නිවාස හා ඉදිකිරීම් සඳහා නැකත් සෑදීම






නැකත යනු යම් කටයුත්තක් ආරම්භ කිරීමට යොදාගනු ලබන සුබ වේලාවයි . එම නැකත් සෑදීමේ කාර්යය සිදුකිරීමේදී නැකත අවශ්‍ය කාරනාවට සීහෙන අන්දමේ ග්‍රහබල නැකත් බල විමසිය යුතු අතර , අත්හල යුතු දෝෂ හැකිතාක් අත්හැර නැකත් සෑදීම සිදුකලයුතුය . මහා නක්ෂස්ත්‍රයත් චූල නක්ෂස්ත්‍රයත් ආශ්‍රයෙන් මෙම සේවාවේදී නැකත් සෑදීම සිදුකරනු ලැබේ .


නිවාස ඉදිකිරීම සහ වෙනත් ගොඩනැගිලි ඉදිකිරීමේදී නැකත් සෑදියයුතු අවස්ථා සහ වැඩ ආරම්භ කිරීම් වලදී සාදන නැකත් කීපයක් පවතී . ඒවානම්

ලණු ගැසීමට කුක්ඤ සිටුවීම
අත්තිවාරම් කැපීම
මුල් ගල් තැබීම
බිත්ති බැඳීම ආරම්භ කිරීම
ප්‍රධාන උළුවස්ස තැබීම
වහලේ යට ලී තැබීම
ගෙට ගෙවැදීම


එම නැකත් වෙලාවන් PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අමතර ගෙවීමක් සිදුකළයුතු වේ . එක් සුබ වෙලාවක් සාදවා ගැනීම සඳහා 500 /= ක මුදලක් අය කෙරේ . ඔබගේ අවශ්‍යතාවය අනුව නැකත් සැදීම සිදු කෙරේ .



මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක සහ එම විස්තර ඔබගේ නැකත් සටහන සැකසීමෙන් අනතරුව ලබා දේ . එබැවින් මුලින් මුදල් ගෙවීමක් අවශ්‍ය වන්නේ නැත .



නැකතක් සෑදීමට මෙම විස්තර අවශ්‍ය වේ



උපන් දිනය

උපන් වේලාව ( පෙ.ව / ප.ව සමග )

උපන් ස්ථානය

ලග්නය ( දන්නවානම් )

නවාංශකය ( දන්නවානම් )

නැකත ( දන්නවානම් )

නැකත අවශ්‍ය වන්නේ කුමන කාරණාවක් වෙනුවෙන්ද යන වග

සුබ කටයුත්ත සිදු කරන නගරය



ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment