නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 11 - රජක වේද දෝෂය






සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .


ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .


වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා .


නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 10 - තිරශ්චීන වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා තිරශ්චීන වේද දෝෂය කියන්නේ මොකක්ද සහ තිරශ්චීන වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ රජක වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා .


අද වගේ නෙවෙයි අතීතයේ ඉඳලා තියෙනවා රෙදිපිළි හෝදන්න වෙනම පිරිසක් . රජක කියලා හඳුන්වන්නේ ඒවගේ පිරිස් . රදා කියලා හඳුන්වලා තියෙන්නෙත් ඒවගේ පිරිස් . එයාලා ජීවත් වෙලා තියෙන්නේ වෙනමම වෙන් වෙලා තියෙන ප්‍රදේශයක .


ඒ කියන්නේ රදා ගම් වෙනමම පිහිටලා තිබිලා තියෙනවා . එහෙම පිහිටලා තියෙන ගම්වල මිනිස්සු රෙදි හෝදන තැන් වෙනමම වෙන් වෙලා තියෙනවා . ගොඩක් වෙලාවට මේ වගේ රෙදි හෝදන ස්ථාන ස්ථානගත වෙලා තියෙන්නේ ගඟක් ඇළක් වගේ වතුර පාරක් ආසන්නයේ .


මේ වගේ ස්ථානයක් තමන්ගේ නිවසේ ඉදිරි දොරටුවට ආසන්නව පිහිටලා තිබීම වේද දෝෂයක් කියලා හඳුන්වනවා . මොකද මේවගේ ස්ථානයක නිතරම වගේ කිලි කුණු හෝදන ස්වභාවක තියෙනවා . ඒ නිසා විසබීජ ඇතිවීම හා පැතිරීම වෙනවා . ඒ නිසා විසබීජ නිසා ඒවගේ ස්ථාන ආශ්‍රිතව පදිංචි වීම හොඳ දෙයක් විදියට අතීතයේ සලකලා නැහැ .


රෙදි හෝදන වතුර එහෙමත් නිවස ආශ්‍රිත ඉඩමට ගලාගෙන එනවානම් ඒකත් වාස්තු දෝෂයක් විදියට තමයි සලකලා තියෙන්නේ . ඒ නිසා රෙදි හෝදන ස්ථාන ආශ්‍රිතව ඉඩම් ගන්නවානම් හෝ නිවාස හදනවානම් දෙතුන් වතාවක් හිතලා බලන්න ඕන කියලා මතක තියාගන්න ඕන .


තවත් ලිපියකින් හමුවෙමු !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment