ස්වේතාදරී...




මන්දාරම් හීන මානා

මං ගාවින් ඈත පේනා 

කඳුළැල් මැවෙනා

සේයාවකී..


රෑ තුන් යම පාර පාරා

මතකය නුඹ දෑස පේනා

මං මත් කරනා 

උන්මාදිනී..


මායා රෑ යාමේ නෑවී

ඔබෙ රූ අඳුරේ දිලිසේවී

හිනෙක මා යාවී පාවී

ප්‍රේමාදරී..


සඳගන රෑ අහසේ යාවී

තරු මං අතුරා හිනැහේවී

නිදි නැති ගීයක මිමිණේවී

ස්වේතාදරී...


නොදැනී ඔබ - නොරැඳී ළඟ

මා හීන මවා

නොයනා හිත - රහසේ අද

පැතුමන් පාරා..

රිදුමන් හදේ යාවෙලා

ඔබ ආලයෙන් වෙන්වෙලා

දෑසින් කී ඒ කතා දැන් නෑසීලා..



මායා රෑ යාමේ නෑවී

ඔබෙ රූ අඳුරේ දිලිසේවී

හිනෙක මා යාවී පාවී

ප්‍රේමාදරී..


සඳගන රෑ අහසේ යාවී

තරු මං අතුරා හිනැහේවී

නිදි නැති ගීයක මිමිණේවී

ස්වේතාදරී...


ගීපද - දිල්ශාන් ගාල්ලගේ

සංගීතය - සමිත් රවිශාන්

ගායනය - නොහිම් ධනවර්ධන



Darshana Prabhath
Darshana Prabhath

Bsc . Biological Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment