2019 සිංහල අවුරුදු නැකත්





නවසඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 07 වන ඉරිදා දින ද , අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 9 වන බ්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි .
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි .
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා දින අපර භාග 02 09 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි .
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා පූර්ව භාග 07 45 සිට එදින අපර භාග 08 33 දක්වා පුණ්‍ය කාලය බැවින් , අප්‍රේල් මස 14 වෙනි ඉරිදා දින පූර්ව භාග 07 45 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත හැර ආගමික වතාවත් වල යෙදීමද , පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් , 14 වන ඉරිදා දින අපර භාග 02 09 සිට අපර භාග 08 33 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම , ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි .
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා අපර භාග 02 42 ට රතු සහ කහ මිශ්‍ර ( තඹ පැහැති ) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ , ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරිබතක් ද , තිකුළු මිශ්‍ර ( ඉඟුරු , ගම්මිරිස් , තිප්පිලි යන කුළු බඩු දමා ) අග්ගලා සහ කැවුම් යන කැවිලි වර්ගද පිළියෙළ කරගැනීම මැනවි .
වැඩ ඇල්ලීම , ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා අපර භාග 03 54 ට රතු සහ කහ මිශ්‍ර ( තඹ පැහැති ) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙණු කොට ආහාර අනුභවය මැනවි .
හිස තෙල් ගෑම
අප්‍රේල් මස 17 වෙනි බදාදා පූර්ව භාග 07 40 ට පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද , පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි .
රැකිරක්ෂා සඳහා පිටත්ව යාම
අප්‍රේල්මස 18 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 04 52 ට පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මෝරු මිශ්‍ර කිරිබතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත්ව යාම මැනවි .


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment