ගණ දෙවියන් වන්දනා කරනු ලබන නම් 108 මන්ත්‍ර . අශ්ටෝත්තරශත නාමාවලිය



ගණ දෙවියන් සම්බන්ධව වන්දනා මාන කිරීම් වලදී විශේෂයෙන්ම කරන පූජාවක් තමයි ගණ දෙවියන්ගේ 108 වූ නම් භාවිතා කරමින් වන්දනාමාන කිරීම . මේ ගණ දෙවියන්ගේ 108 නම් භාවිතා කිරීම වන්දනා කිරීමට අමතරව හෝම පූජාවන් සිදු කිරීම් සහ ගණ දෙවියන්ට විශේෂිත වූ රසකැවිලි සහ මල් පූජා කිරීමටත් යොදා ගන්නවා . බලාපොරොත්තු වෙන්නේ ඒ තුලින් ගණ දෙවියන්ගේ නාම 108 ට ඒ මල් 108 හෝ රස කැවිලි 108 පූජා කිරීම . 


සාමාන්‍ය වන්දනා මාන කිරීම් වලදීත් මේ නම් 108 මන්ත්‍ර 108 ක් විදියට භාවිතා කරන්න පුළුවන් . ඇත්තටම මේ පහත දක්වලා තියෙන්නේ මන්ත්‍ර . වන්දනා කිරීම් විදියට දක්වන මන්තර . නම විතරක් සඳහන් කරනවා නම් ඔය ඕම් සහ නමහා කියන කොටස් අයින් කරලා ගන්න ඕන . විනයක , විග්නරාජා , ගෞරීපුත්‍ර තමයි නම් වෙන්නේ . විනායකාය කියලා කියන්නේ විනයක හට කියන අර්ථය දැක්වෙන්න ඕන නිසා . ඒ විදියට නම් කියවන්න ඕන නම් ඔය ආය කියන කොටස අයින් කරගෙන නම් කියවන්න . මම වන්දනා මාන කිරීම් වලට භාවිතා කරන්නත් එක්ක මන්ත්‍ර 108 තමයි සඳහන් කරලා තියෙන්නේ . 


ඕම් ශ්‍රී මහා ගනේෂාය නමහා............................ 



1 ඕම් විනායකාය නමහා

2 ඕම් විග්නරාජාය නමහා

3 ඕම් ගෞරීපුත්‍රාය නමහා

4 ඕම් ගනේශ්වරාය නමහා

5 ඕම් ස්කන්ධාග්‍රජාය නමහා

6 ඕම් අව්යයාය නමහා

7 ඕම් පූතාය නමහා

8 ඕම් දක්ෂාය නමහා

9 ඕම් අධ්‍යක්ෂාය නමහා

10 ඕම් ද්විජප්‍රියාය නමහා

11 ඕම් අග්නිගර්වච්චිදේ නමහා

12 ඕම් ඉන්ද්‍රශ්‍රීප්‍රදාය නමහා

13 ඕම් වානිප්‍රදාය නමහා

14 ඕම් අව්යයාය නමහා

15 ඕම් සර්වසිද්ධිප්‍රදාය නමහා

16 ඕම් සර්වතනයාය නමහා

17 ඕම් සර්වරීප්‍රියාය නමහා

18 ඕම් සර්වාත්මකාය නමහා

19 ඕම් ශෘස්ථිකර්තේ නමහා

20 ඕම් දේවාය නමහා

21 ඕම් අනේකාර්චිතාය නමහා

22 ඕම් ශිවාය නමහා

23 ඕම් ශුද්ධාය නමහා

24 ඕම් බුද්ධිප්‍රියාය නමහා

25 ඕම් ශාන්තාය නමහා

26 ඕම් බ්‍රහ්මචාරිනේ නමහා

27 ඕම් ගජානනාය නමහා

28 ඕම් ද්වයිමාත්‍රේයාය නමහා

29 ඕම් මුනිස්තුත්‍යාය නමහා

30 ඕම් භක්තවිග්නවිනාශනාය නමහා

31 ඕම් ඒකදන්තාය නමහා

32 ඕම් චතුර්භාහවේ නමහා

33 ඕම් චතුරාය නමහා

34 ඕම් ශක්තිසම්යුතාය නමහා

35 ඕම් ලම්බෝධරාය නමහා

36 ඕම් ශූපකර්ණාය නමහා

37 ඕම් හරයේ නමහා

38 ඕම් බ්‍රහ්මවිදුත්තමාය නමහා

39 ඕම් කාලාය නමහා

40 ඕම් ග්‍රහපතයේ නමහා

41 ඕම් කාමිනේ නමහා

42 ඕම් සෝමසුර්යාග්නි ලෝචනාය නමහා

43 ඕම් පාශාන්කුෂධාරාය නමහා

44 ඕම් චන්ඩාය නමහා

45 ඕම් ගුණාතීතාය නමහා

46 ඕම් නිරන්ජනාය නමහා

47 ඕම් අකල්මෂාය නමහා

48 ඕම් ස්වයම්සිද්ධාය නමහා

49 ඕම් සිද්ධාර්චිතපදාම්බුජාය නමහා

50 ඕම් බීජාපූරපලාශක්තාය නමහා

51 ඕම් වරදාය නමහා

52 ඕම් ශාස්වතාය නමහා

53 ඕම් කෘත්‍රීනේ නමහා

54 ඕම් ද්විජප්‍රියාය නමහා

55 ඕම් වීතබයාය නමහා

56 ඕම් ගදිතේ නමහා

57 ඕම් චක්‍රිනේ නමහා

58 ඕම් ඉක්ෂුචාපද්‍රිතේ නමහා

59 ඕම් ශ්‍රීදාය නමහා

60 ඕම් අජාය නමහා

61 ඕම් උත්පලකරාය නමහා

62 ඕම් ශ්‍රීපථයේ නමහා

63 ඕම් ශෘතිහර්ශිතාය නමහා

64 ඕම් කුලාද්‍රි බ්‍රේත්‍රේ නමහා

65 ඕම් ජටිලාය නමහා

66 ඕම් කලිකල්මෂනාසනාය නමහා

67 ඕම් චන්ද්‍රචූඩාමනයේ නමහා

68 ඕම් කාන්තාය නමහා

69 ඕම් පාපහාරිනේ නමහා

70 ඕම් සමාහිතාය නමහා

71 ඕම් ආශ්‍රිතාය නමහා

72 ඕම් ශ්‍රීකරාය නමහා

73 ඕම් සෞම්‍යාය නමහා

74 ඕම් භක්තවාන්චිතදායකයාය නමහා

75 ඕම් ශාන්තාය නමහා

76 ඕම් කයිවල්‍යශූකදාය නමහා

77 ඕම් සච්චිනානන්ද විග්‍රහයා නමහා

78 ඕම් ජානිනේ නමහා

79 ඕම් දයායුතාය නමහා

80 ඕම් දාන්තාය නමහා

81 ඕම් බ්‍රහ්මද්වේෂවිවර්ජිතාය නමහා

82 ඕම් ප්‍රමත්තදයිත්‍යබයදාය නමහා

83 ඕම් ශ්‍රීකන්ටාය නමහා

84 ඕම් විබුදේශ්වරාය නමහා

85 ඕම් රාමාර්චිතාය නමහා

86 ඕම් විධයේ නමහා

87 ඕම් නාගරාජයජ්නොපවීතවතේ නමහා

88 ඕම් ස්ථුලකන්ටාය නමහා

89 ඕම් ස්වයම්කර්ත්‍රේ නමහා

90 ඕම් සාමග්‍රෝෂප්‍රියාය නමහා

91 ඕම් පරස්මයී නමහා

92 ඕම් ස්ථුලතුන්ඩාය නමහා

93 ඕම් අග්‍රන්යේ නමහා

94 ඕම් ධීරාය නමහා

95 ඕම් වාගීශාය නමහා

96 ඕම් සිද්ධි ධායකාය නමහා

97 ඕම් දුර්වා බිල්ව ප්‍රියාය නමහා

98 ඕම් අව්‍යක්ත මුර්තයේ  නමහා

99 ඕම් අද්භූත මූර්තිමතේ නමහා

100 ඕම් ෂයිලේන්ද්‍රතන ජෝත්සංග කේලනෝත්සුක මානසාය නමහා

101 ඕම් ස්වාලාවන්ය සුදාසාරජිත මන්මත විග්‍රහාය නමහා

102 ඕම් සමස්ත ජගධාදාරාය නමහා

103 ඕම් මායිනේ නමහා

104 ඕම් මූෂික වාහනාය නමහා

105 ඕම් හෘෂ්ටාය නමහා

106 ඕම් තෘෂ්ටාය නමහා

107 ඕම් ප්‍රසන්නාත්මනේ නමහා

108 ඕම් සර්වසිද්ධිප්‍රදායකාය නමහා




ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

ගණ දෙවියන් සම්බන්ධව වන්දනා මාන කිරීම් වලදී විශේෂයෙන්ම කරන පූජාවක් තමයි ගණ දෙවියන්ගේ 108 වූ නම් භාවිතා කරමින් වන්දනාමාන කිරීම . මේ ගණ දෙවියන්...

ගණ දෙවියන්ගේ අවතාර 32 වන්දනා කරන මන්ත්‍ර 32




ඕම් නමෝ ශ්‍රී මහා ගනේෂාය නමහා....................


අපි කවුරුත් නිතර දකින වඳින පුදන බොහොම ආදරණීය දෙවි කෙනෙක් විදියට ශ්‍රී මහා ගනේෂ , එහෙමත් නැත්නම් ගණ දෙවියන් හඳුන්වන්න පුළුවන් . මේ ගණ දෙවියන් වන්දනා කිරීම සඳහා සහ පෙනී සිටින විවිධ ස්වරූපයන් අනුව ගණ දෙවියන්ගේ අවතාර 32 ක් පිළිබඳව සඳහන් වෙනවා . ඒ ගැන මම මෙන්න මේ ලිපියෙන් වැඩි දුර විස්තර කරලා තියෙනවා . කියවලා දැනගන්න කැමති අය මේ ලින්ක් එක ඔස්සේ ගිහින් ඒ ලිපිය කියවලා එන්න . 


අද මම සඳහන් කරන්නේ ගණ දෙවියන්ගේ මේ අවතාර 32 වන්දනා කිරීම සඳහා භාවිතා කරන මන්ත්‍ර 32 . මේ මන්ත්‍ර ඉතාම බලවත් මන්ත්‍ර . මේ මන්ත්‍ර 32 වැඩි වාර ගණනක් සජ්ඣායනා කිරීමෙන් සහ ගණදෙවියන්ට පුද පූජා තැබීමෙන් තමන්ට අවශ්‍ය කරුණු කාරණා ඉෂ්ට කරගන්න පුළුවන් කියලා අත්දැකීම් සහිත පිරිස් විස්තර කරලා තියෙනවා . 


කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මෙහෙම අවතාර 32 ක් තියෙන්නේ . එතකොට ගණ දෙවි වරුත් 32 ක් ඉන්නවද කියලා . නෑ එහෙම දෙයක් නැහැ . එකම දෙවි කෙනෙක් තමයි ගණ දෙවියන් විදියට ඉන්නේ . අවතාර ස්වරූප කියලා කියන්නේ ඒ ඒ වෙලාවට ඒ දෙවියන් දක්වන ශක්තිය පෙන්නුම් කිරීමක් . මම දවසක් මේ සම්බන්ධව මම නිතර කතා බහ කරන දේව වරම් ලාභී දෙමළ සාමි කෙනෙක්ගෙන් අහලා බැලුවා . එතකොට ඒ සාමි කිව්වේ " මට මහත්තයා කියන්නේ සාමි කියලා , සමහරු මට ලොකු සාමි කියනවා , තවත් සමහරු මගේ නම කියනවා . ඒත් මම මමම තමයි . ඒ නිසා මොන නම කිව්වත් ගණ දෙවියන් වෙනුවෙන් තමයි ඒ නම් වලින් වන්දනා මාන කෙරෙන්නේ " කියලා . 


ඒ නිසා මේ මන්ත්‍ර කියලා ඒ ඒ මන්ත්‍ර වල ශක්තියෙන් තමන් උදවු උපකාර ගත්තට මේ වඳින්නේ එකම දෙවි කෙනෙක්ට කියලා මතක තියාගන්න ඕන . 


මෙන්න ඒ මන්ත්‍ර 32 


1. ඕම් ගම් බාල ගණපතයේ නමහා

2. ඕම් ගම් තරුණ ගණපතයේ නමහා

3. ඕම් ගම් භක්ති ගණපතයේ නමහා

4. ඕම් ගම් වීර ගණපතයේ නමහා

5. ඕම් ගම් ශක්ති ගණපතයේ නමහා

6. ඕම් ගම් ද්වජ ගණපතයේ නමහා

7. ඕම් ගම් සිද්ධි ගණපතයේ නමහා

8. ඕම් ගම් උච්චිෂ්ට ගණපතයේ නමහා

9. ඕම් ගම් විග්න ගණපතයේ නමහා

10. ඕම් ගම් ක්ෂිප්ර ගණපතයේ නමහා

11. ඕම් ගම් හේරම්භ ගණපතයේ නමහා

12. ඕම් ගම් ලක්ෂ්මි ගණපතයේ නමහා

13. ඕම් ගම් මහා ගණපතයේ නමහා

14. ඕම් ගම් විජය ගණපතයේ නමහා

15. ඕම් ගම් නෘත්‍ය ගණපතයේ නමහා

16. ඕම් ගම් ඌර්ධව ගණපතයේ නමහා

17. ඕම් ගම් ඒකාක්ෂර ගණපතයේ නමහා

18. ඕම් ගම් වරදා ගණපතයේ නමහා

19. ඕම් ගම් ත්‍රිඅක්ෂර ගණපතයේ නමහා

20. ඕම් ගම් ක්ෂිප්ර ප්‍රසාද ගණපතයේ නමහා

21. ඕම් ගම් හරිද්‍ර ගණපතයේ නමහා

22. ඕම් ගම් ඒකදන්ත ගණපතයේ නමහා

23. ඕම් ගම් ශ්‍රීස්ථි ගණපතයේ නමහා

24. ඕම් ගම් උද්දන්ඩ ගණපතයේ නමහා

25. ඕම් ගම් සෘණ මෝචන ගණපතයේ නමහා

26. ඕම් ගම් ධුන්දී ගණපතයේ නමහා

27. ඕම් ගම් ද්විමුඛ ගණපතයේ නමහා

28. ඕම් ගම් ත්‍රිමුඛ ගණපතයේ නමහා

29. ඕම් ගම් සිංහ ගණපතයේ නමහා

30. ඕම් ගම් යෝග ගණපතයේ නමහා

31. ඕම් ගම් දුර්ගා ගණපතයේ නමහා

32. ඕම් ගම් සංකටහර ගණපතයේ නමහා


ගණ දෙවියන්ට සාමාන්‍ය විදියට වැඳුම් පිදුම් කරනකොට නැතත් විශේෂ පුද පූජා පවත්වන වෙලාවට මේ මන්ත්‍ර 32 භාවිතා කරන්න පුළුවන් . මේ මන්ත්‍ර 32 , 108 ක් හෝ 1008 වතාවක් සජ්ඣායනා කිරීමෙන් ගණ දෙවියන්ගේ විශේෂ ඇල්ම බැල්ම ලැබෙනවා කියලා පිළිගැනීමක් තියෙනවා . 


තවත් ලිපියකින් හමුවෙමු . 


ඔබ සමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

ඕම් නමෝ ශ්‍රී මහා ගනේෂාය නමහා.................... අපි කවුරුත් නිතර දකින වඳින පුදන බොහොම ආදරණීය දෙවි කෙනෙක් විදියට ශ්‍රී මහා ගනේෂ , එහෙමත් නැ...

අවතාර 32 කින් යුතු ගණදෙවියන්




ඕම් නමෝ ශ්‍රී මහා ගනේශාය නමහා.....................


ගණ දෙවියන් සම්බන්ධව කතා කරනකොට ගණ දෙවියන්ගේ උපත සම්බන්ධව කියවෙන බොහොම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා . පාර්වතී දේවිය විසින් මවන ලද කුමාරයෙක් ඊශ්වර දෙවියන්ට නිවසට ඇතුළු වීමට බාධා කරනකොට ඊශ්වර දෙවියන් විසින් ත්රීශුලයෙන් ඒ කුමාරයාගේ හිස කඳෙන් වෙන් කරනවා . ඊට පස්සේ පාර්වතී දේවියගේ කෝපය සහ දුක සංසිඳුවීම සඳහා ඊශ්වර දෙවියන් විසින් ඇත් මුහුණක් සවි කරලා නැවතත් ඒ කුමාරයාට ප්‍රාණය ලබා දෙනවා . ඒ උපන් ඇත් හිස සහිත දේව කුමාරයා තමයි ගණ දෙවියන් කියලා කියන්නේ . සරළව කතාව මෙහෙම උනත් මේ කතාව තුල මීට වඩා සිද්ධීන් සමුදායක් අන්තර්ගත වෙනවා . 


ඊශ්වර දෙවියන්ගේ පුත්‍රයෙක් නිසාත් , නිරායාසයෙන්ම ලැබුණු කිසිවෙකුටත් දෙවෙනි නොවන ඥාන සම්පත්තිය නිසාත් සම්පූර්ණ දේව සභාවේම ගෞරවය සහ බලය කියන දේවල් මේ ගණ දෙවියන් කෙරෙහි ලැබිලා තියෙනවා . ඒ වගේම තමයි නුවණට අධිපති කියන උසස් තත්වය ගණ දෙවියන් කෙරෙහි ආරෝපණය වෙලා තියෙනවා . මෙන්න මේ නිසා ගණ දෙවියන් සම්බන්ධව ලංකාවටත් වඩා ඉන්දියාවේ මිනිස්සු වැඩි භක්තියක් දක්වනවා . ලංකාවේ වුණත් අද වෙනකොට ගණ දෙවියන් වන්දනා කිරීම සාමාන්‍ය සිරිතක් වෙලා තියෙනවා . 


දරුවෙකුට අකුරු කියවීම වගේ විශේෂ අවස්ථා වලදී ගණ දෙවියන් මූලික කරගෙන වැඩ කටයුතු කිරීමක් ලංකාවේ සිදුවෙනවා . ඒ වගේම ලංකාවේ පවතින පන්සල් දේවාල කෝවිල් වල ගණ දෙවියන් වෙනුවෙන් කුටියක් වෙන් වෙලා තියෙනවා . විශේෂයෙන්ම දේවාලවල සහ කෝවිල්වල ගණ දෙවියන් වෙනුවෙන් මුලින්ම පුද පූජා සිදු කිරීමක් ඒ ඒ ඇදහීම්වල දක්නට ලැබෙනවා . රන්ත්පුරේ සමන් දේවාලය බ්‍රාහ්මණ පරපුරවල් වලින් පුද පූජා කෙරෙන තැනක් වුණත් ගණ දෙවියන් වන්දනා කරන්න වෙනම තැනක් වර්තමානයේ පේන්නේ නැහැ . ඒත් අතීතයේ ගණදෙවි වන්දනා කිරීමක් සබරගමුව මහසමන් දේවාලයේ කෙරුන බවට සාක්ෂි තියෙනවා . 


පෘතුගීසි ආක්‍රමණ නිසා දේවාලයේ පූජා වස්තූන් දේවාලයට තරමක් ඈතින් තිබුණු දේවාල ගොඩැල්ල කියන ස්ථානයේ වල දාලා ඒ මත මලසුන් ගෙයක් හදාගෙන අප්‍රසිද්ධියේ කපු මහත්වරුන් විසින් දේව පූජාවන් කරලා තියෙනවා . මෑත කාලයේදී ඒ ස්ථානවල කරපු කැනීම් වලදී ගණ දෙවි රූපයක් එහෙම ලැබුණා කියලා වාර්තා කීපයක සඳහන් වෙලා තිබුණා . බ්‍රාහ්මණ පරපුරවල් පවා ලංකාවේ දේවාල තුල මේ ගණදෙවි වන්දනාව වෙනමම හෝ ප්‍රධාන දේවාලය තුල හෝ කරලා තියෙනවා කියලා මේ අනුව විශ්වාස කරන්න පුළුවන් . 


ගණ දෙවියන් වන්දනා කිරීමෙන් සාමාන්‍යයෙන් නුවණ වැඩෙනවා කියලා සහ විභාග සමත් වෙනවා කියලා සමාජයේ පිළිගැනීමක් තිබුණත් ගණ දෙවියන් ඊටත් වඩා දෙයක් ලබා දෙනවා කියලා මේ ගණ දෙවියන්ගේ අවතාර 32 ක සම්බන්ධ විස්තර වලින් දැනගන්න පුළුවන් . සතුරන් නාශනය , ධන ලාභය , සෞභාග්‍යවත් බව , වගේ විශේෂ කරුණු කාරණා විශාල ප්‍රමාණයක් ගණ දෙවියන් වන්දනා කිරීමෙන් ලබා ගන්න පුළුවන් . 


හැබැයි නිකං වැන්දට වැඩක් නැහැ . භක්තියෙන් වන්දනාමාන කරන්න ඕන . ඒ වගේම තමයි තමන්ගේ අවශ්‍යතාවයට විතරක් වඳින්න පුදන්න යන්න එපා . දෙවියන් කෙරෙහි ශක්තිමත් භක්තියක් සහිතව වඳින පුදන පිං දෙන අයට තමයි දෙවියන්ගේ විශේෂ උදවු උපකාරය ලැබෙන්නේ . ඒවගේම තමයි දෙවියන්ට පුද පූජා බලාපොරොත්තුවක් නැහැ . දෙවියන් පුද පූජා තියන අය ගැන සතුටුයි . ඒත් අවශ්‍යම නැහැ . දෙවියන්ට අවශ්‍ය වෙන්නේ පිං දහම් කිරීම සහ ඒවා තමන් වෙත අනුමෝදන් කිරීමක් . ඒ නිසා පුළුවන් තරම් පිං දහම් කරන්න . පවු කිරීම පුළුවන් තරම් අඩු කරගන්න . අඩු කරලා කරලා නැත්තටම නැති කරගත්තම පිං කරගන්න තවත් කාල වෙලාව ලැබෙනවා . ඊට පස්සේ ඒ පිං දෙවියන්ට අනුමෝදන් කරන්න . 


අපි බලමු ගණ දෙවියන්ගේ අවතාර 32 න් මොනවද කියවෙන්නේ කියලා . 


1. බාල ගණපති

Bala Ganapati

බාල ගණපති අවතාරය කුඩා ළමයෙක්ගේ ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ . මේ අවතාරයේ විශේෂ ලක්ෂණ විදියට පෙන්නුම් කරන දේවල් කීපයක් තියෙනවා . වර්ණයෙන් රත්තරන් පැහැයක් ගන්නවා . අත් හතරක් පිහිටනවා . ඒ අත් හතරේ අඹ ගෙඩියක් , කෙසෙල් ගෙඩියක් , උක් ගසක් , වරකා මදුලක් හෝ වරකා ගෙඩියක් දරාගෙන ඉන්නවා . හොඬයේ මෝදකයක් දරාගෙන ඉන්නවා . බාල ගණපති වන්දනා කිරීමේ ප්‍රධාන අරමුණ වෙන්නේ පොලවේ සරුසාර බව වර්ධනය වීම සහ අස්වනු ලැබීම වැඩි කරගැනීම . 


2. තරුණ ගණපති

Taruna Ganapati


තරුණ ගණපති අවතාරයේ ශරීර වර්ණය රතුපාටට හුරු වර්ණයක් වෙනවා . අත් 8 ක් පිහිටනවා වගේම අත්වල හෙණ්ඩුවක් , යගදාවක් , මෝදකයක් , දිවුල් ගෙඩියක් , ජම්බු ගෙඩියක් , කැඩුණු දළයක් , ගොයම් මිටියක් සහ උක් දණ්ඩක් දරාගෙන ඉන්නවා . රතු පැහැයෙන් යුක්ත මේ තරුණ ගණපති අවතාරය ගොඩක් වෙලාවට තරුණ අයගේ වන්දනා මානයට ලක් වෙනවා . ඒ වගේම තමයි ඒ අයට පිහිට ආධාරයත් ලැබෙනවා . 


3. භක්ති ගණපති

Bhakti Ganapati


ගණ දෙවියන්ගේ භක්ති ගණපති අවතාරයට සාමාන්‍යයෙන් ඉතාම පැහැදිළි ප්‍රසන්න පෙනුමක් හිමි වෙනවා . ඒ වගේම තමයි ගණපති දෙවියන්ගේ ටිකක් වැඩියෙන් වන්දනාමාන කෙරෙන අවතාරයක් විදියට භක්ති ගණපති අවතාරය හඳුන්වන්න පුළුවන් . අත් හතරක් මේ ගණපති අවතාරයට හිමි වෙනවා . මේ අත් හතරේ අඹ ගෙඩියක් , පොල් ගෙඩියක් , කෙසෙල් ගෙඩියක් සහ පායාස බඳුනක් දරාගෙන ඉන්නවා . සාමාන්‍යයෙන් මිනිස්සු අස්වනු නෙලන කාලයට තමයි භක්ති ගණපති වන්දනා කිරීම කරනු ලබන්නේ . අස්වැන්නේ වැඩි වීමට සහ ආරක්ෂාවට මේ වන්දනාවෙන් බලාපොරොත්තු වෙනවා . 


4. වීර ගණපති

Vira Ganapati


ගණදෙවියන්ගේ තරමක් ආක්‍රමණශීලී අවතාරයක් විදියට වීර ගණපති අවතාරය හඳුන්වන්න පුළුවන් . මෙතුමාගෙන් පෙන්නුම් කරන්නේ වීරත්වය . මෙතුමාගෙන් මිනිස්සු වන්දනා කරලා බලාපොරොත්තු වෙන්නෙත් වීරත්වය . මේ වීරත්වය ප්‍රාර්ථනා කිරීම නිසා ගොඩක් වෙලාවට යුද්ධ වලින් ජය ගන්න භාර හාර වීම් වෙන්න මේ වීර ගණපති අවතාරය වන්දනා කිරීම සිදුවෙනවා . මේ අවතාරයේ අත් 16 ක් පෙන්නුම් කෙරෙනවා . ඒ අත් 16 ට ආයුධත් 16 ක් තියෙනවා . 


5. ශක්ති ගණපති

Shakti Ganapati

ශක්ති ගණපති අවතාරය රතු තැඹිලි පැහැති ශරීරයක් සහිත වෙනවා . ඒ වගේම තමයි මේ අවතාරයේ විශේෂත්වය වෙන්නේ එතුමාගේ එක් භාර්යාවක් සමග සිටීම . සාමාන්‍යයෙන් භාර්යාව ශක්තියක් කියලා තමයි සඳහන් වෙන්නේ . ඒ ශක්තිය තමයි භාර්යාව නිරූපණය කිරීමෙන් මේ අවතාරයේ පෙන්නුම් වෙන්නේ .  ශක්ති අවතාරය වන්දනා කිරීමෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සහ බිරිඳගේ , එහෙමත් නැත්නම් තමන්ගේ සහ ස්වාමියාගේ ආරක්ෂාව . ශක්ති අවතාරයේ අත් හතරක් පිහිටනවා . මේ අත් හතරේ තොන්ඩුවක් යගදාවක් මල් මාලයක් සහ අනිත් ඉතිරි අත අභය මුද්‍රාව සහිතව නිරූපණය කෙරෙනවා . 


6. ද්වජ ගණපති

Dvija Ganapati

ද්වජ ගණපති අවතාරයට මුහුණ හතරක් හිමි වෙනවා . දෙවතාවක් ඉපදුණු අවතාරයක් විදියට තමයි ද්වජ අවතාරය සඳහන් වෙන්නේ . හඳේ වර්ණය මේ ද්වජ ගණපති අවතාරයේ වර්ණය වෙනවා . ද්වජගනපති අවතාරයට අත් හතරක් හිමි වෙනවා . මේ අත් හතරේ පුස්කොලයක් , හැරමිටියක් , ජපමාලයක් සහ කෙණ්ඩියක් දරාගෙන ඉන්නවා . නිවැරදි ජීවන රටාවකට මග කීම මේ ද්වජ ගණපති අවතාරයේ කාර්ය භාරය වෙනවා . නීතිය විනය සහ චාරිත්‍ර වාරිත්‍ර මේ නිවැරදි ජීවිතයට අදාළ දේවල් වෙනවා . 


7. සිද්ධි ගණපති

Siddhi Ganapati

සිද්ධි ගණපති අවතාරය ඉතාම පහසු ඉරියව්වකින් ඉඳගෙන ඉන්නවා වගේ තමයි නිරූපණය වෙන්නේ . ශරීරය පැහැදිළි රත්තරන් පැහැයක් ගන්නවා . අත් හතරක් මේ අවතාරයේ පෙන්නුම් වෙනවා . මේ අත් හතරේ මල් පොකුරක් , අඹ ගෙඩියක් , උක් දණ්ඩක් සහ පොරක්ව තියෙනවා . හොඬවැලේ තල ගුලියක් දරාගෙන ඉන්න ආකාරයට තමයි නිරූපණය වෙන්නේ . සිද්ධි ගණපති අවතාරයේ කාර්ය භාරය වෙන්නේ අපේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කිරීම . ඒ කියන්නේ අපි ඉල්ලන දේවල් ඉටුකර දීම තමයි සිද්ධි ගණපති අවතාරය විසින් සිදු කරන්නේ . මේවා හොඳ ඉල්ලීම් වෙන්න ඕන . 


8. උච්චිෂ්ට ගණපති

Ucchhishta Ganapati

උච්චිට්ට ගණපති අවතාරයේ ශරීර වර්ණය වෙන්නේ නිල් පැහැය . ඒවගේම තමයි මේ නිල් පැහැය ටිකක් තද නිල් පැහැයක් ගන්නවා . එතුමන්ගේ එක් භාර්යාවක් එක්ක තමයි මේ අවතාරයේ පෙන්නුම් වෙන්නේ . උච්චිට්ට ගණපති අවතාරයේ අත් හයක් පෙන්නුම් කෙරෙනවා . මේ අත් හයට වීණාවක් , දෙළුම් ගෙඩියක් , නිල් නෙලුම් මලක් , ජප මාලයක් සහ ගොයම් මිටියක් දරාගෙන ඉන්නවා . මේ අවතාරයට වන්දනා කිරීම ඔස්සේ මිනිසුන් වැඩියෙන්ම ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා . ඒ වගේම තමයි බවභෝග සම්පත් ලාභය බලාපොරොත්තු වෙනවා . ලාභය කියලා කියන්නේ සල්ලි ආහාර ඇඳුම් පැළඳුම් වගේ දේවල් . 


9. විග්න ගණපති

Vighna Ganapati

විග්න කියලා කියන්නේ බාධාවන් . ජීවිතයට ඇතිවෙන බාධාවන් විනාශ කිරීම විග්න ගණපති අවතාරයේ කාර්යභාරය වෙනවා . මේ විග්න ගණපති අවතාරය රත්තරන් පැහැයෙන් යුක්ත වෙනවා . අත් අටක් මේ විග්න ගණපති අවතාරයට හිමි වෙනවා . විග්න ගණපති අවතාරයේ මේ අත් අටේ තොන්ඩුවක් , යගදාවක් , දළයක් , මෝදකයක් , හක් ගෙඩියක් , කවපෙත්තක් , මල් කළඹක් , උක් දණ්ඩක් , මල් දුන්නක් සහ පොරවක් දරාගෙන ඉන්නවා . බාධක විනාශ කරගන්න තමයි විග්න ගණපති වන්දනාව කෙරෙනවා කියලා සඳහන් වෙන්නේ . 


10. ක්ෂිප්ර ගණපති

Kshipra Ganapati

ක්ෂීර ගණපති අවතාරය මිනිස්සුන්ට වර ලබා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නා අවතාරයක් . තරුණ කඩවසම් පෙනුමක් ගන්න අතරේ ශරීරය රතු පැහැයෙන් පෙන්නුම් කෙරෙනවා . අත් හතරක් තියෙනවා . මේ අත් හතරේ තොන්ඩුවක් , යගදාවක් , කල්ප වෘක්ෂයේ කොටසක් , තමන්ගේ කැඩුණු දළය දරාගෙන ඉන්නවා . ඊට අමතරව හොඩවැලේ මැණික් මුට්ටියක් සහිත වෙනවා . වර ලබා ගැනීම සඳහා තමයි මේ ක්ෂීර ගණපති අවතාරය වන්දනා කරන්නේ . 


11. හේරම්භ ගණපති

Heramba Ganapati


හේරම්භ ගණපති අවතාරයේ මූණු පහක් සහිත වෙනවා . සිංහයා මේ අවතාරයේ වාහනය වෙනවා . මේ නිසා තරමක ගාම්භීර පෙනුමක් මේ අවතාරයට හිමි වෙනවා . අත් 10 ක් මේ අවතාරයට හිමි වෙනවා . ඒ අත්වල තොන්ඩුවක් , ජප මාලයක් , පොරවක් , මිටියක් , එක දළයක් , මල් මාලයක් , පළතුරක් , සහ මෝදකයක් දරාගෙන ඉන්නවා . ආරක්ෂාව සහ ආශිර්වාද මුද්‍රාවට අනිත් අත් දෙක හිමි වෙනවා . මේ අවතාරයෙන් බලාපොරොත්තු වෙන්නෙත් දුර්වලයින්ගේ ආරක්ෂාව . 


12. ලක්ෂ්මි ගණපති

Lakshmi Ganapathi

ලක්ෂ්මී ගණපති අවතාරය සුදු පැහැයෙන් යුක්ත අවතාරයක් වෙනවා . මේ අවතාරය වරද මුද්‍රාව පෙන්නුම් කරගෙන ඉන්න අවතාරයක් . ගණදෙවියන්ගේ භාර්යාවන් දෙදෙනාම මේ අවතාරයේ පෙන්නුම් කෙරෙනවා . අත් අටක් සහිත මේ අවතාරය ඒ අත් වල කොළ පාට ගිරවෙක් , දෙළුම් ගෙඩියක් , කඩුවක් , යගදාවක් , තොන්ඩුවක් , කල්ප වෘක්ෂයේ කොටසක් , කෙණ්ඩියක් දරාගෙන ඉන්නවා . ලැබීම් ලබාදීම තමයි මේ අවතාරයේ කාර්ය භාරය විදියට සඳහන් වෙන්නේ . 


13. මහා ගණපති

Maha Ganapati

මහා ගණපති අවතාරය ඇස් තුනකින් යුක්ත වෙනවා . මේ අවතාරය තමන්ගේ එක් බිරිඳක් සමග තමයි පෙන්නුම් කරන්නේ . රතු පැහැයට හුරු පැහැයක් ගන්නවා . ඒ වගේම අත් දහයකින් යුක්ත වෙනවා . මේ අත් දහයේ එක දළයක් , දෙළුම් ගෙඩියක් , නිල් මානෙල් මලක් , තොන්ඩුවක් , නෙලුම් මලක් , ගොයම් මිටියක් , ධාන්‍ය මිටක් සහ මැණික් මුට්ටියක් දරාගෙන ඉන්නවා . ධන ධාන්‍ය සම්පත්තිය සඳහා තමයි මහා ගණපති අවතාරය වන්දනා කිරීම බහුතරයක් දෙනා සිදු කරනු ලබන්නේ . 


14. විජය ගණපති

Vijaya Ganapati


වීරත්වය උදෙසා තමයි මේ විජය ගණපති අවතාරය වන්දනා කිරීම සිදු කරනු ලබන්නේ . රතු තැඹිලි පැහැයකට හුරු පැහැයක් ගන්නවා විජය ගණපති අවතාරයේ ශරීර වර්ණය . අත් හතරක් පිහිටන විජය ගණපති අවතාරයේ එක් දළයක් තොන්ඩුවක් හෙණ්ඩුවක් සහ රත්තරන් අඹයක් දරාගෙන සිටිනවා . මූසික වාහනය තමයි වාහනය විදියට පෙන්නුම් වෙන්නේ . ජයග්‍රහණය ශක්තිමත් භාවය වගේ දේවල් සඳහා තමයි මේ විජය ගණපති අවතාරය වන්දනා කිරීම සිදු කරනු ලබන්නේ . 


15. නෘත්‍ය ගණපති

Nritya Ganapati

නෘත්‍ය ගණපති අවතාරය නර්තන විලාශයක් සහිතව තමයි පෙන්නුම් කරන්නේ . ඒ නිසා මේ ගණපති අවතාරය නර්තනය සඳහා අධිපති වෙනවා කියලා නම් කෙරෙනවා . කහ පැහැයට හුරු වර්ණයක් ශරීර වර්ණය විදියට පවතින නෘත්‍ය ගණපති අවතාරයේ අත් හතරක් පිහිටනවා . මේ අත් හතරේ ඇඟිලි සියල්ලේම මුදු පැළඳගෙන සිටිනවා . ඒ වගේම ඒ එක එක අතේ එක් දළයක් , තොන්ඩුවක් , යගදාවක් සහ මෝදකයක් දරාගෙන සිටිනවා . කල්ප වෘක්ෂය යට නර්තනයේ යෙදෙන ආකාරයට තමයි මේ අවතාරය පෙන්නුම් කරන්නේ . සතුට සෞභාග්‍යය ලඟා කරගැනීමට මේ නෘත්‍ය ගණපති අවතාරය වන්දනා කිරීම සිදු කරනවා . 


16. ඌර්ධව ගණපති

Urdhva Ganapati

එක භාර්යාවක් එක්ක තමයි මේ අවතාරය පෙන්නුම් වෙන්නේ . රත්තරන් පාට ශරීරයක් හිමි වෙනවා . අත් හයක් සහිත මේ අවතාරයේ ගොයම් මිටියක් , නෙලුම් මලක් , උක් දණ්ඩක් , දුන්නක් , ඊතලයක් , ගජමුතු සහ නිල් මානෙල් මලක් දරාගෙන ඉන්නවා . සශ්‍රීකත්වය සහ වර ලාභ ලබාදීම මේ අවතාරයේ විශේෂත්වයක් වෙනවා . 


17. ඒකාක්ෂර ගණපති

Ekakshara Ganapati


" ගම් " කියන ශබ්ධය ගණ දෙවියන්ට විශේෂිත අක්ෂරයක් වෙනවා . මේ අක්ෂරයට අධිපති වෙන්නේ මේ ඒකාක්ශර ගණපති අවතාරය . ඇස් තුනක් මේ අවතාරයට හිමි වෙනවා . ශරීර වර්ණය රතු පැහැයට හුරු වර්ණයක් වෙනවා . මී වාහනයක් මත තමයි හිඳගෙන ඉන්නේ . දෙළුම් ගෙඩියක් යගදාවක් සහ තොන්ඩුවක් දරාගෙන ඉන්නවා වගේම තමයි ඉතිරි අතින් වරද මුද්‍රාව පෙන්නුම් කරනවා . වර ලබාදීම මේ අවතාරයේ විශේෂිත ලක්ෂණයක් . 

18. වරදා ගණපති

Varada Ganapati

වරද ගණපති අවතාරය වර ලාභ ලබාදීමට විශේෂ වෙනවා . ඇස් තුනක් සහිත මේ අවතාරය අත් හතරක් සහිත වෙනවා . මේ අත් හතරේ මී පැණි බඳුනක් , දළයක් , තොන්ඩුවක් , යගදාවක් දරාගෙන ඉන්නවා . හෝඩවැලේ වටිනා ආභරණ සහිත බඳුනක් දරාගෙන ඉන්නවා . මේ අවතාරය එක් බිරිඳක් සමග පෙන්නුම් කෙරෙනවා . ඔටුන්නේ හඳ පළුවක් සහිත වීම විශේෂ ලක්ෂණයක් වෙනවා . 


19. ත්‍රිඅක්ෂර ගණපති

Tryakshara Ganapati


ත්‍රී අක්ෂර ගණපති අවතාරය ඕම් අක්ෂරයට අධිපති බව දරනවා . ඕම් අක්ෂරය හැදිලා තියෙන මූලික අකුරු තුනට අධිපති වීම නිසා තමයි මේ නම හිමි වෙලා තියෙන්නේ . රත්තරන් පැහැති ශරීරයක් හිමි වෙනවා . අත් හතරක් හිමි වෙනවා වගේම තමයි මේ අත්වල එක දළයක් , යගදාවක් , තොන්ඩුවක් , අඹ ගෙඩියක් සහ හොඩවැලේ මෝදක ගුලියක් දරාගෙන ඉන්නවා . විශ්ව ශක්තියට අධිපති වීම තමයි මේ අවතාරයේ විශේෂත්වය වෙන්නේ . 


20. ක්ෂිප්ර ප්‍රසාද ගණපති

Kshipra Prasada Ganapati


කුසතන වලින් සාදන ලද ඔටුන්නක් දරාගෙන ඉන්න කිශිප්ර ප්‍රසාද අවතාරය ඉක්මන් වර ලාභ ලබා දීම වෙනුවෙන් විශේෂ වෙනවා . විශාල උදරයක් සහිත වීමෙන් පෙන්නුම් කරන්නේ සම්පූර්ණ විශ්වයම තමා විසින් පෙන්නුම් කරන බවයි . අත් හයක් හිමි වෙන මේ අවතාරයේ අත්වල තොන්ඩුවක් යගදාවක් නෙලුම් මලක් දෙළුම් ගෙඩියක් කල්ප වෘක්ෂයේ අත්තක් දරාගෙන ඉන්නවා . වර ලාභ සහ ධනය ලබා ගැනීම වෙනුවෙන් මෙම අවතාරය වන්දනා කිරීම සිදු කරනු ලබනවා . 


21. හරිද්‍ර ගණපති

Haridra Ganapati

හරිද්‍ර ගණපති අවතාරය රත්තරන් පැහැයක් ගන්නවා . මේ රත්තරන් පැහැය සහිත ශරීරය මල් මාලා වලින් අලංකාර වෙලා තියෙනවා . රත්තරන් පැහැති ඇඳුම් තමයි මේ අවතාරය ඇඳගෙන ඉන්නේ . ඉතාම සන්සුන් අවතාරයක් විදියට මේ අවතාරය නම් වෙනවා . මෝදකයක් හොඩ වැලෙන් දරාගෙන ඉන්නවා . අත් හතරක් සහිත නිසා ඒ අත් හතරේ තොන්ඩුවක් , යගදාවක් , එක දළයක් සහ මෝදකයක් දරාගෙන ඉන්නවා . ශාන්තිය සහ නිදහස් බව මේ අවතාරය පෙන්නුම් කරනවා . 


22. ඒකදන්ත ගණපති

Ekadanta Ganapati


නිල් පාට ශරීරයක් හිමි ඒක දන්ත ගණපති අවතාරයට අත් හතරක් හිමි වෙනවා . මේ අත් හතරේ මෝදක බඳුනක් , නෙලුම් මලක් , පොරවක් සහ තොන්ඩුවක් පෙන්නුම් කරනවා . ආශිර්වාදය ලබා ගැනීම සහ ශක්තිය ලබා දීම මේ ඒක දන්ත ගණපති අවතාරය විසින් සිදු කරනවා . 


23. ශ්‍රීස්ථි ගණපති

Sristhi Ganapati


මෙම අවතාරය විසින් සිදු කරනු ලබන්නේ සතුට ප්‍රකාශ කිරීමේ කාර්යය . රතු පැහැති ශරීරයක් හිමිව් වෙනවා . මීයෙක් මත තමයි හිඳගෙන ඉන්නේ . අත් හතරක් මේ අවතාරයට හිමි වෙනවා . මේ අත් හතරේ තොන්ඩුවක් , යගදාවක් , අඹ ගෙඩියක් , එක දළයක් දරාගෙන ඉන්නවා . මමත්වය අත් හැරීම සම්බන්ධව තමයි මේ අවතාරය විශේෂයෙන්ම කියන්නේ . ආශිර්වාදය ලබාගැනීම වෙනුවෙනුත් මේ අවතාරය වන්දනා කිරීම සිදු කරනු ලබනවා . 


24. උද්දන්ඩ ගණපති

Uddanda Ganapati

උද්දන්ඩ ගණපති අවතාරය ධර්මය ආරක්ෂා කිරීමේ කාර්ය භාරය හිමි කරගෙන ඉන්නවා . මේ නිසාම අයහපත නැගී සිටින විට ධර්මය ආරක්ෂා කිරීමට මේ අවතාරය කටයුතු කරනවා . අත් දහයක් හිමි වෙන අවතාරයක් වෙනවා . ඒ අත් දහයේ මැණික් භාජනයක්  , නිල් මානෙල් මලක් , ගොයම් මිටියක් , දෙළුම් ගෙඩියක් , තොන්ඩුවක් , යගදාවක් , මල් මාලයක් සහ එක දළයක් දරාගෙන ඉන්නවා . සාධාරණය වෙනුවෙන් මේ අවතාරය වන්දනා කිරීම කෙරෙනවා . 


25. සෘණ මෝචන ගණපති

Rinamochana Ganapati

සෘණ මෝචන ගණපති අවතාරයේ ප්‍රධානම කාර්යය වෙන්නේ මිනිසුන්ට ළඟාවන සෘණ ශක්තිය ඉවත් කිරීම සහ සෞභාග්‍යය ලඟා කිරීම . රතු පැහැති වස්ත්‍ර දරනවා වගේම තමයි ශරීරය සුදු පැහැයට හුරු පැහැයක් ගන්නවා . අත් හතරක් මේ අවතාරයට හිමි වෙනවා . මේ අත් හතරේ තොන්ඩුවක් , යගදාවක් , දළයක් , අඹ ගෙඩියක් , ජම්බු ගෙඩියක් දරාගෙන ඉන්නවා . 


26. ධුන්දී ගණපති

Dhundhi Ganapati


මේ අවතාරය සම්පූර්ණයෙන්ම රතු පැහැයෙන් යුක්ත වෙනවා . උත්සාහයේ ප්‍රතිමූර්තියක් විදියට තමයි ධූන්දී අවතාරය පෙන්නුම් කරන්නේ . අත් හතරක් මේ ධූන්දී අවතාරයට හිමි වෙනවා . ඒ අත් හතරේ රුද්රාක්ෂයක් , දළයක් , පොරවක් සහ වටිනා ආභරණ මුට්ටියක් දරාගෙන ඉන්නවා . ආශිර්වාදය ශක්තිය වීර්යය ලබා ගැනීම සඳහා මේ අවතාරය වන්දනා කිරීම සිදු කරනු ලබනවා . 


27. ද්විමුඛ ගණපති

Dvimukha Ganapati

ද්වී මුඛ ගණපති අවතාරයේ ප්‍රධානම ලක්ෂණය වෙන්නේ මුහුණු දෙකක් සහිත වීම . මේ මුහුණු දෙක සහ ශරීරය සම්පූර්ණයෙන්ම නිල් පැහැති ස්වරූපයක් ගන්නවා . සෑම දිශාවකටම අධිපති වීම මේ අවතාරයේ විශේෂත්වය වෙනවා . රත්තරන් ඔටුන්නක් පැළඳගෙන ඉන්නවා . අත් හතරක් හිමි වෙනවා වගේම තමයි ඒ අත් හතර මගින් තොන්ඩුවක් යගදාවක් දළයක් සහ මැණික් බඳුනක් දරාගෙන ඉන්නවා . ආශීර්වාදය පිහිට ලැබීම කියන දේවල් තමයි මේ අවතාරය වන්දනා කිරීමේ ප්‍රධානම අරමුණු වෙන්නේ . 


28. ත්‍රිමුඛ ගණපති

Trimukha Ganapati


ත්‍රී මුඛ ගණපති අවතාරයේ ප්‍රධානම ලක්ෂණය වෙන්නේ මුහුණු තුනකින් සමන්විත වීම . මේ මුහුණු තුන නිසාම තමයි මේ අවතාරයට ඒ නම ලැබිලා තියෙන්නේ . රතු පාට ශරීරයක් හිමි වෙනවා . ඒ වගේම තමයි නෙලුම් මලක් උඩ තමයි ඉඳගෙන ඉන්නේ . අත් හතරක් මේ අවතාරයට හිමි වෙනවා . ඒ අත් හතරේ තොන්ඩුවක් , යගදාවක් , පැණි මුට්ටියක් , ජප මාලයක් කියන දේවල් දරාගෙන ඉන්නවා . ආශිර්වාද මුද්‍රාවෙන් තමයි මේ අවතාරය පෙනී සිටින්නේ . සැමට ආශිර්වාද කිරීම මේ අවතාරයෙන් සිදු කරනවා . 


29. සිංහ ගණපති

Sinha Ganapati

සිංහ ගණපති අවතාරයේත් වාහනය වෙන්නේ සිංහයා . තේජවත් බව මේ අවතාරයෙන් පෙන්නුම් කරනවා . ඒ වගේම තමයි බිය නැති ස්වභාවය කියන දේත් මේ සිංහ අවතාරයෙන් පෙන්නුම් කරනවා . යුද්ධ ජයග්‍රහණය කිරීම , රාජ්‍ය පාලනය වගේ දේවල් වලට මේ සිංහ ගණපති අවතාරය වන්දනා කිරීම සිදු කරනවා . අත් අටකින් මේ අවතාරය සමන්විත වෙනවා . මේ අත් අටේ සිංහ ඔලුවක් , කල්ප වෘක්ෂයෙන් කොටසක් , වීනාවක් , නෙලුම් මලක් , මල් පොකුරක් , ආභරණ සහිත මුට්ටියක් දරාගෙන ඉන්නවා . 


30. යෝග ගණපති

Yoga Ganapati


යෝග ගණපති අවතාරය වන්දනා මාන කිරීම සිදු කරනු ලබන්නේ විශේෂයෙන්ම යෝග සම්බන්ධව කටයුතු කරන පිරිසි විසින් . යෝග උගන්වනු ලබන යෝග ආචාර්ය වරුන්ගේ විශේෂ භක්තියක් මේ යෝග ගණපති අවතාරය කෙරෙහි පවතිනවා . භාවනානු යෝගීව ඉන්න මේ අවතාරය එරමිනියා ගොතාගෙන ඉන්න ස්වරූපයෙන් තමයි ඉන්නේ . අත් හතරක් සහිත මේ අවතාරයේ මේ අත් හතරේ උක් දණ්ඩක් , ජපමාලයක් , භාවනා කිරීමට ගන්න ආධාරකයක් , සහ අභය මුද්‍රාව සහිතව සිටින අතක් දරාගෙන සිටිනවා . 

31. දුර්ගා ගණපති

Durga Ganapati


දුර්ගා ගණපති අවතාරය දුර්ගා මෑණියන් වෙනුවෙන් දුර්ගා මෑණියන් පෙන්නුම් කරන අවතාරය විදියට පිළිගැනෙනවා . මේ අවතාරය ඇත්තටම අදෘශ්‍යමාන අවතාරයක් විදියට තමයි නම් කරලා තියෙන්නේ . ඒ කියන්නේ දුර්ගා ශක්තිය පෙන්නුම් කරන ඒත් රූපයක් විදියට පෙන්නුම් වෙන්නේ නැති අවතාරයක් විදියට තමයි දුර්ගා ගණපති අවතාරය පවතින්නේ . අත් හයක් පිහිටන දුර්ගා ගණපති අවතාරයේ මේ අත්වල දුන්නක් ඊයක් තොන්ඩුවක් යගදාවක් ජප මාලයක් දළයක් ජම්බු ගෙඩියක් දරාගෙන ඉන්නවා . රතු වස්ත්‍ර තමයි මේ අවතාරයට හිමි වෙන්නේ . දුර්ගා මෑණියන් වෙනුවෙන් කරනු ලබන වන්දනා මාන වලදී පුද ලබන අවතාරයක් තමයි දුර්ගා ගණපති අවතාරය කියලා කියන්නේ . 


32. සංකටහර ගණපති

Sankatahara Ganapati


රතු පැහැති නෙලුම් මලක ඉඳගෙන ඉන්න ආකාරයට තමයි සංකටහර ගණපති අවතාරය පෙන්නුම් කරන්නේ . අත් හතරක් මේ සංකටහර ගණපති අවතාරයට හිමි වෙනවා . ඒ අත් හතරේ තොන්ඩුවක් , යගදාවක් , පායාස බඳුනක් සහ වරද මුද්‍රාවෙන් සිටින අතක් විදියට දරාගෙන ඉන්නවා . එක් භාර්යාවක් පෙන්නුම් වෙනවා මේ අවතාරයේ . දුක සහ බාධාවන් දුරු කරන අවතාරයක් විදියට පිළිගැනෙන මේ අවතාරය මිනිසුන් විසින් වන්දනා කරන්නෙත් ඒ අවශ්‍යතා සඳහා තමයි . 


මේ අවතාර වන්දනා කරන මන්ත්‍ර 32 කුත් වෙන වෙනම නිර්මාණය වෙලා තියෙනවා . තවත් ලිපියකින් අපි බලමු මේ මන්ත්‍ර 32 මොනවද කියලා . 


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


ඕම් නමෝ ශ්‍රී මහා ගනේශාය නමහා..................... ගණ දෙවියන් සම්බන්ධව කතා කරනකොට ගණ දෙවියන්ගේ උපත සම්බන්ධව කියවෙන බොහොම ප්‍රසිද්ධ කතාවක් ති...

මහද දෝතින් ගෙන පැතු මට වෛර නොකරනු මැනවි






ආදරය යනු යමෙකු ගෙවන ලද ජීවිතය නවමු ආකාරයකින් ප්‍රතිසංස්කරණය කරනු ලබන ගුප්ත මායාවක් වැන්න  . එය තේරුම් ගනු ලබන්නේ කීයෙන් කීදෙනාද ? . සැබවින්ම බොහෝ අය සිතනු ලබන්නේ ආදරය කරනු ලබන පුද්ගලයා තමන් කැමති ආකාරයට හැඩගස්වා ගැනීමට රළු හැඩය , රළු වචන , රළු ගති පැවතුම් සුමුදු කිරීම තමා විසින්ම කළයුතු බවත්ය .

හැගීම් බෙදාහදා ගැනීම අදහස් හුවමාරු කරගැනීම ආදී සකලවිද ප්‍රේමාලිංගනයන්ගේ කූටප්‍රාප්තිය ඔහු හෝ ඇය තමා වෙත නම්මවා ගැනීම බව ඔවුන්ගේ විශ්වාසයයි . එහෙත් එය මුළුමනින්ම වැරදි ක්‍රියාවක් බව තේරුම් යන්නේ නැවුම් ආදරය පෑල දොරින් පලාගිය පසුවය .ඒ කෙසේ වෙතත් අප මුල සිටම කටයුතු කරන්නේ අපගේ පෙම්වතා හෝ පෙම්වතිය මුල සිටම තමාගේ අභිමතයන් අනුව වෙනස් කරගැනීමටය .

ආදරයේ සැබෑ හැඩතලය වන්නේ තමාගේ ගතිගුණ වලට අනුව අනෙකා නොව ; අනෙකාගේ ගතිගුණ වලට අනුව තමාගේ ජීවන හැඩතල වෙනස් කරගැනීමයි . ඔහුගේ හෝ ඇයගේ සිතුම් පැතුම් තේරුම්ගෙන ඒ අනුව ජීවත් වීමයි . අන්ධ බවින් මිදී මහපොළව තුල පයගසා ජීවත් වන්නාට සිහින ලෝකවල ජීවත්වී කඩා වැටෙන්නාට වඩා අංශුමාත්‍රයකින් හෝ වැඩි සතුටක් ලැබිය හැක . ඒ අනුව සිතනවිට බුදුන්වහන්සේ නිවැරදිය . ආශාවන් නැතිකළ තැනැත්තාට අජරාමර සැප ලැබේ .

සිහින ලෝකවල ජීවත්වන පුද්ගලයින් අවසානයේ සිහිනත් සමගම බොඳවී යනවා මිස සැබෑ ලෝකයේ අවදි වන්නට වරම් ලබන්නේ නැත . මේ එවන් පෙම්වතෙකුගේ ආත්මීය පසුතැවීමකි .

මහද දෝතින් ගෙන පැතු
පැතුම් කුසුමේ පෙති කඩා හැර
නුවන් යුග කඳුළින් තෙමා හැර
නිමල පෙමකට නිඟා කළ මට
වෛර නොකරනු මැනවි සොඳුරියේ

ඔබගේ ආත්මගත ආදර කුසුමේ සුවඳ විඳීමට මා ප්‍රාර්ථනා කරන ලද්දේ මාගේ හදවත දෝතින් ගෙනය . ඒ ඔබගෙන් මවෙත ලැබෙන්නාවූ ඔබගේම හදවත අහිමි වීමේ අඩුව ඔබට දැනීම වැලැක්වීමටය . අප දෙදෙනා එදා ඒ හුවමාරු කරගත් හදවත්වල පිරී පැවතුනු නැවුම් සුවඳට වග කිව යුත්තේ ඒ ඒ හදවත්වල පෝෂණයෙන් පිපී තිබුණු පැතුම් කුසුම බව මා හොඳාකාරවම දනිම .

මම මහා පවුකාරයෙක්මි . මම එය වටහාගන්නා විට මවිසින්ම ඒ පැතුම් කුසුමේ පෙති එකින් එක කඩා විසිරුවා අවසානය . ඔබටද මටද අවසානයේ ඉතිරි වූයේ කඳුළ පමණක්ය . පූජනීය වස්තුවක් සේ ඔබ ආරක්ෂා කළ නිර්මල වූ ප්‍රේමයට නිග්‍රහ කරන ලද ඒ පවුකාරයා මමය . මොහොතක් මොහොතක් පාසා විඳවමින් ඒ පවු ගෙවාලන මාහට ඔබගේ වෛරය දරාගැනීමට හැකියාවක් නැත . මාහට වෛර නොකරනු මැනවි සොඳුරියේ .

කටුක දුක් හදවත දවද්දී
නිවා ලන්නේ කෙලෙස ඔබ හද
බිඳුණු පෙම ඉකිබිඳ හඬද්දී
සිනා රැල්ලක වේද සොම්නස

ඔබගේ නිමල ප්‍රේමයට නිගාකල මාගේ හදවත කටුක අමිහිරි වේදනාවෙන් පිරී ඇත . එම වේදනාව විටෙක මහා ගිනි ජාලාවක් සේ මාගේ හදවත වෙලා ගනී . එහෙවු හදවතකට උරුමකම් කියන මා ඔබගේ හදවත දැවෙන වේදනා ගිනි දැල් නිවාලන්නේ කෙලෙසකද කියා සිතා ගැනීමට නොහැක . හදවත මුහුණින් ඉවතට පනිත්දී හදවතේ නැති සොම්නසින් පිරි සිනහව මුහුණින් කෙසේ පෙන්වමිද ?

සිතක් ඇති මුත් සුමුදු පිවිතුරු
වරම් නැත අබිසෙස් ලබන්නට
නුහුරු නුපුරුදු ලොවක යසිසුරු
නොහැක ඔබ අබියස රඟන්නට

ඔබගේ සිත සුමුදු පිවිතුරු සිතක් බව මම ඉඳුරාම දනිමි . නමුත් ඒ සුමුදු පිවිතුරු ප්‍රේමයේ අභිෂේකය මා හිස මත පැළඳ ගැනීමට වරම් අහිමි කරගත් පරාජිතයා මමය . අද ඔබ හා රංගනයේ යෙදීමට සිදුවී ඇත්තේ නන්නාඳුනන පුද්ගලයෙකු ලෙසිනි . එය මට නුහුරු නුපුරුදු හැසිරීමකි . එහෙත් ජීවිතය මේ දක්වා ගෙන ආවේ එලෙස රඟන්නට නම් වෙන කුමක් කරම්ද ??

මහද දෝතින් ගෙන පැතු
පැතුම් කුසුමේ පෙති කඩා හැර
නුවන් යුග කඳුළින් තෙමා හැර
නිමල පෙමකට නිඟා කළ මට
වෛර නොකරනු මැනවි සොඳුරියේ

කටුක දුක් හදවත දවද්දී
නිවා ලන්නේ කෙලෙස ඔබ හද
බිඳුණු පෙම ඉකිබිඳ හඬද්දී
සිනා රැල්ලක වේද සොම්නස

සිතක් ඇති මුත් සුමුදු පිවිතුරු
වරම් නැත අබිසෙස් ලබන්නට
නුහුරු නුපුරුදු ලොවක යසිසුරු
නොහැක ඔබ අබියස රඟන්නට


ගී පද : යශෝධා විමලධර්ම
තනුව : නවරත්න ගමගේ
ගායනය : දයාන් විතාරණ









ආදරය යනු යමෙකු ගෙවන ලද ජීවිතය නවමු ආකාරයකින් ප්‍රතිසංස්කරණය කරනු ලබන ගුප්ත මායාවක් වැන්න  . එය තේරුම් ගනු ලබන්නේ කීයෙන් කීදෙනාද ? . සැබවින...

ජනෙල් උළුවහු මැද වහලයේ ලී තැබීමේ දෝෂය සහ නිර්දෝෂය



දැනට මාසයකට වගේ කලින් මට කෙනෙක් කතා කරලා එයාගේ ගෙදර තියෙන වාස්තු විද්‍යාත්මක ගැටළු කීපයක් ගැන දුරකථනය ඔස්සේ පැහැදිළි කිරීමක් බලාපොරොත්තු උනා . ඒ පැහැදිළි කිරීම ටිකක් දුරට යනකොට ඒ කෙනාටත් මටත් දෙන්නටම අවශ්‍ය උනා මේ නිවසේ වාස්තු විද්‍යාත්මක පසුබිම සම්බන්ධව අදාළ ක්ෂේත්‍රයටම ගිහින් බලලා කතා කරන්න . ඊට පස්සේ මේ වෙනුවෙන් දවසක් වෙලාවක් වෙන් කරගෙන මම ගියා ඒ ගෙදර තත්වය පරීක්ෂා කරලා බලන්න සහ එයාලාගේ හිතේ තියෙන ප්‍රශ්නයට උත්තරය මොන වගේ එකක් වෙන්න ඕනද කියලා බලන්න . 


ඒ ගෙදර ළමයි තුන් දෙනාගෙන් එක්කෙනෙක් ඊට සති දෙකකට වගේ කලින් වාහන අනතුරක් නිසා මිය ගිහින් . එයාලා ඉන්න ගෙදර ඒ වෙනකොටත් සම්පූර්ණයෙන් ම කඩලා අලුත් වැඩියා කරනවා . කොහොම හරි මරණය තැම්පත් කරලා තිබුණෙත් බාගෙට වගේ හදලා තිබුණ සාලයේ . එයාලට අවශ්‍යතාවය තිබුණේ මරණයේ කටයුතු අවසන් කරලා හත් දවසේ දානයත් දීලා ඊට පස්සේ ගෙදර වැඩ ආයෙත් පටන් ගන්න . ඒ වුණත් එයාලාගේ හිතේ යම් කහටක් තිබුණා ඒ ගෙදර කඩලා හදන නිසා ඒ ඇතිවුණු දෝෂයක් නිසා තමන්ගේ දරුවා මිය ගියාද කියලා දැනගන්න . පැය දෙකක වගේ සාකච්ඡාවකට පස්සේ මම එයාලට තේරුම් කරලා දුන්නා ගෙදර දෝෂයක් නැහැ . දරුවා මිය ගියේ එයාගේ දෛවය අනුව , ගෙදර දෝෂයක් නිසා නෙවෙයි කියලා . 


ඒ පැය දෙකක වගේ සාකච්ඡාව තුල එයාලා නිතරම මතු කරපු ගැටළුවක් උනේ උළුවස්සක හරස් කඳේ හරි මැදට වහලේ බාල්ක ලීයක් ස්ථානගත වීම . ගෙදරට ආපු කෙනෙක් ඒක දෝෂයක් කියලා කිව්වා කියලා තමයි එයාලා නිතරම වගේ ඒ කතාව තුල කිව්වේ . මේ ලිපිය ලියන්න ප්‍රධානවම හේතු උනේ එදා ඒ සිදු වුණු කතා බහ . 

ගොඩක් වෙලාවට වස්සතු විද්‍යාත්මක සිද්ධාන්ත , කාලයත් යාවත්කාලීන වීම නොවීම නිසා මේ වගේ ප්‍රශ්න මිනිස්සුන්ගේ හිත්වල හොල්මන් කරන තත්වයට පත් වෙලා තියෙනවා . තමන්ගේ හිතේ එහෙම හොල්මන් කරන සිතුවිල්ලක් තවත් කෙනෙක්ට බරපතල විදියට කීම නිසා තවත් ප්‍රශ්න වැඩිවෙලා මේ කරුණු කටින් කට ඉදිරියට එනවා . 


ඉස්සර කාලේ , ඒ කියන්නේ ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා ඉන්න කාලේ කියලා අපි කියමුකේ . ඒ කාලේ ගෙවල් හදනකොට ගොඩක් වෙලාවට භාවිතා කරේ කළුගල් , හිරිගල් , කබොක් ගල් , මැටි , හුණු බදාම , ලී දඬු , සහ ලීවලින් නිර්මාණය කරන ලද උළුවහු ජනෙල් . වහලයට පාවිච්චි කරේ ලී සහ උළු , පිදුරු , පොල් අතු වගේ දේවල් . මේ වගේ දේවල් වලින් ඒ කාලේ ගෙයක් හදනකොට ඒ කාලේ මිනිස්සු අත්තිවාරම දාලා ගේ බැඳගෙන එනකොට උළුවහු ජනෙල් අදාල ස්ථානවල තියලා එහෙමම ගේ බැඳගෙන යනවා . එහෙම ගේ බැඳගෙන ගිහින් උළුවහු ජනෙල් වල උද කොටසත් ඒ විදියටම ගල් මැටි බදාම වගේ දේවල් භාවිතා කරගෙන බඳිනවා . ඊට පස්සේ වහලය ගහනවා . මම උදාහරණයක් විදියට දාන්නම් ඒ වගේ පරණ විදියට බැඳපු ගෙදරක ෆොටෝ එකක් . 


බලන්න මේ ගෙදර ජනේලය උද බිත්ති කොටස බන්දලා තියෙන්නේ මම අර කිව්වා විදියට . දැන් හිතන්න වහලය ගහනකොට ඔය ජනේලයේ හරස් ලීයේ හරි මැදට වෙන්න වහලයේ යට ලීයක් , බාල්කයක් හරි පරාලයක් හරි ආවා කියලා . එතකොට ඒ ලීයේ බර බිත්තිය හරහා ඇවිත් මේ උළුවහු ලීයේ මැදට සම්බන්ධ වෙනවා . කාලයත් එක්ක ඔය බර ක්‍රියාත්මක වෙනකොට ජනේල රාමුවේ මැද තියෙන කඳ යූ අකුරක ශේප් එක ගන්න වගේ මැදින් පහතට නැවෙන්න බලනවා . ඔය නැම්ම අඟලක් නැවුනත් ඇති ඒ බිත්තියේ සමතුලිතය බිඳෙන්න . ඊට පස්සේ බිත්තිය ඉරිතලනවා . ඒ ඉරිතැලීම ලොකුවට ගිහින් බිත්තිය කඩා වැටෙන්න උනත් පුළුවන් . එහෙමත් නැත්නම් ඒක පිළිසකර කරන්න මුළු ගෙයිම වහලය ගලවලා ආයෙත් වහලය ගහන්න වෙන්න ඉඩ තියෙනවා . 


බිත්තිය කඩා වැටුනොත් බිත්තියට යටවෙලා ගෙදර මිනිස්සු මැරෙන්න ඉඩ තියෙනවා . වහලය කඩා වැටුනත් එහෙමයි . අපි හිතමු ගෙදර අලුත් වැඩියා කරනවා කියලා . එහෙම අලුත් වැඩියා කරනකොට උනත් අනතුරු වෙලා ගෙදර මිනිස්සු මැරෙන්න පුළුවන් . වහල ගලවලා වහලය හදනකල් වැස්සක් වැස්සොත් ගෙදර බඩු සේරම විනාස වෙන්න පුලුවන් . මේ වගේ හානි වැඩි ප්‍රමාණයක් මෙහෙම බිත්ති බැඳීම නිසා වෙන්න පුළුවන් . ඒ නිසා තමයි ඒ කාලේ වාස්තු නියමයක් ආවේ මේ වගේ උළුවහු හෝ ජනෙල් කඳක් උද හරි මැදට වෙන්න වහලයේ බර ලී ස්ථානගත වෙන්න හොඳ නැහැ කියලා . ඒ කාලෙට ඇත්තටම ඒක වලංගු වෙනවා . ඒත් අද කාලේ ?


අද කාලයේ හදපු සහ හදන ගෙවල් වල උළුවහු ජනෙල් තියලා හෝ තියන්න කලින් ඉඩ තියලා බිත්ති බැඳලා ඒ උඩින් කොන්ක්‍රීට් ලින්ටල් එකක් යනවා . මේ ලින්ටල් යන නිසා වහලයේ බර උළුවහු ජනෙල් වලට බලපාන්නේ නැහැ . මේ බලපෑම ඇති නොවීම නිසා වහලයේ ලී ඕන විදියකට බිත්ති උඩ ස්ථානගත කරන්න පුළුවන් . මේ විදියට ලින්ටල් දාලා හදපු ගෙදරාකට වන අලි ප්‍රහාරයක් එල්ල වෙලාත් ගෙදර වහලය ඒ විදියටම තියෙන ෆොටෝ එකක් මම මෙතන දාන්නම් . මම මේ ෆොටෝ එක facebook එකෙන් දැකලා අරගත්තේ මේ ලිපියටම සම්බන්ධ කරන්න ඕන නිසා . 




බලන්න මේ ගෙදර වහලය ඒ විදියටම තියෙනවා . වහලයේ බර ලින්ටල් එක හරහා බෙදිලා ගිහින් තියෙන නිසා උළුවහු ජනෙල් තියා අලි කඩලා දැම්මට පස්සේ වහලවත් පාත් වෙලා නැහැ . මේ නිසා මෙයාලට ගෙදර අලුත් වැඩියා කරගන්න උනත් පහසුවක් තියෙනවා . ඒ වගේම තමයි වහලයේ බර නිසා බිත්ති පුපුරන තත්වයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ . මේ වාසිය නිසා තමයි අද කාලේ ගෙවල් වල වහලයේ ලී උළුවහු ජනෙල් වල හරිම මැදට ආවත් දෝෂයක් නැහැ කියලා කියන්නේ . මේක කොච්චර පැහැදිලි කරලා කියන්න හැදුවත් මිනිස්සුන්ගේ හිතේ තියෙනවා ඒ වුණත් දෝෂයක් එයිද දන්නේ නැහැ කියලා අමුතු බයක් . එහෙම බයක් ඇති කරගන්න වෙන්නේ නැහැ හරියට ලින්ටල් දාලා තියෙනවා නම් . 




මේ තියෙන්නේ ලින්ටල් දාලා හදලා තියෙන ගෙයක් . ඊළඟට මෙයාලට පුළුවන් උළුවහු ජනෙල් තියලා මේ ගෙය සම්පූර්ණ කරන්න . 


දැන්වත් මේ ප්‍රශ්නය තේරුම් අරගෙන අනවශ්‍ය විදියට ගෙවල් කඩලා , වහලවල් කඩලා මුදල් කාලය ශ්‍රමය නාස්ති කරන එක වළක්වා ගන්න . බටහිර හොඳයි පෙරදිග නරකයි කියලා වෙන් කරන්න බෑ . මේ තියරිය කොහෙටත් එකයි . 


තවත් ලිපියකින් හමුවෙමු !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !






දැනට මාසයකට වගේ කලින් මට කෙනෙක් කතා කරලා එයාගේ ගෙදර තියෙන වාස්තු විද්‍යාත්මක ගැටළු කීපයක් ගැන දුරකථනය ඔස්සේ පැහැදිළි කිරීමක් බලාපොරොත්තු උනා...