මේ මන්ත්‍රය විෂ්ණු දෙවියන්ගේ වර ලබාදෙන ඉතාම ප්‍රභල මන්ත්‍රයක් . වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ ලෙඩ රෝග සුවපත් කිරීම සඳහා . හැබැයි ඊට අමතරව වරම් ලබාගන්න උනත් මේ මන්ත්‍රය පාවිච්චි කරන්න පුලුවන් . තමන්ට ඥාති දේවතාවන් ඉන්නවානම් විෂ්ණු දෙවියන්ගේ මාර්ගයෙන් වරම් ලබාදෙන්න , එහෙමත් නැත්නම් දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් වරම් දෙන්න , මේ මන්ත්‍රය ජීවම් කරත්දී විෂ්ණු දෙවියන් දර්ශනය වෙන අවස්ථාවේ ඒ වරම් ඉල්ලලා තමන්ට ලබාගන්නත් පුලුවන් .
මේ මන්ත්‍රය භාවිතා කරන්න කලින් සාමාන්‍යයෙන් මන්ත්‍රය භාවිතා කරන පුද්ගලයා පන්සිල් ආරක්ෂා කරන ආධ්‍යාත්මික වශයෙන් යම් දියුණුවක් ලබාගෙන තියෙන තත්වයට පත් වෙන්න ඕන . භාවනා කරන්න ඕන . නිතර දෙවේලේ නාලා පිරිසිදු වෙලා ඉන්න ඕන . පුළුවන් නම් කොහොඹ කොළ , කහ තම්බලා ස්නානය කරන්න වගේ පිරිසිදු වීම් වෙන්න අවශ්‍ය දේවල් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි .
දේවාලයක් තියෙන කෙනෙක් නම් දේවාලය පිරිසිදු කරලා කහ දියර ඉහලා දුම් අල්ලලා පිරිසිදු කරන්න ඕන . ඊට පස්සේ ආසනයේ නිල් පාට රෙද්දක් එළලා ඒ රෙද්ද උඩ බුලත් කොළ 9 ක් රවුමට තියලා ඒ උඩ විෂ්ණු දෙවියන්ගේ පිළිමයක් තැම්පත් කරන්න ඕන . මේකට හොඳම වෙන්නේ කොහොඹ , සුදු හඳුන් , රත් හඳුන් , පිත්තල , රිදී , රත්තරන් වගේ අමුද්‍රව්‍යයකින් හදපු පිළිමයක් .
මේ විදියට පිළිවෙල කරගත්ත විෂ්ණු දෙවියන්ගේ දේව පිළිමයක් ළඟදී කැවිලි , අඹ , බෙලි දිවුල් ඇතුළුව පලතුරු , නිල් මානෙල් මල් , නිල් කටරොළු මල් , ගිතෙල් පහනක් , බුලත් කියන දේවල් ඇතුළුව පුද පූජා සකස් කරලා සුවඳ දුම් අල්ලන්න ඕන .
ඊට පස්සේ මේ මන්ත්‍රය ජීවම් කිරීම ආරම්භ කරන්න ඕන පන්සිල් අරගෙන තෙරුවන් වන්දනා කරලා තෙරුවන් කමා කරවාගෙන . මන්ත්‍රය පුරන්න ඕන වාලම්පුරියකට හෝ නිල් මල් මාලාවකට . ඒ නිල් මල් මාලය දේව පිළිමයට පළඳවන්න පුළුවන් ප්‍රමාණයේ මල් මාලයක් වෙන්න ඕන . දේව පිළිමයත් ජීවම් කිරීම වැදගත් වෙනවා මේ වෙලාවේ .
මන්ත්‍රය මතුරනකොට මන්ත්‍රය තමන්ට සිද්ධි වීමක් වෙනවා . නැත්නම් තමන් මේ වැඩේ කරන්න කලින් පන්සලකට හෝ විෂ්ණු දේවාලයකට ගිහින් මන්තරේ 108 වාරයක් කියලා තමන්ට සිද්ධි කරගෙන දෙවියන්ට පින් දීලා එන්න ඕන කලින් දවසක .
මෙහෙම මන්ත්‍රය ජීවම් වෙනකොට තමන්ට එක අවස්ථාවක විෂ්ණු දේව ප්‍රතිමාව වෙවුලන්න ගන්නවා දැනෙනවා . ඒක දෘෂ්ටි මායාවක් කියලා රැවටෙන්න එපා . ඇත්තටම පිළිමය වෙවුලන්න ගන්නවා . එතනින් නිල් පැහැති අවකාශයක් පේන්න ගන්නවා තමන්ට අවසානයේ විෂ්ණු දෙවියන් තමන්ට දර්ශනය වීම වෙනවා .
ඊට පස්සේ මල් මාලාව දේව රූපයට පළන්දවලා හෝ වාලම්පුරිය විෂ්ණු දෙවියන්ට පූජා කරලා තමන්ට අවශ්‍ය දේ ඉල්ලා හිටින්න පුළුවන් .
හොඳ දේවල් ඉල්ලන්න . අයහපත් අරමුණු මේ හරහා ඉල්ලන්න එපා . ඒකෙන් තමන්ට තමයි අවැඩක් වෙන්නේ . තමන් ඒ වරය ඉල්ලුවට පස්සේ විෂ්ණු දෙවියන්ට පිං දෙන්න . කරණීය මෙත්ත සූත්‍රය 7 වතාවක් ඇතුළුව පිරිත් සූත්‍ර සජ්ඣායනා කරලා විෂ්ණු දෙවියන්ට නැවත නැවතත් පිං අනුමෝදන් කරන්න . විෂ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ඔබට නොඅඩුවම ලැබෙනවා .
වරම ඉල්ලා ගත්තට පස්සේ තමන් ඒ වෙනුවෙන් දෙවියන්ට දෙයක් දෙන්න ඕන . දෙවියන් බලාපොරොත්තු වෙන්නේ පින් . ඒ නිසා තමන් තමන්ගේ වරම භාවිතා කරලා මොන යම් හෝ දෙයක් ලබා ගන්නවා නම් ඒ ලබා ගන්න දෙයින් කොටසක් ආයෙත් පිනක් වෙනුවෙන් යොදවලා ඒ පින විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න .
දියුණුවෙන් දියුණුවට පත්වේවා !
ඔබ සැමට දළදා සමිඳු පිහිට ලැබේවා !
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා
!
ශතවර්ශාධී කාලයකට දෙවියන්
වහන්සේලාගෙන් දේව ආරක්ෂාව ලැබේවා !
No comments:
Post a Comment