නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 18 - මෙලේච්ඡ වේද දෝෂය






සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .


ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .


වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා .


නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 17 - කුම්භකාර වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා කුම්භකාර වේද දෝෂය කියන්නේ මොකක්ද සහ කුම්භකාර වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ මිලේච්ඡ වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා .


මිලේච්ඡ වේද දෝෂය සාමාන්‍යයෙන් සමානාත්මතාවය ගැන කතාකරන සමාජයක හිතන්න කතා කරන්න හොඳ දෙයක් නෙවෙයි . ඒත් මේ දෝෂය ගැන හිතන්න බලන්න ඕන කියලා ඒ කාලේ විස්තර කරලා තියෙනවා . ඒ නිසා මිලේච්ඡ වේද දෝෂය මොකක්ද කියලා බලමු .


මෙලෙච්ච වේද දෝෂය කියලා කියන්නේ නිවාස ආසන්නයේ හෝ නිවස ඉදිරිපස දොරටුව ඉදිරියේ පහත කුලයට අදාළ ජනතාව ජීවත් වෙන නිවාස පිහිටීම . පහත්කුල මොනවද කියලා මම මෙතන විස්තර කරන්න කැමති නැහැ සදාචාර විරෝධී වෙන නිසා . ඒත් යම් යම් පහත වෘත්තීන්වල යෙදෙන අය ඉන්නා නිවාස ආශ්‍රිතව නිවාස හදන්න එපා කියලා මේ අනුව කියන්න පුළුවන් .


මේවගේ ස්ථාන ආශ්‍රිතව නිවාස හදනකොට සාමාන්‍යයෙන් වෙන්නේ මෙන්න මේකයි . ඒ වගේ පහත් රැකියා කරන අයගේ ජීවන තත්වයත් පහත් . කතා කරන්නේ පවා හොඳ දේවල් නෙවෙයි . ඒ නිසා ඒ අයගේ කතා අහගෙන ඉඳලා නිවසේ අයත් පහත තත්වයට වැටෙන්න පුළුවන් . ඒවගේම තමයි දරුවන්ගේ අධ්‍යාපනය පවා දුර්වල වෙන්න පුළුවන් . විසමාචාරයේ යෙදෙන දරුවන් ඇතිවෙන්න පුළුවන් . මේ නිසා මේ මිලේච්ඡ වේද දෝෂය මගහරවාගන්න අවශ්‍ය වෙනවා .


මිලේච්ඡ වේද දෝෂයත් එක්ක වේද දෝෂ පිලිබඳ සාකච්ඡාව අවසාන වෙනවා . තවත් වාස්තු විද්‍යාත්මක කරුණු කාරණා එක්ක හමුවෙමු .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment