කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මේ දේවල් කරන්න






අමුතුවෙන් පූර්විකා ලියන්න ඕන නැහැ . මොකද කවුරුත් දන්නවා කොරෝනා වෛරසය කියන දේ මේ වෙනකොට ජීවිත දහස් ගණනක් බිල්ලට අරගෙන ඉන්නේ කියලා . කවුරුත් තම තමන් දන්නා දේවල් මේ වෙලාවේ එළියට දානවා . මේ මම පාවිච්චි කරන දේවල් . ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න මේවා අදක ඊයෙක ඉඳලා නෙවෙයි මම මේවා පාවිච්චි කරන්නේ . සමහර දේවල් නම් තියෙනවා දරුවන් ලැබෙන්න ඉන්නා අයට එහෙම හොඳ නැති දේවල් . ඒවා ඒ ඒ තැන් වලදී මම මොනවද කියලා පැහැදිළි කරලා දෙන්නම් .

පෙරුම්කායම්

පෙරුම් කායම් තමයි මේවගේ බෝවෙන රෝගවලින් පරෙස්සම් වෙන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම ඖෂධය වෙන්නේ . සිංහල බෙහෙත් කඩවල් වලින් පෙරුම් කායම් කැටයක් ඉතාම අඩු මිලට ගන්න පුළුවන් . ඒ අරගෙන රෙදි කෑල්ලක ඔතලා ඒක අතේ හරි ඉනේ හරි බෙල්ලේ හරි ගැටගහලා තියාගන්න . මේකේ පොඩි ගඳක් තියෙනවා . ඒක ගණන් ගන්න එපා . පැපොල වගේ බෝවෙන ලෙඩ රෝග ගෙදර කෙනෙක්ට හැදුනාම පෙරුම් කායම් මේ විදියට අතේ ගැටගහගත්තාම සාමාන්‍යයෙන් ඒ අයට ලෙඩේ බෝවෙන්නේ නැහැ . කොරෝනා වෛරසයට නම් ගෙදරත් හැම තැනම වගේ පෙරුම් කායම් කැට තියන්න පුළුවන් නම් හොඳයි . පෙරුම් කායම් ඉන්දියාවේ ආහාර සඳහා එකතු කරනවා අපි කුළුබඩු එකතු කරන විදියටම . ඒ නිසා පුළුවන් නම් ගර්භනීන් නැත්නම් ගෙදර මේ පෙරුම් කායම් වලින් සුළු ප්‍රමාණයක් උයන කෑම එකකට දාලා ආහාරයට ගන්න . මේ ගැන බයක් තියෙනවා නම් දන්නා කියන ආයුර්වේද වෛද්‍යවරයෙක් ගෙන් අහලා දැනගෙන වුණත් පාවිච්චි කරාට කමක් නැහැ . අතේ ගැටගහගන්නා එක නම් අනිවාර්යයෙන්ම කරන්න .

පැඟිරි සහිත දේවල් පානය කිරීම

දෙහි , දොඩම් , නාරං , ජම නාරං , ඇඹුල් දොඩම් වගේ පැඟිරි කුලයේ දේවල් ශරීරයට වැඩියෙන් ගන්න පුළුවන් නම් හොඳයි . ප්‍රතිශක්තිය වර්ධනය කරන්න මේ දේවල් කොහොමත් දායක වෙනවා . මේ ඇතිවෙලා තියෙන තත්වය අනුව මේ දේවල් ගන්නා එක වැඩි කරන්න පුළුවන් නම් හොඳයි . හැබැයි සීනි නැතුව . සීනි ප්‍රතිශක්තිය අඩු කරන දෙයක් නිසා සීනි පාවිච්චි කිරීම නම් හොඳ නැහැ .

දෙහි කොළ / පැඟිරි කොළ තම්බා පානය කිරීම

දෙහි කොළ නම් වඩාත් හොඳයි . එහෙමත් නැත්නම් පැඟිරි ගෙඩි හැදෙන ගස්වල කොළ දෙකතුනක් පිරිසිදු කරලා හොඳට හෝදලා අරගෙන ටිකක් අතින් පොඩි කරලා උණුවතුර කෝප්පයකට දාලා තැම්බෙන්න තියලා ඒක පානය කරන්න . තේ වෙනුවට මේ දේ පානය කරන්න පුළුවන් නම් හොඳයි .

වෙනිවැල් ගැට පානය කිරීම

සිංහල බෙහෙත් කඩවල්වල තියෙනවා වෙනිවැල් ගැට පිටි ගන්න . ඒ වෙනිවැල් ගැට පිටි අරගෙන තේ වෙනුවට වෙනිවැල් ගැට පිටි තේ හැන්දක් නටන වතුර එකට දාලා ටිකක් තැම්බෙන්න තියලා පෙරලා බොන්න . සීනි නැතුව තමයි බොන්න ඕන . මේක බීගන්න බැරි නම් ඔරිජිනල් කිතුල් හකුරු එක්ක බොන්න . ඔරිජිනල් කිතුල් හකුරු නැත්නම් ඉතින් වෙන හකුරු කන්න එපා . සීනි කෑවත් එකයි වෙන හකුරු කෑවත් එකයි .

කසාය පාන වට්ටෝරුවක්

කොත්තමල්ලි 100g , දේවදාර 10g , කටුවැල්බටු 100g , තිප්පිලි 10g , ගම්මිරිස් 10g , වෙනිවැල් 100g

මෙන්න මේ අනුපාතයට මේ දේවල් අරගන්න . ඊට පස්සේ කබලක බොහොම අඩු ගින්දරේ මේවා තරමක් රත් කරගෙන ග්‍රයින්ඩර් එකේ කුඩු කරගන්න . නැත්නම් වංගෙඩියේ කොටා ගන්න . නැත්නම් මිරිස් ගලේ අඹරා ගන්න . මේ ටික බෝතලේක දාලා තියාගෙන තේ හැන්ද ගානේ තේ වෙනුවට තේ හදනවා වගේ සීනි දාන්නේ නැතුව බොන්න . ගර්භනී අයට මේ කසාය හොන නැහැ . වෙන ඕන කෙනෙක්ට හොඳයි . ඔය කඩේ පස්පංගුව පැකට් එකේ තියෙන්නෙත් මේවා තමයි .

පොල් පුච්චලා ආහාරයට ගැනීම

අලුත බිඳපු පොල් ගෙඩියකින් පොල් කෑල්ලක් ගලවලා අරගෙන ගින්දරට අල්ලලා පුච්චගන්න . ඊට පස්සේ මේ පොල් කෑල්ල ටික ටික ආහාරයට ගන්න . නිකං කන්න බැරිනම් බත් එක්ක ආහාරයට ගන්න .

නෙල්ලි රසකිඳ පානය

නෙල්ලි රසකිඳ බෙහෙත් බඩු කඩේ විකුනන්න තියෙනවා . ඔයාලට පුළුවන් ඒවා කඩෙන් ගන්න . සමාන බර ප්‍රමාන වලින් මේ ජාති දෙක අරගෙන . වේලලා හරි ටිකක් රත් කරලා හරි නැත්නම් එහෙමම වුනත් කමක් නැහැ , කුඩු කරගන්න . මේ කුඩු තේ බොනවා වගේ උණු වතුරට දාලා තම්බලා බොන්න . ලොකු කෑලි විදියට ගන්නවා නම් ඒවා මැටි මුට්ටියකට දාලා වතුර දාලා තම්බලා බොන්න . සීනි නම් ගන්න එපා . ගර්භනී අයට මේ දේ හොඳ නැහැ . ඒ නිසා පෙරුම් කායම් ගැන ගර්භනී අය විශ්වාසයක් තියාගන්න .

ඉඟුරු , සුදුලූනු ආහාරයට ගැනීම

ඔය චීනේ උන්දැල තමයි ඉඟුරු සුදුලූණු ආහාරයට ගැනීම පුරුදු කරගත්තේ . ලංකාවේ කොහොමත් ගත්තා . ඒත් චීනයේ අය එයාලාගේ කෑම එක්ක මේ ඉඟුරු සුදු ළූණු ආහාරයට ගත්තා . මම දන්නා තරමට චීනේ අය එයාලාගේ සාම්ප්‍රදායික වෙදකම් සහ ඖෂධ සහිත ආහාර රටාවල් වලින් ඈත් වෙලා තියෙනවා දැන් වෙනකොට . ඒ නිසා මේ වෛරසයට ලේසියෙන්ම එයාලව ලෙඩ කරන්න පුළුවන් වුනා කියලා මම හිතනවා . කොහොම වුණත් අපි අපේ ආහාර වලට ඉඟුරු සුදුළූණු එකතු කරගමු යහමින් . ටිකක් කල් කනකොට පුරුදු වෙනවා . ගොඩාක්ම නෙවෙයි . දරාගන්න පුළුවන් විදියට අපි ඉඟුරු සුදුළූණු ආහාරයට ගමු .

කහ සහ කොහොඹ

කහ කියන්නේ කොහොමත් ප්‍රභල විෂබීජ නාශක ගුණයක් තියෙන දෙයක් . අමු කහ හෝ වියලි කහ විදියට ආහාරයට කහ එකතු කරගන්න පුළුවන් නම් හොඳයි . උයන දේවල් වලට කහ කුඩු යහමින් එකතු කරලා ආහාරයට ගන්න . කොළ කැඳ එහෙම හදනකොට කොහොඹ කොළ ටිකක් එකතු කරගන්න තිත්ත ගැන හිතන්නේ නැතුව . කොහොඹ සාමාන්‍යයෙන් ගර්භනී බව ලබන්න බැරි ගර්භාෂය ඌෂ්ණ කාන්තාවන්ටත් කොටලා ඉස්ම පානය කරනන් දෙනවා . ඒ නිසා කොහොඹ කොළ ආහාරයට ගත්තා කියලා කිසිම වරදක් නැහැ . කොහොඹ දළු මැල්ලුම් ආහාරයට ගන්න හැකියාවක් තියෙනවා නම් වඩාත් හොඳයි .

සුදුහඳුන් දළු මැල්ලුම්

සුදුහඳුන් කියන්නේ ප්‍රතිශක්තිය වඩවන හොඳ ඖෂධයක් . සුදු හඳුන් දළු මැල්ලුම කියන දේ මමත් මෑතකදී තමයි අත්හදා බැලුවේ . රසවත් ආහාරයක් වගේම තමයි ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න හොඳ දායකත්වයක් ලබාදෙනවා .

සුදු හඳුන් පානය

සුදු හඳුන් පිටි අපිට පුළුවන් බෙහෙත් කඩෙන් මිලදී ගන්න . ඒකත් තේ බොනවා වගේ උණු වතුරට දාලා තැම්බෙන්න තියලා පෙරලා පානය කරන්න පුළුවන් . සීනි නැතුව තමයි පානය කරන්න ඕන .

තුනපහ භාවිතා කිරීම

ලංකාවේ අපි කන වසවල හැටියට කුස්සියේ තුනපහ තිබ්බේ නැත්නම් අපි මෙලහට මැරිලා යටකරපු තැන්වල ගසුත් පැළ වෙලා . හැම ආහාරයකටම තුනපහ එකතු කරන්න . ඒවගේම තමයි තුනපහ දාලා හොදි හදලා ආහාරයට ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි . කෘත්‍රීම රසකාරක සහ වර්ණක සහිත ආහාරත් , ක්ෂණික ආහාරත් භාවිතය නවත්තන්න . හැමදාම බැරි නම් තාවකාලිකව හරි නවත්තන්න .

රතු ළූණු

සුදුලූණු වගේම රතු ලූනුත් ප්‍රතිශක්තිය වඩන හොඳ ආහාරයක් . රතුලූණුවල ගුණයත් මම අත්දැකලා තියෙනවා ඇත්තටම . ආහාරයට රතුලූණු අමුවෙන් එකතු කරගන්න උත්සාහ කරන්න . බැරිම නම් පිසින ලද ආහාර වලට එකතු කරලා හරි ආහාරයට ගන්න . රතුලූණුවල තියෙන රසයට වඩා ගුණය ගැන හිතලා ආහාරයට ගන්න .

සීනි ආහාරයට ගැනීම

පුළුවන් තරම් අඩු කරලා දාන්න . මොකද සීනි ශරීරයේ ප්‍රතිශක්තිය අඩුකරවනවා කියලා කියන නිසා . මමත් මේ දේ ලිපියක තමයි දැක්කේ . ශරීර යාන්ත්‍රන ගැන හිතලා බලනකොට ඇත්තටම මේ දේ නම් ඇත්ත වෙන්න පුළුවන් . ඒ නිසා සීනි අඩු කිරීම කෝකටත් හොඳයි .

රණවරා සහ බෙලිමල් පානය කිරීම

මේක නම් මම අත්දැකපු දෙයක් නෙවෙයි . මම ඔය දෙකම බීලා තියෙනවා . වෙනසක් නම් දැනිලා නැහැ . ඒත් මම ලිපි කීපයක සහ පොත් කීපයක මේ දේ දැකලා තියෙනවා ප්‍රතිශක්තිය වර්ධනය කරන්න මේ දේවල් තම්බලා බොනවා කියලා . ඒ නිසා මේ දේවල් පානය කිරීමත් හොඳයි .

කොළ කැඳ

කොළ කැඳ විදියට මමනම් යෝජනා කරන්නේ කරපිංචා කොළ කැඳ  . තව කරපිංචා දළු මැල්ලුම් ආහාරයට ගැනීමත් හොඳ ප්‍රතිකාරයක් වෙනවා .

අලුකෙසෙල් ආහාරයට ගැනීම

අලුකෙසෙල් ගෙඩි , අලුකෙසෙල් අල , අලුකෙසෙල් බඩ , අලුකෙසෙල් කඳේ පිති මිරිකලා ගන්නා යුෂය පානය කිරීම . කියන හැම දෙයක්ම ශරීරයේ විෂ ඉවත් කරලා ප්‍රතිශක්තිය වර්ධනය කරන්න දායක වෙනවා .

පොලොස්

පොලොස් ගැට ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා කියලා කියනවා . වෙන්නත් පුළුවන් . ඒකනේ කිරිදෙන අම්මලාට පොලොස් කන්න දෙන්න කියලා කියන්නේ .

නියමිත වතුර ප්‍රමාණය බොන්න මුත්‍රා පිට කරන්න

දෛනිකව කෙනෙක් බොන්න ඕන වතුර ප්‍රමාණයක් තියෙනවා . ඒ වතුර ප්‍රමාණය අඩු කරන්නේ නැතුව බොන්න . ඒවගේම තමයි මුත්‍රා පිට කරන්න . මම උඩින් කියලා තියෙන තේ විදියට ඒ වෙනුවට පානය කරන්න පුළුවන් මොන දේ බිව්වත් ඒවා මුත්‍රා ඔස්සේ පෙරිලා පිටවෙලා යන්න නම් වතුර බොන්න ඕන වැඩියෙන්ම . ඒ නිසා වතුර බීම සහ මුත්‍රා පිටවීම් ගැන සැලකිලිමත් වෙන්න .

පානයන් විදියට පානය කරන්න කියලා තියෙන දේවල් ඔක්කොම එක දවසේ බොන්න එපා . බඩ නිකං මොකක්ද වෙලා යයි . අද වෙනිවැල් බොන්න . හෙට දෙහිකොල බොන්න , අනිද්දා කසාය බොන්න . ඒවගේ මාරුවෙන් මාරුවට ඒ දේවල් පානය කරන්න .

ඒ වගේම තමයි මුඛ ආවරණ පළඳින්න අමතක කරන්න එපා . ප්‍රාතිහාර්ය පානවා වගේ එකපාරම අපිට පරෙස්සම් වෙන්න පුළුවන් තත්වයක නෙවෙයි , මේ ලෙඩේ දැන් තියෙන්නේ . ඒ නිසා කරන්න පුළුවන් හොඳම දේ තමයි මාස්ක් දැමීම සහ පෙරුම්කායම් අතේ බැඳීම . මේ වැඩ දෙක අනිවාර්යයෙන්ම කරන්න .

මම ලෙඩවෙයි මම ලෙඩවෙයි කියලා හැම වෙලේම ලොන්තපොලොස් මානසිකත්වයක් හදාගන්න එපා . මනසින් ශක්තිමත් වෙන්න . මට ලෙඩ හැදෙන්නේ නැහැ . මම ශක්තිමත් . මම කරන්න ඕන පූර්ව උපාය මාර්ග වලින් ආරක්ෂා වෙලා ඉන්නේ . ඒ නිසා මම පරෙස්සම් කියලා විශ්වාසයක් ඇතිකරගන්න .

නිතරම අත් පිරිසිදු කරන්න . පොදු ස්ථානවල අත්වලින් යමක් ඇල්ලුවොත් මුහුණ නහය ඇස් අල්ලන්න එපා . අත් සෝදලා තමයි අල්ලන්න ඕන . ඒකට නිසි ප්‍රමිතිය සහිට සේදුම් කාරක භාවිතා කරන්න . ඩෙටෝල් වගේ දේවල් වුණත් කමක් නැහැ .

මේ දේවල් වලින් තමන් ආරක්ෂා වන්න උත්සාහ කරන්න .

දියුණුවෙන් දියුණුවට පත්වේවා !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment