දෙව්රජුන් වැඩි මග ඔස්සේ ( සිංහාසන මණ්ඩපයේ මදකට නැවතීමු )






දෙව්රජුන් වැඩි මග ඔස්සේ 2015 ලිපිය අවසානයේ මම කිව්වා සිංහාසන මණ්ඩපය ළඟ පෙරහැර ටික වෙලාවකට නවතින අවස්ථාවේ ගත්ත වීඩියෝ එක ආයෙත් ලිපියකින් ගේන්නම් කියලා . මේ තියෙන්නේ ඒ වීඩියෝ එකත් එක්ක අරගෙන එන ලිපිය .

සිංහාසන මණ්ඩපය කියන්නේ දේවාභරණ ටික වෙලාවකට තැම්පත් කරන තාවකාලින දේවාභරණ ගබඩාව . ඒ කාලේ රජතුමා හෝ බස්නායක නිලමේ තුමා පෙරහැරේ ගමන් කළා . ඉතින් මේ කෙනා කවුරුහරි එයාටත් ඇවිදලා මහන්සියි . ඒවගේම දෝලාවල් වැඩම කරවපු තේවාව භාර අයටත් මහන්සියි . ඒ මහන්සිය නිවන්න තමයි සිංහාසන මණ්ඩපය භාවිතා කරන්නේ . 

මෙතන පෙරහැර නතර උනාමත් වෙඩිල්ලක් පත්තු කරනවා . වෙඩිල්ල නම් වීඩියෝ එකේ නෑ . මොකද පත්තු කරන්න හදනකොට වයලීනෝ ෆෝන් එක පැත්තක් දාලා කණ වහගත්ත නිසා . රත්නපුරෙටම ඇහෙන්න පත්තු කරන මේ වෙඩිල්ල කණ ගාව පත්තුවෙනකොට කොහොමද ෆන් එක . ඒක ඉතින් කිව්වට වැඩක් නෑ . අහලම බලන්න ඕන . 


කියලා බොහොම ඉස්සරකාලේ මම ලිව්ව ලිපියක් තියෙනවා . ඒකත් කියවලා වීඩියෝ එකත් බලලා යන්න . 





ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

දෙව්රජුන් වැඩි මග ඔස්සේ 2015 ලිපිය අවසානයේ මම කිව්වා සිංහාසන මණ්ඩපය ළඟ පෙරහැර ටික වෙලාවකට නවතින අවස්ථාවේ ගත්ත වීඩියෝ එක ආයෙත් ලි...

දෙව්රජුන් වැඩි මග ඔස්සේ 2015





සබරගමුව මහ සමන් දේවාලයේ 2015 වර්ෂයේ ඇසළ මහා මංගල්‍යය ගිය සතියේ පවත්වලා අවසාන උනා . ඉතින් වෙනදා වගේම මේ පාරත් දෙවේලේ පෙරහැර දවසක සහ මහ පෙරහැර , ඒ කියන්නේ රන්දෝලි පෙරහැර බලන්නත් වයලීනෝ ගම රට බලා ආවා අනිත් වැඩ රාජකාරි ඔක්කොම පැත්තක දාලා . මේ පාර හිතාගෙන හිටියා වගේම දේවාලයේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා වීඩියෝ කරගන්න පුළුවන් උනා . ඉතින් අද පොස්ට් එකෙන් වැඩිය යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ . ඔයාලා මේ වීඩියෝ ටික බලලා සමන් දේවාලයේ පෙරහැර සංස්කෘතිය ගැන අදහසක් ගන්න .

මේ වීඩියෝ ටික ගන්න ඕන නිසාම වයලීනෝ , පෙරහැර පටන්ගන්න කලින් ඉක්මනට දේවාලෙට ගොඩ උනා . ඊට පස්සේ ඉතින් අවුලක් නෑ . වෙන්නේ මොනවද ඔකොටම කැමරාව අල්ල අල්ල වීඩියෝ කරා . දේවාලයේ කාර්යමණ්ඩලය මේ වීඩියෝ කිරීමට භාදා නොකිරීම ගැන ඒ ඇත්තන්ට පිං දෙන්න ඕන මේ වෙලාවේ .

ඒ වගේම දේවාලයේ තේවාව සිද්ද කරන කාර්යමණ්ඩලයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත් ඕන . මේ වීඩියෝ කීපයේ කියන්න තරම් විශේෂ දෙයකට තියෙන්නේ සමහර තැන්වල වාදනය කරන බුරම්පෙත්තුව කියලා හඳුන්වන ට්‍රම්පට් වර්ගයේ නලා දෙක . මේ නලා පිඹලා සංකේතවත් කරන්නේ සමන් දෙවියන්ගේ ඇතාගේ කුංචනාද කිරීම කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ . මොකද මේ නලා දෙක පිඹිනකොට ඇතිවෙන්නේ කුංචනාද කිරීමට සමාන නාදයක් .

සමන් දේවාල පෙරහැර එක පෙරහරක් වගේ පෙනුනට මේ පෙරහැරේ කොටස් පහක් තියෙනවා . ඒවා තමයි පිළිවෙලින්

දළදා පෙරහැර
පත්තිනි පෙරහැර
බිසෝ පෙරහැර
කුමාර පෙරහැර
දේව පෙරහැර

මේවායින් දළදා පෙරහැර කියන පෙරහැර පවත්වන්නේ ඉතාමත් වැදගත් හේතුවක් නිසා . ඒ තමයි කාලයක් දළදා වහන්සේ මේ පෙරහැරේ වැඩම කරා කියන හේතුව . දෙල්ගමුව රජමහා විහාරයේ කුරහන් ගලක් යට දළදා වහන්සේ සඟවා තබපු කාලයේ දළදා වහන්සේ වෙනුවෙන් පෙරහැර පවත්වන්න පුළුවන් කමක් තිබිලා නෑ . ඒ නිසා කරලා තියෙන්නේ සමන් දේවාලයේ ඇසල පෙරහැර කාලයේදී දළදා වහන්සේ සමන් දේවාලයට වැඩම කරවලා දේව පෙරහරට ඉදිරියෙන් දළදා වහන්සේ වැඩම කරවපු එක .

ඒ කාලය තුල දළදා වහන්සේ වඩා හිඳුවලා තියෙන්නේ සමන් දේවාලයේ තියෙන මෙන්න මේ බුදු මැදුරේ . මේ බුදු මැදුරට දළදා ගෙය කියලත් කියනවා . ඉතින් පලවෙනි විමලධර්මසූරිය රජතුමා දළදා වහන්සේ ආයෙත් මහනුවරට වැඩම කරවාගෙන යනතුරු සමන් දේවාලයේ තමයි දළදා පෙරහැර පවත්වලා තියෙන්නේ . මේ නිසා සමන් දේවාලයේ අද දක්වාම දළදා පෙරහරත් දේව පෙරහරට ඉදිරියෙන් ගමන් කරනවා .





දළදා වහන්සේ සංකේතවත් කරන්න සධාතුක කරඬුවක් වැඩම කරවනවා . සධාතුක කරඬුව වැඩම කරවන භාග්‍යය මේ අවුරුද්දෙත් ලැබුණේ නැදුන්ගමුවේ රාජා ඇතාට . මේ තියෙන්නේ පෙරහැරේ ඒ විශේෂ අවස්ථා . සිංහාසන මණ්ඩපයේ කෙරෙන විශේෂ චාරිත්‍ර වාරිත්‍ර ගැන තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලබේවා !


















සබරගමුව මහ සමන් දේවාලයේ 2015 වර්ෂයේ ඇසළ මහා මංගල්‍යය ගිය සතියේ පවත්වලා අවසාන උනා . ඉතින් වෙනදා වගේම මේ පාරත් දෙවේලේ පෙරහැර දවසක සහ මහ ...