අතීත සැමරුම් මත ගොඩනගන ලද රත්නපුර ඔරලෝසු කණුව



පොඩිකාලේ රත්නපුරේ ටවුන් එකට එනවා කියලා ආව මුල්ම මතකය තියෙන්නේ මොන්ටිසෝරි ආපු කාලේ . ඒ කාලේ අපේ තාත්තා සමහර වෙලාවට මාව ඇඳුම් සෙල්ලම්බඩු පොත් අරන්දෙන්න මොන්ටිසෝරි ඉවර උනාම ටවුන් එකේ එක එක කඩවල් වලට එක්ක යනවා . ඒ යනකොට මම ආසාවටවත් බලන්නේ නැතුව බලෙන්ම මූණ හංගගත්ත දෙයක් තමයි මේ රත්නපුරේ ඔරලෝසු කණුව කියන්නේ . ඒ කාලේ උස දේවල් බලන්න හරිම බයක් තිබුණා . හිහ් හිහ් හිහ් .

හැබැයි මේ ඔරලෝසු කණුවේ 1914 කියන අවුරුද්ද සටහන් කරලා තියෙනවා . ඒ දිහා නම් ඉඳලා හිටලා බලනවා . මොකද ඒ අපේ ආච්චි අම්මාගේ උපන් අවුරුද්ද නිසා . ඉතින් අද කියන්න යන්නේ රත්නපුරේ ඔරලෝසු කණුවේ ඉතිහාස කතාව ගැන . ගොඩක් ලොකු විස්තරයක් නෙවෙයි . ඒත් රත්නපුරේ අය හැටියට රත්නපුරේට එන අයට මේගැන කියලා දෙන එක අපේ යුතුකමක් නෙව . නේද මෙයාලා ? . දවසක් කැලණිය කැම්පස් එකේ ඉතිහාසය ඩිග්රියක් කරන අයියා කෙනෙක්ට මේක උඩට නගින්න ඕන වෙලා අපේ ගෙදර කෙනෙක් තමයි නාගරික කොමසාරිස් තුමාට කතා කරලා අවස්ථාව අරන් දුන්නේ . ඒ කාලේ තමයි මටත් මේ ගැන විස්තර හොයන්න ඕනා උනේ . ඔන්න එහෙනම් අහගන්නකෝ .

1914 - 1918 කාලේ තමයි පළවෙනි ලෝක යුද්ධය ඇතිවෙන්නේ . මේ යුද්ධයෙන් දෙපැත්තට බෙදිලා කෙලගත්තේ මිත්‍ර පක්ෂය විදියට හඳුන්වන එංගලන්තය ප්‍රධාන වෙච්ච කණ්ඩායමත් සමග ජර්මනිය ප්‍රධාන වෙච්ච මධ්‍ය පක්ෂයත් කියන කණ්ඩායම් දෙක . ඉතින් මෙයාලා එක එක ආතල් ප්‍රශ්න වලට කෙලගත්තට මොකද මේ යුද්ධ වලින් ඒ ඒ ජාතින් විශාල ප්‍රමාණයක් මිය ගියා . ඔන්න ලංකාවත් මේ කාලේ බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් . ඉතින් ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය ජාතිකයින් පවා මේ යුද්ධයට එක්ක ගියා .

රත්නපුරේ තිබුණා ලෝකල් බ්‍රෝඩ් සභාව කියලා සභාවක් . හරියට නිකන් නගර සභාව වගේම තමයි . මේකේ හිටියා වැඩ පරීක්ෂක කෙනෙක් ඩබ්ලිව් ඊ ස්පෙලොල්වින්ඩ් කියලා . මෙයා ඇතුළුව බ්‍රිතාන්‍ය ජාතික කණ්ඩායමක්  රත්නපුරෙන් සහභාගී උනා යුද්ධයට සහය වෙන්න යන්න . ඉතින් රත්නපුරෙන් ආව මෙයාලයි තව වෙනත් පැතිවලින් ආව කස්ටියයි දැන් නැවක නැගලා යනවා යුද්ධ කරන්න .

මේ නැවට ඒඩ්න් කියන ප්‍රදේශයේදී සතුරු නැවකින් ප්‍රහාරයක් එල්ල වෙනවා . ඉතින් නැව විනාශ වෙලා තියෙන නිසා ඒ ප්‍රහාරයෙන් බේරුණ ස්පෙලොල්වින්ඩ් කියන කෙනා ජීවිතාරක්ෂක බෝට්ටුවක එල්ලිලා ගොඩ එන්න ට්‍රයි කළා . ඒත් මෙයාට මතක් උනා ප්‍රහාරයට ලක්වෙච්ච නැවේ මෙයාගේ සිගරට් පෙට්ටිය තිබ්බා කියලා , පස්සේ මෙයා යනවා නැවට ආයෙත් සිගරට් පෙට්ටිය ගන්න . ඉතින් මොකද වෙන්නේ මෙයාටත් වෙඩි පාරක් වැදිලා මෙයත් මැරෙනවා .

ඔහොම ඔහොම කොහොම හරි ගණන් බලනකොට රත්නපුරෙන් ගියපු විසිදෙදෙනෙක් මියගිහිල්ලා . මේ නිසා ලෝකල් බ්‍රෝඩ් සභාව තීරණය කළා මේ මිය ගිය නිලධාරීන් විසිදෙදෙනා වෙනුවෙන් රත්නපුර නගර මධ්‍යයේ ඔරලෝසු කණුවක් නිර්මාණය කරන්න .

ඔරලෝසු කණුව කොයි විදියටද හදන්නේ කියලා ප්ලෑන් එකක් හදන්න මෙයාලා තරඟයක් තිබ්බා . හොඳම ප්‍ලෑනට රුපියල් තුන්සීයක තෑග්ගක් දීලා තියෙනවා . ඔරලෝසු කණුවේ තියෙන ඔරලෝසුව අරගෙන තියෙන්නේ පවුම් 285කට එංගලන්තේ තියෙන ටයිම්ස් සප්ලයි කියන ආයතනයෙන් . මේ කාලේ ලෝකල් බ්‍රෝඩ් සභාවේ සභාපති වෙන්නේ එතකොට රත්නපුර හිටපු ආණ්ඩුවේ ඒජන්ත විදියට වැඩ කරපු ආර් බී බ්‍රවුනින්ග් කියන සුදු ජාතික නිලධාරියා . මෙයා තමයි මේ ඔරලෝසු කණුවේ වැඩ වලට මුල්තැන අරගෙන වැඩ කරලා තියෙන්නේ .

ඔරලෝසු කණුව වර්ෂ 1922 මාර්තු 17 වෙනිදා තමයි විවෘත කරලා තියෙන්නේ . වැඩේ කියන්නේ ඉස්සෙල්ලම ඔරලෝසු කණුව විවෘත කරනකොට යාන්ත්‍රික දෝෂයක් නිසා ඔරලෝසුව කැරකිලා තියෙන්නේ දකුණට නෙවෙයි . වමට . හඃ හඃ හඃ . නියමෙට තියෙන්න ඇති නේද . කෙසේ වෙතත් ඔරලෝසු කණුවේ බඳ කොටසේ ගහලා තියෙනවා 1914 - 1918 කියලා . ඒ කියන්නේ පළවෙනි ලෝක යුද්ධය වෙනුවෙන් මේක නිර්මාණය කළා කියන්න . තව සටහන් වෙලා තියෙනවා මෙන්න මෙහෙම ඉංගිරිස් වැකි කීපයක් .

1914-1918
THIS 
TOWER
WAS ERECTED
BY PUBLIC
SUBSCRIPTION
IN 
MEMORY
OF THE MEN FROM
THIS DISTRICT WHO LAID DOWN THEIR
LIVES IN THE GREAT WAR
1914 - 1918
AND WHE'E NAMES 
ARE RECORDED
THERE ON

Johnson, stewart
Laurbe, eric.U
Maitland. K.R
May, P.G
Pinder, A.H
Rodges,R.M
spelolwrinde, W.E
Stoner,C.A
Wheatly,R.R
Williams C.E
Hughes, E.T

Whittle,W
Butter,H.J
Carlisle,H.A
Dunlop,C
Fergusion,W
Grieson,W
Gilbert,C.J
Harvey,H.A
Hollend,R
Hart,H.J
Joachim,E.B

PRO RAGE ET PATRIA




එදා එහෙම මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයින් වෙනුවෙන් හදපු ඔරලෝසු කණුව අදත් රත්නපුරය බබළවමින් තියෙනවා . තව කියන්න ඕන දෙයක් තමයි මේ ඔරලෝසු කණුව නොතිබුණ කාලේ උනත් මේ හන්දිය ප්‍රසිද්ද හන්දියක් . හතරවටින්ම එන කරත්ත වාහන එහෙම ගමන් කරලා තියෙන්නේ මේ හන්දිය හරහා . ඒ වගේම මැණික් ව්‍යාපාරය කරන අය තමන්ගේ මැණික් වෙළදම් කරන්නත් මේ ඔරලෝසු කණුව පිහිටලා තියෙන තැන කිට්ටුවට ඇවිත් තියෙනවා . ඒ නිසාම එදා වගේම අදත් මේ ඔරලෝසු කණුව තියන කිට්ටුව මැණික් ව්‍යාපාරිකයෝ මැණික් ගන්න , විකුණන්න උදේ කාලයේ ඉන්නවා දකින්න පුළුවන් . 

පොඩිකාලේ රත්නපුරේ ටවුන් එකට එනවා කියලා ආව මුල්ම මතකය තියෙන්නේ මොන්ටිසෝරි ආපු කාලේ . ඒ කාලේ අපේ තාත්තා සමහර වෙලාවට මාව ඇඳුම් සෙල්ලම්බඩු ...

ශ්‍රී පාදස්ථානයේ රහස් සොයා ෂර්ලොක් හෝම්ස් ලංකාවට






මෙහි එන නම් ගම් සියල්ල නමට පමණක් මනඃ කල්පිත ය . 21වන සියවසේ සබරගමුව පළාතේ සිදුවූ සත්‍ය සිදුවීම් ආශ්‍රයෙනි



( කියවන්න කලින් මේක ප්ලේ කරන්න )

" අවදිවන්න වොට්සන් අවදිවන්න "

ශීත ඍතුව අවසන් වුවද ඇඟ කිලිපොලා යන මෙවැනි දිනයක හෝ හෝම්ස් මාහට බ්ලැන්කට්ටුව පොරවාගෙන ඒ තුලට වී ගුලිවී නිදාගන්නට ඉඩ දෙන්නේ නැත . එය ඔහුගේ ස්වභාවයයි . විටෙක මාහට සිතෙනුයේ මොහු භාවිතා කරනා මත්ද්‍රව්‍ය නිසා ඔහුට නින්ද යන්නේ නැත්දෝ කියාය .

පෙර දිනයන් වලදී ඔහුත් මාත් විසඳන ලද ගැටළු කෙතරම් භිය ජනක නීරස ඒවා වුවද එම සමහර අවස්ථා වලදී මා ක්‍රියා කරන ලද්දේ හෝම්ස්ට වඩා වියරු වැටුණු දඩයම් බල්ලෙකු පරිද්දෙනි .

එවැනි අවස්ථා වලදී නම් මෙම අවධි කිරීම සිදු කරන්නේ මම විසිනි . එහෙත් රාජකීය දන්ත වෛද්‍ය පීඨයේ ඉගෙනගන්නා කාලයේ සිටම කුමන වැඩ රාජකාරි යෙදුනද ප්‍රමාණවත් නින්දක් ලැබීම මාගේ දින චරියාවේ කොටසක් විය . හෝම්ස් දැන් මා අවදි කරවන්නේ මාගේ තෘප්තිමත් නින්ද පිළිබඳව කිසිවක් නොදැන බව මා හොඳාකාරවම දනිමි .

" මට තව ටිකක් නිදාගන්න ඉඩ දෙන්න හෝම්ස් . අද හරිම සීතල දවසක් . මේ වගේ නිදාගන්න ලැබෙන්නේ කාලෙකින් . ඔබට මගෙන් යම්කිසි කටයුත්තක් ඉටුවීමට අවශ්‍යනම් ඔබට තිබුණේ මාගේ නින්ද කඩන්නේ නැතිව මා අවදිවනතුරු බලා සිටින්නයි .

සුප්‍රසිද්ද රහස් පරීක්ෂකයෙක් වන ඔබට අමතක උනා එහෙනම් මගෙ එලාම් ඔරලෝසුවේ වේලාව සටහන් කර තිබෙන්නේ කීයටද කියා බලන්නට . එහෙම නේද රහස් පරීක්ෂක තුමා . හරියටම තව පැය භාගයකින් මා අවදිවන්න තමයි සූදානමින් සිටියේ .  කමක් නැහැ හෝම්ස් දැන් ඔබ මගෙ නින්ද කැඩුවේ ඇයි කියලා කියන්න බලන්න "





" විකාර කතා කියන්න එපා වොට්සන් . අද හරිම වැදගත් දවසක් . අද බේකර් වීදියට පය තියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න අතිදක්ෂ මහාචාර්ය වරයෙක් . ඔහු සියලුම විද්‍යාවන් සහ අවිද්‍යාවන් පිළිබඳව පරතෙරට උගත් මහාචාර්ය වරයෙක් . පෙරේදා ඔහු මට දුරකථන ඇමතුමක් ලබා ගත්තා හදිස්සියේම මා හමුවන්නට ලන්ඩන් වලට එන වග කියමින් . ඔබත් එන්න ඕන වොට්සන් ඔහු සමග කරන සාකච්චාවට . මට ඔහු පැවසු ආකාරයට ඔහු බේකර් වීදියට එන්නෙ අපෙන් ලොකු සේවාවක් ලබාගන්න "

" මට ඔය මොන මහාචාර්යවරයා ආවත් මගෙ නින්ද වටිනවා හෝම්ස් "

හෝම්ස් එවිට සිනාසුනා පමණි . කෙසේ හෝ මහාචාර්ය වයලීනෝ යනුවෙන් හැඳින්වෙන්නේ ලංකාවේ ජීවත්වන එංගලන්තය ඇමරිකාව ඉතාලිය රුසියාව ප්‍රංශය ආදී යුරෝපා රටවල් මෙන්ම ජපානය චීනය අරාබිය වැනි පෙරදිග රටවල් පවා මහත් අභිමානයෙන් යුතුව කියවනු ලබන හස්තිනාපුර සහ අති පණ්ඩිත සිංදුවා මහාචාර්ය තුමාගේ මියැසියේ රසකතා බ්ලොග් අඩවියේ සාඩම්බර කතෘතුමාය .

ඔහු හෝම්ස් හමුවීමට මෙහි පැමිණෙන්නේ වැදගත් කරුණකට විය යුතුය . එබැවින් ඔහු උණුසුම්ව පිළිගැනීම හෝම්ස්ට මෙන්ම මටද වැදගත් කාරණයකි . මම බ්ලැන්කට්ටුව පසෙකලා ඇඳෙන් බැස කවදත් හෝම්ස් සහ විශේෂ අමුත්තන් හමුවන ඉදිරිපස සාලයට ගියෙමි .





" තව කොපමණ වෙලා තියෙනවාද හෝම්ස් , මහාචාර්ය තුමා පැමිණෙන්න "

" මට ඒ ගැන නිශ්චිතවම කියන්න බැහැ වොට්සන් . ලංකාවේ මත්තල කියන ගුවන්තොටුපලෙන් තමයි එතුමා ගුවන් යානයට නගිනවා කියලා කිව්වේ . ඒත් මත්තල ගුවන් තොටුපල අසල මොණරුන් ඉගිලෙන නිසා සමහර අවස්ථාවලදී ගුවන් මාර්ග අවහිර වෙනවා . වර්ණ සංඥා එළි අසල ගුවන් යානා නතර කරමින් මහාචාර්යතුමා රැගත් ගුවන් යානය එංගලන්තයට එනකොට සමහරවිට හවස් වෙන්නත් ඉඩ තියෙනවා වොට්සන් "

" හවස එන මනුස්සයා පිලිගන්නද හෝම්ස් ඔබ මාව මෙතරම් වේලාසනින් අවදි කලේ ? "

" නැහැ වොට්සන් අපිට අද රෑටම ලංකාවට යන්න සිද්ද වෙනවා කියලා මට විශ්වාසයි . මගෙ නිගමන වලට අනුව අද මහාචාර්ය තුමා එන්නෙ අප දෙදෙනා ලංකාවට කැඳවාගෙන යාමට බව මට තවදුරටත් විශ්වාසයි වොට්සන් "

" මේ වතාවේ මොකක් වෙන්න පුලුවන්ද හෝම්ස් ඔබ හිතන හැටියට ? "

" මේ මහාචාර්යතුමා මේ ළඟදි දිනයක ශ්‍රී ලංකාවේ තියෙන ශ්‍රී පාදස්ථානය කියන ස්ථානය ගැන ලිපි තුනක් ලියලා පල කරලා තියෙනවා . මම අනුමාන කරනවා එතුමා මේ එන්නේ ශ්‍රී පාදස්ථානයේ ඇතිවෙච්ච ගැටළුවක් නිරාකරණය කරගන්න කියලා . අපි බලමු මොකද වෙන්නේ කියලා වොට්සන් "

හෝම්ස්ගේ මුවින් පිටවන කෙල බින්දුවකද පැහැදිලි තේරුමක් ඇතිබව දාන්නා මා , හෝම්ස් එසේ කීමෙන් පසුව ලංකාවට ගොස් මාස කීපයක් ගත කිරීම සඳහා ඇඳුම් අසුරමින් මාගේ ගමන් මල්ල සූදානම් කලෙමි .





ටොක් ටොක් ටොක් ...............

දවල් දොළහ පසුවී විනාඩි තිහක් ගතවන්නට ඔන්න මෙන්න තිබියදී බේකර්වීදියේ හෝම්ස්ගේ නිවසේ දොරට කවුරුන් හෝ තට්ටු කරන ලදී .

" හෝම්ස් , මහාචාර්යතුමා විය යුතුයි ඒ දොර අසල සිටින්නේ "

" එහෙනම් ඔබ ගිහින් ඔහුව පිළිගන්න වොට්සන් "

මම එසැනින් ප්‍රධාන දොර අසලට ගොස් දොර විවෘත කලෙමි .

" ආයුබෝවන් මහත්මයා , මේ ඉන්නේ වොට්සන් දත් දොස්තර මහත්තයා වෙන්න ඕන . මම හරිද ? "

" ඔව් , ඔබතුමා මහාචාර්ය වයලීනෝ ? මමත් හරිද "

" හඃ හඃ හඃ ඔබත් හෝම්ස් මහත්මයාට දෙවෙනි නැහැ එහෙනම් . ඔව් මම තමයි මහාචාර්ය වයලීනෝ . ඔබව දැකීම සතුටක් . කියන්න , හෝම්ස් මහත්මයා අද නිවසේ ඉන්නවාද . මම ඔහුට අද මා එන වග කලින් දන්වලා තමයි මෙහි ආවේ "

" එන්න මහාචාර්ය තුමා , හෝම්ස් නිවසේ ඉන්නවා අද "

මා මහාචාර්යතුමා ඇතුලට කැඳවාගෙන එන විට හෝම්ස් තම පුටුවේ කකුලක් පිට කකුලක් දමා හිඳගෙන සිටියේය .

" බේකර් වීදියට සාදරයෙන් පිළිගන්නවා මහාචාර්ය තුමා "

" එහෙනම් ඔබ තමයි මා වසර ගණනාවක් තිස්සේ දකින්නට සිටි සුප්‍රසිද්ධ රහස් පරීක්ෂකතුමා "

" මිනිස්සු හැමවෙලේම ජීවත් වෙන්නේ ජීවිතය කියන පරීක්ෂණය කරමින් කියලා තමයි මා විශ්වාස කරන්නේ මහාචාර්ය තුමා . ඒ නිසා ඔබතුමත් පරීක්ෂකයෙක් වෙන්න පුළුවන් . කමක් නෑ , ඔබ තුමා හිතේ බොහොම කරදර ඇතිව ඉන්නවා කියලා මට පේනවා මහාචාර්ය තුමා . මොකද ඔබතුමාගේ සපත්තු දිහා බැලුවම මට පේනවා ඒවා සති දෙකකින් විතර ඔප දැමීමක් සිදු කරලා නැහැ .

ඔබතුමාගේ කබායේ බොත්තම් සියල්ලම හරියාකාරව දමා නැහැ . ගුවන්යානයේදී ඔබතුමාගේ කෑම පිඟානෙන් කෑම මොනවාහරි වැටිලා තියෙනවා කබාය මතට . ඒ කෑම වලට සෝස් බෝතලයකින් සෝස් වත්කරනකොට ඔබතුමා කල්පනාවෙන් නෙවෙයි වත්කරලා තියෙන්නේ . ඒ නිසා කෑම එකට සෝස් වැඩිපුර වැටිලා තියෙනවා . ඒ සෝස් තමයි ඔබතුමාගේ කබායේ දකුණුපැත්තේ පහල කෙලවරේ ගෑවිලා තියෙන්නේ . මම හරිද මහාචාර්ය තුමා ? "





" ඔබ සීයට දෙසීයක් නිවැරදියි හෝම්ස් මහත්මයා "

" ඔබතුමා මත්තල ගුවන් තොටුපළෙන් තමයි ගුවන් යානයට ගොඩවුනේ . ඒ ඇයි කියනවනම් ඒ වගේ සෝස් බෝතල් දෙන්නේ මත්තල තියෙන ගුවන් යානා වලින් . මට විශ්වාසයි ඔබතුමාට දෙතුන්වතාවක්ම ගුවන් සේවිකාවන් අමතන්න සිදු වුණා කියලා "

" ඔබ හරි අපූරුවට නිගමන වලට එළඹෙනවා හෝම්ස් මහත්මයා "

" ඔව් මහාචාර්ය තුමා එහෙනම් අපි කතා කරමු ඔබතුමාගේ ගැටළුව ගැන "

මේ කථාවට සවන් දෙන අතරතුරේ මම මහාචාර්යතුමාටත් හොම්ස්ටත් මටත් කොපි කෝප්ප තුනක් පිළියෙළකරගෙන ආවෙමි . කෝපි උගුරක් මුව තුලට ගත් මහාචාර්යතුමා එය ටිකෙන් ටික උගුරෙන් පහලට තල්ලු කරන අතරවාරයේ නිහඬ කල්පනාවකට යොමු වූ බවක් පෙනිණි . හදිස්සියේම ඔහු තම කටහඬ අවදි කළේය .

" හෝම්ස් මහත්මයා , මම ඉන්නේ රත්නපුරේ . රත්නපුරේ තියෙනවා සමනල කන්ද කියලා කන්දක් "

" ඔව් මහාචාර්යතුමා මම දන්නවා . ඒ කන්දේ ඔබතුමන්ලා වන්දනා කරන බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ලාන්චනය පිහිටවලා තියෙනවා කියලා මම දන්නවා . ඒ ගැන සියලු විස්තර මම ඔබතුමාගේ හස්තිනාපුර බ්ලොග් එකේ තිබිලා කියෙව්වා , ඉතින් ඔබතුමාගේ ප්‍රශ්නය කියනවනම් අපේ කාලය ඉතුරු කරගන්න පුළුවන් "

" බොහොම අගෙයි හෝම්ස් මහත්මයා . ඒ ශ්‍රී පාදස්ථානයේ තිබෙනවා අතීත රජවරු පූජා කරපු දොළොස් මහේ පහන කියලා පහනක් . තවත් ගන්ටාරයක් . මේ ස්ථානයට ලැබෙනවා ලොකු ආදායමක් . ඒත් අදවෙනකොට මේ සියල්ලම උඩු යටිකුරු වෙලා ගිහින් හෝම්ස් මහත්මයා . ඒ පහන රත්තරන් පහනක් . ඒත් අද තියෙන්නේ කළුගල් වලින් හදපු පහනක් . ගන්ටාරයත් වෙනස් කරලා .

ශ්‍රී පාදස්ථාන අරමුදල කියන ගිණුමට දැන් මුදල් එකතුවෙන්නේ නැහැ . ඒ බැංකු ගිණුමට මුදල් ඇතුල් කරලා නැහැ කාලෙකින් . මට ඔබතුමාගේ උදවු ඕන හෝම්ස් මහත්මයා මේ වෙන්නේ මොකක්ද කියලා හොයලා බලන්න . මම ආවේ ඔබලා දෙදෙනාව ලංකාවට එක්ක යන්න හෝම්ස් මහත්මයා . දැන් ශ්‍රී ලංකාවේ යහ පාලනයක් තියෙන නිසා වැඩිය බය වෙන්න උවමනා කරන්නෙත් නැහැ "

" හොඳයි . අපි අදම යමු ලංකාවට . වොට්සන් මගෙ රිවෝල්වරයට උණ්ඩ පුරවලා තියාගන්න . මගෙ අන්වීක්ෂය ඔබ රෝගීන්ගේ දත් පරීක්ෂා කරන්න යොදා ගත්තා . වහාම ඒ අන්වීක්ෂයත් රැගෙන යමු "





සියල්ල සූදානම් කරගෙන සිටි හෙයින් හෝම්ස් හා මා මහාචාර්යතුමා සමග ලංකාවට යාම සඳහා පිටත් වූයේ එම සාකච්චාව සිදු කර පැයක් පමණ හෝ ගතවීමට මත්තෙනි . ගුවන් යානයේ යන අතරවාරයේ මහාචාර්යතුමා අප දෙදෙනා හට ශ්‍රී පාදස්ථානය පිළිබඳව සියලු විස්තර හෙළි කරන ලදී . ඒවා අපගේ පරීක්ෂණ වලට මහත් උදව්වක් වන බව කියමින් හෝම්ස් මහාචාර්යතුමාට ස්තූති කළේය . ලංකාවට පැමිණ අප ගොඩ බසින ලද්දේ මත්තල ගුවන් තොටුපලටය .

මත්තල සිට මහාචාර්යතුමාගේ නිවසට එන අතරතුර මත්තල ගුවන් තොටුපල අසල වනාන්තරයේ සිටි වල් අලින්ගෙන් අප තිදෙනා රැගත් කාරය පරෙස්සම් වී තිබුණේ අප තිදෙනා පෙර කරන ලද පිනක් හේතුවෙන් බව මම ඉඳුරාම විශ්වාස කලෙමි . එක් අවස්තාවක මහාචාර්ය තුමා අලියා ඉදිරියට පැන මොනවාදෝ මුමුණා දකුණු අත අලියා දෙසට දිගු කලේය .

" මහාචාර්යතුමා මරණය ඉල්ලනවා වගේ නේද වොට්සන් ? "
හෝම්ස් පැවසුයේ එසේය . නමුත් මහාචාර්යතුමා අලින් එළවීමට කුමක්හෝ අද්භූත බලවේගයක් පාවිච්චි කරන බව මටත් හෝම්ස්ටත් අවබෝධ වී තිබිණි .

මහාචාර්යතුමාගේ නිවස පිහිටියේ රත්නපුර නගරය ආශ්‍රිතවය . එතුමාගේ නිවසේ දින දෙකතුනක් නැවතී සිටි අප දෙදෙනා මෙම භාරදූර කටයුත්තට මුල පුරන ලදී . පසුව මාසයක් පමණ සියල්ල අධ්‍යනය කිරීමෙන් පසුව ශ්‍රී පාදස්ථානයේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳ සවිස්තරව මහාචාර්ය තුමා දැනුවත් කලේ හෝම්ස් විසිනි .

" මහාචාර්ය තුමා , ශ්‍රී පාදස්ථානයේ නායක හාමුදුරුවරුන් පිළිබඳව මමත් වොට්සනුත් දීර්ඝ අධ්‍යනයක යෙදුනා . එක කාලයකදී ශ්‍රී පාදස්ථානයට නායක වෙලා හිටියේ නැදුන් ගස් වලට ප්‍රසිද්ද විහාරයක හාමුදුරු කෙනෙක් . උන්නාන්සේ ඉන්න කාලේ පැල්මඩුල්ලේ විහාරයේ හිටියේ වෙන හාමුදුරු කෙනෙක් . මේ දෙනමට තමයි ශ්‍රී පාදස්ථානයේ මුදල් ලැබෙන්නේ .

මොකද ඔබතුමාගේ ලිපිවල තියෙනවා දැක්කා ශ්‍රී පාදස්ථානයට වගේම පැල්මඩුල්ල විහාරයටත් ශ්‍රී පාදස්ථානයේ වත්කම් අයිති වෙනවා කියලා . ඉතින් මමත් වොට්සනුත් දින ගණනක් ගම බිම් වල ඇවිදලා මේ ගැන කරුණු එකතු කළා . අපි දෙන්නා ශ්‍රී පාදස්ථානය , බැංකුව , සමන් දේවාලය , පැල්මඩුල්ල රජමහා විහාරය ආදී සෑම තැනකම සොයමින් තොරතුරු එකතු කළා .





ශ්‍රී පාදස්ථානයේ තිබෙන සුදු හඳුන් සමන් දේව පිළිමයේ තියෙනවා මිනිස්සු ගලවලා දාපු රත්තරන් මාල . දවසක් මමත් වොට්සනුත් ශ්‍රී පාදස්තාන්යේ සමන් දේවාලයේ කපු මහතා පිටවනතුරු බලා ඉඳලා මේ සමන් දේව ප්‍රතිමාව හොඳට නිරීක්ෂණය කළා . මේ පිළිමයේ තැනක තියෙනවා යම් පලුද්දක් . පිළිමයේ පිට ආශ්‍රිත බෙල්ල ප්‍රදේශයේ තියෙනවා සීරීම් ලකුණු . මේ රත්තරන් මාල හදිස්සියට ගලවන්න ගිහින් වෙච්ච පලුදු වීමක් . ඒ වගේම සමන් දේව ප්‍රතිමාව බිම වැටුණු ලකුණක් පේනවා .

මේගැන කටකතාවක් පැතිරිලා තියෙනවා රත්නපුරේ මිනිසුන් අතරේ , රත්නපුරයට 2003 අවුරුද්දේ මහා ගං වතුරක් ආවේ මෙන්න මේ දේව ප්‍රතිමාව බිම වැටීම නිසා සිදු වුන දේව ශාපයක් නිසා කියලා . මම හිතනවා මහාචාර්ය තුමා මේ කටකතාව සහ පිළිමයේ තියෙන පලුදු වීම් අතර සම්භන්ධයක් තියෙනවා කියලා .

" එහෙනම් හෝම්ස් මහත්මයා බෙල්ලේ සීරීම් තුවාල ඇතිවුනේ කොහොමද ? "

" මහාචාර්ය තුමා , මේ හාමුදුරුවරු දෙදෙනා දේව ප්‍රථිමාවේ තියෙන රත්තරන් මාල ගලවගන්න පොරකන වෙලාවක දේව ප්‍රතිමාව බිමට පෙරලුණා කියලා මම නිගමනය කරනවා . ඒවගේම තමයි ඒ මාලවල තියෙන සවිමත් බව නිසා ඒවා අදිනකොට කැඩෙන්නේ නැති නිසා දේව ප්‍රතිමාවෙ බෙල්ල ප්‍රදේශය සීරීමකට ලක් වෙලා තියෙනවා "

" හොඳයි හෝම්ස් මහත්මයා . එහෙනම් කියන්න බලන්න ශ්‍රී පාදස්ථාන අරමුදලට එකතු වෙන්න ඕන සල්ලි දැන් කොහෙද යන්නේ කියලා "

" මහාචාර්ය තුමා මම ශ්‍රී පාදස්ථානයේ ඉන්න නායක හාමුදුරු කෙනෙක්ව දැකබලාගත්තා දවසක් . එතුමා ගැන තොරතුරු විශාල ප්‍රමාණයක් එකතු කරගත්තා ඒ නිරීක්ෂණ වලින් . මේ හාමුදුරුවෝ කාලයක් එක්තරා පන්සලක ඇබිත්තයා විදියට ඉඳලා තියෙනවා . ඒ කාලයේ බොහොම ඇඟ පත වෙහෙසවලා වැඩ කරන්න පුළුවන් මේ හාමුදුරුවන්ට . පන්සල පහල තියෙන කුඹුරේ වී ගෝනි පවා කරගැහුවේ මේ හාමුදුරුවෝ අබිත්තයා වෙලා ඉන්න කාලේ .





හොඳ උස මහත ඇඟක් තියෙන නිසා ලී කොටන් උස්සන්න වගේ දේවල් පවා මුන්නැහේ කරලා තියෙනවා . ඒත් මේ හාමුදුරුවෝ වැඩිය බන දහම් ඉගෙනගෙන නැහැ . වැඩිපුරම ඉගෙනගෙන තියෙන්නේ පෞරාණික වෙදකම . කොටින්ම කියනවනම් මහාචාර්යතුමා , වොට්සන් විසින් කරපු පරීක්ෂණ වලින් අපිට හෙළි උනා මේ හාමුදුරුවන් සර්ප විෂ වෙදකම හොඳින් ඉගෙන ගෙන තියෙනවා කියලා .

එයින් පස්සේ මේ හාමුදුරුවෝ ඇබිත්ත කමෙන් අයින් වෙලා මහන වෙලා ඉඳලා තියෙන්නේ පැල්මඩුල්ල රජමහා විහාරයේ . ඒ කාලයේ මේ පන්සලේ හිටපු නායක හාමුදුරුවෝ තමයි හාල්දඬුවන හාමුදුරුවෝ . මේ හාමුදුරුවෝ ඔත්පල උනාට පස්සේ මේ මහන වෙච්ච කෙනා තමයි සේරම ඇප උපස්ථාන කරලා තියෙන්නේ . ඉතින් ඊට පස්සේ මේ විහාරයේ නායක කම ලැබෙන්නේ ඒ හාමුදුරුවන්ට .

පස්සේ කාලෙකදී මේ හාමුදුරුවන්ට තවත් තානාන්තර ලැබෙනවා . මෙහෙම විස්තර හොයනකොට මහාචාර්යතුමා අපේ වොට්සන්ට දැනගන්න ලැබුණා ඉතාම රසවත් කතා දෙකක් . මම නිගමනය කරන්නේ මහාචාර්යතුමා මේ හාමුදුරුවෝ තාමත් ගිහි ජීවිතෙන් මිදිලා නැහැ කියලා . දවසක් මේ හාමුදුරුවෝ කලිසම් කමිස ඇඳගෙන ගිහින් තියෙනවා නිවිතිගල දෑල කියන ගමට . ඒ ගිහින් තියෙන්නේ ජීව විද්‍යාව ප්‍රායෝගික පාඩම් මාලාවක් ඉගෙනගන්න .

හැබැයි මේ හාමුදුරුවන්ට ඒවා හොරෙන් කරගන්න අවස්තාව ලැබුණේ නැහැ . දවසක් එහෙම ගිහින් එනකොට ගමේ කෙනෙක්ට අතටම අහු වෙලා තියෙනවා හාමුදුරුවෝ ගිහි ඇඳුම් ඇඳගෙන තොප්පියකුත් දාගෙන එනවා . ඔහු අඳුරගෙන තියෙනවා මේ එන්නෙ ශ්‍රී පාදස්ථානයේ නායක හාමුරු කෙනෙක් තමයි කියලා . ඒ නිසා අපි තවදුරටත් විමර්ශනය කරනකොට තමයි දැනගත්තේ මහාචාර්ය තුමා , මේ හාමුදුරුවන්ට නිවිතිගල දෑල ප්‍රදේශයේ පවුල් කීපයක් ඉන්නවා කියලා . ඒ පවුල් වල ළමයිනුත් ඉන්නවා කියලා වාර්තා උනා .


ඔබතුමාට කියන්න මහාචාර්ය තුමා , මේ හාමුදුරුවන්ට තවත් පවුලක් තියෙනවා . ඒ පවුලේ ඉන්නවා ගෑණු ළමයි කීප දෙනෙක් . මේ ගෑණු ළමයි හාමුදුරුවන් ඉන්න රජමහා විහාරයේ වාර්ෂික පෙරහැරේ නර්තනයේ යෙදෙනවා . එක දවසක් ගමේ ජීවත්වෙන පුද්ගලයෙකුගේ අතටම අහුවෙලා තිබෙනවා මේ හාමුදුරුවෝ ඒ ගෙදරට කැවිලි පාර්සලයක් ගෙනත් දෙනවා . පස්සේ තවත් දේවල් එහෙම ගෙනත් දෙනවා කියලා වාර්ථා වෙනවා .

මට දැන් කියවලා මහන්සි නිසා මහාචාර්ය තුමා ඉතුරු ටික මම වොට්සන්ට කියන්න භාර දෙනවා "

අනතුරුව මම සොයාගත් කරුණු මහාචාර්ය වයලීනෝ ඉදිරියේ ඉදිරිපත් කලෙමි .

" මහාචාර්ය තුමා . මම මේ බැංකු ගිණුම් අභිරහස විසඳන්න ගොඩක් වෙලාවට කරේ බැංකු ගිණුම්වල අතීත වාර්තා සහ ස්ලිප් කඩදාසි විමර්ශනය කරලා බලපු එක . එක අවස්ථාවකදී මම මේ ස්ලිප් කඩදාසි රසායනික විශ්ලේෂණයට පවා භාජනය කරා . ලැසේන් නිස්සාරකය පිළියෙළ කරලා මේ ස්ලිප් වල කාබනික සංඝටක පවා වෙන් කරා . මේ කඩදාසිවල තිබුණ විස්තර වල හැටියට කාලයක් තිස්සේ ශ්‍රී පාද අරමුදල නමින් පවත්වාගෙන එන ගිණුමට ශ්‍රී පාදස්ථානයේ නායක හාමුදුරුවෝ මුදල් බැර කරලා තියෙනවා .

ඒත් පස්සේ කාලෙකදී එක නායක හාමුදුරු කෙනෙක් ඒ ගිණුමට මුදල් බැර කරලා නැහැ . ඒ වෙනුවට කරලා තියෙන්නේ උන්නාන්සේගේ නමට තියෙන ගිණුමකට මුදල් බැර කරපු එක . ඒ නිසා දැන් ඒ මුදල් පෞද්ගලික මුදලක් වගේ තමයි තැම්පත්වෙලා තියෙන්නේ "





" බොහොම අපූරුයි හෝම්ස් මහත්මයා බොහොම අපූරුයි වොට්සන් මහත්මයා . අර රත්තරන් පහන ගන්ටාරය ගැන මොනවද ඔබතුමන්ලා හොයාගත්තේ "

" ඒකගැන මුකුත් හොයාගන්න උනේ නැහැ මහාචාර්ය තුමා . මේ රටේ හිටපු රජ කෙනෙක් ඒවාට වග කියලා ඇති කියලා තමයි අපි විශ්වාස කරන්නේ . . ඒත් ඉදිරි කාලයේ ඒවාට මොකද උනේ කියලා දැනගන්න ලැබේවි කියලා වොට්සනුත් මමත් විශ්වාස කරනවා මහාචාර්ය තුමා "

" ඔබතුමන්ලාට මේ වෙනුවෙන් කොහොම ස්තූති කරන්නද මන්දා . වොට්සන් මහත්මයා , පොඩ්ඩකට ඔබතුමාගේ දුරකථනයේ නීල දන්තය ඔන් කරන්න . මම මගෙ එක්ස්පීරියා ඇල්  දුරකථනයෙන් ඔබතුමන්ලාගේ කථාව රෙකෝඩ් කරා . මම ඒක ඔබතුමන්ලාට නීල දන්ත කරන්නම් . එතකොට ඔබලාට පුළුවන් නැවතත් ඒක අහන්න "

" මහාචාර්ය තුමා මාරයිනේ "

" ඔවු හෝම්ස් මහත්මයා . මම මේගැන මගෙ හ්ස්තිනාපුර බ්ලොග් එකේ ලිපියක් ලියන්න තමයි ඉන්නේ "

" එහෙම ලියනවනම් මහාචාර්යතුමා අපිට කියන්න වෙන්නේත් , වෙනදා ඔබතුමා අපිට කියනවා වගේ "

ඔබටත් සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා කියලා තමයි 

මෙහි එන නම් ගම් සියල්ල නමට පමණක් මනඃ කල්පිත ය . 21වන සියවසේ සබරගමුව පළාතේ සිදුවූ සත්‍ය සිදුවීම් ආශ්‍රයෙනි ( කියවන්න කලින් මේක ප්...

ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇති වීම හා නැති වීම ( 3 )






කියවන අය පොඩ්ඩක් සමාවෙන්න ඕන . මේ දවස්වල වයලීනොට වැඩ ටිකක් වැඩි උනා . අලිගැන කරපු මගේ පුංචි පරීක්ෂණයේ රිපෝට් එක කැම්පස් එකට දෙන්න තිබුණා මේ සිකුරාදාට කලින් . තව ඉතින් කැම්පස් පටන් ගත්ත නිසා වැඩත් වැඩි උනා . දැන් අපි ජේෂ්ඨ උත්තමයන් නෙව .

ඒ ඔක්කොම නිසා බ්ලොග් පැත්තේ එන්නම බැරි උනා . මේ ලිපි ටයිප් කරලා තිබුනට ෆොටෝ කෑලි ටිකක් දාලා හැඩ වැඩ කරලා පබ්ලිෂ් කරන්න ඕන නිසා තමයි කාලය ගත වුනේ . 

දෙවෙනි පෝස්ට් එකෙන් මම කිව්වා ඔයාලට මතක ඇති ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ආයෙත් අපේ සබරගමුවට ලැබීම ගැන . අද ලිපියෙන් මම කියන්න යන්නේ නායක පදවිය විකාශනය වෙලා අද දක්වා ගමන් කරගෙන ආපු විදිය ගැන විස්තර ටිකක් . 


ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ගාල්ලේ මේධංකර හිමියන්ට ලැබුනට පස්සේ ව්‍යාකූල වෙලා තිබුණු ශ්‍රී පාදස්ථානයේ පරිපාලන කටයුතු ආයෙත් පිළිවෙලකට කරගෙන යන්න ඒ හිමියන් වැඩකටයුතු කළා .





ගාල්ලේ මේධංකර හාමුදුරුවෝ ධර්ම ශාස්ත්‍රීය සේවාව මනාව ඉෂ්ට කළා වගේම තමන්ගේ වගකීම් නොපිරිහෙලා ඉෂ්ට කළා . ඒ විතරක් නෙවෙයි ශ්‍රී පාදස්ථානයේ ආගමික පසුබිම එදා වගේම රැකගන්නත් උන්වහන්සේ වැඩ කටයුතු සිද්ද කළා .

මම දැන් සටහන් කරන්නම් ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය දරපු නායක ස්වාමීන් වහන්සේලාගේ නම් ලිස්ට් එක . ඒ ලිස්ට් ඒක අනුව අපිට තව මේ ගැන සාකච්චා කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා .


වේහැල්ලේ ධම්මදින්න හිමි
කඹුරුපිටියේ සඟිධර ගුණරතන හිමි
මාලිම්බඩ ධම්මධර හිමි
කුඩා කඹුරුපිටියේ හිමි 
කරතොට ධර්මාරාම
මොරතොට නායක හිමි  
කොබ්බෑකඩුවේ නායක හිමි
වැලිවිට නායක හිමි
ගම්මුල්ලේ නායක හිමි
ගාල්ලේ මේධංකර හිමි
ඉඳුරුවේ සුමංගල හිමි 
ගලගම අත්ථදස්සී හිමි
හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමි
පරගල සෝභිත හිමි
රඹුක්පොත පඤ්ඤාසාර හිමි
මොරන්තුඩුවේ ධම්මානන්ද හිමි
බටුගෙදර යසස්සී හිමි
හඳපාන්ගොඩ විමල හිමි
2012 වසරේ දි බෙන්ගමුවේ ශී‍්‍ර ධම්මදින්න හිමි මේ දක්වා 


මෙන්න මේ ස්වාමීන් වහන්සේලා පිලිවෙලින් අද දක්වා ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය දරමින් කටයුතු කරලා තියෙනවා . ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය එක්කම බැඳුනු පදවිය තමයි සබරගමුව ඇතුළු පහතරට සංඝ නායක පදවිය . මේ පදවි දෙකම එකම ස්වාමීන් වහන්සේ නමක් තමයි මුල ඉඳලා පවත්වාගෙන ආවේ . ඒත් පස්සේ කාලෙකදී මේ පදවි දෙක වෙන් උනා .

මේ නායක හිමිවරුන්ගේ ලිස්ට් එකේ වැඩ ඉන්නවා ඉඳුරුවේ සුමංගල කියලා නායක ස්වාමීන් වහන්සේ නමක් . මුන්වහන්සේට 1830 ජූලි 25 වෙනිදා තමයි රොබට් විල්මර්ට් හෝර්ටන් කියන ආණ්ඩුකාර තුමා සබරගමුව ඇතුළුව පහතරට සංඝ නායක පදවිය ලබා දුන්නේ .

ඊට පස්සේ 1836 සැප්තැම්බර් 17 වෙනිදා ශ්‍රී පාදස්ථානයේ නායක පදවියත් භාර දුන්නා . මේ ලබාදීම සිදු කෙරුනේ අක්ත පත්‍ර දෙකකින් . ඒකට හේතුව මොකක්ද කියල මම පොත් ගණනාවක හෙව්වා . ඒත් එකට හේතුව මොකක්ද කියලා හොයාගන්න ලැබුනේ නෑ . හැබැයි තනතුරු දෙක දීලා තිබුණේ එකට නෙවෙයි දෙපාරකට .

ඒකැ නිසා මම හිතන්නේ මෙතනින් තමයි මේ නායක පදවිය ද්වි කන්ඩනයට ලක් උනේ  කියලා . මේ ලිපි දෙකම පැල්මඩුල්ලේ විහාරයේ අදත් පරෙස්සමට තැම්පත් කරලා තියෙනවා . ගිහි පැවිදි සභාවක් මගින් සහ ආණ්ඩුවේ බලතල මත තීරණය අරගෙන ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය පත්කරන පිළිවෙල පටන් ගත්තේ මෙන්න මේ හෝර්ටන් ආණ්ඩුකාර තුමාගේ කාලයේ ඉඳලා තමයි . ඉතින් අද දක්වාම පැවත එන්නෙ එදා හෝර්ටන් පටන්ගත්ත ඒ ක්‍රමය .

ඉඳුරුවේ හාමුදුරුවන්ට පස්සේ ශ්‍රී පාදස්ථානයේ නායක කම ලැබෙන්නේ ගලගම අත්තදස්සී කියන හිමියන්ට . මේ හිමියන් ශ්‍රී පාදස්ථානයට විතරයි නායක උනේ . ඒ කියන්නේ එතනින් මේ තනතුර දෙකඩ උනා කියන එක . සියඹලාකටුවේ අත්තදස්සී කියන හාමුදුරුවන්ට සබරගමුව ඇතුළු පහතරට නායක පදවිය ලැබුණා .

සියඹලාකටුවේ හාමුදුරුවෝ වැඩහිටියේ ගල්පොත්තාවල විහාරයේ . ඉතින් ගලගම අත්තදස්සී හාමුදුරුවෝ ශ්‍රී පාදස්ථානයේ වගකීම් හරියට ඉෂ්ට කරන්නේ නැති විත්තිය දැනගෙන සියඹලාකටුවේ හාමුදුරවො ගල්පොත්තාවල විහාරයෙන් යන්න යනවා . ඒ යන්න යන්නේ ඇත්දළ කුට්ටමත් ගල්පොත්තාවල විහාරයේම දාලා .

මේ ගැන සංඝ සම්මේලනයකදී කතාවෙනවා  . ඊට පස්සේ සර් රිචර්ඩ් මෝර්ගන් කියන නීතිඥ වරයා මේ ගැන ආණ්ඩුවට දැන්වුවාට පස්සේ රත්නපුරයේ රැස් කරපු නායක හාමුදුරුවරු දහ දෙනෙකුගෙන් සමන්විත සංඝ සභාවක් මගින් ශ්‍රී පාදස්ථානයේ නායක කමෙන් ගලගම අත්තදස්සී හිමියන්ව ඉවත් කරනවා .

ඊට පස්සේ දිගටම නායක හිමිවරුන් පත්කරේ රජයේ බලයලත් නිලධාරීන් සහ නායක ස්වාමීන් වහන්සේලාගේ චන්දයෙන් වැඩිම චන්ද ගනු ලබන හිමිවරු . ඒත් නඩු තීන්දුවකින් තමයි හික්කඩුවේ සුමංගල හිමියන්ගේ නායක පදවිය ස්ථීර වෙන්නේ .

ඔහොම ඔහොම ඉතින් ශ්‍රී පාදස්ථානයේ නයක් පදවිය අද දක්වා විවිධ හල හැප්පීම් වලට ලක් උනත් පැවතගෙන එනවා . මට මතක අවසන් නායක හිමියන් හඳපාන්ගොඩ විමල නායක හිමියන් . ඒ කාලේ බෙංගමුවේ නායක හිමියන් තමයි සබරගමු පළාතේ නායක පදවිය දැරුවේ .

තවත් ලිපියකින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !







කියවන අය පොඩ්ඩක් සමාවෙන්න ඕන . මේ දවස්වල වයලීනොට වැඩ ටිකක් වැඩි උනා . අලිගැන කරපු මගේ පුංචි පරීක්ෂණයේ රිපෝට් එක කැම්පස් එකට දෙන්න තිබුණ...

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ - වාස්තු විද්‍යා සේවාවන්

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය හා සම්බන්ධ සේවාවන්


වැඩි විස්තර දැනගැනීම සඳහා image එක මත ක්ලික් කරන්න .













යන්ත්‍ර පැළඳවීම







වාස්තු විද්‍යා උපදේශන සේවය 





ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය හා සම්බන්ධ සේවාවන් වැඩි විස්තර දැනගැනීම සඳහා image එක මත ක්ලික් කරන්න . යන්ත්‍ර පැළඳවීම ...

ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇති වීම හා නැති වීම ( 2 )




ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ගැන මම කලින්ම ලිව්ව ලිපියේ අන්තිමට මම කිව්වා ඔයාලට මතක ඇති , රාජාධි රාජසිංහ රජතුමා කරතොට ධර්මාරාම හාමුදුරුවන් එක්ක තරහා වෙලා ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය මල්වතු විහාරයට භාර දුන්නා කියලා . ඉතින් අද ලිපියෙන් මම කියන්න යන්නේ ඒ නිළය ආයෙත් අපේ සබරගමුවට ලබාගන්න ක්‍රියා කරපු එක්නැළිගොඩ පරපුර ගැන වගේම ඒ නිළය සබරගමුවට ලබා දුන්න ආකාරය ගැන .

සබරගමුව මහ සමන් දේවාලයේ අතීත කතාව ගැන මතක් කරනවානම් , මේ දේවාලය නිර්මාණය කරේ දඹදෙණි යුගයේ හිටපු දෙවෙනි පරාක්‍රමභාහු රජතුමාගේ ඇමතිවරයෙක් වන ආර්යකාමදේව කියන ඇමතිවරයා . මේ ඇමතිවරයා සමන් දෙවියන්ට භාර වෙනවා මැණික් ලැබෙන්න කියලා . පස්සේ මෙයාලා හාරපු පතල් වල  මැණික් ලැබෙනවා නොසිතූ විදියට . මට මතකයි මේ පතල් වලින් ලැබුණ මැණික් ගල් මිරිස් ගල් තරමටම විශාලයි කියලා .

