හෙට නැකතට හිසතෙල් ගෑමට මොකද කරන්නේ ?

සිංහල අවුරුදු චාරිත්‍රවල මම දකින විදියට ආයුෂ වර්ධනය කිරීම සහ ශරීර සෞඛ්‍ය තත්වය යහපත් කිරීම වෙනුවෙන් කරන්න තියෙන ප්‍රධානම කාර්යය තමයි හිසතෙල් ගෑම කියලා කියන්නේ .

මේ අවුරුද්දේ හිසතෙල් , එහෙමත් නැත්නම් නානු ගන්න පන්සල් යන්න විදියක් නැහැ කියලා තමයි මම හිතන්නේ . ඒ නිසා ඒ වෙනුවෙන් මෙන්න මේ දේ කරන්න උත්සාහ කරන්න . බැරිම නම් නැකත් වෙලාවට පොල් තෙල් ටිකක් හරි කමක් නැහැ ඔලුවේ ගාගන්න .

වත්තේ අහල පහල තියෙනවා නම් කොහොඹ කොළ ටිකක් කඩාගන්න . මේ කොහොඹ කොළ ටික බ්ලෙන්ඩර් කරන්න වතුර පොඩ්ඩක් දාලා . මේ පල්ප් එක ට පොල් තෙල් ස්වල්පයක් එකතු කරලා නැකත් වෙලාවට හිසේ ගාන්න . හෙට හිසට තියන්න තියෙන්නේ කොහොඹ කොළ . ඒවගේම තමයි පයට තියන්න තියෙන්නේ කොලොන් පත්‍ර . මේවා තමන්ගේ වත්තෙන් හොයාගන්න පුළුවන් නම් හොඳයි . නැත්නම් තමන්ට සපයාගන්න පහසු දේවල් විතරක් එකතු කරගෙන මේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙට කරන්න . කොළ හොයන්න කියලා එහෙ මෙහෙ ඇවිදින්න නම් එපා .

හිසතෙල් ගෑම සම්බන්ධව මම ඉස්සර ලිව්ව ලිපියක කොටසක් මම මෙතන පේස්ට් කරනවා . කියවලා තේරුම් ගන්න ඇයි අපි නැකතට හිසතෙල් ගානවා කියලා දෙයක් කරන්නේ කියලා . ඒ කාර්යය සම්බන්ධව තියෙන පසුබිම මේ ලිපියේ මම විස්තර කරලා තියෙනවා .

පැරණි පිළිගැනීම අනුව මෙන්න මේ දවස්වල ස්නානය කිරීම නිසා මෙන්න මේ මේ දේවල් වෙනවා කියලා මතයක් තියෙනවා .

ඉරිදා - රුව අඩුවීම
සඳුදා - ශරීරයට ගුණ දායක වීම
අඟහරුවාදා - රෝගී වීම
බදාදා - ධනවත් වීම
බ්‍රහස්පතින්දා - කළහ ඇතිවීම
සිකුරාදා - දරුවන් රෝගී වීම
සෙනසුරාදා - ශරීරයට ගුණ දායක වීම

මේ කියන විදියට ඒ ඒ දවස්වලදී වෙන්න පුළුවන් දේවල් ගැන හිතලා බලනකොට පේන්නේ ඌෂ්නවත් ග්‍රහයින්ට හිමිවෙලා තියෙන දවස්වල ස්නානය කිරීම ශරීරයට අගුණ වීමක් තිබීම . ඒකෙන් අපිට හිතන්න පුළුවන් උඩින් කියලා තියෙන කතාවල යම් ඇත්තක් තියෙනවා කියලා . මොකද ඌෂ්නවත් ග්‍රහයින්ගේ දවස් වලදී අපේ ශරීරවල තියෙන ඌශ්නයත් වැඩි වෙනවා කියන නිසා .
එතකොට වැඩියෙන් රත්වෙලා තියෙන ශරීරය එකපාරටම සිසිල් කරනකොට අභ්‍යන්තර යාන්ත්‍රණයත් එකපාරටම වෙනස් වෙන්න බලන නිසා සමතුලිත භෞතික පරිසරය වෙනස් වෙනවා . එතකොට ඇඟේ ලෙඩ ඇතිවෙන්න පුළුවන් . කවදා නෑවත් මොකද කියලා නෑවට ඒ කාලේ මේ සිරිත් අනුගමනය කරපු අයට වැඩි ආයුෂ තිබුණා සහ අද කාලේ අයට වැඩි ආයුෂ නැහැ කියලා මතක් කරගන්න ඕන .
ශරීරයේ ක්‍රියාත්මක වෙනවා අපිට පෙන්නේ නැති ශක්ති පද්ධතියක් වගේ දෙයක් . ඒක ශක්තියක් කියලාම කියන්නත් බැහැ . ඒත් සංසරණය වීමක් වෙනවා සහ යමක් පාලනය කරන්න සහ දිශානත කරවීමක් කරන්න හැකියාවක් ඒ පද්ධතියට තියෙනවා . භෞතික ව්‍යාවච්ඡේදයට ( Disection ) ඒක පෙන්නුම් කරන්නේ නැහැ .
ඔය දේ ක්‍රියාත්කම වීමට සඳ ගමන වඩාත් මූලික වෙනවා . චන්ද්‍ර කළා ඇතිවීම , චන්ද්‍රයා එක් එක් නැකත් පසුකිරීම මේ මම කියන පද්ධතියේ ක්‍රියාත්මක වීම වෙනුවෙන් බලපානවා . ඊටත් අමතරව කලාව පිහිටීම කියන දේ මේ පද්ධතියත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ .
විෂ කලාව අමෘත කලාව කියලා ඔය ලිත්වල සඳහන් වෙන්නේ ඒ මම කියන පද්ධතිය තමයි . අද කාලේ ඒක ගොඩක් වෙලාවට ලිතටම තමයි සීමාවෙලා තියෙන්නේ . දකින කිසිම තැනක වෛද්‍ය කර්මය වෙනුවෙන් මේ දේ යොදාගන්නේ නැහැ . ඒත් මේ පද්ධතිය සක්‍රිය කිරීමෙන් ශරීරයට කරන යම් යම් බෙහෙත් කිරීම් වඩාත් සාර්ථක කරගන්න පුළුවන් තත්වයක් තියෙනවා .

මේ අදෘශ්‍යමාන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට උදාහරණ විදියට මට මෙන්න මේ දේවල් මතක් වෙනවා .
විෂ වෙදකමේදී සර්පයින් දෂ්ට කරාම විෂ බස්වන්න විවිධ ක්‍රම පාවිච්ච්චි කරලා තියෙනවා . මේ ක්‍රම වලදී හැම තැනකම වගේ විෂ අරගෙන එන්නේ පාදය දක්වා . ඒක කොහොම වෙනවද මොන පාරක් දිගේ එනවද කියලා පැහැදිළි කිරීමක් වෙන්නේ නැහැ . ඒත් රුධිර ගමන හරහා එනවා කියලා අපිට යම් අදහසක් ඇතිකරගන්න පුළුවන් . මේ විෂ පහළට අරගෙන එන රාජකාරියේදී විවිධ ක්‍රියාමාර්ග තියෙනවා .
එකක් තමයි ඖෂධ තියෙන ජලය සහිත භාජනයකට කකුල් දාගෙන ඉන්න කියනවා . සමහර වෙලාවල් වලදී මේ ඖෂධ සහිත ජලයේ වර්ණය වෙනස් වීමෙන් විෂ ශරීරයෙන් ඉවත් වුණා කියලා නිරීක්ෂණය කරනවා .
එහෙමත් නැත්නම් මේ විෂ ඉවත් කරන්න තෙල් සහිත භාජනයකට කකුල් දාගෙන ඉන්න කියනවා . ඒකෙත් වෙන්නේ කලින් විදියම තමයි .
ඕවත් හරියන්නේ නැත්නම් මන්තර වලට එනවා . මන්තර වලදී රෝගියාගේ පාදය බිම තියලා යටිපතුල් පොළවේ තදින් ස්පර්ශ වෙන්න තියාගන්නවා . සමහර වෙලාවල් වලදී පොළවට විෂ ගමන් කරවනවා කියලා මතුරලා මතුරලා ශරීරයෙන් විෂ ඉවත් කරනවා .
එහෙමත් නැත්නම් මතුරන්න ගත්ත කොළ අත්තට ශරීරයේ විෂ ඇවිත් කියලා ඒකෙන් විෂ ඉවත් කරනවා . මේ කොයි ආකාරයෙන් විෂ ඉවත් කරත් වෙන දේ පේන්නේ නැහැ . ඒත් ලෙඩා සනීප වෙනවා . දළ හතරම වැදුනත් ඔය වගේ දේවල් වලින් ශරීරයෙන් විෂ ඉවත් කරලා තියෙනවා . ඒත් ඒ කොහොමද වෙන්නේ කියලා කාටවත් පහදන්න බැහැ . ඒ නිසා මම ඔය කියන පේන්නේ නැති පද්ධතිය වඩාත් වැදගත් පද්ධතියක් ආයුර්වේදයේදී නම් .
මේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසියාකාරව පැවතීම ආයුෂ වර්ධනය කරනවා වගේම තමයි ඒ පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසියාකාරව පවත්වාගන්න ස්නානය කිරීම වැදගත් වෙනවා . මොකද මේ ශක්ති ගලනය හිසේ සිට පාදාන්තය දක්වා වෙන්න ඕන නිසා . සමහර වෙලාවල් වලදී පැති මාරුවීමක් වෙන්න බලනවා . ඒත් බෙහෙත් වලින් සහ මේවගේ ක්‍රම වලින් ඒ පද්ධතිය නිසියාකාරව පවත්වා ගන්නවා .
ඔය පද්ධතිය හොඳට තියෙන අයට තමයි කියන්නේ එයාට නම් ඉහෙන් බහින ලෙඩක් නැහැ කියලා . ඉහෙන් බහිනවානම් ඉතින් ඒ ක්‍රියාත්මක වීම අවුල් . එතකොට බෙහෙත් වලින් ක්‍රියාත්මක වීම හරිගස්සලා තමයි ලෙඩේට බෙහෙත් කරන්න ඕන .
දැන් අපි බලමු ඒ ඒ දවස් වලට නියම කරලා තියෙන ගස් වර්ග මොනවද කියලා .

ඉරිදා - ඉඹුල්
සඳුදා - දිවුල්
අඟහරුවාදා - කොළොන්
බදාදා - කොහොඹ
බ්‍රහස්පතින්දා - බෝ
සිකුරාදා - කරඳ
සෙනසුරාදා - නුග

මෙන්න මේ ගස් ඒ ඒ දවස්වලදී තමන්ගේ ක්‍රියාකාරීත්වය උපරිමයෙන් කෙරෙන බවක් පිළිගැනෙනවා ආයුර්වේදයේ සහ ජ්‍යෝතිෂ විද්‍යාවේදී . විකිරණශීලීතාවය කියන දේත් ගස්වල ඇතිවෙනවා කියන එක අද ඔප්පු කරලා තියෙනවා . මේ ක්‍රියාකාරීත්වය අනුව මේ ගස් ශරීරයේ පැවැත්ම වර්ධනය කරගන්නත් යොදාගන්නවා .

හොඳම උදාහරණය තමයි හිසතෙල් ගෑම කියන්නේ

හිසතෙල් ගානකොට හිසට තියන්නේ තෙල් ගාන දවසේ පත්‍ර . පයට තියන්නේ තෙල් ගාන දවසට කලින් දවසේ පත්‍ර වර්ගය . මේ දෙවර්ගය ශරීරයේ හිසේ සහ පාදයේ තියන නිසා මම අර කිව්ව ශරීරයේ ශක්ති ගලනය වීමේ පද්ධතිය සක්‍රීය වෙලා හිසෙන් හිසතෙල් අවශෝෂණය කරගෙන ශරීරය පුරා ගමන් කරවීමක් කෙරෙනවා .
ඒත් වැදගත්ම දේ ඒක නෙවෙයි . අද කාලේ නානකොට සබන් වර්ග සහ වෙනත් රසායනික වර්ග තමයි ගාන්නේ . ඒත් ඒ කාලේ මිනිස්සු නානකොට ඒ ඒ දවස්වලදී ඒ ඒ පත්‍ර යුෂවලින් හදපු නානු වර්ග තමයි හිසගාලා තියෙන්නේ . එතකොට ඒවා නිසා ශරීරයේ ක්‍රියාකාරීත්වය නිසියාකාරව පැවතිලා තියෙනවා . මෙන්න මේ තැනදී ජ්‍යෝතිෂ්‍යවේදය කියන ආලෝක විද්‍යාව සහ ආයුර්වේදය ආයුෂපවත්වා ගැනීමේ විද්‍යාව එකිනෙක බද්ධ වෙලා තියෙනවා කියලා අපිට සරළවම තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා .
ඒ නිසා ආයුෂ වර්ධන කරගන්න බැරිනම් තියෙන ටික ආරක්ෂාකාරීව පවත්වාගන්න වත් මේ ස්නානය කිරීමේ පිළිවෙත් යම් තරමක් දුරට පිළිපදින්න පුළුවන් නම් හොඳයි කියලා කියන්න පුළුවන් . ඉඳලා හිටලා වත් ඒ ඒ ගස්වල කොළ වර්ග යුෂ නානු හිසේ ගලවන්න පුළුවන් නම් ශරීරයට යහපතක් ම තමයි වෙන්නේ .
බෝ ගස සම්බන්ධව යම් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් . මොකද බෝ කොළ පෑගීම ගැන . ඒ වෙනුවට බෙලි යොදාගැනීම තමයි කෙරෙන්නේ යම් ආගමික වශයෙන් ගැටළුවක් ඇතිවෙනවා නම් . ඒත් අවශ්‍යතාවය මත බෙහෙත් වර්ග නිපදවන්න නම් බෝ ගහේ පස්පංගුවම ගන්න අවස්ථා තියෙනවා . ඒවා ඉතින් ඒ ඒ වෙලාවල් වලදී තමන්ගේ මතය අනුව කරගත්තට කමක් නැහැ .
බෝ කිව්වම තවත් දෙයක් මතක් වුණා . බුද්ධ කේන්ද්‍ර සටහන කියන දේ . ඒකත් මේ ස්නානය එක්ක ගස්වල සම්බන්ධ වීම පැහැදිළි කිරීමේදී පැත්තකින් යොදාගන්න පුළුවන් . මොකද බුදුහාමුදුරුවන්ගේ කේන්ද්‍ර සටහනේ ලග්නයේ ගුරු ග්‍රහයා බලවත් වෙලා තැම්පත් වෙලා ඉන්නේ . කේන්ද්‍රයක ලග්නය කියන්නේ මනුෂ්‍ය ශරීරයේ හිස . හිසට අදාළ ගස යට තමයි අවසානයේ සත්‍ය අවබෝධ කරගන්න බුදුන්වහන්සේ සමාධිගත වෙන්නේ .
ඒ ගැන හිතනකොට මට මෙහෙම හිතෙනවා . මොකද බුදුන්වහන්සේ ඉන්දියාවේ තිබ්බේ මහා සාම්ප්‍රදායික 64ක් ශිල්ප ඉගෙන ගෙන තිබුණා . ඒ අතර ඉතින් මේ මම කියන ශිල්පත් තිබුණා . ඒ අනුව උන්වහන්සේ සමාධිගත වීමට බෝ ගස යටම තෝරාගැනීමට මේ හේතුවත් තිබ්බද කියලා යම් සාධාරණ සැකයක් ඇතිවෙනවා . මමනම් ඒක එහෙමමයි කියලා විශ්වාස කරනවා .
බෝ ගහේ බෝ කොලවල විකිරණශීලීතාවය බුදුන් වහන්සේට තමන්ගේ ශරීරයේ චක්‍ර හත අධික ක්‍රියාකාරීත්වයකට පත්කරගන්න උදවු වුණා වෙන්න පුළුවන් . ඒකෙන් අවසානයේ උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච ශක්තියේත් ස්කන්ධයේත් අන්‍යෝන්‍ය හුවමාරුව සහ පැවැත්ම නතර කරා කියලා හිතන්න පුළුවන් අපිට .
මොකද ශරීරය ස්කන්ධයක් , මනස ශක්තියක් . ශරීරයේ සහ මනසේ යම් යම් ප්‍රමාණවලින් තැම්පත් වෙලා තියෙන ස්කන්ධය සහ ශක්තිය ඉදිරියට හුවමාරුවීම උන්වහන්සේ නතර කරලා තියෙනවා . ඉතින් ඒ ශක්ති සමතුලන කරන්න බෝ ගහෙන් යම් උදව්වක් වුණා කියලා අපිට හිතන්න පුළුවන් නේද අතීතයේ ඉඳලා පැවතගෙන එන මේ ශිල්ප ශාස්ත්‍ර දිහා බලනකොට .
ආයුර්වේදය සම්බන්ධව ලියවිලා තියෙන යම් තැනක යම් ආචාර්යවරයෙක් සටහන් කරලා තියෙනවා මිනිසා කියන්නේ උඩුයටිකුරු කරන ලද ශාකයක් කියලා . මොකද ශාකයක මුල් වලින් තමයි ආහාර සහ ජලය ගන්නේ . අපි ඉතින් ශරීරයේ ඉහළින්නේ කන්නේ බොන්නේ . ඒ නිසා ගසේ මුලට වතුර දානවා හා සමානවම හිසටත් ස්නානයෙන් යම් හොඳක් වෙනවා කියන එකයි එතන ඒ අදහස් කරලා තියෙන්නේ .
අදකාලේ වෙනකොට මේ සිරිත් විරිත් සියල්ල නැතිවෙලා වෙනමම දේවල් ටිකක් තමයි ඇතිවෙලා තියෙන්නේ . එහෙම තත්වයක් ඇතිකරගෙන අවසානයේ මිනිස්සු පරමායුෂ වර්ධනය කරගන්න සහ රෝගවලින් තොරවෙන්න කියලා අලුතෙන් දේවල් හොයනවා .
නානකොට හිසේ සබන් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය තමයි ආලේප කරන්නේ

තෙල් ගාන්නේ නැහැ , ජෙල් සහ හෙයා ක්‍රීම් ගානවා
ඇඟේ ගාන්නෙත් සබන් , වෙන කොළ වර්ග මුල් වර්ග වලින් ගන්න බෙහෙත් වර්ග ගාන්නේ නැහැ
ශක්ති ගලනය සම්බන්ධව කිසිම තැකීමක් නැහැ
එහෙම කියනකොට කෙනෙක්ට මගෙන් අහන්න පුළුවන් කෝ ඒවා කරන්න වෙලාව කියලා සහ ගස්වැල් කෝ කියලා . විසඳුම් දෙකයි තියෙන්නේ . තමන් වෙනුවෙන් වෙලාවක් යොදාගන්න සහ අවශ්‍ය දේවල් වගා කරගන්න .

මේ මූලධර්ම සම්බන්ධව කිසි කෙනෙක් තැකීමක් කරන්නේ නැහැ . මගේ ලිපි කොපි කරලා හෙනරාජ රාජතරන්ගනී තෙල් විකුණනවා වගේ අද කාලේ වෙන්නේ පරණ සෘෂිවරු හදපු බෙහෙත් වට්ටෝරුවලින් ක්‍රියාකාරී සංයෝගය වෙන් කරලා අරගෙන ඒක බෙහෙතක් පෙත්තක් විදියට හදන එක .

ඒ නිසා වෙන්නේ ඒ බෙහෙතෙන් ශරීරයට වෙන අහිතකර දේ නැති කරන්න ඒ බෙහෙත් වට්ටෝරුවේ තිබ්බ දේවල් නැතුව ලෙඩේ තියෙන තැනට විතරක් බෙහෙත් දාන එක . ඒ නිසා තමයි ඔය සයිඩ් ඉෆෙක්ට් ඇතිවෙලා තියෙන්නේ එක එක බෙහෙත් වලින් .

මේ ලිපිය මීට වඩා දිගයි . සම්පූර්ණ ලිපිය කියවන්න මේ ලින්ක් එක හරහා පිවිසෙන්න .

http://prabhashwaraastrology.com/2020/04/bathing-naama/

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

සිංහල අවුරුදු චාරිත්‍රවල මම දකින විදියට ආයුෂ වර්ධනය කිරීම සහ ශරීර සෞඛ්‍ය තත්වය යහපත් කිරීම වෙනුවෙන් කරන්න තියෙන ප්‍රධානම කාර්යය තමයි ...

කොරෝනා වලට බෙහෙත් හොයාගන්න ලේසි නැහැ - ඖෂධ වේදියෙකුගේ පැහැදිළි කිරීමක්

ඖෂධවේදී විභාගය වෙනුවෙන් සූදානම් වෙන්න මම දැන් ඉගෙන ගන්නේ මේ සර්ගෙන් . අන්තිමටම ක්ලාස් ගිය දවසෙත් සර් මේ කතාව අපිට පැහැදිළි කරලා කිව්වා කොරෝනා වලට බෙහෙතක් හොයාගෙන කියලා එක එක්කෙනා කතා කිව්වට එහෙම බෙහෙතක් හොයාගන්න ලේසි නැහැ කියලා .

ඇත්තටම බෙහෙතක් හොයාගෙන ඒවා විද්‍යාත්මකව ( Trial ) සමීක්ෂණ කරලා මිනිස්සුන්ට අතුරු ආබාධ රහිත හෝ අවම මට්ටමේ තියෙන්නේ කියලා තහවුරු කරන්න ඉතාම දීර්ඝ කාලයක් ගත වෙනවා .

කාලයකට කලින් හොයාගත්ත බෙහෙත් වර්ග විශාල ප්‍රමාණයක් Trial කරලා බැලුවේ හිට්ලර්ගෙ සිරකඳවුරුවල . හිට්ලර් තමන්ගේ පාලනය යටතේ යුදෙව් ජාතිකයින්ට බෙහෙත් වර්ග දීලා පරීක්ෂා කරලා බලන්න විද්‍යාඥයින්ට අවස්ථාව ලබා දුන්නා . ඒ නිසා සමාජයට යම් හොඳක් වුණා තමයි . ඒත් ඒ විදියට උන්නත් එකයි මලත් එකයි කියලා මිනිස්සුන්ට බෙහෙත් දීලා Trials කරන්න බැහැ .

අනික කිසිම බෙහෙතක් අවදානම් සහිතව භාවිතා කරන්නත් බැහැ . 1950 1960 ගණන්වල ලෝකයේ රටවල් කීපයක ඇතිවුණු තැලිඩොමයිඩ් ව්‍යසනය ( thalidomide disaster ) මේ ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීමට සාක්ෂි දරනවා . තැලිඩොමයිඩ් කියන්නේ ඖෂධයක් . මේ ඖෂධය භාවිතා කරපු නිසා ඉන් පස්සේ ඉපදුනු දරුවන් විකෘති සහිත දරුවන් බවට පත් වුණා .

ඒ නිසා කිසිම බෙහෙතක් ලෙඩක් ඇතිවුණු පලියට නිෂ්පාදනය කරලා ලෙඩ්ඩුන්ට දෙන්න බැහැ . මේ කෙටි ලිපිය ලියන්න හිතුවේ අපේ සර් මේ ගැන විස්තර කරලා යූටියුබ් එකේ වීඩියෝ එකක් දාලා තිබුණු නිසා . මේ වීඩියෝ එක බලලා යතාර්ථය තේරුම් ගන්න . තේරුම් අරගෙන හිටියා වගේ ගෙදරට වෙලා ඉන්න .

ඖෂධවේදී විභාගය වෙනුවෙන් සූදානම් වෙන්න මම දැන් ඉගෙන ගන්නේ මේ සර්ගෙන් . අන්තිමටම ක්ලාස් ගිය දවසෙත් සර් මේ කතාව අපිට පැහැදිළි කරලා කිව්වා කොරෝ...