මහනුවර ඔරලෝසු කණුව








මහනුවර නගරයට නිතරම යන එන කෙනෙක් විදියට නිතරම ඇස ගැටෙන දෙයක් තමයි මේ මහනුවර ඔරලෝසු කණුව කියලා කියන්නේ . ඇත්තටම මේ ඔරලෝසු කණුවට මෙහෙම ඉතිහාස කතාවක් තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ . ඒවගේම තමයි මේ ඔරලෝසු කනුවට මෙහෙම ඉතිහාස කතාවක් තියෙනවා කියලා සමහරවිට නුවර මාකට් ස්ටෑන්ඩ් එකේ ඉඳලා දිනපතාම බස් වලට නගින බහින අයවත් දන්නේ නැතුව ඇති . වෙලාව බැලුවේ නැතත් සමහරුන්ට මේ කුළුණ ඇස ගැටිලා ඇති . මෙන්න මේක තමයි මේ කතාවේ ඉතිහාස කතාව වෙන්නේ .


හාජි මොහොමඩ් ස්මයිල් කියලා මහනුවර හිටපු ව්‍යාපාරිකයෙක් තමයි මේ ඔරලෝසු කණුව නිර්මාණය කරවලා තියෙන්නේ . ඒ තමන්ගේ මියගිය පුතාව සිහිපත් වෙන්න . 1947 අගෝස්තු මාසයේ 14 වෙනිදා මහනුවර කඩුගන්නාව මාර්ගයේ වාහනයක ගමන් කරපු මොහොමඩ් සාකි ස්මයිල් කියන මේ ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ගමන් කරපු වාහනය යට වෙන්න තරම් ලොකු පස් කන්දක් කඩාගෙන වැටිලා තියෙනවා . ඒ නිසා ඒ වාහනයේ ගමන් කරපු හතරදෙනාම දෙනාම මිය ගියා .


මේ නිසා මේ ව්‍යාපාරිකයා ලොකු හිතේ අමාරුවකින් තමයි ජීවත් වෙලා තියෙන්නේ තමන්ගේ පුතා මිය යාම හේතුවෙන් . පස්සේ පුතාව මතක් වෙන්න තරමක් ලොකු දෙයක් කරන්න ඕන කියලා කල්පනා කරනකොට තමයි මතක් වෙලා තියෙන්නේ මහනුවර නගරයට හෝරා ස්ථම්භයක් නැහැ කියල . පස්සේ මහනුවර නගරසභාවට අයත් බිම් කඩක මේ ඔරලෝසු කණුව නිර්මාණය කරලා තියෙනවා .


ඔරලෝසු කණුව මහනුවර නගරයේ තියෙන සාම්ප්‍රදායික නිර්මාණවලට ගැළපෙන විදියට ඒ සැලසුම් ක්‍රම උපයෝගී කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ . මේ නිර්මාණයට වාස්තු නිර්මාණ කටයුතු කරලා තියෙන්නේ ෂර්ලිද අල්විස් මහතා .


1950 දෙසැම්බර් 23 තමයි මේ ඔරලෝසු කණුව විවෘත කරලා තියෙන්නේ . මේ ඔරලෝසු කණුව විවෘත කරලා තියෙන්නේ D S සේනානායක මහතා සහ බණ්ඩාරනායක මහත්මයා කියන අයගේ ප්‍රධානත්වයෙන් . අදත් මේ ඔරලෝසු කණුව ඒ පියාගේ දරුදුක සඟවාගෙන මහනුවරටම වෙලාව කියමින් නගරයේ ප්‍රධාන අංගයක් විදියට පවතිනවා .







ඔරලෝසු කණුවේ මෙන්න මෙහෙම සටහනක් තියෙනවා සමරු ඵලකයේ .



THIS CLOCK TOWER IS THE GIFT O
F HAJI MOHAMED ISMAIL
TO THE TOWN OF KANDY IN
MEMORY OF HIS BELOVED SON
MOHAMED ZACKY ISMAIL
WHO LOST HIS LIFE
AT KADUGANNAWA
ON 14th AUGUST 1947

මේ තමයි ඔරලෝසු කණුවේ මතක සටහන .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




මහනුවර නගරයට නිතරම යන එන කෙනෙක් විදියට නිතරම ඇස ගැටෙන දෙයක් තමයි මේ මහනුවර ඔරලෝසු කණුව කියලා කියන්නේ . ඇත්තටම මේ ඔරලෝසු කණුවට මෙ...