නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 14 - ජල නිර්ගමන වේද දෝෂය





සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .

ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .

වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා .

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 13 - පංක වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා පංක වේද දෝෂය කියන්නේ මොකක්ද සහ පංක වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ ජල නිර්ගමන වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා .


නිවසක ප්‍රධාන උළුවස්සට ඉදිරියෙන් හෝ ඒ ආසන්නයේම ජල මාර්ගයක් හෝ ජල මාර්ගයක වංගුවක් පිහිටලා තිබීම මේ දෝෂය ඇති කරනවා . ගලාගෙන යන දිය පහරක ශක්තිය වෙනස්වීම තමයි මෙතන නිවසට බලපාන්නේ . ඒවගේ තැනක ජීවත් වෙනවානම් එතන ඇතිවෙන වේද දෝෂය නිසා ඒ නිවසේ ධනය රැඳිලා තිබීම හරිම අස්තාවරයි කියලා තමයි කියන්නේ . මොකද ජල පහර ඔස්සේ ජලය ගමන් කරනවා වගේම ශක්තියත් ගමන් කරනවා . ඒ ශක්තිය එක්ක මුදල් හායනය වීමක් වෙනවා .


මේ දෝෂය නැති කරන්න විවිධ පිළියම් තියෙනවා . ඒවා ඒ ඒ ස්ථාන වලට වෙනස් වෙනවා .


තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment