නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 1 - බ්‍රහ්ම වේද දෝෂය





සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .

ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .

වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා . අපි බලමු බ්‍රහ්ම වේද දෝෂය කියන්නේ මොකක්ද කියලා . 

බ්‍රහ්ම වේද දෝෂය සාමාන්‍යයෙන් ඇතිවෙන ආකාර කීපයක් තියෙනවා . මේ ආකාර කීපයෙන් කොයි ආකාරයේ දෝෂයක් වුණත් බලපෑම සමාන මට්ටම් වලින් පවතිනවා . නිවසක හරිමැද කෙලින් තවත් නිවසක දොරක් හෝ බිත්තියක් පිහිටා තිබීම හෝ නිවසේ වෙනත් අංගයක් පිහිටා තිබීම බ්‍රහ්ම වේද දෝෂය වෙනවා . ඒ එක් ආකාරයක් . තවත් ආකාරයක් තමයි නිවසේ පිටත බිත්තියේ හරිමැද ප්‍රධාන උළුවස්ස පිහිටලා තිබීම . අනිත් බ්‍රහ්ම වේද දෝෂය එන්න පුළුවන් ආකාරය වෙන්නේ නිවසේ මුදුන් බිත්තියකින් නිවසට ඇතුළු වෙන්න තිබීම .

අදවෙනකොට පවතින කොන්ක්‍රීට් යකඩ කම්බි භාවිතයෙන් දාන ලින්ටල් නිසා මේ දෝෂ ඇතිවීම විශාල ප්‍රමාණයක් පාලනය වෙලා තියෙනවා . ඒ වුණාට මේ දෝෂ නිසා ඇතිවෙන වාස්තු විද්‍යාත්මක බලපෑම් මිනිස්සුන්ට තියෙනවා . මම පරීක්ෂා කරලා තියෙන නිවෙස්වලින් නිවෙස් කීපයකම වගේ මේ දෝෂය හඳුනාගෙන තියෙනවා . ගෘහ මූලිකයාගේ සෞඛ්‍ය තත්වය දුර්වල වෙන්න මේ දෝෂය බලපෑම් ඇතිකරලා තියෙනවා කියලා තමයි මම හඳුනාගෙන තියෙන්නේ . 

තවත් වේද දෝෂ ගණනාවක් තියෙනවා . අපි පිළිවෙලින් එකින් එක ගැන සාකච්චා කරමු . 

තවත් ලිපියකින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment