙල මහ පන්නික්කියා බව මාධ්‍යවේදී උලපනේ ගුණසේකර සඳහන් කර තිබුණි. ඔහු කියන ආකාරයට මහනුවර වටපුළුව පාසලේ දී නාථ දේවාලයේ තේවාවට හිමිකම් කියූ නිත්තවෙල පවුලේ අය මහනුවර දළදා පෙරහැරේ ද නැටුම් දැක්වූ බව ද එ් පරම්පරාවේ ගුණයා නම් දහතුන් හැවිරිදි දරුවා 1924 දී නිත්තවෙල පුරාණ විහාරයේ දී හා පුරා කියා නැටූ බව විස්තර කොට ඇත. කුඩා ගුණයාට පරපුරේ නැටුම් කලාව උරුම කරමින් වෙස් බැන්දේ තම පියා නොව ලොකු තාත්තා වූ නිත්වෙල සුරඹා ගුරුන්නාන්සේ විසිනි.

නැටුමට ද දස්කම් පෑ ගුණයා අසල්වැසි ළපටින් සමඟ නටන්නට පටන් ගත් විට දක්ෂ නැටුම් ශිල්පියකු වූ තාත්තාත්, අම්මාත් නිතර දරුවා අධෛර්යවත් කළහ.

“පුතේ උඹ අපි වගේ නට නටා ඉඳලා හරියන්නේ නැහැ. ඉස්කෝලේ ගිහින් අකුරු සෑස්තරේ ඉගෙන ගනින්”

තාත්තා ගේ වදේට පාසලට ගොස් ගෙදර පැමිණි විගස කුඹුරට ගොස් කුඹුරු වැඩවලට සහාය වී හවසට ගෙදර පැමිණ සම වය‍සේ සිටි නෑ සොහොයුරන් හා මිතුරන් සමඟ ගුණයා නැටුම් පුහුණු විය. 1915 දී කුඩා ගුණයා මහනුවර පෙරහරේ නටනු දුටු එකල කොළඹ සත්තුවත්තේ අධිපතිවරයාව සිටි ජෝන් හෝගන්බර්ග් මහතා මේ ගැටයා ගැන කොතරම් පැහැදුණා ද යත් ඔහුට ජර්මනියට යාමට ඉඩ ප්‍රස්තාව ලබා දී ඇත. ඒ ගුණයා ගේ ප්‍රථම විදේශ ගමන විය.

“නිත්තවෙල ගුණයා” යන නාමය ලෝකයේ නර්තන ලෝකයට ඇතුළත් වූයේ “තියටර් ඉන් ද ඊස්ට්” (පෙරදිග රඟහල) ලියූ ඇමරිකානු කලා විචාරක ෆෙබියන් බොවර්ස් සහ බෙරිල් ඩී. සූට් ගේ “ලංකාවේ නැටුම් හා යක් නැටුම්” යන ග්‍රන්ථවල ඒ ගැන තොරතුරු ඇතුළත් ව ඇත. මෙහි දීර්ඝ විචාරයක් ‘හොලිඩේ’ නම් ප්‍රකට සඟරාවට ඔවුන් ලියා තිබුණි. මේ සඟරාව පළ කර තිබුණේ විදේශ වලින් පැමිණෙන සංචාරකයන් හා ලංකාවේ නර්තන කලාව ගැන පර්යේෂණය කරන විද්‍යාර්ථින් මහනුවර දී මේ නැටුම් බැලීමට ඇමරිකන් ඩොලර් 10 ක් (1950 දසකයේ) අය කර ඇති බව ය. මේ අතර Observer හා Times of Ceylon වාර්ෂිකව සඟරාවල ගුණයා ගුරුන්නාන්සේ නම් විස්මිත නැට්ටුවා ගැන වර්ණ ඡායාරූප සමඟ අගනා විස්තර පළ කර තිබුණි. සෝමසිරි කස්තුරිආරච්චි විසින් අපට පරිත්‍යාග කරන ලද “1956 ලංකාදීප බුද්ධ ජයන්ති රසවාහිනි” සඟරාවේ ගුණයා කලාකරුවාගේ වර්ණ සමීප රූපයක් සහිත පින්තූරයක් පළ වී තිබුණි. මෙහි එ් ඡායාරූපය පළ වෙයි.

ලෝකයේ පෙර අපරදිග සිටින කල රසිකයන් මේ නැට්ටුවාගේ විස්කම් බැලීමට ඩොලර් 20 ක් වුවද දීමට සතුටු බව පත්‍රකලාවේදී සිරිපාල තිලකසේනයන් “රසවාහිනී” සඟරාවකට ලිපියක් ලියමින් සඳහන් කර තිබුණි. ඔහු මෙසේ ද සඳහන් කර තිබුණි.

“ගුණයා මහතා එදා ප්‍රසිද්ද වෙන්දේසියක විකුණනු ලැබුවොත් ඔහු මිල දී ගැනීමට ලෝකයේ පොහොසත් තරුණියන් බරට බර කිරා දෙනු ඇතැයි කිවහැකි තරමට ඔහු කෙරෙහි ලොකු ප්‍රසාදයක් තිබුණි. 1957 වසරේ රුසියාවේ පැවත්වුණු ලෝක නැටුම් තරුණ උලෙළේ නැටුම් උලෙළේ සිංහල නැටුම් ඉදිරිපත් කිරීමට ගිය ගුණයා මහතා වට කර ගත් රුසියන් තරුණියෝ ඒ මහතාගේ ඇඟ පිරිමදිමින් බව වයසින් මහලු වුවත් පෙනුම තරුණියයි කී හ. නැටුම් පිළිබඳ රුසියන් රන් පදක්කම දිනා ගැනීම ලෙහෙසි පහසු වැඩක් නොවේ. එහෙත් මේ පදක්කම දිනා ගැනීමෙන් නොනැවත්විණි. තම එකම පුත් ඇන්.ඇම්. සෝමදාස සහ ඔහුගේ දියණිය වූ ඇන්.ඇම්. අමරාවතිත් රන් පදක්කම් දිනා ගත්හ.”

ජර්මනියේ දී ගුණයා මහතාට සිදු වූ අපූරු සිදුවීමක් ද ලියුම්කරු විස්තර කර තිබුණි.

වර්ෂ 1955 ඔක්තෝබර් මස බර්ලින් සැණකෙළියේ නැටුම් කණ්ඩායම ගුවන් තොටුපොළින් බැස නවාතැනට ගිය ඇසිල්ලේ ම රූමත් තරුණ ජර්මන් කාන්තාවක් හති දමමින් දිවැවිත් මෙසේ අසා ඇත.

“මේ නැටුම් කණ්ඩායමේ ගුණයා කියා නැට්ටුවෙක් ඉන්නවාදැයි” එහි සිටියකුගෙන් ඇය විමසුවා ය.

“ඉන්නවා.”

“මට ඔහු වහා මුණ ගස්සන්න. එතුමාගෙන් නැටුම් ඉගෙන ගන්නා තුරු මට සැනසිල්ලක් නෑ.” ඇය කීවාලු.

මේ තරුණිය ප්‍රංසයේ නැටුම් හා රඟපෑම් ඉගෙනීමට එහි ගොස් සිටි මුද්‍රා නිළියකි. පැරිසියේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණවල යෙදී සිටි ලංකාවේ උගත් භික්ෂූන් වහන්සේ නමක් වූ ආචාර්ය වල්පොල රාහුල හිමියන්ගෙන් ඇය ගුණයා මහතා ගැන අසා දැන සිටියා ය. නැටුම් කණ්ඩායම ජර්මනියේ රොටර්ඩෑම් නගරයට පැමිණි බව ඇසූ ඇය තම පියා සමඟ ඇම්ස්ට්‍රඩෑම් නගරයේ සිට මෝටර් රථය පදවාගෙන රෝටර් ඩෑම් නගරයට පැමිණ ඇත්තේ හී සැරයක වේගයෙනි. ඇමස්ටර්ඩ් නගරයේ සිට රොටර්ඩෑම් නගරයට දුර සැතපුම් 100ක් ගෙවා ගුණයා මහතා ආ ගිය සෑම තැනකට ම පැමිණි ඇය ඔහු ආපසු ලංකාවට යනතුරුම නැටුම් ඉගෙන ගෙන ගත්තාය.

1949 වසරේ ගුණයා මහතා බලා ගියේ සැරියුත් මුගලන් ධාතුන් වහන්සේලා ලක්දිවට වැඩවීම පිළිබඳ උත්සවයට සහභාගි වීම සඳහා ය. එහි ගිය ගුණයා ප්‍රමුඛ නැටුම් කණ්ඩායම උදය ශංකර්, රාම් ගෝපාල් වැනි භාරතීය නර්තන විශාරදයන් පැසසුමට ලක් වූ බව ඉන්දියාවේ පළ වූ “ස්ටේට්ස්මන්” පුවත්පතේ කලා විචාරකයා සඳහන් කර තිබූ බව “සිළුමිණ” පුවත්පතේ එදා චිත්‍ර ශිල්පියකුව සිටි ඇස්.ආර්. හේමපාලයන් පවසා තිබිණි. එහි වැඩි දුරටත් මෙසේ සඳහන් වී තිබිණි.

“ආදී කල්පිත නැටුම් කලාවක් රැගෙන දැනට දිල්ලියට පැමිණ සිටින ලංකාවේ නිත්තවෙල ගුණයා මහතා තමන් ප්‍රගුණ කළ කලාවේ නිපුණත්වයට පත් වූවෙකි. ඔහු ගේ නැටුම් කොතරම් සියුම් ද යත් ඒවා රුසියාවේ මුද්‍රා නැටුම්වලට සම කළ හැකිය. ආදී කල්පිත යුගයේ වෙනත් රටවල මිනිසුන් සතුන් සමඟ වනචාරී ව හැසිරෙන අවදියේ පවා සිංහලයන් සතු මහඟු කලා සම්ප්‍රදායක් පැවති බව මේ නැටුම් බලා නියාමනය කළ හැකිය. භාරත නැට්ටුවන්ට ලංකාවේ සිංහල නැටුම් වලින් ගත හැකි පාඩම් බොහෝ වෙයි. දිල්ලියේ පමණක් නොව ඉන්දියාවේ සෑම නගරයක ම ගුණයා ප්‍රධාන නැටුම් කණ්ඩායම පිළිගත්තේ ලංකාවේ තානාපති පිරිසක් පිළිගන්නවාටත් වඩා ගෞරවාදරයෙන් යුතුව ය.”

බෙරිල් ඩී. සූට ඉන්දියාවේ හා බාලි දූපත්වල ගැමි ශාන්ති කර්ම හා නර්තනය පිළිබඳ පර්යේෂණ කළ අතර 1935 වසරේ ලංකාවට එන්නේ ආචාර්ය ගුණපාල මලලසේකර ගේ අමුත්තියක ලෙස බව මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් ලියන ලද “ශ්‍රී ලාංකික නර්තනයේ විකාශනය (1908 - 1978)” කෘතියේ සඳහන් කරයි. බෙරිල් ඩී. සූට් (විවාහයෙන් පසු සෙලින් කෝට්) තම ලංකා ගමනේ දී ගුණයා ගුරුන්නාන්සේගෙන් ඉගෙන ගත් කාලයේ දී ලැබූ අත්දැකීම් දින පොතේ ලියා තිබුණා ය.



1935 දෙසැම්බර් 06

ගුණයා ගේ වන්නම් කිහිපයක් නැටුවේ ය. සිංහ, අශ්ව හා නෛඅඩි නැටුම් සුන්දර ය. කිරළා වන්නම ද ලස්සනය. මේවා අනුකරණාත්මක නොවන අවස්ථා තිබේ. මුසලඩි, ඉබ්බා හා වඳුරා එවැනි අවස්ථා ය. ගුණයා ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන මට නම් සැකයක් නැත.

1935 දෙසැම්බර් 20

මලලසේකරගේ නිවසෙහි රාත්‍රී කෑම ය. ගුණයාගේ කණ්ඩායමට විරුද්ධ ව ගම්මුලාදෑනියා සටන් කරති. හේතුව ඔවුන් ගම හැර කොළඹ යෑම ය.



නිත්තවෙල ගුණයාගෙන් උඩරට නැටුම් හදාරන්නට රොක් ෆෙලර් ආයතනයේ වියදමින් 1950 අප්‍රේල් මාසයේ ලංකාවට පැමිණි රාගනි දේවි නම් ඇමරිකානු නිළිය මෙරට මාස තුනක් ගත කොට ඇති බවද ඉහත කී කෘතියේ සඳහන් වෙයි.

ගුණයා ගුරුන්නාන්සේගේ දස්කම් අපේ රටට ම මෙන් ම මුළු ලෝකයටම හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ මහා පත්‍ර කලාවේදී ඩී.බී. ධනපාල මහතාට ය. ධනපාල මහතා විසින් 1962 ලියන ලද Among Those Present කෘතියෙන් ගුණයාට විශේෂ තැනක් ලැබුණි. ධර්මපාල තුමා; කුමාරස්වාමි; ඩී.ඇස්; ඩඩ්ලි; කොතලාවල; බණ්ඩාරනායක; ඔලිවර් පිලිප්; සිරිමාවෝ; පරණවිතාන; කුලරත්න; මෙත්තානන්ද; ආටිගල; සරච්චන්ද්‍ර; යක්කඩුවේ හිමි; හුළුගල්ල අතර සිටි මේ මහැඟි කෘතියේ කලාකරුවන් සිටියේ සොයිලියස් මැන්දිස් හා ගුණයා පමණකි. Among Those Present කෘතියේ ගුණයා මහතා ගැන ධනපාලයන් විසිතුරු ඉංග්‍රීසි බසින් සටහන් කර තිබිණි.

“කිසිදු සිනමා තරුවක් හෝ දේශපාලඥයෙක් වෙස් තට්ටුවෙන් සැරසී සිටින ගුණයා ගුරුන්නාන්සේ පමණට සේයාරූවලට නැංවී නො මැත. ඔහු ගේ සේයා රූ සතර දිග් භාගයේ නර්තන ශාස්ත්‍රය පිළිබඳ සඟරාවල සහ ජනප්‍රිය සතිපතා පුවත්පත්වල පළ වී ඇත. ඔහුගේ නර්තන ශෛලියෙහි ජීව ගුණය, අනුප්‍රාණය අවශේෂ නර්තනවේදින් සමඟ සමාන්තර නොවන තුලනය කළ නොහැක්කකි. නර්තනය ඔහුගේ ජීවිතය වැන්න. ඔහු නර්තනයෙහි නියැළෙන විට තම සිරුරේ සියලුම මාංශ පේශීන් නර්තනයේ යෙදෙන්නේ උදය ශංකර් නම් වූ ශ්‍රේෂ්ඨ නර්තනවේදියා අපට සිහි ගන්වමිනි.

“ඔහු විස්මිත නර්තනය නිමාවට පත්වත් ම සහෘදය ඔබ නැවතත් පය ගසා සිටින ලොවට ම පැමිණෙනුයේ සුසුමක් සමඟ හෝ සිගරැට්ටුවක් දල්වා ගැනීමෙන් විය හැකිය. එය ඔහු අයස්කාන්ත නර්තන සළු පිළි උනා දමා සාමාන්‍ය මනුෂ්‍යයකු බවට පත්වීම සදිසි ය. එනම් ඔබ නැවතත් සුපුරුදු අලස විදිහට එළඹෙන අතර ඔහු ‘ගුණයා’ නම් සරල මිනිසා බවට පත් වේ.”

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න 1971 පෙබරවාරි 16 වැනිදා ‘සරසවිය’ පුවත්පතට ගුණයා ගුරුන්නාන්සේ හමු වීමට ගොස් අපුරු විශේෂාංගයක් ලියා තිබුණි. එහිදී ඔහුට ගුණයා මහතා තමාට ලැබුණු රුසියාවෙන් ලැබූ රන් පදක්කම ගැන සඳහන් කරමින් මෙසේ කියා ඇත;

“වෙන රටක් ඔය රන් පදක්කම ගත්තා නම් මහත්තයෝ ඒ මිනිහට පෙරහර කරයි. මට එහෙම ඕනෑ නෑ. ඒ සම්මානෙ ලැබුණේ අපේ නැටුම නිසා උඩරට නැටුමට වත් ඕන සැලකිලි ටික නොකරන එකයි මට දුක. දළදා පෙරහැරට නැටූ නැට්ටුවකුට කවදාවත් වැරදිලා නෑ. මට ඒක ලෝකෙ වටේ යනවට වඩා අගෙයි.”

තමාගෙන් නැටුම් ඉගෙන ගත් සිසුන් අතර අන්තර්ජාතිකයන් බොහෝ වෙතැයි ගුණයා පවසා ඇති අතර ලංකාවේදී තම ශිෂ්‍යයන් අතර හීන් බබා ධර්මසිරි හා චන්ද්‍රලේඛා ගැන ආඩම්බර වී ඇත. 1958 ඉන්දියාවේ ෆිල්ම් ෆෙයාර් චිත්‍රපට සම්මාන උලෙළේ නැටූ බව ද ඔහුගේ නර්තන සහිත ඡායාරූප එම සඟරාවේ පළ වී ඇති බවත් රාම් ගෝපාල් විසින් ලියූ “ශාස්ත්‍රීය නැටුම් හා ඉන්දිය ආභරණ” ග්‍රන්ථයේද ගුණයා ගැන විශේෂ පරිච්ඡේදයක් ඇති බව ද චන්ද්‍රසිරි සෙනෙවිරත්නයන් සඳහන් කර තිබුණි.

කෙසේ නමුත් නර්තනය කලා සම්ප්‍රදායකි. ගුණයාගේ විශිෂ්ටත්වය වනුයේ ඔහු අන්‍යන්‍යතාවෙන් හෙබි සිතට කාවදින නර්තන ශෛලියක් ඔස්සේ ජව සම්පන්න පෞරුෂයකින් හා ස්වතන්ත්‍ර භාවයකින් එහි ප්‍රබල මුද්‍රාවක් බවට පත්වීමය.”

මහා පත්‍ර කලා ගුරු ඩී.බී. ධනපාල මහතා 1936 දී නුවර පෙරහරේ නැටුම් දැක්වූ ගුණයා තමා පදිංචිව සිටි දෙහිවල නි‌ෙවසට කැඳවා එහි නතර කොට බම්බලපිටියේ නැටුම් ආයතනයක් ආරම්භ කිරීමට පදනම දමා ඇත. උඩරට නැටුමේ සාම්ප්‍රදායික අංග ඇසුරෙන් ගුණයා විසින් ම නිර්මාණය කළ සමනල වන්නම හා මහබෝ වන්නම ගැන ලොවට හඳුන්වා දුන්නේ ද ධනපාලයන් ඉංග්‍රීසි පත්‍රවලට එදා ලියූ විශේෂාංගවලිනි. ගුණයා විසින් සමනල වන්නම හා මහ බෝ වන්නම නැටුම් නිර්මාණය කළේ ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහ ශූරින්ගේ එකී වන්නම්වල ගීත රචනා ඇසුරෙනි. මානවසිංහයන් හමුවීමට ගුණයාට අවස්ථාව උදා කර දුන්නේ ද ධනපාලයන් නිසා බව පැවසේ.

‍‍”සිංහල විශ්ව කෝෂයේ” (නවවැනි කාණ්ඩය) කියා ඇත්තේ “කොහොඹ කන්කාරිය” පැරැණි ශ්‍රී විභුතියෙන් යුක්ත ව පැවැත්වීමේ හැකියාවක් නිත්තවෙල කලාපරපුරට හිමිව තිබූ බව ය. ගුණයාගේ නැටුම් නැරඹූ මුල්ක් රාජ් ආනන්ද් නම් මහා භාරතීය ලේඛකයා ද ඔහුට උපදෙස් දෙමින් තමන් උගත් උඩරට නැටුම් වඩ වඩා දියුණු කර ගන්නවා මිස ඉන්දියාවේ වේවා අනෙක් කවර රටෙක වේවා නැටුම් සමඟ මිශ්‍ර කර නො ගත යුතු බව ය.

ලංකාදීප පත්‍රයෙන් “කලා ගුරු” උපහාර නාමය ඔහුට පිරිනැමුණේ 1958 නිදහස් දිනය නිමිත්තෙනි. 1957 ලෝකයේ රටවල් හතළිස් හයක් පරාජය කරමින් රුසියාවේදී හිමිකර ගත් රන් පදක්කම දිනා ලංකාවට එන අතරේ කොළඹ වරායේ දී ඔහුගේ ආභරණ පෙට්ටිය හොරුන් විසින් කැඩීම නිසා සම්මානනීය රන් පදක්කම ද අහිමි වූ බවට එවකට පැතිර ගිය ආරංචියක් බව “දවස” පුවත්පතේ ලේඛක උලපනේ ගුණසේකර වාර්තා කොට තිබුණි.

ගුණයා මහතාගේ ජීවිතයට අභාග්‍ය සම්පන්න කාලය උදා වූයේ ඔහුගේ බිරිය සොඳිනා මිය ගිය නිසාය; ඒ 1975 වසරේ ය. ‘සොඳිනා’ ගැන කතා කරන හැම මොහොතක ම ඔහු කුඩා දරුවකු මෙන් ඉකි බිඳිමින් ඇඬූ වාර අනන්ත ය; අප්‍රමාණ ය.

“මම දළදා පෙරහරට පණ වගෙ ආදරෙයි. මට මේ අවුරුද්දේ විතරයි පෙරහරේ නටන්න බැරි වුණේ. සොඳිනාගෙ අවමංගල්ලෙ හින්දා. ඊටත් වඩා මේ ඇහැ පේන්නෙම නැහැ. ලොකු දොස්තර මහත්තයා පොරොන්දු වෙලා තියෙනවා ඇහැක් දාල දෙනවා කියලා.” ගුණයා මහතා සිළුමිණ චිත්‍ර ශිල්පී හේමපාලට කියූ කතාව 1975 ‘සිළුමිණ’ ට ලියා තිබුණි.

“ගුණයා කොතන නැටුවත් දෝත පාලා යමක් ඉල්ලන්න එපා. තත්ත්වෙ ආරක්ෂා කර ගනින්”

රත්වත්තේ මහා අධිකාරම් ඔහුට දුන් අවවාදය ගුණයා මහතා අකුරට පිළිපැද්දේ “අද වනතුරු මම කාටවත් අතපාලා යමක් ඉල්ලා ගෙන නැතැයි” උදාරම් ලීලාවෙන්, ලියුම්කරුට කියා ඇත.

ගුණයාගේ අවසාන කාල පරිච්ඡේදයේ ඔහු ගොවියකු ලෙසින් ම ජීවත් වී ඇත. නැටුම් කලාවෙන් විශ්‍රාම ගත් හෙතෙම ගොවිතැනින් ජීවිතය ගැටගසා‍ ගෙන තිබේ. ඔහුගේ අනූපමය සේවය අගය කොට 1975 එවකට රජය විසින් ජනාධිපති සම්මානය පිරිනැමුවේය. 1975 සැප්තැම්බර් 14 වෙනිදා ශ්‍රී ලංකා සාහිත්‍ය දිනය වෙනුවෙන් ගාල්ලේ නගර සභා‍වේ දී ශ්‍රී ලංකා ජනාධිපති විලියම් ගොපල්ලව මහතා විසින් “ජනාධිපති සම්මානය” හා රුපියල් පන්දාහක මුදල් ත්‍යාගය ද පිරිනමා ඇති බව පුවත්පත් වාර්තා කර තිබුණි. එක් පත්‍රයක වාර්තා කර තිබුණේ ජනාධිපති සම්මානය 1973 දී කොළඹ නව රඟහ‍ෙල් පැවති උත්සවයක දී බව ය. එදා ලැබුණු එම ජනාධිපති සම්මානයෙන් උඩඟු නොවී, වෙනත් කලාකරුවන් අනුගමනය නොකරමින් ඔහු එදා සවස පැවති වැස්සේ ම බස් රථයකට නැඟීම පිණිස තෙමි තෙමී ගමන් කළ බව ය.

1975 වසරේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් ගුණයා කලාකරුවා වෙනුවෙන් අරමුදලක් පිහිටුවා ඇත. මේ අරමුදල මඟින් රුපියල් 80,000 ක් ඔහුට ලබා දීමෙන් ශ්‍රී ලංකාවට අත්කර දුන් කීර්තියට ප්‍රණාම පිදූ බව ‘දවස’ මාධ්‍යවේදි සිරිසෝම හෙට්ටිආරච්චි ලියා තිබූ අතර ගුණයා නම් මේ ශ්‍රේෂ්ඨ කලාකරුවා භූමිතෙල් කුප්පියක් පෙරළීමෙන් ඇඳිවතට ගිනි ඇවිළීමෙන් මිය ගිය පුවත ද වාර්තා කොට තිබුණි. ඔහු මිය ගියේ 1979 දෙසැම්බර් 23 වැනිදා ය.




අපි දැන් එමු කිරුළ මුතු ලිහී ගීතයේ තේරුම කොහොමද කියලා බලන්න .


කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි

රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි


ගායනය - ජානක වික්‍රමසිංහ
සංගීතය - එච්.එම්.ජයවර්ධන
පද - රත්න ශ්‍රී විජේසිංහ







කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

මෙතන කිරුළ කියලා කියන්නේ උඩරට නැටුම් ශිල්පියාගේ හිස පළඳන කොටසට . me කොටසේ තියෙනවා නටනකොට සෙලවෙන පෙති වගේ කොටස් . ඒවගේම තමයි me ඇඳුමේ තියෙනවා මුතු ඇට සැරසිලි කරලා . නර්තන ශිලිපියාගේ නර්තන කලාවේ අවසානය ආසන්න වෙනකොට කිරුළේ මුතු ඇට ගැලවෙනවා වගේ ඇස්වලින් කඳුළු එන තරමට ජීවිතය දුක්බර වෙනවා .
සුළු මැදුම් දෙතිත කියලා කියන්නේ නර්තන කලාවේ තියෙන තාල බෙදීමේ එක් කාණ්ඩයක් . සුළු තනි තිත , මැදුම් තනි තිත , මහ තනි තිත . ඒ කියන්නේ මාත්‍රා 2 , 3 , 4 ගානේ ගණන් කරන ආකාර වලට . මාත්‍රා 2 /3 / 2 / 3 තියෙන ආකාරයට තමයි සුළු මැදුම් දෙතිත කියලා කියන්නේ . ඒ කියන්නේ තනි තිත් දෙකක් එකතුවෙලා දෙතිතක් හැදෙනවා කියන ඒකට . තවත් සරලව කියනවා නම් මාත්‍රා දෙකේ තනි තිත සහ මාත්‍රා තුනේ තනි තිත එකතු වෙලා සුළු මැදුම් දෙතිත ඇතිවෙනවා .
වයස නිසා මේ ශිල්පියාට තමන්ගේ නර්තනයේ තියෙන තාලය අනුව නටන්න නොහැකි වෙනවා . ඒ කියන්නේ තාලය පැටලෙනවා . ගිගිරි කියලා කියන්නේ නටනකොට කකුල් වලට දාන ආභරණයක් . මේ ආභරණයේ නියම හඬ එන්න නම් කකුල හොඳ ජවයක් ඇතුව නියම තාලයට බිම තියන්න ඕන . ඒත් වයස නිසා කකුල් දුර්වල වෙලා . ඒ නිසා ශිල්පියාට ගිගිරි සෙලවෙන්න පාදය තියන්න බැහැ . ඒ කියන්නේ ඇවිදින්නෙත් අමාරුවෙන් . ගිගිරි වැළපෙනවා කියලා රචකයා කියන්නේ me ගිගිරිවල නියම සද්දය උත්පාදනය වෙන්නේ නැති එකට . වක්‍රාකාරව ශිල්පියාගේ දුර්වල බව මේකෙන් කියවෙනවා .
ඒ නිසා සම්පූර්ණයෙන්ම බලනකොට පේන්නේ මේ ශිල්පියා නටනවා නෙවෙයි , ශිල්පියාගේ පාද වෙව්ලනවා වගේ තත්වයක් . ඒ නිසා ගීතයේ ස්ථායි කොටසෙන් කියවෙන්නේ ශිල්පියාගේ වයස නිසා දුර්වල වීම හේතුවෙන් ශිල්පියාගේ කලා ජීවිතය අභාවයට යන බවක් .


දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි


දිළිසෙනා සේම කරළිය දිලෙන්නේ නැති . ඒ කියන්නේ නර්තන ශිල්පියෙකුගේ පසුබිම වගේ එතුමාගේ ජීවිතය අලංකාරවත් වෙන්නේ නැහැ කියලා . ඒවගේ ආභරණ සැරසිලි නටන වෙලාවේ විතරක් තිබුණට me ශිල්පීන්ට තමන්ගේ ජීවිතයේ ඒවගේ අලංකාර කරගන්න අමාරුයි . මොකද ඒ කාලේ ඒවගේ අයගේ ආදායම ඉතාම අඩු නිසා . කොච්චර රටේ නම් දරාපු කෙනෙක් වුණත් අවසානයේ වෙන්නේ මේ තත්වයම තමයි . මොකද කලාවම ජීවිතය කරගත්තම මුදල් හදල් උපයා ගැනීම ඔවුන්ට මගහැරෙනවා . ඒ නිසා තමයි කියන්නේ ලක්ෂ්මී ඉස්සරහා දොරෙන් එනකොට සරස්වතී පෑළ දොරෙන් පැනලා දුවනවා කියලා .
උඩරට නැටුම්වල සාමාන්‍යයෙන් වන්නම් තානම් අඩවූ කස්තිරම් වගේ විවිධ කොටස් තියෙනවා . මේවා තමයි නර්තනයේ තියෙන අලංකාර කොටස් . මේවා වගේ ශිල්පියාගේ ජීවිතයත් ගායනාවක් වගේ ලස්සනට ගලාගෙන යාමක් වෙන්නේ නැහැ .
හනුමා වන්නමේ කියවෙනවා ගිරෙන් ගිරට පැන ලැගුම් සොයා පුබුදමින් අරුණකල මා ගොර කියලා . ඒත් නර්තන ශිලිපියෙක්ට මේ වන්නම කොච්චර හොඳට නැටුවත් , තමන්ගේ ප්‍රායෝගික ජීවිතයේ මේ නැටුම නටන්න වෙන්නේ නැහැ . ඒ කියන්නේ කන්දෙන් කන්දට පැන පැන ජීවිතේ ඉහළම තැනක ඉන්න ලැබෙන්නේ නැහැ . කන්දක් වගේම පල්ලමක් තියෙනවා . ආයෙත් කන්දක් නැගලා තමයි මුදුනකට යන්න වෙන්නේ . ඒ නිසා ජීවිතය ඉතාම දුෂ්කරයි .


රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි


ගීතයේ දෙවෙනි අන්තරා කොටසේ කියවෙන්නේ නර්තන ශිල්පියෙක්ට අවසානයේ ආර්ථික වශයෙන් මොකද වෙන්නේ කියලා . රඟ මෙන් බහිනවිට ගෙයි සන්තකව ඇති . නළල් පට මාල හත්පට සින්න වී ඇති . රඟ බිමෙන් බහිනවිට කියලා කියන්නේ තරුණ කාලේ නර්තනය හොඳින් කරලා වියපත් වෙනකොට නර්තනය අවසන් කරලා ජීවිතය ඇදගෙන යන්න කිසිවක් ඉතුරුවෙලා නැහැ කියලා . ඒ නිසා තමන්ගේ නර්තන ආභරණ සහ වෙස් තට්ටුවේ කොටස් පවා උකස් කරලා මුදල් හොයාගෙන ජීවත් වෙන්න වෙනවා . සකියණි රිදී කාසි සොලවන්නට බෙර පදය මදි . ඒ නිසා රචකයා අවසානයේ එක පේළියකින් කළා කරුවෙක්ගේ ජීවිතය සාරාංශගත කරනවා . ඒ තමයි මුදල් උපයන්න නම් කලාව විතරක් මදි කියලා .

ගීතයේ තේරුම බැලුවාම ඉතාම ප්‍රායෝගික තේරුමක් තියෙන්නේ . මේ ගීතය ලියන්න පාදක වුණු අවස්තාව ගැන රත්න ශ්‍රී මහත්මයා එක් අවස්තාවක දී විස්තර කරනවා .

දවසක් කොළඹ තිබුණා උපහාර උත්සවයක් . මේ උපහාර උත්සවය සංවිධානය කරලා තිබුණේ ඒ වෙනකොට ජීවිත්වුණු ඉතාමත් වියපත් නර්තන ශිල්පියෙක්ට උපහාර දක්වන්න . මේ උපහාර උළෙලට උපහාර ගීතය රචනා කරලා තියෙන්නේ රත්නශ්‍රී මහත්මයා . ඉතින් ඔන්න උපහාර උළෙල තියලා මේ නර්තන ශිල්පියාට අඩි හතරක් පහක් උස සම්මානයක් දීලා තියෙනවා . උත්සවය අවසන් වුණා .

ඊට පස්සේ ආරාධිත අමුත්තන් සියල්ලම ගියාට පස්සේ රත්නශ්‍රී මහත්මයා දකිනවා මේ නර්තන ශිල්පියා තමන්ට ලැබුණු අඩි ගානක් උස සම්මානයත් කිහිල්ලේ ගන්වාගෙන වැස්සේ තෙමි තෙමී බස් එකක් එනකල් බලාගෙන ඉන්නවා . මෙන්න මේ අවස්තාව තමයි මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ . ගීතයේ කියවෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි . නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ ගැන . ගීතයේ තේරුම මම උපුටාගත් සිළුමිණ පත්තරේ ගිය ලිපිය එක්ක ගළපලා බලන්න . එතුමාට වුණෙත් මේ ගීතය තුල තියෙන අදහසම නේද කියලා .

මේ ගීතයේ සංගීතය නැටුමක් වගේම ඉතාම සංයමයක් ඇතුව නිර්මාණය කරලා තියෙනවා . එච් එම් ජයවර්ධන මහත්මයා තමන්ගේ හැකියාවන්වල තියෙන උපරිම ම දායකත්වය මේ ගීතයට ලබා දීලා තියෙනවා .




ගීතයේ ආරම්භක වාදන කොටස ගැන අපි අවධානය දෙමු . තේමා වාදනය ආරම්භ වෙන්නේ සිතාර් එකක් සහ ගිටාර් එකකින් වාදනය වෙන වාදන කොටසකින් . මේ වාදනයේ සංගීතවත් බව වැඩියෙන්ම ඇඟට දැනෙන්නේ ගීතය පුරාවටම වාදනය කෙරෙන ඒවගේම මේ තේමා වාදන කොටසේත් වාදනය කෙරෙන බේස් ගිටාර් වාදනයෙන් . ඊට පස්සේ වාදනය වෙනවා හොරනෑවක් වගේ හඬක් තියෙන වාදන භාණ්ඩයක් . ඕබෝ එකක හඬක් වගේ තමයි මට ඇහෙන්නේ . ඒ එක්කම බටනලාවකුත් ඒ වාදන කොටසම වාදනය කෙරෙනවා .

ගීතයේ තාලය වාදනය කෙරෙන්නේ තබ්ලාවකින් සහ උඩක්කියක් ආධාරයෙන් . ඊට අමතරව හයිහැට් එකකුත් වාදනය කෙරෙනවා . රබානක හඬක් ඇතිවෙන්නේ තබලාවේ බාර් එක ; ඒ කියන්නේ ලොකු කොටසට රබානකට තට්ටු කරනවා වගේ තට්ටු කිරීමෙන් .

ගීතයේ වඩාත් පැහැදිලි ගිටාර් වාදනයක් යනවා ගීතයේ ඇතුළෙන් . ඒ වාදනය නිසා ගීතයේ හැඟුම්බර කොටස් වැඩියෙන් ශ්‍රාවකයාගේ ඇඟට දැනෙනවා . මම මේ ගීතයේ වඩාත් කැමතිම කොටස් වෙන්නේ නටනවා නොවෙයි වැහැරුණු , සකියෙනි රිදී කාසි සොලවන්නට , කියන කොටස් . ඒවගේම තමයි ගීතයේ තේමා වාදනයේ තියෙන හොරනෑ හඬ ටත් මම වැඩියෙන්ම කැමැත්තක් දක්වනවා . මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවලා රෑ වෙලාවක සද්ද බද්ද නැති වුණාම හෙඩ් සෙට් එකක් ආධාර කරගෙන මේ ගීතය අහන්න . වෙනදාට වඩා වැඩියෙන් මේ ගීතය ඇඟට දැනෙයි .

තවත් ලිපියකින් හමුවෙමු !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


මේ ලිපිය ලියන්න කියලා මුලින්ම අදහසක් ආවේ දැනට ටිකක් කාලයකට කලින් . ඒත් ගීතය නම් අහන්න ලැබිලා ගොඩක් කල් වෙනවා . මේ ගීතය අහන්න ගත්තේ...