ඉතින් ආර්යකාම දේව ඇමතිවරයා සමන් වෙහෙර අසලම සුමන සමන් දිව්‍ය රාජයාණන්ට දේවාලයක් නිර්මාණය කරනවා . අද සමන් වෙහෙර නැහැ . මුළු භූමියම ආවරණය වෙන්නේ සමන් දේවාලයෙන් තමයි . ඒත් ඔයාලට තේරෙයි සමන් දේවාලයට ආවා නම් , සමන් දේවාලය කියලා කිව්වට අදත් එතන තියෙන්නේ පන්සලක වටපිටාවක් කියලා . 

දේවාලයට ඇතුල් වෙන වෙලාවට දේවාලේ වැඩ කරන කෙනෙක් එන අයට මතක් කරනවා බුදුගෙට ගිහින් බුදුන් වැඳලා දේවාලයට ඇතුල් වෙන්න කියලා . දේවාලය ඇතුලේ උනත් තියෙන්නේ පන්සලක ස්වරූපයක් .


ඉතින් මම කියන්න ආවේ මේ ආර්යකම දේව ඇමතිවරයා දේවාලය හැදුවට පස්සේ රජතුමා , දෙවන පරාක්‍රමභාහු රජතුමා මේ දේවාලය ආර්යකාමදේව ඇමතිවරයාට භාර කරනවා . දේවාලයේ පළවෙනි බස්නායක තනතුරට පත්වුනා කියලා කියන්නේ මේ ආර්යකාම දේවඇමතිවරයා තමයි . 

මේ ඇමතිවරයාගේ පරපුරෙන් තමයි කුරුවිට එක්නැළිගොඩ වලව්වේ කුරුප්පු කියන පරපුර පැවතගෙන එන්නේ . මේ වලව්ව නිර්මාණය කරලා තියෙන්නේ නුවර යුගයේ වලව් ඉදිකිරීමේ සම්ප්‍රදාය අනුව . කුරුවිට කුරුගඟ අසබඩ තමයි වලව්ව පිහිටලා තියෙන්නේ .

සැවුල් සංදේශයේ කියවෙනවා නාන්නම්බි කුරුප්පු මන්ත්‍රී කියලා කෙනෙක් ගැන . මේ කෙනා ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ ඇහැලියගොඩ ඉඩම්ගොඩ පාරේ තියෙන අකුරණ මාටුවාගල කියන ප්‍රදේශයේ . ඉතින් මේ අය 1800 දී වගේ තමයි කුරුවිට තියෙන එක්නැළිගොඩ වලව්ව නිර්මාණය කරලා වලව්වට ඇවිත් තියෙන්නේ . එතකොට වලව්වේ හිටපු ප්‍රධානියා තමයි අභයනායක කුරුප්පු කළු බස්නායක නිළමේ තුමා . එතුමා තමයි ඒ කාලේ සබරගමුව මහ සමන්දෙවාලයේ බස්නායක ධුරය දැරුවේ .

ඔන්න ඔය පරපුරේ කෙනෙක් තමයි 1826 දී මේ වලව්වේ ජීවත් වෙච්ච එක්නැළිගොඩ කුඩා දිසාවේ කියන බස්නායක නිළමේ තුමා . මේ වෙනකොට රත්නපුරේ දිස්ත්‍රික් ඒජන්ත වරයා විදියට පත්වෙලා එන්නේ ජෝර්ජ් ටර්නර් කියන ඉංග්‍රීසි ජාතික නිලධාරියා . මේ නිලධාරියා එක්නැළිගොඩ වලව්වේ රාත්‍රී නවාතැන් ගත්තා දවසක් .






එදා එක්නැළිගොඩ වලව්වේ හිටපු මේ එක්නැළිගොඩ කුඩා දිසාවේ කියන බස්නායක නිලමේතුමා ටර්නර් උන්නැහේ එක්ක සාකච්චා කරා සබරගමුවට නැතිවෙච්ච ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය නැවත වේහැල්ලේ සඟ පරපුරට ලබා ගන්න පුළුවන්ද කියලා හොයලා බලලා ඒ ගැන රොබට් බ්‍රවුන්රිග් උන්නැහේව දැනුවත් කරන්න කියලා . මේ අනුව ටර්නර් උන්නැහේ බ්‍රවුන්රිග් උන්නැහේට ලිපියක් ලියනවා ශ්‍රී පාදස්ථානයේ නයක් පදවිය නැවත වේහැල්ලේ සඟ පරපුරට ලබා දෙන්න කියල . 

ඒකෙ ප්‍රතිඵලයක් විදියට වර්ෂ 1826 පෙබරවාරි 15 වන දිනයේදී කරතොට ධර්මාරාම හිමියන්ගේ සහ මහකිරිනැලියේ හිමියන්ගේ ගෝල නමක් වන ගාල්ලේ මේධංකර හිමියන්ට ශ්‍රී පාදස්ථානයේ සහ පහතරට සබරගමු දිසාවේ නායක පදවිය නැවත ලබා දෙනවා . අද දක්වා පැවත එන්නේ අන්න ඒ දවසේ නැවත අපිට ලැබුණු නායක පදවිය තමයි .

ටර්නර් උන්නැහේ ලිව්ව දීර්ඝ ලිපියේ තියෙනවා වැදගත් විස්තර කීපයක් . මම ඒවා මේ ලිපියේ සඳහන් කරන්නම් . මොකද ඒවායින් අපිට හිතාගන්න පුළුවන් ඉංග්‍රීසි ආණ්ඩුව උනත් මේ තනතුර නැවත සබරගමුවට දෙන්න හේතු කාරනා උනේ මොනවද කියලා .  


වර්ෂ 1826 පෙබරවාරි 15 වෙනි දින
රත්නපුරේදීය .

මහනුවර කොමසාරිස් වරුන්ට

මහත්වරුණි ,


ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය බාර ගැනීමට සුදුස්සෙක් තෝරා දෙන පිණිස මට අණකර එවන ලද දෙසැබ්‍ර මස 16 වෙනි දින දරණ ලියමන ලැබුණ බව කියා හිටිමි . ඒ කරණ කොටගෙන එම නිලයේ ඉල්ලුන් කර සිටින්නගේ අයිතිවාසිකන් ගැන රපොර්තු කරන ලෙස දිසාපති දෙදෙනාට සහ බස්නායක නිලමෙටත් පයින්ඩ යැවූ තැන ඔහු විසින් ගාල්ලේ මේධංකර උන්නාන්සේ තෝරන ලදී . එම උන්නාන්සේ දැනට මේ පළාතේ පොරොත්තුව සිටින ඉල්ලුන් කාරයෙක් නොවන නමුත් මේ පළාතේදී මහන කමට ඇතුලත් උන නිසාත් ශ්‍රී පාදයේ නායක වන වේහැල්ලේ නායක උන්නාන්සේගේ ගෝලනමක් නිසාත් ප්‍රධාන කොට උනාන්සේගේ සීලවන්ත කම සහ ශාස්ත්‍රඥ කම නිසාත් විශාල වූත් ප්‍රසිද්ධියක් ලබා සිටින නිසාත් පත්කරන්නට ඕනා . ඒ උන්නාන්සේය කියා ඔවුන් කල්පනා කරනවාය .

එවිට මේ පළාතේ පදවිය ලත් මල්වතු පාර්සේ උපසම්පදා උන්නාන්සේලා රැස්කොට යෝජනා කරන ලද තැනැත්තාව පොදු කැමැත්තෙන් ඒත්තු ගත් නිසා මාතර දිසාවේ සිටින ගාල්ලේ උන්නාන්සේට ඔහුගේ නම ඒ තානාන්තරය පිණිස ඔප්පු දෙන බව මට දන්වා ඇරියාය , එසේ දන්වා ඇරියේ තමුන්නාන්සේලාගේ ලියමනේ තිබ්බ හීමාවල් සහ නිතර පළාතේ පදිංචි වෙන්නට ඕනා අමුතු ව්‍යවස්ථාවකුත් සමගය . ඒ යෝජනාවට උන්නන්න්සේ එකඟ උන නිසා එම නිළය උන්නාන්සේට දෙන ලෙස මම ඉල්ලමි .

