ස්වේතාදරී...




මන්දාරම් හීන මානා

මං ගාවින් ඈත පේනා 

කඳුළැල් මැවෙනා

සේයාවකී..


රෑ තුන් යම පාර පාරා

මතකය නුඹ දෑස පේනා

මං මත් කරනා 

උන්මාදිනී..


මායා රෑ යාමේ නෑවී

ඔබෙ රූ අඳුරේ දිලිසේවී

හිනෙක මා යාවී පාවී

ප්‍රේමාදරී..


සඳගන රෑ අහසේ යාවී

තරු මං අතුරා හිනැහේවී

නිදි නැති ගීයක මිමිණේවී

ස්වේතාදරී...


නොදැනී ඔබ - නොරැඳී ළඟ

මා හීන මවා

නොයනා හිත - රහසේ අද

පැතුමන් පාරා..

රිදුමන් හදේ යාවෙලා

ඔබ ආලයෙන් වෙන්වෙලා

දෑසින් කී ඒ කතා දැන් නෑසීලා..



මායා රෑ යාමේ නෑවී

ඔබෙ රූ අඳුරේ දිලිසේවී

හිනෙක මා යාවී පාවී

ප්‍රේමාදරී..


සඳගන රෑ අහසේ යාවී

තරු මං අතුරා හිනැහේවී

නිදි නැති ගීයක මිමිණේවී

ස්වේතාදරී...


ගීපද - දිල්ශාන් ගාල්ලගේ

සංගීතය - සමිත් රවිශාන්

ගායනය - නොහිම් ධනවර්ධන



මන්දාරම් හීන මානා මං ගාවින් ඈත පේනා  කඳුළැල් මැවෙනා සේයාවකී.. රෑ තුන් යම පාර පාරා මතකය නුඹ දෑස පේනා මං මත් කරනා  උන්මාදිනී.. මායා රෑ යාමේ නෑ...

බඩේ තැම්පත් වී තිබෙන කෑමට දුන් වින ඉවත් කරන විනරාජ මන්ත්‍රය




ගුරුකම් කියන මාතෘකාවේ අඳුරු පැතිකඩක් විදියට මම සලකන ඇඟේ වින දෝෂ රැඳීම නිසා ඇතිවෙන දෝෂ අයින් කරන්න ගන්න මන්තරයක් තමයි විනරාජ මන්ත්‍රය කියලා කියන්නේ . වින දෝෂ ඇඟේ රැඳෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක් .


කෙනෙක් වශියක් , ඉනාවක් , විනයක් , හූනියමක් , නීචයක් වගේ ගුරුකමක් කරලා ඒක මතුරාගෙන එන සීනි , ලේ , මිනී අළු , කිරි , බුලත් , ලුණු , වගේ ඕනෑම ආහාර වර්ගයක් ආහාරයට ගත්තම මේක බඩේ ගිහින් යම් තැනක තැම්පත් වෙනවා . ඒක තමා ගුරුකමේ අවශ්‍යතාවය වෙන්නේ . එහෙම තැම්පත් උනාම එතන බඩවැලේ ක්‍රියාකාරීත්වය අඩුවෙලා ගිහින් හරියට අවශ්‍ය දේ කරගන්න බැරි වෙනවා . මේ නිසා නිතර නිතර බඩේ ඉඳිකටු අනිනවා වගේ දැනෙනවා , ආහාර දිරවීම අඩු වෙනවා , පෝෂණය උරා ගැනීමත් දුර්වල වෙනවා . වමනය ඔක්කාරය එන්න ඉඩක් තියෙනවා . ඒ වගේම තමයි මල පිටවීම දෝෂ සහිත වෙනවා . ඒ කියන්නේ නිතර නිතර මල පිට වීම , මල දියර ආකාරයෙන් පිට වීම වෙන්න පුළුවන් . 


මේ නිසා කාලයක් යනකොට බඩේ මේ බැඳිලා තියෙන දේ නිසා පිළිකා තත්වයක් ඇතිවෙන්න හේතු ඇතිවෙනවා . ඒ නිසා මන්තරේ භාවිතා කරන්න කලින් කියන්න ඕන තමන් ඇදුරෙක් නම් විෂයේ තිබුණ පළියට කිසිම දෙයක් මතුරලා කන්න දෙන්න එපා තමන්ගෙන් සේවාවන් සපයා ගන්නා අයට . හොඳක් උනත් , නරකක් උනත් බඩේ මේ දේවල් තැම්පත් වෙන නිසා කවදා හරි ගුරුකමට ලක්වෙන පුද්ගලයා දුක් විඳලා තමයි මැරෙන්නේ . ඒ නිසා සල්ලි උපයාගන්න කිසිම දෙයක් ඇඟේ රැඳෙන්න දෙන්න එපා . 


මේ මන්ත්‍රය අතහදා බලලා තියෙනවා මම ඕන තරම් ඇඟේ වින අයින් කරන්න . ඒ නිසා විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් . 


ඇඹුල් පහ , වතුර , දෙහි , ලෙමන් , තැඹිලි , කුරුම්බා , හීනටි හාල් කැඳ , කියන මේ ඕනෑම දෙයක් මන්තරෙන් පන තියලා ජීවම් කරාම ඇඟේ තියෙන විනය ගැලවෙනවා . 


මෙන්න මන්ත්‍රය 


ඕං හ්‍රීං බෝධිරාජ තම්බිරානේ යක්ශ වින අජීර්ණ ඉගිල ඉගිල වර වර ඒස්වාහඃ

ඕං හ්‍රීං වන්දයේල් යේල් කිලඹු ජලධාර යක්ශ අමියා ඉගිල ඉගිල වර වර ඒස්වාහඃ

ඕං හ්‍රීං පොඩි උල්ලක්කුං ජය ජය අර්ධන ආරූඪ තිපෝ දක්කුං යක්ශ වින අජීර්ණ ඉගිල ඉගිල වර වර ඒස්වාහඃ



ගුරුකම් කියන මාතෘකාවේ අඳුරු පැතිකඩක් විදියට මම සලකන ඇඟේ වින දෝෂ රැඳීම නිසා ඇතිවෙන දෝෂ අයින් කරන්න ගන්න මන්තරයක් තමයි විනරාජ මන්ත්‍රය කියලා ක...

විෂ්ණු දෙවියන් දර්ශනය වී වරම් ලබාදෙන මහා විෂ්ණු කුර්මාවතාර මන්ත්‍රය සහ වරම් ලබාගන්නා ආකාරය

 


මේ මන්ත්‍රය විෂ්ණු දෙවියන්ගේ වර ලබාදෙන ඉතාම ප්‍රභල  මන්ත්‍රයක් . වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ ලෙඩ රෝග සුවපත් කිරීම සඳහා . හැබැයි ඊට අමතරව වරම් ලබාගන්න උනත් මේ මන්ත්‍රය පාවිච්චි කරන්න පුලුවන් . තමන්ට ඥාති දේවතාවන් ඉන්නවානම් විෂ්ණු දෙවියන්ගේ මාර්ගයෙන් වරම් ලබාදෙන්න , එහෙමත් නැත්නම් දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් වරම් දෙන්න , මේ මන්ත්‍රය ජීවම් කරත්දී විෂ්ණු දෙවියන් දර්ශනය වෙන අවස්ථාවේ ඒ වරම් ඉල්ලලා තමන්ට ලබාගන්නත් පුලුවන් .  


මේ මන්ත්‍රය භාවිතා කරන්න කලින් සාමාන්‍යයෙන් මන්ත්‍රය භාවිතා කරන පුද්ගලයා පන්සිල් ආරක්ෂා කරන ආධ්‍යාත්මික වශයෙන් යම් දියුණුවක් ලබාගෙන තියෙන තත්වයට පත් වෙන්න ඕන . භාවනා කරන්න ඕන . නිතර දෙවේලේ නාලා පිරිසිදු වෙලා ඉන්න ඕන . පුළුවන් නම් කොහොඹ කොළ , කහ තම්බලා ස්නානය කරන්න වගේ පිරිසිදු වීම් වෙන්න අවශ්‍ය දේවල් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි . 


දේවාලයක් තියෙන කෙනෙක් නම් දේවාලය පිරිසිදු කරලා කහ දියර ඉහලා දුම් අල්ලලා පිරිසිදු කරන්න ඕන . ඊට පස්සේ ආසනයේ නිල් පාට රෙද්දක් එළලා ඒ රෙද්ද උඩ බුලත් කොළ 9 ක් රවුමට තියලා ඒ උඩ විෂ්ණු දෙවියන්ගේ පිළිමයක් තැම්පත් කරන්න ඕන . මේකට හොඳම වෙන්නේ කොහොඹ , සුදු හඳුන් , රත් හඳුන් , පිත්තල , රිදී , රත්තරන් වගේ අමුද්‍රව්‍යයකින් හදපු පිළිමයක් . 


මේ විදියට පිළිවෙල කරගත්ත විෂ්ණු දෙවියන්ගේ දේව පිළිමයක් ළඟදී කැවිලි , අඹ , බෙලි දිවුල් ඇතුළුව පලතුරු , නිල් මානෙල් මල් , නිල් කටරොළු මල් , ගිතෙල් පහනක් , බුලත් කියන දේවල් ඇතුළුව පුද පූජා සකස් කරලා සුවඳ දුම් අල්ලන්න ඕන . 


ඊට පස්සේ මේ මන්ත්‍රය ජීවම් කිරීම ආරම්භ කරන්න ඕන පන්සිල් අරගෙන තෙරුවන් වන්දනා කරලා තෙරුවන් කමා කරවාගෙන . මන්ත්‍රය පුරන්න ඕන වාලම්පුරියකට හෝ නිල් මල් මාලාවකට . ඒ නිල් මල් මාලය දේව පිළිමයට පළඳවන්න පුළුවන් ප්‍රමාණයේ මල් මාලයක් වෙන්න ඕන . දේව පිළිමයත් ජීවම් කිරීම වැදගත් වෙනවා මේ වෙලාවේ . 


මන්ත්‍රය මතුරනකොට මන්ත්‍රය තමන්ට සිද්ධි වීමක් වෙනවා . නැත්නම් තමන් මේ වැඩේ කරන්න කලින් පන්සලකට හෝ විෂ්ණු දේවාලයකට ගිහින් මන්තරේ 108 වාරයක් කියලා තමන්ට සිද්ධි කරගෙන දෙවියන්ට පින් දීලා එන්න ඕන කලින් දවසක . 


මෙහෙම මන්ත්‍රය ජීවම් වෙනකොට තමන්ට එක අවස්ථාවක විෂ්ණු දේව ප්‍රතිමාව වෙවුලන්න ගන්නවා දැනෙනවා . ඒක දෘෂ්ටි මායාවක් කියලා රැවටෙන්න එපා . ඇත්තටම පිළිමය වෙවුලන්න ගන්නවා . එතනින් නිල් පැහැති අවකාශයක් පේන්න ගන්නවා තමන්ට අවසානයේ විෂ්ණු දෙවියන් තමන්ට දර්ශනය වීම වෙනවා . 


ඊට පස්සේ මල් මාලාව දේව රූපයට පළන්දවලා හෝ වාලම්පුරිය විෂ්ණු දෙවියන්ට පූජා කරලා තමන්ට අවශ්‍ය දේ ඉල්ලා හිටින්න පුළුවන් . 


හොඳ දේවල් ඉල්ලන්න . අයහපත් අරමුණු මේ හරහා ඉල්ලන්න එපා . ඒකෙන් තමන්ට තමයි අවැඩක් වෙන්නේ . තමන් ඒ වරය ඉල්ලුවට පස්සේ විෂ්ණු දෙවියන්ට පිං දෙන්න . කරණීය මෙත්ත සූත්‍රය 7 වතාවක් ඇතුළුව පිරිත් සූත්‍ර සජ්ඣායනා කරලා විෂ්ණු දෙවියන්ට නැවත නැවතත් පිං අනුමෝදන් කරන්න . විෂ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ඔබට නොඅඩුවම ලැබෙනවා . 


වරම ඉල්ලා ගත්තට පස්සේ තමන් ඒ වෙනුවෙන් දෙවියන්ට දෙයක් දෙන්න ඕන . දෙවියන් බලාපොරොත්තු වෙන්නේ පින් . ඒ නිසා තමන් තමන්ගේ වරම භාවිතා කරලා මොන යම් හෝ දෙයක් ලබා ගන්නවා නම් ඒ ලබා ගන්න දෙයින් කොටසක් ආයෙත් පිනක් වෙනුවෙන් යොදවලා ඒ පින විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න . 


දැන් අහන්න එපා විෂ්ණු දෙවියන් දර්ශනය වෙනවා කියලා කියන්නේ ඔයා දැක්කද කියලා . විෂ්ණු දෙවියන්ගේ වරම් නැතුව ජ්‍යෝතිෂ විෂයේ ග්‍රහයින් හසුරවන්න බැහැ . 


මේ පහල තියෙන්නේ ඒ කුර්මාවතාර මන්ත්‍රය . මේක පාඩම් කරගෙන සිද්ධි කරගෙන වරමත් ලබාගෙන අනුන්ගේ යහපත උදෙසා කටයුතු කරන්න . වරමෙ බලයෙන් අනුන්ගෙන් පලිගන්න යන්න එපා . තමන් සාධාරණ නම් අසාධාරණයට එරෙහිව දෙවියන්ගෙන් දඬුවම් ලැබෙනවා . ඒ නිසා මධ්‍යස්තව වැඩ කරන්න . මන්තරේ කියන විදිය වීඩියෝ එක අහලා පුරුදු වෙන්න . 


ඕං ශ්‍රී විෂ්ණු කුර්ම අවතාර වෛකුණඨ දේව භ්‍රගු රාම පරශුරාම ශිව රාම ද්වාර ගෝපාල චන්ද්‍ර චක්‍රාදි විවිධායුධ සහශ්‍ර දුර්වාර ශැර ඝෝර රාම රාජ සංකාර සංහාර නීලාචල හේමාචල පත්මකුමාර සීතාපතී කොන්ඩුවෛන් ශ්‍රීං නව ශක්‍රාම් නව ශිව ශක්‍රාම් විෂ්ණු ශක්‍රාම් ආඝෝර ශක්‍රාම් හ්රීං හ්රීං ශ්‍රීං ශ්‍රීං හං හං සුර සංහාර ඝෝර මාරදිත්‍ය නාරායන කල්පෝත්පන්න නරලෝක ශිවංකර ශ්‍රී ලංකාපතී නාරායන භගවතෝ ඊශ්වර ක්‍රත සුර අසුර නාගරූඩන්ච අහිනාගාභාරණාය සකල ශාස්තෘං සංමෝහනායකර අෂ්ටකර්ම භූලෝක සුරේන්ද්‍ර ඉන්ද්‍ර ශ්‍රී විෂ්ණු කුමාරයාය නමඃ




දියුණුවෙන් දියුණුවට පත්වේවා !

ඔබ සැමට දළදා සමිඳු පිහිට ලැබේවා !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

ශතවර්ශාධී කාලයකට දෙවියන් වහන්සේලාගෙන් දේව ආරක්ෂාව ලැබේවා !

  මේ මන්ත්‍රය විෂ්ණු දෙවියන්ගේ වර ලබාදෙන ඉතාම ප්‍රභල  මන්ත්‍රයක් . වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ ලෙඩ රෝග සුවපත් කිරීම සඳහා . හැබැයි ඊට අමතරව වර...

සියලු යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වලට පළමුවෙන් වරම් ගන්නා මහා ගුරු වරම් මන්ත්‍රය



කීප දෙනෙක් මේ කාලය තුල මන්තර ගැන අහලා වට්සප් ෆේස්බුක් මැසේජ් එවලා තිබුණා මේ මේ මන්තර අපිට ලබා දෙන්න කියලා . මොකද සමහර මන්තර මුද්‍රිත පිටපත්වල තියෙන ඒවායේ අකුරු වචන අඩුපාඩු තියෙනවා . ඒ අඩුපාඩු ගැන ඒ පොත් මුද්‍රණය කරපු අයගෙන් ප්‍රශ්න කරාම කියන්නේ ඒ අපේ පරම්පරාවේ එන විදිය කියලා . සමහර මන්තරවලින් නම් වැඩක් කරන්න පුලුවන්ද කියලත් සැකයක් තියෙන තැන් තියෙනවා . ඒ නිසා කියලා දෙන්න පුළුවන් මන්තර වලින් එක එක බ්ලොග් එකේ සටහන් කරලා තියන්න ඕන කියලා කල්පනා කරා . 


මේ ලිපියේ තියෙන්නේ මහා ගුරු වරම් මන්ත්‍රය . මන්ත්‍ර ශක්තිය වැඩි පිළිවෙලේ ඉඳලා අඩු පිළිවෙලට හදනකොට ඉහළම තියෙන්නේ මේ ගුරු වරම් මන්ත්‍රය . මන්ත්‍ර කර්මයේ දිෂ්ටි කරනවා කියලා කාර්යයක් තියෙනවා . දිෂ්ටි කරනවා කියන්නේ යම් අමනුෂ්‍ය ශක්තියක් අපි කරන කාර්යය වෙනුවෙන් ලඟා කරවා ගැනීමට . ඒවගේම තමයි වැඩක් කරනකොට අමනුෂ්‍ය ආත්ම වලින් දෙවියන්ගෙන් යක්ෂයින්ගෙන් අවසර ගන්න ඕන . ඒ වගේම එයාලාට ආරාධනා කරන්නත් ඕන . මේ ඔක්කොම දේවල් වලට අදාළ වෙන මන්ත්‍රය තමයි මහා ගුරු වරම් මන්ත්‍රය කියන්නේ . ගුරු වරමට ඉහළින් කිසිම මන්ත්‍රයක් පිහිටන්නේ නැහැ . සෘෂිවරු පවා ආකර්ෂණය වෙන මහා ශ්‍රී රාම දිෂ්ටියට උනත් කලින් මහා ගුරු වරම තුන් වතාවක් මතුරලා තමයි ශ්‍රී රාම දිෂ්ටියට මුල පුරන්නේ හරියට මන්ත්‍ර කර්මය දන්න අය . මන්තරේ පාඩම් කරනකොට දීලා තියෙන පේලි විදියටම පාඩම් කරන්න . එතකොට මතක තියාගන්න ලේසියි . 


ඔය දේවල් නිසා මේ මන්ත්‍රයට මහා ගුරු වරම් මන්ත්‍රය , සර්ව දේව වරම , සර්ව දේවාරාධනාව කියලා කියනවා . මේ පහල තියෙන්නේ මම පාවිච්චි කරන අඩුපාඩුවක් නැතුවම දෙන මහා ගුරු වරම් මන්ත්‍රය . මන්ත්‍රයට පහල ඇති වීඩියෝ එකක් . ඒ මගේ චැනල් එක . චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න . මන්ත්‍ර යන්තර ගැන ඉගෙන ගන්න ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි . 


ඕං නමාමී සරණම් 

ඕං ගුරුවරං ගුරු පත්‍රකාලි වරං 

සුර වරං සුර පත්‍ර කාලි වරං 

අසුර වරං අසුර පත්‍රකාලි වරං 

දේව වරං දේව පත්‍රකාලි වරං 

නාග වරං නාග පත්‍රකාලි වරං 

කෛලාශන වරං කෛලාශන ගුරු ධාරණේ වරං 

යන්ත්‍ර වරං 

යන්ත්‍ර මන්ත්‍ර වරං 

මන්ත්‍ර තන්ත්‍ර වරං 

ශ්‍රී විෂ්ණු වරං ශ්‍රී විෂ්ණු නාරායනේ වරං 

ආකාශ වරං ආකාශ සූර්යානේ වරං 

චන්ද්‍ර වරං චන්ද්‍ර පත්ම කෛලාශනේ වරං 

භූම වරං භුම ජල මහී කාන්තා දේව ගුරු දැපනේ වරං 

ඊශ්වර වරං ඊශ්වර මහේශ්වර වරං 

ක්‍රතේශ්වර නාථෙශ්වර වරං 

ශ්‍රී විෂ්ණු වරං ශ්‍රී විෂ්ණු කන්දකුමාර වරං 

සත් පත්තිනි වරං සත් පත්තිනි ගිනි දෙවොල් වරං 

වෙසමුණි වරං වෙසමුණි දැඩි මුණ්ඩ වරං 

නවග්‍රහ වරං නවග්‍රහ නවදෙන වරං 

හනුමා වරං හනුමා පත්‍රකාලි වරං 

සරස්වතී වරං සරස්වතී මෝහිණී වරං 

භෛරවී වරං භෛරවී ශ්‍රීයා දේවි වරං 

ඔඩ්ඩියා වරං ඔඩ්ඩියා ඉරලා වරං 

යක්ෂයා වරං යක්ෂනී වරං 

හිමාල වරං හිමාල ජල වරං 

පර්වත වරං පර්වත වෘක්ෂ වරං 

සර්වාංග වරං සර්වාංග ප්‍රාණ වරං 

ඉරුරැස් වරං සඳු රැස්වරං තරුරැස් වරං  බුදුරැස් වරං 

බුද්ධ රශ්මීන් ආලෝක ජීවප්‍රාණ 

සර්ව ලෝක ජීවප්‍රාණ 

සර්ව ලෝක දේවාරාධනා 

නමස්කාර වර වර නමාමි නමඃ



කීප දෙනෙක් මේ කාලය තුල මන්තර ගැන අහලා වට්සප් ෆේස්බුක් මැසේජ් එවලා තිබුණා මේ මේ මන්තර අපිට ලබා දෙන්න කියලා . මොකද සමහර මන්තර මුද්‍රිත පිටපත්ව...

සබරගමුව මහ සමන් දේවාලයේ 2025 පෙරහැර මංගල්‍යය

 


 

ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025

 



රත්නපුරේ පැවැත්වෙන දැවැන්ත ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අගෝස්තු මස 15 16 17 කියන දවස්වල උදේ 10 ඉඳලා රාත්‍රී 07 වෙනකල් රත්නපුර Grand Silver Ray හිදී පැවැත්වෙනවා . 

මැණික් ගන්න . මැණික් ගැන දැනගන්න ඔයාලත් ඔයාලගේ යාළුවො , පවුලේ අය එක්ක එන්න . 

අපේ කුටිය " කුටි අංක 60 " . 

එහෙනම් අපි එදාට හම්බෙමු . 




  රත්නපුරේ පැවැත්වෙන දැවැන්ත ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අගෝස්තු මස 15 16 17 කියන දවස්වල උදේ 10 ඉඳලා රාත්‍රී 07 වෙනකල් රත්නපු...