අහිකුණ්ඨිකයාට තීන්දුකල නාග කන්‍යාවිය ( 2 )

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

පසුගිය කොටස කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න 

මේ වනවිට මා මන්ත්‍ර ගුරුකම් හා වෙදකම් පිළිබඳව ඉගෙනීම අරඹා වසර කීපයක් ගතවී තිබේ . එක් එක් යකුන් යක්ෂණියන් මෙන්ම දෙවියන් පවා බන්ධනයට හසු කරවා අපගේ අවශ්‍යතා ඉටුකරගැනීමට තරමක හැකියාවක් දැන් මාහට ලැබී ඇතිබව මා මෙන්ම සීයාද විශ්වාස කළේය . එය මනාව පසක් කරමින් ජීවිතයේ පළමු වතාවට සීයාගේ උදවු උපකාර ගුරුහරුකම් නොමැතිව මම යක්ෂ දිෂ්ටිය වැටුණු රෝගියෙකු තනිවම සුවපත් කලෙමි . 

සියවස් ගණනාවක් තිස්සේ රාජ රාජමහාමාත්‍යාදීන් විශ්මයට පත්කරවමින් අසරණ දුගී දුප්පත් ජනතාව සුවපත් කරමින් පිටකෙනෙකුන් අතට යාමට ඉඩ නොදී මහත් භක්ත්‍යාදරයෙන් අප රැකගෙන ආ ගුරුකුලයේ තවත් යාවජීව සාමාජිකයෙක් ලෙස මා අභිසෙස් ලද බව එයින් සනාථ විය .

එය තහවුරු කරන්නට සීයා මා හට පවුලේ ඉතාම වටිනා පෞරාණික වස්තුවක හිමිකම ලබාදුන්නේය . මෙතෙක් කල් මාහට ඇසනොගැටෙන මානයේ සඟවා තිබූ එය අපගේ පවුලේ අනන්‍යතාවයයි . එය වූ කලී පළමුවන විමලධර්මසූරිය රජුන් විසින් අප පරපුරේ එවකට සිටි මුත්තනුවන් හට ගුරුකුල පෙළපත් නාමය ලබාදෙමින් නළලේ බඳින ලද රන් නළල්පත හා තඹ සන්නසයි . නිකමට මෙන් මම ඒ නළල්පත නළලේ හොවාගතිමි . එය දැරීමට තරම් මාගේ නළලත තවම වැඩී නොමැතිබව එහිදී මට තේරුම් ගියේය . 

" අද ඉඳලා නළල්පත පුතාට භාරයි , කවදාහරි මම නැති දවසක පුතත් කල්යල් බලලා පුතාගේ දරුවෙකුට හරි මුණුබුරෙකුට හරි මේ සාස්තරේ උගන්නලා එයා හොඳ තත්වෙකට ආවම මේ නළල්පත දීලා , අද මේ මම කිව්වා වගේ පරපුරයි ගුරුකුලෙයි රැක ගන්න කියලා එයට උපදෙස් දෙන්න ඕන හොඳද ? "

" හොඳයි සීයේ "

කියමින් සීයාට වැඳ මම ඒ අවවාදය හිස්මුදුනින් පිලිගතිමි . නළල්පත දැන් මගේය . මම එය කෙසේ ප්‍රවේසම් කලයුතුද කියා කල්පනා කලෙමි . සීයා ඔහුගේ කාමරයේ මෙතෙක් කල් තබාගෙන සිටි මන්තර පොත් සහිත ඉපැරණි පෙට්ටගම මගේ කාමරයට ගෙනයායුතු බව තාත්තා සමග පැවසීය . පසුව සීයාත් තාත්තාත් පෙට්ටගම විවර කර එහි වූ පුස්කොල පොත් සියල්ල සීයාගේ ඇඳ මත තබා ඉතාම ප්‍රවේසමෙන් පෙට්ටගම මගේ කාමරයට රැගෙන ආහ .

" පුතේ අද ඉඳල මම මේ වගකීම් වලින් නිදහස් වෙනවා . පොත් ඔක්කොම දැන් මේ පෙට්ටගමේ තියෙනවා . කවදාවත් පෙට්ට්ගමට පය දාලා නිදාගන්න එපා . පිටස්තර කිසි කෙනෙක්ට මේ කාමරේ ඇතුලට එන්න දෙන්න එපා, පුතා වැඩකට ගෙදරින් එළියට යනවනම් පෙට්ටගම වහලා යතුර ගෙදර කෙනෙක්ට දීලා යන්න . කවදාහරි පුතා කරකාර බඳින කෙනාත් මේවා ගැන ආදරයක් ගෞරවයක් තියෙන කෙනෙක්නම් හොඳයි "

" හොඳයි සීයේ "

කියමින් මම එයද පිළිගතිමි . එදා රාත්‍රියේ සීයා අච්චිඅම්මා සමග මිදුලේ කතාකරනු මට ඇසිනි .

" හාමිනේ අපි දැන් නිදහස් , තව ටික කාලෙකින් අපි මැරිලා මේ පොලවට පස්වෙලා යයි . පුතා අපේ සාස්තරේ ඉස්සරහට අරගෙන යයි . මට විශ්වාසයි පුතා ඔය සාස්තරේ අපිවගේම රැක ගනීවි කියලා "

ජීවත් වීමේ ආශාව අත්හලබව සීයා කියනු ඇසෙනවිට මා තුල ඇති වූ හැගීම වචනවලින් කීමට නොහැක . සීයා , ආච්චිඅම්මා , අම්මා , තාත්තා නොමැති ලෝකයක් ගැන මා හට පළමුවෙන්ම දැනුනේ එදා විය යුතුය . මෙම විශේෂ සිදුවීම් මාලාව සිදුවී දින කීපයක් යන්නට මත්තෙන් සීයාට නැවතත් මරු තුරුලට ගොස් ඒමට සිදු වූ ඒ බිහිසුණු අත්දැකීමට මුහුණ දෙන්නට සිදුවිය .

" හාමිනේ හාමිනේ , පොඩ්ඩක් මෙහාට ආවනම් , මගේ මේ කකුලක් පණනෑ වගේ දැනෙනවා . ඇවිදගන්නත් බෑ වගේ "

කියමින් සීයා ඉස්තෝප්පුවේ තිබුණු හාන්සි පුටුවේ හිඳ ගත්තේය . ආච්චිඅම්මා ඒමට පෙරාතුව මම සීයා අසලට දිව ගියෙමි . 

සීයාගේ වම් කකුලේ ඇඟිලි කීපයක් මම අල්ලා බැලුවෙමි . ඒවායේ සාමාන්‍ය ප්‍රාණවත් බවක් තිබුනේ නැත . ආච්චිඅම්මා පැමිණ සීයාගේ කකුල අල්ලා .

" මේ කකුල ටිකක් රත් වෙලා වගේ , වෙද මහත්තයට එන්න කියන්නද "

" කියන්න හාමිනේ මට මුළු ඇඟම දැන් ගිනි ගන්නවා වගේ දැනෙනවා "

කරත්තකාරයා කරත්තය දක්කනවිට ළතවෙන ලීලාව හොඳින් දන්නාහෙයින් කෙවිට අතටගත් මා කරත්තයේ නැග 

" හා යමන් පුතා "

කියමින් කෙවිටපහරක් දුන්නෙමි . කරත්තය වෙනදාට වඩා වේගයෙන් එන බව දකින පාරේ ඉදිරියට එන ගමවැස්සෝ පාරෙන් ඉවත් වී කරත්තයට ඉඩ දුන්හ .

" වෙද සීයේ වෙද සීයේ  "

" ආ පොඩි ගුරුන්නාන්සේ පුතා මොකද මේ "

" අපේ සීයට කකුලක් පන නෑ කියලා කියනවා . ඇඟම ගිනි ගන්නවා වගේ කියනවා . ඉක්මනට යමු . ආච්චිඅම්මා කිව්වා වෙද සීයාව ඉක්මනට එක්ක එන්න කියල "

වෙද සීයා තෙල් බෝතලයක් හා බෙහෙත් හෙප්පුවක් රැගෙන කරත්තයේම අප නිවසට ආවේය .

" අරනෝලිස් අයියෙ මොකද මේ ? "

සීයා කිසිවක් කියන්නේ නැත . සීයාගේ කට පනනැතිවී ඇතිබවක් එයින් පෙන්නුම් කෙරිණි . වෙද සීයා බෙහෙත් හෙප්පුව විවර කර එහි වූ බෙහෙත් ගුලියක් දිය කර සීයාගේ මුවට ලං කලත් එය පොවාගනීමට හැකියාවක් නොවීය . සීයාගේ කටේ පැත්තකින් බෙහෙත් දියර සියල්ල ඉවතට වැගිරිණි . එය දුටු ආච්චිඅම්මා ඉකිගසන්නට ගත්තාය . වෙනදා සීයා අසනීප වූවත් ආච්චි අම්මගේ හිත හයිය ය . නමුත් අද මේ වන්නේ කුමක්ද ?

" වෙද සීයේ මොකද මේ ,  මටනම් හිතාගන්න බෑ . සීයා හොඳට හිටියනේ " 

" හොඳට ඉන්න අයට තමා පුතේ ඔක්කොම කරදර එන්නේ . මට පේන්නේ අරනෝලිස් අයියා ගුරුකමක් වරද්දගෙනද කොහෙද . මේක අසනීපයක් වෙන්න බෑ . නාඩි වැටිල්ල සාමාන්‍යයි . ඇස්වල වෙනසකුත් නෑ . ලඟදි මොනවද අල්ලපු ලොකු ලොකු අඩවූ ? ඒ මොකක් හරි වරද්දගෙන කියලා තමයි මමනම් හිතන්නේ " 

තාමත් සීයා සිටින්නේ හාන්සි පුටුවේය . මමත් වෙද සීයාත් තාත්තාත් එක්ව සීයා පරෙස්සමෙන් ඔසවාගොස් කාමරයේ ඇඳ උඩ හාන්සි කරවීමු .

කවදත් අපේ කරදර වලට පිහිටවන අඳුන ඇරීමට මම තීරණය කලෙමි . හනුමා ගෙන්වීමට කොතරම් මැතිරුවත් හනුමා එන්නේ නැත .

“……ආතාල බන්ධ පාතාල බන්ධ අටකොන රාක්ෂ බන්ධ ශක්‍ර දේවේන්ද්‍රගේ අනින් කැරකි කැරකී ඇවිලී දැවිලී මහාමේරුවට අත තබා සුරාසුර කොදෙවු සාගර තරණය කර හනුමන්තා දේව රාජා අංජන දේවී අරං එලිය බලා ඕඩු ස්වාමියානේ ඕඩු ඕඩු එස්වාහඃ………”

වෙද සීයා හරි බව තහවුරු වීමට එයම ප්‍රමාණවත් විය . වෙද සීයා සමග මම ඒ පිළිබඳව සාකච්චා කලෙමි .

" හනුමා එන්නේ නෑ වෙද සීයේ . මොකක්හරි මෙතන වැරද්දක් තමයි වෙලා තියෙන්නේ . දැන් සීයට කතාකරගන්න බැරි නිසා මොකවත් අහන්නත් බෑ . මොකද දැන් මේකට කරන්නේ ? "

" මම දන්න තව හොඳ වෙද මුහන්දිරම් කෙනෙක් ඉන්නවා . මම එයාට එන්න කියන්නද ? . අදම ටැලිග්‍රාම් එකක් ගැහුවොත් හෙට හවස දිහාට උන්නැහේට මෙහෙ එන්න පුළුවන් . උන්නැහේට මේ ලෙඩ ගැන හොඳ දැනීමක් තියෙනවා "

" ඔව් එහෙමත් කරමු එහෙනම්  "

" අරනෝලිස් අයියේ , මම ගිහින් එන්නම් . අපි බලමුකෝ මොකද කරන්න පුළුවන් කියලා . හිත දැඩි කරගෙන ඉන්න ඕන හොඳද "

කියමින් සීයාගේ අතක් අල්ලාගෙන සිටි වෙද සීයා අපේ කරත්තයෙන්ම ටැලිග්‍රාම් ගැසීමට නගරයට පිටත් විය .
එවෙලේ සිට අපගේ හිත්වලට කිසිම නිවනක් වූයේ නැත . සීයාගේ හෙට දවස ගැන බලාපොරොත්තුවක් පමණක් තබාගත් අපි කොටින්ම කුසට අහරක් හෝ ලබාගත්තේ නැත . ආච්චි අම්මා සීයා අසලින් හෙලවුනේ නැත . අම්මා කැඳ වර්ග සාදමින් සීයාට පෙවීමට තැත් කලත් ඉන් උගුරක් හෝ සීයාගේ උගුරෙන් පහලට ගියේ නැති තරම්ය . සීයාගේ දෑස් මදක් පියවී ඇත .

පසුවදා සවස් වනවිට ඉහතකී වෙද මුහන්දිරම් මහතා වෙද සීයා සමග අපගේ වලව්වට පැමිණියේය .

" මොකද මේ අරනෝලිස් ගුරුන්නාන්සේට වෙලා තියෙන්නේ ? . මම හොඳට දන්නා අඳුනන කෙනෙක්නෙ මේ "

කියමින් වෙද මුහන්දිරම්තුමා සීයා අසලට පැමිණියේය . ඔහු ඉතාම ඉවසීමෙන් සීයාව පරීක්ෂා කර බලා .

" සරුවාංග රෝගයක් නෙවේ . මේක ගුරුකමක් වැරදිලා වෙච්ච දෙයක් වෙන්න ඕන . මේකට මටනම් මුකුත් කරන්න අමාරුයි . වෙන ඇදුරෙක් ලවා තමයි මේකට ප්‍රතිකාර ගන්න වෙන්නේ "

යැයි කිවේය .

සීයා පිළිබඳව අවිනිශ්චිත හැගීම අප කාගේත් සිතේ රජයන්නට විය . එහෙත් වෙද මුහන්දිරම්තුමා ඊට පිලියමක් යොදන්නට අප හා කතිකා කලේය .

අරනෝලිස් ගුරුන්නාන්සේට වරදුනානම් එක හරිගස්සන්න පුළුවන් අය මේ ළඟක නම් ඇති කියලා හිතන්න බෑ . පුතා දන්නවද ගම්පහ ඉන්නවා යකෙක් බැඳගෙන වැඩ ගන්න සියාතු කියලා ඇදුරෙක් . මම උන්නැහේට පණිවිඩ යවන්නම් . එතකන් සීයට වතුර , කැඳ වගේ දේවල් කොහොමහරි පොවලා පන ගැටගහගෙන ඉන්න බලන්න . ඉක්මනටම සියාතු උන්නැහේට එන්න කියමු .

දින දෙකකට පසුව සියාතු නැමති ගුරුන්නාන්සේද වලව්වට පැමිණියේය .

" මේ අරනෝලිස් ගුරුන්නාන්සේගේ වලව්ව වෙන්ටැ . මම තමයි ගම්පහ සියාතු ගුරුන්නාන්සේ . මට වෙද මුහන්දිරම් මහත්තයා කිව්වා මෙහෙට එන්න කියලා අරනෝලිස් උන්නැහේට මොකද්ද අකරතැබ්බයක් වෙලා කියලා . පොඩි පරහකට තියෙන්නේ මගේ ගෝලයට මේ වත්තට එන්ට බැරි එක තමයි "

ඔහු මේ කියන්නේ ඔහු බැඳගත් යක්ෂයාට අපගේ වත්තට ඇතුළු වීමට නොහැකි වීම පිලිබඳවය .

" ඉන්න මම එයාව ඇතුලට ගන්නම් "

කියමින් මම කිනිස්ස රැගෙන වත්ත මායිමට ගොස් එය මතුරා වත්ත මායිමේ ඉරි කීපයක් ගැසුවෙමි . ඒ ඉරි හරහා සියාතු ගුරුන්නාන්සේගේ යක්ෂා ඇතුල් වූ බව සියාතු ගුරුන්නාන්සේ පැවසීය .

ඔහු සීයා අසලට ගොස් කාමරයෙන් අප සියල්ලටම පිට වීමට කීවේය . කාමරයේ දොරකඩ අසලට වී සිදුවන්නේ කුමක්ද කියා මම බලා සිටියෙමි . සියාතු ගුරුන්නාන්සේ සීයා අසල හිඳගෙන තම මල්ලේ දමාගෙන ආ කුඩා වාලම්පුරියක් අතට ගත්තේය .හෙතෙම එයට මතුරා කනේ තබා ගත්තේය .

" දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා මට දැනගන්න පුලුවන්ද ? "
කියා හෙතෙම වාලම්පුරියෙන් විචාළේය . එසේ විචාරා මද වෙලාවක් වාලම්පුරියට සවන්දී සිටි හෙතෙම

කවුද මෙහෙ පොඩි ගුරුන්නාන්සේ කියන්නේ කියා අප දෙසට හැරෙමින් අසන ලදී .

" මම සෙමෙන් සෙමෙන් ඔහු දෙසට ගමන් කරන විට , මට මගේ යක්ෂයා කියනවා මෙහේ තියෙන අංජනම ඇරලා බලන්න කියලා . මට ඒක දෙන්න "

මම පෙට්ට්ගම තුල ඇති අංජනම ගෙන ඔහුට දුන්නෙමි . ඔහු එය විවරකර අල්ලේ තබාගෙන මතුරන්නට වීය . ටික වෙලාවක් මතුරා ,

" පොඩි ගුරුන්නාන්සේ බලන්න මේකේ මොකවත් පේනවද කියලා "

" මමත් අංජනම අරින්න හැදුවා . ඒත් හනුමා ආවේ නෑ " කියමින් මම අංජනම අතට ගෙන බැලීමි .

මා වික්ෂිප්ත වූයේ එහි සිනහ වෙමින් සිටි කාන්තාව දැකීමෙනි .

" දෙයිහාමුදුරුවනේ මේ අර සීයාව මරන්න එකපාරක් ආපු නාග කන්‍යාවිය . සීයා එයා කිව්වදේ කලේ නැතුව ආයෙත් බන්දනය කළා . මේ එයා බන්දනේ කඩාගෙන ඇවිත්ද "

" ඔව් එහෙම දෙයක් තමයි මේ . මේක ලේසියෙන් හරි ගස්සන්න පුළුවන් දෙයක් නෙවේ . අවුරුදු ගානක් හිතේ පැසවපු සාපයක් මේ . තව ගුරුන්නාන්සේලා තුන්දෙනෙක් ඉන්නවා මම දන්න . මට විතරක් මේක තනියම කරන්න බෑ . ඒ අයවත් ඉක්මනට ගෙන්න ගන්න ඕන . මිදුල ඉස්සරහා තොවිලයක් නටන්න ඉඩ තියෙන මඩුවක් හදවන්න ඉක්මනට . ඒගමන්ම අර ගුරුන්නන්සේලාට මෙහෙම එන්න කියලා ටැලිග්‍රාම් යවන්න  "

යැයි සියාතු ගුරුන්නාන්සේ පැවසීය . ඒවනතෙක් සීයා අසනීප බව ගමේ කවුරුත් දැන සිටියේ නැත .

" උඹ ගිහින් ගුරුන්නාන්සේට අමාරුයි කියලා ගමේ උන්ට ඉක්මනට එන්න කියාපන් දවල් ඉර හැරෙන්න කලින් වලව්වට "

කියා මම කරත්තකරු පිටත් කර හැරීමි . ගමේ සියල්ලෝම සීයාට ගෞරව කරන්නෝය . එබැවින් වැඩි දෙනෙක් වලව්වට පැමිණියෝය .

" ගුරුකමක් වැරදිලා සීයා දැන් ඉන්නේ අසාධ්‍ය තත්වෙක . සීයට ලොකු යාතුකර්මයක් කරන්න වෙලා තියෙනවා . අද රෑ වෙන්න කලින් මිදුලේ ලොකු මඩුවක් ගහන්න ඕන . මට ඒවා බලන්න විදියක් නෑ . මම සීයා ගාව ඉන්න ඕන . මේ ඉන්නේ අපේ සීයා වගේම දක්ෂ තවත් ගුරුන්නාන්සේ කෙනෙක් . මුන්නැහේගෙන් උපදෙස් අරගෙන ඒ රාජකාරියට උදව් කරන්න කියන්න තමයි මම වලව්වට එන්න කිව්වේ "

කියමින් මම වලව්වට පැමිණි සියල්ලෝම ඇමතීමි . කාන්තාවන් කීප දෙනෙක් පොල් අතු ගෙන ඒමට ගිය අතර පිරිමි කීප දෙනෙක් වලවල් හැරීය . තවත් කීප දෙනෙක් පුවක් ගස් කපා ගෙනවුත් සියාතු ගුරුන්නාන්සේගෙ උපදෙස් අනුව මඩුව තැනීම ආරම්භ කළහ . කෙසේ හෝ සන්ධ්‍යාව වන්නට මත්තෙන් මඩුව සාදා නිම කෙරිණි . ඒ වනවිට මා සිටියේ සීයා අසලය .

" පොඩි ගුරුන්නාන්සේ ,  අරනෝලිස් ගුරුන්නන්සේව එලියට එක්ක යන්න ඕන . මේ යාතුකර්මේ ඉවර වෙනකං ගුරුන්නාන්සේ තොවිල් මඩුවේ තියාගමු "

සීයා සිටින ඇඳ ඔසවාගෙන මිදුලේ මඩුවට යාමට ගමේ පිරිමින් ඉදිරිපත් වීය . මම ඇඳේ පැත්තකින් අල්ලනවිට

" පොඩි ගුරුන්නාන්සේ ඉන්න , අපි මේ රාජකාරිය කරන්නම් " කියමින් ඔවුන් මහත් ඕනෑකමින් සීයාව පරෙස්සමින් තොවිල් මඩුවට රැගෙන ගියහ "

මඩුවේ හතරකොන කණු වලට අමතරව තවත් කණු සිටුවා තිබිණි . පැත්තක ගොප් කොළ වලින් මල් යහනාවක් හා හත්මාලේ තොරණක් බැඳ තිබිණි . සීයා වැතිර සිටින ඇඳ හත්මාලේ තොරණ අසල තබන ලෙස සියාතු ගුරුන්නාන්සේ විධාන කෙළේය . රාත්‍රියේ සීයාට සීතල වන හෙයින් මම සීයාට රෙද්දක් පෙරවීමි .

" පොඩි ගුරුන්නාන්සේ , අරනෝලිස් ගුරුන්නාන්සේ ගාවින් පොල්කටු අඟුරු කබලක් තිබ්බනම් හරි සීතල ගතිය මගඇරෙන්න "

එය ඇසුණු ගමේ කෙනෙකු .

" ඉන්න මම එක කරන්නම් පොඩි ගුරුන්නාන්සේ "

කියමින් , සීයා අසලට පොල්කටු අඟුරු පත්තු කල ගිනි හට්ටියක් ගෙනවිත් තැබීය .

සීයා සිටින ඇඳ අසල හිඳගත් සියාතු ගුරුන්නාන්සේ සීයාගේ වම් අත අල්ලාගෙන මතුරන්නට විය . එවෙලේ සිට ඉහත කීඅනෙක් ඇදුරන් එන තුරු හෙතේම තම මැතිරීම නවත්වන ලද්දේ කෑමට සහ අනෙක් අවශ්‍යතා කීපයක් සඳහා පමණි .

දින දෙකක් පුරාවට මෙම මැතිරීම කෙරුණු අතර ඒ කාලයේම සීයා සිටියේ නිවසේ නොව තොවිල් මඩුවේය . නිවසේ සියල්ලෝද විටින් විට සීයාට කැඳ වතුර පෙවීමට සීයා අසලට ආ අතර වැඩි වෙලාවක් සීයා අසල සිටියේ මමය . ඊට හේතුව සීයාගේ ගුරුකම් රහස් ගැන මනාව දන්නා එකම පුද්ගලයා මම හෙයිනි .

දින දෙකකින් කලින් කී ඇදුරන් දෙදෙනා බෙරකරුවන් හා තවත් ආවතේව කරුවන් කීප දෙනෙකුද කැටිව වලව්වට ආහ . ඔවුන්ට නවාතැන් දුන්නේද වලව්වේය . ඔවුන් පැමිණි වෙලාවේ සිට ඔවුන් වැඩි කාලයක් ගත කලේ සීයාගේ මෙම ගුරුකම සිදුකර සීයා සුවපත් කිරීමේ කාර්යයටය . කොටින්ම කියතොත් ඔවුන් තම ආහාර වෙලා හෝ ගන්නේ අපගේ බල කිරීමටය . ඔවුන්ගේ කතාවෙන් මට තේරුම් ගියේ ඔවුන් සීයා හට ඉතාම ලෙන්ගතුකමක් හා ගෞරවයක් දක්වන බවයි . එනම් මීට පෙර සිට ඔවුන් සීයා පිළිබඳව දැන සිටිය යුතුය .

තනි පුද්ගලයෙකු සඳහා යාතුකර්මයක් කිරීමට දැන් ඇදුරන් හතරදෙනෙකු එකට එක්ව වරු ගණන් මතුරමින් මහන්සි වේ . වරෙක ඔවුන් දිෂ්ටිය ගැනීමට කනත්තට යයි . සමහරුන් පරල වී කනත්තේ සිට දිව විත් හත්මාලේ තොරණ අසල සිහි නැතිව ඇද වැටේ . එවිට තවත් ඇදුරෙකු ඔහුට මතුරා පැන් ඉස සිහිය ගනියි . සිහිය ආ වහාම නැවතත් ඔවුන් මන්තර මතුරන්නට ගනී .

" පුතා දන්නවද සීයා මේ නාග කන්‍යාවියක් බන්ධනය කරලා කරපු ගුරුකම වැරදිලා කියලා "

කියමින් එක් ඇදුරෙකු මාගෙන් විචාළේය .

" ඔව් , එකපාරකුත් කරදරයක් උනා . කතරගමින් කෙනෙක් එක්ක ඇවිත් තමයි එක හරිගැස්සුවේ . මට තේරෙනවා මේ පාරත් ඒ නාග කන්‍යාවිය සම්භන්ධ ප්‍රශ්නයක් කියලා "

" අරනෝලිස් ගුරුන්නාන්සේ මටත් ඉස්සර උගන්නලා තියෙනවා . මමත් සමහර දේවල් ඉගෙනගත්තේ ඉස්සර මේ වලව්වේ නැවතිලා . මම කවදාවත් හිතුවේ නෑ ගුරුන්නාන්සේ මෙහෙම වැඩ වැරැද්ද ගනියි කියලා "
හෙතෙම මා හට පැවසීය . සීයාගේ යටි හිතේ සඟවා සිටින හිතුවක්කාරකම ගැන දන්නා මම කරබාගෙන සිටියෙමි .

අවසන් මහා යතු කර්මය ආරම්භ විය .

එදින සවස සිටම තොවිල් මඩුව කලබලකාරී විය . එක් ඇදුරෙකු යක්ෂ දිෂ්ටිය වැටී කනත්තට දිවයන්නට වීමෙන් මහත් කලබලයක් ඇති විය . සමහර අවස්ථා වලදී ඔවුනට සිහිය ගැනීමට මතුරන්නට මටද සිදුවීය .
එදින රාත්‍රියේ ගම්වැස්සන් සියල්ලෝම බලා සිටියදී යාතුකර්මය ආරම්භ විය . ඇදුරන් හතරදෙනා සීයාගේ ඇදේ හතරකොනේ සිට ප්‍රදේශයම භිරාන්ත කරමින් මතුරන්නට විය .

“………….. එක්මන්සල යක්ෂයා වර දෙමන්සල යක්ෂයා වර තිස්දහසක් මහසොහොන් පිරිවරන් මහසෝනාවර අමුසෝනවර ලේසෝනාවර ජයසෝනාවර අකාස භවනේ පිල්ලි කට්ටී වරෙන් කඳ කුමාර අවතාර පිල්ලි කට්ටී වරෙන් නාග අවතාර පිල්ලි කට්ටී වරෙන් වෙසමුණි අවතාර පිල්ලි කට්ටී වරෙන් ගෝඩිම්බර දේවතාවාගේ අනින් රත්නකාර දේවතාවගේ අනින් ගජකුම්බකාරී දේවතාවියගේ අනින් ආරූඩ පත්ම කවිලාසනේ කරකවා මෙරඟ ඇදුරා කී බස් අසා දොළ පිදේනි ගන්න කෝලි අවතාරෙන් වර වර විපුල මහසොහොන් දිෂ්ටී වරෝ…………..”

ක්‍රමයෙන් ඒ මන්තර හඬ වැඩි විය . ටික වෙලාවකින් රජ ගොවි වෙළඳ චණ්ඩාල ආදී නොයෙක් කුලවලට අයත් නයි කීපදෙනෙක් හත්මාලේ තොරණ වටා සැරිසරන්නට ගත්හ . පසුව ඔවුන් තොරණේ මැද කොටසට නැග ගත්හ .

මන්ත්‍ර මතුරමින් සිටි එක් ඇදුරෙකු මතිරීම නවතා ඔහුගේ අංජනම පෙරේත තටුවක තබා එලිය ඇරීය . ඔහු එලිය අරිනවාත් සමගම සියාතු ගුරුන්නාන්සේ ඔහු අසලට පැමිණ ප්‍රශ්න විචාරන්නට ගත්තේය .

( මේ සවුන්ඩ් ක්ලිප් එක ප්ලේ කරගෙන කියවන්න . ප්‍රශ්න අහන ඒවත් සවුන්ඩ් ක්ලිප් එකේ තියෙනවා )

" කවුද දැන් මේ පෙරේත තටුවට ඇවිත් ඉන්නේ කියලා බලන්න , බලලා කියන්න අපට "

" පෙන්නුම් කරණ ආකාරයට මෙතන පෙන්නුම් කරන්නේ , ගැහැනුන් දෙන්නෙක් පෙන්නුම් කරනවා "

" මොන වගේද ගෑණු දෙන්නගේ හැඩරුව කියන්න අපට "

" හීන් කෙට්ටුදැරී කළු ගෑණු කෙනෙක් ඉන්නවා "

" ඔව් අවුරුදු කීයක් විත‍ර කෙනෙක්ද "

" පෙනුම් කරන ආකාරයට අවුරුදු හැටක හැටපහක ආකාරයක් පෙනුම් කරනවා "

" හැටක හැටපහක කළු කෙට්ටු එක්කෙනෙක් , අනිත් එක්කෙනා කවුද "

" කළු කෙට්ටු කෙනෙක් පෙන්නුම් කරනවා "

" අනිත් කෙනා ? "

" අනිත් කෙනා පෙන්නුම් කරන හැටියට මෙතනට ගෙන්නපු කෙනෙක් "

" මෙතනට ගෙන්නපු කෙනෙක් , ඒ කියන්නේ මේගොල්ලන්ගේ කවුරුවත් නෙවෙයි ? "

" පිටින් ආපු කෙනෙක් "

" පිටින් ආපු කෙනෙක් "

" අපිට දැන් මේ දෙන්නව හොඳාකාරව බැඳගන්න පුලුවන්ද කියලා බලන්න . බන්ධනයට අරගෙන හිරකරගන්න පුලුවන්ද අපට ? "

" පුළුවන් කියනවා "

" පුළුවන් කියනවා "

" එහෙනම් අපි බන්ධනයට ගමු "

මේ ආකාරයට දෙදෙනාගේ සංවාදයෙන් හෙළි වූයේ ඉහත කී කළු කෙට්ටු ගැහැණිය අහිකුන්ටිකයාට බන්ධනය කල නාග කන්‍යාවිය බවත් අනෙක් කාන්තාව දේවතාවියක් බවත්ට . මෙම ඇදුරන් හතරදෙනා මේ මුලපුරන්නේ සීයා විසින් කළ ඒ අකටයුත්ත නිවැරදි කරවා නාග කන්‍යාවිය දේව බන්ධනයකට හසු කරවා සීයාගෙන් ඇයගේ සාපය ඉවත් කරවීමටය .

ඇදුරන් හතරදෙනා නැවතත් සීයා අසලට පැමිණියහ . ඔවුන් සීයා සිටින ඇඳ හතරකොන බිත්තර හතරක් තබා එක් එක් ඇදුරා ඒ එක් එක් බිත්තරය අසල සිට මතුරන්නට ගත්හ .

..... කර්ණමාලි හස්තං ගිනි ගිනි උපුටා දෑතට අල්ලා තැනෙ තට්ටු බී ඉන්ද්‍ර නීල ගුරු සෛර වර ස්වර්ණ මණ්ඩලේ මල රූප තල මරණ කාම දේවතාවා මුරුත්තාල් ප්‍රාණ නලල මරුකුල යක්ෂයා මල කඳේ සේමන් ගන්න මරණ මණ්ඩලේ බලා දිෂ්ටි හෙලා යමපුර සෙල්ලුම් අකාල ලෝදම් පුපුර පුපුරා ඔට්ටු සර්ව වින ධාරනේ තීන්දු වින සැරගිනි මරුවා , භූමි කිලම්බු මරු යක්ෂයා මරු විසගිනි කන්ද සැනෙන් උගුලා මෙරඟ මඩලට දිෂ්ටි හෙලන්න වරෙන් මරුවා .....................

මන්ත්‍ර ශබ්ධය ක්‍රමයෙන් වැඩිවත්ම සියාතු ගුරුන්නාන්සේ අසල තිබූ බිත්තරය ඉබේම පිපිරී ගියේය .  මේ ආකාරයට බිත්තර හතරම ඉබේම පිපිරී යනතුරු ඔවුන් මැතිරීම නැවතුවේ නැත . හත්මාලේ තොරණේ සිටි රජකුලේ නයා සීයා අසලට පැමිණියේය . හෙතෙම සීයාගේ ඇඳ අසල දරන ගසාගෙන සිටි අතර විදාහල පෙනය හකුලාගත්තේම නැත .

යාතුකර්මයේ අවසානය ළඟාවිය . රත්රන් කෙන්දක් අතටගත් සියාතු ගුරුන්නාන්සේ එහි ගැටයක් ගසා ගැටය හිර නොකර මතුරන්නට විය . මතුරා අවසානවීමත් සමගම ඔහු එහි ගැටය හිරකර අංජනම බලන්නට කියා අනෙක් අදුරෙකුට පැවසීය . අංජනමෙන් බලනවිට ඉහත සඳහන් කල කළු කාන්තාව ඉතාම අලංකාරව දේවතාවියක් ලෙස පෙනෙන බව කීය . යාතුකර්මය සාර්ථකය . එය සනාථ කරමින් .

" පුතේ " කියමින් සීයා මා ඇමතීය .

ඇදුරන් හතරදෙනා බෙර හඬ මධ්‍යයේම සීයා අසලට පැමිණ සීයාගේ අත් දෙකෙන් හා කකුල් දෙකෙන් අල්ලා පිරිත් කියන්නට පටන් ගත්තේය . පලාතම දෙදරවමින් ඔවුන්ගේ පිරිත් හඬ පැතිරිණි . ගුරුන්නාන්සේට සනීපයි කියමින් ගමේ අය සැනසුම් සුසුම් හෙලනු මම දුටුවෙමි .

සීයා තවත් මාරකයක් පැන්නේය .

දින කීපයකට පසුව සීයාට හොඳින් ඇවිදීමට හැකි විය . ඇදුරන් හතරදෙනා නිවසින් පිටත් වූයේ සීයා සාමාන්‍ය තත්වයට ආ පසුවය .

" අරනෝලිස් ගුරුන්නසේට එහෙනම් අපිත් ඕන උනා නේද "

කියමින් එක් ඇදුරෙකු සිනාසුනේය .

" එහෙම තමයි බං නරක කාලේ ආවම "

කියමින් සීයා සිනාසුනේ තමන්ගේ හිතුවක්කාරකම් අමතක කරමිනි .

මා , නිවසට ආ ඇදුරන් සමග ආගිය තොරතුරු කතා කරේ යාතුකර්මය අවසන් වීමෙන් පසුවය . එක් අයෙක් නුවර මැණික්හින්නේය ,අනෙක් අය ගම්පහය . ඔවුන් සියල්ලෝම සීයා ගැන හොඳින් දන්නා අයය .

සියල්ල යතා තත්වයට ආපසු ඔවුන් වලව්වෙන් නික්ම ගියේ සීයාට වැඳ නමස්කාර කරමිනි .

" සීයාව සනීප කරන්න ආපු අය සීයාට වැන්දේ ඇයි "

" අර මම දීපු තඹ සන්නසේ ඒවට හේතු ඇති , කියවලා බලන්න "

කියමින් සීයා කතාව නැවැත්වීය .

මහා ධාරානිපාත වර්ෂාවක් ඇද හැලී ගංවතුරක් ගලන්නට ඔන්නමෙන්න තිබී වර්ෂාව නතරවී , ගංවතුර ඇතිවීමේ භය පහව ගියාක්මෙන් මහත් වූ සහනයක් මගේ සිතේ ඇතිවිය .

තවත් කතාවකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මෙහි එන නම් ගම් සියල්ල මනඃ කල්පිතය 19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි . පසුගි...

අහිකුණ්ඨිකයාට තීන්දුකල නාග කන්‍යාවිය ( 1 )

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි.

කතාවට කලින් මේක ප්ලේ කරන්න

නාගයා යනු හුදෙක් සාමාන්‍ය ගණයෙහිලා සැලකිය හැකි සත්ත්වයෙකු නොවේ . ඔවුන්ගේ ජීවන ප්‍රවෘත්තිය සිංහල වෙදකමෙහි හා ගුප්ත විද්‍යාවන්හීදී උගන්වනු ලබන්නේ මෙලොව සිටිනා සියලු සත්තවයින් පරයා ජයගත හැකි ශක්තියක් නාගයින් තුල පවතින බවය . එයට ප්‍රධානම හේතුවක් ලෙස ගෙනහැර දක්වන්නේ නාගයින් මියගිය සතුන් ආහාරයට නොගැනීමයි . එනම් , නාගයින් ජීවග්‍රහයෙන් අල්ලාගන්නා සතුන්ගේ මාංශමය ආහාරය සමග ප්‍රාණමය ආහාරයද ගන්නා හෙයිනි . 

මෙතෙකින් දිගහැරීමට මා බලාපොරොත්තු වන්නේ නාගයින් හා නාගයින්වෙත බැඳී සිටින අමනුෂ්‍යයින් සමග සීයා විසින් කරන ලද ජීවිතයත් මරණයත් අතර සටනක් පිළිබඳව කතා පුවතක්ය . මෙම සටනින් අප ජය නොගත්තානම් , ඇතැම් විටෙක මෙය , මෙම කථා මාලාවේ අවසාන කතාව වන්නටද ඉඩ තිබිණි . එය එතරම්ම කුරිරු වූයේ සීයාගේ අවාසනාවටද අතපසු වීම නිසාද සීයාගේ හිතුවක්කාරකම නිසාද නැතිනම් වෙනත් හේතුවක් නිසාද කියා මම නොදනිමි . 

මගේ ආච්චි අම්මාගේ නැගෙණිය ජීවත් වූයේ අපගේ වලව්වට හූ හත අටක් ඈතින් පිහිටි නිවෙසකය . ඇය මට පුංචිආච්චිය . පුංචිසීයා ව්‍යාපාරයක් ලෙස කරන ලද්දේ ඔහුගේ අක්කර ගණනාවක් විහිදී පැතිර පවතින පොල් වතුවල ඇති පොල් කඩවා කොප්පරා සාදා ඒවා වෙළඳාම් කිරීමෙනි . ඊට අමතරව හෙතෙම කුඩා ප්‍රමාණයේ සෙක්කුවක්ද කරවාගෙන ගියේය . වැඩි ප්‍රමාණයක් එම සෙක්කුවෙන් පොල් අඹරන ලද්දේ නිවසේ අවශ්‍යතාවය සඳහා තෙල් ලබා ගැනීමට පමණි . අප නිවසටද මෙම පොල් තෙල් විටින් විට ලැබේ . 

පුංචිආච්චි නිවසේ කටයුතු කරමින් ජීවත් වූ අතර ඔවුනට දරුවන් දෙදෙනෙකු සිටී . ඔවුන් මට පුංචිනැන්දා සහ පුංචිමාමය . පුංචිනැන්දා විවාහ වී වෙනත් ගමක ජීවත් වේ . පුංචිමාමාද විවාහවී සිටි අතර ඒ දෙපලද වැඩි හරියක් සිදු කරන ලද්දේ සීයාගේ ව්‍යාපාරයට උදවු කිරීමය . සීයාගේ ව්‍යාපාරවල ගණන් හිලවු හරියාකාරව පවත්වාගෙන ගියේ පුංචිමාමා විවාහ වී සිටි නැන්දා විසිනි . හෙතෙම පවුලට පිටින් සම්භන්ධවූ කාන්තාවක් වුවද පසුව අපේම පවුලේ කෙනෙක් ලෙස දුක සැප සමසේ බෙදාගනිමින් ජීවත් විනි . 

දිනක් සුපුරුදු පරිදි මම සාලයේ කනප්පුව මත පුස්කොල පොතක් තබාගෙන එහි පත්ඉරුවෙන් පත්ඉරුව දිගහැර බලමින් සිටියෙමි . සීයාද එදින නිවසේ සිටියේය . ඉර මුදුන් වන්නට තවත් පැය දෙකක් තිබෙන බව හඬගා කීවේ සාලයේ කොනක තබා ඇති බට්ටා ඔරලෝසුවයි .

" ගුරුන්නාන්සේ මහප්පේ ගුරුන්නාන්සේ මහප්පේ " කියමින් පුංචි මාමාගේ නැන්දා වලව්ව වෙතට ඈතින් දිව එනු මට පෙනිණි .

" සීයේ අන්න නැන්දා දුවගෙන එනවා මේ පැත්තට , කලබලෙන් වගේ එන්නේ "

" කෝ බලන්න "

කියමින් සීයා කාමරයෙන් එලියට එනවිට නැන්දාද වලව්වේ ඉදිරිපස මිදුලට සම්ප්‍රාප්ත වී තිබිණි .

" ගුරුන්නාන්සේ මහප්පේ , නැන්දම්මට නයෙක් ගහලා . අපි දැක්කා දැනට දවස් දෙක තුනකට කලින් ඉඳලා නයෙක් ඒ පැත්තේ ඉඳලා යනවා . නැන්දම්මට නයා ගහලා වැටිලා ඉන්නකොටත් එතන ඒ නයා ඉඳලා යනවා දැක්කා "

" පුතේ ඉක්මනට දෙහි ගෙඩි තුනක් කඩාගෙන එන්න . විස බස්සන්න බැරි වගක් තමා දූත ලක්සනෙන් පේන්නේ . ඉක්මනට ගියොත් සුව කරගන්න බැරිවෙන එකක් නෑ  "

මම පුස්කොල පොත හකුලා බුදු පහන තබන ස්ථානයේ තාවකාලිකව තබා වත්ත පහලට දිවගොස් දෙහි ගෙඩි තුනක් කඩාගෙන ආවෙමි . ඒවනවිට සීයා පුංචිආච්චිලගේ නිවසට යාමට සූදානම් වී මා එනතුරු මිදුලේ බලා සිටියේය .

පයින් යාමට කාලය ගතවන හෙයින් සීයා කරත්තයේ යාමට තීරණය කරන්නට ඇති බවක් මට හැඟිනි . කරත්තයේ යන අතරවාරයේ සීයා ඇඟිලි නවමින් ගණන් කරමින් කුමක්දෝ ගණනක් සාදමින් සිටියේය .

" ඈ සීයේ , මොකද්ද ගණන් කරන්නේ ? "

" දූත ලක්සනේ හැටියට පුතේ නයෙක් ගහලා වෙන්න බෑ . නැත්නම් මට දූත ලක්සනේ වැරදුනාද කියලා මම මේ ගණන් කර කර බලන්නේ . ඒත් එන්නේ එකම උත්තරයක් . නයෙක් ගහල වෙන්න බෑ . ගණන් කරාම එන ගණන ගැන බැලුවම නයාගේ එක දලයක්වත් වැදිලා නෑ "

කියමින් සීයා නැවත නැවත කීප වතාවක්ම ගණන් කරනු මම දුටුවෙමි . ඒත් සමගම සීයා සහ මම රැගත් කරත්තය පුංචිආච්චිගේ නිවසට ළඟාවී තිබිණි .

ඒවනවිටත් ගමේ කීපදෙනෙක් පුංචිආච්චිගේ නිවසට එක් රොක් වී සිටියේ සිදුවන්නේ කුමක්ද කියා විමසිලිමත් වෙමිනි . සීයා නිවසට ඇතුළුවනවිට වෙද සීයාද එහි පැමිණ ප්‍රතිකාර කරමින් සිටියේය .

" අරනෝලිස් අයියේ , මම මේ බලන්නේ මොකද්ද වෙලා තියෙන වින්නැහිය කියලා . ඇස් වලින් පේන්නේ නයි විස තමයි . ඒත් දල පාරක් වැදිච්ච තැනක්වත් හොයාගන්න විදියක් නෑ . සරීරයේ කොහෙවත් දල පාරක සලකුණක් නෑ . නාඩි වැටිල්ලත් එන්න එන්නම දුර්වල වෙනවා "

කියමින් වෙද සීයා , අපේ සීයාට පැවසීය .

එවෙලේ සීයා මදෙස හැරෙමින් මද සිනහවක් පෑවේය .

" මමත් මේ එනගමන් දූත ලක්සනේ බල බල ආවේ මට වැරදුනාවත්ද කියලා . එක දලයක්වත් වැදිලා තියෙන්න විදියක් නෑ කියලා තමයි මමත් මේ පුතා එක්ක කිය කිය ආවේ "

එසේ කියමින් සීයා පුංචිආච්චිව පරීක්ෂා කරන්නට විය .

" නංගියේ නංගියේ මොකද උනේ ? "

පුංචිආච්චි හාවක් හූවක් නැතිව වැතිර සිටී .

" හරියන්නේ නෑ ටික ටික විස ඉහට ගහනවා වගේ . විස උරන්න බලන්න ඕන "

කියමින් සීයා ,  වෙද සීයා වෙත හැරී බැලුවේය . වෙද සීයා කිසිවක් නොකියා හිස සෙලවුවා පමණි . සමහරවිටෙක මින් එපිට වෙද සීයාට කළහැකි දෙයක් නොවන්නට ඇත . සීයා දෙහි ගෙඩි තුන එක් අතක තබාහෙන අනෙක් අතින් පුංචි ආච්චිගේ පාදයේ ඇඟිල්ලක් අල්ලාගෙන සෙමෙන් සෙමෙන් මතුරන්නට පටන්ගත්තේය . මන්ත්‍රයෙන් විස බස්සන්න සීයා සමත්ය . එහෙත් දල පහරවල් නොමැති විෂ ශරීර ගත වූ අවස්ථාවක් මම දුටු පළමු අවස්ථාව මෙයයි .

මතුරන අතරවාරයේ පුංචිආච්චිගේ පාදයේ වළලුකර අසල එක් නහරයක් කෙමෙන් කෙමෙන් ඉහලට ඉලිප්පී එනවගක් පෙනිණි . සීයා මැතිරිල්ල නවතා දමා

" වෙද අප්පු , මේ නයි විස ඇඟට ගිහින් තමයි , පේන්නේ නැද්ද නහරේ ඉස්සිලා එන අපූරුව . දැන් දල පාර නැති නිසා මෙතන පලලා තමයි විස ලේ අයින් කරන්න වෙන්නේ "

කියමින් සීයා තම ඉනේ ගසාගෙන සිටින කුඩා කිනිස්ස අතට රැගෙන එය එක් දෙහි ගෙඩියක කීප වතාවක් ඇන , පසුව ඉලිප්පී ආ නහරය මත තබා එකවරම නහරය මදක් පැලුවේය . ඒත් සමගම රුධිර බිංදු කීපයක් ඉවතට විදිනි . පසුව සීයා පඩික්කමක් තමා අසලට ගෙන්වා ගනිමින් විස උරන්නට පටන් ගත්තේය . කීප වතාවක්ම තමාගේ මුඛයට ඇදගත් රුධිරය පඩික්කමට දමන ලදී . වෙද සීයා ඉන් අනතුරුව පුංචිආච්චිගේ නාඩි පරීක්ෂා කර බලා

" දැන් නම් ලෙඩාගේ නාඩි වැටීම හොඳයි , විස බහිනවා වගේ "

මේ ක්‍රියාවන් කෙරෙනවාත් සමගම ඇඳිරි වැටී තිබිණි . පුංචිආච්චිට සිහිය ආවිට ඇයට කලයුතු සත්කාර පිළිබඳව පුංචිසීයාට සහ අනෙක් අයට උපදෙස් දී සීයාත් මමත් නිවසට පැමිණියෝය .

නොකඩවා මැතිරීම නිසා සීයා ඒ වනවිට‍ සිටියේ ඉතාමත් තෙහෙටුවෙනි . එහෙයින් සීයා නා පිරිසිදුවී එදින ඉක්මනින්ම නින්දට ගියේය . මමද පහන් පැලේ පහන දල්වා ඉක්මනින් නින්දට ගියෙමි .

මට නින්ද යාගෙන එනවිට

" හාමිනේ...................... "

කියමින් සීයා කෑගසනු මට ඇසිනි . මම නිදිමැලි හරිමින් කාමරයට දිවයන විට අම්මාද තාත්තාද ආච්චිඅම්මාද සීයාගේ කාමරයට දිවගොස් තිබිණි . මම සීයාගේ කාමරයට යන මොහොතේ දුටු දර්ශනයෙන් වික්ෂිප්ත වීමි .

සීයාගේ හිස අද්දර බුලත් කොලයක් තරම් විශාල පෙනය විදාගත් නයෙකු ස්ශ්ශ්ශ්ශ්ෂ්....... හඬ නංවමින් පෙනය නටවමින් සිටියේය . සීයාට සිහිය නැත . දැන් නයා එලවන්නට ක්‍රමයක් සිතාගත නොහැක . නයාට පහර දුන්විට හෙතෙම සීයාට නැවත දෂ්ට කිරීමට ඉඩ ඇත .

එහෙත් ටික වෙලාවකින් නයා ක්‍රමයෙන් පෙනය හකුලා එතනින් ඉවත්ව ගියේය . අපි සීයා අසලට යනවිට සීයාට සිහිය නැත . තාත්තා කරත්තකරු කරත්තය සමග වෙද සීයාගේ නිවසට පිටත් කර හැරියේය . වෙද සීයා පැමිණිවිට ඔහු සීයා පරීක්ෂා කරමින්

" පොඩි ගුරුන්නාන්සේ පුතාට මතකද අද දවල් වෙච්චි දේ ? නයා මෙතනත් හිටියට සීයාට දල පාර වැදිලා නෑ සරීරෙ කොහේවත් . දැන් මොකද කරන්නේ ? . මගේ සාත්තරෙන් සීයා ගොඩ ගන්න බෑ . විස උඩුදුවන එක අඩු කරන්න සීයාව බෙහෙත් ඔරුවට බස්සමු , ඒත් එකෙන් සහමුලින්ම සුව වෙන්නේ නෑ "

අපගේ වලව්වේ මහානර්ඝ වස්තුව , අංජනම පිළිබඳව මාහට සිහියට ආවේ ඒ මොහොතේය . මම ආච්චි අම්මාගෙන් පෙට්ටගමේ යතුරු ඉල්ලා අංජනම අතට ගතිමි .

" වෙද සීයා එහෙනම් තාත්තා එක්ක අපේ සීයාව වෙද වලව්වට එක්ක යන්න . සීයාව බෙහෙත් ඔරුවට ගිල්වමු . මම අඳුනෙන් බලන්නම් මොකද්ද කරන්න පුළුවන් කියලා . මම විස උරන්න ඉගෙනගෙන නෑ . සීයා මට උගන්නලා නෑ තාම "

පසුව වෙද සීයාත් කරත්තකරු හා තාත්තා එක්ව සීයා කරත්තයේ හොවා වෙද වලව්වට රැගෙන ගියෝය .

සීයාගේ ප්‍රාණය පිළිබඳව මාහට කිසියම් බියක් දැනුනේ ඉන් පසුවය . අඳුන අතට ගත්තද දෑතම වෙව්ලන්නේ සීයා පිලිබඳ බියෙනි .

මම සුවඳ දුම් අල්ලා මන්තර මතුරා හනුමන්තා ගෙන්වීමි .

                                     [Hanuman.jpg]

ඔහු මේ පිළිබඳව කිසිවක් පවසන්නේ නැත . පසුව වෙනත් දෙවඟනක් වැනි කාන්තාවක් අංජනමෙන් දර්ශනය විය . ඇය මීට කලින් මා නොදුටු රූමත් දෙවගනකි .

" මමයි ඒ ආපු නාගය . මම දෂ්ට කලේ නෑ විෂ පිම්බා කාටවත් පේන්නේ නැතිවෙන්න . සීයා මට වරදක් කළා . දැනට කාලයකට කලින් සීයා නාග කන්‍යාවියක් වෙලා හිටපු මාව බන්ධනය කරලා ගුරුකමක් කරා අර දවල් නයා දෂ්ට කරපු ගැහැණු ප්‍රානේ ජීවත්වෙන වත්ත ආරක්ෂා කරන්න . එවෙලේ සීයා අතින් ඒ ගුරුකම වැරදිලා මාව දේව තීන්දුවකට බන්ධනය නොවී , රොඩී තීන්දුවකට බන්ධනය උනා . මම මේ නිදහස් උනාම සීයාව හොයාගෙන ආවා පලිගන්න . සීයා කලේ වරදක් . ඒකට  සීයාට දඬුවම් විඳින්න වෙනවා "

" දැන් දේවතාවිය සීයාව සනීප කරන්න විදියක් ඇත්තෙම නැද්ද ? "

" සීයා බෙහෙත් ඔරුවේ හිටියත් ජීවත්වෙලා ඉන්නේ තව දවස් තුනයි . ඊට කලින් සීයාට සිහිය ගන්න පුළුවන් නම් මාව ආයෙත් දේව තීන්දුවකට බන්ධනය කරන්න කියන්න . එතකොට සීයාට මම සමාව දෙනවා . සීයාට සිහිය ගන්න වෙදකම දන්නේ කතරගම කියන ගමේ මැණික් ගඟ හරහා තියෙන පාලම යට තියෙන රොඩී ගුබ්බෑයමක ඉන්න රොඩී ගුරුකම් කරන කෙනෙක් . නමට අකුරු තුනයි . මුල අකුර අ යන්න . දවස් තුනකට කලින් කරන්න පුළුවන් නම් කරලා සීයාව ගොඩ ගන්න . හැබැයි මගේ ගුරුකම හරිගස්සන්න ඕන . නැත්නම් මම සීයාවත් මගේ ලඟට අරගෙන මගේ ඉරණමම විඳින්න දෙනවා සීයටත් හඃ හඃ හඃ හා.............. "

මම හනුමන්තාට අඳුනට නැවත වඩින්නට මැතිරුවෙමි . පසුව අඳුන අතේ තබාගෙනම මම ආච්චි අම්මාට මෙම කරුණ පවසා නිවසින් නික්මුනෙමි . මම අඳුනේ සිටින හනුමන්තා සමග රාත්‍රියේම වෙද වලව්වට නික්මුනෙමි . පසුව කරත්තකරු අමතා

" යමන් කතරගම දිහාවට "

කියමින් කරත්තයට නැග්ගෙමි .

" පොඩි ගුරුන්නාන්සේ මේ මහා රෑ අපි එච්චර දුර යනවද , අලි කොටි එලියට බහින වෙලාව "

" දක්කපන් මිනිහෝ උඹේ පණ්ඩිතකම පැත්තක තියල "

එළිවෙන්න ආසන්න වනවිට අප කතරගම ප්‍රදේශයට ලං වී තිබිණි . කරදරයක් නොමැතිව ඉහත කී රොඩී මන්තර කරු සොයාගත හැකි විය . ඒ අඳුනේ හනුමාගේ පිහිටෙනි . සිද්දිය පැවසීමෙන් පසුව ඔහු සීයා සුව කිරීමට කැමති විය .

සවස් වන්නට මත්තෙන් ඔහුද කැටිව වෙද වලව්වටම ආවෙමු . සීයාට සිහිය ගැනීමට ඔහු මහාපරිමානයේ කිසිවක් කලේ නැත . බෙහෙත් ඔරුවෙන් එලියට ගත් සීයාගේ අත් පාවල ඔහු විසින් සුදු පැහැති මැටි වැනි යමක් ආලේප කළේය . පසුව මන්තර වැනි යමක් මුමුනමින් සිටිනවිට සීයා දෑස් විවර කළේය .

මගේ සිරුරට ලේ ඉනුවේ ඉන් අනතුරුවය . පසුව සීයාට සුව බව සනාථ වීමත් සමගම අපි අහිකුන්ටිකයා නැවත කතරගමට අරලුවෙමු .

සීයා තවත් දිනක් වෙද වලව්වේම හිඳින්නටහැර අපගේ වලව්වට එක්ක ආවෙමු . සීයාට ගුණදායක බව පෙනුණු හෙයින් මා විසින් අඳුනේ දේවතාවිය පවසන ලද කතාව සීයාට කියා පෑවෙමි .

සීයා වික්ෂිප්ත විය .

" ඔව් මට දවසක් ඔහොම ගුරුකමක් වැරදුනා . ඒත් මම හිතුවේ නෑ ඒක මෙච්චර දුර යයි කියලා . හොඳයි මම බලාගන්නම්කො මාව කාපු උන්දා ගැන "

සීයා එදිනම සවස කරත්තකරු ලවා මිදුලේ පහන් පැළ අසල මල් යහනාවක් තනා එහි මල් බුලත් තබා මන්ත්‍ර මතුරා කිසියම් ගුරුකමක් කළේය . එය කිරීමට පෙර එහි තතු කිසිවක් මාහට සීයා නොපැවසීය .

අනතුරුව ගුරුකම අවසානයේ මම සීයාගෙන් ඒ පිලිබඳ විචාළෙමි .

" මොකද්ද සීයේ ඒ කලේ ? "

" මම අර හැතිරිව ආයෙත් මැරිච්ච අහිකුන්ඨකක්ට බන්ධනය කරලා තීන්දු කළා . එහෙමම ඉන්නේ නැතැයි "

පසුව සීයාට හොඳටම සනීප විය . නමුත් සීයා නැවතත් කරන ලද්දේ නාග කන්‍යාවීයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමයි . එය හිතුවක්කාර කමකි .

ඒ හිතුවක්කාරකම හේතුවෙන් සීයා නැවතත් මරු කටට ගොස් පැමිණියේය .

එහෙයින් මේ අවසානය නොව . මෙය ආරම්භය පමණි .

( ඊළඟ කතාවෙන් බලමු මොකද වෙන්නේ කියලා )

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි. කතාවට ...

ඇත් සොහොන් සංකල්පය

පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන් , අම්මා වැඩ කරන ඔෆිස් එක කිට්ටුව නවත්තලා ලන්ච් අවර් එකේ අම්මවත් දාගෙන තමා එන්නේ . අම්මා ත්‍රීවිල් එකට නැග්ගම මම වැඩි හරියක්ම අම්මගේ උකුලට පැනලා ඒ ටික දුරටත් නින්දක් දානවා .

දවසක් ඔහොම එනකොට අපේ ත්‍රීවිල් එක ඉස්සරහට ආවා අපේ සබරගමුව මහ සමන් දේවාලේ අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් ගොයම් කපාගෙන වී කරල් මිටිය දේවාලෙට වැඩම කරවන පෙරහැර . මම ඉතින් නින්ද පැත්තක තියලා ත්‍රීවිල් එක නවත්තන්න කියලා පෙරහැර යනකල් බලාගෙන හිටියා මට මතකයි . මේ අලුත් සහල් මංගල්‍යය ගැන මම ඉස්සර මගේ බ්ලොග් එකේ සවිස්තරව ලිව්වා .

අලියෙක් පිටේ තමයි මේ වී කරල් මිටිය වැඩම කරවන්නේ . එවෙලේ ඔන්න ඔය අලියා දැකලා අපේ තාත්තා කිව්වා " ආ අද ටවුන් එකේ කට්ටිය කතා උනා ඇහුනා ඇන්ටන් අප්පොගේ අලියෙක් වලව්වේ ටොයිලට් වලක් කඩාගෙන වැටිලා මැරිලා " කියලා .

ඇන්ටන් අප්පෝ කියන්නේ මෑත කාලයේ සබරගමුව මහ සමන් දේවාලය සංවර්ධනය කරපු බස්නායක නිලමේ තුමා  . දැනට අවුරුද්දකට කලින් වගේ එතුමා මිය ගියා . එතුමා තමයි දේවාලේ ගොඩක් ඉඩම් එහෙම නිරවුල් කරලා පූජා නගර ව්‍යාපෘතිය යටතේ දේවාලේ තියෙන ගරාවැටුන ගොඩනැගිලි අලුත් කරලා , තාප්ප බන්දලා දේවාලේ හැදුවේ . එතුමාට අලි ඇත්තු හිටියා . දළදාව වැඩම කරවපු සුප්‍රසිද්ධ " රත්නපුර මුද්දුව වලව්වේ විජේදන්ත " කියන ඇතා මෙන්න මේ ඇන්ටන් අප්පොට අයිති ඇතෙක් .

කොහොම හරි මට කියන්න ඕන උනේ අලියෙක්ගේ මරණයක් ගැන අහන්න මට ලැබුණු වඩා........ත්ම පරණ මතකය තමයි මම අර කලින් කිව්ව අලියා වැසිකිලි වලක් කඩාගෙන වැටිලා මිය යාම .

ඒ සිද්දියත් කියාගෙනම අද මේ කියන්න යන්නේ හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු කතාව ලිව්වට පස්සේ ලියන්න ඕන කියලා හිතුන අලි ඇතුන්ගේ ආයු කාලය සහ මරණය එක්ක සම්බන්ධ වෙලා තියෙන ඇත් සොහොන් කියන සංකල්පය ගැන .

මේක ලියන්න යොදාගන්න තොරතුරුත් එක්කම අලි ඇත්තු ගැන වැඩිපුර තොරතුරු මම හොයාගත්තේ අපේ කැම්පස් එකේ ලයිබ්රියට රිංගලා කියවපු පොත් පත් වලින් . සහ අලි බලන අයියලා මාමලා සීයලා එක්ක කරපු කතාබහ වලින් මම එකතු කරගත්ත කරුණු වලින් .

අලියෙක්ගේ ඇතෙක්ගේ සාමාන්‍ය ආයු කාලය අද කාලේ මනුස්සයෙක්ගේ ආයු කාලයට ආසන්න වශයෙන් සමානයි . හීලා අලි ඇත්තු සාමාන්යෙන් අවුරුදු 65 - 75 අතර කාලයක් වගේම කැලේ ඉන්න අලි ඇත්තු අවුරුදු 70 - 80 අතර කාලයක් ජීවත් වෙනවා කියලා පර්යේෂණ මගින් තහවුරු කරලා තියෙනවා .

සාමාන්‍ය ක්‍රමයට අලි ඇතුන්ගේ වයස නිර්ණය කරන්නේ අලින්ගේ දන්ත වින්‍යාසයයි දත්වල වර්ධනයයි ඇතෙක් වගේනම් එයාගේ දල දෙකේ වර්ධනයයි දල දෙකේ පරිධියයි එයාලගේ උස සහ කකුලේ පරිධිය වගේ මිනුම් අරගෙන . ඒ වගේම ආසියාතික අලින්ගේ වයස නිර්ණය කරන්න උපයෝගී වෙනවා එයාලගේ ඇඟේ වයසත් එක්ක හැදෙන ගෝමර නැත්නම් අලි බලන අය නම් කියන්නේ කබර හැදෙනවා කියලා . මෙන්න මේ ගෝමර වල වර්ණයේ තීව්‍රතාවය , ගෝමර ගණන වගේ දේවල් .

වයසට යනකොට අලි ඇතුන්ගේ මුහුණ ගිලාබැහැපු බවක් , කන් දෙකේ තියෙන පෘෂ්ටිමත් බව නැති වීමත් ඇස්වල තියෙන දීප්තිමත් බව අඩු වීමත් වගේ දේවල් වෙනවා . ඇත්තුන්ගේ නම් සමහර වෙලාවට දලයේ ඇතුලේ තියෙන ගජමුතු ගැලවිලා දතේ කුහරයේ එහා මෙහා හෙලවෙන නිසා ඇතා මුණ හොලවනකොට දලෙන් ඇහෙනවා ඒ ගජමුතු පෙරලෙන සද්දේ ටක ටක ගාලා . වයසට ගියාම අලි ඇත්තු රළු ආහාර වලින් අයින් වෙනවා .

කැලෑවල් වල ඇත් සොහොන් කියලා අද වෙනකොට හොයාගෙන තියෙන ආසියාතික සහ අප්‍රිකානු කියන ඇත්සොහොන් දෙවර්ගයම වැඩි හරියක් පිහිටලා තියෙන්නේ වතුර වැඩිපුර තියෙන තෘණ වර්ග වැඩිපුර තියෙන ප්‍රදේශ වල . තෘණ කියන්නේ හරක් කන තෘණ නෙවේ . ඊට වඩා උසින් වැඩි මානා වගේ තෘණ වර්ග .

ඒ කියන්නේ වයසින් වැඩි වෙනකොට අලි ඇත්තු තෘණ වර්ග ආහාරයට ගන්න පෙළඹෙනවා . පස්සේ ඒ කිට්ටුවම වගේ තමයි මිය යන්නේ . ඒ අනුසාරයෙන් තමයි ඇත් සොහොන් නිර්මාණය වෙලා තියෙන්නේ .
අලි ඇත්තු මිය යන්න තවත් රෝග ගොඩක් හේතු වෙනවා . ප්‍රධානම හේතුව තමයි ආහාර නොදිරවීම . බර ආහාර වර්ග උනත් බර නැති ඒවා උනත් කාලයත් එක්කම ආහාර දිරවන්නේ නැති වෙනවා .

ඒ වගේම ඊළඟ හේතුව තමයි කොච්චර හොඳට සෞඛ්‍ය සම්පන්නව හිටියත් මෙයාලගේ දත් ගෙවිලා ගිහිල්ලා කෑම හපන්න බැරි වෙනවා . එතකොට මෙයාලා කන්න බැරුව මන්ද පෝෂණය වගේ හැදිලා මිය යනවා . අලි ඇත්තු මිය යන්න හේතු වෙන ප්‍රධානම හේතු දෙක තමයි ඔය දෙක . හීලෑ වල් ආසියාතික අප්‍රිකානු කියන කාටත් පොදුයි මේ හේතු දෙක .

ඊට අමතරම අලින්ටත් අපිට වගේ ලෙඩ හැදෙනවා . මෙයාලට හැදෙනවා හෘද සනාල රෝග , වැඩිපුරම මෙයාලට ඒ වගේ හැදෙන ලෙඩක් තමයි අපිට වගේම කලෙස්ටරෝල් තැම්පත් වීම . ඒ නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපන වෙලා මිය යනවා . ආතරය්ටීස් , ක්‍ෂය , ජලභීතිකාව , පිටගැස්ම , නිව්මෝනියාව , ආමාශ ප්‍රදාහය , මුඛය සහ පාද ඉදිමීම වගේ ලෙඩ මෙයාලට හැදෙනවා . තව මෙයාලට හැදෙනවා අපිට චිකන් පොක්ස් පැපොල හැදෙනවා වගේ එලිෆන්ට් පොක්ස් කියලා පැපොල රෝගයක් . තව ආහාර මාර්ගයේ පනුවෝ හැදිලා පණුවෝ ලේ බීලා බීලා ලේ අඩුකම නිසාම අලි මැරෙනවා . ඒ නිසා අලි උනත් සෙල්ලන් නෑ . උන්ටත් මාර ලෙඩ හැදෙන්නේ . තව අලි ඇත්තු මැරෙන හේතුවක් තමයි ගෑණි බෙදාගන්න බැරුව ඇත්තු ඇත්තු හරි අලි ඇත්තු හරි අලි අලි හරි කෙලගන්න එක . අවසානේ එකෙක් මැරෙනකල්ම කෙළගෙන ඉවරයක් වෙලා ගිහින් මැරෙන වෙලාවලුත් තියෙනවා .

ඉතින් මේ ලෙඩ ගැන හිතලා බැලුවම මට මතක් වෙනවා මගේ යාලුවා , නැදුන්ගමුවේ රාජා . වෙද මහත්තයා කියන්නේ මේ ඇතාව පයින් ඇවිද්දවන එක ඇතාගේ සෞඛ්‍යයට හොඳයි කියලා . ඇත්තටම අලියෙක් ඇතෙක් කැලයේ ඉන්නකොට දවසකට කිලෝමීටර් 4 - 5 අතර දුරක් අවිදිනවා කියලා හොයාගෙන තියෙනවා . එනිසා හීලා අලි ඇතුන්ට වඩා වල් අලි ඇත්තු හෘද සනාල රෝග වලට ගොදුරුවෙන ඉඩ අඩුයි . ඉතින් මගේ යාලුවත් ගම්පහ ඉඳලා නුවරට බෙල්ලන්විලට රත්නපුරේට පයින් එන එක අලි බලන අයට කරදර උනත් එයාගේ පැවැත්මට ඒක ලොකු උදව්වක් වෙලා තියෙනවා .

එහෙනම් දැන් අපි එමු ඇත් සොහොන් ගැන බලන්න . මේක ඉතින් අදාළ වෙන්නේ වල් අලි ඇතුන්ට තමයි . මට ඔය ඇත්සොහොන් කියන කතාව ඉස්සර අදාළ වෙලා තිබෙම නෑ . මොකද මමත් ඕක ගැන විශ්වාස කලේ නෑ . ඒත් කියවපු පොත් වල එක එක අය තමන්ගේ අත්දැකීම් වලට ලියලා තියෙන ඒවා එක්ක ඇත් සොහොන් සංකල්පය ඇත්ත කියලා කියන්න පුළුවන් . සමහර අයනම් මාස ගණන් කැලේ රැකගෙන ඉඳලා තමයි මේවා හොයාගෙන තියෙන්නේ .

එයාලා කියලා තියෙන හැම දෙකම සාරාංශයක් වගේ ගත්තම මෙහෙම තමයි අලියෙක්ගේ ඇතෙක්ගේ අවසානය වෙන්නේ . මෙයාලගේ අවසානය කිට්ටු උනාම මෙයාලා ක්‍රම ක්‍රමයෙන් කැලයේ ජලාශ තෙත් බිම් වගේ තියෙන තැන් වලට එකතු වෙනවා . එයාලා ඊට පස්සේ කන්නේ ඒ තෙත් බිම් ආශ්‍රිතව තියෙන තෘණ වර්ග පොඩි පොඩි පැලැටි වර්ග . ඒවායින් ජීවිතේ අල්ලාගෙන ගියාට ඒවායෙන් එයාලට ලැබෙන පෝෂණය හරිම අඩුයි . ඊට පස්සේ මෙයාලා වැඩි හරියක් කෑම ගන්නේ නැති වෙලාවට මේ ජලාශ හෝ තෙත්බිම් වල වැතිරිලා ඉන්නවා .

අලි ඇතුන්ට ඇඟේ හරි ගිනියමක් තියෙනවා කියලා කියනවනේ . එනිසා වෙන්නැති එහෙම කරන්නේ . නැත්නම් මම හිතන්නේ වයස නිසා උෂ්ණත්ව යාමනය කරගන්න අපොහොසත් නිසා මෙහෙම වෙනවා ඇති . පස්සේ එයාලා එහෙමම මැරන අයත් ඉන්නවා . සමහර අය මැරෙන්න ආසන්න මොහොතේ හිටගෙන ඉන්නකොට අනිත් අලි ඇත්තු ඇවිත් එයාට හිටගෙන ඉන්න සපෝට් කරන්න වගේ හේත්තු වෙලා ඉන්නවා ඒ මැරෙන එක්කෙනාගේ වටේට . පස්සේ පන ගියාට පස්සේ වටේ අය අයින් වෙනකොට තමයි මැරුන කෙනා බිමට වැටෙන්නේ .

මැරුණට පස්සේ මෙයාලගේ මස් කන්න නරි වල්ඌරෝ වගේ සත්තු එනවා . ඊට පස්සේ ඉතුරු මසත් දියවෙලා දිරලා ගියාම අනිත් අලි ඇත්තු කරන්නේ මේ මැරුණු සතාගේ දල තියෙනවනම් ඒ දල එක්කෝ කඩල බිඳලා කුඩු කරලා දානවා . නැත්නම් ඒවා උස ගස්වල මුදුන්වල රඳවනවා . ඇටකටු එක තැනකට ගෙනත් දානවා . ඔන්න ඔහොම ගෙනත් දාන තැන තමයි ඇත් සොහොන කියලා කියන්නේ .

අප්‍රිකානු අලි ඇතුන්ගේ මේ ඇත් සොහොන් ගැන දීර්ඝ ලිපි ලියලා තියෙනවා පර්යේෂණ කරපු අය . ලංකාවේ වගේම ආසියාතික අලින් ගැනත් මෙහෙම ලිපි ලියවිලා තියෙනවා . ඉස්සර දේශාටනයේ යෙදුන අය ලංකාවේ ඇත් සොහොනක් ගැන කියනවා . ඔයාලා මම කිව්වා කියලා ඉතින් හොයන්න ගිහිල්ලා වැඩ වරද්දගන්න එපා . මේක ගොඩක් ඉස්සර කාලේ තිබ්බ වාර්තාවකට අනුව කියන්නේ . ශ්‍රීපාද කන්දේ ධර්මරාජ ගල කිට්ටුවෙන් කැලේට වැදුනම මහ ඝන වනාන්තරේ ගොඩක් ඈතුලේ තවත් ඇතුලේ ඇතුලේ පහු කරගෙන පහු කරගෙන පහු කරගෙන තවත් ඇතුලට ඇතුලට ගියාම ඇත් සොහොනක් තිබිලා තියෙනවා .

ඇත් දල එකතු කරන්න හොඳ තැනක් කියලා කියනවා ඇත් සොහොන් . ඒ නිසා මිනිස්සු ඇත් සොහොන් හොයාගත්තම කොනක ඉඳන් එතන සුද්ද කරනවනේ . ඉතින් අලි ඇත්තු තමන්ගේ පූජනීය ඇත් සොහොන් පිහිටලා තියෙන තැන් වෙනස් කරලා තියෙනවා කියලත් මේ ගැන පර්යේෂණ කරපු අය වැඩි දුර විස්තර කරලා තියෙනවා . එහෙනම් එච්චර තමා අලි මරණ ගැන කියන්න තියෙන්නේ .

මම කලින් පෝස්ට් එකක කියලා ඇති කමෙන්ට් එකකට අලි නිල ගැන කියනවා කියලා . ඊළඟට අපි බලමු අලි නිල කොහොමද බෙදෙන්නේ සහ ඒවායින් මොනවද කරන්නේ කියලා . දැන් ඉතින් ධර්මරාජ ගල ගාවින් කරුණා කරනකොට කස්ටිය වයලීනොවත් මතක් කරයිනේ නේද ?

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන් , අම්මා වැඩ කරන ඔෆිස් එක...

ආටානාටිය සූත්‍රය ( සිංහල )

1. ඒවං මේ සුතං:
මා විසින් මෙසේ අසන ලදී.

ඒකං සමයං භගවා රාජගහේ විහරති ගිජ්ඣකූටේ පබ්බතේ. අථ ඛෝ චත්තාරෝ මහාරාජා මහතියා ච යක්ඛසේනාය මහතියා ච ගන්ධබ්බසේනාය මහතියා ච කුම්භණ්ඩසේනාය මහතියා ච නාගසේනාය, චතුද්දිසං රක්ඛං ඨපෙත්වා, චතුද්දිසං ගුම්බං ඨපෙත්වා, චතුද්දිසං ඕවරණං ඨපෙත්වා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං ගිජ්ඣකූටං ඕභාසෙත්වා, යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. තේ පි ඛෝ යක්ඛා අප්පේකච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු, අප්පේකච්චේ භගවතා සද්ධිං සම්මෝදිංසු සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ යේන භගවා තේනඤ්ජලිං පනාමෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ නාමගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ තුණ්හීභූතා ඒකමන්තං නිසීදිංසු.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එකල්හී සතර වරම් දෙව් මහරජවරු මහත් වූ යක්ෂ සේනාවකින් ද, මහත් වූ ගාන්ධර්ව සේනාවකින් ද, මහත් වූ කුම්භාණ්ඩ සේනාවකින් ද, මහත් වූ නාග සේනාවකින් ද, සිව් දිශාවෙහි රැකවල් තබා, සිව් දිශාවෙහි බලමුළු තබා, සිව් දිශාවෙහි මුරකරුවන් තබා, රාත්‍රී මධ්‍යම යාමයෙහි මනස්කාන්ත පැහැයෙන් යුතුව, මුළු ගිජ්ඣකූටය බබුළුවාගෙන, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එතැනට එළැඹියාහු ය. එළැඹ, භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තාහු ය. ඒ යක්ෂයින්ගෙන් ඇතැම් යක්ෂ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තාහු ය. ඇතැම් යක්ෂ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහු ය. සතුටුවිය යුතු පිළිසඳර කථා බහ නිමවා එකත්පස් ව හිඳගත්තාහු ය. ඇතැම් යක්ෂ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ ප්‍රණාම කොට එකත්පස් ව හිඳගත්තාහු ය. ඇතැම් යක්ෂ කෙනෙක් සිය නම්ගොත් පවසා එකත්පස් ව හිඳගත්තාහු ය. ඇතැම් යක්ෂ කෙනෙක් නිශ්ශබ්ද ව එකත්පස් ව හිඳගත්තාහු ය.

2. ඒකමන්තං නිසින්නෝ ඛෝ වෙස්සවණෝ මහාරාජා භගවන්තං ඒතදවෝච:
එකත්පස් ව හුන් වෛශ්‍රවණ දෙව්මහරජු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“සන්ති හි භන්තේ උළාරා යක්ඛා භගවතෝ අප්පසන්නා. සන්ති හි භන්තේ උළාරා යක්ඛා භගවතෝ පසන්නා. සන්ති හි භන්තේ මජ්ඣිමා යක්ඛා භගවතෝ අප්පසන්නා. සන්ති හි භන්තේ මජ්ඣිමා යක්ඛා භගවතෝ පසන්නා. සන්ති හි භන්තේ නීචා යක්ඛා භගවතෝ අප්පසන්නා. සන්ති හි භන්තේ නීචා යක්ඛා භගවතෝ පසන්නා. යේභුය්‍යේන ඛෝ පන භන්තේ යක්ඛා අප්පසන්නා යේව භගවතෝ. තං කිස්ස හේතු?
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැහැදුණු බලසම්පන්න යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු බලසම්පන්න යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැහැදුණු තරමක් බල ඇති යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු තරමක් බල ඇති යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැහැදුණු පහත් යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු පහත් යක්ෂයෝ සිටිති.

ස්වාමීනී, බොහෝ සෙයින් ම යක්ෂයෝ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොපැහැදුණෝ ම ය. ඒ මක් නිසා ද යත්;

භගවා හි භන්තේ පාණාතිපාතා වේරමණියා ධම්මං දේසේති, අදින්නාදානා වේරමණියා ධම්මං දේසේති, කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති, මුසාවාදා වේරමණියා ධම්මං දේසේති, සුරාමේරයමජ්ජපමාදට්ඨානා වේරමණියා ධම්මං දේසේති, යේභුය්‍යේන ඛෝ පන භන්තේ යක්ඛා අප්පටිවිරතා යේව පාණාතිපාතා, අප්පටිවිරතා අදින්නාදානා, අප්පටිවිරතා කාමේසු මිච්ඡාචාරා, අප්පටිවිරතා මුසාවාදා, අප්පටිවිරතා සුරාමේරයමජ්ජපමාදට්ඨානා. තේසන්තං හෝති අප්පියං අමනාපං.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වනාහී සත්ව ඝාතනයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. සොරකමෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. වැරදි කාම සේවනයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. බොරු කීමෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. ස්වාමීනී, බොහෝ සෙයින් ම යක්ෂයෝ සත්ව ඝාතයෙන් වෙන් නොවූවෝ ම ය. සොරකමෙන් වෙන් නොවූවෝ ම ය. වැරදි කාම සේවනයෙන් වෙන් නොවූවෝ ම ය. බොරු කීමෙන් වෙන් නොවූවෝ ම ය. මත්වීමට හා ප්‍රමාදයට හේතුවෙන් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් නොවූවෝ ම ය. එහෙයින් ඔවුන්ට පංචශීල ධර්මය අප්‍රිය ය. අමනාප ය.

සන්ති හි භන්තේ භගවතෝ සාවකා, අරඤ්ඤේ වනපත්ථානි පන්තානි සේනාසනානි පටිසේවන්ති අප්පසද්දානි අප්පනිග්ඝෝසානි විජනවාතානි මනුස්සරාහසෙය්‍යකානි පටිසල්ලානසාරුප්පානි. තත්ථ සන්ති උළාරා යක්ඛා නිවාසිනෝ යේ ඉමස්මිං භගවතෝ පාවචනේ අප්පසන්නා. තේසං පසාදාය උග්ගණ්හාතු භන්තේ භගවා ආටානාටියං රක්ඛං භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායා”ති.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ අල්ප ශබ්ද ඇති, අල්ප හඬ ඇති, ජනයා අතරින් හමා එන සුළඟ නැති, මිනිසුන්ගේ පෞද්ගලික කටයුතුවලට යෝග්‍ය වූ, හුදෙකලා භාවනාවට යෝග්‍ය වූ, දුර ඈත අරණ්‍ය වනපෙත් සෙනසුන් සේවනය කරති. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනයෙහි නොපැහැදුණු යම් බලසම්පන්න යක්ෂයෝ වෙත් ද, ඔවුහු ඒ සෙනසුන් පෙදෙස්හි වාසය කරති. ඔවුන්ගේ පැහැදීම පිණිස, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගේ ආරක්ෂාව පිණිස, රැකවරණය පිණිස, හිංසා නොවනු පිණිස, පහසුවෙන් විසීම පිණිස ආටානාටිය ආරක්ෂාව ඉගෙන ගන්නා සේක්වා!”

3. අධිවාසේසි භගවා තුණ්හීභාවේන. අථ ඛෝ වෙස්සවණෝ මහාරාජා භගවතෝ අධිවාසනං විදිත්වා තායං වේලායං ඉමං ආටානාටියං රක්ඛං අභාසි:
භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව වැඩසිටීමෙන් ඒ ඇරයුම පිළිගත් සේක.

ඉක්බිති වෙසමුණි දෙව්මහරජු භාග්‍යවතුන් වහන්සේ එම ඇරයුම පිළිගෙන ඉවසා වදාළ බව දැන ඒ වේලාවෙහි මේ ආටානාටිය ආරක්ෂාව පැවසුවේ ය.

4.

විපස්සිස්ස නමත්ථු – චක්ඛුමන්තස්ස සිරීමතෝ
සිඛිස්ස’පි නමත්ථු – සබ්බභූතානුකම්පිනෝ
සදහම් ඇස් ඇති, ශ්‍රීයෙන් බබලන විපස්සී බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! සියළු සත්වයන් කෙරෙහි අනුකම්පා ඇති සිඛී බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

වෙස්සභුස්ස නමත්ථු – නහාතකස්ස තපස්සිනෝ
නමත්ථු කකුසන්ධස්ස – මාරසේනාපමද්දිනෝ
කෙලෙස් සෝදා හළ, උතුම් තපෝ ගුණ දරණ, වෙස්සභූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! මාරසේනාවගේ ඔද තෙද බිඳහළ කකුසඳ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

කෝණාගමනස්ස නමත්ථු – බ්‍රාහ්මණස්ස වුසීමතෝ
කස්සපස්ස නමත්ථු – විප්පමුත්තස්ස සබ්බධි
හැම පව් බැහැර කළ, බඹසර වාසය නිමකළ කෝණාගමන බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! සියළු බන්ධනයන්ගෙන් නිදහස් වූ කස්සප බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

අංගීරසස්ස නමත්ථු – සක්‍යපුත්තස්ස සිරීමතෝ
යෝ ඉමං ධම්මමදේසේසී – සබ්බදුක්ඛාපනූදනං
යම් කෙනෙකුන් වහන්සේ සියළු දුක් දුරුකරවන මේ ධර්මය දෙසා වදාළ සේක් ද, ඒ ශ්‍රීයෙන් බබලන ශාක්‍යපුත්‍ර වූ අංගීරස වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

යේ චාපි නිබ්බුතා ලෝකේ – යථාභූතං විපස්සිසුං
තේ ජනා අපිසුණා – මහන්තා වීතසාරදා
ලෝකයෙහි යම් කෙනෙකුන් වහන්සේලා නිවී ගිය සේක් ද, ඇත්ත ඇති සැටියෙන් විදර්ශනා කළ සේක් ද, උන්වහන්සේලා ගුණ මහත් බවින් යුතු, බිය තැතිගැනීම් පහවූ, බොරු කේළාම් නැති, නුවණින් බස් පවසන උත්තමයෝ ය.

5.

හිතං දේවමනුස්සානං – යං නමස්සන්ති ගෝතමං
විජ්ජාචරණසම්පන්නං – මහන්තං වීතසාරදං
දෙව් මිනිසුන් කෙරෙහි හිතවත් වූ, විද්‍යාවෙන් හා චරණ ගුණයෙන් යුක්ත වූ, ගුණ මහත්වයෙන් යුක්ත වූ, බිය තැති ගැනීම් පහව ගිය, යම් ගෞතම නම් බුදුරජාණන් වහන්සේ නමකට නමස්කාර කරත් ද, එසෙයින් සත් බුදුරජාණන් වහන්සේලාට නමස්කාර වේවා!

යතෝ උග්ගච්ඡතී සුරියෝ – ආදිච්චෝ මණ්ඩලී මහා
යස්ස චුග්ගච්ඡමානස්ස – සංවරී පි නිරුජ්ඣති
යම් තැනකින් මහා රශ්මි මණ්ඩලයකින් යුත් ආදිච්ච නම් සූර්යයා උදාවෙයි ද, ඒ හිරු උදා වූ කල්හී රැය ත් නිරුද්ධ වී යයි.

යස්ස චුග්ගතේ සුරියේ – දිවසෝ’ති පවුච්චති
රහදෝ පි තත්ථ ගම්භීරෝ – සමුද්දෝ සරිතෝදකෝ
යම් දිශාවකින් හිරු නැගුන කල්හී දවස යැයි කියනු ලබන්නේ ද, ඒ දිශාවෙහි ගංගාවන්ගෙන් පිවිසුණු ජලය ඇති සමුද්‍රය නමින් ගැඹුරු ජලාශයක් ඇත්තේ ය.

ඒවං නං තත්ථ ජානන්ති – සමුද්දෝ සරිතෝදකෝ
ඉතෝ සා පුරිමා දිසා – ඉති නං ආචික්ඛතී ජනෝ
යං දිසං අභිපාලේති – මහාරාජා යසස්සි සෝ
මෙසේ එහි ගංගාවගෙන් පිවිසි ජලය ඇති එය සමුද්‍රය යැයි දනිති. යස පිරිවර ඇති ඒ දෙව් මහරජු යම් දිශාවක් පාලනය කරයි ද, එය මෙයින් පූර්ව දිශාව යැයි ජනයා පවසයි.

ගන්ධබ්බානං ආධිපති – ධතරට්ඨෝ’ති නාම සෝ
රමතී නච්චගීතේහි – ගන්ධබ්බේහි පුරක්ඛතෝ
ගාන්ධර්වයන්ට අධිපති වූ ඔහු නමින් ධතරට්ඨ වෙයි. ගාන්ධර්වයන් විසින් පෙරටු කරන ලදු ව, නැටුම් ගැයුම් වලින් සතුටු වෙයි.

පුත්තා පි තස්ස බහවෝ – ඒකනාමා’ති මේ සුතං
අසීතිං දස ඒකෝ ච – ඉන්දනාමා මහබ්බලා
ඔහුට එක ම නමින් යුතු පුත්‍රයෝ බොහෝ සිටිති යි මා විසින් අසන ලදී. ඉන්ද්‍ර නම් වූ බහා බලැති ඔවුහු අනූ එක් දෙනෙකි.

තේ චාපි බුද්ධං දිස්වාන – බුද්ධං ආදිච්චබන්ධුනං
දූරතෝ’ව නමස්සන්ති – මහන්තං වීතසාරදං
නමෝ තේ පුරිසාජඤ්ඤ – නමෝ තේ පුරිසුත්තම
ඔවුහු ද ආදිච්චබන්ධු වූ, මහත් ගුණයට පත්, පහ ව ගිය බිය ඇති, බුද්ධ නම් වූ බුදුරජුන් දැක ‘ආජානේය පුරුෂයාණෙනි, ඔබට නමස්කාර වේවා! පුරුෂෝත්තමයාණෙනි, ඔබට නමස්කාර වේවා!’ යි දුර සිට ම නමස්කාර කරන්නාහ.

කුසලේන සමෙක්ඛසි,
අමනුස්සා පි තං වන්දන්ති,
සුතං නේතං අභිණ්හසෝ තස්මා ඒවං වදේමසේ;
කුසල් බලයෙන් යුතුව දැක වදාළ මැනැව. ‘අමනුෂ්‍යයෝ ත් නුඹවහන්සේට වඳිති’ යි මෙකරුණ අප විසින් නිතර අසන ලද්දේ ය. එහෙයින් මෙසේ පවසන්නෙමු.

“ජිනං වන්දථ ගෝතමං – ජිනං වන්දාම ගෝතමං
විජ්ජාචරණසම්පන්නං – බුද්ධං වන්දාම ගෝතමං”
ලොව දිනූ ගෞතමයන් වහන්සේට වන්දනා කරව්. අපිදු ලොව දිනූ ගෞතමයන් වහන්සේට වන්දනා කරමු. විද්‍යාවෙන් හා චරණයෙන් යුතු ගෞතම බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු.

6.

යේන පේතා පවුච්චන්ති – පිසුණා පිට්ඨිමංසිකා
පාණාතිපාතිනෝ ලුද්දා – චෝරා නේකතිකා ජනා
මරණයට පත් වූ පසු ඒ සිරුරු යම් දිශාවකට ගෙනයනු ලැබෙත් ද, කේළාම් කියන, පිටුමස් කන්නවුන් සේ පිටුපා ගිය කළ ගරහන, සත්ව ඝාතනයෙහි යෙදෙන, රෞද්‍ර සොරු ත් කපටි ජනයෝ ත් යම් දිශාවකට ගෙනගොස් සිඳිනු ලබත් ද,

ඉතෝ සා දක්ඛිණා දිසා – ඉති නං ආචික්ඛතී ජනෝ
යං දිසං අභිපාලේති – මහාරාජා යසස්සි සෝ
යස පිරිවර ඇති ඒ දෙව් මහරජෙක් යම් දිශාවක් පාලනය කරයි ද, එය මෙතැනින් දකුණු දිශාව යැයි ජනයා පවසයි.

කුම්භණ්ඩානං ආධිපති – විරූළ්හෝ ඉති නාමසෝ
රමතී නච්චගීතේහි – කුම්භණ්ඩේහි පුරක්ඛතෝ
කුම්භාණ්ඩයන්ට අධිපති වූ ඔහු නමින් විරූළ්හ වෙයි. කුම්භාණ්ඩයන් විසින් පෙරටු කරන ලදු ව, නැටුම් ගැයුම් වලින් සතුටු වෙයි.

පුත්තාපි තස්ස බහවෝ – ඒකනාමාති මේ සුතං
අසීතිං දස ඒකෝ ච – ඉන්දනාමා මහබ්බලා
ඔහුට එක ම නමින් යුතු පුත්‍රයෝ බොහෝ සිටිති යි මා විසින් අසන ලදී. ඉන්ද්‍ර නම් වූ බහා බලැති ඔවුහු අනූ එක් දෙනෙකි.

තේ චාපි බුද්ධං දිස්වාන – බුද්ධං ආදිච්චබන්ධුනං
දූරතෝව නමස්සන්ති – මහන්තං වීතසාරදං

7.

යත්ථ චොග්ගච්ඡතී සුරියෝ – ආදිච්චෝ මණ්ඩලී මහා
යස්ස චොග්ගච්ඡමානස්ස – දිවසෝපි නිරුජ්ඣති
යම් තැනකින් මහා රශ්මි මණ්ඩලයකින් යුත් ආදිච්ච නම් සූර්යයා බැසයයි ද, ඒ හිරු බැසගිය කල්හී දවස ත් නිරුද්ධ වී යයි.

යස්ස චොග්ගතේ සුරියේ – සංවරීති පවුච්චති
රහදෝපි තත්ථ ගම්භීරෝ – සමුද්දෝ සරිතෝදකෝ
යම් දිශාවකින් හිරු බැසයන කල්හී රාත්‍රිය යැයි කියනු ලබන්නේ ද, ඒ දිශාවෙහි ගංගාවන්ගෙන් පිවිසුණු ජලය ඇති සමුද්‍රය නමින් ගැඹුරු ජලාශයක් ඇත්තේ ය.

ඒවං නං තත්ථ ජානන්ති – සමුද්දෝ සරිතෝදකෝ
ඉතෝ සා පච්ඡිමා දිසා – ඉති නං ආචික්ඛතී ජනෝ
යං දිසං අභිපාලේති – මහාරාජා යසස්සිසෝ
මෙසේ එහි ගංගාවගෙන් පිවිසි ජලය ඇති එය සමුද්‍රය යැයි දනිති. යස පිරිවර ඇති ඒ දෙව් මහරජු යම් දිශාවක් පාලනය කරයි ද, එය මෙයින් බටහිර දිශාව යැයි ජනයා පවසයි.

නාගානඤ්ච ආධිපති – විරූපක්ඛෝ ඉති නාමසෝ
රමතී නච්චගීතේහී – නාගේහේව පුරක්ඛතෝ
නාගයන්ට අධිපති වූ ඔහු නමින් විරූපාක්ෂ වෙයි. නාගයන් විසින් පෙරටු කරන ලදු ව, නැටුම් ගැයුම් වලින් සතුටු වෙයි.

8.

යේන උත්තරකුරූ රම්මා – මහානේරු සුදස්සනෝ
මනුස්සා තත්ථ ජායන්ති – අමමා අපරිග්ගහා
යම් තැනක ඉතා දර්ශනීය මහාමේරු පර්වතය ඇත්තේ ද, එහි රම්‍ය වූ උතුරුකුරු රට වෙයි. එහි මමත්වයක් නැති, තමා හට අයත් කරගැනීමක් නැති ගතිගුණයෙන් යුක්ත මිනිස්සු උපදිති.

න තේ බීජං පවපන්ති – නපි නීයන්ති නංගලා
අකට්ඨපාකිමං සාලිං – පරිභුඤ්ජන්ති මානුසා
ඔවුහු ධාන්‍ය බීජ නොවපුරති. නගුල් ද කුඹුරුවලට නොයොදවති. සකස් නොකළ බිමෙහි හටගන්නා පැසුණු හැල් ඒ මිනිස්සු අනුභව කරති.

අකණං අථුසං සුද්ධං – සුගන්ධං තණ්ඩුලප්ඵලං
තුණ්ඩිකීරේ පචිත්වාන – තතෝ භුඤ්ජන්ති භෝජනං
කුඩු නැති, දහයියා නැති, පිරිසිදු සුවඳැති සහල් සැළියක දමා පිස එයින් ගත් බොජුන් අනුභව කරති.

ගාවිං ඒකඛුරං කත්වා – අනුයන්ති දිසෝදිසං
පසුං ඒකඛුරං කත්වා – අනුයන්ති දිසෝදිසං
එහි වෙසමුණි රජුගේ මෙහෙකාර යක්ෂයෝ ගවදෙනක එක් කුරයක් ඇති වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති. සිවුපාවුන් එක් කුරයක් ඇති වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති.

ඉත්ථිවාහනං කත්වා – අනුයන්ති දිසෝදිසං
පුරිසවාහනං කත්වා – අනුයන්ති දිසෝදිසං
ස්ත්‍රියක වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති. පුරුෂයෙකු වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති.

කුමාරිවාහනං කත්වා – අනුයන්ති දිසෝදිසං
කුමාරවාහනං කත්වා – අනුයන්ති දිසෝදිසං
කුමරියක වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති. කුමරෙකු වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති.

තේ යානේ අභිරූහිත්වා සබ්බාදිසා අනුපරියන්ති පචාරා තස්ස රාජිනෝ.
හත්ථියානං අස්සයානං – දිබ්බං යානං උපට්ඨිතං
ඒ වෙසමුණි රජුගේ මෙහෙකාර යක්ෂයෝ එහි එළඹ සිටි ඇත් වාහනයක, අශ්ව වාහනයක, දිව්‍ය වාහනයක යනාදී වාහනයන්හි නැගී සියළු දිශාවන් සිසාරා යති.

9.

පාසාදා සිවිකා චේව – මහාරාජස්ස යසස්සිනෝ
තස්ස ච නගරා අහූ – අන්තලික්ඛේ සුමාපිතා
ආටානාටා කුසිනාටා පරකුසිනාටා
නාටපුරියා පරකුසිතනාටා,
යස පිරිවර ඇති වෙසමුණි මහරජුට ප්‍රාසාදයෝ ද, සිවි ගෙවල් ද ඇත්තාහ. ඒ රජුට ආටානාටා, කුසිනාටා, පරකුසිනාටා, නාටපුරියා, පරකුසිතනාටා යන නමින් අහසෙහි මනාකොට මවන ලද නගරයෝ ඇත්තාහ.

උත්තරේන කපීවන්තෝ ජනෝඝමපරේන ච,
නවනවතියෝ අම්බර අම්බරවතියෝ ආළකමන්දා නාම රාජධානි.
උතුරු දෙසින් කපීවන්ත නම් නුවරක් ද, ඉන් එහාට ජනෝඝ නම් නුවරක් ද, නවනවුතිය නම් නුවරක් ද, අම්බරඅම්බරවතිය නම් නුවරක් ද, ආලකමන්දා නම් රාජධානියක් ද ඇත්තාහ.

කුවේරස්ස හි ඛෝ පන මාරිස මහාරාජස්ස විසාණා නාම රාජධානි
තස්මා කුවේරෝ මහාරාජා වෙස්සවණෝති පවුච්චති,
නිදුකාණන් වහන්ස, කුවේර දෙව්මහරජුට වනාහී විසාණා නම් රාජධානියක් ඇත්තේ ය. එහෙයින් කුවේර දෙව්මහරජුට වෛශ්‍රවණ යැයි කියනු ලැබේ.

පච්චේ සන්තෝ පකාසෙන්ති තතෝලා තත්තලා තතෝතලා,
ඕජසි තේජසි තතෝජසි සූරෝ රාජා අරිට්ඨෝ නේමි,
එහි තතෝලා, තත්තලා, තතෝතලා, ඕජසි, තේජසි, තතෝජසි, සූර, රාජ, සූරරාජ, අරිට්ඨ, නේමි, අරිට්ඨනේමි යන දොළොස් යක්ෂයෝ කරුණු සොයා බලා රජුට පවසති.

රහදෝපි තත්ථ ධරණී නාම, යතෝ මේඝා පවස්සන්ති වස්සා යතෝ පතායන්ති,
සභාපි තත්ථ භගලවතී නාම යත්ථ යක්ඛා පයිරුපාසන්ති.
යම් තැනකින් දිය ඇද වැසි වසියි ද, යම් තැනකින් වැස්ස පැතිරෙයි ද, එහි ධරණී නම් ජලාශයක් ඇත්තේ ය. ඒ ධරණී විල් තෙර භගලවතී නම් සභාවෙහි යක්ෂයෝ එක්රැස් වෙති.

තත්ථ නිච්චඵලා රුක්ඛා – නානාදිජගණායුතා
මයුරකොඤ්චාභිරුදා – කෝකිලාදිහි වග්ගුභි
ඒ විල්තෙර නිතිඵල හටගන්නා වෘක්ෂයෝ ද ඇත්තාහ. නා නා කුරුළු සමූහයා ද, මොණරු ද, කොස්වාලිහිණියෝ ද, කොවුලෝ ද, මිහිරි නාදය නගමින් සිටිති.

ජීවංජීවක සද්දෙත්ථ – අථෝ ඔට්ඨවචිත්තකා
කුකුත්ථකා කුළීරකා – වනේ පොක්ඛරසාතකා
ඒ වනයෙහි ජීවංජීවක නම් පක්ෂීහු ද, උට්ඨවචිත්තක නම් පක්ෂීහු ද, වළිකුකුළෝ ද, රන් කුකුළුවෝ ද, පොක්ඛරසාතක නම් පක්ෂීහු ද ඇත්තාහ.

සුකසාලිකසද්දෙත්ථ – දණ්ඩමානවකානි ච
සෝභති සබ්බකාලං සා – කුවේරනලිනී සදා
මෙහි ගිරවුන්ගේ ද, සැළලිහිණියන්ගේ ද නාදය පවත්නේ ය. දණ්ඩමාණවක පක්ෂීහු ද ඇත්තාහ. හැම කල්හී කුවේර දෙව්මහරජුගේ පියුම්විල මේ අයුරින් ශෝභමාන වෙයි.

10.

ඉතෝ සා උත්තරා දිසා – ඉති නං ආචික්ඛතී ජනෝ
යං දිසං අභිපාලේති – මහාරාජා යසස්සි සෝ
යස පිරිවර ඇති ඒ දෙව් මහරජෙක් යම් දිශාවක් පාලනය කරයි ද, එය මෙතැනින් උතුරු දිශාව යැයි ජනයා පවසයි.

යක්ඛානං ආධිපති – කුවේරෝ ඉති නාමසෝ
රමතී නච්චගීතේහි – යක්ඛේහි පුරක්ඛතෝ
යක්ෂයන්ට අධිපති වූ ඔහු නමින් කුවේර වෙයි. යක්ෂයන් විසින් පෙරටු කරන ලදු ව, නැටුම් ගැයුම් වලින් සතුටු වෙයි.

පුත්තාපි තස්ස බහවෝ – ඒකනාමාති මේ සුතං
අසීතිං දස ඒකෝ ච – ඉන්දනාමා මහබ්බලා
ඔහුට එක ම නමින් යුතු පුත්‍රයෝ බොහෝ සිටිති යි මා විසින් අසන ලදී. ඉන්ද්‍ර නම් වූ බහා බලැති ඔවුහු අනූ එක් දෙනෙකි.

තේ චාපි බුද්ධං දිස්වාන – බුද්ධං ආදිච්චබන්ධුනං
දූරතෝව නමස්සන්ති – මහන්තං වීතසාරදං
නමෝ තේ පුරිසාජඤ්ඤ – නමෝ තේ පුරිසුත්තම
ඔවුහු ද ආදිච්චබන්ධු වූ, මහත් ගුණයට පත්, පහ ව ගිය බිය ඇති, බුද්ධ නම් වූ බුදුරජුන් දැක ‘ආජානේය පුරුෂයාණෙනි, ඔබට නමස්කාර වේවා! පුරුෂෝත්තමයාණෙනි, ඔබට නමස්කාර වේවා!’ යි දුර සිට ම නමස්කාර කරන්නාහ.

කුසලේන සමෙක්ඛසි,
අමනුස්සා පි තං වන්දන්ති,
සුතං නේතං අභිණ්හසෝ තස්මා ඒවං වදේමසේ;
කුසල් බලයෙන් යුතුව දැක වදාළ මැනැව. ‘අමනුෂ්‍යයෝ ත් නුඹවහන්සේට වඳිති’ යි මෙකරුණ අප විසින් නිතර අසන ලද්දේ ය. එහෙයින් මෙසේ පවසන්නෙමු.

“ජිනං වන්දථ ගෝතමං – ජිනං වන්දාම ගෝතමං
විජ්ජාචරණසම්පන්නං – බුද්ධං වන්දාම ගෝතමං”ති.
ලොව දිනූ ගෞතමයන් වහන්සේට වන්දනා කරව්. අපිදු ලොව දිනූ ගෞතමයන් වහන්සේට වන්දනා කරමු. විද්‍යාවෙන් හා චරණයෙන් යුතු ගෞතම බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු.

11. අයං ඛෝ සා මාරිස ආටානාටියා රක්ඛා, භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායාති. යස්ස කස්සචි මාරිස භික්ඛුස්ස වා භික්ඛුනියා වා උපාසකස්ස වා උපාසිකාය වා, අයං ආටානාටියා රක්ඛා. සුග්ගහිතා භවිස්සති සමත්තා පරියාපුතා. තඤ්චේ අමනුස්සෝ; යක්ඛෝ වා යක්ඛිනී වා, යක්ඛපෝතකෝ වා යක්ඛපෝතිකා වා, යක්ඛමහාමත්තෝ වා යක්ඛපාරිසජ්ජෝ වා යක්ඛපචාරෝ වා, ගන්ධබ්බෝ වා ගන්ධබ්බී වා, ගන්ධබ්බපෝතකෝ වා ගන්ධබ්බපෝතිකා වා, ගන්ධබ්බමහාමත්තෝ වා ගන්ධබ්බ පාරිසජ්ජෝ වා ගන්ධබ්බපචාරෝ වා, කුම්භණ්ඩෝ වා කුම්භණ්ඩී වා, කුම්භණ්ඩපෝතකෝ වා කුම්භණ්ඩපෝතිකා වා, කුම්භණ්ඩමහාමත්තෝ වා කුම්භණ්ඩපාරිසජ්ජෝවා කුම්භණ්ඩපචාරෝ වා, නාගෝ වා නාගිනී වා, නාගපෝතකෝ වා නාගපෝතිකා වා, නාගමහාමත්තෝ වා නාගපාරිසජ්ජෝ වා නාගපචාරෝ වා, පදුට්ඨචිත්තෝ; භික්ඛුං වා භික්ඛුනිං වා උපාසකං වා උපාසිකං වා ගච්ඡන්තං වා අනුගච්ඡෙය්‍ය, ඨිතං වා උපතිට්ඨෙය්‍ය, නිසින්නං වා උපනිසීදෙය්‍ය, නිපන්නං වා උපනිපජ්ජෙය්‍ය. න මේ සෝ මාරිස අමනුස්සෝ ලභෙය්‍ය ගාමේසු වා නිගමේසු වා සක්කාරං වා ගරුකාරං වා. න මේ සෝ මාරිස අමනුස්සෝ ලභෙය්‍ය ආළකමන්දාය රාජධානියා වත්ථුං වා වාසං වා. න මේ සෝ මාරිස අමනුස්සෝ ලභෙය්‍ය යක්ඛානං සමිතිං ගන්තුං, අපිස්සු නං මාරිස අමනුස්සා අනවය්හම්පි නං කරෙය්‍යුං අවිවයිහං. අපිස්සු නං මාරිස අමනුස්සා අත්තාහි’පි පරිපුණ්ණාහි පරිභාසාහි පරිභාසෙය්‍යුං, අපිස්සු නං මාරිස අමනුස්සා රිත්තම්පිස්ස පත්තං සීසේ නික්කුජ්ජෙය්‍යුං. අපිස්සු නං මාරිස අමනුස්සා සත්තධාපි’ස්ස මුද්ධං ඵාලෙය්‍යුං.
නිදුකාණන් වහන්ස, මේ වනාහී භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගේ ආරක්ෂාව පිණිස, රැකවරණය පිණිස, හිංසා නොවීම පිණිස, පහසුවෙන් විසීම පිණිස ඇති ආටානාටිය ආරක්ෂාව යි.

නිදුකාණන් වහන්ස, යම්කිසි භික්ෂුවක විසින් හෝ භික්ෂුණියක විසින් හෝ උපාසකයෙකු විසින් හෝ උපාසිකාවක විසින් හෝ මේ ආටානාටිය ආරක්ෂාව මනාකොට ඉගෙන ගන්නා ලද්දේ නම්, හොඳින් කටපාඩම් කරගන්නා ලද්දේ නම්,

ඉදින් යම් අමනුෂ්‍යයෙක්, යක්ෂයෙක් වේවා, යක්ෂණියක් වේවා, යක්ෂ පැටියෙක් වේවා, යක්ෂ පැටවියක් වේවා, යක්ෂ මහඇමතියෙක් වේවා, යක්ෂ පිරිසට අයත් අයෙක් වේවා, යක්ෂ මෙහෙකරුවෙක් වේවා, ගාන්ධර්වයෙක් වේවා, ගාන්ධර්වියක් වේවා, ගාන්ධර්ව පැටියෙක් වේවා, ගාන්ධර්ව පැටවියක් වේවා, ගාන්ධර්ව මහඇමතියෙක් වේවා, ගාන්ධර්ව පිරිසට අයත් අයෙක් වේවා, ගාන්ධර්ව මෙහෙකරුවෙක් වේවා, කුම්භාණ්ඩයෙක් වේවා, කුම්භාණ්ඩියක් වේවා, කුම්භාණ්ඩ පැටියෙක් වේවා, කුම්භාණ්ඩ පැටවියක් වේවා, කුම්භාණ්ඩ මහඇමතියෙක් වේවා, කුම්භාණ්ඩ පිරිසට අයත් අයෙක් වේවා, කුම්භාණ්ඩ මෙහෙකරුවෙක් වේවා, නාගයෙක් වේවා, නාගිනියක් වේවා, නාග පැටියෙක් වේවා, නාග පැටවියක් වේවා, නාග මහඇමතියෙක් වේවා, නාග පිරිසට අයත් අයෙක් වේවා, නාග මෙහෙකරුවෙක් වේවා, ද්වේෂයෙන් දූෂිත වූ සිතින් ඒ භික්ෂුව හෝ භික්ෂුණිය හෝ උපාසකයා හෝ උපාසිකාව හෝ යන විට ඒ අනුව යන්නේ හෝ වෙයි ද, සිටින විට ළං ව සිටින්නේ හෝ වෙයි ද, හිඳින විට ළඟින් හිඳින්නේ හෝ වෙයි ද, සැතපෙන විට සමීපයේ සැතපෙන්නේ හෝ වෙයි ද,

නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයා මාගේ ගම්වල හෝ නියම්ගම්වල හෝ සත්කාරයක් හෝ ගෞරවයක් හෝ නොලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයා මාගේ ආලකමන්දා රාජධානියෙහි ස්ථානවලට අරක්ගැනීමක් හෝ විසුමක් හෝ නොලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයා යක්ෂයින්ගේ සමාගමට යන්නට අවසර නොලබන්නේ ය. එමෙන් ම නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඒ අමනුෂ්‍යයා ආවාහ – විවාහ කටයුතු නොකරගත හැක්කෙකු කරන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඒ අමනුෂ්‍යයාට පිරිපුන් පරිභව වචනවලින් පරිභව කරන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඒ අමනුෂ්‍යයාගේ හිසෙහි හිස් ලෝහ පාත්‍රයක් මුනින් නවන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඒ අමනුෂ්‍යයාගේ හිස සත්කඩකට පළන්නාහ.

12. සන්ති හි මාරිස අමනුස්සා චණ්ඩා රුද්දා රභසා. තේ නේව මහාරාජානං ආදියන්ති. න මහාරාජානං පුරිසකානං ආදියන්ති. න මහාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති, තේ ඛෝ තේ මාරිස අමනුස්සා මහාරාජානං අවරුද්ධා නාම වුච්චන්ති.
නිදුකාණන් වහන්ස, චණ්ඩ වූ, රෞද්‍ර වූ, කළ දෙයට වඩා දරුණු දේ කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහ. ඔවුහු සතරවරම් දෙව්මහරජුන්ගේ බස නොපිළිගනිති. දෙව්මහරජුන්ගේ සෙනෙවියන්ගේ බස ත් නොපිළිගනිති. දෙව්මහරජුන්ගේ සෙනෙවියන් යටතේ සිටිනා මෙහෙකරුවන්ගේ බස ත් නොපිළිගනිති. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වනාහී වරම් මහරජුන්ගේ විරුද්ධකාරයෝ යැයි කියනු ලැබෙයි.

සෙය්‍යථාපි මාරිස රඤ්ඤෝ මාගධස්ස විජිතේ මහා චෝරා. තේ නේව රඤ්ඤෝ මාගධස්ස ආදියන්ති. න රඤ්ඤෝ මාගධස්ස පුරිසකානං ආදියන්ති. න රඤ්ඤෝ මාගධස්ස පුරිසකානං පුරිසකානං ආදියන්ති. තේ ඛෝ තේ මාරිස, මහාචෝරා රඤ්ඤෝ මාගධස්ස අවරුද්ධා නාම වුච්චන්ති. ඒවමේව ඛෝ මාරිස, සන්ති හි අමනුස්සා චණ්ඩා රුද්දා රභසා. තේ නේව මහාරාජානං ආදියන්ති. න මහාරාජානං පුරිසකානං ආදියන්ති. න මහාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති, තේ ඛෝ තේ මාරිස අමනුස්සා මහාරාජානං අවරුද්ධා නාම වුච්චන්ති.
යම් සේ නිදුකාණන් වහන්ස, මගධ රජුගේ විජිතයෙහි මහා සොරු සිටිත් ද, ඔවුහු මගධ රජුගේ බස නොපිළිගනිති. මගධ රජුගේ සෙනෙවියන්ගේ බසත් නොපිළිගනිති. මගධ රජුගේ සෙනෙවියන් යටතේ සිටිනා මෙහෙකරුවන්ගේ බස ත් නොපිළිගනිති. නිදුකාණන් වහන්ස, ඒ මහා සොරු වනාහී මගධ රජුගේ විරුද්ධකාරයෝ යැයි කියනු ලැබෙයි.

එසෙයින් ම නිදුකාණන් වහන්ස, චණ්ඩ වූ, රෞද්‍ර වූ, කළ දෙයට වඩා දරුණු දේ කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහ. ඔවුහු සතරවරම් දෙව්මහරජුන්ගේ බස නොපිළිගනිති. දෙව්මහරජුන්ගේ සෙනෙවියන්ගේ බස ත් නොපිළිගනිති. දෙව්මහරජුන්ගේ සෙනෙවියන් යටතේ සිටිනා මෙහෙකරුවන්ගේ බස ත් නොපිළිගනිති. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වනාහී වරම් මහරජුන්ගේ විරුද්ධකාරයෝ යැයි කියනු ලැබෙයි.

13. යෝ හි කෝචි මාරිස අමනුස්සෝ; යක්ඛෝ වා යක්ඛිනී වා, යක්ඛපෝතකෝ වා යක්ඛපෝතිකා වා, යක්ඛමහාමත්තෝ වා යක්ඛපාරිසජ්ජෝ වා යක්ඛපචාරෝ වා, ගන්ධබ්බෝ වා ගන්ධබ්බී වා, ගන්ධබ්බපෝතකෝ වා ගන්ධබ්බපෝතිකා වා, ගන්ධබ්බමහාමත්තෝ වා ගන්ධබ්බ පාරිසජ්ජෝ වා ගන්ධබ්බපචාරෝ වා, කුම්භණ්ඩෝ වා කුම්භණ්ඩී වා, කුම්භණ්ඩපෝතකෝ වා කුම්භණ්ඩපෝතිකා වා, කුම්භණ්ඩමහාමත්තෝ වා කුම්භණ්ඩපාරිසජ්ජෝවා, කුම්භණ්ඩපචාරෝ වා, නාගෝ වා නාගිනී වා, නාගපෝතකෝ වා නාගපෝතිකා වා, නාගමහාමත්තෝ වා නාගපාරිසජ්ජෝ වා නාගපචාරෝ වා, පදුට්ඨචිත්තෝ; භික්ඛුං වා භික්ඛුනිං වා, උපාසකං වා උපාසිකං වා, ගච්ඡන්තං වා අනුගච්ඡෙය්‍ය, ඨිතං වා උපතිට්ඨෙය්‍ය, නිසින්නං වා උපනිසීදෙය්‍ය, නිපන්නං වා උපනිපජ්ජෙය්‍ය, ඉමේසං යක්ඛානං මහායක්ඛානං, සේනාපතීනං මහාසේනාපතීනං, උජ්ඣාපේතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං; අයං යක්ඛෝ ගණ්හාති, අයං යක්ඛෝ ආවිසති, අයං යක්ඛෝ හේඨේති, අයං යක්ඛෝ විහේඨේති, අයං යක්ඛෝ හිංසති, අයං යක්ඛෝ විහිංසති, අයං යක්ඛෝ න මුඤ්චතීති.
නිදුකාණන් වහන්ස, යම්කිසි අමනුෂ්‍යයෙක් යක්ෂයෙක් වේවා, යක්ෂණියක් වේවා, යක්ෂ පැටියෙක් වේවා, යක්ෂ පැටවියක් වේවා, යක්ෂ මහඇමතියෙක් වේවා, යක්ෂ පිරිසට අයත් අයෙක් වේවා, යක්ෂ මෙහෙකරුවෙක් වේවා, ගාන්ධර්වයෙක් වේවා, ගාන්ධර්වියක් වේවා, ගාන්ධර්ව පැටියෙක් වේවා, ගාන්ධර්ව පැටවියක් වේවා, ගාන්ධර්ව මහඇමතියෙක් වේවා, ගාන්ධර්ව පිරිසට අයත් අයෙක් වේවා, ගාන්ධර්ව මෙහෙකරුවෙක් වේවා, කුම්භාණ්ඩයෙක් වේවා, කුම්භාණ්ඩියක් වේවා, කුම්භාණ්ඩ පැටියෙක් වේවා, කුම්භාණ්ඩ පැටවියක් වේවා, කුම්භාණ්ඩ මහඇමතියෙක් වේවා, කුම්භාණ්ඩ පිරිසට අයත් අයෙක් වේවා, කුම්භාණ්ඩ මෙහෙකරුවෙක් වේවා, නාගයෙක් වේවා, නාගිනියක් වේවා, නාග පැටියෙක් වේවා, නාග පැටවියක් වේවා, නාග මහඇමතියෙක් වේවා, නාග පිරිසට අයත් අයෙක් වේවා, නාග මෙහෙකරුවෙක් වේවා, ද්වේෂයෙන් දූෂිත වූ සිතින් ඒ භික්ෂුව හෝ භික්ෂුණිය හෝ උපාසකයා හෝ උපාසිකාව හෝ යන විට ඒ අනුව යන්නේ හෝ වෙයි ද, සිටින විට ළං ව සිටින්නේ හෝ වෙයි ද, හිඳින විට ළඟින් හිඳින්නේ හෝ වෙයි ද, සැතපෙන විට සමීපයේ සැතපෙන්නේ හෝ වෙයි ද,

එකල්හී මේ යක්ෂයින්ට, මේ මහා යක්ෂයින්ට, මේ සෙන්පතියන්ට, මේ මහා සෙන්පතියන්ට දැනුම් දිය යුත්තේ ය. හඬ නගා කිව යුත්තේ ය. කෑ ගසා කිව යුත්තේ ය. එනම්; ‘මේ යක්ෂයා මා අල්ලා ගනියි. මේ යක්ෂයා මට ආවේශ වෙයි. මේ යක්ෂයා මා පෙළයි. මේ යක්ෂයා මා බොහෝ සෙයින් පෙළයි. මේ යක්ෂයා මට හිංසා කරයි. මේ යක්ෂයා මට බොහෝ හිංසා කරයි. මේ යක්ෂයා මා නිදහස් නොකරයි’ කියා ය.

14. කතමේසං යක්ඛානං මහායක්ඛානං සේනාපතීනං මහාසේනාපතීනං?
එසේ හඬ නගා කිව යුත්තේ කවර යක්ෂයින්ට ද යත්, කවර මහා යක්ෂයින්ට ද යත්, කවර සෙන්පතියන්ට ද යත්, කවර මහා යක්ෂ සෙන්පතියන්ට ද යත්;

ඉන්දෝ සෝමෝ වරුණෝ ච – භාරද්වාජෝ පජාපතී
චන්දනෝ කාමසෙට්ඨෝ ච – කින්නිඝණ්ඩු නිඝණ්ඩු ච
ඉන්ද්‍ර ය, සෝම ය, වරුණ ය, භාරද්වාජ ය, ප්‍රජාපතී ය, චන්දන ය, කාමසෙට්ඨ ය, කින්නිඝණ්ඩු ය, නිඝණ්ඩු ය,

පනාදෝ ඕපමඤ්ඤෝ ච – දේවසූතෝ ච මාතලී
චිත්තසේනෝ ච ගන්ධබ්බෝ – නළෝ රාජා ජනේසභෝ
පනාද ය, ඕපමඤ්ඤ ය, දෙව් රියැදුරු මාතලී ය, චිත්තසේන ය, ගන්ධබ්බ ය, නළ ය, රාජ ය, ජනවසභ ය,

සාතාගිරෝ හේමවතෝ – පුණ්ණකෝ කරතියෝ ගුළෝ
සීවකෝ මුචලින්දෝ ච – වෙස්සාමිත්තෝ යුගන්ධරෝ
සාතාගිරි ය, හේමවත ය, පුණ්ණක ය, කරතිය ය, ගුළ ය, සීවක ය, මුචලින්ද ය, වෙස්සාමිත්ත ය, යුගන්ධර ය,

ගෝපාලෝ සුප්පගේධෝ ච – හිරිනෙත්තී ච මන්දියෝ
පඤ්චාලචණ්ඩෝ ආළවකෝ – පජ්ජුන්නෝ සුමනෝ සුමුඛෝ දධීමුඛෝ
මණි මාණි චරෝ දීඝෝ – අථෝ සේරිස්සකෝ සහ
ගෝපාල ය, සුප්පගේධ ය, හිරිනෙත්ති ය, මන්දිය ය, පඤ්චාලචණ්ඩ ය, ආළවක ය, පජ්ජුන්න ය, සුමන ය, සුමුඛ ය, දධිමුඛ ය, මණි ය, මාණී ය, චර ය, දීඝ ය, එමෙන් ම සේරිස්සක ය යන මේ මහා සෙන්පතිවරුන්ට ය.

15. ඉමේසං යක්ඛානං මහායක්ඛානං, සේනාපතීනං මහාසේනාපතීනං, උජ්ඣාපේතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං; අයං යක්ඛෝ ගණ්හාති, අයං යක්ඛෝ ආවිසති, අයං යක්ඛෝ හේඨේති. අයං යක්ඛෝ විහේඨේති, අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති අයං යක්ඛෝ න මුඤ්චතීති.
මේ යක්ෂයින්ට, මේ මහා යක්ෂයින්ට, මේ සෙන්පතියන්ට, මේ මහා සෙන්පතියන්ට දැනුම් දිය යුත්තේ ය. හඬ නගා කිව යුත්තේ ය. කෑ ගසා කිව යුත්තේ ය. එනම්; ‘මේ යක්ෂයා මා අල්ලා ගනියි. මේ යක්ෂයා මට ආවේශ වෙයි. මේ යක්ෂයා මා පෙළයි. මේ යක්ෂයා මා බොහෝ සෙයින් පෙළයි. මේ යක්ෂයා මට හිංසා කරයි. මේ යක්ෂයා මට බොහෝ හිංසා කරයි. මේ යක්ෂයා මා නිදහස් නොකරයි’ කියා ය.

අයං ඛෝ සා මාරිස, ආටානාටියා රක්ඛා, භික්ඛූනං භික්ඛුනීනං, උපාසකානං උපාසිකානං, ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායාති.
නිදුකාණන් වහන්ස, මේ වනාහී භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගේ ආරක්ෂාව පිණිස, රැකවරණය පිණිස, හිංසා නොවීම පිණිස, පහසුවෙන් විසීම පිණිස ඇති ආටානාටිය ආරක්ෂාව යි.

හන්ද ච දානි මයං මාරිස ගච්ඡාම. බහුකිච්චා මයං බහුකරණීයාති.
නිදුකාණන් වහන්ස, එසේ නම් දැන් අපි යම්හ. අපි බොහෝ කළ යුතු දෑ ඇති, බොහෝ කටයුතු ඇති අය වෙමු.”

යස්සදානි තුම්හේ මහා රාජානෝ කාලං මඤ්ඤථාති.
“මහරජවරුනි, ඔබලාට දැන් යමකට කාලය නම්, එය දනිව්.”

අථ ඛෝ චත්තාරෝ මහාරාජානෝ උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථේවන්තරධායිංසු. තේපි ඛෝ යක්ඛා උට්ඨායාසනා අප්පේකච්චේ භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථේවන්තරධායිංසු. අප්පේකච්චේ භගවතා සද්ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා තත්ථේවන්තරධායිංසු. අප්පේකච්චේ යේන භගවා තේනඤ්ජලිං පනාමෙත්වා තත්ථේවන්තරධායිංසු. අප්පේකච්චේ නාමගොත්තං සාවෙත්වා තත්ථේවන්තරධායිංසු. අප්පේකච්චේ තුණ්හීභූතා තත්ථේවන්තරධායිංසූති.
ඉක්බිති ඒ සතර වරම් දෙව්මහරජවරු හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට, එහි ම නොපෙනී ගියාහු ය. ඒ යක්ෂයෝ ද හුනස්නෙන් නැගිට ඇතැම් යක්ෂ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට, එහි ම නොපෙනී ගියාහු ය. ඇතැම් යක්ෂ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහු ය. සතුටුවිය යුතු පිළිසඳර කථා බහ නිමවා එහි ම නොපෙනී ගියාහු ය. ඇතැම් යක්ෂ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ ප්‍රණාම කොට එහි ම නොපෙනී ගියාහු ය. ඇතැම් යක්ෂ කෙනෙක් සිය නම්ගොත් පවසා එහි ම නොපෙනී ගියාහු ය. ඇතැම් යක්ෂ කෙනෙක් නිශ්ශබ්ද ව එහි ම නොපෙනී ගියාහු ය.

පඨමකභාණවාරෝ නිට්ඨිතෝ.
16. අථ ඛෝ භගවා තස්සා රත්තියා අච්චයේන භික්ඛූ ආමන්තේසි;

එකල්හී භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් භික්ෂූන් ඇමතූ සේක.

ඉමං භික්ඛවේ රත්තිං චත්තාරෝ මහාරාජානෝ, මහතියා ච යක්ඛසේනාය, මහතියා ච ගන්ධබ්බසේනාය, මහතියා ච කුම්භණ්ඩසේනාය, මහතියා ච නාගසේනාය, චතුද්දිසං රක්ඛං ඨපෙත්වා චතුද්දිසං ගුම්බං ඨපෙත්වා චතුද්දිසං ඕවරණං ඨපෙත්වා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං ගිජ්ඣකූටං පබ්බතං ඕභාසෙත්වා යේනාහං තේනුපසංකමිංසු. උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. තේපි ඛෝ භික්ඛවේ යක්ඛා, අප්පේකච්චේ මං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු, අප්පේකච්චේ මම සද්ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ යේනාහං තේනඤ්ජලිං පණාමෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ නාමගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසීදිංසු, අප්පේකච්චේ තුණ්හීභූතා ඒකමන්තං නිසීදිංසු.
“මහණෙනි, මේ රාත්‍රියෙහි සතර වරම් දෙව් මහරජවරු මහත් වූ යක්ෂ සේනාවකින් ද, මහත් වූ ගාන්ධර්ව සේනාවකින් ද, මහත් වූ කුම්භාණ්ඩ සේනාවකින් ද, මහත් වූ නාග සේනාවකින් ද, සිව් දිශාවෙහි රැකවල් තබා, සිව් දිශාවෙහි බලමුළු තබා, සිව් දිශාවෙහි මුරකරුවන් තබා, රාත්‍රී මධ්‍යම යාමයෙහි මනස්කාන්ත පැහැයෙන් යුතුව, මුළු ගිජ්ඣකූටය බබුළුවාගෙන, මම යම් තැනක හුන්නෙම් ද, එතැනට එළැඹියාහු ය. එළැඹ, මා හට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තාහු ය. මහණෙනි, ඒ යක්ෂයින්ගෙන් ඇතැම් යක්ෂ කෙනෙක් මා හට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තාහු ය. ඇතැම් යක්ෂ කෙනෙක් මා සමඟ සතුටු වූවාහු ය. සතුටුවිය යුතු පිළිසඳර කථා බහ නිමවා එකත්පස් ව හිඳගත්තාහු ය. ඇතැම් යක්ෂ කෙනෙක් මා වෙත ඇඳිලි බැඳ ප්‍රණාම කොට එකත්පස් ව හිඳගත්තාහු ය. ඇතැම් යක්ෂ කෙනෙක් සිය නම්ගොත් පවසා එකත්පස් ව හිඳගත්තාහු ය. ඇතැම් යක්ෂ කෙනෙක් නිශ්ශබ්ද ව එකත්පස් ව හිඳගත්තාහු ය.

17. ඒකමන්තං නිසින්නෝ ඛෝ භික්ඛවේ වෙස්සවණෝ මහාරාජා මං ඒතදවෝච;
මහණෙනි, එකත්පස් ව හුන් වෛශ්‍රවණ දෙව්මහරජු මා හට මෙය පැවසුවේ ය.

“සන්ති හි භන්තේ උළාරා යක්ඛා භගවතෝ අප්පසන්නා. සන්ති හි භන්තේ උළාරා යක්ඛා භගවතෝ පසන්නා. සන්ති හි භන්තේ මජ්ඣිමා යක්ඛා භගවතෝ අප්පසන්නා. සන්ති හි භන්තේ මජ්ඣිමා යක්ඛා භගවතෝ පසන්නා. සන්ති හි භන්තේ නීචා යක්ඛා භගවතෝ අප්පසන්නා. සන්ති හි භන්තේ නීචා යක්ඛා භගවතෝ පසන්නා. යේභුය්‍යේන ඛෝ පන භන්තේ යක්ඛා අප්පසන්නා යේව භගවතෝ. තං කිස්ස හේතු?
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැහැදුණු බලසම්පන්න යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු බලසම්පන්න යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැහැදුණු තරමක් බල ඇති යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු තරමක් බල ඇති යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැහැදුණු පහත් යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු පහත් යක්ෂයෝ සිටිති.

ස්වාමීනී, බොහෝ සෙයින් ම යක්ෂයෝ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොපැහැදුණෝ ම ය. ඒ මක් නිසා ද යත්;

භගවා හි භන්තේ පාණාතිපාතා වේරමණියා ධම්මං දේසේති, අදින්නාදානා වේරමණියා ධම්මං දේසේති, කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති, මුසාවාදා වේරමණියා ධම්මං දේසේති, සුරාමේරයමජ්ජපමාදට්ඨානා වේරමණියා ධම්මං දේසේති, යේභුය්‍යේන ඛෝ පන භන්තේ යක්ඛා අප්පටිවිරතා යේව පාණාතිපාතා, අප්පටිවිරතා අදින්නාදානා, අප්පටිවිරතා කාමේසු මිච්ඡාචාරා, අප්පටිවිරතා මුසාවාදා, අප්පටිවිරතා සුරාමේරයමජ්ජපමාදට්ඨානා. තේසන්තං හෝති අප්පියං අමනාපං.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වනාහී සත්ව ඝාතනයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. සොරකමෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. වැරදි කාම සේවනයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. බොරු කීමෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. ස්වාමීනී, බොහෝ සෙයින් ම යක්ෂයෝ සත්ව ඝාතයෙන් වෙන් නොවූවෝ ම ය. සොරකමෙන් වෙන් නොවූවෝ ම ය. වැරදි කාම සේවනයෙන් වෙන් නොවූවෝ ම ය. බොරු කීමෙන් වෙන් නොවූවෝ ම ය. මත්වීමට හා ප්‍රමාදයට හේතුවෙන් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් නොවූවෝ ම ය. එහෙයින් ඔවුන්ට පංචශීල ධර්මය අප්‍රිය ය. අමනාප ය.

සන්ති හි භන්තේ භගවතෝ සාවකා, අරඤ්ඤේ වනපත්ථානි පන්තානි සේනාසනානි පටිසේවන්ති අප්පසද්දානි අප්පනිග්ඝෝසානි විජනවාතානි මනුස්සරාහසෙය්‍යකානි පටිසල්ලානසාරුප්පානි.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ අල්ප ශබ්ද ඇති, අල්ප හඬ ඇති, ජනයා අතරින් හමා එන සුළඟ නැති, මිනිසුන්ගේ පෞද්ගලික කටයුතුවලට යෝග්‍ය වූ, හුදෙකලා භාවනාවට යෝග්‍ය වූ, දුර ඈත අරණ්‍ය වනපෙත් සෙනසුන් සේවනය කරති.

තත්ථ සන්ති උළාරා යක්ඛා නිවාසිනෝ යේ ඉමස්මිං භගවතෝ පාවචනේ අප්පසන්නා. තේසං පසාදාය උග්ගණ්හාතු භන්තේ භගවා ආටානාටියං රක්ඛං භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායා”ති.
භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනයෙහි නොපැහැදුණු යම් බලසම්පන්න යක්ෂයෝ වෙත් ද, ඔවුහු ඒ සෙනසුන් පෙදෙස්හි වාසය කරති. ඔවුන්ගේ පැහැදීම පිණිස, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගේ ආරක්ෂාව පිණිස, රැකවරණය පිණිස, හිංසා නොවනු පිණිස, පහසුවෙන් විසීම පිණිස ආටානාටිය ආරක්ෂාව ඉගෙන ගන්නා සේක්වා!”

අධිවාසේසිං ඛෝ අහං භික්ඛවේ, තුණ්හීභාවේන.
මහණෙනි, මම නිහඬ ව සිටීමෙන් ඒ ඇරයුම පිළිගත්තෙමි.

18. අථ ඛෝ භික්ඛවේ වෙස්සවණෝ මහාරාජා මං අධිවාසනං විදිත්වා තායං වේලායං ඉමං ආටානාටියං රක්ඛං අභාසි:
ඉක්බිති මහණෙනි, වෙසමුණි දෙව්මහරජු මා එම ඇරයුම පිළිගෙන ඉවසූ බව දැන ඒ වේලාවෙහි මේ ආටානාටිය ආරක්ෂාව පැවසුවේ ය.

විපස්සිස්ස නමත්ථු – චක්ඛුමන්තස්ස සිරීමතෝ
සිඛිස්ස’පි නමත්ථු – සබ්බභූතානුකම්පිනෝ
සදහම් ඇස් ඇති, ශ්‍රීයෙන් බබලන විපස්සී බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! සියළු සත්වයන් කෙරෙහි අනුකම්පා ඇති සිඛී බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

වෙස්සභුස්ස නමත්ථු – නහාතකස්ස තපස්සිනෝ
නමත්ථු කකුසන්ධස්ස – මාරසේනාපමද්දිනෝ
කෙලෙස් සෝදා හළ, උතුම් තපෝ ගුණ දරණ, වෙස්සභූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! මාරසේනාවගේ ඔද තෙද බිඳහළ කකුසඳ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

කෝණාගමනස්ස නමත්ථු – බ්‍රාහ්මණස්ස වුසීමතෝ
කස්සපස්ස නමත්ථු – විප්පමුත්තස්ස සබ්බධි
හැම පව් බැහැර කළ, බඹසර වාසය නිමකළ කෝණාගමන බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! සියළු බන්ධනයන්ගෙන් නිදහස් වූ කස්සප බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

අංගීරසස්ස නමත්ථු – සක්‍යපුත්තස්ස සිරීමතෝ
යෝ ඉමං ධම්මමදේසේසී – සබ්බදුක්ඛාපනූදනං
යම් කෙනෙකුන් වහන්සේ සියළු දුක් දුරුකරවන මේ ධර්මය දෙසා වදාළ සේක් ද, ඒ ශ්‍රීයෙන් බබලන ශාක්‍යපුත්‍ර වූ අංගීරස වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

යේ චාපි නිබ්බුතා ලෝකේ – යථාභූතං විපස්සිසුං
තේ ජනා අපිසුණා – මහන්තා වීතසාරදා
ලෝකයෙහි යම් කෙනෙකුන් වහන්සේලා නිවී ගිය සේක් ද, ඇත්ත ඇති සැටියෙන් විදර්ශනා කළ සේක් ද, උන්වහන්සේලා ගුණ මහත් බවින් යුතු, බිය තැතිගැනීම් පහවූ, බොරු කේළාම් නැති, නුවණින් බස් පවසන උත්තමයෝ ය.

19.

හිතං දේවමනුස්සානං – යං නමස්සන්ති ගෝතමං
විජ්ජාචරණසම්පන්නං – මහන්තං වීතසාරදං
දෙව් මිනිසුන් කෙරෙහි හිතවත් වූ, විද්‍යාවෙන් හා චරණ ගුණයෙන් යුක්ත වූ, ගුණ මහත්වයෙන් යුක්ත වූ, බිය තැති ගැනීම් පහව ගිය, යම් ගෞතම නම් බුදුරජාණන් වහන්සේ නමකට නමස්කාර කරත් ද, එසෙයින් සත් බුදුරජාණන් වහන්සේලාට නමස්කාර වේවා!

යතෝ උග්ගච්ඡතී සුරියෝ – ආදිච්චෝ මණ්ඩලී මහා
යස්ස චුග්ගච්ඡමානස්ස – සංවරී පි නිරුජ්ඣති
යම් තැනකින් මහා රශ්මි මණ්ඩලයකින් යුත් ආදිච්ච නම් සූර්යයා උදාවෙයි ද, ඒ හිරු උදා වූ කල්හී රැය ත් නිරුද්ධ වී යයි.

යස්ස චුග්ගතේ සුරියේ – දිවසෝ’ති පවුච්චති
රහදෝ පි තත්ථ ගම්භීරෝ – සමුද්දෝ සරිතෝදකෝ
යම් දිශාවකින් හිරු නැගුන කල්හී දවස යැයි කියනු ලබන්නේ ද, ඒ දිශාවෙහි ගංගාවන්ගෙන් පිවිසුණු ජලය ඇති සමුද්‍රය නමින් ගැඹුරු ජලාශයක් ඇත්තේ ය.

ඒවං නං තත්ථ ජානන්ති – සමුද්දෝ සරිතෝදකෝ
ඉතෝ සා පුරිමා දිසා – ඉති නං ආචික්ඛතී ජනෝ
යං දිසං අභිපාලේති – මහාරාජා යසස්සි සෝ
මෙසේ එහි ගංගාවගෙන් පිවිසි ජලය ඇති එය සමුද්‍රය යැයි දනිති. යස පිරිවර ඇති ඒ දෙව් මහරජු යම් දිශාවක් පාලනය කරයි ද, එය මෙයින් පූර්ව දිශාව යැයි ජනයා පවසයි.

ගන්ධබ්බානං ආධිපති – ධතරට්ඨෝ’ති නාම සෝ
රමතී නච්චගීතේහි – ගන්ධබ්බේහි පුරක්ඛතෝ
ගාන්ධර්වයන්ට අධිපති වූ ඔහු නමින් ධතරට්ඨ වෙයි. ගාන්ධර්වයන් විසින් පෙරටු කරන ලදු ව, නැටුම් ගැයුම් වලින් සතුටු වෙයි.

පුත්තා පි තස්ස බහවෝ – ඒකනාමා’ති මේ සුතං,
අසීතිං දස ඒකෝ ච – ඉන්දනාමා මහබ්බලා
ඔහුට එක ම නමින් යුතු පුත්‍රයෝ බොහෝ සිටිති යි මා විසින් අසන ලදී. ඉන්ද්‍ර නම් වූ බහා බලැති ඔවුහු අනූ එක් දෙනෙකි.

තේ චාපි බුද්ධං දිස්වාන – බුද්ධං ආදිච්චබන්ධුනං
දූරතෝ’ව නමස්සන්ති – මහන්තං වීතසාරදං
නමෝ තේ පුරිසාජඤ්ඤ – නමෝ තේ පුරිසුත්තම
ඔවුහු ද ආදිච්චබන්ධු වූ, මහත් ගුණයට පත්, පහ ව ගිය බිය ඇති, බුද්ධ නම් වූ බුදුරජුන් දැක ‘ආජානේය පුරුෂයාණෙනි, ඔබට නමස්කාර වේවා! පුරුෂෝත්තමයාණෙනි, ඔබට නමස්කාර වේවා!’ යි දුර සිට ම නමස්කාර කරන්නාහ.

කුසලේන සමෙක්ඛසි, අමනුස්සා පි තං වන්දන්ති,
සුතං නේතං අභිණ්හසෝ තස්මා ඒවං වදේමසේ;
කුසල් බලයෙන් යුතුව දැක වදාළ මැනැව. ‘අමනුෂ්‍යයෝ ත් නුඹවහන්සේට වඳිති’ යි මෙකරුණ අප විසින් නිතර අසන ලද්දේ ය. එහෙයින් මෙසේ පවසන්නෙමු.

“ජිනං වන්දථ ගෝතමං – ජිනං වන්දාම ගෝතමං
විජ්ජාචරණසම්පන්නං – බුද්ධං වන්දාම ගෝතමං”
ලොව දිනූ ගෞතමයන් වහන්සේට වන්දනා කරව්. අපිදු ලොව දිනූ ගෞතමයන් වහන්සේට වන්දනා කරමු. විද්‍යාවෙන් හා චරණයෙන් යුතු ගෞතම බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු.

යේන පේතා පවුච්චන්ති – පිසුණා පිට්ඨිමංසිකා
පාණාතිපාතිනෝ ලුද්දා – චෝරා නේකතිකා ජනා
මරණයට පත් වූ පසු ඒ සිරුරු යම් දිශාවකට ගෙනයනු ලැබෙත් ද, කේළාම් කියන, පිටුමස් කන්නවුන් සේ පිටුපා ගිය කළ ගරහන, සත්ව ඝාතනයෙහි යෙදෙන, රෞද්‍ර සොරු ත් කපටි ජනයෝ ත් යම් දිශාවකට ගෙනගොස් සිඳිනු ලබත් ද,

ඉතෝ සා දක්ඛිණා දිසා – ඉති නං ආචික්ඛතී ජනෝ
යං දිසං අභිපාලේති – මහාරාජා යසස්සි සෝ
යස පිරිවර ඇති ඒ දෙව් මහරජෙක් යම් දිශාවක් පාලනය කරයි ද, එය මෙතැනින් දකුණු දිශාව යැයි ජනයා පවසයි.

කුම්භණ්ඩානං ආධිපති – විරූළ්හෝ ඉති නාමසෝ
රමතී නච්චගීතේහි – කුම්භණ්ඩේහි පුරක්ඛතෝ
කුම්භාණ්ඩයන්ට අධිපති වූ ඔහු නමින් විරූළ්හ වෙයි. කුම්භාණ්ඩයන් විසින් පෙරටු කරන ලදු ව, නැටුම් ගැයුම් වලින් සතුටු වෙයි.

පුත්තාපි තස්ස බහවෝ – ඒකනාමාති මේ සුතං
අසීතිං දස ඒකෝ ච – ඉන්දනාමා මහබ්බලා
ඔහුට එක ම නමින් යුතු පුත්‍රයෝ බොහෝ සිටිති යි මා විසින් අසන ලදී. ඉන්ද්‍ර නම් වූ බහා බලැති ඔවුහු අනූ එක් දෙනෙකි.

තේ චාපි බුද්ධං දිස්වාන – බුද්ධං ආදිච්චබන්ධුනං
දූරතෝව නමස්සන්ති – මහන්තං වීතසාරදං
නමෝ තේ පුරිසාජඤ්ඤ – නමෝ තේ පුරිසුත්තම
ඔවුහු ද ආදිච්චබන්ධු වූ, මහත් ගුණයට පත්, පහ ව ගිය බිය ඇති, බුද්ධ නම් වූ බුදුරජුන් දැක ‘ආජානේය පුරුෂයාණෙනි, ඔබට නමස්කාර වේවා! පුරුෂෝත්තමයාණෙනි, ඔබට නමස්කාර වේවා!’ යි දුර සිට ම නමස්කාර කරන්නාහ.

කුසලේන සමෙක්ඛසි,
අමනුස්සා පි තං වන්දන්ති,
සුතං නේතං අභිණ්හසෝ තස්මා ඒවං වදේමසේ;
කුසල් බලයෙන් යුතුව දැක වදාළ මැනැව. ‘අමනුෂ්‍යයෝ ත් නුඹවහන්සේට වඳිති’ යි මෙකරුණ අප විසින් නිතර අසන ලද්දේ ය. එහෙයින් මෙසේ පවසන්නෙමු.

“ජිනං වන්දථ ගෝතමං – ජිනං වන්දාම ගෝතමං
විජ්ජාචරණසම්පන්නං – බුද්ධං වන්දාම ගෝතමං”
ලොව දිනූ ගෞතමයන් වහන්සේට වන්දනා කරව්. අපිදු ලොව දිනූ ගෞතමයන් වහන්සේට වන්දනා කරමු. විද්‍යාවෙන් හා චරණයෙන් යුතු ගෞතම බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු.

21.

යත්ථ චොග්ගච්ඡතී සුරියෝ – ආදිච්චෝ මණ්ඩලී මහා
යස්ස චොග්ගච්ඡමානස්ස – දිවසෝපි නිරුජ්ඣති
යම් තැනකින් මහා රශ්මි මණ්ඩලයකින් යුත් ආදිච්ච නම් සූර්යයා බැසයයි ද, ඒ හිරු බැසගිය කල්හී දවස ත් නිරුද්ධ වී යයි.

යස්ස චොග්ගතේ සුරියේ – සංවරීති පවුච්චති
රහදෝපි තත්ථ ගම්භීරෝ – සමුද්දෝ සරිතෝදකෝ
යම් දිශාවකින් හිරු බැසයන කල්හී රාත්‍රිය යැයි කියනු ලබන්නේ ද, ඒ දිශාවෙහි ගංගාවන්ගෙන් පිවිසුණු ජලය ඇති සමුද්‍රය නමින් ගැඹුරු ජලාශයක් ඇත්තේ ය.

ඒවං නං තත්ථ ජානන්ති – සමුද්දෝ සරිතෝදකෝ
ඉතෝ සා පච්ඡිමා දිසා – ඉති නං ආචික්ඛතී ජනෝ
යං දිසං අභිපාලේති – මහාරාජා යසස්සිසෝ
මෙසේ එහි ගංගාවගෙන් පිවිසි ජලය ඇති එය සමුද්‍රය යැයි දනිති. යස පිරිවර ඇති ඒ දෙව් මහරජු යම් දිශාවක් පාලනය කරයි ද, එය මෙයින් බටහිර දිශාව යැයි ජනයා පවසයි.

නාගානඤ්ච ආධිපති – විරූපක්ඛෝ ඉති නාමසෝ
රමතී නච්චගීතේහී – නාගේහේව පුරක්ඛතෝ
නාගයන්ට අධිපති වූ ඔහු නමින් විරූපාක්ෂ වෙයි. නාගයන් විසින් පෙරටු කරන ලදු ව, නැටුම් ගැයුම් වලින් සතුටු වෙයි.

පුත්තාපි තස්ස බහවෝ – ඒකනාමාති මේ සුතං
අසීතිං දස ඒකෝ ච – ඉන්දනාමා මහබ්බලා
ඔහුට එක ම නමින් යුතු පුත්‍රයෝ බොහෝ සිටිති යි මා විසින් අසන ලදී. ඉන්ද්‍ර නම් වූ බහා බලැති ඔවුහු අනූ එක් දෙනෙකි.

තේ චාපි බුද්ධං දිස්වාන – බුද්ධං ආදිච්චබන්ධුනං
දූරතෝව නමස්සන්ති – මහන්තං වීතසාරදං
නමෝ තේ පුරිසාජඤ්ඤ – නමෝ තේ පුරිසුත්තම
ඔවුහු ද ආදිච්චබන්ධු වූ, මහත් ගුණයට පත්, පහ ව ගිය බිය ඇති, බුද්ධ නම් වූ බුදුරජුන් දැක ‘ආජානේය පුරුෂයාණෙනි, ඔබට නමස්කාර වේවා! පුරුෂෝත්තමයාණෙනි, ඔබට නමස්කාර වේවා!’ යි දුර සිට ම නමස්කාර කරන්නාහ.

කුසලේන සමෙක්ඛසි,
අමනුස්සා පි තං වන්දන්ති,
සුතං නේතං අභිණ්හසෝ තස්මා ඒවං වදේමසේ;
කුසල් බලයෙන් යුතුව දැක වදාළ මැනැව. ‘අමනුෂ්‍යයෝ ත් නුඹවහන්සේට වඳිති’ යි මෙකරුණ අප විසින් නිතර අසන ලද්දේ ය. එහෙයින් මෙසේ පවසන්නෙමු.

“ජිනං වන්දථ ගෝතමං – ජිනං වන්දාම ගෝතමං
විජ්ජාචරණසම්පන්නං – බුද්ධං වන්දාම ගෝතමං”.
ලොව දිනූ ගෞතමයන් වහන්සේට වන්දනා කරව්. අපිදු ලොව දිනූ ගෞතමයන් වහන්සේට වන්දනා කරමු. විද්‍යාවෙන් හා චරණයෙන් යුතු ගෞතම බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු.

22.

යේන උත්තරකුරූ රම්මා – මහානේරු සුදස්සනෝ
මනුස්සා තත්ථ ජායන්ති – අමමා අපරිග්ගහා
යම් තැනක ඉතා දර්ශනීය මහාමේරු පර්වතය ඇත්තේ ද, එහි රම්‍ය වූ උතුරුකුරු රට වෙයි. එහි මමත්වයක් නැති, තමා හට අයත් කරගැනීමක් නැති ගතිගුණයෙන් යුක්ත මිනිස්සු උපදිති.

න තේ බීජං පවපන්ති – නපි නීයන්ති නංගලා
අකට්ඨපාකිමං සාලිං – පරිභුඤ්ජන්ති මානුසා
ඔවුහු ධාන්‍ය බීජ නොවපුරති. නගුල් ද කුඹුරුවලට නොයොදවති. සකස් නොකළ බිමෙහි හටගන්නා පැසුණු හැල් ඒ මිනිස්සු අනුභව කරති.

අකණං අථුසං සුද්ධං – සුගන්ධං තණ්ඩුලප්ඵලං
තුණ්ඩිකීරේ පචිත්වාන – තතෝ භුඤ්ජන්ති භෝජනං
කුඩු නැති, දහයියා නැති, පිරිසිදු සුවඳැති සහල් සැළියක දමා පිස එයින් ගත් බොජුන් අනුභව කරති.

ගාවිං ඒකඛුරං කත්වා – අනුයන්ති දිසෝදිසං
පසුං ඒකඛුරං කත්වා – අනුයන්ති දිසෝදිසං
එහි වෙසමුණි රජුගේ මෙහෙකාර යක්ෂයෝ ගවදෙනක එක් කුරයක් ඇති වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති. සිවුපාවුන් එක් කුරයක් ඇති වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති.

ඉත්ථිවාහනං කත්වා – අනුයන්ති දිසෝදිසං
පුරිසවාහනං කත්වා – අනුයන්ති දිසෝදිසං
ස්ත්‍රියක වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති. පුරුෂයෙකු වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති.

කුමාරිවාහනං කත්වා – අනුයන්ති දිසෝදිසං
කුමාරවාහනං කත්වා – අනුයන්ති දිසෝදිසං
කුමරියක වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති. කුමරෙකු වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති.

තේ යානේ අභිරූහිත්වා සබ්බාදිසා අනුපරියන්ති පචාරා තස්ස රාජිනෝ.
හත්ථියානං අස්සයානං – දිබ්බං යානං උපට්ඨිතං
ඒ වෙසමුණි රජුගේ මෙහෙකාර යක්ෂයෝ එහි එළඹ සිටි ඇත් වාහනයක, අශ්ව වාහනයක, දිව්‍ය වාහනයක යනාදී වාහනයන්හි නැගී සියළු දිශාවන් සිසාරා යති.

පාසාදා සිවිකා චේව – මහාරාජස්ස යසස්සිනෝ
තස්ස ච නගරා අහූ – අන්තලික්ඛේ සුමාපිතා
ආටානාටා කුසිනාටා පරකුසිනාටා නාටපුරියා පරකුසිතනාටා,
යස පිරිවර ඇති වෙසමුණි මහරජුට ප්‍රාසාදයෝ ද, සිවි ගෙවල් ද ඇත්තාහ. ඒ රජුට ආටානාටා, කුසිනාටා, පරකුසිනාටා, නාටපුරියා, පරකුසිතනාටා යන නමින් අහසෙහි මනාකොට මවන ලද නගරයෝ ඇත්තාහ.

උත්තරේන කපීවන්තෝ ජනෝඝමපරේන ච,
නවනවතියෝ අම්බර අම්බරවතියෝ ආළකමන්දා නාම රාජධානි.
උතුරු දෙසින් කපීවන්ත නම් නුවරක් ද, ඉන් එහාට ජනෝඝ නම් නුවරක් ද, නවනවුතිය නම් නුවරක් ද, අම්බරඅම්බරවතිය නම් නුවරක් ද, ආලකමන්දා නම් රාජධානියක් ද ඇත්තාහ.

කුවේරස්ස හි ඛෝ පන මාරිස මහාරාජස්ස විසාණා නාම රාජධානි
තස්මා කුවේරෝ මහාරාජා වෙස්සවණෝති පවුච්චති,
නිදුකාණන් වහන්ස, කුවේර දෙව්මහරජුට වනාහී විසාණා නම් රාජධානියක් ඇත්තේ ය. එහෙයින් කුවේර දෙව්මහරජුට වෛශ්‍රවණ යැයි කියනු ලැබේ.

23.

පච්චේසන්තෝ පකාසෙන්ති තතෝලා තත්තලා තතෝතලා,
ඕජසි තේජසි තතෝජසි සූරෝ රාජා අරිට්ඨෝ නේමි,
එහි තතෝලා, තත්තලා, තතෝතලා, ඕජසි, තේජසි, තතෝජසි, සූර, රාජ, සූරරාජ, අරිට්ඨ, නේමි, අරිට්ඨනේමි යන දොළොස් යක්ෂයෝ කරුණු සොයා බලා රජුට පවසති.

රහදෝපි තත්ථ ධරණී නාම, යතෝ මේඝා පවස්සන්ති වස්සා යතෝ පතායන්ති,
සභාපි තත්ථ භගලවතී නාම යත්ථ යක්ඛා පයිරුපාසන්ති.
යම් තැනකින් දිය ඇද වැසි වසියි ද, යම් තැනකින් වැස්ස පැතිරෙයි ද, එහි ධරණී නම් ජලාශයක් ඇත්තේ ය. ඒ ධරණී විල් තෙර භගලවතී නම් සභාවෙහි යක්ෂයෝ එක්රැස් වෙති.

තත්ථ නිච්චඵලා රුක්ඛා – නානාදිජගණායුතා
මයුරකොඤ්චාභිරුදා – කෝකිලාදිහි වග්ගුභි
ඒ විල්තෙර නිතිඵල හටගන්නා වෘක්ෂයෝ ද ඇත්තාහ. නා නා කුරුළු සමූහයා ද, මොණරු ද, කොස්වාලිහිණියෝ ද, කොවුලෝ ද, මිහිරි නාදය නගමින් සිටිති.

ජීවංජීවක සද්දෙත්ථ – අථෝ ඔට්ඨවචිත්තකා
කුකුත්ථකා කුළීරකා – වනේ පොක්ඛරසාතකා
ඒ වනයෙහි ජීවංජීවක නම් පක්ෂීහු ද, උට්ඨවචිත්තක නම් පක්ෂීහු ද, වළිකුකුළෝ ද, රන් කකුළුවෝ ද, පොක්ඛරසාතක නම් පක්ෂීහු ද ඇත්තාහ.

සුකසාලිකසද්දෙත්ථ – දණ්ඩමානවකානි ච
සෝභති සබ්බකාලං සා – කුවේරනලිනී සදා
මෙහි ගිරවුන්ගේ ද, සැළලිහිණියන්ගේ ද නාදය පවත්නේ ය. දණ්ඩමාණවක පක්ෂීහු ද ඇත්තාහ. හැම කල්හී කුවේර දෙව්මහරජුගේ පියුම්විල මේ අයුරින් ශෝභමාන වෙයි.

ඉතෝ සා උත්තරා දිසා – ඉති නං ආචික්ඛතී ජනෝ
යං දිසං අභිපාලේති – මහාරාජා යසස්සි සෝ
යස පිරිවර ඇති ඒ දෙව් මහරජෙක් යම් දිශාවක් පාලනය කරයි ද, එය මෙතැනින් උතුරු දිශාව යැයි ජනයා පවසයි.

යක්ඛානං ආධිපති – කුවේරෝ ඉති නාමසෝ
රමතී නච්චගීතේහි – යක්ඛේහි පුරක්ඛතෝ
යක්ෂයන්ට අධිපති වූ ඔහු නමින් කුවේර වෙයි. යක්ෂයන් විසින් පෙරටු කරන ලදු ව, නැටුම් ගැයුම් වලින් සතුටු වෙයි.

පුත්තාපි තස්ස බහවෝ – ඒකනාමාති මේ සුතං
අසීතිං දස ඒකෝ ච – ඉන්දනාමා මහබ්බලා
ඔහුට එක ම නමින් යුතු පුත්‍රයෝ බොහෝ සිටිති යි මා විසින් අසන ලදී. ඉන්ද්‍ර නම් වූ බහා බලැති ඔවුහු අනූ එක් දෙනෙකි.

තේ චාපි බුද්ධං දිස්වාන – බුද්ධං ආදිච්චබන්ධුනං
දූරතෝව නමස්සන්ති – මහන්තං වීතසාරදං
නමෝ තේ පුරිසාජඤ්ඤ – නමෝ තේ පුරිසුත්තම
ඔවුහු ද ආදිච්චබන්ධු වූ, මහත් ගුණයට පත්, පහ ව ගිය බිය ඇති, බුද්ධ නම් වූ බුදුරජුන් දැක ‘ආජානේය පුරුෂයාණෙනි, ඔබට නමස්කාර වේවා! පුරුෂෝත්තමයාණෙනි, ඔබට නමස්කාර වේවා!’ යි දුර සිට ම නමස්කාර කරන්නාහ.

කුසලේන සමෙක්ඛසි,
අමනුස්සා පි තං වන්දන්ති,
සුතං නේතං අභිණ්හසෝ තස්මා ඒවං වදේමසේ;
කුසල් බලයෙන් යුතුව දැක වදාළ මැනැව. ‘අමනුෂ්‍යයෝ ත් නුඹවහන්සේට වඳිති’ යි මෙකරුණ අප විසින් නිතර අසන ලද්දේ ය. එහෙයින් මෙසේ පවසන්නෙමු.

“ජිනං වන්දථ ගෝතමං – ජිනං වන්දාම ගෝතමං
විජ්ජාචරණසම්පන්නං – බුද්ධං වන්දාම ගෝතමං”ති.
ලොව දිනූ ගෞතමයන් වහන්සේට වන්දනා කරව්. අපිදු ලොව දිනූ ගෞතමයන් වහන්සේට වන්දනා කරමු. විද්‍යාවෙන් හා චරණයෙන් යුතු ගෞතම බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු.

24. අයං ඛෝ සා මාරිස ආටානාටියා රක්ඛා, භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායාති. යස්ස කස්සචි මාරිස භික්ඛුස්ස වා භික්ඛුනියා වා උපාසකස්ස වා උපාසිකාය වා, අයං ආටානාටියා රක්ඛා. සුග්ගහිතා භවිස්සති සමත්තා පරියාපුතා. තඤ්චේ අමනුස්සෝ; යක්ඛෝ වා යක්ඛිනී වා, යක්ඛපෝතකෝ වා යක්ඛපෝතිකා වා, යක්ඛමහාමත්තෝ වා යක්ඛපාරිසජ්ජෝ වා යක්ඛපචාරෝ වා, ගන්ධබ්බෝ වා ගන්ධබ්බී වා, ගන්ධබ්බපෝතකෝ වා ගන්ධබ්බපෝතිකා වා, ගන්ධබ්බමහාමත්තෝ වා ගන්ධබ්බ පාරිසජ්ජෝ වා ගන්ධබ්බපචාරෝ වා, කුම්භණ්ඩෝ වා කුම්භණ්ඩී වා, කුම්භණ්ඩපෝතකෝ වා කුම්භණ්ඩපෝතිකා වා, කුම්භණ්ඩමහාමත්තෝ වා කුම්භණ්ඩපාරිසජ්ජෝ වා කුම්භණ්ඩපචාරෝ වා, නාගෝ වා නාගිනී වා, නාගපෝතකෝ වා නාගපෝතිකා වා, නාගමහාමත්තෝ වා, නාගපාරිසජ්ජෝ වා නාගපචාරෝ වා, පදුට්ඨචිත්තෝ; භික්ඛුං වා භික්ඛුනිං වා උපාසකං වා උපාසිකං වා ගච්ඡන්තං වා අනුගච්ඡෙය්‍ය, ඨිතං වා උපතිට්ඨෙය්‍ය, නිසින්නං වා උපනිසීදෙය්‍ය, නිපන්නං වා උපනිපජ්ජෙය්‍ය. න මේ සෝ මාරිස අමනුස්සෝ ලභෙය්‍ය ගාමේසු වා නිගමේසු වා සක්කාරං වා ගරුකාරං වා. න මේ සෝ මාරිස අමනුස්සෝ ලභෙය්‍ය ආළකමන්දාය රාජධානියා වත්ථුං වා වාසං වා. න මේ සෝ මාරිස අමනුස්සෝ ලභෙය්‍ය යක්ඛානං සමිතිං ගන්තුං, අපිස්සු නං මාරිස අමනුස්සා අනවය්හම්පි නං කරෙය්‍යුං අවිවයිහං. අපිස්සු නං මාරිස අමනුස්සා අත්තාහිපි පරිපුණ්ණාහි පරිභාසාහි පරිභාසෙය්‍යුං, අපිස්සු නං මාරිස අමනුස්සා රිත්තම්පිස්ස පත්තං සීසේ නික්කුජ්ජෙය්‍යුං. අපිස්සු නං මාරිස අමනුස්සා සත්තධාපිස්ස මුද්ධං ඵාලෙය්‍යුං.
නිදුකාණන් වහන්ස, මේ වනාහී භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගේ ආරක්ෂාව පිණිස, රැකවරණය පිණිස, හිංසා නොවීම පිණිස, පහසුවෙන් විසීම පිණිස ඇති ආටානාටිය ආරක්ෂාව යි.

නිදුකාණන් වහන්ස, යම්කිසි භික්ෂුවක විසින් හෝ භික්ෂුණියක විසින් හෝ උපාසකයෙකු විසින් හෝ උපාසිකාවක විසින් හෝ මේ ආටානාටිය ආරක්ෂාව මනාකොට ඉගෙන ගන්නා ලද්දේ නම්, හොඳින් කටපාඩම් කරගන්නා ලද්දේ නම්,

ඉදින් යම් අමනුෂ්‍යයෙක්, යක්ෂයෙක් වේවා, යක්ෂණියක් වේවා, යක්ෂ පැටියෙක් වේවා, යක්ෂ පැටවියක් වේවා, යක්ෂ මහඇමතියෙක් වේවා, යක්ෂ පිරිසට අයත් අයෙක් වේවා, යක්ෂ මෙහෙකරුවෙක් වේවා, ගාන්ධර්වයෙක් වේවා, ගාන්ධර්වියක් වේවා, ගාන්ධර්ව පැටියෙක් වේවා, ගාන්ධර්ව පැටවියක් වේවා, ගාන්ධර්ව මහඇමතියෙක් වේවා, ගාන්ධර්ව පිරිසට අයත් අයෙක් වේවා, ගාන්ධර්ව මෙහෙකරුවෙක් වේවා, කුම්භාණ්ඩයෙක් වේවා, කුම්භාණ්ඩියක් වේවා, කුම්භාණ්ඩ පැටියෙක් වේවා, කුම්භාණ්ඩ පැටවියක් වේවා, කුම්භාණ්ඩ මහඇමතියෙක් වේවා, කුම්භාණ්ඩ පිරිසට අයත් අයෙක් වේවා, කුම්භාණ්ඩ මෙහෙකරුවෙක් වේවා, නාගයෙක් වේවා, නාගිනියක් වේවා, නාග පැටියෙක් වේවා, නාග පැටවියක් වේවා, නාග මහඇමතියෙක් වේවා, නාග පිරිසට අයත් අයෙක් වේවා, නාග මෙහෙකරුවෙක් වේවා, ද්වේෂයෙන් දූෂිත වූ සිතින් ඒ භික්ෂුව හෝ භික්ෂුණිය හෝ උපාසකයා හෝ උපාසිකාව හෝ යන විට ඒ අනුව යන්නේ හෝ වෙයි ද, සිටින විට ළං ව සිටින්නේ හෝ වෙයි ද, හිඳින විට ළඟින් හිඳින්නේ හෝ වෙයි ද, සැතපෙන විට සමීපයේ සැතපෙන්නේ හෝ වෙයි ද,

නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයා මාගේ ගම්වල හෝ නියම්ගම්වල හෝ සත්කාරයක් හෝ ගෞරවයක් හෝ නොලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයා මාගේ ආලකමන්දා රාජධානියෙහි ස්ථානවලට අරක්ගැනීමක් හෝ විසුමක් හෝ නොලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයා යක්ෂයින්ගේ සමාගමට යන්නට අවසර නොලබන්නේ ය. එමෙන් ම නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඒ අමනුෂ්‍යයා ආවාහ – විවාහ කටයුතු නොකරගත හැක්කෙකු කරන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඒ අමනුෂ්‍යයාට පිරිපුන් පරිභව වචනවලින් පරිභව කරන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඒ අමනුෂ්‍යයාගේ හිසෙහි හිස් ලෝහ පාත්‍රයක් මුනින් නවන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඒ අමනුෂ්‍යයාගේ හිස සත්කඩකට පළන්නාහ.

සන්ති හි මාරිස අමනුස්සා චණ්ඩා රුද්දා රභසා. තේ නේව මහාරාජානං ආදියන්ති. න මහාරාජානං පුරිසකානං ආදියන්ති. න මහාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති, තේ ඛෝ තේ මාරිස අමනුස්සා මහාරාජානං අවරුද්ධා නාම වුච්චන්ති.
නිදුකාණන් වහන්ස, චණ්ඩ වූ, රෞද්‍ර වූ, කළ දෙයට වඩා දරුණු දේ කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහ. ඔවුහු සතරවරම් දෙව්මහරජුන්ගේ බස නොපිළිගනිති. දෙව්මහරජුන්ගේ සෙනෙවියන්ගේ බස ත් නොපිළිගනිති. දෙව්මහරජුන්ගේ සෙනෙවියන් යටතේ සිටිනා මෙහෙකරුවන්ගේ බස ත් නොපිළිගනිති. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වනාහී වරම් මහරජුන්ගේ විරුද්ධකාරයෝ යැයි කියනු ලැබෙයි.

25. සෙය්‍යථාපි මාරිස රඤ්ඤෝ මාගධස්ස විජිතේ මහා චෝරා. තේ නේව රඤ්ඤෝ මාගධස්ස ආදියන්ති. න රඤ්ඤෝ මාගධස්ස පුරිසකානං ආදියන්ති. න රඤ්ඤෝ මාගධස්ස පුරිසකානං පුරිසකානං ආදියන්ති. තේ ඛෝ තේ මාරිස, මහාචෝරා රඤ්ඤෝ මාගධස්ස අවරුද්ධා නාම වුච්චන්ති. ඒවමේව ඛෝ මාරිස, සන්ති හි අමනුස්සා චණ්ඩා රුද්දා රභසා. තේ නේව මහාරාජානං ආදියන්ති. න මහා රාජානං පුරිසකානං ආදියන්ති. න මහාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති, තේ ඛෝ තේ මාරිස අමනුස්සා මහාරාජානං අවරුද්ධා නාම වුච්චන්ති.
යම් සේ නිදුකාණන් වහන්ස, මගධ රජුගේ විජිතයෙහි මහා සොරු සිටිත් ද, ඔවුහු මගධ රජුගේ බස නොපිළිගනිති. මගධ රජුගේ සෙනෙවියන්ගේ බස ත් නොපිළිගනිති. මගධ රජුගේ සෙනෙවියන් යටතේ සිටිනා මෙහෙකරුවන්ගේ බස ත් නොපිළිගනිති. නිදුකාණන් වහන්ස, ඒ මහා සොරු වනාහී මගධ රජුගේ විරුද්ධකාරයෝ යැයි කියනු ලැබෙයි.

එසෙයින් ම නිදුකාණන් වහන්ස, චණ්ඩ වූ, රෞද්‍ර වූ, කළ දෙයට වඩා දරුණු දේ කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහ. ඔවුහු සතරවරම් දෙව්මහරජුන්ගේ බස නොපිළිගනිති. දෙව්මහරජුන්ගේ සෙනෙවියන්ගේ බස ත් නොපිළිගනිති. දෙව්මහරජුන්ගේ සෙනෙවියන් යටතේ සිටිනා මෙහෙකරුවන්ගේ බස ත් නොපිළිගනිති. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වනාහී වරම් මහරජුන්ගේ විරුද්ධකාරයෝ යැයි කියනු ලැබෙයි.

26.යෝ හි කෝචි මාරිස අමනුස්සෝ; යක්ඛෝ වා යක්ඛිනී වා, යක්ඛපෝතකෝ වා යක්ඛපෝතිකා වා, යක්ඛමහාමත්තෝ වා යක්ඛපාරිසජ්ජෝ වා යක්ඛපචාරෝ වා, ගන්ධබ්බෝ වා ගන්ධබ්බී වා, ගන්ධබ්බපෝතකෝ වා ගන්ධබ්බපෝතිකා වා, ගන්ධබ්බමහාමත්තෝ වා ගන්ධබ්බ පාරිසජ්ජෝ වා ගන්ධබ්බපචාරෝ වා, කුම්භණ්ඩෝ වා කුම්භණ්ඩී වා, කුම්භණ්ඩපෝතකෝ වා කුම්භණ්ඩපෝතිකා වා, කුම්භණ්ඩමහාමත්තෝ වා කුම්භණ්ඩපාරිසජ්ජෝ වා කුම්භණ්ඩපචාරෝ වා, නාගෝ වා නාගිනී වා, නාගපෝතකෝ වා නාගපෝතිකා වා, නාගමහාමත්තෝ වා, නාගපාරිසජ්ජෝ වා නාගපචාරෝ වා, පදුට්ඨචිත්තෝ; භික්ඛුං වා භික්ඛුනිං වා, උපාසකං වා උපාසිකං වා, ගච්ඡන්තං වා අනුගච්ඡෙය්‍ය. ඨිතං වා උපතිට්ඨෙය්‍ය, නිසින්නං වා උපනිසීදෙය්‍ය, නිපන්නං වා උපනිපජ්ජෙය්‍ය, ඉමේසං යක්ඛානං මහායක්ඛානං, සේනාපතීනං මහාසේනාපතීනං, උජ්ඣාපේතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං; අයං යක්ඛෝ ගණ්හාති, අයං යක්ඛෝ ආවිසති, අයං යක්ඛෝ හේඨේති, අයං යක්ඛෝ විහේඨේති, අයං යක්ඛෝ හිංසති, අයං යක්ඛෝ විහිංසති, අයං යක්ඛෝ න මුඤ්චතීති.
නිදුකාණන් වහන්ස, යම්කිසි අමනුෂ්‍යයෙක් යක්ෂයෙක් වේවා, යක්ෂණියක් වේවා, යක්ෂ පැටියෙක් වේවා, යක්ෂ පැටවියක් වේවා, යක්ෂ මහඇමතියෙක් වේවා, යක්ෂ පිරිසට අයත් අයෙක් වේවා, යක්ෂ මෙහෙකරුවෙක් වේවා, ගාන්ධර්වයෙක් වේවා, ගාන්ධර්වියක් වේවා, ගාන්ධර්ව පැටියෙක් වේවා, ගාන්ධර්ව පැටවියක් වේවා, ගාන්ධර්ව මහඇමතියෙක් වේවා, ගාන්ධර්ව පිරිසට අයත් අයෙක් වේවා, ගාන්ධර්ව මෙහෙකරුවෙක් වේවා, කුම්භාණ්ඩයෙක් වේවා, කුම්භාණ්ඩියක් වේවා, කුම්භාණ්ඩ පැටියෙක් වේවා, කුම්භාණ්ඩ පැටවියක් වේවා, කුම්භාණ්ඩ මහඇමතියෙක් වේවා, කුම්භාණ්ඩ පිරිසට අයත් අයෙක් වේවා, කුම්භාණ්ඩ මෙහෙකරුවෙක් වේවා, නාගයෙක් වේවා, නාගිනියක් වේවා, නාග පැටියෙක් වේවා, නාග පැටවියක් වේවා, නාග මහඇමතියෙක් වේවා, නාග පිරිසට අයත් අයෙක් වේවා, නාග මෙහෙකරුවෙක් වේවා, ද්වේෂයෙන් දූෂිත වූ සිතින් ඒ භික්ෂුව හෝ භික්ෂුණිය හෝ උපාසකයා හෝ උපාසිකාව හෝ යන විට ඒ අනුව යන්නේ හෝ වෙයි ද, සිටින විට ළං ව සිටින්නේ හෝ වෙයි ද, හිඳින විට ළඟින් හිඳින්නේ හෝ වෙයි ද, සැතපෙන විට සමීපයේ සැතපෙන්නේ හෝ වෙයි ද,

එකල්හී මේ යක්ෂයින්ට, මේ මහා යක්ෂයින්ට, මේ සෙන්පතියන්ට, මේ මහා සෙන්පතියන්ට දැනුම් දිය යුත්තේ ය. හඬ නගා කිව යුත්තේ ය. කෑ ගසා කිව යුත්තේ ය. එනම්; ‘මේ යක්ෂයා මා අල්ලා ගනියි. මේ යක්ෂයා මට ආවේශ වෙයි. මේ යක්ෂයා මා පෙළයි. මේ යක්ෂයා මා බොහෝ සෙයින් පෙළයි. මේ යක්ෂයා මට හිංසා කරයි. මේ යක්ෂයා මට බොහෝ හිංසා කරයි. මේ යක්ෂයා මා නිදහස් නොකරයි’ කියා ය.

කතමේසං යක්ඛානං මහායක්ඛානං සේනාපතීනං මහාසේනාපතීනං?
එසේ හඬ නගා කිව යුත්තේ කවර යක්ෂයින්ට ද යත්, කවර මහා යක්ෂයින්ට ද යත්, කවර සෙන්පතියන්ට ද යත්, කවර මහා සෙන්පතියන්ට ද යත්;

27.

ඉන්දෝ සෝමෝ වරුණෝ ච – භාරද්වාජෝ පජාපතී
චන්දනෝ කාමසෙට්ඨෝ ච – කින්නිඝණ්ඩු නිඝණ්ඩු ච
ඉන්ද්‍ර ය, සෝම ය, වරුණ ය, භාරද්වාජ ය, ප්‍රජාපතී ය, චන්දන ය, කාමසෙට්ඨ ය, කින්නිඝණ්ඩු ය, නිඝණ්ඩු ය,

පනාදෝ ඕපමඤ්ඤෝ ච – දේවසූතෝ ච මාතලී
චිත්තසේනෝ ච ගන්ධබ්බෝ – නළෝ රාජා ජනේසභෝ
පනාද ය, ඕපමඤ්ඤ ය, දෙව් රියැදුරු මාතලී ය, චිත්තසේන ය, ගන්ධබ්බ ය, නළ ය, රාජ ය, ජනවසභ ය,

සාතාගිරෝ හේමවතෝ – පුණ්ණකෝ කරතියෝ ගුළෝ
සීවකෝ මුචලින්දෝ ච – වෙස්සාමිත්තෝ යුගන්ධරෝ
සාතාගිරි ය, හේමවත ය, පුණ්ණක ය, කරතිය ය, ගුළ ය, සීවක ය, මුචලින්ද ය, වෙස්සාමිත්ත ය, යුගන්ධර ය,

ගෝපාලෝ සුප්පගේධෝ ච – හිරිනෙත්තී ච මන්දියෝ
පඤ්චාලචණ්ඩෝ ආළවකෝ – පජ්ජුන්නෝ සුමනෝ සුමුඛෝ දධීමුඛෝ
මණි මාණි චරෝ දීඝෝ – අථෝ සේරිස්සකෝ සහ
ගෝපාල ය, සුප්පගේධ ය, හිරිනෙත්ති ය, මන්දිය ය, පඤ්චාලචණ්ඩ ය, ආළවක ය, පජ්ජුන්න ය, සුමන ය, සුමුඛ ය, දධිමුඛ ය, මණි ය, මාණී ය, චර ය, දීඝ ය, එමෙන් ම සේරිස්සක ය යන මේ මහා සෙන්පතිවරුන්ට ය.

28. ඉමේසං යක්ඛානං මහායක්ඛානං, සේනාපතීනං මහාසේනාපතීනං, උජ්ඣාපේතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං; අයං යක්ඛෝ ගණ්හාති, අයං යක්ඛෝ ආවිසති, අයං යක්ඛෝ හේඨේති. අයං යක්ඛෝ විහේඨේති, අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති අයං යක්ඛෝ න මුඤ්චතීති.
මේ යක්ෂයින්ට, මේ මහා යක්ෂයින්ට, මේ සෙන්පතියන්ට, මේ මහා සෙන්පතියන්ට දැනුම් දිය යුත්තේ ය. හඬ නගා කිව යුත්තේ ය. කෑ ගසා කිව යුත්තේ ය. එනම්; ‘මේ යක්ෂයා මා අල්ලා ගනියි. මේ යක්ෂයා මට ආවේශ වෙයි. මේ යක්ෂයා මා පෙළයි. මේ යක්ෂයා මා බොහෝ සෙයින් පෙළයි. මේ යක්ෂයා මට හිංසා කරයි. මේ යක්ෂයා මට බොහෝ හිංසා කරයි. මේ යක්ෂයා මා නිදහස් නොකරයි’ කියා ය.

අයං ඛෝ සා මාරිස, ආටානාටියා රක්ඛා, භික්ඛූනං භික්ඛුනීනං, උපාසකානං උපාසිකානං, ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායාති. හන්ද ච දානි මයං මාරිස ගච්ඡාම. බහුකිච්චා මයං බහුකරණීයාති. යස්සදානි තුම්හේ මහා රාජානෝ කාලං මඤ්ඤථාති.
නිදුකාණන් වහන්ස, මේ වනාහී භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගේ ආරක්ෂාව පිණිස, රැකවරණය පිණිස, හිංසා නොවීම පිණිස, පහසුවෙන් විසීම පිණිස ඇති ආටානාටිය ආරක්ෂාව යි.

නිදුකාණන් වහන්ස, එසේ නම් දැන් අපි යම්හ. අපි බොහෝ කළ යුතු දෑ ඇති, බොහෝ කටයුතු ඇති අය වෙමු.”

“මහරජවරුනි, ඔබලාට දැන් යමකට කාලය නම්, එය දනිව්.”

29. අථ ඛෝ භික්ඛවේ චත්තාරෝ මහාරාජානෝ උට්ඨායාසනා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථේවන්තරධායිංසු. තේපි ඛෝ භික්ඛවේ, යක්ඛා උට්ඨායාසනා, අප්පේකච්චේ මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථේවන්තරධායිංසු.
ඉක්බිති මහණෙනි, ඒ සතර වරම් දෙව්මහරජවරු හුනස්නෙන් නැගිට මා හට සකසා වන්දනා කොට, පැදකුණු කොට, එහි ම නොපෙනී ගියාහු ය. මහණෙනි, ඒ යක්ෂයෝ ද හුනස්නෙන් නැගිට ඇතැම් යක්ෂ කෙනෙක් මා හට සකසා වන්දනා කොට, පැදකුණු කොට, එහි ම නොපෙනී ගියාහු ය.

අප්පේකච්චේ මයා සද්ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා තත්ථේවන්තරධායිංසු. අප්පේකච්චේ යේනා’හං තේනඤ්ජලිං පනාමෙත්වා තත්ථේවන්තරධායිංසු. අප්පේකච්චේ නාමගොත්තං සාවෙත්වා තත්ථේවන්තරධායිංසු. අප්පේකච්චේ තුණ්හීභූතා තත්ථේවන්තරධායිංසූති.
ඇතැම් යක්ෂ කෙනෙක් මා සමඟ සතුටු වූවාහු ය. සතුටුවිය යුතු පිළිසඳර කථා බහ නිමවා එහි ම නොපෙනී ගියාහු ය. ඇතැම් යක්ෂ කෙනෙක් මා වෙත ඇඳිලි බැඳ ප්‍රණාම කොට එහි ම නොපෙනී ගියාහු ය. ඇතැම් යක්ෂ කෙනෙක් සිය නම්ගොත් පවසා එහි ම නොපෙනී ගියාහු ය. ඇතැම් යක්ෂ කෙනෙක් නිශ්ශබ්ද ව එහි ම නොපෙනී ගියාහු ය.

30. උග්ගණ්හාථ භික්ඛවේ ආටානාටියං රක්ඛං, පරියාපුණාථ භික්ඛවේ ආටානාටියං රක්ඛං, ධාරේථ භික්ඛවේ ආටානාටියං රක්ඛං. අත්ථසංහිතා භික්ඛවේ ආටානාටියා රක්ඛා, භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායාති. ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.
මහණෙනි, ආටානාටිය ආරක්ෂාව ඉගෙන ගනිව්. මහණෙනි, ආටානාටිය ආරක්ෂාව පාඩම් කරගනිව්. මහණෙනි, ආටානාටිය ආරක්ෂාව මතකයෙහි දරා ගනිව්. මහණෙනි, ආටානාටිය ආරක්ෂාව යහපත පිණිස හේතුවෙයි. භික්ෂූන්ගේ ත්, භික්ෂුණීන්ගේ ත්, උපාසකයින්ගේ ත්, උපාසිකාවන්ගේ ත් ආරක්ෂාව පිණිස, රැකවරණය පිණිස, හිංසා නොවීම පිණිස, පහසුවෙන් විසීම පිණිස හේතු වෙයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහු ය.

සාදු! සාදු!! සාදු!!!

ආටානාටියසුත්තං නිට්ඨිතං නවමං.
ආටානාටිය සූත්‍රය නිමා විය.

  1. ඒවං මේ සුතං: මා විසින් මෙසේ අසන ලදී. ඒකං සමයං භගවා රාජගහේ විහරති ගිජ්ඣකූටේ පබ්බතේ. අථ ඛෝ චත්තාරෝ මහාරාජා මහතියා ච යක්ඛසේනාය මහතියා ...