පළාතට නායක කෙනෙක් බොහෝ සේම ඕනෑව තිබ්බ නමුත් කලක සිට කිසිවෙකුට එය නොලැබුනේය . එම නිසා පළාතේ නායක කමත් ඔහුට ලැබෙන ලෙසට මතක් කර සිටිමි . වර්ෂ 1822 දී එම නිලේ අලුත් වැඩියා කිරීමට අභිප්‍රා කල බව එවකට සිටි රැසිදන්ත උනන්සේගේ මේ සමග එවන ලියමනේ පිටපතෙන් පේන නමුත් , එහි නම තිබෙන උනාන්සේ සංඝයා අතර තිබ්බ භේදවල් නිසා නිලේ පිළිගත්තේ නැත . ජෝන් ඩොයිලි උන්නාසේ පෙන්නුන් කර සිටින සායර් උන්නාන්සේගේ ලියමන මේ දෙපාර්ණමෙන්තුවේ පොත් පත්වල නැත .

අත්සන් කලේ ජෝන් ටර්නර්

වර්ෂ 1827 පෙබරවාරි මස 27 දින
රත්නපුරේ දීය







මේ එක ලිපියක් . තව ලිපියක් තියෙනවා . ඒකෙ තියෙන වැදගත් කරුණු ටික විතරක් මම මෙතන උපුටා දක්වනවා .

සංඝයාගේ මූලිකයා වැලිවිට සරණංකර ගණින් කියා කෙනෙක . මේ රට වාසී වැසියන්ගේ ආගමේ ස්ථානවල් ස්ථීර අඩියකට ගෙන දුන්නේ මෙම නමගේ ප්ලවිත වීර්යයෙන්ය .ඔහු විජය රාජ විසින් උපසම්පදාව දෙන්නට පුළුවන් සංඝයා සියන් දේසෙන් ගෙනේ එන පිණිස විල්බාගෙදර මුදුයන්සේ යවන ලෙස සලස්වූවා ය . එම පයිණ්ඩය සියමට ලඟා වෙන්නට ප්‍රථමයෙන් විජය රජ කාලක්‍රියා කාලය . මුදියන්සේ ආපසු සෙයිලමට ආවාය .

කීර්තිස්සිරි රජ විසින් ඔහුව දෙවන යවා සියමෙන් උන්නාන්සේලා ගෙනාවාය . උපසම්පදාව දෙවනුව හරිගැස්සුවාට පසු වැලිවිට සභාවේ  ප්‍රධානීය කමකට පත් කලාය . ඔහුට නායක උන්නාන්සේ නොව සඟරාජ කියා නම තබා මේ අලුත් පැවැත්ම වලට අමුතු කාරණා එක්කාසු නොකරන ලෙස ප්‍රවේසම් කරගැනීමට අපූර්ව බලවල් දුන්නාය . මේ අවස්තාවේදී ආඬින්ට ශ්‍රී පාදය නැති උනාය . එවකට ශ්‍රී පාදයට ගම් බිම් වලින් ප්‍රයෝජනේ ලැබුනේ නැත . එම නිල සහ එතුවක් ගබඩා ගමක්ව තිබ්බ කුට්ටාපිටියත් රජ විසින් සඟරජට දෙන ලදුව එම දීමනාව තඹ සන්නසක සටහන් කාලාය .

--------------------------------------------

තවත් ද්‍රව්‍ය ඇතුව ඇත්දත් කුට්ටමක් රජ්ජුරුවන්ට තෑගී කර මෙම දීමනාව වෙනස් කරගන්නට ආඬි උත්සාහ කලාය . එම ඇත්දත් කුට්ටම රජ විසින් ශ්‍රී පාදයට පූජා කරන ලද්දේය . සපරගමු පළාතේ නායක උන්නාන්සේගේ මෙහි ඇතුල තිබෙන ලියවිල්ල ප්‍රකාරයට ශ්‍රී පාදයේ සහ කුට්ටාපිටියටද පැල්මඩුල්ල ගම සහ විහාර සමග සඟරාජ විසින් මෙම පළාතේ වැලිබොඩඋන්නාන්සේට දෙන ලද්දේය .

--------------------------------------------

එවක් පටන් ශකවර්ෂ 1703 දී රාජාධි රාජසිංහට රට ලැබෙන තුරු නායක සතර දෙනකුට ශ්‍රී පාදේ සමග පහත රට නායක කම තිබී පැල්මඩුල්ලේ පොරොත්තුව සිටියාය . ඉන් අන්තිම කාරයා දැනට මාතර සිටින කරතොට නායක උන්නාන්සේය . මොරතොට මල්වත්තේ නයක් උන්නාන්සේය . ඔහු රජාගේ ගුරුන්නන්සේය . සපරගමු පළාතේ සංඝයා ලන්සියාට එකතුව සිටිනවා කියා මොරතොට රජට දැනුම් දී ශ්‍රී පාදයේ කරතොටගෙන් නැති කළාය .

රත්නපුරයේ නිළමේ සන්නස නුවරට ගෙනගියේ රජ එන පරිද්දෙන් සපරගමුවේ දිසාව කරවන දොඩම්වල අධිකාරම විසින් මල්වත්තේ විහාර සාංඝිකවංශයෙන් තැබුවාය . ඒකාලේ පටන් පසුගිය අවුරුද්ද දක්වා ශ්‍රී පාදයේ කුට්ටාප්ටියත් සමග මල්වත්තේ නායක උනානසේ බුක්ති වින්දාය . පහත රටට නිසා නායක කෙනෙක් නැතිව සිටියාය . වේහැල්ලේගේ ගෝලයෝ පැල්මඩුල්ලේ පදින්චිව සිටියාය . පැල්මඩුල්ලෙන් මල්වත්තේ නායක උනන්නසේලාට ලැබුණු ප්‍රයෝජන නම් ශ්‍රී පාදෙට ලැබෙන පූජා වලින් ඔවුන්ට නුවරට කත් අටක් ගිහින් දෙනවා පමණක , මේ අය කිරීමත් පරණ එකක් නොවේය .

ශ්‍රී පාදයේ පූජාවල් නුවරට ගෙන යාම ක්‍රම ක්‍රමයෙන් විරුද්ධ පිළිවෙලට මෙපමණ කල් කෙරීගන ආවාය . මගේ විභාගය සීග්‍ර ලෙස කලේ ප්‍රධාන ලෙස මෙම කාරණාවල් දැනගත්තේ ඒගැන පක්ෂ පාතී වලින් නිසා මෙම කර තිබෙන ඉල්ලීම ගැන කිසි වාසියක් මට පෙනෙන්නේ නැත . සත්තකට මම පැල්මඩුල්ලේ ශ්‍රී පාදයට අයිති ගමක් නොවේය . පහත රට නායක කමටද අයිති බවත් පෙනෙන්නේ නැත . අහම්බෙන් වාගේ නායකවරු තුන් දෙනෙක් පිට පිටම එක එක්කෙනාගෙන් පැල්මඩුල්ල උරුම කරගෙන තියනවාය .

----------------------------------------------

එම අදහස ඇතිව මෙම ආණ්ඩුව විසින් ශ්‍රී පාදේ ප්‍රධාන කමට පත්කළ නායක උන්නාන්සේට කීර්ති ශ්‍රී ගේ සන්නස භාර දෙන ලෙස මම මතක් කරනවාය . එම ලියමන මහනුවර පරකුඹුරේ උනන්න්සේ වෙත තිබී දෙහිගම දිවනිළමේ භාර තැබුවාය කියා ආරංචිය ශ්‍රී පාදයේ ලාංචනය කොටා තිබුණු කීර්ති ශ්‍රී පූජා කල ඇත්දත් කුට්ටම කොබ්බෑකඩුවේ නායක උන්නාන්සේ විසින් අපේ යුධ සේනාව පළමුවෙන් නුවර පැමුනුන වකවානුවේ මහනුවරට ගෙනගියාය . ඒවා දැනට උඩුනුවර ගොඩැල්ලේ දෙනියේ විහාරයේ තිබෙනවාය . ඒවා ගෙනත් ශී පාදස්ථානයට භාර දෙන ලෙස මම සඟවා දෙනාවාය .

මේ වගට ජෝන් ටර්නර් .



ඔන්න ඕවා තමා දෙවන ලියුමේ තිබ්බ විශේෂ සටහන් . මේවා අනුව යමින් අවසානයේ ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය අපේ සබරගමුවට ආයෙත් ලැබුණා . ඒ කාලෙත් හූරා කෑම් නොතිබුනාම නෙවෙයි . ඒත් අද තරම් නෑ . ඊළඟ ලිපියෙන් මම ආයෙත් එනවා . එහෙනම්

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !



ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ගැන මම කලින්ම ලිව්ව ලිපියේ අන්තිමට මම කිව්වා ඔයාලට මතක ඇති , රාජාධි රාජසිංහ රජතුමා කරතොට ධර්මාරාම හාමුදුරුවන් ...