මෛත්‍රී භාවනාව




 



දරුවන් අපේක්ෂා කරන අම්මලා තාත්තලා වෙන්න කැමැත්තෙන් ඉන්න බොහෝ දෙනෙක්ට වෛද්‍ය වරුන් කරන්න තියෙන ඔක්කොම පරීක්ෂණ කරලා අන්තිමට කියනවා රිපෝට්ස්වල කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලා කල් අරගෙන උත්සාහ කරලා බලන්න . නැත්නම් IUI IVF වගේ ප්‍රතිකාර වලට යන්න කියලා . ඒවගේ ප්‍රතිකාර කරලාත් දරුවන් හදාගන්න බැරි විවාහක යුවලවල් අද සමාජයේ දකින්න ලැබෙනවා . ඒ වගේ අය විශාල ප්‍රමාණයකට හොඳ ප්‍රතිඵල ලබාගන්න නම් හිතේ තියෙන ද්වේෂය වෛරය තරහව නැති කරගන්න ඕන වෙනවා . තරහෙන් පුපුර පුපුරා ඉන්න කෙනෙක්ට කවදාවත් දරුඵල සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ . ඒ නිසා පුළුවන් තරම් පැහැබර ප්‍රභාශ්වර වූ සිතක් ඇතිකරගන්න ඕන වෙනවා . උපේක්ෂාව මුදිතාව පුරුදු පුහුණු කරන්න වෙනවා . මේ උපකාරය ඒ වෙනුවෙන් . මේ දාලා තියෙන වීඩියෝ කීප වතාවක් අහන්න . පලවෙනි සැරේ අහනකොට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් . ආයෙත් අහන්න . ඒ වගේ කීප වතාවක් අහනකොට ඔයාලට භාවනාවට ආරම්භයක් ගන්න පුළුවන් . මම අන්තිමට දානවා මෛත්‍රී භාවනාව තියෙන වීඩියෝ එකක් . ඒක නිතර නිතර අහන්න . ගෙදර සාමාන්‍ය වෙලාවට ප්ලේ වෙන්න දාලා තියන්න . ඒකෙන් තමන්ට භාවනාවට හිතේ පසුබිම ඇතිවෙලා හැදිලා එයි . 





මේ වීඩියෝ එකේ තියෙනවා භාවනාව කෙරෙන විදිය . මේක නිතරම ඇහෙන්න ප්ලේ කරන්න . ඒකෙන් භාවනාවට හොඳ ආරම්භයක් ගන්න පුළුවන් .
 

තවත් භාවනා කරන්න උපදෙස් දෙන්න පුළුවන් දේවල් හොයලා ඔයාලට කියවන්න බලන්න අහන්න සහ අත්දැකීම් ඇතිකරගන්න අවස්ථාව හදලා දෙන්න බලාපොරොත්තු වෙනවා . නිතරම භාවනා කරන්න . ඉවසීම ප්‍රගුණ කරන්න . තවත් ලිපියකින් හමුවෙමු . 

දියුණුවෙන් දියුණුවට පත්වේවා ! 
 ඔබ සැමට දළදා සමිඳු පිහිට ලැබේවා ! 
 ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !





වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment