මල් මඩුව







ගමට සහ ගම්වැසියන්ට සෙත් පතමින්, බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ, විෂ්ණු මහා දේවාලයෙන් වාර්ෂිකව සංවිධානය කරන ශාන්තිකර්ම මංගල්‍යය, මෙවරත් අතිසාර්ථකව පැවැත්වුණා. ඒ අද සහ ඊයේ දිනයන්වලදී.

අනිත් අවුරුදුවලදී සංවිධානය වුණේ ගම්මඩු ශාන්තිකර්ම වුණත්, මේ අවුරුද්දෙ සංවිධානය වුණේ මල් මඩු ශාන්තිකර්මයක්. අනිත් ශාන්තිකර්මවල වගේම මල් මඩු ශාන්තිකර්මයෙත් එකම අරමුණ වෙන්නෙ සශ්‍රීකත්වය සහ රෝග නිවාරණයම තමයි. හැබැයි මල් මඩු ශාන්තිකර්ම, ඒ තරම් ප්‍රසිද්ධ නෑ. ඒ වගේම හරිම විරලයි. මල් මඩු ශාන්තිකර්මයේදී ඉදිරිපත් කරන්නෙ සුප්‍රසිද්ධ ගම්මඩු ශාන්තිකර්මවල එන අංගවලින්, තෝරා බේරා ගත්ත අංග කිහිපයක් විතරයි. ඒ වගේම ගම්මඩු ශාන්තිකර්මවල තියෙන වර්ණවත් සහ විචිත්‍රවත් බවක්, මල් මඩු ශාන්තිකර්මයකදි දකින්න නෑ.

බොහොම පුංචි පහන් පැල කිහිපයකට, පහන් ටිකක් පත්තු කරලා, බොහොම පුංචියට සහ සරලව තමයි මේක කරන්නෙ. මේ ශාන්තිකර්මය ආරම්භයේ ඉදලා, අවසන් වෙනකන්ම, නර්තනකරුවන් සැරසිලා ඉන්නෙ ශ්වේත වර්ණ වස්ත්‍රවලින් විතරමයි . ඒ නිසා ඒ තරම්ම විවිධත්වයක් දකින්න නෑ. ගොඩක් වෙලාවට ඒකාකාරී බවක් අරගන්නවා.

තෙල්මේ නැටුම නැටුවත් , ඒ අංග නටන අවස්ථා වලදී අපිට ඒවා රූපගත කරන්න වුණේ නැහැ . කොහොම නමුත් මේ ශාන්තිකර්මය ගැන අවබෝධයක් ගන්න අවශ්‍ය කරන මූලික අවස්ථා සියල්ලම පාහේ මේ රූපරාමුවල අඩංගුවෙලා තියෙනවා .

























මල්මඩු ශාන්තිකර්මයේ ඡායාරූප කීපයක් මෙතන ඉඳලා ඉදිරිපත් කරනවා .





























ඡායා රූප තවත් නැරමීමට මෙම Link එක ඔස්සේ පිවිසෙන්න .



මේ ශාන්තිකර්මය නරඹන්න අවස්ථාව සලසා දීම පිළිබඳව දනුල වික්‍රමාරච්චි මහතාට විශේෂ ස්තූතිය .






මෙම link හරහා පිවෙසෙන්න ඔහුගේ වෙබ් අඩවි වෙත .

දනාගේ පලා මල්ල 

Around thambapanni



තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!!




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment