ඔබේ ජන්මපත්‍රයට අනුව පැළඳිය යුතු මැණික් වර්ග තෝරා දීම






ඔබගේ උපන් දිනය , උපන් වෙලාව සහ උපන් ස්ථානය අනුව පිළියෙළ කරනු ලබන දළ කේන්දර සටහන සහ භාව කේන්ද්‍ර සටහන අනුව මෙම මැණික් වර්ග තේරීම සිදු කරනු ලැබේ . එබැවින් ඔබ සතු ඔබගේ ජන්ම පත්‍ර සටහන් එවීම අවශ්‍ය නොවේ .

මැණික් පැළඳීම වගේම පැළඳීම නොකළයුතු මැණික් වර්ග මොනවාද කියා තෝරා දීමද මෙම සේවාව හරහා සිදු කරනු ලැබේ .

එම විස්තර සටහන PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙනු ලැබේ . ඒ සඳහා 600/= ක මුදලක් අය කරනු ලබන අතර ,

මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක , ඔබගේ විස්තර සටහන සැකසීමෙන් අනතරුව ලබා දේ . එබැවින් මුලින් මුදල් ගෙවීමක් අවශ්‍ය වන්නේ නැත .

මෙම දත්ත මෙම මැණික් තේරීමේ කටයුත්ත සඳහා අවශ්‍ය වේ .

නම 
කේන්ද්‍රය ස්ත්‍රී කේන්දරයක්ද පුර්ෂ කේන්දරයක්ද 
උපන් දිනය 
උපන් වේලාව ( පෙ.ව / ප.ව සමග )
උපන් නගරය 
ලග්නය ( දන්නවානම් )
නවාංශකය ( දන්නවානම් )
නැකත ( දන්නවානම් )
දසා ශේෂය ( දන්නවානම් )
විවාහක අවිවාහක බව
රැකියාව 
දරුවන් සිටී නම් කී දෙනෙක්ද ?
මව පියා ජීවත්ව සිටීද ?
සහෝදර සහෝදරියන් සිටී නම් දෙනෙක්ද ? 
කල් පවතින රෝගාබාධ පවතින්නේද ?
දීර්ඝ කාලීන ඖෂධ භාවිතා කරන්නේද ?

ඔන්ලයින් සේවාවක් ලෙස මෙම සේවාව පවත්වාගෙන යන අතර ඔබගේ විස්තර සටහනේ යම් ගැටළුවක් තිබේනම් හෝ පැහැදිළි කරගැනීමක් අවශ්‍ය වේ නම් ඒ සඳහා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වීමට හැකියාව තිබේ .





ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

ඔබගේ උපන් දිනය , උපන් වෙලාව සහ උපන් ස්ථානය අනුව පිළියෙළ කරනු ලබන දළ කේන්දර සටහන සහ භාව කේන්ද්‍ර සටහන අනුව මෙම මැණික් වර්ග තේරීම සිදු...

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවය






ප්‍රභාශ්වර වාස්තු විද්‍යා සේවය අප විසින් ආරම්භ කරන ලද්දේ පාරම්පරික සහ වෛදික වාස්තු විද්‍යා සංකල්ප ,  නවීන වාස්තු විද්‍යාව සමග වර්තමානයට ගැළපෙන ලෙස සිදුකරනු ලබන වාස්තුවිද්‍යා උපදේශනය මගින් ඔබගේ වාස්තු විද්‍යාත්මක අවශ්‍යතා සාර්ථක සහ විශ්වාසවන්තනීය ලෙස සපුරාලීම පිණිසය .

මෙම සේවාව ඔස්සේ පහත සඳහන් සේවාවන් අපි විසින් ලබාදීමට කටයුතු කරන්නෙමු .


- ඉඩම් පරීක්ෂා කිරීම .

- දැනට පවතින නිවසේ ඇති වාස්තුවිද්‍යාත්මක දෝෂ පරීක්ෂා කිරීම .

- නිවාස වාස්තු දෝෂ පවතින්නේ නම් එම දෝෂවලට  අදාළ සාර්ථක ප්‍රතිකර්ම ලබාදීම .

- ව්‍යාපාර ස්ථාන සඳහා වාස්තු විද්‍යාත්මක දෝෂ පරීක්ෂා කිරීම .

- ව්‍යාපාර ස්ථානවල පවතින වාස්තු විද්‍යාත්මක දෝෂ සඳහා ප්‍රතිකාර ලබාදීම .

- අලුතෙන්ම ඉදිකරනු ලබන ඔබගේ නිවසේ හෝ ව්‍යාපාර ස්ථානයේ නිවාස සැලසුම් ශිල්පියා විසින් අඳින ලද සැලසුමේ , වාස්තු විද්‍යාත්මක න්‍යායන් නිසියාකාරව පවතින්නේදැයි පරීක්ෂා කිරීම සහ දෝෂ පවතින්නේ නම් ඒවා නිවැරදි කිරීම .

- භූමි දෝෂ සහ බහිරව දෝෂ සඳහා ප්‍රතිකාර කිරීම .


ඔබගේ සියලු වාස්තු විද්‍යාත්මක කටයුතු සඳහා අමතන්න .




ප්‍රභාශ්වර වාස්තු විද්‍යා සේවය අප විසින් ආරම්භ කරන ලද්දේ පාරම්පරික සහ වෛදික වාස්තු විද්‍යා සංකල්ප ,  නවීන වාස්තු විද්‍යාව සමග වර්තමාන...

බෝධීන් වහන්සේ ආරක්ෂා කරත්වා !






මගේ ලිපි කියවන අයට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ සමන් දේවාලයයි මගෙයි තියෙන සම්බන්ධය . සමහර වෙලාවට සමහර අය කියනවා " උඹ පන්සලක නෙවෙයි දෙවාලෙක් මහන වෙයන් " කියලා . ඒ තරමටම මම සමන් දේවාලයට ගොඩක් සමීපයි . සෝවාන් ඵලයට පැමිණි සුමන සමන් දෙවියන්ගේ ප්‍රධාන දේවාලය තමයි සබරගමුව මහ සමන් දේවාලය කියන්නේ . මම ගොඩක් ලිපිවල මේ සමන් දේවාලයේ කවුරුත් දන්නා දේවල් වගේම නොදන්නා දේවල් පවා විස්තර කරලා තියෙනවා . ඒ තොරතුරු හොයන කාලයේ මට දැනගන්න ලැබුණු දෙයක් තමයි සමන් දේවාලයේ තියෙන බෝධීන් වහන්සේලාගේ වැදගත්කම .

ලොකු විස්තරයක් නැතත් මේ කියන්න යන්නේ ඒ බෝධීන් වහන්සේලාගේ වැදගත්කම සහ උන්වහන්සේලාට වෙලා තියෙන නස්පැත්තිය ගැන . මම පොඩි කාලෙ සමන් දේවාලයට යන එන කාලෙ අපි වන්දනාමාන කලේ දැන් තියෙන බෝධීන් වහන්සේට නෙවෙයි . උන්වහන්සේ පැත්තක වැඩ හිටියා . හැමෝම වගේ වන්දනාමාන කලේ දේවාලයේ පහත මළුවේ , ඒ කියන්නේ පහළ තියෙන වැලි අතුරලා තියෙන මිදුල මැද රෝපණය කරලා තිබුණු පෞරාණික බෝධීන් වහන්සේට .

මේ බෝධීන් වහන්සේ මම මතක ඇති කාලෙ දකින කොටත් තමන්ගේ ජීවිතය අවසන් කරන්න ඔන්න මෙන්න තත්ත්වයක තමයි හිටියේ . ඒත් මිනිස්සු ඒ බෝධීන් වහන්සේට වන්දනා මාන කළා . අපි දේවාලයට ඇතුළු වෙච්ච ගමන්ම මේ බෝධීන් වහන්සේට වැඳගෙන තමයි දෙවියන් වැඩ ඉන්න උද මළුවට ගමන් කරන්නේ . මේ බෝධියේ මම දැක්ක විශේෂ දෙයක් තමයි කුණක් බැහැලා බෝ කඳ මැද ලොකු කුහරයක් හැදිලා තියෙන එක .  ඒ නිසා ඒ කුහරයට මිනිස්සු සල්ලි විසි කරන්න පුරුදු වෙලා හිටියා .

මමත් දවසක් ඕකට කාසියක් දාන්න ඕන කියලා කෑගගහා උද පනිනකොට මට මතකයි අපේ ආච්චිඅම්මා මාව නවත්තලා මට කිව්වා මෙන්න මෙහෙම කතාවක් . ඒ තමයි බෝධීන් වහන්සේට එහෙම කාසි දැම්මම මලකඩ කන කාසි එහෙම තිබුණොත් ඒවා මල බැඳිලා බෝධීන් වහන්සේට විෂ වෙලා බෝධීන් වහන්සේ විනාශ වෙන්න පුළුවන් කියන කාරණාවා . ඇත්තටම පස්සේ කාලෙක තමයි මට ඒක තේරුනේ . කාසි ඇතුළට වැටුනම ආම්ලික වැසි වතුරත් එක්ක මේ කාසි ප්‍රතික්‍රියා කරලා ලෝහ විඛාදනය වෙලා ඒ ද්‍රාවනය අන්තිමට ගහට විස වෙන්න පුළුවන් .

ඉතින් කොහොමින් කොහොම හරි මේ බෝධීන් වහන්සේ කඩා වැටිලා විනාශ වෙලා ගියා . පස්සේ එතන තිබ්බ බෝධි ප්‍රාකාරයත් ඉවත් කරලා දැන් සමන් දේවාලයේ පහත මිදුල තනිකරම පිට්ටනියක් වගේ සමතලා වෙලා තමයි තියෙන්නේ . ඒක හොඳයි . ඒත් කවුරුවත් දන්නවද මේ බෝධීන් වහන්සේලාට කොච්චර ඉතිහාසයක් තියෙනවද කියලා .










මේ බෝධීන් වහන්සේලා රෝපණය කරලා තියෙන්නේ මට ලැබුණු කරුණු කාරණා වලට අනුව දෙවෙනි රාජසිංහ රජතුමා විසින් සමන් දේවාලය නැවත ප්‍රතිසංස්කරණය කරාට පස්සේ . පරංගීන් විනාශ කරපු දේවාලය තමයි එතුමා නැවත ප්‍රතිසංස්කරණය කලේ . එතුමා බෝධීන් වහන්සේලා තුන් නමක් රෝපණය කරවලා තියෙනවා . ඒ වැඩම කරවලා තියෙන්නේ අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත්ත ඵලයන්ගෙන් ලැබුණු බෝ පැල . ඒවා තමයි දේවාලයේ දෙපැත්තේ සහ මිදුලේ රෝපණය කරලා තිබිලා තියෙන්නේ . අද එයින් වැඩ ඉන්නේ දෙනමයි . එකක් ඔහේ නිසොල්මනේ තියෙනවා . අනිත් බෝධීන් වහන්සේට තමයි වන්දනාමාන කරන්න ප්‍රාකාර බැඳලා රන් වැට සවි කරලා හදලා තියෙන්නේ .

2015 අවුරුද්දේ මුල සහ සිංහල අවුරුද්ද දවසේ මේ බෝධීන් වහන්සේගේ විශාල අතු දෙකක් දෙවාරයකදී කඩා වැටුනා . බෝධීන් වහන්සේ දිහා බැලුවම මට දැන් පෙන්නේ මිදුලේ වැඩ ඉඳලා විනාශ වෙච්ච බෝධීන් වහන්සේගේ පෙනුම . මේ බෝධීන් වහන්සේත් විනාශ වේගෙන එනවා කියලා තමයි මට පේන්නේ . ඇයි මේකට හේතුව ?

මම අදත් සමන් දේවාලයට ගිය වෙලාවේ හොඳටම වැස්ස . කුඩයත් ඉහලාගෙන බෝධියට වඳින වෙලාවේ මහා හුළඟක් ආවා . මම එතන ඉන්නවා දැකලා මුර කරන අයියා කෙනෙක් කෑගැහුවා මල්ලි ඉක්මනට අයින් වෙන්න කියලා . මම උද බලනකොට තමයි දැක්කේ බෝ අතු ජරබර ගගා ඇඹරෙනවා . අතු කඩා වැටෙයි කියලා තමයි මේ අයින් වෙන්න කියන්නේ .

මම ඇහුවා මුර කරන අයියගෙන් අනිත් බෝධියයි මේ බෝධියයි එකම වයස . ඒත් ඇයි මේක ඉක්මනට දිරන්නේ කියලා . පස්සේ ඒ අයියා කිව්වේ මිනිස්සු බෝමුල් කිට්ටුව තෙල් වර්ග වලින් පහන් පත්තු කරන නිසා කියලා . මම ඉස්සරත් මේ බෝධියෙ පාමුලට ගිහින් බලලා තියෙනවා . ඇත්ත කතාව . මේ බෝධියේ මුලට මිනිස්සු ගිලන් පස , අරිෂ්ට , තල තෙල් , අබ තෙල් , එඬරු තෙල් වගේ දේවල් විසි කරනවා පූජා කරලා ඉවර උනාම . තරහා වෙන්න කාරී නෑ මෙහෙම කිව්වට . ගෑණු උදවිය තමයි මේ වැඩේ ගොඩක්ම කරන්නේ . පූජා කරපු දේවල් අන්තිමට පොහොර වෙන්න කියලා හිතාගෙන වෙන්නැති මෙහෙම විසි කරන්නේ . ඉතින් මේ ජාති වලින් තල තෙල් , අබ තෙල් එඬරු තෙල් හරිම විෂයි . ඒ වගේම තමයි එළඟිතෙල් පහන් කියලා විකුණන කහ පාට ඩයි දාපු ඉටි පුරවපු මැටි පහන් . මේ ඉටිත් අන්තිමට බෝධිය මුල තියෙනවා මම දැක්කා .

ඔයාලා ඕන දෙයක් පූජා කරන්න . ඒත් පහන් පත්තු කරනකොට බෝ මුලෙන් ඈතට වෙන්න පත්තු කරන්න පුළුවන් තරම් වගබලා ගන්න . ඒවගේම තමයි පූජා කරපු කිසි දෙයක් බෝ මුලට හලන්න එපා . මල් නම් කමක් නැහැ . ඒත් ඒකත් එපා . බෝ මුල පිරිසිදුවට තියාගන්න උදවු කරන්න . ඔයාලාගේ තියෙන භක්තිය හෝ ශ්‍රද්ධාව හෝ මොකක් හෝ වේවා ඒ කරන්නේ වැරදි දෙයක් . නොදැනුවත්ව හෝ ඔයාලා ඒ විනාශ කරන්නේ බුදුදහමේ සංකේත වගේම අපේ ඓතිහාසික වටිනාකමක් තියෙන දේවල් . ඔයාලට ඒවගේ දේවල් කරන්නෙම නැතුව ඉන්න බැරිනම් . කැලෑවල්වල තියෙන කපුටු බෝ ගස් වලට පුද පූජා කරලා ඒවාට හලන එකක් හලන්න . අඩුම තරමේ ආගම රකින්න බැරිනම් අපේ ඉතිහාසයවත් රකින්න උදවු කරන්න .

ගුරුකම් කරන දේවගැති මහත්වරුන්ගෙන් ඉල්ලන්නෙත් මේ දේවල්ම තමයි . බෝමුලක් ළඟ ඉඳගෙන කරන ගුරුකම් තියෙනවා කියලා මම දන්නවා . ඒත් ඒවා කරන්න පන්සල් වල තියෙන බෝ ගස් පාවිච්චි කරන්න එපා . මිනිස්සු වන්දනාමාන කරන්නේ නැති අප්‍රකට කැලෑවල්වල තියෙන බෝ ගස් පාවිච්චි කරන්න .

අපේ ඉතිහාසය රකින්න උදවු කරන්න .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මගේ ලිපි කියවන අයට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ සමන් දේවාලයයි මගෙයි තියෙන සම්බන්ධය . සමහර වෙලාවට සමහර අය කියනවා " උඹ පන්සලක නෙවෙයි...

සබරගමුව මහ සමන් දේවාලයේ දළදා මැදුර




සමන් දේවාලයේ යන එන ගොඩක් දෙනෙක්ට කවදාවත් අමතක කරන්න බැරි තැනක් තමයි සමන් දේවාලයේ පිහිටලා තියෙන බුදු මැදුර . ඊසාන දිශාවට මුහුණලා නිර්මාණය කරලා තියෙන සමන් දේවාලයේ ප්‍රධාන දොරෙන් ඇතුළු උනාට පස්සේ අපිට හමුවෙන්නේ ඉස්සෙල්ලම දිග්ගෙය . මේ දිග්ගෙය ඔස්සේ ඉස්සරහට අඩි කීපයක් ගියාට පස්සේ දකුණු පැත්තට තියෙන දොරටුවෙන් එළියට ආවම මේ බුදු මැදුරට අපිට යන්න පුළුවන් . 

වැඩිය ලොකු නැති උනාට බුදු මැදුර කොච්චර ඓතිහාසික දෙයක්ද කියලා කියන්න ඕන නිසා තමයි අද මම මේ ලිපිය ලියන්න කල්පනා කලේ . බ්ලොග් ලියන්න ඇවිත් මම ලිව්ව දෙවෙනි ලිපියේත් මම සඳහන් කරලා තියෙන්නේ මේ ගැනම තමයි . ඒත් අලුත් කරුණු කාරණා ටිකක් දැනගන්න ලැබුණු නිසාත් ෆොටෝ වීඩියෝ වලිනුත් තවත් වැඩි දියුණු කරලා ලියන්න පුළුවන් නිසා මම ආයෙත් මේ ගැන ලියන්න කල්පනා කළා . 

මේ ළඟදී සමන් දේවාලයට ගිය වෙලාවක මට ආච්චිඅම්මා මතක් උනා . ඉස්සර මම පොඩි කාලේ සමහර සෙනසුරාදාවල් වල උදේට ගෙදර හැමෝම සමන් දේවාලේ එනවා . ආච්චිඅම්මා තමයි පෙරමුණ ගන්නේ . ඉතින් අපි හැමෝම ඇවිත් සමන් දේවාලෙට පූජාව තියලා පස්සේ පලතුරු කකා ටිකක් වෙලා දේවාල භූමියේ රැඳෙනවා . එහෙම ඉන්නකොට ආච්චිඅම්මා වැඩි හරියක් ඉඳගෙන ඉන්නේ මේ සමන් දේවාලයේ බුදුමැදුරේ එළියේ තියෙන කණුවකට හේත්තු වෙලා . ඒ වෙලාවට මමනම් දේවාලේ වත්ත හැමතැනම දුවනවා ඇරෙන්න වෙන වැඩක් කරන්නේ නැහැ . 

ළඟදී දවසක මම දේවාලේ යනකොට බුදුමැදුර ඇතුලේ කවුරුවත් හිටියේ නැහැ . ඒ නිසා මම බුදුමැදුරේ දොර වහලා පිටින් ඉඳන් බුදුමැදුරේ දොරේ ෆොටෝ එකක් ගත්තා . එවෙලේ තමයි දැක්කේ බුදුමැදුරේ දොරේ ඇඳලා තියෙන චිත්‍ර දැන් විනාශ වෙලා කියලා . ඒ ගම මම විස්තරයක් මුහුණු පොතේ දැම්මට ඒකට කාගේවත් වැඩි අවධානයක් එල්ලවෙලා තිබුණේ නැහැ . 

බම්බුවේ පුරාවිද්‍යාවක් නිසා දේවාලයේ කාර්යමණ්ඩලයට මේවා ආරක්ෂා කරන්න කටයුතු කරන්න විදියක් නැහැ කියලා මට හිතෙනවා . මොකද ඉතින් ඇණයක් ගහන්න ඕනනම් ඒකටත් අවසර ගන්න ඕන නිසා . කමක් නැහැ . කවදා හරි ඔය පුරාවිද්‍යාව නිසාම පුරාවිද්‍යාව නැතිවෙලා යයි . ඊට කලින් යන්න පුළුවන් නම් මේ බුදුමදුරට ගිහින් බලන්න එතන කොච්චර ශාන්ත නිස්කලංක තැනක්ද කියලා .

1505 නොවැම්බර් මාසයේ දහනව වෙනිදා තමයි පරංගි ලංකාවට ගොඩබැස්සේ . මේ වෙනකොට ලංකාවේ රජකම් කරේ ධර්මපරාක්‍රමභාහු රජතුමා . ඒ කෝට්ටේ රාජධානියේ . ධර්මපරාක්‍රමභාහු රජතුමාට පස්සේ කෝට්ටේ රාජධානියේ රජ වෙන්නේ හත්වෙනි විජයභාහු රජතුමා . ඒත් මෙතුමා රාජද්‍රෝහීන්ගේ කුමන්ත්‍රණයකට අහුවෙලා අකාලයේ මියයනවා . මින් පස්සේ ලංකාවේ සිංහාසනය ආයෙත් අස්ථාවර තත්ත්වයට පත් වෙනවා . හත්වෙනි බුවනෙකභාහු රජතුමාගේ ළමයි වෙච්ච අටවෙනි බුවනෙකභාහු කෝට්ටේ රජ උනා . මායාදුන්නේ සීතාවක රජ උනා . රයිගම් බණ්ඩාර පස්වලල්ලවිට කෝරලයේත් රජ උනා . මේ අටවෙනි බුවනෙකබාහු රජ තුමාට යි හිටියේ නැහැ . මේ නිසා අවසානයේ එතුමාගේ මුණුබුරෙක් වෙච්ච වීදියබණ්ඩාර කුමාරයාගේ පුත් ධර්මපාල කුමාරයා කෝට්ටේ සිංහාසනයේ හිමිකම ලබාගන්නවා . 

ලබා ගන්නවා කිව්වට ඉතින් ලබා ගන්නවාම නෙවෙයි . බලෙන් ලබා දුන්නා . කුමන්ත්‍රණ රහස් සාකච්චා වගේ දේවල් වල ප්‍රතිපලයක් හැටියට ධර්මපාල කුමාරයා රජ උනා . ඉතාම අඩුවයසින් ලංකාවේ රජඋණු මෙතුමා තමාට තියෙන තර්ජන හා තමාගේ දුර්වලත්වය නිසා පරංගි තමන්ගේ හිතවතුන් බවට පත් කරගෙන කතෝලික ආගම වැළඳගත්තා . එහෙම වෙලා දොන් ජුවන් ධර්මපාල කියලා බෞතීස්ම ලැබුවා . කාලයක් මෙයා මෙහෙම රජ කරනකොට කෝට්ටේ රාජධානියට පරංගි බලපෑම් තව තවත් වැඩිවෙලා අන්තිමට දවසක් කෝට්ටේ රාජධානිය ආක්‍රමණය කරන්න ඕන කියලා පරංගින් ප්ලෑන් කරා . මේ කාලයේ පැපිලියාන මහ පිරිවෙනේ තිබිලා තියෙනවා තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ නිර්මාණය කරපු යන්ත්‍රයක් . මේකෙන් පුළුවන්ලු ටිකක් ඈත කරන කතාබහට සවන් දෙන්න . මේකෙන් දැනගන්නවා හෙට කෝට්ටේ රාජධානියට පෘතුගීසි ආක්‍රමණයක් එනවා කියලා . 

එදාම රෑ දළදා මාළිගාවේ දියවඩන නිළමේ විදියට කටයුතු කරපු කීරවැල්ලේ හිරිපිටිය නිළමේ තුමාට නිල් පාට ඇඳුමක් ඇඳගත්ත පරිබ්‍රාජක වෙස් ගත්ත කෙනෙක් හීනෙන් ඇවිත් කියලා තියෙනවා " කෝට්ටේ කලාලේ කිසිල්ලේ දත මැද ගන්න රාළේ " කියලා . එතුමාට මේ හීනය ප්‍රශ්නයක් වෙලා තියෙනවා . ඒ නිසාම එතුමා පැපිලියාන පන්සලට ගිහින් නාගසේන හිමියන්ගෙන් අහලා තියෙනවා මොකක්ද මේ හීනයේ තේරුම කියලා . උන්වහන්සේ තමයි හීනය පැහැදිළි කරලා දළදාව ආරක්ෂා කරන්න කියලා කියලා තියෙන්නේ . 

මොකද පරංගි දැනගෙන ඉඳලා තියෙනෙවා දළදාව තමයි ලංකාවේ රාජ්‍ය සංකේතය කියලා . ඉතින් හිරිපිටිය නිළමේ තුමා වහාම කෝට්ටේ දළදා මාලිගාවට ඇවිත් දළදා කරඬුව විවෘත කරලා ඇත් දළ කැබැල්ලක් දළදාව වගේ තැම්පත් කරලා ඇත්ත දළදාව අරගෙන තමාගේ සිරියෙ ( පිහි කොපුවේ ) තැම්පත් කරගෙන පහුවදාම කෝට්ටෙන් පිටත්වෙලා දියවන්නාවෙන් එගොඩවෙලා සීතාවක පැත්තට ඇවිත් සීතාවක රජකම් කරපු මායාදුන්නේ රජතුමාට දළදාව භාරදීලා තියෙනවා . 

ඒත් මේකාලේ වෙනකොට සීතාවකටත් එක එක රාජ්‍ය කුමන්ත්‍රණ එල්ල වෙලා තිබුණු නිසා මායාදුන්නේ කල්පනා කරා දළදාව සීතාවක තියාගත්තොත් වැඩක් වෙන්නේ නෑ අනිවාර්යෙන්ම අහුවෙනවා . ඒ නිසා වෙනත් තැනක හංගලා තියන්න ඕන කියලා . ඊට පස්සේ කරලා තියෙන්නේ රජතුමාගේ හොඳම හිතවත් ස්වාමීන් වහන්සේ නමක් වෙච්ච ෂඩ්භාෂා පරමේශ්වර මහින්දාලංකාර කියන ස්වාමීන් වහන්සේට දළදාව භාර කරන එක . උන්වහන්සේ වැඩ හිටියේ කුරුවිට දෙල්ගමුව රාජමහා විහාරයේ . ඔන්න ඔතනින් තමයි පිංවතුනි දන්ත දාතූන් වහන්සේ රත්නපුරයට වැඩම කරේ . දෙල්ගමුව විහාරයේ දළදා මන්දිරයක් හදලා තමයි මුලින්ම දළදා වහන්සේ තැම්පත් කරලා තියෙන්නේ . 

ඒත් පස්සේ පස්සේ පරංගින් මේ පැත්තටත් කිට්ටු කරන්න ගත්තට පස්සේ මහින්දාලංකාර හාමුදුරුවෝ මැණික් කොපුවක දළදා වහන්සේ බහාලා අන්තිමට විශාල කුරහන් ගලක ඇතුලේ තැම්පත් කරනවා . දළදා වහන්සේ ඒවගේ කොපුවක තැම්පත් කරපු පලවෙනි අවස්ථාව තමයි මේ . ඒ කාලෙ දෙල්ගමුව විහාරයේ විශාල බුදු පිළිමයක් තිබිලා තියෙනවා . 

කතාව තියෙන්නේ මේ බුදු පිළමය පිටිපස්සේ කුරහන් ගල තියලා එතන දළදාව තැම්පත් කරා කියලා . මේ කාලෙ පන්සල්වල විශාල කුරහන් ගල් තිබීම එච්චර අරුමයක් වෙලා නැහැ . මොකද කියනව්වනම් ඔය විශාල පිළිම හදන්න තීන්ත වර්ග හදන්න මකුළු මැටි අඹරන්න විශාල කුරහන් ගල් උවමනා වෙලා තියෙන නිසා . ඉතින් ඔන්න ඔහොම තමයි දළදාව දෙල්ගමුව විහාරයේ තැම්පත්වෙලා තිබිලා තියෙන්නේ . 

මාරපන ශාස්ත්‍රෝදය පිරිවෙනේ වැඩහිටපු කිරිඇල්ලේ ශ්‍රී ඤානවිමල ස්වාමීන් වහන්සේ සබරගමුවේ පැරණි ලියකියවිලි කියන පොතේ මේ කුරහන් ගලේ දිග ප්‍රමාන සඳහන් කරලා තියෙනවා . ඒ මෙන්න මෙහෙම . 
මෙකී ප්‍රතිමාවට පිටිපසින් යට ගල අඩි 8 - 9ක් හා උඩගල අඩි 13 - 3ක් වට ප්‍රමාණය ඇති අඩි 1 - 4 ක් උස යෝධ කුරහන් ගලකි . මෙහි යට ගලේ කුහර දෙකකි . එයින් උද සිදුරේ වට ප්‍රමාණය අඩි 1 - 8 කි . එය අඟල් හතරක් පමණ පහතට කොටා යටම සිදුර ඊටත් මහත් ලෙස සම සතරැස්ව සාරා තිබේ . දළදා කරඬුව තබා ආරක්ෂා කර තිබුණේ මෙම සිදුර තුල විය හැක . 

ඔය කාලෙ සීතාවක රාජසිංහ රජතුමා රජ උනාට පස්සේ දළදා වහන්සේ සබරගමුව මහ සමන් දේවාලයට වැඩම කරලා දේව පෙරහැර එක්කම එකතු කරලා දළදා පෙරහැර පවත්වලා තියෙනවා . ඉතින් එදා ඉඳලා අවුරුදු හතලිස් තුනක් දළදා වහන්සේ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් සමන් දේවාලයට වැඩම කරාට පස්සේ මෙන්න මේ මම කියන බුදුමැදුරේ තමයි තැම්පත් කරලා වඩා හිදුවා තියෙන්නේ . 

දළදා වහන්සේ ලංකාවේ වෙනත් කිසිම දේවාලයක මෙහෙම තැම්පත් කරලා තිබිලා නැහැ . ඒ නිසා මේක දළදා කතා පුවතේ වාර්තාගත සිද්දියක් . ඒවගේම සබරගමුවේ ඉන්න අපිට ලොකු ගෞරවයක් . එදා ඉඳලා දළදා වහන්සේ වෙනුවෙන් කරන දළදා පෙරහැර අදත් සිදු කරනවා . ඒ චාරිත්‍ර අදත් ඒ වගේම සිද්ද කරනවා . අද වෙනකොට මේ දළදා මැදුරේ ඇඳලා තියෙන චිත්‍ර විනාශ වෙන්න පටන් අරගෙන තියෙනවා . දළදා මැදුරේ දොරේ තියෙන චිත්‍රත් විනාස වෙලා තියෙනවා . මේවා ආරක්ෂා කරන්න මොකෙක්ටවත් ඕනෑකමක් නැත්ද දන්නේ නෑ . ඒ නිසා ඒගැන දැනුවත් කරන්න ඕන නිසා තමයි මම මේ ලිපිය ලිව්වේ . 


දේවාලයට ගියාම අපි ඉස්සෙල්ලම වඳින්නේ මේ දළදා මැදුරේ තියෙන බුද්ධ ප්‍රතිමාවට . එතනට ගියාම තියෙන ශාන්ත නිසල බව වචන වලින් කියන්න බැහැ . අත්විඳලාම තමයි දැනගන්න පුළුවන් වෙන්නේ . හැමදාම මේ දළදා මැදුරට බුද්ධ පූජාව පූජා කරලා තමයි දෙවියන්ට මුරුතැන පූජා කරන්නේ . ඒවගේ බැලුවම ලංකාවේ බෞද්ධ සිරිත් විරිත් ක්‍රියාත්මකවෙන දේවාලයක් විදියට සමන් දේවාලය හඳුන්වන්න පුළුවන් . 


මුලින්ම තියෙන්නේ දේවාලයේ පෙරහැර තියෙන වෙලාවට දළදා පෙරහරට සධාතුක කරඬුව මේ දළදා ගෙයි ඉඳලා වැඩම කරවන සිරිත් විරිත් තියෙන වීඩියෝ එකක් . මේවගේම තමයි එදා දළදා වහන්සේත් වැඩම කරවලා තියෙන්නේ . ගහන බෙරපදවල උනත් පොඩ්ඩක් දළදා තේවාවේ ගතිය තියෙනවා . 










මේ තියෙන්නේ දළදා මැදුරේ ෆොටෝ.................



































මේ තියෙන්නේ දෙල්ගමුව විහාරයේ ෆොටෝ ........................






























ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

සමන් දේවාලයේ යන එන ගොඩක් දෙනෙක්ට කවදාවත් අමතක කරන්න බැරි තැනක් තමයි සමන් දේවාලයේ පිහිටලා තියෙන බුදු මැදුර . ඊසාන දිශාවට මුහුණලා නිර...