අකුරු කියවීමේ සිරිත් විරිත්






දරුවෙන් ඉපදීම මංගල කාරණයක් . ඒවගේම තමයි මේ ජීවිතයේ ගොඩක් දේවල් මංගල කාරණා විදියට සලකනවා . නැකත් බලලා සිරිත් විරිත් කරලා ඒ දේවල් කරන්න කියලා අතීතයේ සෘෂිවරු නියම කරලා තියෙන්නේ ඒ මංගල කාරණා වලින් ඇතිවෙන ශක්තිය නිසා මනුෂ්‍ය ජීවිතයේ යහ පැවැත්ම තීරණය කෙරෙන නිසා . මනුෂ්‍යයෙක් වශයෙන් ඉපදිලා ජීවිතය නිසියාකාරව ගෙවන්න නම් හොඳ අධ්‍යාපනයක් හිමි වෙන්න ඕන . ඒ වෙනුවෙන් මූලාරම්භය ගැනීමත් ජීවිතයේ මංගල කාරණයක් විදියට තමයි සලකන්නේ . අකුරු කියවීමේ චාරිත්‍රය කෙරෙන්නේ අන්න ඒ අධ්‍යාපන කාර්යය ආරම්භ කිරීම සනිටුහන් කිරීමට .

කාලෙකට කලින් මම මේ අකුරු කියවීම සම්බන්ධව කෙරෙන වැරදි චාරිත්‍රයක් සම්බන්ධව ලිපියක් මම ෆේස්බුක් ග්රූප් එකක ලිව්වා . මොකද සමාජ සම්මත ක්‍රම අනුව කෙරෙන යම් යම් දේවල් ජ්‍යෝතිෂ සහ අක්ෂර විද්‍යාවට ගැළපෙන්නේ නැති අවස්ථා තියෙන නිසා . මේ තියෙන්නේ ඒ ලිපිය .



නොදැනුවත්කම නිසාම කෙරෙන අකුරු කියවීම සම්බන්ධ වැරදි සිරිත

නැකතට අකුරු කියවීම කියන චාරිත්‍රය අනාදිමත් කාලයක ඉඳලා පැවත එන සිරිතක් . සාමාන්‍යයෙන් අකුරු කියවන වයස එනකොට බබාලා තමන්ට ඇහෙන ඇහෙන දේවල් කියන වයස . ඒත් ඒ වෙනකල් කිසිම කෙනෙක් බබාට කිසිම අකුරක් හෝ වචනයක් කියලා දෙන්නේ නැතුව ඉන්න වගබලා ගන්නවානම් තමයි හොඳ . මොකද නැකතකට ඒ දේ කරන්න කියලා වෙන් කරලා තියෙන්නේ නැකතටම ඒ දේ කරන එකෙන් ළමයා හොඳ තැනකට අධ්‍යාපනයෙන් එයි කියලා බලාපොරොත්තු වෙන නිසා .

ඇහෙන දේවල් කිව්වට කමක් නැහැ . ඒත් බබාට දෙයක් බලෙන් ඉගැන්වීම තමයි නොකරන්න ඕන . ඒ නිසා බබාලා සාමාන්‍යයෙන් ඇහෙන ඇහෙන දේවල් කියවන්න පටන් ගන්නකොටම වගේ අකුරු කියවීමත් කරනවානම් ඒක සුබ දායක පැත්තට හැරෙනවා . එහෙම නොවී අකුරු කියවන්න කලින් යමක් කියලා දුන්නා කියලා බය වෙන්න ඕන නැහැ . එහෙනම් ඒ දේවල් එහෙමම තියලා අලුතෙන් ඉගෙන ගන්න පටන් ගන්නවා වගේ අකුරු කියවන්න හොඳ නැකතකට . ඒත් ගැටළුවක් වෙන්නේ නැහැ .

අකුරු කියවීමේදී මූලිකව කරන යම් යම් සිරිත් විරිත් පුදපූජා තම තමන්ට කැමති විදියට කෙනෙක් තමන්ට නියමකරන විදියට කරාට ගැටළුවක් නැහැ . ඒත් දරුවෙක්ට අකුරු කියවන අම්මලා මෙන්න මේ දේ හරියාකාරව තේරුම් ගන්නවානම් හොඳයි කියලා මම විශ්වාස කරනවා . අද වෙනකොටත් මේ සිරිත නොපිටට යි කෙරෙන්නේ . ඒත් නිවැරදි කරගන්න තවමත් කල් තියෙනවා .

මම මේකට උදව්වක් වෙන්න ෆොටෝ එකක් දානවා සිංහල භාෂාවේ ප්‍රධානම ව්‍යාකරණ පොත විදියට සලකන සිදත් සඟරාවේ .

අතීතයේ ඉඳලාම අකුරු වෙන් කරගෙන ඇවිත් තියෙනවා දිව්‍ය අක්ෂර , අපාය අක්ෂර සහ මනුෂ්‍ය අක්ෂර කියලා . සාමාන්‍යයෙන් ශක්තිමත් සුබ හොඳ අකුරු කියලා වෙන් කරලා තියෙන්නේ දිව්‍ය අක්ෂර . ඊට පස්සේ මනුෂ්‍ය අක්ෂර . අපාය අක්ෂර හොඳ නැති ශක්තීන් සහිත අක්ෂර වෙනවා .

ඒ නිසා නැකතට අකුරු කියවීමේදී දිව්‍ය අක්ෂරයක් නැකතට කියවීම තමයි වැදගත් සහ බබාට හොඳ පිහිටක් ලබා දෙන්නේ . ඒ නිසා මම නැකතට කියන්න ඕන අකුරු මොනවාද කියලත් මෙතන සඳහන් කරනවා . ඒ අනුව බලනකොට මුලින්ම අකුරු කියවනකොට කියන්න ඕන “ අ “අකුර නෙවෙයි . මෙන්න මේ අකුරු වලින් එකක් තමයි මුලින්ම කියන්න ඕන .

දිව්‍යාක්ෂර - ස ව ල ද ත ඩ ට ඹ ඉ

ස අකුර තමයි අක්ෂර මාලාවේ තියෙන සුබ ම අකුර විදියට පිළිගන්නේ . සිද්ධාර්ථ කුමාරයාටත් ස අකුර මුල් කරලා නම් තියන්න ඒකත් එක හේතුවක් . ඒවගේම තමයි හොඳ දෙයක් සිහිපත් කරන යහපතක් ම වේවා කියන තේරුම දෙන ස්වස්ති සිද්ධම් කියන පාඨය ආරම්භ කරලා තියෙන්නේ ස අකුරෙන් . ඒ නිසා අම්මලා දරුවන්ට අකුරු කියවනකොට නැකතට “ අ “ අකුර මුලින්ම නොකියා දිව්‍ය අක්ෂර වලට මුල් තැන දෙන්න . ස අකුර නැකතට කියවලා ඊට පස්සේ අයන්නේ ඉඳලා හෝඩිය කියවලා අකුරු කියවන එකයි බබාට හොඳ .


========================================================================

සාමාන්‍යයෙන් අකුරු කියවන්න නැකත හැදුවට පස්සේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අකුරු කියවන්නෙ කවුද සහ අකුරු කියවනකොට මොනවද කරන්නේ කියන එක . මොකද ඉස්සර නම් අකුරු කියවලා තියෙන්නේ ගමේ ඉස්කෝලේ මහත්තයා . ඒත් අද කාලේ ගොඩක් වෙලාවට අකුරු කියවන්නේ අම්මා තාත්තා දෙන්නාගෙන් එක්කෙනෙක් . ඒකත් අම්මා තාත්තා දෙන්නාගෙන් කෙනෙක් හොඳට ඉගෙන ගෙන තියෙනවානම් තමයි අකුරු කියවන්නේ . නැත්නම් ඉගෙනගත්ත පවුලේ අය දන්නා කෙනෙක් අකුරු කියවන්න සම්බන්ධ කරගන්නවා . ඒ නිසා සිරිත් විරිත් සහ පුද පූජා මොනවද කියලා සාමාන්‍යයෙන් දන්නේ නැහැ . ඒ නිසා මේ ලිපියේ මම අකුරු කියවනකොට මොනවද කරන්න ඕන කියලා සඳහන් කරනවා .


අකුරු කියවන ස්ථානය පිරිසිදු තැනක් වෙන්න ඕන . පිරිසිදු නැත්නම් එතන පිරිසිදු කරලා මකුළු දැල් කඩලා කහ දියර ඉහළා පිළියෙළ කරගන්න ඕන . ඊට පස්සේ පැදුරක් එළලා ඒ උඩින් සුදු රෙද්දක් එලන්න . සුදු රෙද්දේ පැත්තක තරමක් උස් වෙන්න බුදු පිළිමයක් තැම්පත් කරන්න . ඒ දෙපැත්තේ සරස්වතී දේවියගේ සහ ගණ දෙවියන්ගේ පිළිම දෙකක් තැම්පත් කරන්න .

බුදු පිළිමයට පූජාව විදියට . පහනක් හඳුන්කූරු මල් පැන්භාජනයක් බුද්ධ පූජාව විදියට කිරිබත් පූජා කරන්න .

සරස්වතී දේවියට සහ ගණ දෙවියන්ට පූජාව විදියට වෙන් වෙන් වශයෙන් වට්ටි දෙකක් පිළියෙළ කරන්න ඕන . ඒ පූජා වට්ටි එකකට .

පොල් ගෙඩියක්
තැඹිලි ගෙඩියක්
අඹ
බෙලි
දිවුල්
කෙසෙල්
උක් ගස්
ඇතුළුව පලතුරු වර්ග හතක් තියන්න ඕන .

කැවිලි වර්ග හතක් තියන්න ඕන . මේ කැවිලි වර්ග වලින් ගණ දෙවියන්ගේ පූජා වට්ටියේ අග්ගලා අනිවාර්යයෙන්ම තියන්න ඕන . උඳු මුන් තල කියන ධාන්‍ය වර්ගවලින් පිළියෙළ කරගත්ත කැවිලි අඩංගු වෙන්න ඕන .
හබලපෙති සහිත ආහාරයක් තියෙන්න ඕන
සරස්වතී දේවියගේ පූජා වට්ටියට බෙලි කොළ මාලයක් සහ සුදු නෙලුම් මල් තියන්න .
ගණ දෙවියන්ගේ පූජා වට්ටියට කොහොඹ කොළ මාලයක් සහ රතු නෙලුම් මල් තියන්න .

සරස්වතී දේවියට සහ ගණ දෙවියන්ට පහන් දෙකක් හඳුන් කූරු , කහ රතු නිල් සුදු පාට මල් සහිතව මල් වට්ටි දෙකක් පූජා කරන්න .
පැන් භාජන දෙකක් තියන්න .
තවත් මැටි කලයක වතුර එකක් පුරවලා තියන්න .

අකුරු කියවන්න හෝඩි පොතක් අවශ්‍ය වෙනවා . ඒ වගේම පෑනක් , පැන්සලක් , කොපි පොතක් අවශ්‍ය වෙනවා . මීට අමතරව වැලි පීල්ලක් උපයෝගී කරගන්න පුළුවන් නම් ඉතාම හොඳයි .

========================================================================

අකුරු කියවන නැකතට කලින් දරුවා සහ අකුරු කියවන කෙනා නාලා පිරිසිදු වෙලා සුදු ඇඳුමෙන් සැරසෙන්න . ඊට පස්සේ අකුරු කියවන මේ පැදුරේ නිවැරදි දිශාව බලාගෙන ඉඳගෙන දරුවා ලවා මල් පහන් හඳුන් කූරු පූජා කරවලා පන්සිල් අරගෙන තෙරුවන් වැඳලා දෙවියන්ට පිං දෙන්න . පිරිත් කියන්න පුළුවන් කෙනෙක් නම් පිරිත් කියලා දෙවියන්ට පිං දෙන්න .

ඊට පස්සේ මෙන්න මේ මන්ත්‍රය එක පාරක් කියන්න

ඕං නමඃ ශ‍්‍රී ඝනාය නමඃ සර්වඥාය හරිහරාය රාග ද්වේශනාය හරිහරාය නව කුණ්ඩරාජයාය.  ඕං හ‍්‍රීං දේවයෙන් නමඃ රතනත‍්‍රයෙන් නමඃ  ඕං හ‍්‍රීං ඊශ්වර වජ‍්‍ර විෂ විනාසනී ඊශ්වරී නීශ්වරී කෝටි දෝෂනී වාරුණී වාරුණී ප‍්‍රකට ප‍්‍රකෝටි වීර භද්‍ර සිංහ නේක කාලී  ඕං කාලී ඊශ්වර කාලී විකයණ්ඩි විරූපාක්‍ෂී ධ‍්‍රැතරාෂ්ඨී භුවනේශ්වරී බාලග‍්‍රී බලගන බලදේවී සිද්ධි යෝගී ඝනේශ්වරී චාමුණ්ඩි ලක්‍ෂ්මී සක‍්‍රීන් සැක්ක‍්‍රාන් මාතාංගී මාතාංග දේවී කාල රාත‍්‍රී උමා පතී ගුහාර දේවී පාතාල දේවී එන්මෝහිනී මහා මෝහිනී නාරායන වීරභද්‍ර දේවී වාතාජ්වර පිතාජ්වර ස්ලේශ්මාසාජ්වර  සන්නිපාතාජ්වර දුෂ්ටපානාජ්වර සාදාරව හන හන දහන දහන මත මත චම්ප චම්ප විද්‍යාමනෝහාරය විද්‍යමනෝහාරය කර්ණ කර්ණ වර්ණ වර්ණ උච්ඡාටන උච්ඡාටන ත්‍රෝෂ්ටං ත්‍රෝෂ්ටං නව අරහං මෘග සූකර ව්‍යාඝ‍්‍ර සර්ප විෂ විනාසාය  ප‍්‍රමන්ත‍්‍ර ෙඡ්දනාය ප‍්‍රවිද්‍යා ෙඡ්දනාය භගවතී භගවතී ගෝතමී ගෝතම මුණී යක්‍ෂ භය චෝර භය මාර භය විෂ විනාසනී තක්‍ෂලී තක්‍ෂලී තමට තමට චලිත චලිතතට තට නශ්ඨ නශ්ඨ  ඕං ටඃ හ‍්‍රීං ටඃ ගෞ ටඃ චක‍්‍ර වාලාය චක‍්‍රවාලාය කපාලය කපාලය සූර්ය ප‍්‍රලයාය සරණාය නවන්දිනාය ජීව දේවනී අංගුලිමාල මහා කාලී නමෝ ඉන්ද්‍රනීල මහා බහිරවී ආදි බහිරවී ආමා බහිරවී ඊමා බහිරවී ප‍්‍රකට බහිරවී ඝෝර බහිරවී මාර බහිරවී බහිරව දේවී බහිරව රාක්‍ෂී  නාලා ඉරත්තු පත්තේට්ටු විෂාදි විෂ සූනියං ප‍්‍රමන්ත‍්‍ර ප‍්‍රතන්ත‍්‍ර ප‍්‍රවිද්‍යා ෙඡ්දනකාරී ශ‍්‍රී නාරායන බ‍්‍රහ්මනී කෞමාරි දේවතාවී  ප‍්‍රකෝටි විෂ විනාශනී  ආඝෝර මුණිවර සරනි රාජ මන්ත‍්‍රී ශාන්ති කව්වේද මන්ත‍්‍ර භූවනී මහා මන්ත‍්‍ර ද්වේෂනී භ‍්‍රහ්මනී බ‍්‍රහ්මනී කෝටි ගුණ දේවේන්ද්‍ර නවකුණ්ඩ රාජයා සිද්ධි කර සිද්ධි සිද්ධී ඒස්වාහඃ 


ඊට පස්සේ සරස්වතී දේවියට සහ ගණ දෙවියන්ට මේ ස්තෝත්‍ර දෙක කියලා වන්දනා කරන්න .

ඕම් වාක් දේව්‍යයිච විද්මහේ
විරින්චි පත්නියි ච ධී මහේ
තන්නෝ වානී ප්‍රචෝදයාත

ඕම් ඒක දන්තය විද්මහේ
වක්‍ර තුන්ඩාය ධී මහේ
තන්නෝ දන්තී ප්‍රචෝදයාත

දැන් අකුරු කියවන්න ආරම්භ කරන්න තියෙන්නේ . මුලින්ම අකුරු කියන ළමයා ලවා ස්වස්ති සිද්ධම් කියලා තුන් වතාවක් කියන්න . ළමයා කියන්නේ නැත්නම් තමන් හරි තුන් වතාවක් කියන්න .

ඊට පස්සේ ළමයාගේ අත අල්ලලා මුලින්ම කියන අකුර කියවන්න . ඊට පස්සේ සිංහල හෝඩියේ ස්වර අකුරුත් ව්‍යංජන අකුරුත් කියවන්න . ඊට පස්සේ ඉලක්කම් කියවන්න . එකේ ඉඳලා දහය වෙනකල් . ඊට පස්සේ අවශ්‍ය නම් ඉංග්‍රීසි හෝඩිය කියවන්න .

දැන් ළමයා ලවා අකුරු ලියවන්න . අතින් අල්ලලා අකුරු ලියවන්න . පොතක නැත්නම් වැලි පීල්ලේ අකුරු ලියවන්න . මම නම් කැමති වැලි පීල්ලක අකුරු ලියනවානම් තමයි මොකද ඇඟිලි තුඩු අවසානයේ තියෙන ස්නායු තෙරපෙනකොට මොලයට ඒ දේවල් යනවා වැඩි නිසා .

මේ විදියට අකුරු කියවලා ඉවර වෙලා ඊට පස්සේ ඉතුරු වෙලා තියෙන පුද පූජාවන් කන්න නැති කෙනෙක්ට දන් දෙන්න .

මේ විදියට සිරිත් විරිත් කරලා අකුරු කියවීම කියන මංගල කාරණය ඇත්තටම මංගල කාරණයක් බවට පත් කරගන්න .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!




දරුවෙන් ඉපදීම මංගල කාරණයක් . ඒවගේම තමයි මේ ජීවිතයේ ගොඩක් දේවල් මංගල කාරණා විදියට සලකනවා . නැකත් බලලා සිරිත් විරිත් කරලා ඒ දේවල් කරන්න ක...

පළාපල කථනය




ඔබගේ උපන් දිනය , උපන් වෙලාව සහ උපන් ස්ථානය අනුව පිළියෙළ කරනු ලබන දළ කේන්දර සටහන සහ භාව කේන්ද්‍ර සටහන අනුව ඵලාපල කථනය සිදු කරනු ලැබේ . එබැවින් ඔබ සතු ඔබගේ ජන්ම පත්‍ර සටහන් එවීම අවශ්‍ය නොවේ .

පළාපල කථනය PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අමතර ගෙවීමක් සිදුකළයුතු වේ . පලාපල කථනය සඳහා 1700 /= ක මුදලක් අය කෙරේ .

මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක ඔබගේ සේවාවන් භාරගන්නා අවස්ථාවේ ලබාදීම සිදුකෙරේ .

මෙම සේවාව සමග ඊමේල් හරහා සම්බන්ධ වීමට අවශ්‍ය නම් බ්ලොග් අඩවියේ contact form ඔස්සේ මෙම දත්ත ලබාදීම සිදුකිරීමට හැක . එහිදී ඔබගේ දුරකථන අංකයක් ලබා දීම සේවාව පහසු කිරීමට දායක වේ .

පළාපල කථනය සඳහා


ඔබේ නම මෙහි සඳහන් කරන්න : ( අත්‍යාවශ්‍ය වේ )


ඊමේල් ලිපිනය මෙහි සඳහන් කරන්න : ( අත්‍යාවශ්‍ය වේ  )


පළාපල කථනය සඳහා මෙම දත්ත අවශ්‍ය වේ . පහත ෆෝරමය පුරවා එම දත්ත අපවෙත ලබීට සලස්වන්න

ජන්මපත්‍රය අයත් කෙනාගේ නම
ඔබගේ දුරකථන අංකය
ස්ත්‍රී / පුර්ෂ
උපන් දිනය
උපන් වේලාව ( පෙ.ව / ප.ව සමග )
උපන් නගරය
ලග්නය ( දන්නවානම් )
නවාංශකය ( දන්නවානම් )
නැකත ( දන්නවානම් )
දසා ශේෂය ( දන්නවානම් )
විවාහක අවිවාහක බව
රැකියාව
දරුවන් සිටී නම් කී දෙනෙක්ද ?
මව පියා ජීවත්ව සිටීද ?
සහෝදර සහෝදරියන් සිටී නම් දෙනෙක්ද ?
ඵලාපල කථනය හරහා විශේෂයෙන් දැනගත යුත්තේ මොනවාද ?







ඔන්ලයින් සේවාවක් ලෙස මෙම සේවාව පවත්වාගෙන යන අතර ඔබගේ පළාපල සටහනේ යම් ගැටළුවක් තිබේනම් හෝ පැහැදිළි කරගැනීමක් අවශ්‍ය වේ නම් ඒ සඳහා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වීමට හැකියාව තිබේ .





ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

ඔබගේ උපන් දිනය , උපන් වෙලාව සහ උපන් ස්ථානය අනුව පිළියෙළ කරනු ලබන දළ කේන්දර සටහන සහ භාව කේන්ද්‍ර සටහන අනුව ඵලාපල කථනය සිදු කරනු ලැබේ . ...