සයන්ස් කල සියලු සත් වහා නැසෙනා සුලුත්




ඇරඹු දා සිට දින
දක්වාම අවසානය

නොයෙක් දේ අසමින
එහිද සාරය ගෙන

පුස්තකාලෙට යන
පොත් ගොඩට යටඋන

ලැබ් එකේ කල'රින
පිරික්සුම් ගොනු වන

වහා ගිනි ගැනුමෙන
වහා පිපිරීමෙන

වහා විෂ වීමෙන
වහා තැවරීමෙන

අසාද්මික වීමත්
දිවිය නැති වීමත්

අතර යම් උවදුරුත්
පිරුණු තව ජීවිතත්

සමග කල් ගෙවනමුත්
ලොවට පෙම් වඩනමුත්

ජීවයක් සොයන මුත්
එපමණට නොලබතත්

දුකක් නෑ සිත තවත්
ගෙවමි මේ ලෙස පවත්

සයන්ස් කල සියලු සත්
වහා නැසෙනා සුලුත්



Darshana Prabhath
Darshana Prabhath

Bsc . Biological Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment