නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 17 - කුම්භකාර වේද දෝෂය






සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .


ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .


වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා .


නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 16 - ගණිකා වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා ගණිකා වේද දෝෂය කියන්නේ මොකක්ද සහ ගණිකා වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ කුම්භකාර වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා .


කුම්භකාර කියලා කියන්නේ වලං හදන මිනිස්සුන්ට . ඒවගේ අය ජීවත්වෙන ප්‍රදේශවල නිවාස හදන්න සුදුසු නැහැ කියලා තමයි මෙතන කුම්භකාර වේද දෝෂයෙන් විස්තර කරන්නේ . කුම්භකාර වේද දෝෂය නිසා සාමාන්‍යයෙන් ලොකුම ගැටලුව වෙන්නේ වලං පුච්චන පෝරණුවෙන් නැගෙන දුම නිසා අවට වටපිටාවේ වායු දූෂණය වීම .


නිවසක ඉදිරිපස දොරටුව ආසන්නයේ හෝ හරියටම ඉදිරිපස මේවගේ වලං හදන කුඹල් පිරිස් ජීවත් වෙනවානම් ඒක වේද දෝෂයක් වෙනවා . මොකද සෞඛ්‍ය තත්වයට ඒක හොඳ නැති නිසා . වලං පෝරණුවෙන් දුම නිතරම ඇතිවෙන නිසා . ඒවගේම තමයි මැටි හාරන ස්ථාන මේ අයගේ ගෙවල් ආශ්‍රිතවම තියෙන නිසා ඒ වලවල් වලට වතුර පිරිලා වතුර ගැලීම් වෙන්න පුළුවන් . ඒවගේම ඒවායේ සතුන් බෝ වීම වෙන්න පුළුවන් . ඒ සතුන් බෝ වීම නිසාත් සෞඛ්‍ය ගැටළු ඇතිවෙන්න්න පුළුවන් .

මේ දෝෂය නම් පිළියම් වලින් වළකන්න ටිකක් අපහසු දෙයක් . ඒ නිසා මේවගේ ස්ථානවල නිවාස හදන්නේ නැතුව ඉන්නවානම් තමයි වඩාත් හොඳයි කියලා මම විශ්වාස කරන්නේ .


තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment