මුතු මුතු වැස්සේ



මුතු මුතු වැස්‌සේ පට කුඩයේ තනිවෙලා

සුදු මුතු මැණිකේ කොහි යන්නේ සැරසිලා

තෙමි තෙමි වැස්‌සේ ඇයි ඉන්නේ හිනහිලා

යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා


‍පාලුවේ වැහි බිරමේ තනිවි බලා හිදින්නේ

කාටදෝ පවසන්නකෝ ඔබගේ සෙනෙහේ පුදන්නේ

මා ලැබු සිත් වේදනා ඇයගේ ලොවේ පෙරදිනේ

නෑ මැකි මතකෙන් මගේ එය මා සිතේ දරන්නේ


‍ජීවිතේ හැම කාලයේ ඔබගේ ලොවේ රැදෙන්නේ

රෑ දිවා දුක හා සැපේ හිඳිමි පලා නොයන්නේ

මේ ලෙසේ තනි ජීවිතේ සැමදා ගෙවා පතන්නේ

ආදරේ පිලිගන්න බෑ යළි මා මුලා නොවන්නේ


ගී පද - බන්ධුල ජයසිංහ

තනුව - සරත් ද අල්විස්

ගායනය - සෝමසිරි මැදගෙදර / චන්ද්‍රලේඛා පෙරේරා



මුතු මුතු වැස්‌සේ පට කුඩයේ තනිවෙලා සුදු මුතු මැණිකේ කොහි යන්නේ සැරසිලා තෙමි තෙමි වැස්‌සේ ඇයි ඉන්නේ හිනහිලා යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා ‍ප...

Toxic Relationships විෂ සහිත සම්බන්ධතා වලින් කොහොමද මිදෙන්නේ ?

 




ප්‍රේම සම්බන්ධතාවයක් ඇතුලේ වගේම විවාහ ජීවිතය වගේ බැඳීමක් ඇතුලේ වුණත් දෙමව්පියන් සහ දරුවන් අතරේත් , රැකියා ස්ථානයේ ඉන්න අපිට හමුවෙන අය සහ අපි අතරේ උනත් ඒ නැත්නම් මිතුරු කණ්ඩායම් තුළ වුණත් අපිට විවිධාකාරයෙන් Toxic Relationship තියෙන අය දකින්න ලැබෙනවා . ඒ වගේ Toxic Relationship තියෙනකොට බොහෝමයක් ගැටලුකාරී සහ ආතතිය ඇති කරන විවිධ අවස්ථාවන්ට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා . අපි ඉන්න අවට Toxic පුද්ගලයන් සිටිනවා කියලා අපිට තනියමම ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ . ඒ නිසා ඒ වගේ අය එක්ක ගණුදෙනු කරගෙන ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපි අපි තුල සහ අපේ වටපිටාවේ ඇති කරගන්න ඕන . ඒ වෙනුවෙන් අපි සැලසුම් සහගතව අපේ මනස සහ වටපිටාව සකස් කරගන්න ඕන .


කිසිම හේතුවක් නැතුව අපිට රිදවන්න බලා ඉන්න අය එක්ක කටයුතු කරනකොට අපිට ගන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය වෙන්නේ එයාලා වෙනුවෙන් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව ඉන්න එක . ඒ කියන්නේ එයාලා අපිට රිදවනකොට සහ අපිව අපහසුතාවයට පත්වෙන්න වැඩ කරනකොට ඒ වගේ දේවල් වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්නේ නැතුව අපේ මානසික සුවතාවයට සහ සතුටට මුල් තැන දීලා අපේ වැඩ වලට පූර්ණ අවධානය දීම අපි කරන්න ඕන .

Toxic අය මැද කොහොමද ජීවත් වෙන්නේ කියලා අපි සරල පියවර කීපයකින් ඉගෙන ගනිමු .



  ප්‍රේම සම්බන්ධතාවයක් ඇතුලේ වගේම විවාහ ජීවිතය වගේ බැඳීමක් ඇතුලේ වුණත් දෙමව්පියන් සහ දරුවන් අතරේත් , රැකියා ස්ථානයේ ඉන්න අපිට හමුවෙන අය සහ අ...

මෛත්‍රී භාවනාවේ ආනිසංස සහ උපකාරක වීඩියෝව




ගෙරවීම් දත් සැපීම් කෙඳිරීම් නන් දෙඩීම් ඒ මේ අත පෙරළීම්වලින් තොරව සුවසේ නින්දයාම.

කෙඳිරීම් ඈනුම් ඇරීම් ඇඟමැලි කැඩීම් ආදියෙන් තොරව පද්මයක් පුබුදුවන්නාක් මෙන් සැපසේ නින්දෙන් අවදිවීම.

සර්පයන්ට සොරුන්ට ඇතුන්ට සතුරන්ට හසුවීම් ආදී භයානක සිහින නො පෙනීම.

දකින දකින සැමට ම ප්‍රියවීම.

මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට ද ප්‍රියවීම.

දෙවියන් විසින් ආදරයෙන් ආරක්ෂා කරනු ලැබීම.

ගින්නෙන් විෂෙන් හා ආයුධවලින් ද අනතුරු නො වීම.

වහා සිත සමාධි වීම.

මුහුණ පැහැපත් වී බැබලීම.

නොමුළාව කාලක්‍රියා කරන්නට ලැබීම.

ඒ ජාතියේ ම රහත් නූවහොත් බ්‍ර‍හ්මලෝකයේ ඉපදීම.




ගෙරවීම් දත් සැපීම් කෙඳිරීම් නන් දෙඩීම් ඒ මේ අත පෙරළීම්වලින් තොරව සුවසේ නින්දයාම. කෙඳිරීම් ඈනුම් ඇරීම් ඇඟමැලි කැඩීම් ආදියෙන් තොරව පද්මයක් පුබ...

හිතුවෙවත් නැති දවසක





හිතුවෙවත් නැති දවසක 

හිතන්නැතුවම ළංවුනා

අතීතයේ දුර ඈතක 

ආදරේ මග වැරදුණා

අපි අපිම අද ආයෙම 

හමුවුණා ඒ පාරෙම

අපි හමුවුනා ඒ පාරේම


මල් යාය මැලවුණා

මල් දෙවැට හැඩිවුණා

සමනල්ලු ඉහ හැරුණු අත ගියා

අපි ආයේ නොයනා නිසා


නිල් අහස කලු වුණා

ඉකිගගහා වැලපුණා

කදුලින්ම පිරුණු වැව බොරවුනා

අපි නිතර ආවගිය තැන නිසා


ගී පද - ප්‍රගීත් විජේසූරිය

සංගීතය - ශාලිත මහේෂ් සහ සංඛ

ගායනය - ශාලිත මහේෂ් සහ සංඛ



හිතුවෙවත් නැති දවසක  හිතන්නැතුවම ළංවුනා අතීතයේ දුර ඈතක  ආදරේ මග වැරදුණා අපි අපිම අද ආයෙම  හමුවුණා ඒ පාරෙම අපි හමුවුනා ඒ පාරේම මල් යාය මැලවුණ...

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

 



හිමින් සැරේ පියා විදා

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

පලා ඇවිත් සිතුම් සියොතුන්

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්


මලක් නම් එය මලක් වුව මැන

සිනිඳු සුකොමල රුවෙන් සරසන

විලක් නම් එය විලක් වුව මැන

නීල ඉඳුවර දියෙන් උපදින


නැවුම් වත්සුනු රොනින් මත් වී

සිහින නිම්නය සුපුෂ්පිත වෙයි

සිහින් හඬකින් මහද අමතයි

මුදා හැරදා පවුරු සිරි යහනේ


පද රචනය:- ධර්මසේන පතිරාජ

සංගීතය:- ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

ගායනය:- ටී. එම්. ජයරත්න සමග සුනිලා අබේසේකර



  හිමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් මලක් නම් එය මලක් වුව මැන සින...

දෙවැට අයිනේ මල් පිපෙන්නේ


 


දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි

නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි

සුවද මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි

මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි


සියුමැලී මල් පිපි පාට පාටින් සැරසෙතී

ඇයි ලොවේ පිපුනේ කියා සුවද මල් නොඅසතී


බට ගහේ අතු අත වනන්නේ  පුංචි මල්ලිලාටයි

මල්ලිලා ඒ බට නෙලන්නේ බට නලා හදන්නයි

හදවතේ සුසුමන් නැගෙන්නේ ඒ නළා වයන්නයි

බටනලාවේ ගී ඇසෙන්නේ ආදරේ කතාවයි


බට ගහේ සිදුරකින් හදවතේ සුසුමකින්

නැගෙන ගී රාවයෙන් මියුරු වෙයි අප සවන්


දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි

නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි

සුවද මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි

මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි


සියුමැලී මල් පිපි පාට පාටින් සැරසෙතී

ඇයි ලොවේ පිපුනේ කියා සුවද මල් නොඅසතී


ගායනය : භද්‍රජි මහින්ද ජයතිලක සමග සමිතා එරන්දතී මුදුන්කොටුව

සංගිතය සහ තනුව : භද්රජි මහින්ද ජයතිලක

පදරචනය : භද්‍රජි මහින්ද ජයතිලක




  දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි සුවද මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි මල්ලිලා ඒ ගෙල දමන්...