කිරි හොදි




පොලොස් ඇඹුල හදන හැටි කියලා දුන්නට පස්සේ කෑම සූත්‍ර කැටගරියත් කොහොම හරි ඇදගෙන යන්න කියලා කීප දෙනෙක්ම මුහුණු පොතේ දැනට කාලෙකට කලින් මතක් කරලා තිබුණා . සමහර අයනම් කියන්නේ දැන් සිංදු ගැන කිව්වා ඇති , අපි රස කෑමක් හදමු කියලා . ඒත් ඉතින් ලියන්න කලින් කෑම ගැන අධ්‍යනය කරලා ඉන්ට එපාය .

වයලීනෝ මහතා අද අරගෙන එන්නේ බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් . බතක් උයාගෙන මේ වගේ හොද්දක් හදාගත්තාම කන්ට හැකි බඩ පිරෙනකල් . හදිස්සියේ ඔන්න කෙල්ල කොක්කක් දාගෙන නැන්දම්මාගේ ගෙදර යනවා කඩාගෙන බිඳගෙන . එහෙමත් නැත්නම් බැන්දට පස්සේ චන්ඩි බන්ඩි මහත් වෙන ලෙඩේ හදාගෙන නැන්දම්මාගේ ගෙදර දුවනවා . එහෙමයි කියලා අපි කන්නේ බොන්නේ නැතිව බඩ ගින්නේ ඉන්නද ? . එව්වා සුම්මා . වයලීනොගේ මේ ප්‍රයත්නය ඒ වගේ කල්ල කපටි අම්මන්ඩිලාට හොඳ පාඩමක් උගන්වන්න , අපේ පිරිමි වර්ගයා දැනුවත් කිරීමයි ඔන්න .

එහෙනම් උයන්න පිහන්න දන්නේ නැති , අඩුම තරමේ හොද්දක ලුණු ඇඹුලක්වත් බලන්න දන්නේ නැති කල්ල කපටි කම්මැලි ගැහැණු ළමයින් සමග විවාහ වීමට සූදානම් වී සිටින හෝ විවාහ වී රහට කන්න නැතිව සිටින අහිංසක අසරණ පුරුෂ පාර්ශවය වෙනුවෙන් අද මම අරගෙන එනවා ලේසියෙන්ම හදාගන්න පුළුවන් කිරි හොදි හදාගන්නේ කොහොමද කියලා , කියලා දෙන්න . හිසට උඩු වියන්ද , පයට පාවාඩද ඇතිව ඉතාම ගෞරවයෙන් තමයි මේවා හදන්න ඕන හරිද ළමයි ?

මුලින්ම බලමුකෝ අවශ්‍ය ද්‍රව්‍ය මොනාද කියලා .

පොල් ගෙඩි 1ක් ( ලොකු නම් බෑයක් ඇති / පොඩි නම් ගෙඩියම ගත්තත් අවුලක් නෑ , බඩටනේ යන්නේ ) 
රතු ළූණු 100g ක්
උම්ම්ම්ම්ම්ම්ම්බලකඩ 10g ක්
කැකුළු හාල් මේස හැන්දක් විතර
දෙහි ගෙඩි 1ක්
කරපිංචා ඉති 1ක්
සුදු ළූණු බිග් 4ක්
ගොරකා කෑල්ලක්
රම්පෙ කොළ 1ක්
අමුමිරිස් කරල් 2ක් 
කහ ජුන්ඩක්
කුරුඳු කුඩු ජුන්ඩක් 
තුනපහ කුඩු ජුන්ඩක්
උළුහාල් ඇට ජුන්ඩක්
මිරිස් කුඩු ඉතාම ජුන්ඩක් 
ලුණු අවශ්‍ය තරමට ජුන්ඩක් 

පොල් ගාලා හොඳට බ්ලෙන්ඩර් කරලා කිරි ජාති දෙකම වෙන වෙනම අරගෙන තියාගන්න . ඊට පස්සේ කිරි හොද්ද හදන භාජනය අරගෙන ඒකට රතු ළූණු , උම්ම්ම්ම්ම්ම්ම්බලකඩ , අමුමිරිස් , සුදු ළූණු සහ ගොරකා කෑල්ල ලියලා දාලා රම්පා කරපිංචාත් කෑලි වලට කපලා දාන්න . ඊට පස්සේ අර මුලින් කිව්ව කැකුළු හාල් ටික මිරිස් ගලේ දාලා හොඳට අඹරලා ඒ ටිකත් අරවටම එකතු කරගන්න . කැකුළු හාල් දැම්මේ නෑ කියලා අවුලක් වෙන්නේ නෑ . ඒත් හාල් පොඩ්ඩක් හීනියට අඹරලා දැම්මම පොඩි ගතියක් තියෙනවා හොද්දේ .

ඊට පස්සේ ඒකටම මිරිස් කුඩු ජුන්ඩක්  , කහ කුඩු ජුන්ඩක් , තුනපහ කුඩු ටිකක් , උළුහාල් ජුන්ඩක් , කුරුඳු කුඩු ජුන්ඩක් එකතු කරගන්න . ලුණු පොඩ්ඩක් වෙන්න මුලින් දාගන්න . පස්සේ මදි උනොත් එකතු කරගන්න පුළුවන් . සමහර අයනම් ගම්මිරිස් එකතු කරනවා රහ එන්න . එව්වා හොද්දේ එක්ස්පර්ට් උනාම ඔයාලා හිතලා බලලා එකතු කරගන්න .

දැන් මේවාට දියකිරි විතර දාලා ලිපේ තියෙලා හැඳි ගගා හෙමීට තැම්බෙන්න අරින්න . මේ දාලා තියෙන ඒවා තම්බුනාට පස්සේ පස්ට සුවඳක් එනවා . ඊට පස්සේ තැම්බිලාද කියලා හොඳටම  බලාගන්න ඕන නම් රතු ළූණු කෑල්ලක් හැන්දට අරගෙන හපලා බලන්න පුළුවන් තැම්බිලද කියලා . එහෙම තැම්බිලානම් දැන් තියෙන්නේ මිටි කිරි ටික දාන්න . මිටි කිරි ටික දාලා ලිපේ හොඳට ගින්දර දාලා ටිකක් වෙලා යනකොට බෙර දවුල් තම්මැට්ටම් හොරණා ගහලා හොද්ද නටාගෙන එනවා . එතකොට නොනවත්වා හැඳි ගාන්න තමයි තියෙන්නේ . හැන්ද නැවත්තුවොත් හොද්ද කැටි ගැහෙන්න පුළුවන් . ඒ නිසා හොඳට හැඳි ගාන්න . ( උඹලාවත් බාගෙට හැඳිගාලා හදපු නිසා තමයි අද උඹලා ඔය වගේ කෙල්ලන්ට අහුවෙලා කන්න නැති වෙලා ඉන්නේ . ඒ නිසා හොද්දවත් හරියට හැඳි ගාපල්ලා )

හොද්ද හොඳට පැහුනට පස්සේ ලිපෙන් බාලා ආයෙත් ටිකක් වෙලා හැඳි ගාන්න තියෙන්නේ . ටිකක් වෙලා හැඳි ගාලා හොද්ද නටන එක අඩු උනාට පස්සේ දෙහි ගෙඩිය කපලා දෙහි ඉස්ම මිරිකලා දාන්න හොද්දට . ඊට පස්සේ කිරි හොද්ද හැදිලා ඉවරයි . සමහර අය මේකට සියඹලා එකතු කරගන්නවා . ඒක ඉතින් කැමති කැමති විදියට එක්ස්පර්ට් උනාම කරගන්න . දැන් බතක් උයාගත්තම හොදියි බතුයි කාලා ශේප් වෙන්න පුළුවන් . එහෙම බැරිනම් පොල් කුඩු ටික විසි කරන්නේ නැතිව තියාගෙන ඒකට මිරිස් ලුණු දෙහි ළූණු කෑලි ටිකක් දාලා ගලේ අඹරාගෙන පොල් සම්බෝලයක් හදාගෙන කිරි හොදියි පොල් සම්බෝලයි බතුයි කන්න පුළුවන් . පොල් කුඩු කන්න ඕන නෑ ඉතින් . ඕන නම් අලුතෙන් පොල් ගාගෙන හදාගෙන කන්න . මම කිව්වේ ලේසි නිසා  :p

අලුත් කෑමකින් ආයේ හම්බෙමු !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment