බඩේ තැම්පත් වී තිබෙන කෑමට දුන් වින ඉවත් කරන විනරාජ මන්ත්‍රය




ගුරුකම් කියන මාතෘකාවේ අඳුරු පැතිකඩක් විදියට මම සලකන ඇඟේ වින දෝෂ රැඳීම නිසා ඇතිවෙන දෝෂ අයින් කරන්න ගන්න මන්තරයක් තමයි විනරාජ මන්ත්‍රය කියලා කියන්නේ . වින දෝෂ ඇඟේ රැඳෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක් .


කෙනෙක් වශියක් , ඉනාවක් , විනයක් , හූනියමක් , නීචයක් වගේ ගුරුකමක් කරලා ඒක මතුරාගෙන එන සීනි , ලේ , මිනී අළු , කිරි , බුලත් , ලුණු , වගේ ඕනෑම ආහාර වර්ගයක් ආහාරයට ගත්තම මේක බඩේ ගිහින් යම් තැනක තැම්පත් වෙනවා . ඒක තමා ගුරුකමේ අවශ්‍යතාවය වෙන්නේ . එහෙම තැම්පත් උනාම එතන බඩවැලේ ක්‍රියාකාරීත්වය අඩුවෙලා ගිහින් හරියට අවශ්‍ය දේ කරගන්න බැරි වෙනවා . මේ නිසා නිතර නිතර බඩේ ඉඳිකටු අනිනවා වගේ දැනෙනවා , ආහාර දිරවීම අඩු වෙනවා , පෝෂණය උරා ගැනීමත් දුර්වල වෙනවා . වමනය ඔක්කාරය එන්න ඉඩක් තියෙනවා . ඒ වගේම තමයි මල පිටවීම දෝෂ සහිත වෙනවා . ඒ කියන්නේ නිතර නිතර මල පිට වීම , මල දියර ආකාරයෙන් පිට වීම වෙන්න පුළුවන් . 


මේ නිසා කාලයක් යනකොට බඩේ මේ බැඳිලා තියෙන දේ නිසා පිළිකා තත්වයක් ඇතිවෙන්න හේතු ඇතිවෙනවා . ඒ නිසා මන්තරේ භාවිතා කරන්න කලින් කියන්න ඕන තමන් ඇදුරෙක් නම් විෂයේ තිබුණ පළියට කිසිම දෙයක් මතුරලා කන්න දෙන්න එපා තමන්ගෙන් සේවාවන් සපයා ගන්නා අයට . හොඳක් උනත් , නරකක් උනත් බඩේ මේ දේවල් තැම්පත් වෙන නිසා කවදා හරි ගුරුකමට ලක්වෙන පුද්ගලයා දුක් විඳලා තමයි මැරෙන්නේ . ඒ නිසා සල්ලි උපයාගන්න කිසිම දෙයක් ඇඟේ රැඳෙන්න දෙන්න එපා . 


මේ මන්ත්‍රය අතහදා බලලා තියෙනවා මම ඕන තරම් ඇඟේ වින අයින් කරන්න . ඒ නිසා විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් . 


ඇඹුල් පහ , වතුර , දෙහි , ලෙමන් , තැඹිලි , කුරුම්බා , හීනටි හාල් කැඳ , කියන මේ ඕනෑම දෙයක් මන්තරෙන් පන තියලා ජීවම් කරාම ඇඟේ තියෙන විනය ගැලවෙනවා . 


මෙන්න මන්ත්‍රය 


ඕං හ්‍රීං බෝධිරාජ තම්බිරානේ යක්ශ වින අජීර්ණ ඉගිල ඉගිල වර වර ඒස්වාහඃ

ඕං හ්‍රීං වන්දයේල් යේල් කිලඹු ජලධාර යක්ශ අමියා ඉගිල ඉගිල වර වර ඒස්වාහඃ

ඕං හ්‍රීං පොඩි උල්ලක්කුං ජය ජය අර්ධන ආරූඪ තිපෝ දක්කුං යක්ශ වින අජීර්ණ ඉගිල ඉගිල වර වර ඒස්වාහඃ



Darshana Prabhath
Darshana Prabhath

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment