විභාග සමත් වීම , පිළිකා රෝග , වෙනත් රෝග , අපල හා ව්‍යාපාර සාර්ථක වීම වැනි කරුණු සඳහා මෙම සේවාව ඔස්සේ සෙත් කවි රචනා කිරීම සිදු කෙරේ . ෆෝරමයේ...
විවාහ වූ ඔබගේ දරු සුරතල් බැලීමේ සිහිනය තවමත් ප්‍රමාද නම් ඒ සඳහා ජ්‍යෝතිෂ විද්‍යාව ඔස්සේ ප්‍රතිකාර නියම කිරීම මෙම සේවාව ඔස්සේ සිදුකෙරේ . ෆෝර...
ඔබ විවාහ වීමට සිටින අයගේ සහ ඔබගේ ජන්ම පත්‍රය හෝ ඔබගේ දරුවා සමග විවාහ වීමට බලාපොරොත්තුවන අයගේ ජන්ම පත්‍ර ගැළපීම මෙහිදී සිදු කෙරේ . මේ ඔස්සේ ප...
අභිනවයෙන් විවාහ වීමට බලාපොරොත්තුවන ඔබ දෙපළගේ විවාහ දිනය සඳහා සහ ඒ සම්බන්ධ කටයුතු වෙනුවෙන් අවශ් දින නියම කිරීම සහය නැකත් පත්‍රය පිළියෙළ කිරී...
හිසකෙස්ඉ කැපීම , ඳුල් කටගෑම , අකුරු කියවීම , නිවාස ඉදි කිරීම හා පදිංචි වීම , ව්‍යාපාර ස්ථාන ඉදි කිරීම සහ ව්‍යාපාර ආරම්භ කිරීම ආදී ඕනෑම කටයුත...
පළාපල කථනය ඔස්සේ ඔබගේ ජන්ම පත්‍රයේ සියලු අවස්ථා ආවරණයවන ආකාරයේ සවිස්තරාත්මක විග්රහ කිරීමක් ලබා දේ . මෙහිදී වැඩි වශයෙන්ම අවධානය දෙනු ලබනෙන් ...
අලුත උපන් දරුවාට නමක් තැබීමට , ඔබගේ ව්‍යාපාරයේ පවතින නමේ නිරවද්‍යතාවය පරීක්ෂා කරවීමට , ඔබ අලුතෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන නව ව්‍යාපාරය සඳ...
අලුත උපන් දරුවාගේ හෝ ඔබගේ නැතිවුණු ජන්ම පත්‍රය වෙනුවට නව ජන්මපත්රයක් සකසා දීම මේ ඔස්සේ සිදුකරනු ලැබේ . අතින් ලියන ලද පිටපතක් අනිවාර්යයෙන් ල...
1.නමස්තේස්තු මහා මායේ - ශ්‍රී පීඨේ සුර පුජිතේ
ශංඛ චක්‍ර ගධා හස්තේ - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(මහා මායාවන් ඉර්ධින් කරන්නියට නමස්කාර වේවා - ශ්‍රී පිඨයෙහි දෙවියන්ගෙන් වැදුම් ලබන
හක් ගෙඩිය, චක්‍රායුධය, ගධාව අතින් දරා සිටින - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර කරමි)
2.නමස්තේ ගරුඬාරුඩේ - කෝලාසුර භයන්කරි
සර්ව පාප හරේ දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(ගුරුළා පිට එන්නියට නමස්කාර වේවා - කෝල නම් අසුරයා භයට පත් කල
සියලු පවු දුරුකරන - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර කරමි)
3.සර්වඥේ සර්ව වර දේ - සර්ව දුෂ්ඨ භයන්කරි
සර්ව දුක්ඛ හරේ දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(සියලු ඥානයෙන් යුත් සියලු වර ලබාදෙන - සියලු නපුර පලවා හරින
සියලු දුක් නැතිකරන - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)
4.සිද්ධි බුද්ධි ප්‍රදේ දේවි - භුක්ති මුක්ති ප්රදායිනි
මන්ත්‍ර මුර්තේ සදා දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(සාර්ථකත්වය බුද්ධිය ලබා දෙන - සතුට විමුක්තිය ලබා දෙන
මන්ත්‍රයන්හි ප්රතිමුර්තියක් වූ මන්ත්‍ර තුලින් පැන නගින්නා වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)
5.ආද්‍යන්ත රහිතේ දේවි - ආධ්‍ය ශක්ති මහේෂ්වරී
යෝගජේ යෝග සම්භුතේ - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(මුලක් අගක් නැති තරම් අපරිමිත වූ - විශ්ව ප්රාරම්භක ශක්තිය වූ
යෝග තුල වැඩ හිදින්නා වූ යෝග වල ආරම්භය වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)
6.ස්ථුල ශුක්ෂ්ම මහා රෞද්රේ - මහා ශක්ති මහෝදරේ
මහා පාප හරේ දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(ඉතා විශාල ,ඉතා කුඩා ස්වභාව ගත හැකි, මහා රෞද්‍ර වූ - මහා ශක්තියක් සහිත මහා සෞභාග්‍යයෙන් යුතු
පවු හරණය කරන - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)
7.පද්මාසනස්තිතේ දේවි - පර බ්‍රහ්ම ස්වරුපිනි
පරමේෂි ජගන් මාත - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(නෙලුම් ආසනය මත වැඩ හිඳින - බ්‍රහ්ම ස්වභාවයෙන් යුක්ත
මහා උතුම් වූ විශ්ව මාතෘ වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)
8.ශ්වෙතාම්බරධරේ දේවි - නානා ලංකාර භුශිතේ
ජගස්තිතේ ජඝන් මාත - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(සුදු වස්ත්‍රයෙන් සැරසුන - විවිද අලංකාර වලින් විභූෂිත
විශ්වය සිසාරා පැතිරී පවතින , විශ්ව මාතෘ වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)
1.නමස්තේස්තු මහා මායේ - ශ්‍රී පීඨේ සුර පුජිතේ ශංඛ චක්‍ර ගධා හස්තේ - මහා ලක්ෂ්මී නමොස්තුතේ (මහා මායාවන් ඉර්ධින් කරන්නියට නමස්කාර වේව...

අද මුහුණුපොතේ ගියපු පෝස්ට් එකක් දැකලා මතකය තරමක් ඈතට ඇදිලා ගියා . ඉස්කෝලේ කෑම අරගෙන ගියපු විදිය ගැන . ඇත්තටම ඒ මතකය අලුත් වීම ඇත්තටම හිතට අමුතු සතුටක් අරගෙන ආවා . ඒවගේම තමයි ඒ කාලේ කරපු දේවල් තව තවත් මතක් වුණා . ඒ නිසා මේ වගේ පෝස්ට් ඇත්තටම දැමීමත් එක අතකට මිනිස්සුන්ගේ මනසට යම් සැහැල්ලුවක් අරගෙන දෙනවා .
මොන්ටිසෝරි යන කාලේ ඉඳලාම මට කෑම ගෙනියන්න කෑම පෙට්ටි තිබුණා . මොන්ටිසෝරි අරගෙන ගියපු කෑම පෙට්ටි තවම තියෙනවා . ඒත් ඊට පස්සේ පාවිච්චි කරපු කෑම පෙට්ටි නම් ඒ වගේ කල් ඉතුරු වුණේ නැහැ . මොකද පාවිච්චි කරන්න බැරි වුණාම වෙන වෙන වැඩ වලට සෙල්ලම් කරන්න එහෙම ගත්ත නිසා .
මොන්ටිසෝරි යන කාලේ තිබුණේ තට්ටු දෙකක කෑම පෙට්ටියක් . කොළපාට පියනක් සහ මැද කොටස කහපාට කොටසක් . යට තිබුණු කොටස ආයෙත් කොළ පාට එකක් . මට මතකයි මම මොන්ටිසෝරි යවන්න තාත්තා මට බෑග් එකයි කෑම පෙට්ටියයි දෙකම කහ කොළ පාට මිශ්‍ර විදියට ගළපලා .
මේ කෑම පෙට්ටියේ ගොඩක් වෙලාවට තට්ටු දෙකක් තිබුණට පාවිච්චි කරේ එක තට්ටුවයි . ඒකට ටී බනිස් , ඉඳියාප්ප , නූඩ්ල්ස් එහෙම තමයි අරගෙන යන්න දාලා දුන්නේ . මම වැඩියෙන්ම කැමති ඒ කාලේ ටී බනිස් කන්න . ඒ නිසා වැඩියෙන්ම ලැබුණේ ඒවා . ඒ වුණාට අම්මා වෙනසකට කියලා ටී බනිස් දෙන එක කාලෙන් කාලෙට වෙනස් කරා . මොන්ටිසෝරිය ඇත්තටම හරිම පිළිවෙලට කෙරුණු මොන්ටිසෝරියක් . ඒ නිසා ඒකට ගුරු දෙගුරු සම්බන්ධතා පොතක් එහෙමත් තිබුණා . මේ ගුරු දෙගුරු සම්බන්ධතා පොතයි , කෑම පෙට්ටියයි පරීක්ෂා කරන එක අම්මලාගේ වගකීමක් විදියට නම් කරලා තිබුණේ . ඒ නිසා කෑම ඉතුරු වෙලා වණ වුණේ නැහැ කිසි දවසක .
1 2 3 වසරවල් වලදීත් ඔය තත්වය ඔහොමම වගේ තිබුණා . 3 වසරේ වගේ ඉඳලා මට මතකයි මම බත් විතරක් ගෙනියන්න පුරුදු වුණා . කඩවල්වල කෑම සහ වෙන වෙන දේවල් එපා වෙච්ච තත්වයක් තිබුණේ . පොල්සම්බෝල එක්ක හරි බත් අරගෙන යන්න තමයි ඕන වුණේ . ඔය තත්වය උසස්පෙළ කරලා අවසන් වෙනකල් ම වගේ තිබුණා .
4 5 6 7 8 9 වසරවල් වලදී කෑම පෙට්ටිවල තමයි කෑම අරගෙන ගියේ . ඔය කාලයේ ඔය පෝස්ට් එකේ කියලා තියෙනවා වගේ කෑම පෙට්ටි අමතක වීම් , වතුර බෝතල් අමතක වීම් නම් අනන්තවත් වෙලා තියෙනවා . ඊට වඩා හොඳ කතාව කියන්නේ ඔය කාලවල් වලදී මටම කෑම පෙට්ටිය සහ වතුර බෝතලේ හෝදලා තියන්න කියලා අම්මා නියම කරපු එක .
හවසට ඉස්කෝලේ ඇරිලා ආවට පස්සේ මම කෑම පෙට්ටිය හෝදලා තියනවා . ඊට පස්සේ පහුවෙනිදා උදේට අම්මා ආයෙත් කෑම පෙට්ටිය හෝදලා කෑම දාලා දෙනවා . ආයෙත් හවස මම හෝදලා තියනවා . ඔය චක්‍රය තමයි සාමාන්‍යයෙන් වුණේ . ඒ වුණාට සමහර දවස්වලදී සිකුරාදා ගෙදර ආවම කෑම පෙට්ටිය අම්මටත් මතක් වෙන්නේ සඳුදා උදේට . ඒ වගේ දවස් වලට උදේම අම්මා හොඳට අමතලා කෑම පෙට්ටිය මැදලා මැදලා හෝදලා කෑම දාලා දෙනවා .
ඊට පස්සේ මේ වැඩේ වෙන සීඝ්‍රතාවය වැඩි වුණු නිසා කෑම පෙට්ටි දෙකක් පාවිච්චි කරා . ඊට පස්සේ ඉස්කෝලේ නිවාඩු දෙන්න ගත්තට පස්සේ නිවාඩු අවසන් වෙන දවසට කෑම පෙට්ටිය එළියට ගන්නා අවස්ථා තිබුණා . ඒ දවස් වලදී කෑම පෙට්ටිය පාවිච්චියට ගන්නේ නැතුව විසි කරපු අවස්ථාත් තියෙනවා .
ටික ටික පංතියෙන් ඉහළට එනකොට කෑම පෙට්ටිවල කෑම ගැනීම ලැජ්ජාවට කාරණාවක් වුණා . ඒක ඒ වයසේ ළමයි හදාගත්ත කතාවක් . ඒ නිසා ලන්ච්ශීට් එකේ කෑම ඔතලා අරගෙන යන්න පටන් ගත්තා . මේ නිසා පත්තර පාවිච්චියත් අධිකව සිදුවුණා . මේ අතරේ කෙහෙල් කොලේ බත් ගෙනිච්චා . ඒ වුණාට උදේ පාන්දර අම්මාට කරදර කරන්න බැරි නිසා ලන්ච්ශීට්වල බත් අරගෙන ගියා . හැබැයි මම ඒ කාලෙත් කැමැත්ත තිබුණේ කෑම පෙට්ටියක කෑම අරගෙන යන්න . ඒ වුණාට එහෙම කෑම පෙට්ටියක කෑම ගැනීම ලැජ්ජාවට කාරණාවක් නිසා අකමැත්තෙන් වුණත් කොළ වල බත් අරගෙන ගියා .
ඒවගේ කෑම පෙට්ටිවල බත් අරගෙන ආව අයට හිනා වුණු අය අද මුහුණු පොතේ ශෙයා කරනවා පරිසරය ආරක්ෂා කරන්න අපි කෑම පෙට්ටියක හෝ පිඟානක හෝ කෑම අරගෙන යමු කියලා . ඒවා දැක්කම ඇත්තටම මොන ජීවිතද මේ කියලා හිතෙනවා .
කොහොම වුණත් කෑම පෙට්ටිය ඒ කාලේ දවසේ එක වතාවක් හරි මතක්වෙන අංගයක් වෙලා තිබුණේ .
මේ දේවල් ටයිප් කරනකොට මතක් වෙන මතකය ඇත්තටම හරිම සුන්දරයි .
අද මුහුණුපොතේ ගියපු පෝස්ට් එකක් දැකලා මතකය තරමක් ඈතට ඇදිලා ගියා . ඉස්කෝලේ කෑම අරගෙන ගියපු විදිය ගැන . ඇත්තටම ඒ මතකය අලුත් වීම ඇත්තටම හිතට ...