විවාහ පරීක්ෂාව සහ පොරොන්දම් පරීක්ෂාව




පොරොන්දම් පරීක්ෂාවෙන් පමණක් අද වනවිටදී විවාහ නිගමනය ගැනීමට පුරුදුව සිටින බව පෙනී යයි . එහෙත් විවාහ පරීක්ෂාව යනු පොරොන්දම් පරීක්ෂාවම නොව . එයට දෙදෙනාගේ ජන්මපත්‍රවල අඩංගු යම් යම් සියුම් කරුණු කාරණාද ගැලපීම අවශ්‍ය වේ .

අද වනවිටදී ප්‍රේම සම්බන්ධතා මත පදනම්වී විවාහය සිදුවීම සාමාන්‍ය දෙයක් වී ඇති බැවින් විවාහ පරීක්ෂාව සහ පොරොන්දම් පරීක්ෂාව ඔවුනගේ අදහස් උදහස් අනුවද සිදුකිරීම ප්‍රායෝගික ජ්‍යෝතිෂ වේදීන්ගේ කාර්යයක් වේ . ප්‍රේම සම්බන්ධතා ඇතිවන්නේ ජන්මපත්‍ර ගැළපීමකින් පසුව නොවේ . එබැවින් එම ජන්මපත්‍රවල නොගැළපීම් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නම් ඒවාද නියම කිරීම ජ්‍යෝතිෂ විද්‍යාව පැත්තෙන් සිදුවිය යුතු කාර්යයකි . එමෙන්ම ජන්මපත්‍ර මගින් පෙන්නුම් කරන චරිත ලක්ෂණ වටහාදී විවාහයට පසුව දෙදෙනාගේ යහපැවැත්ම සම්පාදනය කරගන්නේ කෙසේද කියා යම් අදහසක් ලබාදීමද විවාහ පරීක්ෂාවේ කොටසකි . ඒ සියල්ලම මෙම සේවාව හරහා සිදු කරනු ලැබේ .

එම විවාහ පරීක්ෂාවේ සහ පොරොන්දම් පරීක්ෂාවේ විස්තර සටහන PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අමතර ගෙවීමක් සිදුකළයුතු වේ . විවාහ පරීක්ෂාව සහ පොරොන්දම් පරීක්ෂාව සඳහා 2000 /= ක මුදලක් අය කෙරේ .

මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක සහ එම විස්තර ඔබගේ විස්තර සටහන සැකසීමෙන් අනතරුව ලබා දේ . එබැවින් මුලින් මුදල් ගෙවීමක් අවශ්‍ය වන්නේ නැත .

මෙම සේවාව වෙනුවෙන් මෙම දත්ත අවශ්‍ය වේ .


පුරුෂ

උපන් දිනය
උපන් වේලාව ( පෙ.ව / ප.ව සමග )
උපන් නගරය
ලග්නය ( දන්නවානම් )
නවාංශකය ( දන්නවානම් )
නැකත ( දන්නවානම් )
දසා ශේෂය ( දන්නවානම් )



ස්ත්‍රී

උපන් දිනය
උපන් වේලාව ( පෙ.ව / ප.ව සමග )
උපන් නගරය
ලග්නය ( දන්නවානම් )
නවාංශකය ( දන්නවානම් )
නැකත ( දන්නවානම් )
දසා ශේෂය ( දන්නවානම් )


ඔන්ලයින් සේවාවක් ලෙස මෙම සේවාව පවත්වාගෙන යන අතර ඔබගේ විස්තර සටහනේ යම් ගැටළුවක් තිබේනම් හෝ පැහැදිළි කරගැනීමක් අවශ්‍ය වේ නම් ඒ සඳහා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වීමට හැකියාව තිබේ .





ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය