වින බන්ධන විනාශ කිරීම ප්‍රභල හැකියාවක් සහිත ජලනන්දන පිරිත ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද මන්ත්‍රයකි ජලනන්දන දැහැන . මෙය මගින් නීචකුල බන්ධන සහිතව සියලු වින බන්ධන කපා විනාශ කිරීමේ හැකියාවක් තිබේ .
වාස්තු විද්‍යාව සම්බන්ධව , වාස්තු විද්‍යාවට අතපොත් තියන ආධුනික අයට සහ සාමාන්‍ය කාටත් වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි අද කතා කරන්න කල්පනා කරේ ....
අභිසම්භිධාන පිරිත රචනා කරලා තියෙන්නේ යක්ෂ දෝෂ , අමනුෂ්‍ය දෝෂ , ග්‍රහ දෝෂ සහ නිධන්ගත රෝග දුරු කරන්න පුළුවන් විශේෂ අක්ෂර ඝන පිහිටීමක් මුල් කරගෙන . මේ පිරිත නිතර සජ්ඣායනා කිරීමෙන් මේ දෝෂ දුරු කරගන්න පුළුවන් වෙනවා වගේම තමයි නිවසේ දියුණුව සහ තමන්ගේ දියුණුව උදා කරගන්න පුළුවන් වෙනවා .
අභිසම්භිධාන පිරිත රචනා කරලා තියෙන්නේ යක්ෂ දෝෂ , අමනුෂ්‍ය දෝෂ , ග්‍රහ දෝෂ සහ නිධන්ගත රෝග දුරු කරන්න පුළුවන් විශේෂ අක්ෂර ඝන පිහිටීමක් මුල් කරග...
සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිතා කරන ජලනන්දන පිරිතට අමතරව වින දෝෂ දුරු කිරීම සඳහා නිර්මාණය කර තිබෙන ජලනන්දන පිරිත් කීපයක් අතරින් අත්දැකීමෙන් ම සාර්ථක ජල නන්දන පිරිතක් මෙම වීඩියෝවේ අඩංගු වේ . මෙන නිතර ශ්‍රවණය කිරීම සජ්ඣායනා කිරීම තුලින් ඔබගේ නිවසේ ව්‍යාපාරික ස්ථානයේ ඇති භූත දෝෂ ප්‍රේත දෝෂ වින දෝෂ දුරු කිරීමේ බලයක් මෙම පිරිතේ අන්තර්ගතවී තබේ .
සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිතා කරන ජලනන්දන පිරිතට අමතරව වින දෝෂ දුරු කිරීම සඳහා නිර්මාණය කර තිබෙන ජලනන්දන පිරිත් කීපයක් අතරින් අත්දැකීමෙන් ම ස...
විශ්වශක්තිය තමන් වෙත ලං කරගැනීමේ මූලික භාවනා කිරීම්වල මුල්ම භාවනාවක් විදියට මේ භාවනාව හඳුන්වා දෙන්න පුළුවන් . මේ භාවනාව දිනපතා සිදු කිරීම මගින් තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා බලපෑම් සිදු කරන අහිතකර ශක්තීන් විනාශ කර ශක්තිමත් විශ්ව ශක්තීන් ආකර්ෂණය කරගැනීමට හැකි වේ .
විශ්වශක්තිය තමන් වෙත ලං කරගැනීමේ මූලික භාවනා කිරීම්වල මුල්ම භාවනාවක් විදියට මේ භාවනාව හඳුන්වා දෙන්න පුළුවන් . මේ භාවනාව දිනපතා සිදු කිරීම මග...
කඳුළින් අවසන් වන පෙම් පුවතට
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ
හිරකරලනු බැරි සෙනේ හැඟුම් දිය
උතුරා පිටාර යයි
දෙනෝදහක් ඇස්වලින් රිදුම් ලැබ
පෙම් සිත් බලා හිඳියි
උහුලා ගනු හැකි වෙද මේ සෙනෙහස
සිඳී බිඳී යා නම්
සිහිලස රැඳි තුරු ලතා ගුලාවක
සඟවා මා පැතුමන්
පියා සරන්නට එපා බිඟුන් ලෙස
රහසින් දැක අන් මල්
උහුලා ගනු හැකි වෙද ඔබ උණුහුම
නිවී මැකී යා නම්
ගායනය - දමයන්ති ජයසූරිය
තනුව - රෝහණ වීරසිංහ
පද - වසන්ත කුමාර කොබවක
කඳුළින් අවසන් වන පෙම් පුවතට හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත මේ මල් යෞවනයේ හිරකරලනු බැරි සෙනේ හැඟුම් දිය උතුරා පිටාර යයි දෙනෝදහක් ඇස්වලින් රිදු...
මුතු මුතු වැස්‌සේ පට කුඩයේ තනිවෙලා
සුදු මුතු මැණිකේ කොහි යන්නේ සැරසිලා
තෙමි තෙමි වැස්‌සේ ඇයි ඉන්නේ හිනහිලා
යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා
පාලුවේ වැහි බිරමේ තනිවි බලා හිදින්නේ
කාටදෝ පවසන්නකෝ ඔබගේ සෙනෙහේ පුදන්නේ
මා ලැබු සිත් වේදනා ඇයගේ ලොවේ පෙරදිනේ
නෑ මැකි මතකෙන් මගේ එය මා සිතේ දරන්නේ
ජීවිතේ හැම කාලයේ ඔබගේ ලොවේ රැදෙන්නේ
රෑ දිවා දුක හා සැපේ හිඳිමි පලා නොයන්නේ
මේ ලෙසේ තනි ජීවිතේ සැමදා ගෙවා පතන්නේ
ආදරේ පිලිගන්න බෑ යළි මා මුලා නොවන්නේ
ගී පද - බන්ධුල ජයසිංහ
තනුව - සරත් ද අල්විස්
ගායනය - සෝමසිරි මැදගෙදර / චන්ද්‍රලේඛා පෙරේරා
මුතු මුතු වැස්‌සේ පට කුඩයේ තනිවෙලා සුදු මුතු මැණිකේ කොහි යන්නේ සැරසිලා තෙමි තෙමි වැස්‌සේ ඇයි ඉන්නේ හිනහිලා යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා ප...
ප්‍රේම සම්බන්ධතාවයක් ඇතුලේ වගේම විවාහ ජීවිතය වගේ බැඳීමක් ඇතුලේ වුණත් දෙමව්පියන් සහ දරුවන් අතරේත් , රැකියා ස්ථානයේ ඉන්න අපිට හමුවෙන අය සහ අපි අතරේ උනත් ඒ නැත්නම් මිතුරු කණ්ඩායම් තුළ වුණත් අපිට විවිධාකාරයෙන් Toxic Relationship තියෙන අය දකින්න ලැබෙනවා . ඒ වගේ Toxic Relationship තියෙනකොට බොහෝමයක් ගැටලුකාරී සහ ආතතිය ඇති කරන විවිධ අවස්ථාවන්ට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා . අපි ඉන්න අවට Toxic පුද්ගලයන් සිටිනවා කියලා අපිට තනියමම ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ . ඒ නිසා ඒ වගේ අය එක්ක ගණුදෙනු කරගෙන ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපි අපි තුල සහ අපේ වටපිටාවේ ඇති කරගන්න ඕන . ඒ වෙනුවෙන් අපි සැලසුම් සහගතව අපේ මනස සහ වටපිටාව සකස් කරගන්න ඕන .
ප්‍රේම සම්බන්ධතාවයක් ඇතුලේ වගේම විවාහ ජීවිතය වගේ බැඳීමක් ඇතුලේ වුණත් දෙමව්පියන් සහ දරුවන් අතරේත් , රැකියා ස්ථානයේ ඉන්න අපිට හමුවෙන අය සහ අ...
ගෙරවීම් දත් සැපීම් කෙඳිරීම් නන් දෙඩීම් ඒ මේ අත පෙරළීම්වලින් තොරව සුවසේ නින්දයාම.
කෙඳිරීම් ඈනුම් ඇරීම් ඇඟමැලි කැඩීම් ආදියෙන් තොරව පද්මයක් පුබුදුවන්නාක් මෙන් සැපසේ නින්දෙන් අවදිවීම.
සර්පයන්ට සොරුන්ට ඇතුන්ට සතුරන්ට හසුවීම් ආදී භයානක සිහින නො පෙනීම.
දකින දකින සැමට ම ප්‍රියවීම.
මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට ද ප්‍රියවීම.
දෙවියන් විසින් ආදරයෙන් ආරක්ෂා කරනු ලැබීම.
ගින්නෙන් විෂෙන් හා ආයුධවලින් ද අනතුරු නො වීම.
වහා සිත සමාධි වීම.
මුහුණ පැහැපත් වී බැබලීම.
නොමුළාව කාලක්‍රියා කරන්නට ලැබීම.
ඒ ජාතියේ ම රහත් නූවහොත් බ්‍රහ්මලෝකයේ ඉපදීම.
ගෙරවීම් දත් සැපීම් කෙඳිරීම් නන් දෙඩීම් ඒ මේ අත පෙරළීම්වලින් තොරව සුවසේ නින්දයාම. කෙඳිරීම් ඈනුම් ඇරීම් ඇඟමැලි කැඩීම් ආදියෙන් තොරව පද්මයක් පුබ...
හිතුවෙවත් නැති දවසක
හිතන්නැතුවම ළංවුනා
අතීතයේ දුර ඈතක
ආදරේ මග වැරදුණා
අපි අපිම අද ආයෙම
හමුවුණා ඒ පාරෙම
අපි හමුවුනා ඒ පාරේම
මල් යාය මැලවුණා
මල් දෙවැට හැඩිවුණා
සමනල්ලු ඉහ හැරුණු අත ගියා
අපි ආයේ නොයනා නිසා
නිල් අහස කලු වුණා
ඉකිගගහා වැලපුණා
කදුලින්ම පිරුණු වැව බොරවුනා
අපි නිතර ආවගිය තැන නිසා
ගී පද - ප්‍රගීත් විජේසූරිය
සංගීතය - ශාලිත මහේෂ් සහ සංඛ
ගායනය - ශාලිත මහේෂ් සහ සංඛ
හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම අපි හමුවුනා ඒ පාරේම මල් යාය මැලවුණ...
හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින
නැවුම් වත්සුනු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ
පද රචනය:- ධර්මසේන පතිරාජ
සංගීතය:- ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය:- ටී. එම්. ජයරත්න සමග සුනිලා අබේසේකර
හිමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් මලක් නම් එය මලක් වුව මැන සින...
දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි
සුවද මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි
සියුමැලී මල් පිපි පාට පාටින් සැරසෙතී
ඇයි ලොවේ පිපුනේ කියා සුවද මල් නොඅසතී
බට ගහේ අතු අත වනන්නේ පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ බට නෙලන්නේ බට නලා හදන්නයි
හදවතේ සුසුමන් නැගෙන්නේ ඒ නළා වයන්නයි
බටනලාවේ ගී ඇසෙන්නේ ආදරේ කතාවයි
බට ගහේ සිදුරකින් හදවතේ සුසුමකින්
නැගෙන ගී රාවයෙන් මියුරු වෙයි අප සවන්
දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි
සුවද මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි
සියුමැලී මල් පිපි පාට පාටින් සැරසෙතී
ඇයි ලොවේ පිපුනේ කියා සුවද මල් නොඅසතී
ගායනය : භද්‍රජි මහින්ද ජයතිලක සමග සමිතා එරන්දතී මුදුන්කොටුව
සංගිතය සහ තනුව : භද්රජි මහින්ද ජයතිලක
පදරචනය : භද්‍රජි මහින්ද ජයතිලක
දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි සුවද මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි මල්ලිලා ඒ ගෙල දමන්...
මන්දාරම් හීන මානා
මං ගාවින් ඈත පේනා
කඳුළැල් මැවෙනා
සේයාවකී..
රෑ තුන් යම පාර පාරා
මතකය නුඹ දෑස පේනා
මං මත් කරනා
උන්මාදිනී..
මායා රෑ යාමේ නෑවී
ඔබෙ රූ අඳුරේ දිලිසේවී
හිනෙක මා යාවී පාවී
ප්‍රේමාදරී..
සඳගන රෑ අහසේ යාවී
තරු මං අතුරා හිනැහේවී
නිදි නැති ගීයක මිමිණේවී
ස්වේතාදරී...
නොදැනී ඔබ - නොරැඳී ළඟ
මා හීන මවා
නොයනා හිත - රහසේ අද
පැතුමන් පාරා..
රිදුමන් හදේ යාවෙලා
ඔබ ආලයෙන් වෙන්වෙලා
දෑසින් කී ඒ කතා දැන් නෑසීලා..
මායා රෑ යාමේ නෑවී
ඔබෙ රූ අඳුරේ දිලිසේවී
හිනෙක මා යාවී පාවී
ප්‍රේමාදරී..
සඳගන රෑ අහසේ යාවී
තරු මං අතුරා හිනැහේවී
නිදි නැති ගීයක මිමිණේවී
ස්වේතාදරී...
ගීපද - දිල්ශාන් ගාල්ලගේ
සංගීතය - සමිත් රවිශාන්
ගායනය - නොහිම් ධනවර්ධන
මන්දාරම් හීන මානා මං ගාවින් ඈත පේනා කඳුළැල් මැවෙනා සේයාවකී.. රෑ තුන් යම පාර පාරා මතකය නුඹ දෑස පේනා මං මත් කරනා උන්මාදිනී.. මායා රෑ යාමේ නෑ...
ගුරුකම් කියන මාතෘකාවේ අඳුරු පැතිකඩක් විදියට මම සලකන ඇඟේ වින දෝෂ රැඳීම නිසා ඇතිවෙන දෝෂ අයින් කරන්න ගන්න මන්තරයක් තමයි විනරාජ මන්ත්‍රය කියලා කියන්නේ . වින දෝෂ ඇඟේ රැඳෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක් .
කෙනෙක් වශියක් , ඉනාවක් , විනයක් , හූනියමක් , නීචයක් වගේ ගුරුකමක් කරලා ඒක මතුරාගෙන එන සීනි , ලේ , මිනී අළු , කිරි , බුලත් , ලුණු , වගේ ඕනෑම ආහාර වර්ගයක් ආහාරයට ගත්තම මේක බඩේ ගිහින් යම් තැනක තැම්පත් වෙනවා . ඒක තමා ගුරුකමේ අවශ්‍යතාවය වෙන්නේ . එහෙම තැම්පත් උනාම එතන බඩවැලේ ක්‍රියාකාරීත්වය අඩුවෙලා ගිහින් හරියට අවශ්‍ය දේ කරගන්න බැරි වෙනවා . මේ නිසා නිතර නිතර බඩේ ඉඳිකටු අනිනවා වගේ දැනෙනවා , ආහාර දිරවීම අඩු වෙනවා , පෝෂණය උරා ගැනීමත් දුර්වල වෙනවා . වමනය ඔක්කාරය එන්න ඉඩක් තියෙනවා . ඒ වගේම තමයි මල පිටවීම දෝෂ සහිත වෙනවා . ඒ කියන්නේ නිතර නිතර මල පිට වීම , මල දියර ආකාරයෙන් පිට වීම වෙන්න පුළුවන් .
මේ නිසා කාලයක් යනකොට බඩේ මේ බැඳිලා තියෙන දේ නිසා පිළිකා තත්වයක් ඇතිවෙන්න හේතු ඇතිවෙනවා . ඒ නිසා මන්තරේ භාවිතා කරන්න කලින් කියන්න ඕන තමන් ඇදුරෙක් නම් විෂයේ තිබුණ පළියට කිසිම දෙයක් මතුරලා කන්න දෙන්න එපා තමන්ගෙන් සේවාවන් සපයා ගන්නා අයට . හොඳක් උනත් , නරකක් උනත් බඩේ මේ දේවල් තැම්පත් වෙන නිසා කවදා හරි ගුරුකමට ලක්වෙන පුද්ගලයා දුක් විඳලා තමයි මැරෙන්නේ . ඒ නිසා සල්ලි උපයාගන්න කිසිම දෙයක් ඇඟේ රැඳෙන්න දෙන්න එපා .
මේ මන්ත්‍රය අතහදා බලලා තියෙනවා මම ඕන තරම් ඇඟේ වින අයින් කරන්න . ඒ නිසා විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් .
ඇඹුල් පහ , වතුර , දෙහි , ලෙමන් , තැඹිලි , කුරුම්බා , හීනටි හාල් කැඳ , කියන මේ ඕනෑම දෙයක් මන්තරෙන් පන තියලා ජීවම් කරාම ඇඟේ තියෙන විනය ගැලවෙනවා .
මෙන්න මන්ත්‍රය
ඕං හ්‍රීං බෝධිරාජ තම්බිරානේ යක්ශ වින අජීර්ණ ඉගිල ඉගිල වර වර ඒස්වාහඃ
ඕං හ්‍රීං වන්දයේල් යේල් කිලඹු ජලධාර යක්ශ අමියා ඉගිල ඉගිල වර වර ඒස්වාහඃ
ඕං හ්‍රීං පොඩි උල්ලක්කුං ජය ජය අර්ධන ආරූඪ තිපෝ දක්කුං යක්ශ වින අජීර්ණ ඉගිල ඉගිල වර වර ඒස්වාහඃ
ගුරුකම් කියන මාතෘකාවේ අඳුරු පැතිකඩක් විදියට මම සලකන ඇඟේ වින දෝෂ රැඳීම නිසා ඇතිවෙන දෝෂ අයින් කරන්න ගන්න මන්තරයක් තමයි විනරාජ මන්ත්‍රය කියලා ක...
විෂ්ණු දෙවියන් දර්ශනය වී වරම් ලබාදෙන මහා විෂ්ණු කුර්මාවතාර මන්ත්‍රය සහ වරම් ලබාගන්නා ආකාරය
August 21, 2025
මේ මන්ත්‍රය විෂ්ණු දෙවියන්ගේ වර ලබාදෙන ඉතාම ප්‍රභල මන්ත්‍රයක් . වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ ලෙඩ රෝග සුවපත් කිරීම සඳහා . හැබැයි ඊට අමතරව වරම් ලබාගන්න උනත් මේ මන්ත්‍රය පාවිච්චි කරන්න පුලුවන් . තමන්ට ඥාති දේවතාවන් ඉන්නවානම් විෂ්ණු දෙවියන්ගේ මාර්ගයෙන් වරම් ලබාදෙන්න , එහෙමත් නැත්නම් දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් වරම් දෙන්න , මේ මන්ත්‍රය ජීවම් කරත්දී විෂ්ණු දෙවියන් දර්ශනය වෙන අවස්ථාවේ ඒ වරම් ඉල්ලලා තමන්ට ලබාගන්නත් පුලුවන් .
මේ මන්ත්‍රය භාවිතා කරන්න කලින් සාමාන්‍යයෙන් මන්ත්‍රය භාවිතා කරන පුද්ගලයා පන්සිල් ආරක්ෂා කරන ආධ්‍යාත්මික වශයෙන් යම් දියුණුවක් ලබාගෙන තියෙන තත්වයට පත් වෙන්න ඕන . භාවනා කරන්න ඕන . නිතර දෙවේලේ නාලා පිරිසිදු වෙලා ඉන්න ඕන . පුළුවන් නම් කොහොඹ කොළ , කහ තම්බලා ස්නානය කරන්න වගේ පිරිසිදු වීම් වෙන්න අවශ්‍ය දේවල් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි .
දේවාලයක් තියෙන කෙනෙක් නම් දේවාලය පිරිසිදු කරලා කහ දියර ඉහලා දුම් අල්ලලා පිරිසිදු කරන්න ඕන . ඊට පස්සේ ආසනයේ නිල් පාට රෙද්දක් එළලා ඒ රෙද්ද උඩ බුලත් කොළ 9 ක් රවුමට තියලා ඒ උඩ විෂ්ණු දෙවියන්ගේ පිළිමයක් තැම්පත් කරන්න ඕන . මේකට හොඳම වෙන්නේ කොහොඹ , සුදු හඳුන් , රත් හඳුන් , පිත්තල , රිදී , රත්තරන් වගේ අමුද්‍රව්‍යයකින් හදපු පිළිමයක් .
මේ විදියට පිළිවෙල කරගත්ත විෂ්ණු දෙවියන්ගේ දේව පිළිමයක් ළඟදී කැවිලි , අඹ , බෙලි දිවුල් ඇතුළුව පලතුරු , නිල් මානෙල් මල් , නිල් කටරොළු මල් , ගිතෙල් පහනක් , බුලත් කියන දේවල් ඇතුළුව පුද පූජා සකස් කරලා සුවඳ දුම් අල්ලන්න ඕන .
ඊට පස්සේ මේ මන්ත්‍රය ජීවම් කිරීම ආරම්භ කරන්න ඕන පන්සිල් අරගෙන තෙරුවන් වන්දනා කරලා තෙරුවන් කමා කරවාගෙන . මන්ත්‍රය පුරන්න ඕන වාලම්පුරියකට හෝ නිල් මල් මාලාවකට . ඒ නිල් මල් මාලය දේව පිළිමයට පළඳවන්න පුළුවන් ප්‍රමාණයේ මල් මාලයක් වෙන්න ඕන . දේව පිළිමයත් ජීවම් කිරීම වැදගත් වෙනවා මේ වෙලාවේ .
මන්ත්‍රය මතුරනකොට මන්ත්‍රය තමන්ට සිද්ධි වීමක් වෙනවා . නැත්නම් තමන් මේ වැඩේ කරන්න කලින් පන්සලකට හෝ විෂ්ණු දේවාලයකට ගිහින් මන්තරේ 108 වාරයක් කියලා තමන්ට සිද්ධි කරගෙන දෙවියන්ට පින් දීලා එන්න ඕන කලින් දවසක .
මෙහෙම මන්ත්‍රය ජීවම් වෙනකොට තමන්ට එක අවස්ථාවක විෂ්ණු දේව ප්‍රතිමාව වෙවුලන්න ගන්නවා දැනෙනවා . ඒක දෘෂ්ටි මායාවක් කියලා රැවටෙන්න එපා . ඇත්තටම පිළිමය වෙවුලන්න ගන්නවා . එතනින් නිල් පැහැති අවකාශයක් පේන්න ගන්නවා තමන්ට අවසානයේ විෂ්ණු දෙවියන් තමන්ට දර්ශනය වීම වෙනවා .
ඊට පස්සේ මල් මාලාව දේව රූපයට පළන්දවලා හෝ වාලම්පුරිය විෂ්ණු දෙවියන්ට පූජා කරලා තමන්ට අවශ්‍ය දේ ඉල්ලා හිටින්න පුළුවන් .
හොඳ දේවල් ඉල්ලන්න . අයහපත් අරමුණු මේ හරහා ඉල්ලන්න එපා . ඒකෙන් තමන්ට තමයි අවැඩක් වෙන්නේ . තමන් ඒ වරය ඉල්ලුවට පස්සේ විෂ්ණු දෙවියන්ට පිං දෙන්න . කරණීය මෙත්ත සූත්‍රය 7 වතාවක් ඇතුළුව පිරිත් සූත්‍ර සජ්ඣායනා කරලා විෂ්ණු දෙවියන්ට නැවත නැවතත් පිං අනුමෝදන් කරන්න . විෂ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ඔබට නොඅඩුවම ලැබෙනවා .
වරම ඉල්ලා ගත්තට පස්සේ තමන් ඒ වෙනුවෙන් දෙවියන්ට දෙයක් දෙන්න ඕන . දෙවියන් බලාපොරොත්තු වෙන්නේ පින් . ඒ නිසා තමන් තමන්ගේ වරම භාවිතා කරලා මොන යම් හෝ දෙයක් ලබා ගන්නවා නම් ඒ ලබා ගන්න දෙයින් කොටසක් ආයෙත් පිනක් වෙනුවෙන් යොදවලා ඒ පින විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න .
දියුණුවෙන් දියුණුවට පත්වේවා !
ඔබ සැමට දළදා සමිඳු පිහිට ලැබේවා !
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
ශතවර්ශාධී කාලයකට දෙවියන් වහන්සේලාගෙන් දේව ආරක්ෂාව ලැබේවා !
මේ මන්ත්‍රය විෂ්ණු දෙවියන්ගේ වර ලබාදෙන ඉතාම ප්‍රභල මන්ත්‍රයක් . වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ ලෙඩ රෝග සුවපත් කිරීම සඳහා . හැබැයි ඊට අමතරව වර...
කීප දෙනෙක් මේ කාලය තුල මන්තර ගැන අහලා වට්සප් ෆේස්බුක් මැසේජ් එවලා තිබුණා මේ මේ මන්තර අපිට ලබා දෙන්න කියලා . මොකද සමහර මන්තර මුද්‍රිත පිටපත්වල තියෙන ඒවායේ අකුරු වචන අඩුපාඩු තියෙනවා . ඒ අඩුපාඩු ගැන ඒ පොත් මුද්‍රණය කරපු අයගෙන් ප්‍රශ්න කරාම කියන්නේ ඒ අපේ පරම්පරාවේ එන විදිය කියලා . සමහර මන්තරවලින් නම් වැඩක් කරන්න පුලුවන්ද කියලත් සැකයක් තියෙන තැන් තියෙනවා . ඒ නිසා කියලා දෙන්න පුළුවන් මන්තර වලින් එක එක බ්ලොග් එකේ සටහන් කරලා තියන්න ඕන කියලා කල්පනා කරා .
මේ ලිපියේ තියෙන්නේ මහා ගුරු වරම් මන්ත්‍රය . මන්ත්‍ර ශක්තිය වැඩි පිළිවෙලේ ඉඳලා අඩු පිළිවෙලට හදනකොට ඉහළම තියෙන්නේ මේ ගුරු වරම් මන්ත්‍රය . මන්ත්‍ර කර්මයේ දිෂ්ටි කරනවා කියලා කාර්යයක් තියෙනවා . දිෂ්ටි කරනවා කියන්නේ යම් අමනුෂ්‍ය ශක්තියක් අපි කරන කාර්යය වෙනුවෙන් ලඟා කරවා ගැනීමට . ඒවගේම තමයි වැඩක් කරනකොට අමනුෂ්‍ය ආත්ම වලින් දෙවියන්ගෙන් යක්ෂයින්ගෙන් අවසර ගන්න ඕන . ඒ වගේම එයාලාට ආරාධනා කරන්නත් ඕන . මේ ඔක්කොම දේවල් වලට අදාළ වෙන මන්ත්‍රය තමයි මහා ගුරු වරම් මන්ත්‍රය කියන්නේ . ගුරු වරමට ඉහළින් කිසිම මන්ත්‍රයක් පිහිටන්නේ නැහැ . සෘෂිවරු පවා ආකර්ෂණය වෙන මහා ශ්‍රී රාම දිෂ්ටියට උනත් කලින් මහා ගුරු වරම තුන් වතාවක් මතුරලා තමයි ශ්‍රී රාම දිෂ්ටියට මුල පුරන්නේ හරියට මන්ත්‍ර කර්මය දන්න අය . මන්තරේ පාඩම් කරනකොට දීලා තියෙන පේලි විදියටම පාඩම් කරන්න . එතකොට මතක තියාගන්න ලේසියි .
ඔය දේවල් නිසා මේ මන්ත්‍රයට මහා ගුරු වරම් මන්ත්‍රය , සර්ව දේව වරම , සර්ව දේවාරාධනාව කියලා කියනවා . මේ පහල තියෙන්නේ මම පාවිච්චි කරන අඩුපාඩුවක් නැතුවම දෙන මහා ගුරු වරම් මන්ත්‍රය . මන්ත්‍රයට පහල ඇති වීඩියෝ එකක් . ඒ මගේ චැනල් එක . චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න . මන්ත්‍ර යන්තර ගැන ඉගෙන ගන්න ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි .
ඕං නමාමී සරණම්
ඕං ගුරුවරං ගුරු පත්‍රකාලි වරං
සුර වරං සුර පත්‍ර කාලි වරං
අසුර වරං අසුර පත්‍රකාලි වරං
දේව වරං දේව පත්‍රකාලි වරං
නාග වරං නාග පත්‍රකාලි වරං
කෛලාශන වරං කෛලාශන ගුරු ධාරණේ වරං
යන්ත්‍ර වරං
යන්ත්‍ර මන්ත්‍ර වරං
මන්ත්‍ර තන්ත්‍ර වරං
ශ්‍රී විෂ්ණු වරං ශ්‍රී විෂ්ණු නාරායනේ වරං
ආකාශ වරං ආකාශ සූර්යානේ වරං
චන්ද්‍ර වරං චන්ද්‍ර පත්ම කෛලාශනේ වරං
භූම වරං භුම ජල මහී කාන්තා දේව ගුරු දැපනේ වරං
ඊශ්වර වරං ඊශ්වර මහේශ්වර වරං
ක්‍රතේශ්වර නාථෙශ්වර වරං
ශ්‍රී විෂ්ණු වරං ශ්‍රී විෂ්ණු කන්දකුමාර වරං
සත් පත්තිනි වරං සත් පත්තිනි ගිනි දෙවොල් වරං
වෙසමුණි වරං වෙසමුණි දැඩි මුණ්ඩ වරං
නවග්‍රහ වරං නවග්‍රහ නවදෙන වරං
හනුමා වරං හනුමා පත්‍රකාලි වරං
සරස්වතී වරං සරස්වතී මෝහිණී වරං
භෛරවී වරං භෛරවී ශ්‍රීයා දේවි වරං
ඔඩ්ඩියා වරං ඔඩ්ඩියා ඉරලා වරං
යක්ෂයා වරං යක්ෂනී වරං
හිමාල වරං හිමාල ජල වරං
පර්වත වරං පර්වත වෘක්ෂ වරං
සර්වාංග වරං සර්වාංග ප්‍රාණ වරං
ඉරුරැස් වරං සඳු රැස්වරං තරුරැස් වරං බුදුරැස් වරං
බුද්ධ රශ්මීන් ආලෝක ජීවප්‍රාණ
සර්ව ලෝක ජීවප්‍රාණ
සර්ව ලෝක දේවාරාධනා
නමස්කාර වර වර නමාමි නමඃ
කීප දෙනෙක් මේ කාලය තුල මන්තර ගැන අහලා වට්සප් ෆේස්බුක් මැසේජ් එවලා තිබුණා මේ මේ මන්තර අපිට ලබා දෙන්න කියලා . මොකද සමහර මන්තර මුද්‍රිත පිටපත්ව...
රත්නපුරේ පැවැත්වෙන දැවැන්ත ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අගෝස්තු මස 15 16 17 කියන දවස්වල උදේ 10 ඉඳලා රාත්‍රී 07 වෙනකල් රත්නපුර Grand Silver Ray හිදී පැවැත්වෙනවා .
මැණික් ගන්න . මැණික් ගැන දැනගන්න ඔයාලත් ඔයාලගේ යාළුවො , පවුලේ අය එක්ක එන්න .
අපේ කුටිය " කුටි අංක 60 " .
එහෙනම් අපි එදාට හම්බෙමු .
රත්නපුරේ පැවැත්වෙන දැවැන්ත ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අගෝස්තු මස 15 16 17 කියන දවස්වල උදේ 10 ඉඳලා රාත්‍රී 07 වෙනකල් රත්නපු...
මට මේ ළඟදී නිකමට වගේ ටවුන් ආව වෙලාවක අපිට උගන්නපු මිස් කෙනෙක් හම්බුණා . දැන් නම් ඒ මිස් හරියට වෙනස් වෙලා වයසට ගිහින් නිසා වෙන්නැති . අ...
මේ දවස්වල සමාජ මාධ්‍ය වල නිතර දකින්න ලැබෙන ගීතයක් විදියට මේ ගීතය ටිකක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා . ඒකත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ගීතයේ මුල් ගායකයා නිසා නෙවෙයි . ඒ මිදෝරී නිසා . සාපේක්ෂව බලනකොට ලාලිත්‍ය මුසුවුණු ස්ත්‍රී හඬක් නෙවෙයි මිදෝරිට තියෙන්නේ . රුක්මණී දේවිගේ කටහඬට ආසන්න ස්වර වර්ණ පිහිටන පිරිමි හඬකට ආසන්න සමාන හඬක් තමයි මිදෝරි උපතින් උරුම කරගෙන තියෙන්නේ . ඒ හඬ ඇත්තටම සමහර වෙලාවල් වලදී බණ්ඩාර අතාවුද මහත්මයාගේ කටහඬට තරමක් සමාන වෙන වෙලාවල් තියෙනවා .
ඒ නිසා වෙනස් රහක් මේ ගීතයේ තියෙනවා එයාගේ ගායනයත් එක්ක . ගීතයේ මුල් ගායනයට හානියක් නොකර මිදෝරී මේ ගීතයේ හොඳ රහ තැන්වල ස්වර ස්පර්ශ කිරීමක් කරනවා . ඒ නිසා වෙනසක් හොයන අපි හැමෝම මිදෝරිගේ අලුත් ගායනයට තරමක් වැඩියෙන් ලං වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන් . අපි බලමු ගීතයේ ඉදිරියට ගිහින් කොහොමද කියලා මේ ගීතයේ ඇතුලාන්තය ගැන කියවෙන්නේ කියලා .
හැමෝටම යම් කාලයක් එනවා තමන් ආදරය කරන කෙනෙක්ට තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්න . එහෙමත් නැත්නම් තමන් ඒ කෙනාට ආදරය කරනවා කියලා තමන්ගේ වටපිටාවට දැනෙන්න හරින්න . එහෙම උනාම වටපිටාව විසින් අවශ්‍ය දේවල් ටික ඉදිරියට කරගෙන යනවා . එහෙමත් නැත්නම් වටපිටාවේ කාටත් හොරෙන් ඒ දෙන්නා ආදරයෙන් බැඳෙනවා .
සමහර වෙලාවල් වලදී වයස වෙනස් වෙනවත් එක්කම මේ ආදරය කරන අය වෙනස් වෙනවා . එහෙමත් නැත්නම් තමන් ඉන්න පරිසරය වෙනස් වෙනවත් එක්ක ආදරය කරන කෙනා වෙනස් වෙනවා . ඔය ඔක්කොමත් එක්ක තමන්ගේ සමාජ තත්වය අනුවත් සමහරු තමන්ගේ ආදරය කරන කෙනා වෙනස් කරනවා . ඒවායේ හොඳ නරක ගැන අපි මේ වෙලාවේ කතා කරන්නේ නැතුව මේ ආදරය කරන කෙනා වෙනස් කිරීම ගැන විතරක් හිතනවා නම් ගොඩක් වෙලාවට ඔය ආදරය කරන කෙනාට ආදරය ප්‍රකාශ කිරීම සහ මම මුලින් කිව්වා වගේ වටපිටාවේ ඉන්නා අයට ඒ ආදරය දැනෙන්න හැරීම විවිධ ආකාරයෙන් ආදරවන්තයින් කරනවා . ඒ කාලෙට තමන්ගේ මනසේ ඇතිවෙන ලාමක ගති පැවතුම් මේවට හේතු වෙන්න පුළුවන් . සමහර තද ගති පැවතුම් උනත් හේතු වෙන්න පුළුවන් .
ඔය විදියට තමන් දැන් කෙනෙක්ට ආදරය කරනවා කියලා කියන සහ පෙන්වන එක විදියක් තමයි යන යන තැන ඒ කෙනාගේ සහ තමන්ගේ නම් එකට ඈඳලා ලියන එක . ගස්වල පොතු හූර හූර සමහරු තමන්ගේ නම + එයාගේ නම කියලා ලියනවා . ගල්වල මෙහෙම නම් ලියනවා . ඔය මොකවත් නැත්නම් සමහර වෙලාවට ඉගෙන ගන්න තැන මේස පුටුවල නම් ලියනවා . මට මතකයි කැම්පස් ගිය මුල් කාලේ අපේ පීඨාධිපති වෙලා හිටපු මහාචාර්ය සුදන්ත ලියනගේ මහත්මයා කියනවා " ළමයි අපේ පීඨයෙන් විශාල මුදලක් වියදම් කරලා ඔය මේස පේන්ට් කරලා තියෙන්නේ , ඕවයේ තමන්ගේ නම් අනුන්ගේ නම් ලියලා විනාස කරන්න එපා " කියලා . ඇත්තටම මේ නම් ලිවීම අදාළ පරිසරය විනාශ කිරීමක් තමයි . හැබැයි ඒ විනාශය තුල යම් සුන්දර හැගීමක් හිරවෙලා තියෙනවා වෙන්න පුළුවන් . ඒ නිසා ඒකෙ හොඳ නරක දෙකම තියෙනවා කියලා තමයි මම දකින්නේ .
මටත් ඔය වගේ යම් අත්දැකීමක් තියෙනවා . කොළඹ යන වෙලාවල් වලට ඒ තැනට ගියොත් එතන මගේ සහ වයලීනිගේ නම් ලියපු එක තියෙනවද කියලා බලන්න අමතක කරන්නේ නැහැ . සරලවම කියනවනම් ඒකෙ පොඩි ජොලියක් තියෙනවා . කොහොම හරි මේ ගීතයේත් කියවෙන්නේ ඔන්න ඔය වගේ යන යන තැන නම ලියලා තමන්ගේ ආදරය දැනගත්තද කියලා විමසන පෙම්වතෙක් ගැන . මේක පෙම්වතියන්ට උනත් ගළපන්න පුළුවන් . ඒත් ගායකයෙක් කියන නිසා මේක පෙම්වතෙක් කියන විදියට බලන එක හොඳයි කියලා මම හිතනවා .
මේ දවස්වල සමාජ මාධ්‍ය වල නිතර දකින්න ලැබෙන ගීතයක් විදියට මේ ගීතය ටිකක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා . ඒකත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ගීතයේ මුල් ගායක...
























