ස්කන්ධ කුමාර වර දානය - කතරගම දෙවියන්ගේ වර ලබාගැනීමේ පැරණි ක්‍රමයක්




කතරගම දෙවියන් සම්බන්ධව කතා කරනකොට බහුතරයක් අයට වර ලාභ ලබාදීම සම්බන්ධව ඉතිහාස කතා කියවෙනවා . කතරගම දෙවියන්ගෙන් වර ලබාගැනීම ලේසි පහසු වෙන්නේ නැහැ වගේම තමයි ඒ වෙනුවෙන් පිළිවෙත් පුරන්න අවශ්‍ය වෙනවා . පන්සිල් රැකීම ඒ අතරේ විශේෂ තැනක තියෙනවා . ඒවගේම තමයි පිරිසිදුව ජීවත් වීමත් අවශ්‍ය වෙනවා . ගොඩක් වෙලාවට කතරගම දෙවියෝ වර ලබා දුන්නේ හාමුදුරු වරුන්ට . තොටගමුවේ ශ්‍රී රාහුල හිමි , බත්තරමුල්ලේ ශ්‍රී සුභූති හිමි , කුංකුනාවේ හාමුදුරුවෝ , මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍ර හිමියන් , රත්මලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා .

ඒ වගේම තමයි රජවරුන්ට සහ තවත් අයට කතරගම දෙවියෝ වර ලබාදීම කරලා තියෙනවා . දුටුගැමුණු රජතුමා , මානවම්ම රජතුමා , සීතාවක රාජසිංහ රජතුමා ඒ රජවරු අතරින් ප්‍රධාන තැනක් ගන්නවා . කතරගම දෙවියන් අදහන කෙනාට සාමාන්‍යයෙන් කරදරයක් විපතක් වෙන්න තියෙන වෙලාවට කතරගම දෙවියෝ හීනෙන් ඇවිත් කියනවා . ඒ වගේම තමයි සටන් වලදී යම් යම් අවස්ථා වලදී රජවරුන්ට කතරගම දෙවියෝ උදවු උපකාර කරලා තියෙනවා . බරණගණිතාචාර්ය තුමාත් මේ කතරගම දෙවියන්ගෙන් වර ලබාගත්ත කෙනෙක් කියලා ඉතිහාස කතාවල සඳහන් වෙනවා . දෙවියන් වැඳීම ට වඩා ඇත්තටම කතරගම දෙවියන්ගෙන් වර ලබාගන්නවා කියන එක වෙනස් . වරයක් ලබා ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඒ කෙනා දෙවියන්ට අයිති කෙනෙක් වෙනවා . එයා දෙවියන් වෙනුවෙන් පේ වෙලා වැඩ කටයුතු කරන්න ඕන . පුද පූජා පවත්වන්න ඕන . වත් පිළිවෙත් කරන්න ඕන . ඒවා කරන්නේ නැත්නම් ඒ කෙනා අන්ත අසරණ දුගී තත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා . සමහරවිට දේව ශාප නිසා මරණයට පත් වෙන්නත් ඉඩ තියෙනවා .

කතරගම දෙවියන් වසඟයට ගත්ත හැම දෙනාගේම වැඩ කටයුතු සාර්ථක වුණා කියලා ඉතිහාසය සාක්ෂි දරනවා . තොටගමු හිමි භාෂා විශාරද කෙනෙක් වීම . මයුරපාද පිරිවෙන්පති හිමි සතියක් ඇතුලත පූජාවලිය ලියලා අවසන් කරේ කතරගම දෙවියන්ගේ ආනුභාවයෙන් . ඒ වගේම තමයි බරණ ගණිතයා තමන්ගේ ජ්‍යෝතිෂ කටයුතු සඳහා කතරගම වරයා භාවිතා කරා . කුංකුනාවේ හාමුදුරුවෝ තමන්ගේ කාව්‍ය ශාස්ත්‍රය වර්ධනය කරගන්න මේ කතරගම වර දානය භාවිතා කරා .

අද මේ ලිපියෙන් මම කියලා දෙන්න යන්නේ කතරගම දෙවියන්ගෙන් වරයක් ලබාගන්නේ කොහොමද කියලා විස්තර කරලා දෙන්න . මේක ඉතාම බලගතු සහ භයානක දෙයක් . ඒ නිසා පිළිවෙත් සපුරලා මේ දේ කරගන්න පුළුවන් කෙනෙක් විතරක් මේ දේ කරනවා නම් හොඳයි . දේවාල කරන අයට නම් ප්‍රශ්නයක් නැහැ . ඒ ඇරෙන්න සාමාන්‍ය කෙනෙක් මේ දේ කරනවා නම් පරෙස්සම් වෙන්න අවශ්‍ය වෙනවා . ජපය සම්පූර්ණ වෙන වෙලාවට එන මොණරාට දෙන්න අවශ්‍ය පුද පූජා හරියට දෙන්න හදලා තියාගන්න වෙනවා . නැත්නම් තමන්ගේ ඇස් තමන්ට අහිමි වෙන්න ඉඩ තියෙනවා .

ලී වලින් සම්පූර්ණයෙන්ම හදලා තියෙන ලී ඇණ ගහලා හදලා තියෙන මේසයක ඉතාම පිරිසිදු සුදු රෙද්දක් දාලා ඒ උඩින් රතු රෙද්දක් එලලා කැවිලි පලතුරු පොල් තැඹිලි ගෙඩියක් , බුලත් , පුවක් , කිරිබත් , කියන මේ දේවල් තියන්න ඕන . ඒවගේම තමයි රත්තරන් වලින් හදපු කතරගම දෙවියන්ගේ පිළිමයක් තියන්න ඕන . ඒවගේම තමයි තමන්ගේ උසට හදපු රත්තරන් කෙන්දක් අවශ්‍ය වෙනවා . මේ කෙන්දෙ ගැට නවයක් ගහලා තද කරන්නේ නැතුව තියන්න .

ඊට පස්සේ පහල තියෙන මන්ත්‍රය ඉතාම පිරිසිදුව පන්චෝපචාර කරලා තඹ තහඩුවක යන්ත්‍ර විද්‍යාණුකූලව ලියලා තියන්න ඕන . ඊට අමතරව පහන් මල් සහ සුවඳ දුම් පූජා කරන්න ඕන . මේ දේවල් ඔක්කොම පූජා කරලා කතරගම දෙවියන්ට කන්නලව් කරන්න ඕන . කන්නලව් කරලා ඊට පස්සේ මේ මන්තරෙන් 1080 වාරයක් මතුරන්න ඕන . මතුරලා තැඹිලි ගෙඩිය බොන්න ඕන . ඊට පස්සේ දිගටම තැඹිලි ගෙඩිය ගෙඩිය ගානේ තියලා දවස ගානේ 1080 ගානේ මතුරන්න ඕන . මෙහෙම මතුරනකොට කතරගම දෙවියන් පේන්න එනවා . ඒ එන වෙලාවට ඒ එක්ක එන මොණරාට තැඹිලි ගෙඩිය පූජා කරන්න ඕන . තැඹිලි ගෙඩිය පූජා කරාට පස්සේ මොණරා තැඹිලි ගෙඩිය බොනවා . ඊට පස්සේ තමන්ට අවශ්‍ය දේ ඉල්ලන්න ඕන . එහෙම ඉල්ලුවාට පස්සේ දෙවියන් ඒ දේ ලබා දෙනවා .

ඊට පස්සේ රත්තරන් කෙන්දෙ ගැට තද කරලා තඹ කොලේ ඔතලා සුරේක දාලා කරේ එල්ලගන්න ඕන . එහෙම එල්ලගත්තේ නැතත් කමක් නැහැ . සුරේ කතරගම දේව රූපයේ එල්ලලා රත්තරන් කෙන්දත් කතරගම දේව රූපයේ පළඳවන්න ඕන . තමන්ට ලැබුණු වරය පරෙස්සම් කරගන්න නම් ඒ වෙනුවෙන් පිළිවෙත් පුරන්න සහ සිල් රකින්න අවශ්‍ය වෙනවා . ජීවම් කරන කාලයේ බ්‍රහ්මචාරී වෙනවා නම් හොඳයි . ඊට පස්සේ නම් ප්‍රශ්නයක් නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ .

මේ සුදුසුකම් සපුරන්න පුළුවන් කෙනෙක් මේ දේ කරලා දෙවියන්ගෙන් වර ලබාගන්න . හැබැයි නරක දේවල් වලට පාවිච්චි කරන්න එපා . තමන් නැත්තටම නැති වෙලා යන්න ඉඩ තියෙනවා කියලත් සඳහන් වෙනවා .




ඕං නමෝ කන්ද කුමාර පෙරුමාල් අප්පොච්චි හාමිනා කදිරේශ්වර පුර අධිගෘහිත ෂන්මුඛ ද්වාදසනේත්‍ර ද්වාදස හස්‌ත්‍ර ගෘහිත ආයුධ වර්ණ වර්ණලංකාර භූෂිත ගණපති මකුට ත්‍රීනේත්‍ර ඊශ්වරාවතාර ධාරිත කන්දේසු දිව්‍යාභරණ ධාරිත රුහුණු මායා දේශ අධි ගෘහිත දේවරාජ මන්දිරානේ උරුක්‌කු පේරුක්‌කු කට්‌ටු කන්දස්‌වාමි දීෂ්ඨි වාරුම් ගුරු කුත්තිලේ වේලා ඉර ඉරංගුවේලා රාම නාරසිංහ කාමුරු ජයත්ත්‍ර උරුලේ සායාරි බිස්‌මාකාමී ජහරේ පුදිය විෂ්ණු කපාල වෙට්‌ටු නාරං පත්තු පාතාල කදිර කන්ද කුමාර ඊශ්වර තට්‌ටු භූමිභාග වෙඩිසුරු පාත්තු ඉරලාඩි ඉරු ඉරුකී දිෂ්ඨි උපුටං ඒරු ඒරු ස්‌වාමියාගේ කන්ද කුමාර වෙඩි සැරැ දිෂ්ඨි දහරේ හරන්තු ඒහි ඒහි ඒස්‌සවාහඃ


මතුරන මතුරන ප්‍රමාණයට තමයි මේ දේ නිසියාකාරව වෙන්නේ . ඒ නිසා ඒ දේ නිසියාකාරව කරන්න නම් උත්සාහවන්තව වැඩ කරන්න අවශ්‍ය වෙනවා . කතරගම දෙවියන්ට හිමි ෂඩ්කෝණ යන්ත්‍රය වුණත් මේ ඔස්සේ ජීවම් කරන්න පුළුවන් නම් දේව ආකර්ෂණය ඉක්මණින්ම ලබාගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා .

තවත් ලිපියකින් හමුවෙමු .


ඔබ සැමට කඳ සුරිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment