බුදුබව ලබනා පියවරු වෙසෙනා






ජේමිස් කියන්නේ ඉතාම අහිංසක මනුස්සයෙක් . ගිය ආත්මෙකදී කල පවක් නිසාද මන්දා පරම්පරාවෙන්ම එයාට ලැබුණු රස්සාව උනේ වැලිකඩ හිරගෙදර පෝරකේ අලුගෝසුවා විදියට වැඩ කරන එක. එයාට දුවෙක් සහ පුතෙක් හිටියා . ඒ දෙන්නා පොඩි කාලේ එයාලගේ අම්මා මැරුණා. ඉතින් මේ ළමයි දෙන්නා එක්ක ජේමිස් තමන්ගේ රස්සාවත් කරගෙන ජීවත් උනා. ජේමිස් අලුගෝසුවා උනාට ඉතාම දැහැමි කෙනෙක්. හැමදාම පන්සිල් ගන්න මනුස්සයෙක් .

පෝරකේ කව්රුහරි එල්ලලා මැරුවම එදාට ජේමිස් බුදුන් වන්දිනකොට තමන්ගේ ඇස්වලින් කඳුළු හලනවා .අඬන්න තරම් දුකක් තමන්ගේ හිතේ තිබුනත් ජේමිස් තමන්ගේ ළමයින්ට ඒ දුක නොපෙන්නා කඳුළු හලලා ඒ දුක නැති කරගන්නවා.

ජෙමිස්ගේ පුතාට ටැක්සියක් තිබුනා. එයා ඉතින් හැමදාම ටැක්සිය අරගෙන ටැක්සි පාක් එකේ ඉඳලා හයර් එකක් ගිහින් කීයක් හරි හොයා ගන්නවා. පුතා තමයි වැඩිමල්. නංගි ඉගෙනගත්තට නංගිට රස්සාවක් තිබ්බේ නෑ . යහමින් සල්ලි නොතිබුනත් මෙයාලා තමන්ගේ ඕනා එපාකම් සම්පූර්ණ කරගන්න තරම් මුදලක් උපයාගෙන හොඳින් ජීවත් උනා .

මෙහෙම ඉන්නකොට දවසක් ජෙමිස්ගේ දුවට රස්සාවකට ඇප්ලිකේෂන් එකක් දාපු එකකට ඉන්ටර්වීව් එනවා. දුව කැම්පස් ගිහින් නැතත් හොඳට ඉගෙනගෙන තියෙනවා.ඉතින් ඉන්ටර්වීව් බෝඩ් එකෙන් සුදුසුකම් දැකලා සතුටුවෙලා රස්සාව දෙන්නම වගේ කතා කරගෙන එනකොට එක නිලධාරියෙක් අහනවා අම්මා තාත්තා මක්කද කරන්නේ කියලා. දුව කියනවා අම්මා නැතිවෙලා තාත්තා...... කියලා ටිකක් සද්ද නැතුව ඉඳලා කියනවා තාත්තා වැලිකඩ අලුගෝසුවා කියලා. ඉන්ටර්වීව් බෝඩ් එකම හොල්මන්ද පොල්කොළ වෙලා දුවට කියනවා අපි ඔයාට ගෙදරට දන්වලා එවන්නම්, රස්සාව ගැන විශ්වාසයක් තියන්න එපා කියලා. ඔහොම ඉන්ටර්වීව් ගොඩකදීම දුවට මේ අත්දැකීම විඳින්න වෙනවා.

තාත්තාගේ රස්සාව නිසා තමාට ජීවිතයක් නැති උනත් මේ දුව පුතා දෙන්නම ඒ ගැන දුක් උනේ නෑ . එත් ඉතින් සමාජෙන් කොන් වෙනකොට දුව ගෙදර මුල්ලකට වෙලා ටිකක් අඬන්න ගත්තා . තාත්තට මේ ගැන දුක හිතිලා දුවට රස්සාවක් හොයා දෙන්න විදියක් හොයනකොට තමන් වැඩකරන හිරගෙදර ප්‍රධාන ජේලර් වරයා මතක් වෙනවා. ඉතින් ජේමිස් දවසක් ජේලර් ඉන්න ගෙදරට යනවා . ගමොකද ජේමිස් අද ගෙදර පැත්තේ කියලා ජේලර් වරයා අහනවා. අනේ මේ මහත්තයෝ අපේ මේ කෙලීට රස්සාවක් කරන්න ඕන කියනවා පුළුවන් නම් පුංචි මහත්තයාගෙ ඔපිස් එකේ මොකක් හරි රස්සාවක් හරිගස්සවලා දෙන්න .

ජේලර් වරයා තමාගේ පුතාට කියලා දුවට රස්සාවක් හදලා දෙනවා පුතාගේ ඔෆිස් එකේ . ජේලර් පුතත් කෝටබල්බුල්ලා ඇන්ඩ් කෝසවෙල්ලා . දවසක් මේ කෝසවෙල්ලා නිවාඩු දවසකත් මේ ජෙමිස්ගේ දුව ඔෆිස් ගෙන්නගන්නවා බයෝ ප්‍රැක්ටිකල් කරන්න හිතාගෙන .ඔෆිස් එකේ වෙන කව්රුවත් හිටියේ නෑ .

කෝසවෙල්ලා ප්‍රැක්ටිකල් එකට ලෑස්තිවෙනකොට ජෙමිස්ගේ දුව කියනවා ඒ සුන්දර මොහොත මෙතන සමරන්න බෑ මහත්තයා අපි වෙන කොහේ හරි යන් කියලා . ඔන්න දැන් දෙන්නා කාර් එකේ යනකොට කාර් එක ටිකක් ස්ලෝ කරනකොටම ජෙමිස්ගේ දුව කාර් එකෙන් පැනලා දුවනවා . කෝසවෙල්ලත් කාර් එක නවත්තලා ජෙමිස්ගේ දුවගේ පස්සෙන් දුවනවා. එත් කෙල්ල කොටු කරගන්න හම්බෙන්නේ නෑ .

කෙල්ල කෙලින්ම ගෙදර . ( අපරාදේ ප්‍රැක්ටිකල් එක )

දුව ආයෙත් ගියේ නෑ වැඩට . දවසක් ජේමිස් වැඩට ගියා , පුතත් ටැක්සිය අරන් කාර් පාක් එකට ගියා . දුව විතරයි ගෙදර හිටියේ. කව්ද මන්දා ගොබිලෙක් ඇවිත් කිව්වා දුවට, අයියාව ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලේ නැවැත්තුවා කියලා. දුව ඉතින් බයවෙලා කෑ ගහනවා. එතකොට අර ගොබිලා කියනවා අපි යන් ඉස්පිරිතාලේ කියලා .

දන්නවනේ පින්වතුනී චීත්ත සෙට් උනාම කරන වැඩ . මේ ගෑනිත් අර ගොබිලා එක්ක ඉස්පිරිතාලේ යනවා . එත් ගොබිලා දුවව අරන් යන්නේ ඉස්පිරිතාලේ නෙවේ , ජෙලර්ගේ පුතා ඉන්න පාලු බංගලාවකට . දුවව ඇතුලට ඇදගෙන ගිහින් කාමරේකට දානවා.

දැන් තමා ඉතින් එලම ටික . ජෙලර්ගේ පුතා එනවා පොර වගේ . ඇවිත් බලෙන්ම දුවගේ ගවුම ඉරනවා ජරාස් බරාස් ගාලා .

ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් රණ හංස යුවල නිමල විල් ජලාසේ ...... මන නන්දනීය දසුනක් පෙන්නුවා . කෝසවේල්ලත් කමිසේ එහෙම ගලවලා ගේමට එන්ටර්වෙනකොටම කෙල්ලගේ අයියා සං සං ගාලා එනවා පොට් එක හොයාගෙන . මිනිහට ආරංචියක් ගිහින් නංගිව බයෝ ප්‍රැක්ටිකල් වලට අරන් ඇවිත් කියලා .
රණහංස යුවල නිමල විල් ජලාසෙන් එලියට ගන්න හදනකොටම අයියා එනවා කාමරේට
අඩෝ කෝසවෙල්ලා , හුරිකැත්තා , .............. තෝ මගේ නංගිව ගෙනාවේ මම ගැන දැනගෙන නෙවේද ඩො ...
මම අද තොගේ නරි කැලය කපලා සුද්ද කරනවා ඩො....
අත ඇරපන් මගේ නංගිව කියාගෙන.

කොසවෙල්ලත් කෙල්ලව අතැරලා එනවා අයියා එක්ක ගේමට....

ඩිශුන් ඩිශුන් කසු කුසුමසායි සෙයි සෙයි ඩිශුන් ඩිශුන් ...........

අහා අම්මෝ... ගහන්න එපෝ ....

කෝසවෙල්ලා.. තෝ මම මරනවා ඩො .... ඩිශුන් ඩිශුන් ......

දෙන්නම මෙහෙම ගහගන්නවා . පස්සේ කෙල්ලගේ අයියා ජෙලර්ගේ පුතාට තීන්දු ගමන් යන්නම නෙලනවා. කෝසවෙල්ලා සදා සොත්ති.

අයියා එනවා කෙල්ලත් අරන් ගෙදර . එනකොට තාත්තා ගෙදර ඇවිත්. අහෝ ජේදයකි ඉරකි තිතකි පොලිසියෙන් එනවා.
ජේමිස් කෝ අපිට පුතාව ගෙනත් දෙන්න ගෙනියන්න ....

මම මහත්තයෝ නීතිය දන්නා මනුස්සයා වෙච්චි . මෙන්න මගේ පුතා .පුතා උනත් මු කාලේ වරදක් මහත්තයෝ . මහත්තයලා මුට ගන්න පියවරක් ගන්න ...

අනේ අයියා යනවා රිමාන්ඩ් එකට. පොරට නඩු ......

ජේලර් වරයාත් නඩුව හොඳටම තද කරනවා. ලෝයර්ස්ලා ලවා බොරු සාක්කි හදවලා නඩුව සිරා කරනවා . නඩුවෙන් ජෙමිස්ගේ පුතාට මරණ දණ්ඩනය . ඩි ඩින් ඩින්ඩි ඩින්...............



මේ නඩු තීන්දුවට විරුද්ද වෙන්න ඇපිල් කරන්නත්වත් ජේමිස්ට හයියක් නෑ .....

ඔන්න මරණ දඬුවම දෙන දවසත් කිට්ටු වේගෙන එනවා. අවුලකට තියෙන්නේ තාත්තා අලුගෝසුවා. පුතාව එල්ලන්න තියෙන්නේ .

දවසක් ජේලර් වරයා අහනවා ජේමිස් දැන් දිනේ ලඟයි තමුන් තමුන්ගේ රස්සාව හරියට කරනවද ??????

එහෙමයි මහත්තයෝ...... මගේ තාත්තා පෝරකේ රස්සාව මට දෙන දවසේ කිව්වේ පුතේ මම පෝරකේට ආවත් උඹ මාව එල්ලන්න ඕන කියලා. මට ඒක මතකයි මහත්තයෝ. මම මගේ එකා කියලා බලන්නේ නෑ . මුව එල්ලනවා මහත්තයෝ .....

ජේමිස්ට මේ ටික කියත්දී කඳුළු ආවා .

පිය සෙනෙහස කවදාවත් නැති වෙන්නේ නෑ . එත් මොනවා කරන්නද . වරද කාගේද ????

දැන් ඉතින් මරණ දඬුවම දෙන දවස. හාමුදුරුවෝ වැඩලා බැන කිව්වා . කොල්ලාව නාවලා සුදු අන්දවලා බෙල්ට් වලින් ගැටගහලා ලෑස්ති කරේ සහායක අලුගෝසුවා .

පස්සේ කොල්ලා අමාරුවෙන් ඇවිත් තාත්තටත් වඳිනවා.
දැන් එල්ලන වෙලාව . ජේමිස් ඉන්නවා පෝරකේ හැන්ඩ්ල් එක ගාව.

සහායක අලුගෝසුවා කොල්ලට තොන්ඩුව දානවා .
ජේලර්වරයා ලේන්සුව පහල දානකොට ජේමිස්ට පපුවේ අමාරුව හැදෙනවා.
වෙලාව පහු වෙනවා .

කොල්ලා මරණෙන් නිදහස් වෙනවා . ඒත් එතකොට ජේමිස් දුක වාවගන්න බැරුව පපුවේ අමාරුව හැදිලා මිය පරලොව ගිහින්.
හරිම ශෝචනීයයි ........................... !

මම මේ කැරකිලා කැරකිලා අවේ ඉතින් සිංදුවක් ගැන කියන්න . ඔන්න මෙතන ඉඳන් කියවන්න අකමැතිනම් මගේ යාළුවො බැන බැන කියවන්නේ නැතුව ස්කිප් කරන්න.

උඩ කියලා තියෙන්නේ මම කාලෙකට කලින් බලපු සිංහල ෆිල්ම් එකක කථාවක්. සමහරවිට ඔයාලත් බලලා ඇති පූජා කියන ෆිල්ම් එක.නැසීගිය ජේෂ්ඨ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහත්මයා තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ .

ගීතය රචනය දර්මසිරි ගමගේ මහතා .
සංගීතය සපයලා තියෙන්නේ අපේ කේමදාස මාස්ටර් .
මේ ගීතය ගායනා කරලා තියෙන්නේ අපේ මහා ගාන්ධර්ව අමරදේවයන්.




ජෙමිස්ගේ චරිතය රංග පෑවේ නැසීගිය ජෝ අබේවික්‍රම මහතා
පුතා අමරසිරි කලන්සූරිය මහතා
දුව ගීතා කාන්තිජයකොඩි මහත්මිය



ජේලර්ගේ පුතා කමල් අද්දර ආරච්චි මහතා .
ජේලර් චරිතේ කරපු කෙනා සොමි රත්නායක මහතා
සහායක අලුගෝසුවා දයා අල්විස් මහතා .


ෆිල්ම් එක බලලා ඉවරෙන්න මේ සිංදුව යනකොට කාගේත් ඇස් තෙත් වෙනවා.


දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා

මහ මෙර වැනි බර සිතින් උහුලනා
කඳුළැලි සමුදුර නෙතින් සඟවනා
දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා

මව් ඇතිදාටත් සෙනෙහස පුදලා
මව් නැතිදාටත් තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා



ඔන්න එහෙනම් ගීතෙත් අහලම යන්නකෝ.





ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා............!


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment