හස්තිනාපුර බ්ලොග් අඩවිය ඔස්සේ අරගෙන ආව ගුරුකම් සහ යන්තර මන්තර පිළිබඳ ගෙතුණු සීයා සහ මුණුබුරා කියන චරිත දෙක ඇතුලත් කතා මාලාව ඔයාලට මතක ඇති . ඇත්තටම ඒ කතාවල ජීවත් කරවපු මුණුබුරා විදියට හිටපු අරවින්ද කියන චරිතය හිමි කෙනාගේ බාල මිණිබිරිය වන මගේ පුංචි අම්මා මීට තුන් මාසයකට කලින් අංශ භාග තත්වයකට , දරුණු පිළිකා තත්වයකට ගොදුරුව හිඳ අප අතරින් සමුගත්තා .
ගුරුකම් සහ යන්තර මන්තර සම්බන්ධව අපේ පවුලේ අය කියන කතා වලින් මම මවාගෙන හිටපු අරවින්දට වඩා ඇත්තම අරවින්ද දැක්ක කෙනෙක් තමයි මගේ පුංචි අම්මා . පවුලේ ඉතිරි වෙලා තියෙන සියලුම මන්තර පොත් පුස්කොල පොත් මගේ අතේ තියන්න කලින් ඒවා සියල්ලම තාවකාලික හිමිකාරිත්වයේ තියාගෙන හිටියේ මගේ පුංචි අම්මා . කොහොම නමුත් අම්මාට වඩා මම ළඟ හිටියේ පුංචි අම්මා කියනවා නම් ඇත්තටම නිවැරදියි .
ඒ තරම් මට සමීප චරිතයක් උනා ඇය . ඇයගේ තෙමස් පූර්ණ ධර්ම දේශනාව මේ පෝස්ට් එකේ පහළ ලින්ක් කරලා තියෙනවා . ඒ ධර්ම දේශනාව හැමෝම අහන්න . ඇය පැතූ සැනසුම ඇයට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න .

No comments:
Post a Comment