නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 12 - රාජ වේද දෝෂය




සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .


ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .


වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා .


නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 11 - රජක වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා රජක වේද දෝෂය කියන්නේ මොකක්ද සහ රජක වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ රාජ වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා .


රාජ වේද දෝෂයෙන් කියවෙන්නේ රජය සම්බන්ධ නිල නිවසක් , කාර්යාලයක් , හෝ රජයට සම්බන්ධ ආයතනයක් නිවසේ ප්‍රධාන උළුවස්සට කෙලින් පිහිටලා තිබීම . මේ නිසා සාමාන්‍යයෙන් මුලින්ම වෙන්නේ නිවසේ ජීවත් වෙන අයගේ ආරක්ෂාව දුර්වල වීම . ඊට පස්සේ නිවසේ ඉන්නා අයගේ පෞර්ශත්වය දුර්වල වෙන්න පටන් ගන්නවා .


රජයට සම්බන්ධ ස්ථාන ආසන්නයේ තියෙන ඉඩම්වල තියෙන අවදානමක් තමයි ඒ ඉඩම් පසුකාලීනව රජයට පවරාගන්නා තියෙන ඉඩකඩ . ඒ නිසා ඒවගේ අවදානමක් තියෙන තැනක තමන් හම්බ කරගත්ත සියලුම ධනය වියදමක් කරලා නිවසක් හදන එක ඒ තරම් හොඳ නැහැ . මොකද රජයට පවරා ගැනීම පිළිවෙත් කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා . ඒ නිසා තමන්ට උන්හිටි තැන් නැතිවෙන්න පුළුවන් .


රැකියා අහිමිවීම් මේවගේ නිවාසවල ඉන්නා අයට ඇතිවෙන පීඩාවක් . ඒ නිසා අලුතෙන් ඉඩමක් ගන්නකොට හෝ නිවසක් හදනකොට මේවගේ ස්ථාන මහගරින්න පුළුවන් නම් වඩාත් හොඳයි . ඒත් කරන්නම දෙයක් නැත්නම් උස තාප්පයකින් මේවගේ ස්ථාන ආවරණය කිරීම තමයි කරන්න ඕන .


තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment