ප්‍රේම සම්බන්ධතාවයක් ඇතුලේ වගේම විවාහ ජීවිතය වගේ බැඳීමක් ඇතුලේ වුණත් දෙමව්පියන් සහ දරුවන් අතරේත් , රැකියා ස්ථානයේ ඉන්න අපිට හමුවෙන අය සහ අපි අතරේ උනත් ඒ නැත්නම් මිතුරු කණ්ඩායම් තුළ වුණත් අපිට විවිධාකාරයෙන් Toxic Relationship තියෙන අය දකින්න ලැබෙනවා . ඒ වගේ Toxic Relationship තියෙනකොට බොහෝමයක් ගැටලුකාරී සහ ආතතිය ඇති කරන විවිධ අවස්ථාවන්ට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා . අපි ඉන්න අවට Toxic පුද්ගලයන් සිටිනවා කියලා අපිට තනියමම ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ . ඒ නිසා ඒ වගේ අය එක්ක ගණුදෙනු කරගෙන ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපි අපි තුල සහ අපේ වටපිටාවේ ඇති කරගන්න ඕන . ඒ වෙනුවෙන් අපි සැලසුම් සහගතව අපේ මනස සහ වටපිටාව සකස් කරගන්න ඕන .
කිසිම හේතුවක් නැතුව අපිට රිදවන්න බලා ඉන්න අය එක්ක කටයුතු කරනකොට අපිට ගන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය වෙන්නේ එයාලා වෙනුවෙන් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව ඉන්න එක . ඒ කියන්නේ එයාලා අපිට රිදවනකොට සහ අපිව අපහසුතාවයට පත්වෙන්න වැඩ කරනකොට ඒ වගේ දේවල් වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්නේ නැතුව අපේ මානසික සුවතාවයට සහ සතුටට මුල් තැන දීලා අපේ වැඩ වලට පූර්ණ අවධානය දීම අපි කරන්න ඕන .
Toxic අය මැද කොහොමද ජීවත් වෙන්නේ කියලා අපි සරල පියවර කීපයකින් ඉගෙන ගනිමු .
No comments:
Post a Comment