ඔබේ ජන්මපත්‍රයට අනුව පැළඳිය යුතු මැණික් වර්ග තෝරා දීම






ඔබගේ උපන් දිනය , උපන් වෙලාව සහ උපන් ස්ථානය අනුව පිළියෙළ කරනු ලබන දළ කේන්දර සටහන සහ භාව කේන්ද්‍ර සටහන අනුව මෙම මැණික් වර්ග තේරීම සිදු කරනු ලැබේ . එබැවින් ඔබ සතු ඔබගේ ජන්ම පත්‍ර සටහන් එවීම අවශ්‍ය නොවේ .

මැණික් පැළඳීම වගේම පැළඳීම නොකළයුතු මැණික් වර්ග මොනවාද කියා තෝරා දීමද මෙම සේවාව හරහා සිදු කරනු ලැබේ .

එම විස්තර සටහන PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙනු ලැබේ . ඒ සඳහා 600/= ක මුදලක් අය කරනු ලබන අතර ,

මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක , ඔබගේ විස්තර සටහන සැකසීමෙන් අනතරුව ලබා දේ . එබැවින් මුලින් මුදල් ගෙවීමක් අවශ්‍ය වන්නේ නැත .

මෙම දත්ත මෙම මැණික් තේරීමේ කටයුත්ත සඳහා අවශ්‍ය වේ .

නම 
කේන්ද්‍රය ස්ත්‍රී කේන්දරයක්ද පුර්ෂ කේන්දරයක්ද 
උපන් දිනය 
උපන් වේලාව ( පෙ.ව / ප.ව සමග )
උපන් නගරය 
ලග්නය ( දන්නවානම් )
නවාංශකය ( දන්නවානම් )
නැකත ( දන්නවානම් )
දසා ශේෂය ( දන්නවානම් )
විවාහක අවිවාහක බව
රැකියාව 
දරුවන් සිටී නම් කී දෙනෙක්ද ?
මව පියා ජීවත්ව සිටීද ?
සහෝදර සහෝදරියන් සිටී නම් දෙනෙක්ද ? 
කල් පවතින රෝගාබාධ පවතින්නේද ?
දීර්ඝ කාලීන ඖෂධ භාවිතා කරන්නේද ?

ඔන්ලයින් සේවාවක් ලෙස මෙම සේවාව පවත්වාගෙන යන අතර ඔබගේ විස්තර සටහනේ යම් ගැටළුවක් තිබේනම් හෝ පැහැදිළි කරගැනීමක් අවශ්‍ය වේ නම් ඒ සඳහා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වීමට හැකියාව තිබේ .





ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

ඔබගේ උපන් දිනය , උපන් වෙලාව සහ උපන් ස්ථානය අනුව පිළියෙළ කරනු ලබන දළ කේන්දර සටහන සහ භාව කේන්ද්‍ර සටහන අනුව මෙම මැණික් වර්ග තේරීම සිදු...

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවය






ප්‍රභාශ්වර වාස්තු විද්‍යා සේවය අප විසින් ආරම්භ කරන ලද්දේ පාරම්පරික සහ වෛදික වාස්තු විද්‍යා සංකල්ප ,  නවීන වාස්තු විද්‍යාව සමග වර්තමානයට ගැළපෙන ලෙස සිදුකරනු ලබන වාස්තුවිද්‍යා උපදේශනය මගින් ඔබගේ වාස්තු විද්‍යාත්මක අවශ්‍යතා සාර්ථක සහ විශ්වාසවන්තනීය ලෙස සපුරාලීම පිණිසය .

මෙම සේවාව ඔස්සේ පහත සඳහන් සේවාවන් අපි විසින් ලබාදීමට කටයුතු කරන්නෙමු .


- ඉඩම් පරීක්ෂා කිරීම .

- දැනට පවතින නිවසේ ඇති වාස්තුවිද්‍යාත්මක දෝෂ පරීක්ෂා කිරීම .

- නිවාස වාස්තු දෝෂ පවතින්නේ නම් එම දෝෂවලට  අදාළ සාර්ථක ප්‍රතිකර්ම ලබාදීම .

- ව්‍යාපාර ස්ථාන සඳහා වාස්තු විද්‍යාත්මක දෝෂ පරීක්ෂා කිරීම .

- ව්‍යාපාර ස්ථානවල පවතින වාස්තු විද්‍යාත්මක දෝෂ සඳහා ප්‍රතිකාර ලබාදීම .

- අලුතෙන්ම ඉදිකරනු ලබන ඔබගේ නිවසේ හෝ ව්‍යාපාර ස්ථානයේ නිවාස සැලසුම් ශිල්පියා විසින් අඳින ලද සැලසුමේ , වාස්තු විද්‍යාත්මක න්‍යායන් නිසියාකාරව පවතින්නේදැයි පරීක්ෂා කිරීම සහ දෝෂ පවතින්නේ නම් ඒවා නිවැරදි කිරීම .

- භූමි දෝෂ සහ බහිරව දෝෂ සඳහා ප්‍රතිකාර කිරීම .


ඔබගේ සියලු වාස්තු විද්‍යාත්මක කටයුතු සඳහා අමතන්න .




ප්‍රභාශ්වර වාස්තු විද්‍යා සේවය අප විසින් ආරම්භ කරන ලද්දේ පාරම්පරික සහ වෛදික වාස්තු විද්‍යා සංකල්ප ,  නවීන වාස්තු විද්‍යාව සමග වර්තමාන...

බෝධීන් වහන්සේ ආරක්ෂා කරත්වා !






මගේ ලිපි කියවන අයට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ සමන් දේවාලයයි මගෙයි තියෙන සම්බන්ධය . සමහර වෙලාවට සමහර අය කියනවා " උඹ පන්සලක නෙවෙයි දෙවාලෙක් මහන වෙයන් " කියලා . ඒ තරමටම මම සමන් දේවාලයට ගොඩක් සමීපයි . සෝවාන් ඵලයට පැමිණි සුමන සමන් දෙවියන්ගේ ප්‍රධාන දේවාලය තමයි සබරගමුව මහ සමන් දේවාලය කියන්නේ . මම ගොඩක් ලිපිවල මේ සමන් දේවාලයේ කවුරුත් දන්නා දේවල් වගේම නොදන්නා දේවල් පවා විස්තර කරලා තියෙනවා . ඒ තොරතුරු හොයන කාලයේ මට දැනගන්න ලැබුණු දෙයක් තමයි සමන් දේවාලයේ තියෙන බෝධීන් වහන්සේලාගේ වැදගත්කම .

ලොකු විස්තරයක් නැතත් මේ කියන්න යන්නේ ඒ බෝධීන් වහන්සේලාගේ වැදගත්කම සහ උන්වහන්සේලාට වෙලා තියෙන නස්පැත්තිය ගැන . මම පොඩි කාලෙ සමන් දේවාලයට යන එන කාලෙ අපි වන්දනාමාන කලේ දැන් තියෙන බෝධීන් වහන්සේට නෙවෙයි . උන්වහන්සේ පැත්තක වැඩ හිටියා . හැමෝම වගේ වන්දනාමාන කලේ දේවාලයේ පහත මළුවේ , ඒ කියන්නේ පහළ තියෙන වැලි අතුරලා තියෙන මිදුල මැද රෝපණය කරලා තිබුණු පෞරාණික බෝධීන් වහන්සේට .

මේ බෝධීන් වහන්සේ මම මතක ඇති කාලෙ දකින කොටත් තමන්ගේ ජීවිතය අවසන් කරන්න ඔන්න මෙන්න තත්ත්වයක තමයි හිටියේ . ඒත් මිනිස්සු ඒ බෝධීන් වහන්සේට වන්දනා මාන කළා . අපි දේවාලයට ඇතුළු වෙච්ච ගමන්ම මේ බෝධීන් වහන්සේට වැඳගෙන තමයි දෙවියන් වැඩ ඉන්න උද මළුවට ගමන් කරන්නේ . මේ බෝධියේ මම දැක්ක විශේෂ දෙයක් තමයි කුණක් බැහැලා බෝ කඳ මැද ලොකු කුහරයක් හැදිලා තියෙන එක .  ඒ නිසා ඒ කුහරයට මිනිස්සු සල්ලි විසි කරන්න පුරුදු වෙලා හිටියා .

මමත් දවසක් ඕකට කාසියක් දාන්න ඕන කියලා කෑගගහා උද පනිනකොට මට මතකයි අපේ ආච්චිඅම්මා මාව නවත්තලා මට කිව්වා මෙන්න මෙහෙම කතාවක් . ඒ තමයි බෝධීන් වහන්සේට එහෙම කාසි දැම්මම මලකඩ කන කාසි එහෙම තිබුණොත් ඒවා මල බැඳිලා බෝධීන් වහන්සේට විෂ වෙලා බෝධීන් වහන්සේ විනාශ වෙන්න පුළුවන් කියන කාරණාවා . ඇත්තටම පස්සේ කාලෙක තමයි මට ඒක තේරුනේ . කාසි ඇතුළට වැටුනම ආම්ලික වැසි වතුරත් එක්ක මේ කාසි ප්‍රතික්‍රියා කරලා ලෝහ විඛාදනය වෙලා ඒ ද්‍රාවනය අන්තිමට ගහට විස වෙන්න පුළුවන් .

ඉතින් කොහොමින් කොහොම හරි මේ බෝධීන් වහන්සේ කඩා වැටිලා විනාශ වෙලා ගියා . පස්සේ එතන තිබ්බ බෝධි ප්‍රාකාරයත් ඉවත් කරලා දැන් සමන් දේවාලයේ පහත මිදුල තනිකරම පිට්ටනියක් වගේ සමතලා වෙලා තමයි තියෙන්නේ . ඒක හොඳයි . ඒත් කවුරුවත් දන්නවද මේ බෝධීන් වහන්සේලාට කොච්චර ඉතිහාසයක් තියෙනවද කියලා .










මේ බෝධීන් වහන්සේලා රෝපණය කරලා තියෙන්නේ මට ලැබුණු කරුණු කාරණා වලට අනුව දෙවෙනි රාජසිංහ රජතුමා විසින් සමන් දේවාලය නැවත ප්‍රතිසංස්කරණය කරාට පස්සේ . පරංගීන් විනාශ කරපු දේවාලය තමයි එතුමා නැවත ප්‍රතිසංස්කරණය කලේ . එතුමා බෝධීන් වහන්සේලා තුන් නමක් රෝපණය කරවලා තියෙනවා . ඒ වැඩම කරවලා තියෙන්නේ අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත්ත ඵලයන්ගෙන් ලැබුණු බෝ පැල . ඒවා තමයි දේවාලයේ දෙපැත්තේ සහ මිදුලේ රෝපණය කරලා තිබිලා තියෙන්නේ . අද එයින් වැඩ ඉන්නේ දෙනමයි . එකක් ඔහේ නිසොල්මනේ තියෙනවා . අනිත් බෝධීන් වහන්සේට තමයි වන්දනාමාන කරන්න ප්‍රාකාර බැඳලා රන් වැට සවි කරලා හදලා තියෙන්නේ .

2015 අවුරුද්දේ මුල සහ සිංහල අවුරුද්ද දවසේ මේ බෝධීන් වහන්සේගේ විශාල අතු දෙකක් දෙවාරයකදී කඩා වැටුනා . බෝධීන් වහන්සේ දිහා බැලුවම මට දැන් පෙන්නේ මිදුලේ වැඩ ඉඳලා විනාශ වෙච්ච බෝධීන් වහන්සේගේ පෙනුම . මේ බෝධීන් වහන්සේත් විනාශ වේගෙන එනවා කියලා තමයි මට පේන්නේ . ඇයි මේකට හේතුව ?

මම අදත් සමන් දේවාලයට ගිය වෙලාවේ හොඳටම වැස්ස . කුඩයත් ඉහලාගෙන බෝධියට වඳින වෙලාවේ මහා හුළඟක් ආවා . මම එතන ඉන්නවා දැකලා මුර කරන අයියා කෙනෙක් කෑගැහුවා මල්ලි ඉක්මනට අයින් වෙන්න කියලා . මම උද බලනකොට තමයි දැක්කේ බෝ අතු ජරබර ගගා ඇඹරෙනවා . අතු කඩා වැටෙයි කියලා තමයි මේ අයින් වෙන්න කියන්නේ .

මම ඇහුවා මුර කරන අයියගෙන් අනිත් බෝධියයි මේ බෝධියයි එකම වයස . ඒත් ඇයි මේක ඉක්මනට දිරන්නේ කියලා . පස්සේ ඒ අයියා කිව්වේ මිනිස්සු බෝමුල් කිට්ටුව තෙල් වර්ග වලින් පහන් පත්තු කරන නිසා කියලා . මම ඉස්සරත් මේ බෝධියෙ පාමුලට ගිහින් බලලා තියෙනවා . ඇත්ත කතාව . මේ බෝධියේ මුලට මිනිස්සු ගිලන් පස , අරිෂ්ට , තල තෙල් , අබ තෙල් , එඬරු තෙල් වගේ දේවල් විසි කරනවා පූජා කරලා ඉවර උනාම . තරහා වෙන්න කාරී නෑ මෙහෙම කිව්වට . ගෑණු උදවිය තමයි මේ වැඩේ ගොඩක්ම කරන්නේ . පූජා කරපු දේවල් අන්තිමට පොහොර වෙන්න කියලා හිතාගෙන වෙන්නැති මෙහෙම විසි කරන්නේ . ඉතින් මේ ජාති වලින් තල තෙල් , අබ තෙල් එඬරු තෙල් හරිම විෂයි . ඒ වගේම තමයි එළඟිතෙල් පහන් කියලා විකුණන කහ පාට ඩයි දාපු ඉටි පුරවපු මැටි පහන් . මේ ඉටිත් අන්තිමට බෝධිය මුල තියෙනවා මම දැක්කා .

ඔයාලා ඕන දෙයක් පූජා කරන්න . ඒත් පහන් පත්තු කරනකොට බෝ මුලෙන් ඈතට වෙන්න පත්තු කරන්න පුළුවන් තරම් වගබලා ගන්න . ඒවගේම තමයි පූජා කරපු කිසි දෙයක් බෝ මුලට හලන්න එපා . මල් නම් කමක් නැහැ . ඒත් ඒකත් එපා . බෝ මුල පිරිසිදුවට තියාගන්න උදවු කරන්න . ඔයාලාගේ තියෙන භක්තිය හෝ ශ්‍රද්ධාව හෝ මොකක් හෝ වේවා ඒ කරන්නේ වැරදි දෙයක් . නොදැනුවත්ව හෝ ඔයාලා ඒ විනාශ කරන්නේ බුදුදහමේ සංකේත වගේම අපේ ඓතිහාසික වටිනාකමක් තියෙන දේවල් . ඔයාලට ඒවගේ දේවල් කරන්නෙම නැතුව ඉන්න බැරිනම් . කැලෑවල්වල තියෙන කපුටු බෝ ගස් වලට පුද පූජා කරලා ඒවාට හලන එකක් හලන්න . අඩුම තරමේ ආගම රකින්න බැරිනම් අපේ ඉතිහාසයවත් රකින්න උදවු කරන්න .

ගුරුකම් කරන දේවගැති මහත්වරුන්ගෙන් ඉල්ලන්නෙත් මේ දේවල්ම තමයි . බෝමුලක් ළඟ ඉඳගෙන කරන ගුරුකම් තියෙනවා කියලා මම දන්නවා . ඒත් ඒවා කරන්න පන්සල් වල තියෙන බෝ ගස් පාවිච්චි කරන්න එපා . මිනිස්සු වන්දනාමාන කරන්නේ නැති අප්‍රකට කැලෑවල්වල තියෙන බෝ ගස් පාවිච්චි කරන්න .

අපේ ඉතිහාසය රකින්න උදවු කරන්න .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මගේ ලිපි කියවන අයට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ සමන් දේවාලයයි මගෙයි තියෙන සම්බන්ධය . සමහර වෙලාවට සමහර අය කියනවා " උඹ පන්සලක නෙවෙයි...