වෙඩින් කේක් / Wedding Cake





අද ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන් දෙයක් තමයි ලියන්න යන්නේ . ඒත් මේක ලියනවාම නෙවෙයි . අපිත් ඉගෙන ගත්ත ලිපියක් ඔයාලටත් කියවන්න සලස්වන්න තමයි හදන්නේ . මගේ ලිපි හොරෙන් කොපි කරලා ටීවී එකේ පොරවල් වගේ කේන්දර ගැන ටෝක්ස් දෙන අය , එයාලාගේ දේවාල කියන හොර ගුබ්බෑයම්වල රාජතරංගනී හෙනරාජ තෙල් විකුණනවා වගේ නෙවෙයි මේ. මම අදාළ අයගෙන් අවසර අරගෙන තමයි ලියන්නේ ; නෑ කොපි කරලා දාන්නේ . ඒ අක්කාගේ වචනයෙන්ම මේ කතාව කියනවානම් හොඳ නිසා තමයි එහෙම කරේ .

විවාහ මංගල උත්සවයක කවුරුත් කතාවෙන දෙයක් තමයි වෙඩින්කේක් කියන්නේ . කවුරුත් බලන්නේ වෙඩින් කේක් එකට දෙකක්ම උස්සගෙන යන්න . සිංදුවාගේ වෙඩින් එකේදී ඔය වෙඩින් කේක් මැනේජ් කරලා වෙනමම පළපුරුද්දක් ලබාගත්තා මම වෙඩින් කේක් ගැන . ඒ තරමටම වෙඩින් කේක් එක මිනිස්සුන්ට වටිනවා . ඒවගේම තමයි වෙඩින් කේක් වල මිල ගණනත් . ඒකත් එක්තරා ආකාරයක ගානක් තමයි .

වයලීනි තමයි මේ ලිපිය ලියන්න මට අදහසක් දැම්මේ . වයලීනි හැදුවා වෙඩින් කේක් , ඉගෙන ගන්නත් එක්ක . ඒ රෙසපි එක නියමෙට ආවා . ඒ නිසා තමයි ඒක බ්ලොග් එකෙත් දැම්මනම් හොඳයි කියලා මමයි වයලීනියි කතා වුණේ . වයලීනි ෆලෝ කරපු රෙසපි එක තමයි මේ .

ඔයාලත් කියවලා හදලා බලන්න . තමන්ගේ වෙඩින් එකට , හෝම්කමින් එකට තමන්ම වෙඩින් කේක් හදාගන්න බලන්න . එකට එකක් ලාභයි කියලා තමයි අපිට නම් තේරුම් ගියේ . ඒවගේම තමයි ව්‍යාපාරයක් වශයෙන් කරන්න පුළුවන් නම් ගෙවල් වලට වෙලා ඉන්න ගමන් මේකත් කරන්න පුළුවන් . ටිකක් විතර මහන්සි වෙන්න ඕන ඔය පලතුරු කපන්න , චොප් කරන්න , සහ බීට් කරන දේවල් බීට් කරගන්න . ඒත් ලාභය කොහොමද කියලා තේරුම් යනකොට ඔයාලටම හදන්න හිතේවි . මෙතන ඉඳලා මම ඒ අක්කාගේ වචනයෙන්ම ලිපිය දිගට අරගෙන යනවා .



වෙඩින් කේක් / නත්තල් කේක්

මේ තියෙන්නේ මම වෙඩින් කේක් හදන විදිහ.
වෙඩින් කේක් කෑල්ලක් දෙද්දි හරියටම මැනලා දෙන එක තමයි හොද.එතකොට හැම කෑල්ලම එක බර.
උඩට යොදන අයිසින් තට්ටුව වැඩිකරන්නත් එපා.උපරිම අගල් කාලක් වගේ ඇති.

අවම බර 75g තිබ්බනම් හරි එක කෑල්ලක..

මම රටඉදි කවදාවත් යූස් කරන්නෑ කේක් වලට.ඒවගේම බ්‍රැන්ඩි විතරයි යූස් කරන්නෙ.

කෑලි 75 කට අවශ්‍ය දෑ-

* සුල්තානා  350 g
*කරන්ට්ස් 100g
*රේසින්ස්  250g
*රුලන් ගෑම් 250g
*ඉගුරු දෝසි 125g
*චව් චව් ග්‍රෑම් 125g
*කජු 250g
*පුහුල් දෝසි 350g
*චෙරි ග්‍රෑම් 350g (රතු, කොල සම සමව ) *කැන්ඩිට් ෆීල්  100g
*මාජරින් 300g (බටර් නම් 500)
*සීනී  350g
*බිත්තර 14
*ස්ටෝබෙරි ජෑම් බෝතල් කාලක්
*අන්නාසි ජෑම් බෝතල් කාලක්
*මී පැනි පොඩි බෝතල් බාගයක් (ජෑම් පොඩි බෝතල් සයිස් ප්‍රමානෙ )
*වැනිලා කුප්පියයි
*බ්‍රැන්ඩි අඩු කෝප්පයයි
*කුලු බඩු තේ හැදි2ක්
*ග්‍රේට් කරගත් දෙහි පොතු  තේ හැදි 2ක් *රෝස් එසන්ස් තේ හැදි 2ක්
*ආමන්ඩ් එසන්ස් තේ හැදි 2යි
*ගෝල්ඩන් සිරප් බෝතල් කාලක්

------------------------------------------------------------------------

සාදන ක්‍රමය
 
**මුලින්ම පළතුරු සියල්ල කුඩාවට කපාගන්න.

**කජු අවන් එකේ දමා යන්තමින් රෝස්ට් කර හෝ කබලේ දමා යන්තමින් බැදගන්න.(කජු අවන් කිරීම ඉතා හොදයි.කජු අමුවෙන් තිබුනහොත් කේක් එක පුස් කෑමට ඉඩ ඇත.
කජු කලු පැහැ වීමට නොදිය යුතුය.

**කජුත් කපාගන්න.

**කේක් සෑදීමට ගන්නා සියලුම උපකරන හොදින් සෝදා අව්වේ වියලා ගන්න.වතුර බිදක් හෝ ගියහොත් කේක් එක පුස් කෑමට ඉඩ ඇති නිසා.

**කෑපූ සියලු පලතුරු හා කජු වසා තැබිය හැකි බාස්කට් හෝ බේසමකට දමන්න.

**බ්‍රැන්ඩි,ගෝල්ඩන් සිරප්,කුලුබඩු,මී පැනි,ජෑම්,දෙහි පොතු සියල්ල එයට දමා හොදින් මිශ්‍ර කරගන්න.

**මිශ්‍ර කිරීමට පෙර අත වියලිව තබාගන්න.
.
**හොදින් මිශ්‍ර කරගත් මෙම මිශ්‍රනය කූබි ආදී සතුන්ට ඒමට නොහැකි වන සේ හොදින් වසා දින 3ක් තබන්න.

දින තුනකින් කේක් එක සාදාගන්නා අයුරු.
(සතියක් හෝ මාසයක් හෝ මෙසේ කල්තබාගත හැක..)

**මුලින්ම රුලන්  කබලේ දමා බැදගන්න.
රුලන් වලින් මදක් දුම් දමන තුරු.

**මාජරින් ටික පොඩි බේසමකට දමාගන්න.

**එයට රුලන් දමා මාජරින් දිය වෙන තුරු ලී හැන්දකින් මිශ්‍ර කරගන්න.

**බිත්තර කහමද සුදුමද වෙන් කරගන්න.බිත්තර සුදුමද 7ක් වෙනම තබන්න.

**කහමද සුදුමද වෙන වෙනම බීට් කරගන්න.

**සීනී ග්‍රයින්ඩ් කරගන්න.

**සීනී ටික කහමද වලට දමා බීට් කරගන්න.

**දැන් බීට් කරගත් කහමද සුදුමද රුලන් දැමූ බේසමට දමා ලී හැන්දෙන් හොදින් මිශ්‍ර කරන්න.

**එයට රෝස් එසන්ස්,ආමන්ඩ් එසන්ස්,වැනිලා දමා මිශ්‍ර කරගන්න.

**ඉන්පසු පලතුරු දමා හොදින් මිශ්‍ර කරන්න.

**බේකින් ට්‍රේ එකට පත්තර පිටු  6ක් දමා එයට උඩින් ඔයිල් පේපර් එකක් දමා කේක් මිශ්‍රනය දමාගන්න.එසේ කරන්නේ කේක් එකේ ඇති පලතුරු වල වර්නයන් වෙනස්වීම වැලැක්වීමටයි.
එමෙන්ම පලතුරු කරවීමද කේක් එක කලු වීමද වලක් වා ගත හැක.
කලු පැහැති කේක් වලට වඩා දුබුරු පැහැ කේක් වලට ඉල්ලුමක් ඇත.

**නිවසේ බේක් කරනවාට වඩා බේකරියකට ගොස් බේක් කරගන්න ලොකු ප්‍රමාන නම්.

**බේක්  වූ පසු හොදින් නිවෙන්න හැර අතින් කෑලී කඩා පොඩිකරගන්න.ඔයිල් පේපර් එක ඉවත් කිරීමට මතක තබාගන්න.

**කෑලී කඩාගත් කේක් දවස් කීපයක් තබාගන්න එ විට කේක් එක වඩාත් රසවත් වේ.

**එය කැලි කපාගන්නා දවසට ආමන්ඩ් පේස්ට් එක සාදාගන්න.

**කේක් එක යලිත් පොඩි කර තැටියකට දමා අවශ්ශ උස අනුව තුනී කර ගන්න.

**එයට උඩින් තුනී කරගත් ආමන්ඩ් පේස්ට් එක දමා කෑලී කපාගන්න.

 **නත්තල් කේක් සදහා ආමන්ඩ් පේස්ට් අවශ්ශම නැත.


ආමන්ඩ් පේස්ට් සාදාගන්න ක්‍රමය.


**ආමන්ඩ් පේස්ට් එක සදහා අයිසින් සීනී,බිත්තර සුදුමද,ආමන්ඩ් හා රෝස් එසන්ස් හා කජු පව්ඩර් අවශ්ශය.

**කජු හොදින් පව්ඩර් වනතුරු  ග්‍රයින්ඩ් කරගන්න.

**බිත්තර සුදුමද චුට්ට චුට්ට දමමින්  අයිසින් හ අනෙකුත් ද්‍රව්යද දමා ඝන මිශ්‍රනයක් සාදාගන්න.

**එය ඉටි කොලයක් මත තුනී කරගන්න.එය තූනී කරගත් කේක් එක මත දමා කෑලි කපාගන්න.බ්‍රැන්ඩි ස්වල්පයක්ද මිශ්‍ර කරගන්න.

******* වැදගත්

*මාජරින් වෙනුවට බටර් දැමීම ඉතාමත් හොදයි.කේක් එකෙහි ඔයිලි ගතිය නැතිවෙයි.

*කේක් එක කෑලි කපන්නට පෙර මිශ්‍ර කිරීමේදී
ස්ට්‍රෝබෙරි ජෑම් හා බ්‍රැන්ඩි එක්කල හැක.එයින් රස වැඩිවෙයි.

*ආමන්ඩ් පේස්ට් එක කේක් එක උඩින් ඇතිරීමට පෙර උඩින් ස්ට්‍රෝබෙරි ජෑම් ගා ගත හැක.එවිට ආමන්ඩ් පේස්ට් එක හොදින් සවිවී  සිටී.

*ඉතාමත් වැදගත් වන්නේ කේක් එක සතුන්ගෙන් පරිස්සම් කිරීමයි..


ඔන්න ඔහොම තමයි වෙඩින් කේක් හදන්නේ . ඔයාලත් හදලා බලන්න . පොඩ්ඩ පොඩ්ඩ දාලා හදලා බලන්න කොහොමද කියලා . පුරුදු වෙලා පස්සේ ලොකුවට හදන්න .

එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු .

අප්සරා රණසිංහ අක්කා තමයි මේ ලිපිය බ්ලොග් එකේ දාන්න දුන්නේ . අක්කට ගොඩක් ස්තූතියි .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !







වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment