මහානුභාව සම්පන්න ශ්‍රී විෂ්ණු කුර්මාවතාර මන්ත්‍රය




ඕං ශ්‍රී විෂ්ණු කුර්ම අවතාර වෛකුණඨ දේව රාම භ්‍රගු රාම පරශුරාම ශිව රාම ද්වාර ගෝපාල චන්ද්‍ර චක්‍රාදි විවිධායුධ සහශ්‍ර දුර්වාර ශැර ඝෝර රාම රාජ සංකාර සංහාර නීලාචල හේමාචල පත්මකුමාර සීතාපතී කොන්ඩුවා ශ්‍රී නව ශැක්‍රාම් නව ශිව ශැක්‍රාම් විෂ්ණු ශැක්‍රාම් ආඝෝර ශැක්‍රාම් හ්රීං හ්රීං ශ්‍රීං ශ්‍රීං හං හං සුර සංහාර ඝෝර මාරදිත්‍ය නාරායන කල්පෝත්පන්න නරලෝක ශිවංකර ශ්‍රී ලංකාපතී නාරායන භගවතෝ ඊශ්වර ක්‍රත සුර අසුර නාගාරූඩන්ච අහිනාගාභාරණාය සකල ශාස්තෘං සංමෝහනායකර අෂ්ටකර්ම භූලෝක සුරේන්ද්‍ර ඉන්ද්‍ර ශ්‍රී විෂ්ණු කුමාරයාය නමඃ


මේ මන්ත්‍රය විෂ්ණු දෙවියන්ගේ වර ලබාදෙන ඉතාම ප්‍රභල  මන්ත්‍රයක් . වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ ලෙඩ රෝග සුවපත් කිරීම සඳහා . මේ මන්ත්‍රය භාවිතා කරන්න කලින් සාමාන්‍යයෙන් මන්ත්‍රය භාවිතා කරන පුද්ගලයා පන්සිල් ආරක්ෂා කරන ආධ්‍යාත්මික වශයෙන් යම් දියුණුවක් ලබාගෙන තියෙන තත්වයට පත් වෙන්න ඕන . විෂ්ණු දෙවියන්ගේ දේව පිළිමයක් ළඟදී කැවිලි , අඹ බෙලි දිවුල් ඇතුළුව පලතුරු , නිල් මල් , පහන් සුවඳ දුම් , බුලත් කියන දේවල් ඇතුළුව පුද පූජා සකස් කරලා මේ මන්ත්‍රය පිරීම ආරම්භ කරන්න ඕන . මන්ත්‍රය පුරන්න ඕන වාලම්පුරියකට හෝ නිල් මල් මාලාවකට . දේව පිළිමයත් ජීවම් කිරීම වැදගත් වෙනවා . මන්ත්‍රය මතුරනකොට මන්ත්‍රය තමන්ට සිද්ධි වීමක් වෙනවා . මෙහෙම මන්ත්‍රය සිද්ධි වෙනකොට තමන්ට නිල් පැහැති අවකාශයක් සහ අවසානයේ විෂ්ණු දෙවියන් දර්ශනය වීම වෙනවා . එතකොට මන්ත්‍රය සිද්ධි වෙලා තියෙන්නේ . ඊට පස්සේ මල් මාලාව දේව රූපයට පළන්දවලා තමන්ට අවශ්‍ය දේ ඉල්ලා හිටින්න පුළුවන් . හොඳ දේවල් ඉල්ලන්න . අයහපත් අරමුණු මේ හරහා ඉල්ලන්න එපා . ඒකෙන් තමන්ට තමයි අවැඩක් වෙන්නේ . තමන් ඒ වරය ඉල්ලුවට පස්සේ විෂ්ණු දෙවියන්ට පිං දෙන්න . පිරිත් සජ්ඣායනා කරලා විෂ්ණු දෙවියන්ට නැවත නැවතත් පිං අනුමෝදන් කරන්න . විෂ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ඔබට නොඅඩුවම ලැබෙනවා .




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment