කීප දෙනෙක් මේ කාලය තුල මන්තර ගැන අහලා වට්සප් ෆේස්බුක් මැසේජ් එවලා තිබුණා මේ මේ මන්තර අපිට ලබා දෙන්න කියලා . මොකද සමහර මන්තර මුද්‍රිත පිටපත්වල තියෙන ඒවායේ අකුරු වචන අඩුපාඩු තියෙනවා . ඒ අඩුපාඩු ගැන ඒ පොත් මුද්‍රණය කරපු අයගෙන් ප්‍රශ්න කරාම කියන්නේ ඒ අපේ පරම්පරාවේ එන විදිය කියලා . සමහර මන්තරවලින් නම් වැඩක් කරන්න පුලුවන්ද කියලත් සැකයක් තියෙන තැන් තියෙනවා . ඒ නිසා කියලා දෙන්න පුළුවන් මන්තර වලින් එක එක බ්ලොග් එකේ සටහන් කරලා තියන්න ඕන කියලා කල්පනා කරා .
මේ ලිපියේ තියෙන්නේ මහා ගුරු වරම් මන්ත්‍රය . මන්ත්‍ර ශක්තිය වැඩි පිළිවෙලේ ඉඳලා අඩු පිළිවෙලට හදනකොට ඉහළම තියෙන්නේ මේ ගුරු වරම් මන්ත්‍රය . මන්ත්‍ර කර්මයේ දිෂ්ටි කරනවා කියලා කාර්යයක් තියෙනවා . දිෂ්ටි කරනවා කියන්නේ යම් අමනුෂ්‍ය ශක්තියක් අපි කරන කාර්යය වෙනුවෙන් ලඟා කරවා ගැනීමට . ඒවගේම තමයි වැඩක් කරනකොට අමනුෂ්‍ය ආත්ම වලින් දෙවියන්ගෙන් යක්ෂයින්ගෙන් අවසර ගන්න ඕන . ඒ වගේම එයාලාට ආරාධනා කරන්නත් ඕන . මේ ඔක්කොම දේවල් වලට අදාළ වෙන මන්ත්‍රය තමයි මහා ගුරු වරම් මන්ත්‍රය කියන්නේ . ගුරු වරමට ඉහළින් කිසිම මන්ත්‍රයක් පිහිටන්නේ නැහැ . සෘෂිවරු පවා ආකර්ෂණය වෙන මහා ශ්‍රී රාම දිෂ්ටියට උනත් කලින් මහා ගුරු වරම තුන් වතාවක් මතුරලා තමයි ශ්‍රී රාම දිෂ්ටියට මුල පුරන්නේ හරියට මන්ත්‍ර කර්මය දන්න අය . මන්තරේ පාඩම් කරනකොට දීලා තියෙන පේලි විදියටම පාඩම් කරන්න . එතකොට මතක තියාගන්න ලේසියි .
ඔය දේවල් නිසා මේ මන්ත්‍රයට මහා ගුරු වරම් මන්ත්‍රය , සර්ව දේව වරම , සර්ව දේවාරාධනාව කියලා කියනවා . මේ පහල තියෙන්නේ මම පාවිච්චි කරන අඩුපාඩුවක් නැතුවම දෙන මහා ගුරු වරම් මන්ත්‍රය . මන්ත්‍රයට පහල ඇති වීඩියෝ එකක් . ඒ මගේ චැනල් එක . චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න . මන්ත්‍ර යන්තර ගැන ඉගෙන ගන්න ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි .
ඕං නමාමී සරණම්
ඕං ගුරුවරං ගුරු පත්‍රකාලි වරං
සුර වරං සුර පත්‍ර කාලි වරං
අසුර වරං අසුර පත්‍රකාලි වරං
දේව වරං දේව පත්‍රකාලි වරං
නාග වරං නාග පත්‍රකාලි වරං
කෛලාශන වරං කෛලාශන ගුරු ධාරණේ වරං
යන්ත්‍ර වරං
යන්ත්‍ර මන්ත්‍ර වරං
මන්ත්‍ර තන්ත්‍ර වරං
ශ්‍රී විෂ්ණු වරං ශ්‍රී විෂ්ණු නාරායනේ වරං
ආකාශ වරං ආකාශ සූර්යානේ වරං
චන්ද්‍ර වරං චන්ද්‍ර පත්ම කෛලාශනේ වරං
භූම වරං භුම ජල මහී කාන්තා දේව ගුරු දැපනේ වරං
ඊශ්වර වරං ඊශ්වර මහේශ්වර වරං
ක්‍රතේශ්වර නාථෙශ්වර වරං
ශ්‍රී විෂ්ණු වරං ශ්‍රී විෂ්ණු කන්දකුමාර වරං
සත් පත්තිනි වරං සත් පත්තිනි ගිනි දෙවොල් වරං
වෙසමුණි වරං වෙසමුණි දැඩි මුණ්ඩ වරං
නවග්‍රහ වරං නවග්‍රහ නවදෙන වරං
හනුමා වරං හනුමා පත්‍රකාලි වරං
සරස්වතී වරං සරස්වතී මෝහිණී වරං
භෛරවී වරං භෛරවී ශ්‍රීයා දේවි වරං
ඔඩ්ඩියා වරං ඔඩ්ඩියා ඉරලා වරං
යක්ෂයා වරං යක්ෂනී වරං
හිමාල වරං හිමාල ජල වරං
පර්වත වරං පර්වත වෘක්ෂ වරං
සර්වාංග වරං සර්වාංග ප්‍රාණ වරං
ඉරුරැස් වරං සඳු රැස්වරං තරුරැස් වරං බුදුරැස් වරං
බුද්ධ රශ්මීන් ආලෝක ජීවප්‍රාණ
සර්ව ලෝක ජීවප්‍රාණ
සර්ව ලෝක දේවාරාධනා
නමස්කාර වර වර නමාමි නමඃ
No comments:
Post a Comment