මරණය පුරෝකථනය කිරීම






( මම විසින් ලියන ලද සම්පත පුවත්පතේ පළවුණු ලිපියකි )


පසුගිය දවසක බොහොම අවාසනාවන්ත විදියට මහනුවර ප්‍රදේශයේ එකම පවුලේ අම්මෙක් තාත්තෙක් සහ කුඩා දියණිය ගිලා බහින ලද ගොඩනැගිල්ලකට යට වෙලා මිය ගියා . මේ සිද්ධිය ගැන බොහොම උපේක්ෂාවෙන් බලාගෙන හිටියේ මුහුණුපොතේ එහා මෙහා යන ඒ තුන් දෙනා වෙනුවෙන් ලියපු කවි කතා නිසඳැස් එහෙම බල බල . 


මේ අතරේ මගේ යහළුවෝ කීප දෙනෙක්ම මගෙන් ඇහුවා ඔයාගේ ඔය ජ්‍යෝතිෂ විද්‍යාවට මරණය ගැන විස්තර කරන්න , මරණය ගැන පුරෝකථනය කරන්න හැකියාවක් නැත්ද කියලා . මේ ලිපිය ලියන්න කල්පනා කරේ ඒ වෙනුවෙන් යම් සටහනක් තියන්න . 


මරණය විද්‍යාත්මකව අර්ථ දක්වනකොට ආකාර කීපයකින් අර්ථ දක්වනවා . ජීව විද්‍යාත්මකව මරණය පත්වුනා කියලා කියන්නේ මොළයට ඔක්සිජන් සහ රුධිරය සැපයීම සම්පූර්ණයෙන්ම නැවතිලා ජීවියාගේ සියළු ජීව ක්‍රියා සිදු වීම නතර වීම . අපේ ශරීරයේ සියළුම ක්‍රියාකාරකම් සිදුවෙන්නේ එන්සයිම ක්‍රියාත්මක ප්‍රතික්‍රියාවලින් . මේ වෙනුවෙන් ශක්තිය වැය වෙනවා . මේ ශක්තිය ලබාගන්න ග්ලූකෝස් දහනය කරන්න ඔක්සිජන් ශරීරයට අවශ්‍ය වෙනවා . ඔක්සිජන් පෙනහළු වලින් රුධිරයට එකතු කරන අතරේ හෘදවස්තුව මේ රුධිරය ශරීරය පුරා අරගෙන යනවා . 


ශරීරය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ මොළයෙන් නිසා මොළය නිසියාකාරව වැඩ කරන්න නම් මොළයට ඔක්සිජන් සැපයෙන්න ඕන . මේ ඔක්සිජන් සැපයීම නතරවෙලා ඉතාම සුළු වේලාවකින් මොළය මරණයට පත් වෙනවා . මොළය මරණයට පත්වෙලා සුළු වෙලාවක් යනකොට අනිත් ඉන්ද්‍රියයන් අක්‍රිය වෙනවා . මේ එක්ක ශරීරයේ තිබුණු ප්‍රාණය , ශරීරයෙන් ඉවත් වෙනවා . මේ නිසා සෛලවල කෙරෙන ජෛවීය ක්‍රියාකාරකම් සිදුකරගන්න බැරුව සෛළත් මරණයට පත් වෙනවා . මේ සියල්ල එකිනෙකා හා සම්බන්ධව ක්‍රියාත්මකවන කරුණු වුණත් මේ සියල්ලටම අයත් වෙන්නේ ශක්තිය . 


මනුෂ්‍ය ශරීරයක ස්කන්ධයක් තියෙනවා . ඊට අමතරව විඥ්ඥාණ ශක්තියක් තියෙනවා . අයින්ස්ටයින්ට අනුව යම් තත්ත්ව මත ස්කන්ධය කියන්නේ ශක්තිය ම තමයි . ඒ අනුව මේ ස්කන්ධ සහ විඥ්ඥාන කියන ශක්තීන් දෙකේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය අනුව තමයි ජීවියෙක් ජීවත් වෙන්නේ . 


ඔය දෙක අතර තියෙන සම්බන්ධය ඔස්සේ කෙනෙක් ජීවත් වෙනකොට විඥ්ඥානයට අයත් ශක්තියේ අපි ගිය ආත්මයේ ඉඳලා අරගෙන ආව පිං පවු වලට අදාළ ශක්තියත් ගබඩා වෙලා තියෙනවා . ඒවා ස්කන්ධ ශරීරය එක්ක අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු වෙලා ශරීරයේ පැවැත්මත් සිදුවෙනවා වගේම තමයි අපිට සිදුවෙන සහ අපි විසින් කරන දේවල් වලින් අපිට ලැබෙන හොඳ නරක ප්‍රතිඵල වලටත් හේතු වෙනවා . 


ඔය ශක්තිය හිමි වීම අනුව ජ්‍යෝතිෂ විද්‍යාවෙන් සිදු කරනු ලබන ජන්ම පත්‍ර පරීක්ෂාවකදී කෙනෙක්ගේ ආයුෂ , කර්මය කියන දේවල් පදනම් කරගෙන සහ ග්‍රහයින්ගේ ග්‍රහ ගමන පිළිබඳ බොහොම සියුම් ලෙස බලාගෙන ඉඳලා මරණය සිදුවීම පිලිබඳ පැහැදිළි නිවැරදි අදහසක් ලබාදෙන්න පුළුවන් . 


මේ අනුව බලනකොට බුදුදහමේ ඉගැන්වෙන මරණ ආකාර අනුව ජ්‍යෝතිෂ ශාස්ත්‍රයත් එක්ක ගැළපීමෙන් මරණය වීම පුරෝකථනය කිරීම ජන්ම පත්‍රයක් ඔස්සේ සිදුකරන්නේ කොහොමද කියලා පැහැදිලි කරගන්න පුළුවන් . 


බුදු දහමෙ ආකාර හතරක මරණයක් ගැන කියවෙනවා . ඒ ආයුෂ ක්ෂය මරණය , කර්ම ක්ෂය මරණය , උභයක්ෂය මරණය සහ අකල් මරණය කියන මරණ වර්ග හතර . අපි බලමු මොනවද මේ හතරෙන් අදහස් කරන්නේ කියලා සහ ඒවා කේන්දරේට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා .  

කර්ම ක්ෂය මරණය කියලා කියන්නේ කෙනෙක් කරන ලද කර්මය අවසන් වීම නිසා , ඒ කියන්නේ පිං පවු ආදී කර්ම අවසන් වීම නිසා මරණයට පත්වීම . කෙනෙක් ආයුෂ තිබුණත් කර්මය අවසන් වෙනවා නම් ඒ කෙනාට මරණයට පත්වෙන්න වෙනවා . කේන්දරයක ලග්න භාවයෙන් තමයි කර්මය පෙන්නුම් කරන්නේ . ඒවගේම ලග්න භාවය තමයි ජනක කර්මය පෙන්නුම් කරන්නේ . ජනක කර්මය කියලා කියන්නේ මරණින් මතු සත්ත්වයා වෙනත් භාවයකට පත්කර අලුත් පුද්ගලයකු බවට පත් කරලා නැවතත් උපදවන්නා වූ කුශලාකුශල කර්මයට . මේ නිසා කර්මය ක්ෂය වීම ලග්න භාවයෙන් පරීක්ෂා කරන්න පුළුවන් වගේම තමයි කර්මක්ෂය මරණය සම්බන්ධවත් ලග්න භාවයේ බල දුබලතා අනුව පුරෝකථනය කිරීමේ හැකියාවක් පවතිනවා . 


ආයුෂ ක්ෂය මරණය කියල හඳුන්වන්නේ කෙනෙක්ගේ ආයුෂ අවසන් වීම නිසා ඇතිවෙන මරණයට . ඉපදෙනකොටම කෙනෙක් ආයුෂ ශක්තියක් අරගෙන එනවා . මේ ආයුෂ නොයෙක් හේතුන් මත අඩුවෙනවා සහ වැඩි වෙනවා . ඒ වගේම තමයි කාලයත් එක්ක ආයුෂ අවසන් වෙනවා . මේ නිසා කර්මය තිබුණත් ආයුෂ අවසන් වීම නිසා කෙනෙක් මරණයට පත් වෙනවා . ආයුෂ ක්ෂය මරණය කේන්දරේ පෙන්නුම් කරන්නේ 8 වෙනි භාවය ඔස්සේ . කේන්දරේ 8 වෙනි භාවය උපඝාතක කර්මය පෙන්නුම් කරනවා . ජනක කර්මයක විපාක කර්ම පරම්පරාව වන එම සත්ත්වයා විනාශ කරන්නා වූ කර්මය උපඝාතක කර්මය විදියට හඳුන්වනවා . මේ නිසා කේන්දරේ 8 වෙනි භාවයේ බල දුබලතා අනුව ආයුෂ ක්ෂය මරණය සම්බන්ධව අදහසක් ගන්න පුළුවන් වෙනවා . 


උභයක්ෂය මරණය කියලා කියන්නේ ආයුෂ ක්ෂය සහ කර්ම ක්ෂය කියන දෙකම නිසා සිදුවන මරණයට . මේකේදී ආයුෂ සහ කර්මය කියන දෙකම එකවර අවසාන වීම වෙනවා . ඒ නිසා ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය අහිමි වීම නිසා මරණයට පත්වෙනවා . ජනක කර්මය සහ උපඝාතක කර්මය කියන දෙකේම ප්‍රතිඵලයක් විදියට තමයි මේ මරණය සිදුවෙන්නේ . මේ සම්බන්ධව පරීක්ෂා කරන්න නම් කේන්දරේ ලග්න භාවය සහ අටවෙනි භාවය කියන භාව දෙකේම ශක්තිමත් භාවය සම්බන්ධව පරීක්ෂා කරලා බලන්න වෙනවා . 


අකල් මරණය කියලා කියන්නේ කර්මය ආයුෂ කියන දෙකම තිබිලාත් වෙනත් හේතුවක් නිසා මරණයට පත් වීම . මේ මරණය පෙන්නුම් කරන්නේ කේන්දරේ ග්‍රහ පිහිටීම් අනුව . අකල් මරණයට ආයුෂ ශක්තිමත් , කර්මයත් ශක්තිමත් කෙනෙක්ට මුහුණ දෙන්න අවස්ථා ඇතිවෙනවා . අද කාලේ නම් අකල් මරණයක් කියලා කියන්නේ වයස තිබිලත් කලින් මිය ගිය කෙනෙක්ට . ඇත්තටම ඔය මැරෙන්න තව වයස තියෙනවා කියන එක සාධාරණ කතාවක් නෙවෙයි . 


ඒක අපි හිතෙන මවා ගත්ත දෙයක් . ජීවත් වෙන වයස ඒ ඒ කෙනාට වෙනස් නිසා සාපේක්ෂව අපිට අකල් මරණයක් වුණාට ඒ මියගිය කෙනාගේ නියම කාලයේ සිදුවුණු මරණය වෙන්න පුළුවන් ඒ වෙලා තියෙන්නේ . කොහොම වුණත් ජ්‍යෝතිෂයේ අකල් මරණය විදියට හඳුන්වන මරණ අවස්ථාව හඳුනාගන්න ග්‍රහ පිහිටීම් ඉතාම සූක්ෂමව පරීක්ෂා කරලා බලන්න අවශ්‍ය වෙනවා . 


ඔය ක්‍රම වලට මරණය සිදුවෙන්න කේන්දරේක බලපාන ප්‍රධාන ග්‍රහ පිහිටීම් වලට වග කියනා ග්‍රහයින් වෙන්නේ ලග්නාධිපති ග්‍රහයා , අටවැන්නාධිපති ග්‍රහයා , 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා , 64 වැනි නවාංශකාධිපති ග්‍රහයා සහ 3 වැන්නාධිපති ග්‍රහයා යි . මීට අමතරව කේන්දරේක වෙනත් ග්‍රහයින්ගේ දුර්වල අවස්ථාත් මරණයට හේතු වෙනවා . 


උදාහරණයක් විදියට මෙන්න මේ අවස්ථාව ගමු . උන්න දරුවෙක් ඉපදෙනවා . එයාගේ කේන්දරේ හොඳ ග්‍රහ පිහිටීම් දෙකක් තියෙනවා . ඒ නිසා කේන්දරේ මහා පුරුෂ යෝග වගේ හොඳ බලවත් යෝගයක් පිහිටලා තියෙනවා . මේ දේ මෙහෙම තිබුණත් සමහරවිට කේන්දරේ දුර්වල ග්‍රහයෙක්ගේ බලපෑම නිසා මරණය වෙන්න පුලුවන් . අකල් මරණ ගණයට වැටුනත් මේ මරණය වෙන්නේ ග්‍රහ බලපෑමක් නිසා . 


මරණය පිලිබඳ ජ්‍යෝතිෂ විද්‍යාව ඔස්සේ පුරෝකතනය කරන්න පුළුවන් ද කියන එකට උත්තරේ වෙන්නේ  “ ඔව් “ කියන උත්තරේ තමයි . ඒ වුණත් ජ්‍යෝතිෂ වේදීන් ඒ සම්බන්ධව උනන්දු වීමක් වෙන්නේ අඩුවෙන් . ඒකට යම් යම් හේතු බලපානවා . එකක් තමයි මරණය ගණනය කිරීම ජ්‍යෝතිෂ විද්‍යාවේ තියෙන අතිශය සංකීර්ණ ගණනය කිරීමක් . සමහරවිට සතියක් දෙකක් වුණත් ගණනය කරලා තමයි මරණය ගැන කියන්න වෙන්නේ . 


ඒවගේම මරණය සිදුවන අවස්ථාව ගැන කෙනෙක්ට කල් තියා කීම ප්‍රශ්නයක් වෙනවා . මොකද අහවල් දවසේ මම මෙන්න මේ විදියට මැරෙනවා කියලා කිව්වම ඒ කෙනා හිතෙන් මිය යනවා . ඊට පස්සේ ජීවත් වෙන්නේ මළකඳක් වගේ . ඒ නිසා නියමිත කාලයට වඩා කලින් මිය යන්න ඉඩ තියෙනවා . ඒ නිසා මිය යන කාලය ගැන ඇහුවට කියන්නේ නැති අවස්ථා එනවා . මේ කොහොම වුණත් දක්ෂ පළපුරුදු සහ උගත් ජ්‍යෝතිෂ වේදියෙක්ට ජ්‍යෝතිෂ විද්‍යාව ඔස්සේ කෙනෙක්ගේ මරණය සිදුවීම ගණනය කරලා නිවැරදිවම කියන්න පුළුවන් ඉගැන්වීමක් ජ්‍යෝතිෂ විද්‍යාවේ තියෙනවා . 


රෝගී වෙලා , රෝගයට ජ්‍යෝතිෂ ප්‍රතිකාර ගන්න එන කීප දෙනෙක්ටම දැඩි ඉල්ලීම මත ගණනය කරලා මරණය සිදුවන කාලය සඳහන් කිරීමෙන් මේ න්‍යායන් කොයි තරම් නිවැරදිද කියලා අත් දැකීමෙන් ම අවබෝධ කරගන්න මටත් අවස්ථාව ලැබුණා . ඒ නිසා ජ්‍යෝතිෂ විද්‍යාවේ යම් යම් දුර්වල තැන් අල්ලගෙන විවේචනය කරන්න හදන අය කරන්න ඕන මේ විෂය සම්බන්ධව තරමක් ඉගෙනගෙන අඩුම තරමේ තමන්ගේ ජීවිතය වත් මේ එක්ක කොයි තරමට ගැළපෙනවද කියලා විමසුමට ලක් කිරීම . ඒකෙන් මරණය වුණත් පුරෝ කථනය කරගෙන තමන්ට ඊට කලින් කරගන්න පුළුවන් පිං දහම් ටික කරගන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් . 


එච් එච් ඩී පී ධර්මවර්ධන

පාරම්පරික ජ්‍යෝතිෂවේදී

( ජෛවීය විද්‍යා )

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය





( මම විසින් ලියන ලද සම්පත පුවත්පතේ පළවුණු ලිපියකි ) පසුගිය දවසක බොහොම අවාසනාවන්ත විදියට මහනුවර ප්‍රදේශයේ එකම පවුලේ අම්මෙක් තාත්...

ඉසිවර නුවණින් පුරෝකථනය කිරීම ( විවාහ පරීක්ෂාව )






ජෛවීය විද්‍යාවේ ඉගැන්වෙන විදියට යම් විශේෂයක අකණ්ඩ පැවැත්ම තහවුරු වෙන්න නම් ඒ ජීව විශේෂය අනිවාර්යයෙන්ම තමන්ගේ ජාන පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනවා . ඒ අරමුණ ඉටුවෙන්නේ ප්‍රජනනය කියන මූලික ජෛවීය ක්‍රියාව මත . මට මතක් වෙනවා දවසක් කැම්පස් එකේ සර් කෙනෙක් ලෙක්චර් එකකදී අපෙන් අහපු ප්‍රශ්නයක් . සර් ඇහුවා

“ ළමයි , ඇයි අපි ජීවත් වෙන්නේ ?  “ කියලා .

ඒ වෙලාවේ ළමයි උත්තර දුන්නේ නැතුව ටිකක් වෙලා ඉඳලා කීප දෙනෙක් එක එක උත්තර දුන්නත් අවසානයේ සර්ගේ උත්තරය වුණේ

“ ඔය මොනවත් නෙවෙයි ළමයි , අපි ජීවත් වෙන්නේ ප්‍රජනනය කරන්න “ කියලා .

අපි ඒ වෙලාවේ ඇහෙන්න හිනා වුණේ නැතත් හිතෙන් හිනා වුණා මේ මොන විකාරයක්ද කියලා හිතලා  . අවසානයේ මානව පරිණාමය කියන ඉතාම සරළ මට්ටමේ ඉඳලා සංකීර්ණ මට්ටම් දක්වා ඒ දේවල් අධ්‍යනය කරනකොට සහ ඉගැන්වීම් වලට කන් දෙනකොට තේරුණා මේ මොන දේ කරත් අවසානයේ අපි හැමදේම වගේ සැලසුම් කරන්නේ නව ජීවී පරපුරක් ඇති කරලා ඒ අය පෝෂණය කරලා අපි නැතිවෙලා යනකොට අපේ මූලික සැකසුම ඉදිරියට පවත්වන්න පුළුවන් තත්වයක් ඇතිකරන්න නේද කියලා .

විද්‍යාත්මකව මේ දේ මේ විදියට විස්තර වුණත් සාමාජීය වශයෙන් සහ සංස්කෘතික වශයෙන් ප්‍රජනනය කියන මාතෘකාව ගැන වැඩි වශයෙන් කතා වෙන්නේ ඒකෙ මූලික පියවර විදියට සලකන දෙදෙනෙක් විවාහයට පත්වීම කියන කඩතුරාවෙන් මෙපිට ඉඳගෙන . ප්‍රජනනය කියන දේ කෙලින්ම කියන්නේ නැතුව විවාහය කියන මාතෘකාව අනුව තමයි මේ ක්‍රියාවලිය විස්තර කෙරෙන්නේ .

ශිෂ්ඨ සම්පන්න ජීවින් කොට්ඨාසයක් වෙන්න කලින් විවාහයක් වෙනුවෙන් ගැළපීමක් කෙරුනේ නැහැ . ඒත් කාලෙන් කාලෙට සංස්කෘතික වශයෙන් සිදුවුණ යම් යම් වෙනස්වීම් සම්බන්ධ කරගෙන විවාහ වීම කියන අංගයෙන් එක්වෙන ස්ත්‍රීය සහ පුර්ෂයා එකිනෙකා අන්‍යෝන්‍ය වශයෙන් ගැළපෙනවද නැද්ද කියලා පරීක්ෂා කරන්න විවිධ ක්‍රම ශිල්ප ඇතිවුණා .

තවමත් යම් යම් ගෝත්‍රික සමාජවල සිටින අය පිරිමින්ට විශාල ලිංගයක් පැවතීම , විශාල උදරයක් පැවතීම , ස්ත්‍රීන්ට සිහින් දිගටි ගෙල ප්‍රදේශයක් පැවතීම , දිග කොණ්ඩයක් පැවතීම වගේ ලක්ෂණ පදනම් කරගෙන විවාහ වීමට ඇති ගැළපීම පරීක්ෂා කෙරෙනවා . ජ්‍යෝතිෂ විද්‍යාව කියන්නෙත් ඉතාමත් දියුණු ඉගැන්වීම් ක්‍රම ශිල්පයක් තමයි මේ විවාහය කියන දේ සිදු කිරීමට ගැළපෙනවාද නැත්ද කියන දේ තීරණය කරන්න .





සෘෂිවරයෙක් කියන්නේ භෞතික ඉන්ද්‍රීයයන්ට හසු නොවෙන අතීන්ද්‍රිය ඥානයන් දියුණු කරවපු භෞතික කයෙන් මනස කියන දේ වෙන් කරවලා ඒ ආශ්‍රයෙන් පර්යේෂණ පවත්වලා විශ්වයේ යම් යම් සැඟවුණු විද්‍යාවන් ඉගැන්වීම් වගේ දේවල් , තමා විසින්ම අවබෝධ කරගත් මහා ධ්‍යාන ලාභීන්ට .

ජ්‍යෝතිෂ විද්‍යාව පැවත එන්නෙත් මේ කියන සෘෂිවරුන්ගේ ඉගැන්වීම් පදනම් කරගෙන . ඒවගේ සෘෂි වරුන් තමන්ගේ අතීන්ද්‍රිය ඥානයෙන් මේ විද්‍යාවන් බිහිකරා වගේම තමන්ගේ අත්දැකීම් සහ පර්යේෂණ මත පදනම් වෙලා පුරාණ ආචාර්ය වරුන් විසින් සෘෂිවරුන් බිහි කරපු ඒ ජ්‍යෝතිෂ විද්‍යාව ඔපවත් කරා . පාරාශරය , වරහාමිහිරය , වගේ පොත්පත්වල සඳහන් වෙලා තියෙන මේ සියළු ඉගැන්වීම් සහ න්‍යායාත්මක පර්යේෂණාත්මක දැනුම පාවිච්චි කරලා තමයි ජ්‍යෝතිෂ විද්‍යාව හරහා දෙදෙනෙක් විවාහ වෙන්න සුදුසුද නැත්ද කියලා ගැළපීම සහ නොගැළපීම තීරණය කරන්නේ .

අද වෙනකොට විවාහයක් කිරීමේදී සිංහල බෞද්ධ අය වගේම තමයි වෙනත් ආගම් අදහන අය පවා මේ විවාහ ගැළපීම තියෙනවද නැත්ද කියලා පරීක්ෂා කරවන්න පෙළඹිලා තියෙනවා . ඒ නිසා මේ ලිපියේ දීර්ඝ පූර්විකාවක් ඇතුව සටහන් කරගෙන ආවේ විවාහ පරීක්ෂාව කියන ජ්‍යෝතිෂ කටයුත්ත ගැන යම් දළ අදහසක් ලබා දෙන්න කියලා හිතාගෙන . සමහර අවස්ථා වලදී සමහරු , දෙන්නෙක්ගේ කේන්දර දීලා පොරොන්දම් ගැළපෙනවද කියලා බලන්න ඕන කියලා කියනවා .

ඒත් විවාහ පරීක්ෂාවේ එක් ලාබාල අවස්ථාවක් විතරයි මේ පොරොන්දම් ගැළපෙනවද නැද්ද කියලා කියන්නේ . විවාහ පරීක්ෂාවකදී වැදගත් වෙන්නේ පොරොන්දම් පරීක්ෂාව නෙවෙයි ඇත්තටම . විශේෂයෙන්ම වැදගත් වෙන්නේ කේන්ද්‍ර සටහන්වල ග්‍රහ පිහිටීම් වල තියෙන ගැළපීම සහ නොගැලපීම පරීක්ෂා කිරීම . ඉතාම සරළ අවස්ථාවේ ඉඳලා සංකීර්ණ අවස්ථා දක්වා  මේ කේන්දර පරීක්ෂාව පැතිරිලා යනවා . සමහර වෙලාවල් වලදී පොරොන්දම් 80 %  දක්වා ගැළපෙන දෙන්නෙක් වුණත් දික්කසාද වෙනකොට කියනවා ඔය දෙන්නාගේ පොරොන්දම් ගැලපුනා , එත් වෙන් වුණානේ . තවම මෙයාලට දරුවෝ නැහැනේ කියලා . එහෙම වෙන්නේ ඒ කේන්දර ගැලපීම නොකළ නිසා වෙන්න පුළුවන් . එහෙම දේවල් කලින් දැනගත්තා නම් ප්‍රතිකාර වලින් යම් සුවයක් ලබන්නත් සමහර විට වාසනාව තිබුණා වෙන්න පුළුවන් .

ඒ නිසා ජ්‍යෝතිෂවේදියෙකුගේ පරම යුතුකම වෙන්නේ පොරොන්දම් පරීක්ෂා කරලා දෙන්න කියලා කේන්දර දෙකක් තමන්ට දුන්නත් කේන්දර සටහන් ගැළපෙනවාද කියලාත් පරීක්ෂා කිරීම . ග්‍රහ පොරොන්දම කියන පොරොන්දමේ දී කේන්දර වල ග්‍රහ පිහිටීම් යම් තරමකට යම් සම්මත ගණිත ක්‍රමයක් යටතේ පරීක්ෂා කරලා බැලුවත් කේන්දර ගැළපීම කියන දේ වෙනමම කරන්න ඕන දෙයක් . ඒකෙදී ගොඩක් වෙලාවට ජීවිතය ගැන අදාළ හැමදේම වගේ ඇතුලත් වීමක් වෙනවා .





මුලින්ම අපි බලමු පොරොන්දම් කියන්නේ මොනවද කියලා . පොරොන්දම් 20 ක් තියෙනවා .

නැකැත් පොරොන්දම
වෘක්‍ෂ පොරොන්දම
ගණ පොරොන්දම
ආයුෂ පොරොන්දම
මහේන්ද්‍ර පොරොන්දම
පක්‍ෂි පොරොන්දම
ස්ත‍්‍රී දීර්ඝ පාරොන්දම
භූත පොරොන්දම
යෝනි පොරොන්දම
ගෝත‍්‍ර පොරොන්දම
රාශි පොරොන්දම
වර්ණ පොරොන්දම
රාශ්‍යාධිපති පොරොන්දම
ලිංග පොරොන්දම
වශ්‍ය පොරොන්දම
නාඩි පොරොන්දම
රජ්ජු පොරොන්දම
දින පොරොන්දම
වේධ පොරොන්දම
ග‍්‍රහ පොරොන්දම

මේවා තමයි ඒ පොරොන්දම් 20 . මේ පොරොන්දම් වලින් මොනවාද කියවෙන්නේ සහ ඒවා ගැළපෙන්නේ කොහොමද නොගැළපෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු .

නැකැත් පොරොන්දම
==============
නැකත් පොරොන්දමෙන් කරන්නේ දෙන්නෙක් ඉපදුනු නැකත අනුව ගැලපෙනවද කියලා බලන එක . මේ ගැලපීමෙන් දෙන්නගේ ධනය බලය සැප හා සාමය කියන කාරනා මුදුන් පත් වෙනවා . අස්විද බෙරණ කැති රෙහෙන මුවසිරස ........කියලා නැකත් 27ක් තියෙනවා . මේ නැකත් 27න් ජන්ම, සම්පත්, විපත්, ක්‍ෂේම, ප‍්‍රත්‍යාරි, සාධක, වධ, මෛත‍්‍රී, පරමමෛත‍්‍රී කියන නම් අනුව නැකත් වෙන්කර ගණන් කරන ක්‍රමයක් තියෙනවා . ඒ අනුව නැකත් කොහොමද කියලා බලන සංකීර්ණ ක්‍රම ශිල්පයක් තියෙනවා ජ්‍යෝතිෂ විද්‍යාවේ . ඒ අනුව මේ නැකත් ගැළපීම කරනවා . එහෙම ගැළපෙන්නේ නැත්නම් ඒ දෝෂය භංග වෙනවද කියලාත් බලන්න ඉගැන්වීම් තියෙනවා .
ගණ පොරොන්දම
============
දෙදෙනෙක්ගේ රුධිරය , ධන සම්පත්තිය සහ ජීවන පැවැත්ම ගැලපෙනවද කියලා බලන පොරොන්දම තමයි ගණ පොරොන්දමෙන් කරන්නේ . ජෝතිශ්‍යයේ ගණ තුනක් සඳහන් වෙනවා . ඒ තමා දේව , රාක්ෂ ,  මනුෂ්‍ය කියන ගණ තුන . මෙයින් ගැලපෙනවාද බලන්නේ . මේ ගණ පොරොන්දමේ දෝෂය දෙන්නගේ උපන් ලග්නාධිපති දෙන්නගේ ගැලපීමෙන් ඒ කියන්නේ ඒ ග්‍රහයන් දෙදෙනාගේ මිත්‍රත්වයෙන් නැතිවෙලා භංග වෙනවා . ගණ ගැළපෙන්නේ නැතුව වෙන විවාහ වලදී දෙන්නා අතරේ ආරවුල් තත්ත්ව ඇතිවෙන්න පුළුවන් යම් සම්භාවිතාවයක් තියෙනවා කියලා කියන්න පුළුවන් . ඒත් ඒක පරීක්ෂා කරලා බලලා තමයි හරියටම කියන්න ඕන .

මහේන්ද්‍ර පොරොන්දම
===============
මහේන්ද්‍ර පොරොන්දමෙන් ආයුෂ සහ දරු සම්පත්තිය ගැන ගැලපීමට ලක් කරනවා . උපන් නැකත්වල ඉඳලා නැකත් චක්‍රයේ ගණන් කරන ක්‍රමයක් අනුව ඒ ඒ ස්ථානවල ඉන්නේ කීවෙනි නැකතද කියලා පරීක්ෂා කරලා බලලා තමයි මේ මහේන්ද්‍ර පොරොන්දම ගැළපීම කරන්නේ .

ස්ත්‍රී දීර්ඝ පොරොන්දම
==============
දෙන්නෙක් විවාහ වෙලා දෙන්නා එකට ජීවත් වෙනකොට දෙන්නට දෙන්නා තම තමන්ගේ ලිංගික ආශාවල් ගැන යම්කිසි අවබෝධයක් ලබාගන්න මේ පොරොන්දම ගැලපීම වඩාත් දායක වෙනවා . කාන්තාවගේ උපන් නැකතේ ඉඳලා 13කින් එහාට පිරිමියාගේ නැකත පිහිටලා තියෙනවනම් ඒක ශුභයි කියලා ගණන් ගන්නවා . පලවෙනි 9 අතරේනම් තියෙන්නේ දෙන්නා අතරේ ගොඩක් ආරවුල් ඇතිවෙනවා කියලා කියන්න පුළුවන් .

යෝනි පොරොන්දම
==============
යෝනි පොරොන්දමෙන් දෙන්නගේ ලිංගික වෙනස සංකේතවත් කරනවා . එකම සත්වයෙක්ට අයිති පුර්ෂ යෝනිය පුර්ශයාටත් ස්ත්‍රී යෝනිය ස්ත්‍රියටත් පිහිටලා තියෙනවනම් ඒක හොඳ ගැලපීමක් වෙනවා .
ඇත් යෝනියට සිංහ (හෝ මිනිස් හෝ කිඳුරු) යෝනිය ද,
අශ්ව යෝනියට ගොන්, මීගොන් යෝනිය ද
ගොන්, මී ගොන්, එළු, මුව, බලූ යන යොනිවලට ව්‍යාඝ‍්‍ර යෝනිය ද
වඳුරු යෝනියට එළු, බලූ යෝනි දෙක ද
මුෂික යෝනියට බළල් සප_ යෝනි දෙක ද
සප_ යෝනියට මුගටි එළු යෝනි දෙක ද
බළල් යෝනියට බලූ, ව්‍යාඝ‍්‍ර යෝනි දෙක ද සතුරු වෙයි .

මුව යෝනියට ගව යෝනිය ද
එළු යෝනියට අශ්ව යෝනිය ද
බලූ යෝනියට මිනිස් යෝනිය ද මිත‍්‍ර වේ. ශුභ වේ.
වෙනත් විදියකට යෝනි සිටිනවම් මධ්‍යමයි
සියළු යෝනිවලටම වඳුරු යෝනිය මිත‍්‍ර වෙනවා කියලා පිළිගැනීමකුත් තියෙනවා . ලිංගික තෘප්තිය සම්බන්ධව යම් අදහසක් ගන්න මේ යෝනි පොරොන්දම අදාළ කරගන්න පුළුවන් . ඒත් පෙරදිග කාම විද්‍යාවේ ඉගැන්වෙන ස්ත්‍රී වර්ග සහ පුර්ෂ වර්ග අතර විවාහය ගැළපීමත් මේ ලිංගික තෘප්තිය සම්බන්ධ ප්‍රශ්න වලට හොඳ විසඳුමක් ලබා දෙන්න පුළුවන් වෙනවා .

රාශි පොරොන්දම
============
වැදගත්ම පොරොන්දමක් විදියට මේ රාශි පොරොන්දම හඳුන්වන්න පුළුවන් . දෙදෙනෙක්ගේ බාහිර සිතුම් පැතුම් රුචි අරුචිකම් ගැලපීම මෙයින් සිද්ද වෙනවා . රාශි චක්‍රයේ රාශි තියෙන්නේ 12 යි වුණාට එක එක ක්‍රම වලට රාශි බෙදා වෙන් කරනවා . රාශි පොරොන්දම ගළපනකොට ඒ රාශි දෙකයි ඒ රාශි වලට අධිපති ග්‍රහයෝයි ගැලපෙන්න ඕන . නැත්නම් මිත්‍ර වෙන්න ඕන . නැත්නම් දෙන්නම එකම රාශියේ වෙන්න ඕන .

රාශ්‍යාධිපති පොරොන්දම
=================
මේ රාශ්‍යාධිපති පොරොන්දමෙන් දෙදෙනක්ගේ අභ්‍යන්තර රුචි අරුචිකම් ගැන කියවෙනවා . ඒ කියන්නේ මානසික ආශාවන් වගේ දේවල් . රාශියකට අධිපති වෙන , ඒ කියන්නේ රාශිය අයිති ග්‍රහයෙක් ඉන්නවා . උදාහරණයක් වශයෙන් මේෂ රාශිය අඟහරුගේ , සිංහ රාශිය රවිගේ කියලා අධිපති කම් වෙන් කරනවා . මේ වගේ ඒ ඒ රාශිවල අධිපති ග්‍රහයින්ගේ ගැළපීම තමයි මේ පොරොන්දමෙන් ගළපන්නේ .

වශ්‍ය පොරොන්දම
==============
විවාහවෙන දෙන්නගේ සමගියට හරස්වෙන හේතු ගැන හොයාගන්න මේ පොරොන්දම දායක වෙනවා . ඒ කරදර මගඇර ගන්න මේ පොරොන්දම ගැලපීම කරනවා .

රජ්ජු පොරොන්දම
=============
විවාහ වෙන දෙන්නගේ ලිංගික සංසර්ගයෙන් අලුත් ජීවියෙක් ඇති කරන්න දෙන්නට තියෙන ශක්තිය මේ පොරොන්දමෙන් ගලපනවා .
පාද රජ්ජුව - අස්විද අසලිස  මා දේට මුල රේවතී
ඌරු රජ්ජුව - බෙරණ පුස පුවපල් අනුර පුවසල උත්රපුටුප
නාභි රජ්ජුව - කැති පුනාවස උත්‍රපල් විසා උත්රසල පුවපුටුප
බාහු රජ්ජුව - රෙහෙන අද හත සා සුවන සියාවස
මෙන්න මේ විදියටයි නැකත් 27 රජ්ජු වලට වෙන කරලා තියෙන්නේ .

වේධ පොරොන්දම
=============
දෙන්නෙක් ඉපදුන නැකත් වේධ වෙනවනම් ඒක අශුභ වෙනවා . වේධ පොරොන්දම ගැළපෙන්න නම් මේ යුගලක් නොවීම තමයි වෙන්න ඕන .

වෘක්ෂ පොරොන්දම
================
දෙදෙනාගේ ප්‍රජනක ධාතුවල සරුබව මේ වෘක්ෂ පොරොන්දමෙන් ගලපනවා . දරුවන් ඇතිවීමේ හැකියාව පරීක්ෂා කෙරෙනවා . හර වෘක්ෂ සහ කිරි වෘක්ෂ කියලා වෘක්ෂ වර්ග වලට වෙන් කරලා තියෙනවා . ඒ ඒ වෘක්ෂ වල ගැළපීම වෙනවානම් දරුවන් අධිකව ලබනවා කියලා පිළිගැනෙනවා .

ආයුෂ පොරොන්දම
===============
විවාහ වන දෙන්නගේ ආයුෂ ගැන මේ පොරොන්දමෙන් කියවෙනවා . ස්ත්‍රිය උපන් නැකතේ ඉඳලා පිරිමියා උපන් නැකත වෙනකන් ගණන් කරලා ඒ ගණන අරගෙන 27න් වැඩි කරලා 28න් බෙදනවා . ලැබෙන පිළිතුර තියාගන්නවා . මේ විදියට පුරෂයාගේ නැකතේ ඉඳලා ස්ත්‍රියගේ නැකතටත් ගණන් කරලා එ ගණන 27න් වැඩි කරලා 28න් බෙදනවා . ලැබෙන පිළිතුර ගන්නවා . මෙයින් වැඩි අගය තියෙන කෙනා තමයි වැඩිපුර ජීවත් වෙන්නේ කියලා පිළිගැනෙනවා .

පක්ෂි පොරොන්දම
===============
කුලා - රාජාලියා බකමූණ
මොනරා - රාජාලියා බකමූණා
කපුටා - බකමූනා
රාජාලියා - බකමූණා කුකුලා මොනරා
කියන පිලිවෙළට පක්‍ෂීන් සතුරු වෙනවා . දෙන්නගෙම නැකත් එකම පක්ෂියාට අයිති නම් ශුභයි . කලින් කිව්වා වගේ සතුරුනම් ගැලපෙන්න නෑ . සතුරු නැත්නම් ගැලපෙනවා .

භූත පොරොන්දම
=============
දෙන්නගෙම උපන් නැකත් එකම භූත නම් ශුභයි , ආපෝ තේජෝ භූත දෙකට අයිතිනම් අශුභයි . ඊට වඩා වෙනස් වෙනවනම් ශුභයි .

ගෝත්‍ර පොරොන්දම
================
මේකනම් ඉන්දියාවේ බමුණෝ හදාගත්ත දෙයක් . දෙන්නම එකම ගෝත්‍රයට අයිතිනම් ගැලපෙන්න නෑ . වෙනස් ගෝත්‍ර නම් ගැලපෙනවා .

වර්ණ පොරොන්දම
================
මේකත් ඉන්දියාවේ බමුණෝ හදාගත්ත එකක් . ස්ත්‍රී පුර්ෂ දෙන්නම එකම වර්ණයට අයිති නැකත් වලනම් ශුභයි . පුර්ෂයා උසස් වර්ණයකත් ස්ත්‍රිය පහත වර්ණයකත් නම් මධ්‍යමයි . ස්ත්‍රිය උසස් වර්ණයක වෙලා පුර්ෂයා පහත් වර්නයකනම් ගැලපෙන්නේ නෑ .

ලිංග පොරොන්දම
===============
මෙන්න මේ පොරොන්දම ගැන විශේෂයෙන් කියන්න ඕන . කේන්දරේ ලිංග කියලා සටහන් වෙන ඒ වචනය අනුව කෙනා වෙනස් වෙන්නේ නැහැ . ඒක ජ්‍යෝතිෂ විග්‍රහය අනුව නම් කිරීමක් විතරයි . ස්ත්‍රී ලිංග නැකත් ස්ත්‍රීන්ටත් පුර්ෂ ලිංග නැකත් පුර්ෂයන්ටත් හිමිවීම උතුම් විදියට සලකනවා . දෙදෙනාම ස්ත්‍රී ලිංග නම් එත් ශුභයි . දෙදෙනාම පුර්ෂ ලින්ගනම් අශුභයි . දෙදෙනාම නපුන්ෂක ලින්ගනම් අශුභයි . ස්ත්‍රී නැකත් පුර්ශයාටත් පුර්ෂ නැකත් ස්ත්‍රියටත් හිමිවීම ඉතාම අශුභයි . ගැලපෙන්නේ නෑ .

නාඩි පොරොන්දම
==============
ලේවල ගමන , නහර ශක්තිය , ජාන ශක්තිය මේ පොරොන්දමෙන් ගලපනවා . දෙදෙනාම එකම නාඩියේනම් ගැලපෙන්නේ නෑ . වෙනස් නාඩිවලනම් ශුභයි .

දින පොරොන්දම
==============
දෙදෙනාම එකම දිනයේනම් ශුභයි . ස්ත්‍රිය උපන් දවසට පසු දිනය පුර්ෂයා උපන්නානම් ශුභයි ( ඉරිදා සඳුදා වගේ ) . ස්ත්‍රිය උපන් දවසට 3 4 5 කියන දවස්වල පුර්ෂයා උපන්නානම් ශුභයි . ස්ත්‍රිය උපන් දවසට 6 7 කියන දවස්වල පුර්ෂයා ඉපදුනා නම් අශුභයි .

ග්‍රහ පොරොන්දම
=============
අන්තිම පොරොන්දම තමයි ග්‍රහ පොරොන්දම . ඉස්සෙල්ලම ස්ත්‍රී කේන්දරේ 1 7 8 2 4 12  කියන තැන්වල රවී කුජ ශනි රාහු කේතු කියන පාපී ග්‍රහයෝ ඉන්නවද කියලා බලනවා . එයාලා උච්චව ක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව මිත්‍රව සතුරුව නීචව ඉන්නවද කියලත් බලනවා . ඊට පස්සේ ගණිත ක්‍රම මගින් පාපංශක ගණනය කරලා ඒ මගින් යම් නිගමනයන්ට එළඹිලා ග්‍රහ පොරොන්දම ගැලපෙනවාද නැද්ද කියලා තීරණය කරනවා .

ඔන්න ඔය පොරොන්දම් තමයි පොරොන්දම් පරීක්ෂාව කියලා මූලිකවම කෙරෙන පොරොන්දම් පරීක්ෂාවේදී කෙරෙන්නේ . ඒත් මේ පොරොන්දම් පරීක්ෂාව වෙනස් වෙන විධි කීපයක් තියෙනවා . ඒ තමයි දස පොරොන්දම සහ අෂ්ට පොරොන්දම කියලා කියන්නේ . පොරොන්දම් 20 ම ගත්තම ඒක විසි පොරොන්දම වෙනවා . යම් මතයක් තියෙනවා මේවායින් තෝරාගත් 10 ක් ගැළපීම පමණක් ඇති කියලා . තවත් මතයක් තියෙනවා තෝරාගත් අටක ගැළපීම මගින් ඒවාට දෙනු ලබන ලකුණු සංක්‍යාව අනුව ගැළපීම වෙනවද නැත්ද කියලා පරීක්ෂා කරන ක්‍රම ශිල්පයක් .

දස පොරොන්දමට අයත් වෙන්නේ නැකත් , ගණ , යෝනි , නාඩි , රාශි , රාශ්‍යාධිපති , රජ්ජු , වේධ , වශ්‍ය , පක්ෂි කියන පොරොන්දම් දහය .
අෂ්ට කූටයට අදාළ වෙන්නේ නාඩි , රාශි , ගණ , රාශ්‍යාධිපති , යෝනි , නැකත් , වශ්‍ය , වර්ණ කියන පොරොන්දම් 8 . මේවාට පිලිවෙළින් 8 7 6 5 4 3 2 1 කියලා ලකුණු දෙනවා . ගැළපෙනවා නම් එම ලකුණම දෙනවා . නැත්නම් බිංදුවයි . මධ්‍යම නම් ඒ ලකුණෙන් භාගයක වටිනාකම දෙනවා . ඊට පස්සේ මේවා එකතු කරනවා . පොරොන්දම් 8 ම ගැළපෙනවා නම් එකතුව 36 ක් වෙන්න ඕන . එහෙම නම් ගැළපීම 100 % ක් වෙනවා . එහෙම නැත්නම් එකතුව 36 න් බෙදලා 100 න් වැඩි කරලා කොච්චරක් ගැළපෙනවද කියලා පරීක්ෂා කරනවා .

චන්ද්‍ර නක්ෂස්ත්‍රධිපති පොරොන්දම , ලග්න නක්ෂස්ත්‍රධිපති පොරොන්දම වගේම මීට අමතරව තියෙනවා යෝගිනි පොරොන්දම , අයවැය පොරොන්දම කියලා යම් යම් ගණිත කර්ම එක්ක අදාළ වෙන සහ න්‍යායාත්මක පිළිගැනීම් වලට අදාළ වෙනත් පොරොන්දම් . ඒවාත් ගැළපීම කරන එකේ වරදක් නම් මම දකින්නේ නැහැ . ඒත් මේ 20 පොරොන්දමට වඩා ඉතාමත්ම වැදගත් වෙන්නේ කේන්දර සටහන් ගැළපීම තමයි .

කේන්දර ගැළපීමේදී එන විශේෂම දේවල් කීපයක් ගැන අපි ඊළඟට බලමු .



එයින් එකක් තමයි කුජ දෝෂය . මට මේ කුජ දෝෂයත් එක්ක කියන්න යම් කතාවක් මතක් වෙනවා . ළඟදී දෙන්නෙක් මට කේන්දර දෙකක් දීලා කිව්වා මේ කේන්දර ගැළපෙන්නේ නැහැ කියලා කිව්වා . කෙනෙක් මැරෙනවා කියලා කිව්වා . ඒ නිසා දැන් ගෙවල් වලින් කැමති නැහැ . මේ වෙනුවෙන් කරන්න දේවල් තියෙනවද ? . එහෙමත් නැත්නම් මේ කියන කතාව ඇත්තද කියලා බලලා දෙන්න කියලා . මම ඊට පස්සේ පොරොන්දම් පරීක්ෂාවේ ඉඳලා සේරම දේවල් බලලා විග්‍රහ කරලා පිටු ගණනාවක දීර්ඝ විස්තරයක් ලිව්වා ඒ දෙන්නා වෙනුවෙන් ඒ දෝෂ නැතිවෙන විදි කේන්දර වල තියෙන හැටි විස්තර කරන්න . තනිකරම ඒ විවාහ පරීක්ෂාව ජ්‍යෝතිෂ පංතියක සටහනක් වගේ වුණා පැහැදිලි කරලාම .

ඒ උදාහරණය වාසනාවන්ත උදාහරණයක් . මොකද දෙන්නාට කොහොම හරි එකතුවෙන්න ලැබෙන නිසා . එත් ඒවගේම තමයි තවත් කේන්දර දෙකක් මට ලැබුණා බැන්දොත් මැරෙනවාමයි කියලා ආයේ කතා දෙකක් නැහැ කියලා කියන්න පුළුවන් කේන්දර දෙකක් . මේ වගේ වෙලාවල් වලදී ජ්‍යෝතිෂ විද්‍යාව හසුරුවන අය තරමක් අසරණ වෙනවා . මොකද විවාහ යෝජනාවක් නම් මේක අතෑරලා වෙන එකක් බලන්න කියන්න පුළුවන් . එත් ප්‍රේම සම්බන්ධතා වලදී මොකද වෙන්නේ ? . අන්න එතනදී යම් ගැටළුවකට මූණ දෙන්න වෙනවා .  එතනදී අපේ අදහස ඉදිරිපත් කරලා එයාලාට කැමති තීරණයක් ගන්න කියන මතයේ තමයි මමනම් ඉන්නේ . එහෙම බඳිනවානම් මම කියන්නේ ආයෙත් මට කතා කරන්න කරන්න ඕන වත් පිළිවෙත් මොනවාද කියලා කියන්නම් . ඒවා කරන්න . එතකොට මරණය අනතුරකිනුත් , අනතුර තුවාලයකිනුත් , තුවාලය දදයකිනුත් , දදය සුළු කැසීමකිනුත් සංකීර්ණ තත්වයෙන් සරළ තත්වයට පත්වෙන්න යම් ප්‍රතිකාරයක් කියලා දෙන්න පුළුවන් කියලා .

විවාහයේදී ග්‍රහ බලපෑම කොහොමද වෙන්නේ කියලා බලාගන්න පුළුවන් වෙන්නේ දෙන්නා කඩදාසියේ ලියලා එක ඇඳක නිදාගත්ත පලියට නෙවෙයි . දෙන්නාගේ ලිංගික වශයෙන් කායික එක්වීමක් වෙන්න ඕන ඒ බලපෑම් වෙනවාද නැත්ද කියලා බලන්න . මේ කතාව මට කියන්න මතක් වුණේ හැම කෙනාම වගේ කියන්නේ අපි යාළුවෙලා අවුරුදු මෙච්චරක් වෙනවා අච්චරක් වෙනවා . ඒත් අපිට මොකවත් අනතුරක් නෑනේ කියලා . එහෙම වෙන්නේ නැහැ .

ලිංගික එක්වීමකට පස්සේ තමයි මේ බලපෑම් හුවමාරු වෙන්න ගන්නේ . ජ්‍යෝතිෂවේදයේ සහෝදරයා විදියට සලකන ආයුර්වේදයේදී කියවෙන්නේ පුරුෂයා සහ ස්ත්‍රිය ලිංගිකව එක්වීමෙන් හුවමාරුවෙන දේවල් අනුව ඒ ඒ අයගේ ග්‍රහ බලපෑමුත් හුවමාරු වෙනවා කියලා . විවාහයෙන් යම් අපල තත්වයක් එනවානම් එන්නේ ඒ දේ වීමෙන් පසුව කියලා තමයි විග්‍රහ කෙරෙන්නේ . ඒ නිසා කායික එක්වීමට කලින් නම් නොගැළපීම කියන දේ හරි හැටි පෙන්නු කරන්නේ නැහැ . ඒ නිසා තමයි පුළුවන් හැම පැත්තකින්ම ගැළපෙන කෙනෙක් බඳින්න තෝරාගන්න  කියලා හැමදෙනාම කියන්නේ .

සමහරු කියනවා “ ආ එයාගේ කුජ හතේ ඉන්නේ . ඒ නිසා බඳින්න හොඳ නෑ කියලා . එහෙම කියන එක වැරදියි . හරියට බලන්නේ නැතුව කුජ දෝෂ තියෙන අයට තියෙනවා කියන එකත් දෝෂ නැති අයට නැහැ කියලා කියන එකත් වැරදියි . කුජ දෝෂය , එහෙමත් නැත්නම් භෞම දෝෂය එන්නේ කුජ හත්වැන්නේ උන්නු පළියටම නෙවෙයි . කුජ දෝෂ එන විදි මම ඔයාලට දැනගන්න මෙතන සටහන් කරන්නම් .

ලග්නයෙන් 1 2 4 7 8 12 කියන තැන්වල
චන්ද්‍රයා ඉන්න තැනින් 1 2 4 7 8 12 කියන තැන්වල
සිකුරු ඉන්න තැනින් 1 2 4 7 8 12 කියන තැන්වල ඉන්න නිසාත් මේ කුජ දෝෂය එන්න පුළුවන් .

ඒවගේම තමයි ශනි මංගල දෝෂය . මංගල කියන්නේ කුජ . සෙනසුරු සහ අඟහරු නිසා එන විවාහ දෝෂය තමයි මේ ශනි මංගල දෝෂය කියන්නේ . ශනි සහ කුජ එකට ඉන්න එක හෝ අන්‍යෝන්‍ය වශයෙන් දෘෂ්ටි ලැබීම නිසා තමයි මේ දෝෂය ඇතිවෙන්නේ .

ඒ නිසා කුජ දෝෂය තියෙනවා හෝ නෑ කියලා නිකන්ම කියන්න එපා . ඒවා පරීක්ෂා කරවලා තමයි බලන්න ඕන . කුජ දෝෂ තියෙනවා වගේම තමයි ඒවා නැතිවෙන්නත් ග්‍රහ පිහිටීම් තියෙනවා .

කුජ කියන්නේ ග්‍රහ මණ්ඩලයේ සටන් කාමි සෙන්පතියා . ඒ කියන්නේ ගින්දර වගේ සටන් කාමියෙක් . කුජ දෝෂය කේන්දරේ තියෙනවානම් , කුජ විසින් කලත්‍රයා මරන්න සූදානමින් ඉන්නවා . කේන්දරේ චන්ද්‍රයා තමයි රැජින . ඒවගේම චන්ද්‍රයා සිසිල් ග්‍රහයෙක් . ඉතින් කුජට චන්ද්‍රයාගේ බලපෑම එල්ලවෙනවානම් ගිනි ගොඩකට වතුර වත් කරනවා වාගේ මේ කුජ දෝෂය දුර්වල වෙලා හෝ නැති වෙලා යනවා . පුරෝහිත තනතුරේ ඉන්න බ්‍රහපතී වගේ බලවත් ග්‍රහයෙක්ගේ සංයෝගය හෝ දෘෂ්ටි වැටීම නිසා මේ දෝෂ නැතිවෙනවා . ග්‍රහයින්ගේ නීච ස්වක්ෂේත්‍ර වීම නිසා දෝෂ නැති වෙනවා . ඒ වගේ ඉගැන්වීම් රාශියක් තියෙනවා මේ දෝෂය නැති වීමට .

විවාහ වලට බලපෑම් කරන තවත් බහුල දෝෂයක් තමයි කාලසර්ප දෝෂය කියලා කියන්නේ . කේන්දරේක රාහු සහ කේතු ඉන්න ස්ථාන වලට අනුව ඒ දෙන්නාගෙන් එක පැත්තකට අනෙක් ග්‍රහයින් තැම්පත් වීම තමයි කාල සර්ප දෝෂය කියලා කියන්නේ . මේ දෝෂය එන විදි 12 ක් තියෙනවා . ඒ අනුව පලාඵල එන විදිත් වෙනස් වෙනවා . කේන්දරේ 1 , 7 හරහා මේ දෝෂය වැටෙනවානම් විවාහය සම්බන්ධව ටිකක් දුරට බලන්න වෙනවා කොහොම තත්වයක්ද තියෙන්නේ කියලා . ඒ වෙනුවෙන් පිළිවෙත් කරලා දෝෂය පාලනය කරගන්න පුළුවන් .

විෂ කන්‍යා යෝග පිහිටීම තවත් විවාහ දෝෂයක් . උපන් දිනය තිථිය නැකත අනුව විෂ කන්‍යා යෝග පිහිටනවා . මේවා නම් විවාහයට අශුභ තත්ත්ව තමයි අරගෙන එන්නේ . විෂ කන්‍යා යෝග තියෙන කේන්දර සහිත ස්ත්‍රීන් විවාහයෙන් පෙර වගේම පසුවත් දුක්බර ජීවිතයක් තමයි ගොඩක් වෙලාවට ගත කරන්නේ . විෂ කන්‍යා යෝග යෙදෙන හැටිත් භංග වීමත් තරමක් සංකීර්ණ ඉගැන්වීමක් .

කඩහන්දී දෝෂය කියලා තවත් දෝෂයක් තියෙනවා . විවාහ වෙන දෙන්නාට එකම මහ දසාවක් ලැබීම නිසා මේ දෝෂය ඇතිවෙනවා . මේක තරමක් මාරක තත්වයක් වෙන්න පුළුවන් කියලා ඉගැන්වෙන නිසා මේ දෝෂය පරීක්ෂා කිරීම සිදු වෙනවානම් හොඳයි කියලා තමයි කියන්න ඕන .

මීට අමතරව තවත් දෝෂ නම් රාශියක් තියෙනවා . වඳ යෝග , ප්‍රසූත දෝෂ , අමනුෂ්‍ය දෝෂ , අවිවාහ යෝග , කාමුක යෝග , සරාගී යෝග වගේ දෝෂ ගොඩක් විස්තර කෙරෙනවා . ඒ ඒ දේවල් පිළිබඳව සැලකිල්ලක් දක්වලා විවාහ පරීක්ෂාව කරනවානම් තමයි අද කාලේ හැටියට හොඳ . මොකද විවාහයක ප්‍රධාන අරමුණ වෙන්නේ දරුඵල ලැබීම . දරුවන් නැතිවීම අදකාලේ වෙනකොට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා .

පොරොන්දම් පරීක්ෂාවේදී වෘක්‍ෂ විතරක් බලලා විවාහ වීම නිසා දරුවන් ඇතිවීම ගැන කියන එක වැරදියි . කේන්දරේක 5 7 11 කියන ස්ථාන වල අධිපතීන් ඉන්න ග්‍රහයන් සහ ඒ අයගේ මිත්‍ර වීම අදාළ වෙනවා දරුඵල ලැබෙන්න . ඒවගේම පුත්‍රකාරක ගුරු බලවත් වීම වැදගත් වෙනවා දරුවන් ලැබෙන්න . මේ නිසා දරුඵල ලැබීම කියන දේත් පොරොන්දම් මත විතරක් පදනම් වෙලා බලන්න එපා . කේන්දරත් ගැළපෙනවද කියලා පරීක්ෂා කරලා බලලා තමයි තීරණය කරන්න ඕන .

විවාහයක තියෙන අනෙක් ප්‍රශ්නය තමයි දික්කසාද වීම . නොගැළපෙන අය විවාහ වුණාම විවාහයේ යම් යම් ප්‍රශ්න ඇතිවෙන්න බලනවා . ඒ නිසා පුළුවන් තරම් ගැළපෙන කෙනාම විවාහයට තෝරාගන්න බලන්න . එහෙමත් නැතුව විවාහ වෙන්න වුණා නම් ඊළඟට කරන්න ඕන සාමාජීය වශයෙන් වැරදි අඩුපාඩු හදාගෙන , තමන්ගේ ආශාවන් හැගීම් පාලනය කරගෙන , ලැබෙන දෙයින් සතුටු වෙලා ජීවත් වෙන එක . මොකද විවාහයේ ප්‍රතිඵල විදියට දරුවන් ලැබෙනවානම් දරුවන් ආරක්ෂා කිරීම සහ ඒ අයට ඕන සමාජීය සංස්කෘතිකමය වටපිටාව හදලා දීම තමයි දරුවන් ලැබීමෙන් පස්සේ විවාහය තුල වැඩියෙන්ම වැදගත් වෙන්නේ .





විවාහයේ දෙදරා යාමට දරුවන් නැතිවීම යම් හේතුවක් වෙන්න පුළුවන් . ඒ දේට මුණ දෙන්න බැරිකම නිසා මනස අවුල් කරගෙන පවුලත් අවුල් කරගන්නා අය නැතුවම නෙවෙයි . විවාහ වෙලා ළමයි නෑ කියලා කේන්දර අරගෙන එන අයත් නැතුවාම නෙවෙයි . මේ ප්‍රශ්න විසඳගන්න ඕන විවාහ වෙලා ඊට පස්සේ නෙවෙයි . විවාහ වෙන්න කලින් .

තමන්ට යම් ගැටළුවක් තියෙනවා කියලා කේන්දර බලලා කියනවානම් ඒවාට ප්‍රතිකාරත් ඒ විෂය හරහා තියෙනවා . ඒවා විවාහ වෙන්න කලින් ඉඳලාම කරනවානම් විවාහ වෙලා දරුවෙක් ලබාගන්න පුළුවන් යම් සම්භාවිතාවයක් ඇතිකරගන්න පුළුවන් . මොකද මේ ප්‍රතිකාර වලදී කෑම බීම , අඳින ඇඳුම පැළඳුම , වගේ දේවල් වල ඉඳලා යම් සංයමයක් ඇතිකරගන්න උවමනා වෙනවා . විවාහ වෙලා මේ ප්‍රතිකාර කරලා , අද කරන ප්‍රතිකාරයෙන් හෙට දරුවෙක් පිළිසිඳ ගන්නේ නැහැ . සමහර විට අවුරුද්දක වගේ කාලයක් වත් ප්‍රතිකාර කරන්න වෙනවා . මොකද ඇඟට තියෙන ග්‍රහ කිරණ බලපෑම අඩුවෙලා යන්න කාලයක් ගන්නා නිසා . අවුරුදු 20ක් 30ක් ඇඟට තියෙන ග්‍රහ බලපෑම ඉවත් වෙන්න දවසෙන් දෙකෙන් කරන ප්‍රතිකාර වලින් බැහැ .

ඒ නිසා අවදානමට පෙර සූදානම් කියලා ජ්‍යෝතිෂ විද්‍යාව අනුව විවාහ පරීක්ෂා කිරීමේ ඉහළ වැදගත් කමක් තියෙනවා . දැන් දැන් ඒ ප්‍රවණතාවය වැඩි වෙනවා වගේම තමයි මේ විෂයට ගරහන අයත් වැඩි වෙනවා . ඒත් නූතන විද්‍යාවේ දියුණුව තියෙන්නේ තමන් ළඟ කියලා පෙන්වන ඇමරිකාව එංගලන්තය රුසියාව වගේ රටවල් වලත් ජ්‍යෝතිෂ විද්‍යාව අනුව පර්යේෂණ කෙරෙනවා . මොකද ක්වොන්ටම් විද්‍යාව දියුණු වෙන්න වෙන්නම ඒ විෂය සහ ජ්‍යෝතිෂ විෂය අතර බැඳීම වැඩිවෙන නිසා .

පෙරදිග ජ්‍යෝතිෂ සිද්ධාන්ත වගේම බටහිර ජ්‍යෝතිෂ සිද්ධාන්තත් බිහිවෙලා තියෙනවා . ඒවායේත් පැහැදිලි සත්‍ය තාවයක් පෙන්නුම් කරන නිසා ඒවාත් නරකයි කියලා විසි කරන්න බැහැ . පාරම්පරිකයි කියලා පරණ දේ විසි කරන්නත් නූතන දේ හරි කියන්නත් බෑ වගේම තමයි අලුත් කියලා නූතන දේ විසි කරන්නත් පාරම්පරිකයි කියලා පරණ දේ බැඳ තබාගන්නත් බැහැ . බුද්ධිමය විමසුම අනුව වැඩ කිරීමයි අද කාලේ වැදගත් .

අවසාන වශයෙන් මම ජ්‍යෝතිෂ විද්‍යාව ගැන අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්දමෛත්‍රීය මහානායක ස්වාමීන් වහන්සේ විසින් ආචාර්ය රෝහන් සිසිරකුමාර මහතාගේ ජ්‍යෝතිෂ පිවිසුම 1 පොතට ලිව්ව පූර්විකාවේ කොටසක් සටහන් කරන්නම් . ලිපිය අවසානයේ ඔයාලාගේ හිත් වලට එන ප්‍රශ්නයට ආනන්ද මෛත්‍රීය හිමියන්ගේ ඒ අදහස සාර්ථක උත්තරයක් දේවි .

“ යම් තම් පංචාංග ලිතක් බලාගෙන වේලාව වත් හරියට ශුද්ධ කොට නොගෙන දළ කේන්ද්‍රයත් තනාගෙන රාශි භාව දෙකේ වෙනස වත් හරියට තේරුම් නොගෙන වරදවා අනාගත ඵල කියන අයගේ ප්‍රකාශන බොරුවී යෑම නිසා මේ විශ්ෂ්ඨ ශාස්ත්‍රය සමහර විද්වතුන්ගේ නිග්‍රහයට ද ලක්ව ඇත “


අවසාන වශයෙන් ,
ජ්‍යෝතිෂ විද්‍යාව ඇතිකළ දියුණුකළ ප්‍රධාන වශයෙන් දහඅටක් වූ මහා සෘෂි වරුන්ටත්
පර්යේෂණ කරමින් තම අත්දැකීම් සෘෂි මතය හා ගළපමින් ජ්‍යෝතිෂය දියුණු කල පුරාණ ආචාර්ය වරයින්ටත්
මාගේ ගුරුවරයින්ටත්
නමස්කාරය වේවා !

දියුණුවෙන් දියුණුවට පත්වේවා !
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

වයලීනෝ
පාරම්පරික ජ්‍යෝතිෂවේදී ( ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය )
විද්‍යාවේදී ( ජෛවීය විද්‍යා )  ශ්‍රී ජයවර්ධනපුර
Fb - ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය - Prabhashwara Jyothisha Sewaya
Email – prabhashwara.astro@gmail.com




ජෛවීය විද්‍යාවේ ඉගැන්වෙන විදියට යම් විශේෂයක අකණ්ඩ පැවැත්ම තහවුරු වෙන්න නම් ඒ ජීව විශේෂය අනිවාර්යයෙන්ම තමන්ගේ ...

සඳකඩ පහනට තවත් කැටයමක්








යක්ස කතා දේවකතා කැටගරිය වෙනුවෙන් යමක් ලිය ලිය ඉඳලා එක පාරටම සංගීතය වෙනුවෙන් යමක් ලියන්න ඕන කියලා කල්පනා කරා . තවම නිවාඩු කාලය ගෙවෙන නිසා කරන්න වෙන වැඩකුත් නැති නිසා නොපිට ගිය සොහොන් කාලි පූජාව කතා මාලාව ඉවර කරාට පස්සේ සුනිල් එදිරිසිංහ මහත්මයාගේ සඳකඩ පහන සංගීත ප්‍රසංගයේ වීඩියෝ එකක් බැලුවා . 

මේ වීඩියෝ එක ලැබිලා කාලයක් වෙනවා . ඒත් සිංදු ටික ඔක්කොම අහලා තියෙන ඒවා නිසා ෆෝවර්ඩ් කර කර තමයි මුල්ම වතාවේ බැලුවේ . ඒත් මේ ඊයේ පෙරේදා දවසක වෙන බලන්න දේකුත් නැති නිසා නිවීහැනහිල්ලේ ෂෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා .

තවමත් කටින් හරි හිතෙන් හරි මුමුණ මුමුණ ඉන්නේ සුනිල් එදිරිසිංහයන්ගේ සන්තාප මාවතේ කියන ගීතය . මුල් ගායනයට වඩා මට එතුමාගේ මේ සඳකඩපහන ප්‍රසංගයේ මම බලපු වීඩියෝ එකේ තිබුණු ගායනය හිතට අල්ලලා ගියා . සන්තාප මාවතේ , සංවේදනා මැදුරේ කියන පද පේලියේ සංවේදනා කියන වචනයේ " නා " කියන අකුර සුනිල් එදිරිසිංහයන් හරිම අපූරු විදියට ගායනා කරනවා වෙනදා නැති ස්වර අලංකාර එකතු කරලා . 

ගීතය කොච්චර ඇහුවත් ඒ තැන එනකල් තමයි අහගෙන ඉන්නේ . ශිල්පියෙකුගේ අත්දැකීම් වැඩිවෙන්න වැඩිවෙන්න ගීතවල තියෙන වඩාත් සියුම් තැන් ස්පර්ශ කරන්න ඒ ශිල්පීන් නැඹුරු වෙනවා . ගීතවල තියෙන ඒ සියුම් තැන් තමයි අවසානයේ ශ්‍රාවකයාගේ හදවත ස්පර්ශ කරන්නේ . 

ඉතින් අද කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි . සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ලද විශිෂ්ටතම ගීතයක්වන සඳකඩ පහන ගීතය ගැන ලියන්න . ඒකත් ලියන්න ඕන කියලා මතක් උනේ අද ඊයෙක නෙවෙයි . හැමදාම මුහුණු පොතේ ශෙයා වෙන්නේ මේ ගීතයේ වැරදි තේරුම . අපේ පරම්පරාවෙන් පස්සේ උදවිය මේ ගීතය ඔලුවට දාගෙන තියෙන්නේ හරිම වැරදි විදියට . ආයේ ආයෙත් ඒකම ශෙයා කර කර මේ වැරදි තේරුම තව තවත් ප්‍රචාරය කරනවා . 

අහම්බෙන් වගේ දවසක ටීවී එකේ යනකොට මාතර ආච්චි චිත්‍රපටිය බලාගන්න වාසනාව ලැබුණා . මේ චිත්‍රපටි හංගගෙන තියාගෙන ඉන්නවා අඩුගානේ කොපි කරන්නවත් විකුණන්නවත් කිසිම දේකට අවසර දෙන්නේ නැතුව . එක්කෝ හෝල්වල පෙන්නන්න ඕන . නැත්නම් අන්තර්ජාලයට මුදාහරින්න ඕන කැමති අයට බලන්න . 


අම්මටසිරි ලංකාවේ ඔක්කොම ඒවා ඔහොම තමයි . යන යන තැන තියෙන්නේ මෙම ස්ථානයේ ඡායා රූප ගැනීම සපුරා තහනම් , මෙම වීඩියෝ පටයේ පිටපත් වංචනික ලෙස ළඟ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි වගේ දේවල් . ඒ නිසා ඒ වගේ වටිනා දේවල් මිනිස්සු අතරට එන එක වැළකිලා තියෙනවා . අඩුම තරමේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක තුමාටවත් ළඟ තියාගන්න පුලුවන්ද දන්නේ නෑ . 

වැඩක් නෑ මේවා ගැන කතා කරලා . ඒ නිසා මට පෙනෙන විදියට සඳකඩ පහන ගීතය ගැන ලියන්නම් . මේ තේරුම කලිනුත් මේ බ්ලොග් එකේම ලියවිලා තියෙනවා සිංදුවා අයියා අතින් . මමත් තව ලුණු ඇඹුල් දාලා ලියන්න හිතුවේ සංගීතය ගැන යමක් සඳහන් වෙලා නැති නිසා . 

මුලින්ම එහෙනම් ගීතය අහලා ඉන්නකෝ .




සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවී
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දු
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංඳු
ඈ ගෙන යද්දී නටඹුන් අතරේක
තවකෙක් ඈ වෙත හද රැන්දු

හදවිල ඉපදුණු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
සත්සමුදුරකට මුසුවගියා
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙට පියඹා
පොපියන හදවත සිටී බලා

ගායනය : සුනිල් එදිරිසිංහ




තනුව : වික්ටර් රත්නායක




ගී පද : වොලී නානායක්කාර





( ලිපිය ලියන වෙලාවේ හොයාගන්න බැරි උනාට අන්තිමට හොයලා හොයලා හොයාගත්තා . මේ තියෙන්නේ සඳකඩ පහන ගීතයේ මුල් ගායනය . ඔය සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා තමයි ගායනා කරනවා වගේ රඟපාන්නේ . බලන්න සුනිල් එදිරිසිංහයන්ගේ එදා කටහඬ සහ අද තියෙන කටහඬ අතර තියෙන වෙනස . )




මේ ගීතයට ගණිකාවක් ආරෝපණය වෙන්න ප්‍රධානම හේතුව විදියට මමනම් දකින්නේ සියුමැලි කැකුළක් මැලවෙත්දී සහ පාවෙන දේදුනු ලැගුම් ගනී කියන පද පේලි දෙක නිසා වෙන්න ඕන . ඒත් ෆිල්ම් එකේ මෙහෙම කතාවක් නැහැ . ගණිකාවක් , එහෙමත් නැත්නම් ළමයෙක් එක්ක තනි වෙච්ච අම්මා කෙනෙක් ගැන ෆිල්ම් එකේ කියවෙන්නේ නෑ .






සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවී
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී


සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී

සඳකඩ පහන කියන්නේ කළා ලෝකයේ විශිෂ්ටතම නිර්මාණය . මනුෂ්‍ය ලෝකයේ විශිෂ්ටතම නිර්මාණය තමයි ගැහැණිය . ජීවිතය කියන්නේ කලාවක් . ඒ නිසා කාන්තාව සඳකඩ පහනට උපමා කරන එකේ වරදක් නැහැ . සඳකඩ පහනේ විවිධ ආකාරයේ කැටයම් නිර්මාණය කරලා තියෙනවා . ඒ වගේම තමයි කාන්තාව කියනෙත් පංච කල්‍යාණයෙන් පිරි රූප ශෝභාව උතුරා යන රූපයකට හිමිකම් කියන කෙනෙක් . ඔය කියන දේවල් නිසා මේ ගීතයේ සඳකඩ පහන කාන්තාවකට උපමා කරන්න අරගෙන තියෙනවා .

ඒවගේම තමයි සඳකඩ පහන නිර්මාණය කරලා තියෙන්නේ පයට පෑගෙන්න . ඒත් සඳකඩ පහන කාගේත් අවධානය දිනාගන්නවා . ඒ සඳකඩ පහනේ තියෙන විශේෂතා නිසා . ඒ වගේ තමයි කාන්තාවත් . නිසි තැන නිසි පරිසරයේ නෙවෙයිනම් ඉන්නේ කාන්තාවත් පයට පෑගෙන තත්ත්වයට පත් වෙන්න පුළුවන් . ඒත් එහෙම උනාට හැම කෙනෙක්ගෙම අවධානයට පාත්‍ර වෙන්නත් කාන්තාවට හැකියාව තියෙනවා .

දේදුන්න පායන්නේ අව්වයි වැස්සයි දෙකම එකට තියෙන වෙලාවට . ඒවගේම තමයි දෙදුන්නත් අර්ධ කවාකාරයි , විවිධ වර්ණයන්ගේ සංයෝජනයක් තමයි දේදුන්නට තියෙන්නේ . පිරිමියාත් මේ දේදුන්න වගේ . පිරිමියෙක් ආදරය ප්‍රේමය කරුණාව දයාව වගේ ගුණාංග කැටිකරගෙන ඉන්නවා වගේම ආක්‍රමණශීලී බව , තද ගතිගුණ , ශක්තිමත් බව , කාමය , රාගය වගේ දේවලුත් ඒ එක්කම කැටිකරගෙන ඉන්නවා . එහෙමයි කියලා කාන්තාවකට මේවා නැහැ කියලා කියනවා නෙවෙයි . කාන්තාවකට වඩා පිරිමියෙක් මේ දේවල් ඔය ගීතයේ පසුබිමේ හැටියට කැටිකරගෙන ඉන්නවා කියලා තමයි මම කියන්නේ . පාවෙන දේදුනු කියලා කියන්නේ අරමුණක් නැතිව නන්නත්තාරේ යන පිරිමියෙක් නෙවෙයි . ජීවන සහකාරියක් නැතිව තනිව ඉන්න පිරිමින්ට .

සඳකඩ පහනක කැටයම් වැනි කාන්තාවකගේ ජීවිතයේ තිබෙන විශේෂතා ඔප් නංවමින් පාවෙන දේදුනු විදියට හඳුන්වන තවමත් තනිවම ඉන්නේ , ජීවන සහකාරියක් නොලැබුණු පිරිමි ඒ කාන්තාවට ලං වෙන්න උත්සහ කරනවා . ලැගුම් ගන්නවා කියන්නේ පදිංචි වෙනවා කියන එක නෙවෙයි . තාවකාලිකව නවතිනවා කියන එක . මේ ගීතයේදී තාවකාලිකව නවතිනවා කියන වචනය දැම්ම පලියට මේ කාන්තාව ගණිකාවක් කරන්න බැහැ . මමනම් දකින්නේ තාවකාලිකව නවතින අදහස දීලා ගීතයෙන් පෙන්නන්න හදන්නේ ඒ කාන්තාවගේ ජීවිතයට ලං වෙලා පදිංචි වෙන්න උත්සාහ කරනවා කියන එක . ඒ කියන්නේ නිකං කැමැත්ත ගන්න උත්සාහ කරනවා වගේ තේරුමක් .

කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවී

ඒ විදියට සඳකඩ පහනකුයි දෙදුන්නකුයි අවසානයේ ප්‍රේමයෙන් බැඳෙනවා . ඊට පස්සේ තියෙන්නේ සඳකඩ පහනේ තියෙන කලාත්මක බව වත් දේදුන්නේ තියෙන කලාත්මක බවවත් නෙවෙයි . මේ දෙකේම එකතුවක් . ඒ වගේ තමයි කාන්තාවක් සහ පිරිමියෙක් ආදරය කරන්න ගත්තට පස්සේ ඒ දෙන්නාගේ චරිත ලක්ෂණ යම් යම් විදියට වෙනස් වෙනවා . පිරිමියා කාන්තාවගේ ආශාවන් අභිමතාර්ථයන් අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා . කාන්තාව පිරිමියාගේ ආශාවන් අභිමතාර්ථයන් අනුව ජීවත් වෙන්න පටන් ගන්නවා . අන්තිමට මේවා එකිනෙක මිශ්‍ර වෙලා තමයි පෙම්වතුන් යුවලකගේ තියෙන ගති ලක්ෂණ පහල වෙන්නේ .

අන්න ඒ අදහස තමයි කැලතුනු රසයක පැන ආ බුබුලක් කියලා කියන්නේ . පෙම්වතාගේ සහ පෙම්වතියගේ ආශාවන් , අරමුණු , බලාපොරොත්තු , හැගීම් , ආදරය , ප්‍රේමය , දැඩි බව , ස්ථීරසාර බව , වගේ හැම දෙයක්ම එකට එකතුවෙලා කැලතිලා දෙදෙනාගේ ආදරයෙන් බැඳුනු ජීවිතය , අර කැලතුනු රසයන්ගෙන් යුක්ත වූ මිශ්‍රණයෙන් ඉහලට පැන එන බුබුලක් වගේ ප්‍රමුඛ වෙලා එනවා කියලා ඒ පද පේලියෙන් කියවෙන්නේ . මේ විදියට තමයි ආදරය කියන අකුරුවැල දෙදෙනෙකුගේ හදවත්වල රචනාවෙලා සටහන් වෙන්නේ . කාලයත් එක්ක මේ රචනා වීම තව තවත් සිදුවෙනවා වගේම ඒ අකුරුවල තියෙන අර්ථාන්විත ගැඹුරු බවත් වැඩිවෙනවා .

යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී

මහාභාරතයේ ඒක තැනක ක්‍රිෂ්ණා විසින් අර්ජුනට කියනවා " ................. යුගයක් යුගයක් පාසා පහල වෙමි " කියලා . ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතාවය මත යුගයක් යුගයක් පාසා ඉපදෙනවා කියන එක . ඒ වගේ තමයි මෙතනත් මේ ප්‍රේමවන්තයා කියන්නේ . පවිත්‍ර ආදරය කියන්නේ අදහන්න පුළුවන් ධර්මයක් . බැන්දට පස්සේ බිරිඳ තමයි හැමවෙලේම මේ ධර්මය දේශනා කරන්න පටන් ගන්නේ . ධර්මය ශ්‍රවනය කරනවට වඩා හිතෙන් අදහන එක තමයි විවාහයට කලියෙන් ආදරය කරන කාලයේ කෙරෙන්නේ . මේ පෙම්වතාත් යුගයක් යුගයක් පාසා රැකගෙන ආව තමාගේ ආත්මගත ආදරය නැමැති කිසිදිනෙක නොමියෙන දහම තුල ජීවිතයේ පදනමක් දකිනවා .

විවාහය , පවුල් ජීවිතය , දරුවන් , පවුලක් විදියට දරුවන් සහ බිරිඳ සමග ගත කරන ජීවිතය ගැන මේ පෙම්වතා හීන දකිනවා . ඒ හීන අන්තිමට මාලිගාවල් හදන්න ශක්තිමත් පදනමක් ඇති කරනවා . මේ පදනම් ඇතිවේගෙන එනකොට මේ පෙම්වතාට වෙන්නේ හරිම අකරතැබ්බයකට මුහුණ පාන්න .

නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී

ඒ තමයි වෙනත් පෙම්වතෙක් බලෙන් හෝ පෙම්වතියගේ පාර්ශවයෙන් පෙම්වතියට කෙරෙන බල කිරීම නිසා විවාහ වෙලා යන්න යෑම . නොපෙනෙන ඈතකටම ඈ ගෙන යනවා . ඒ කියන්නේ තමන්ගේ ප්‍රේම මන්දිරයට ආයෙත් ගොඩවෙන්න බැරිවෙන විදියටම යන්න යනවා කියන එක . මේ ගීතයට ගණිකාවක් සම්බන්ධ කරන්න ඒ සම්බන්ධ කරපු අය ඒක සාධාරණය කරන තැනක් තමයි මේ සියුමැලි කැකුළක් මැළවෙත්දී කියන පද පේලිය . 

මෙතන මමනම් දකින විදියට සියුමැලි කැකුළක් කියලා කියන්නේ ළමයෙක් නෙවෙයි . දෙන්නගේ හිත්වල ඇතිවෙච්ච ආදර මල් කකුල . සියුමැලි කැකුළක් විදියට ඒක හඳුන්වලා තියෙන්නේ පෙම්වතියගේ පැත්තෙන් හිතලා වෙන්න ඕන . මොකද පෙම්වතියගේ හිතේ ඇතිවෙන ආදරය පෙම්වතෙකුගේ හිතේ ඇතිවෙන ආදරයට වඩා සියුමැලි මටසිලිටු එකක් . ඒ නිසා පෙම්වතියගේ ආදරය ගැන හිතන්නෙවත් නැතිව ඇයව බන්දලා දෙන නිසා මේ සියුමැලි කැකුළක් මැළවෙත්දී කියල ගීතයේ සඳහන් කරන්න ඇති කියලා මම හිතනවා . 







දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දු
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංඳු
ඈ ගෙන යද්දී නටඹුන් අතරේක
තවකෙක් ඈ වෙත හද රැන්දු


දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු

මී මැස්සෝ මී වද බඳින්නේ හරිම අපූරු විදියකට . තමන්ගේ මී වදයට රොන් එකතු කරන මී මැස්සෝ මල් පිපිලා තියෙන උදේ කාලයේ තමයි වැඩිපුරම රොන් එකතු කරන්න මී වදයෙන් එලියට එන්නේ . මෙහෙම එන මී මැස්සන් පිපිලා තියෙන මල් කිට්ටුවට ඇවිත් තමන්ගේ ගුමු ගුමු නාදයෙන් මොකක්දෝ රහසක් මලට කොඳුරලා තමයි රොන් ගන්නේ . මේ රොන් තුඩින් තුඩට තවරාගෙන අරගෙන ගිහින් මී වදයට පුරවනවා . 

ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දු

රොන් අරගෙන යන්නේ පොඩි දුරකට නෙවෙයි . ගව්වක් ඉහලට . ඒ කියන්නේ ඉතාමත්ම ඉහල තියෙන මී වද වලට . මේ මී වද වල මී පැණි පිරුනට පස්සේ මී පැණිවල රසයට වහවැටෙන අය ඒ මී වද වෙත හඹා එනවා මී වද කඩලා මී පැණි ගන්න . කොච්චර ඉහළක , ඒ කියන්නේ ගව්වක් ඉහළක මී වාදය පිහිටලා තිබුණත් මී පැණි ගන්න ඕන කෙනා ඒ දුර ගෙවලා හරි මී වදය හොයාගෙන එනවා . පොපියන දෙතොලක් එහි කැන්දූ කියලා කියන්නේ අන්න ඒකට .

අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංඳු

අහස ගුගුරමින් වැහි කළුවර පතුරුවමින් කඩා හැලෙන වැහි වතුර මේ මී පැණි වලට එකතු උනාට පස්සේ මී පැණිවල තියෙන රසය අඩුවෙලා හෝ නැතිවෙලා යනවා . සාන්ද්‍ර මී පැණි තනුක වෙනවා . අන්තිමට මී පැණිවල තියෙන වටිනාකමත් නැතිවෙනවා හෝ අඩුවෙනවා .

මේ පෙම්වතාට වෙන්නෙත් මෙන්න මේ මී පැණි වලට උනා වගේ දෙයක් කියලයි ගීතයෙන් නොකියා කියන්නේ . පෙම්වතා පෙම්වතියට තමන්ගේ මිහිරි මීපැණි හා සමාන සාන්ද්‍රගත ආදරය ලබා දෙනවා . මේ ආදරය මී වදයට මී පැණි එකතු කරනවා වගේ තමයි එකතුවෙන්නේ . එහෙම එකතු වෙන ආදරය ගව්වක් ඉහළ තියෙන මී වදයේ මී පැණි තැම්පත් කරනවා වගේ ඉතාමත් ආරක්ෂා සහිතව තමයි තැම්පත් කලේ . ඒ ආදරය වෙනුවෙන් තමයි පෙම්වතියත් පේ වෙලා හිටියේ . පොපියන දෙතොලක් එහි කැන්දූ කියන්නේ අන්න ඒ අදහස වෙන්න ඕන .

අවසානයේ තමාට පෙම්වතිය නැතිවෙන්න හේතු කාරණා සිද්ද වෙනවා . අහස ගුගුරලා කළුව වපුරාගෙන තමන්ගේ සාන්ද්‍රගත මී පැණි හා සමාන ආදරය තනුක කරවන්න පුළුවන් තරමේ වැහි බින්දු එකතු වෙනවා . ඒ කියන්නේ වෙනත් ප්‍රේමවන්තයෙක් තමන්ගේ ආදර කතාවට සම්බන්ධ වෙලා පෙම්වතිය ඔහු වෙත පොළඹවා ගන්නවා කියන එක . මේ ගීතය සටහන් වෙලා තියෙන මාතර ආච්චි චිත්‍ර පටයේත් වෙන්නේ අන්න එහෙම දෙයක් . පෙම්වතා පෙම්වතිය ජවනිකාවට වෙනත් මනමාලයෙක් ඇවිත් පෙම්වතිය විවාහ කරගන්නවා .

ඈ ගෙන යද්දී නටඹුන් අතරේක
තවකෙක් ඈ වෙත හද රැන්දු

පෙම්වතා හිතනවා තමන්ගේ ප්‍රේම කතාවේ අතීතය මත , ඒ කියන්නේ නටඹුන් මත ජීවත්වෙමින් සිටිය පෙම්වතිය වෙනුවෙන් තව කෙනෙක් ආදරය කරන්න පටන් ගත්තා කියලා . ඒ කියන්නේ අර දෙවෙනි පෙම්වතා වෙන්න ඇති . කොහොම නමුත් අවසානයේ වෙන්නේ පළමු පෙම්වතාට පෙම්වතිය අහිමි වෙන එක .






හදවිල ඉපදුණු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
සත්සමුදුරකට මුසුවගියා
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා
පොපියන හදවත සිටී බලා


හදවිල ඉපදුණු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා

දැන් ඇවිත් තියෙන්නේ ගීතයේ තියෙන අවසාන සෝතැවුල් සහ බලාපොරොත්තුව සහිත කොටසට . පෙම්වතා මෙහෙම හිතනවා . තමන්ගේ හදවත නමැති විලේ පිපුණු ආදරය නමැති පියුම් කැකුල පූදින්න මත්තෙන්ම ඒ කියන්නේ නොකලක . එහෙමත් නැත්නම් අකාලයේ , නටුවෙන් ගලවා දාලා තමන් ඉන්න තැනින් ඉතාමත් ඈත දුරකට යවලා දැන් තියෙන්නේ කියලා . ඉතින් පෙම්වතා තව දුරටත් කරන්නේ දුක් වෙන එක . 

මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
සත්සමුදුරකට මුසුවගියා

මිහිලිය තෙත් කරන්න තරම් කඳුළු ප්‍රවාහයක් තමන්ගේ ඇස්වලින් ගලා හැලෙනවා . ඒ කඳුළු හරියට ගංගාවක් වගේ . ගලාගෙන ගලාගෙන ගිහින් අවසානයේ එකතු වෙන්නේ මුහුදට . ඒ වගේම තමන්ගේ දුකත් ක්‍රම ක්‍රමයෙන් ඇතිවෙමින් එකතුවෙලා මුහුදක් තරමටම විශාල වෙලා කියලා පෙම්වතා හිතනවා . 

ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා

මේ තියෙන්නේ පෙම්වතාගේ අවසාන බලාපොරොත්තුව . පෙම්වතියට උරුම උනේ රිදුනු තැවුණු හදවතක් . ඒ පෙම්වතිය විවාහ වෙන්නේ කැමැත්තෙන්මත් නොවෙන නිසා . ඒ නිසා පෙම්වතිය ඉන්නේ තමන් කරගත්ත විවාහයේ රසය විඳිමින් නෙවෙයි . තවත් එක පිරිමියෙකුට බිලි වෙච්ච ගානට . ඉතින් සෝතැවුල් තමයි පෙම්වතියට උරුම වෙන්නේ . ඒවගේම තමයි පෙම්වතාට තියෙන්නෙත් රිදුනු තැවුණු හදවතක් . මේ රිදුනු තැවුණු හදවත තමයි ඊළඟට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ . එක්ටැම් මැදුරක කවුළු අරා කියලා කියන්නේ පෙම්වතාගේ ඊළඟ බලාපොරොත්තුව . 

පෙම්වතා හිතනවා පෙම්වතිය විවාහයේ බැම්මෙන් මිදිලා තමා වෙත එයි කියලා . නැත්නම් තමා වෙත එන්න කියලා පෙම්වතා ආයාචනාත්මක ස්වරූපයෙන් ගීතය ඇතුලේ පෙම්වතියට කතා කරනවා . එහෙම ආවොත් බැරිවෙලාවත් පෙම්වතා පෙම්වතියව ආයෙත් වෙනත් පෙම්වතෙක් අතට පත් වෙන්නේ නැතිවෙන්න පරෙස්සම් කරගන්න ඕන . ඒ වෙනුවෙන් තමන් හදන්නේ එක්ටැම් මැදුරක් . අවසානයේ මේ එක්ටැම් මැදුරේ කවුළු වලින් දැකගන්නේ වෙන්නේ පෙම්වතියගේ මුහුණ . ඉතින් පෙම්වතා කියනවා මේ එක්ටැම් මැදුරට ආයෙත් එන්න කියලා . 

රුවන් විමානෙන් පියඹා
පොපියන හදවත සිටී බලා

රුවන් විමානය . මෙතන රුවන් විමානය විදියට හඳුන්වන්නේ සමහරවිට විවාහ ජීවිතය වෙන්න පුළුවන් . එහෙමත් නැත්නම් පෙම්වතිය ඉන්නේ සැපපහසු පරිසරයක වෙන්න පුළුවන් . ඒ මොනවා ලැබුණත් තමන්ට හිමි ප්‍රේමය වෙනුවෙන් ඒ ඔක්කොම අතාරලා දාලා පෙම්වතිය එයි කියලා පෙම්වතා බලාපොරොත්තු වෙනවා . පෙම්වතාගේ හදවත පොපියනවා කියලා කියනවා . ඒ පොපියන්නේ තමන්ගේ හදවතේ මේ දේවල් මෙහෙම වෙයි කියලා හිතලා සීමාන්තික බලාපොරොත්තුවක් ඇතිකරගෙන ඉන්නවා කියලා කියන නිසා වෙන්න ඇති . 
චිත්‍රපටයේ මේ ගීතය ගායනා වෙන්නේ පෙම්වතිය විවාහ වෙලා දෙන්නා එක්ක වාඩිවෙලා ඉන්නකොට . සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා තමයි චිත්‍රපටයේ ගීතය ගායනා කරන්නේ . මට හරියටම මතක නැහැ පෙම්වතාගේ චරිතය රඟපෑවේ සතිස්චන්ද්‍ර මහත්මයාද කියලා . කොහොමහරි ආයෙත් මාතර ආච්චි චිත්‍රපටය බලන්න ලැබුණොත් මේ කතාව ඇත්තද කියලා බලන්න පුළුවන් . 

වැඩි හරියක්ම මේ ගීතය ගැන මම ලියන්න පෙළඹුනේ ගීතයේ වචනවල තේරුම නිසාමත් නෙවෙයි . ගීතයේ සංගීත සංයෝජනය ගැන කොහෙවත්ම ලියවිලා තියෙනවා දැක්කේ නැති නිසා . මෙන්න මෙහෙමයි මී ගීතයේ සංගීතය මට දැනුනේ . 






ගීතයේ ආරම්භය හරිම සරළයි .  වෙන ගීතවල වගේ දීර්ඝ සංකීර්ණ පෙර වාදනයක් මේ ගීතයේ නැහැ . ඒ සරළ ආරම්භය පාළුව තනිකම වගේ හැගීමක් අරගෙන එනවා . මුලින්ම වාදනය වෙන්නේ වයලීන් , කීබෝඩ් වාදන කණ්ඩයක් . මේ වාදනය අතරේ චෙලෝ එකකින් අර වාදන වලට කවුන්ටර් එකක් වෙන විදියට ඇතුලෙන් හරිම බර මන්ද්‍ර ස්වරයෙන් වාදනයක් ඉදිරිපත් කරනවා . 


අන්න ඒ මන්ද්‍ර ස්වර වාදනය තමයි ගීතයේ රස භාව මුලින්ම අපේ කනට ඇතුල් කරන්න දායක වෙනවා කියලා මම හිතන්නේ . මොකද ගීතයේ අන්තර්ගතය තනිකරම තියෙන්නේ දුක ශෝකය විරහව වගේ වේදනාත්මක සිතුවිලි වලින් පිරිලා . ඒ නිසා මේ ගීතයට චෙලෝ එක තරම් සාධාරණයක් ඉෂ්ට කරන වෙනත් වාදය භාණ්ඩ ඇත්තෙම නැති තරම් කියලා හිතන්න පුළුවන් . 

ඊට පස්සේ මැන්ඩලීන් එකකින් ස්වර අටක කුඩා වාද්‍ය කොටසක් ඉදිරිපත් කරනවා . මේ වාද්‍ය කොටස සරළයි වගේම ගීතයට හොඳ ආරම්භයක් ලබා දෙනවා . මම කලින් දවසක ඒක ලිපියක කිව්වා මතකයි සිතාරයේ තියෙන සම්භාව්‍ය රසය ඉවත් කරන්න ඕන නිසා ගිටාරයත් එක්ක එකට වාදනය කරනවා කියලා . ඒ වගේ තමයි මෙතනත් වෙලා තියෙන්නේ . මෙතන තියෙන්නේ සිතාරයක් නෙවෙයි මැන්ඩලීනයක් . මන්ඩලීනයේ තියෙන්නේ ගොඩක් වෙලාවට වේදනාත්මක හඬක් නෙවෙයි . හරිම විනෝද කාමී හඬක් තමයි තියෙන්නේ . 






ඒ විනෝදකාමී බව නැති කරන්න මේ ගීතයේ භාවිතා කරලා තියෙන්නෙත් අර සිතාරයට භාවිතා කරපු බෙහෙතම තමයි . මේ ස්වර අට වාදනය කරන්න මැන්ඩලීනයට එකොස්ටික් ගිටාරයකුත් සම්මාදන් වෙනවා . ඊට පස්සේ ඇතිවෙන්නේ ඒ වාදන භාණ්ඩ දෙකටම අයත් නොවන නාදයක් . මේ සවට අට වාදනයවෙලා ඉවර උන ගමන්ම ඊළඟ මාත්‍රාව උඩ සයිලෆෝන් එකකින් " ක්ලින්ග් " ගාලා එක ස්වරයක් වාදනය වෙනවා . ඒ මේ ගීතය ගායනා කෙරෙන්නේ අවග්‍රහයෙන් නිසා පළවෙනි මාත්‍රාව නිහඬව ඉන්න නිසා . අවග්‍රහය තේරෙන්නේ නැත්නම් ඉතින් ඒක එහෙම තමයි කියලා හිතා ගන්නකො මෙයාලා . 

ගීතයේ ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය වෙන්නේ තබ්ලාව . තබ්ලාවෙන් හොඳ බරට ඇහෙන්නේ තබ්ලා බාර් එකේ හඬ . ඒ කියන්නේ තබ්ලා ගෙඩි දෙකෙන් ලොකු ගෙඩියේ හඬ . ඒ හඬ ගීතයේ අනිත් සංගීත භාණ්ඩ එක්ක මුසු වෙලා එන්නේ ගීතයේ ගැඹුරු බව පෙන්නන්න පුළුවන් හඬක් කියලා කියන්න පුළුවන් . ඒවගේම තබ්ලාවේ තාල වාදනයට උපකාරී වෙන්න හයිහැට් එකක් වාදනය කෙරෙනවා . මේ හයිහැට් ඒක වාදනය කරන්නේ නිකං ස්ටික් එකකින් නෙවෙයි . බ්‍රෂ් එකකින් . බ්‍රෂ් එකක් කියන්නේ සිහින් කම්බි මිටියක් එකතුකරලා හදාගත්ත එකකට . මේ හම්බි මිටියෙන් හයිහැට් එකට තට්ටු කරාම චීස් චීස් ගානවා වගේ හඬක් ඇති වෙනවා . මේ චීස් චීස් ඒක ඇහෙන්නේ






වන් ටූ ත්‍රී ෆෝ / වන් ටූ චීස් චීස් 
වන් ටූ ත්‍රී ෆෝ / වන් ටූ චීස් චීස් 

කියන පිළිවෙලට . තබ්ලාවෙන් ඇතිකරන ප්‍රධාන තාලය පවත්වාගෙන යන්න මේ හයිහට් එකේ චීස් චීස් එකත් හොඳට දායක වෙලා තියෙනවා . 

දැන් ගීතය පටන් ගන්නවා . වෙන ගීතවල සාමාන්‍ය සම්ප්‍රදාය තමයි කවුන්ටර් පාට්ස් . ඒ කියන්නේ ගීතයේ යටින් වාදනයවෙන සංගීත කණ්ඩ වාදනය කෙරෙන්නේ දෙවෙනිවර ගායනා කරනකොට . ඒත් මේ ගීතයේ පටන්ගත්ත වෙලාවේ ඉඳලම කවුන්ටර් පාට්ස් වාදනය කරනවා . මේ කවුන්ටර් පාට්ස් හදලා තියෙන්නේ ගීතයේ වචනවලට සමගාමීව කියලා ඒවා මේ පිළිවලට සංයමයෙන් අහලා බැලුවම ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි .

සඳකඩ පහණක කැටයම් ඔපලා
ඔන්න ඔය වචන ටික ගායනා වෙනකොට යටින් ඇහෙන්නේ සිතාර් වාදනයක් . සිතාරයෙන් ඒ වාදන කාණ්ඩය ඔස්සේ අපේ හිත්වල ඇතිකරන්නේ සඳකඩ පහන ගැන හැගීමක් . ඒ කියන්නේ සඳකඩ පහන වටා බැඳිලා තියෙන සංස්කෘතිකමය සමාජීය වටපිටාවක් .

පාවෙන දේදුනු ලැඟුම් ගනී
දේදුනු කියන තැන ඉඳලා වාදනය වෙන්නේ වයලීන් වාදනයක් . මේ වාදනය වාදනය කරන්නේ ස්වර ඇදිලා යන විදියට . පාවෙන බවක් ඒ වාදනයෙන් ඇතිකරලා තියෙනවා . දේදුන්නක් පාවෙනවා . වලාකුළු පාවෙනවා වගේ අදහසක් අහන අයගේ හිතේ ඇති කරන්න මේ කෙටි වයලීන් වාදනය උදවු වෙනවා .

කැලතුනු රසයක පැන ආ බුබුලක්
රසයක කියන වචනය යටින් වාදනය වෙන්නේත් වයලීන් වාදනයක් . ටරටට ටරටට ගාලා වාදනය වෙන ඒ වාදනය අහනකොට දැනෙන්නේ හරියට වතුර භාජනයක් කලතනවා වගේ . ස්වර කැලතීම උපයෝගී කරගෙන කැලතුනු රසය වයලීනයෙන් උත්පාදනය කරනවා .

පැන ආ බුබුලක් කියන තැන වයලීනය තමන්ගේ වාදනය වෙනස් කරනවා . ඒකෙ ස්වර වාදනය වෙන්නේ ගලාගෙන යනවා වගේ නෙවෙයි . ස්වර එකින් එක පැන පැන යනවා වගේ තමයි වාදනය කරන්නේ . බුබුල පැන එන්නේ කොහොමද අන්න ඒ පැන ඒම පෙන්නන්න වයලීනය තමන්ගේ හඬ ඒ විදියට වෙනස් කරගෙන තියෙනවා .








අකුරු වැලක් දෙහදක ලියවී
මේ පදය යටින් වාදනය කරන්නෙත් වයලීන් වාදනයක් . දෙන්නගේ හිතේ ඇතිවෙන ආදරය ගැන ඒ වාදනය අදහස් දක්වනවා . ඊට පස්සේ සිතාරයෙන් වාදනය වෙන්නේ බිට් පාට් එකක් . ඒ සිතාර් වාදනයෙන් ආයෙත් ස්ථායි කොටසේ මුල් ස්වර සංගතියට ගමන් කරනවා .

නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
මේ වචන ටික ආරම්භ වෙන්න කලින්ම වයලීන් වාදනය ඉස්සර වෙනවා . වයලීන් රන් එකක් එතන වාදනය කරනවා . ස්වර තුනෙන් තුනට යන වාදනයක් පහල ස්වර වල ඉඳලා ඉහල ස්වර වලට ගමන් කරනවා . හරියට ඈතින් ඈතට ගමන් කරනවා වගේ . ඈතක ඈ ගෙන යනවා කියන හරියට එනකොට වයලීන් ආයෙත් සංසුන් වෙලා ගලාගෙන යන ස්වර වාදනය කරනවා . ඒ ස්වර වලින් ඈ ගෙන යනවා කියන වචනවල තියෙන දුක ශෝකය උද්දීපනය කරන්න උදවු වෙනවා .

සියුමැලි කැකුළක් මැලවෙද්දී
මේ වචන පේලිය යටින් මුලින් වාදනය වෙන්නේ සිතාර් වාදනයක් . ඊට පස්සේ වාදනය වෙන්නේ කීබෝඩ් , සැක්සෆෝන් එකතුවෙන් වාදනය කෙරෙන වාදනයක් . ඒ වාදන දෙකම ඇති කරන්නේ සියුමැලි කැකුළක් මැළවෙනකොට ඇතිවෙන ශෝකය .

දැන් ගීතයේ අතුරු වාදනය ආරම්භ වෙනවා . මුලින්ම වාදනය කරන්නේ වයලීන . ඒ වාදනය ආරම්භ වෙනවත් එක්කම තබ්ලාවේ වාදනය නවතිනවා . තාලය වාදනය අරගෙන යන්නේ හයිහට් එකයි ගිටාර් පන්ච් එකයි එකතුවෙලා . සමහර තැන්වල සයිලෆෝන් එකෙන් එක ස්වරයක් දෙකක් වාදනය වෙනවා ඇහෙනවා . ඒ ඔක්කොම යටකරගෙන චෙලෝ එකේ මන්ද්‍ර ස්වර වාදනය කරන නිසා ගීතයේ තියෙන පරිසරය අහන කෙනාට මවාගන්න උදව් වෙනවා . මේ අතරේ ඇහෙන නෑහෙන ගානට බේස් ගිටාර් එකුත් වාදනය වෙනවා . ගීතයේ තාලය රැකගන්නයි මන්ද්‍ර ස්වර වලින් ගීතයට කෙරෙන දායකත්ත්වයයි බේස් ගිටාර් එකෙන් ලබා දෙනවා .





ඊට පස්සේ බටනලා වාදනයක් ඇහෙනවා . මේක වාදනය කරන්නේ බටනලා දෙකකින් . බේස් ගතිය වැඩි බටනලාවකුයි බේස් ගතිය අඩු බටනලාවකුයි භාවිතා කරගෙන එකම ස්වර ටිකක් තමයි මේ වාදනය කරන්නේ . පාළුව දුක කොහෙද බටනලාවත් එතන කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ . මේ ගීතයටත් බටනලාව එහෙම තමයි එන්න ඇත්තේ . ඊට පස්සේ සිතාරයෙන් ස්වර කීපයක් වාදනය උනාට පස්සේ අයෙත් වයලීන් වලින් ඊළඟ අන්තරා කොටස ආරම්භ කරන්න ආරම්භය ලබා දෙනවා . ඒ අතරෙත් චෙලෝ එක තමන්ගේ මන්ද්‍ර ස්වර වාදනය හොඳින් ඉදිරිපත් කරලා තියෙනවා . ගීතයේ අන්තරා කොටසේ මුල ස්වර වලට ආරම්භය අරන් දෙන්න ආයෙත් දායක වෙන්නේ සිතාර් වාදනයක් .

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු

මේ වචන ටික යටින් ඇහෙන්නේ මණ්ඩලීනයේ අර මම කිව්ව සරළ සුගම වාදනය . ඒ වාදනය හරියට මී මැස්සෙක් පියාඹලා ඇවිත් රොන් ගන්නවා වගේ දෙයක් නේද ඇති කරන්නේ . මෙතන මී මැස්සෝ කතාවක් තියෙන නිසා මැන්ඬලීනය තමයි වඩාත්ම ගැළපෙන්නේ .

ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
ඉහළට කියන වචනයේ ඉහ කියනකොටම වයලීන් වලින් ආයෙත් රන් එකක් වාදනය කරගෙන පහල ස්වර වල ඉඳලා ඉහල ස්වර වලට ගමන් කරනවා . ඒ ඉහලට ගමන් කිරීම ඇති කරවන්නේ ගව්වක් ඉහලට ගොනුකර රඳවා කියන තේරුම .

පොපියන දෙතොලක් එහි කැන්දු
මේ වචන ඇතුලේ වාදනය වෙන්නේ බටනලා දෙකක් . ඒ වාදනය ටිකක් සරාගී හැගීමක් ඇතිකරනවා වගේ . ඒ සරාගී බව නිසා පොපියන දෙතොලක් කියන වචන ගායනා කරනකොට අහන අයට ඒ වචන වල තියෙන අර්ථය වඩාත් පැහැදිලි වෙන්න පුළුවන් .

අහසක් ගුගුරා කලුවක් වපුරා
මේ තමයි මම කැමතිම කොටස . අහස ගුගුරන හැටි හරිම අපූරුවට වයලීන් වලින් පෙන්නලා තියෙනවා . කළුව වපුරන හැටි පෙන්නන්නේ චෙලෝ වාදනයකින් . ඒ අවස්ථා දෙක එකලඟ පෙන්නන්න හරිම ආකර්ශනීය විදියට සංගීතය හසුරුවලා තියෙනවා .

ඒ හා මුසුවුණු වැහි බිංඳු
වැහි බිංදු , ඒ වචන ටික ගායනා කල ගමන්ම සිතාර් එකේ තියෙන අනුනාදී තත් පිළිවෙලින් හඬවලා වතුර වැටෙනවා වගේ අහන්න සලස්වනවා . මේකත් ගීතයේ භාවිතා කරලා තියෙන හොඳ සංගීත උපක්‍රමයක් .

තවකෙක් ඈ වෙත හද රැන්දු
මේ වචන යටිනුත් ආයෙත් වාදනය වෙන්නේ කීබෝඩ් සැක්සෆෝන් වාදනයක් .





ආයෙත් සඳකඩ පහනක කැටයම් ඔපලා ගායනය කරාට පස්සේ ගීතයේ දෙවෙනි අතුරු වාදනය ආරම්භ වෙනවා . මේකනම් තනිකරම ශෝකය ඇතිකරවන අතුරු වාදනයක් . අතුරු වාදනය පටන් ගන්නකොටම තබ්ලාව තමන්ගේ වාදනය නවත්වනවා . ඒත් එක්කම වයලීන් සහ චෙලෝ එක තමන්ගේ වාදනය ඉදිරිපත් කරනවා . ඉහල ස්වර වල ඉඳලා පහල ස්වර වලට තමයි වාදනය කරගෙන එන්නේ . ඒකෙන් හදවතේ කඩා වැටීමේ සලකුණු පෙන්නුම් කරනවා . වයලීන් වලට පස්සේ වාදනය වෙන්නේ බටනලා වාදනයක් . වයලීන් තමන්ගේ ස්වර නවත්තපු තැන ඉඳලා බටනලා වලින් තවත් පහල ස්වර වලට වාදනය අරගෙන එනවා .

ඊට පස්සේ සිතාර් වාදනය කරාට පස්සේ ආයෙත් වාදනය කරන්නේ වයලීන් චෙලෝ සහ බටනලා වාදන එකතුවක් . මේ වාදනය අතරේ සයිලෆෝන් ඒක තමන්ගේ හඬ ඉඳලා හිටලා අවධි කරනවා . ඒ හඬ හරියට වතුර වැටෙනවා වගේ , නැත්නම් කඳුළු වැටෙනවා වගේ අදහසක් ඇති කරනවා .

ගීතයේ දෙවෙනි අන්තරා කොටසේත් මුල පද දෙක යටින් මැන්ඩලීන් වාදනය ඉදිරිපත් කෙරෙනවා කලින් වතාවේ විදියටම . එතනත් විලක , මල් පිපිලා තියෙනවා , මල් කැකුල කඩලා ගෙනියන බව වගේ දේවල් ඉස්මතු කරලා පෙන්නන්න ඒ මැන්ඩලීන් වාදනය දායක වෙනවා .

මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
මේ වචන ටික ගායනා වෙනකොට යටින් වාදනය වෙන්නේ බටනලාවක් . ඒ වාදනය කරන්නේ කොට බටනලාවක් . කොට බටනලාවකින් ඇති වෙන්නේ ඉහල හඬක් . ඒ ඉහල හඬ නිසා ඇතිවෙන්නේ පාළුව දුක වගේ අදහසක් .

සත්සමුදුරකට මුහුවගියා
මුහුව ගියා කියන තැනත් වයලීන් එකෙන් පොඩි වාදන කොටසක් වාදනය කරලා පෙන්නන්නේ අත්හැර දැමීම වගේ දෙයක් .

රුවන් විමානෙන් පියඹා එනතුරු
වයලීන් වලින් ස්වර දෙක දෙක වාදනය කරන්නේ හරියට කුරුල්ලෙක් පියාඹලා එනවා වගේ රූපයක් අපේ හිතේ මවන්න පුළුවන් වෙන විදියට .

පොපියන හදවත සිටී බලා
මේ පද පේලිය දෙවතාවක් ගායනා වෙන නිසා පලවෙනි වතාවේ සිතාරයත් දෙවෙනි වතාවේ කීබෝඩ් සැක්සෆෝන් එකතුවත් වාදනය ඉදිරිපත් කරනවා .

ගීතය අවසාන වෙන්නේ සයිලෆෝන් වාදනයකින් . ඔන්න ඔහොම ඉතින් සඳකඩපහනත් අවසන් වෙනවා . ඔන්න ඔහොමයි සඳකඩ පහනට මම දෙන කැටයම . එහෙනම් තවත් ලිපියකින් ආයෙත් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




යක්ස කතා දේවකතා කැටගරිය වෙනුවෙන් යමක් ලිය ලිය ඉඳලා එක පාරටම සංගීතය වෙනුවෙන් යමක් ලියන්න ඕන කියලා කල්පනා කරා . තවම නිවාඩු කාලය ගෙවෙන...

සෙත් කවි රචනා කිරීම

විභාග සමත් වීම , පිළිකා රෝග , වෙනත් රෝග , අපල හා ව්‍යාපාර සාර්ථක වීම වැනි කරුණු සඳහා මෙම සේවාව ඔස්සේ සෙත් කවි රචනා කිරීම සිදු කෙරේ . 

ෆෝරමයේ සටහන් කලයුතු දත්ත . 

ඔබගේ නම 
ඔබගේ දුරකථන අංකය අනිවාර්යයෙන්ම සටහන් කරන්න


සෙත් කවිය රචනා විය යුතු කෙනාගේ සිංහල අකුරු නිවැරදිව සම්පූර්ණ නම 
උපන් දිනය
උපන් වෙලාව 
උපන්ස්ථානය හෝ රෝහල

සෙත් කවිය කිව යුත්තේ කුමන කරුණක් වෙනුවෙන්ද යන වග 

මෙම සේවාව සඳහා අදාළ අය කිරීම් සහ එම මුදල් ගෙවන ආකාරය පිලිබඳ ඔබගේ දුරකථන අංකයට ඇමතුමක් ගැනීම මගින් දැනුවත් කිරීම සිදුකරනු ලැබේ . එබැවින් දුරකථන අංකය සටහන් කිරීම අතපසු නොකරන්න . 


ඔබේ නම හා දුරකථන අංකය : ( අත්‍යාවශ්‍ය වේ )


ඊමේල් ලිපිනය : ( අත්‍යාවශ්‍ය වේ  )


ජන්මපත්‍රය නිර්මාණය කිරීම සඳහා මෙම දත්ත අවශ්‍ය වේ .






විභාග සමත් වීම , පිළිකා රෝග , වෙනත් රෝග , අපල හා ව්‍යාපාර සාර්ථක වීම වැනි කරුණු සඳහා මෙම සේවාව ඔස්සේ සෙත් කවි රචනා කිරීම සිදු කෙරේ .  ෆෝරමයේ...

දරුඵල අහිමි අය සඳහා ප්‍රතිකාර


විවාහ වූ ඔබගේ දරු සුරතල් බැලීමේ සිහිනය තවමත් ප්‍රමාද නම් ඒ සඳහා ජ්‍යෝතිෂ විද්‍යාව ඔස්සේ ප්‍රතිකාර නියම කිරීම මෙම සේවාව ඔස්සේ සිදුකෙරේ . 

ෆෝරමයේ සටහන් කලයුතු දත්ත . 

ඔබගේ නම 
ඔබගේ දුරකථන අංකය අනිවාර්යයෙන්ම සටහන් කරන්න

බිරිඳගේ
උපන් දිනය
උපන් වෙලාව
උපන් ස්ථානය හෝ රෝහල

සැමියාගේ
උපන් දිනය
උපන් වෙලාව 
උපන්ස්ථානය හෝ රෝහල

විවාහ වී කොපමණ කාලයක් ගතවනවා ද ? 
දරුඵල ලැබීම වෙනුවෙන් කරන ලද ප්‍රතිකාර ?

මෙම සේවාව සඳහා අදාළ අය කිරීම් සහ එම මුදල් ගෙවන ආකාරය පිලිබඳ ඔබගේ දුරකථන අංකයට ඇමතුමක් ගැනීම මගින් දැනුවත් කිරීම සිදුකරනු ලැබේ . එබැවින් දුරකථන අංකය සටහන් කිරීම අතපසු නොකරන්න . 


ඔබේ නම හා දුරකථන අංකය : ( අත්‍යාවශ්‍ය වේ )


ඊමේල් ලිපිනය : ( අත්‍යාවශ්‍ය වේ  )


ජන්මපත්‍රය නිර්මාණය කිරීම සඳහා මෙම දත්ත අවශ්‍ය වේ .






විවාහ වූ ඔබගේ දරු සුරතල් බැලීමේ සිහිනය තවමත් ප්‍රමාද නම් ඒ සඳහා ජ්‍යෝතිෂ විද්‍යාව ඔස්සේ ප්‍රතිකාර නියම කිරීම මෙම සේවාව ඔස්සේ සිදුකෙරේ .  ෆෝර...

විවාහ පොරොන්දම් හා ග්‍රහ පිහිටීම් පරීක්ෂාව


ඔබ විවාහ වීමට සිටින අයගේ සහ ඔබගේ ජන්ම පත්‍රය හෝ ඔබගේ දරුවා සමග විවාහ වීමට බලාපොරොත්තුවන අයගේ ජන්ම පත්‍ර ගැළපීම මෙහිදී සිදු කෙරේ . මේ ඔස්සේ පොරොන්දම් , ග්‍රහ පිහිටීම් ගැළපීම සිදුකරන අතර විවාහ දෝෂ සඳහා ප්‍රතිකාරද නියම කරනු ලැබේ . 

ෆෝරමයේ සටහන් කලයුතු දත්ත . 

ඔබගේ නම 
ඔබගේ දුරකථන අංකය අනිවාර්යයෙන්ම සටහන් කරන්න

මනමාලියගේ 
උපන් දිනය
උපන් වෙලාව
උපන් ස්ථානය හෝ රෝහල

මනමාලයාගේ 
උපන් දිනය
උපන් වෙලාව 
උපන්ස්ථානය හෝ රෝහල

යෝජිත විවාහයක් ද ප්‍රේම සම්බන්ධතාවයක් මගින් සිදු කරනු ලබන විවාහයක් ද යන්න . 

මෙම සේවාව සඳහා අදාළ අය කිරීම් සහ එම මුදල් ගෙවන ආකාරය පිලිබඳ ඔබගේ දුරකථන අංකයට ඇමතුමක් ගැනීම මගින් දැනුවත් කිරීම සිදුකරනු ලැබේ . එබැවින් දුරකථන අංකය සටහන් කිරීම අතපසු නොකරන්න . 


ඔබේ නම හා දුරකථන අංකය : ( අත්‍යාවශ්‍ය වේ )


ඊමේල් ලිපිනය : ( අත්‍යාවශ්‍ය වේ  )


ජන්මපත්‍රය නිර්මාණය කිරීම සඳහා මෙම දත්ත අවශ්‍ය වේ .






ඔබ විවාහ වීමට සිටින අයගේ සහ ඔබගේ ජන්ම පත්‍රය හෝ ඔබගේ දරුවා සමග විවාහ වීමට බලාපොරොත්තුවන අයගේ ජන්ම පත්‍ර ගැළපීම මෙහිදී සිදු කෙරේ . මේ ඔස්සේ ප...

විවාහ නැකත් පත්‍රය පිළියෙළ කිරීම


අභිනවයෙන් විවාහ වීමට බලාපොරොත්තුවන ඔබ දෙපළගේ විවාහ දිනය සඳහා සහ ඒ සම්බන්ධ කටයුතු වෙනුවෙන් අවශ්‍ දින නියම කිරීම සහය නැකත් පත්‍රය පිළියෙළ කිරීම මෙහිදී සිදුකෙරේ . 

ෆෝරමයේ සටහන් කලයුතු දත්ත . 

ඔබගේ නම 
ඔබගේ දුරකථන අංකය අනිවාර්යයෙන්ම සටහන් කරන්න

මනමාලියගේ 
උපන් දිනය
උපන් වෙලාව
උපන් ස්ථානය හෝ රෝහල

මනමාලයාගේ 
උපන් දිනය
උපන් වෙලාව 
උපන්ස්ථානය හෝ රෝහල

විවාහ මංගලෝත්සවය සිදු කිරීමට බලාපොරොත්තුවන කාලය
විවාහ මංගලෝත්සවය සිදු කිරීමට බලාපොරොත්තුවන ස්ථානය


මෙම සේවාව සඳහා අදාළ අය කිරීම් සහ එම මුදල් ගෙවන ආකාරය පිලිබඳ ඔබගේ දුරකථන අංකයට ඇමතුමක් ගැනීම මගින් දැනුවත් කිරීම සිදුකරනු ලැබේ . එබැවින් දුරකථන අංකය සටහන් කිරීම අතපසු නොකරන්න . 


ඔබේ නම හා දුරකථන අංකය : ( අත්‍යාවශ්‍ය වේ )


ඊමේල් ලිපිනය : ( අත්‍යාවශ්‍ය වේ  )


ජන්මපත්‍රය නිර්මාණය කිරීම සඳහා මෙම දත්ත අවශ්‍ය වේ .






අභිනවයෙන් විවාහ වීමට බලාපොරොත්තුවන ඔබ දෙපළගේ විවාහ දිනය සඳහා සහ ඒ සම්බන්ධ කටයුතු වෙනුවෙන් අවශ්‍ දින නියම කිරීම සහය නැකත් පත්‍රය පිළියෙළ කිරී...

නැකත් සෑදීම



හිසකෙස්ඉ කැපීම , ඳුල් කටගෑම , අකුරු කියවීම , නිවාස ඉදි කිරීම හා පදිංචි වීම , ව්‍යාපාර ස්ථාන ඉදි කිරීම සහ ව්‍යාපාර ආරම්භ කිරීම ආදී ඕනෑම කටයුත්තක් සඳහා සුබ නැකත් වේලාවන් නිර්මාණය කිරීම මෙම සේවාව ඔස්සේ සිදු කෙරේ .  


ෆෝරමයේ සටහන් කලයුතු දත්ත . 

නම 
ඔබගේ දුරකථන අංකය අනිවාර්යයෙන්ම සටහන් කරන්න
සුබ කටයුත්ත කරන ස්ථානය හෝ ප්‍රදේශය
නැකත අවශ්‍ය කාලවකවාණුව දළ වශයෙන්
ස්ත්‍රී පුරුෂ භාවය
උපන් දිනය
උපන් වෙලාව
උපන් ස්ථානය හෝ රෝහල


මෙම සේවාව සඳහා අදාළ අය කිරීම් සහ එම මුදල් ගෙවන ආකාරය පිලිබඳ ඔබගේ දුරකථන අංකයට ඇමතුමක් ගැනීම මගින් දැනුවත් කිරීම සිදුකරනු ලැබේ . එබැවින් දුරකථන අංකය සටහන් කිරීම අතපසු නොකරන්න . 


ඔබේ නම හා දුරකථන අංකය : ( අත්‍යාවශ්‍ය වේ )


ඊමේල් ලිපිනය : ( අත්‍යාවශ්‍ය වේ  )


ජන්මපත්‍රය නිර්මාණය කිරීම සඳහා මෙම දත්ත අවශ්‍ය වේ .






හිසකෙස්ඉ කැපීම , ඳුල් කටගෑම , අකුරු කියවීම , නිවාස ඉදි කිරීම හා පදිංචි වීම , ව්‍යාපාර ස්ථාන ඉදි කිරීම සහ ව්‍යාපාර ආරම්භ කිරීම ආදී ඕනෑම කටයුත...