නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 10 - තිරශ්චීන වේද දෝෂය






සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .


ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .

වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා .

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 9 - වර්චස්ථාන වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා වර්චස්ථාන වේද දෝෂය කියන්නේ මොකක්ද සහ වර්චස්ථාන වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ තිරශ්චීන වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා .

මේක සරළම දෝෂයක් . මේ දෝෂය ඇතිවෙන්නේ නිවසක ප්‍රධාන උළුවස්ස ඉස්සරහා හෝ නිවාසය ආසන්නයේ සත්ව පාලන කොටුවක් පිහිටා තිබීම . සත්ව පාලන කොටුවක් තිබීම නිසා ඇතිවෙන්නේ විසබීජ විශාල වශයෙන් පැතිරී යාම . ඒවගේම සත්තුන්ගේ ශබ්ධය නිසාත් නිවසේ මිනිසුන්ට පීඩාවක් ඇතිවෙන්න ඉඩ තියෙනවා . ඒ නිසා මේ දෝෂයත් සැලකියයුතු මට්ටමීන් මිනිසුන්ට පීඩා ගෙන දෙනවා .

ගොඩක් වෙලාවට මිනිස්සු සත්ව පාලන කොටු ඇති කරන්නේ නිවාස හැදුවට පස්සේ . ඒ  නිසා මේ දෝෂය වළක්වා ගන්න පුළුවන් . ඒකට කරන්න තියෙන්නේ නිවස ආසන්නයේ සත්ව පාලන කොටු හදන්නේ නැතුව වෙනත් ස්ථාන සැලසුම් කිරීම . එහෙම සත්ව පාලන කොටුවක් හදන්න අවශ්‍ය නම් ඒ සම්බන්ධ විශේෂඥ දැනුම තියෙන කෙනෙක් එක්ක කතා කරලා උපදෙස් අරගෙන තමයි ඒවගේ දේවල් සැලසුම් කරන්න ඕන .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment