එළඟිතෙල් මිශ්‍ර " තරු කේක් "






සමහර වෙලාවල් වලදී ඔය ජ්‍යෝතිෂ වැඩ වලදී මම කියනවා එළඟිතෙල් ආහාරයට එකතු කරගන්න කියලා . තවත් සමහරුන්ට කියනවා එළඟිතෙල් ඔලුවේ ගාන්න කියලා . ආයුර්වේදය ගැන ඉගැන්වෙන ගොඩක් පොත් පත් වලදී එළඟිතෙල් ඉහළම තැනක තියෙනවා කියලා කියන්න පුළුවන් . ගොඩක් කිරි වර්ග වලින් ගිතෙල් හැදුවට එළඟිතෙල් තමයි වැඩි භාවිතයක් ගන්න ගිතෙල් වර්ගය විදියට හැඳින්වෙන්නේ . ආයුෂ වර්ධනය කරන්න පවා එළඟිතෙල් දායක වෙනවා . 


පොඩි අයට ඒවගේ ගිතෙල් ආහාරයට ලබා දීමේ යම් වාසියක් තියෙනවා . මොකද අමු කිරි ආහාරයට ගන්නවාට වඩා ගිතෙල් ආහාරයට ගන්නා එකෙන් ශරීරයේ යහපැවැත්ම ආරක්ෂා වෙන නිසා . ඒවගේ ගිතෙල් මිශ්‍ර කරලා හදන ආහාරයක් ගැන අද මට දැනගන්න ලැබුණා . 

මේ ඒ අක්කාගේ වචන වලින්ම ඒ රසම රස කෑම හදාගන්න විදිය . 
ෆොටෝත් ඒ අක්කගේම තමයි . 


එළඟිතෙල් මේස හැන්දයි



බිත්තර 1 යි .



බිත්තරේ මිශ්‍ර කරගන්න .





කිරිපිටි මේස හැන්දයි පිටි මේස හැන්දයි .




සීනි මේස හැන්දයි .




බේකින් පවුඩර් පොඩ්ඩක් .





ඔයා කිව්ව සාදික්කා වසාවාසි කරදමුන්ගු කරාබු නැටි ඉගුරු පියලි pinch .




මේ ඒ කිව්ව මික්ස් එක ඔයා කලින්ම දවසක කිව්ව මේව පාවිච්චි කරන්න කියල . මම දානෙකට ගෙනත් ඉතුරු උන ඒ දේවල් වේලල කුඩු කලා . දැන් මස් මාලු හදද්දි දානව මේවගෙ රස කැවිලි හද්දිත් දානව .





මේ ගානට මික්ස් කර ගන්න .





වැනිල ටිකක් දාන්න .





මේ mixture එක .







විනාඩි 2ක් microwave  කරන්න නැත්නම් බත් එක තියන්නෙ රයිස් කුකර් එකේ නම් ඒකෙ ස්ටීමර් එකේ තිබ්බත් හරි . බත් ඉදෙද්දි වන්ඩුවෙ තැම්බිලා .




මෙන්න කේක් එක .





දැන් ඉතින් තියෙන්නෙ කන්න .










පලි :  Ah Ara kiripiti mesa handak saha piti mesa handak kiyan e thenata kithul piti , kollu piti , kadala piti , mun Ata piti  , wage babala kanne nathi onema ekak danna puluwan .

ප්‍රශ්නය : Piti kiwwe paan pitida ? 

පිළිතුර : Ow . Ada damme kiri piti witharai .


ඔන්න ඔයවගේ කෑමක් ඒක . මම හිතන්නේ පොඩි අයට ඉස්කෝලේ ගෙනියන්න . මොට්ටසෝරි ගෙනියන්න හොඳ කෑමක් . අපිට අවස්තාවක් තියෙනවා ඔය පිටි කියන තැනට පොඩි අය කන්නේ නැති ඇට වර්ගයක පිටි එකතු කරන්න . එතකොට පෝෂණ ගුණය තවත් වැඩි වෙනවා . ඒ අතින් බලනකොට ගිතෙල් ආහාරයට ගන්නත් ධාන්‍ය වර්ග ආහාරයට ගන්නත් කියන අවශ්‍යතා දෙකම මේ හරහා සම්පූර්ණ වෙනවා .


ඔයාලත් හදලා බලන්න .

( විශේෂ ස්තූතිය - පාරම්පරික වෙන්න වෙද මහත්මි - තරු අක්කා ට )

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment