කඳුලින් අවසන් වන පෙම් පුවතට



කඳුළින් අවසන් වන පෙම් පුවතට

හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත

මේ මල් යෞවනයේ


හිරකරලනු බැරි සෙනේ හැඟුම් දිය

උතුරා පිටාර යයි

දෙනෝදහක් ඇස්වලින් රිදුම් ලැබ

පෙම් සිත් බලා හිඳියි

උහුලා ගනු හැකි වෙද මේ සෙනෙහස

සිඳී බිඳී යා නම්


සිහිලස රැඳි තුරු ලතා ගුලාවක

සඟවා මා පැතුමන්

පියා සරන්නට එපා බිඟුන් ලෙස

රහසින් දැක අන් මල්

උහුලා ගනු හැකි වෙද ඔබ උණුහුම

නිවී මැකී යා නම්


ගායනය -‍ දමයන්ති ජයසූරිය

තනුව - රෝහණ වීරසිංහ

පද - වසන්ත කුමාර කොබවක



Darshana Prabhath
Darshana Prabhath

Bsc . Biological Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment