ආලෝක විද්‍යාව සහ මැණික් භාවිතය ( 3 ) ( පුෂ්පරාග - Yellow Sapphire )









මැණික් ගැන අපි කරගෙන ආව කතාව ටික කාලයකට අතරමග නතර වුණා . වැඩ අධික වීම නිසා තමයි බ්ලොග් එක පැත්තට එන්න වෙලාවක් ලැබුනේ නැත්තේ . අද ටිකක් වෙලාව ලැබුණු නිසා මම කල්පනා කරා මැණික් ගැන ලියපු ලිපි මාලාවේ ඊළඟ ලිපිය ලියලා පල කරානම් හොඳයි කියලා . ඉදිරි ලිපි වලදී මැණික් එකක් එකක් ගානේ විස්තර කිරීමක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ .

සූර්යයාගේ මැණිකෙන් හරිනම් පටන් ගන්න ඕන . ඒත් මම සූර්යයා පසුපසට දාලා සූර්යයාගේ තත්වයට වඩා ඉහලින් ඉන්න බ්‍රහස්පතී ග්‍රහයාගේ මැණික් වර්ගය විදියට හඳුන්වන පුෂ්පරාග එහෙමත් නැත්නම් yellow sapphire කියන ගල් වර්ගය ගැන ලියන්න කල්පනාකරා . පෞද්ගලිකව ගුරු ග්‍රහයාට සහ පුෂ්පරාග කියන මැණික් වර්ගයට තියෙන කැමැත්තත් ගුරු සහ පුෂ්පරාග ගැන ලිවීම මුල් වීමට හේතුවක් කියලා සඳහන් කරනවා . මුලින්ම මම ලිපිය ආරම්භ කරන්නේ බුදුන්වහන්සේගේ කේන්ද්‍ර සටහන පාදක කරගෙන .


ඉන්දියාවේ මුඛ පරම්පරාගතව පැවත ඇවිත් පසුකාලීනව පුස්කොල පත්‍රවල ලියවිලා තියෙන නාඩිවාක්‍ය කියන සෘෂිවරුන්ගේ අනාගත වාක්‍ය අනුව බුදුන්වහන්සේගේ ජීවන තත්වය පැහැදිලි කෙරෙන නාඩිවාක්‍ය සටහන් කීපයක් තිබිලා තියෙනවා . අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉන්දියාව බලා වඩිනවා මේ නාඩි පත්තිරු පරීක්ෂා කරලා බුදුන් වහන්සේගේ ජන්ම කේන්ද්‍ර සටහන හොයාගන්න . උන්වහන්සේ ඉදිරිපත් කරන ලද බුද්ධ කේන්ද්‍රය අනුව බුදුන් වහන්සේගේ ලග්නය වෙන්නේ කටක ලග්නය . ඒවගේම බුදුන් වහන්සේගේ ලග්නයේ තැම්පත් වෙලා ඉන්නේ ගුරු ග්‍රහයා .





කේන්දරයක ලග්න භාවය එහෙමත් නැත්නම් පළවෙනි භාවය කියලා හඳුන්වන්නේ හිස . ඒවගේම සරලවම කියනවානම් ආධ්‍යාත්මය සහ මානසික තත්වය කියන දේවලුත් ලග්න භාවයෙන් පෙන්නුම් කරනවා . කටක ලග්නය කියන්නේ රාජධානියක් නම් ඒ රාජධානියේදී ගුරු ග්‍රහයා බලවත් වෙනවා . මම කලින් ලිපියේ සඳහන් කරා ග්‍රහයින් උච්ච නීච ස්වක්ෂේත්‍ර සම මිත්‍ර වීම සම්බන්ධව . ඒ අනුව කටක ලග්නයේදී ගුරු ග්‍රහයා උච්ච වෙනවා . ඉතාමත්ම බලවත් වීමක් තමයි උච්ච වීම කියලා කියන්නේ . ඒ නිසා බුදුන් වහන්සේගේ ජන්ම අවස්ථාවේ හිසේ ගුරු ග්‍රහයා බලවත් වීමම ආධ්‍යාත්මික ජීවිතය කියන දේ සඳහා මනස යොමු කිරීම සිදු කරා කියලා අපිට ජ්‍යෝතිෂ සිද්ධාන්ත අනුව විශ්වාස කරන්න පුළුවන් .


දැන් කියන්න එපා අතීතයේ පිං දහම් කරපු නිසානේ බුදු වුණේ , ගුරු හිටපු නිසා නෙවෙයි කියලා . අතීතයේ කරන ලද පිං දහම් බලවත් වීම ම මේ ග්‍රහ පිහිටීම් එක්ක ගැළපෙනවා කියලා කියන්න පුළුවන් . බුදුන් වහන්සේට තිබුණු යම් යම් ග්‍රහ බලපෑම් අනුව උන්වහන්සේට අවසන් ආත්ම භාවයේදී ඵල දුන්න කර්ම විපාක ගැනත් යම් පැහැදිලි කිරීමක් තියෙනවා . ඒ නිසා ගුරු ග්‍රහයාගේ බලපෑම බුදුන් වහන්සේට ඒ ආකාරයෙන් සිදු වුණා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා .




ග්‍රහයින්ට හිමිවෙන යම් යම් වෘක්ෂ තියෙනවා . ගුරු ග්‍රහයාට හිමි වෙන්නේ බෝ වෘක්ෂය . බුදුන් වහන්සේට ලග්නයේ , එහෙමත් නැත්නම් හිසේ බලවත් වෙලා ඉන්න ගුරු ග්‍රහයාගේ ශක්තිය බෝ වෘක්ෂයෙන් වැඩි වුණා කියලා අපිට හිතන්න පුළුවන් බුදු වීමේදී මේ බෝ වෘක්ෂය අසල උන්වහන්සේ භාවනා කිරීම නිසා . සමහරවිට බුදුන් වහන්සේ ඒ දේ හිතාමතාම කරා වෙන්නත් පුළුවන් . එහෙමත් නැත්නම් ස්වාභාවයා විසින් හෝ දෛවය විසින්ම ඒ දේ කරා වෙන්න පුළුවන් .

ඔය ආකාරයේ බලපෑමක් තමයි ගුරු ග්‍රහයාගේ තියෙන්නේ . ගොඩක් වෙලාවට ගුරු ග්‍රහයාගේ බලය නිසා වෙනත් ග්‍රහයින්ගේ අහිතකර තත්ව පවා නැති වෙනවා කියල යම් යම් ඉගැන්වීම් තියෙනවා . ග්‍රහ මණ්ඩලයේ අග රජුගේ ගුරුවරයා විදියට හඳුන්වන ගුරු ග්‍රහයා යම් අවස්ථාවකදී රජු පවා පරදවා ක්‍රියාත්මක වෙන තත්වයක් තියෙනවා . ඒ ක්‍රියාත්මක වීම වර්ධනය කිරීමට හෝ පාලනය කිරීමට හෝ සමනය කිරීමක් කරන්න පුෂ්පරාග කියන ගල් වර්ගයට හැකියාවක් තියෙනවා .


පුෂ්පරාග ගල් සම්බන්ධව අතීතයේ ලියවිලා තියෙනවා මෙන්න මේ විදියට . මේ විස්තරය සටහන් වෙලා තියෙන්නේ රස වෙදකම සම්බන්ධව ලියවිලා තියෙන රස රත්න සමුච්ච්චය කියන ග්‍රන්ථයේ .




ඔය තියෙන්නේ ආයුර්වේද සම්බන්ධව දැක්වෙන පුෂ්පරාග මැණික්වල තත්වය . ජ්‍යෝතිෂ විද්‍යාවේදී පුෂ්පරාග සම්බන්ධව විවිධ ආකාරයේ පැහැදිලි කිරීම් තියෙනවා . දරුවන් ලබාදීම , එහෙමත් නැත්නම් ඊළඟ පරපුරක් ඇතිකිරීම කියන කාර්යය සම්බන්ධව ගුරු ග්‍රහයා තමයි වැඩි බලපෑමක් සිදු කරන්නේ . ඒ නිසා ගුරු ග්‍රහයාව පුත්‍ර කාරක ග්‍රහයා කියලා හඳුන්වනවා . ගුරු ග්‍රහයාගේ බලවත් වීම වැඩි කරලා දරුවන් නැති අයගේ යම් යම් ගැටළු සමනය කිරීම සඳහා පුෂ්පරාග යොදාගන්න පුළුවන් . ඒවගේම අධ්‍යාපනය වර්ධනය කරගන්නත් පුෂ්පරාග යොදාගන්න පුළුවන් . ආධ්‍යාත්මික වර්ධනය වැඩි කරන්නත් පුෂ්පරාග යොදාගන්න පුළුවන් .


හැබැයි ඔයවගේ දේවල් පුළුවන් පුළුවන් කිව්වට ඒ දේවල් ඒ විදියටම වෙනවද නැද්ද කියලා ජන්ම පත්‍ර පරීක්ෂා කරලා විතරයි තීරණය කරන්න පුළුවන් . ග්‍රහ කිරණ ඇතුල් වෙනවාද පිට වෙනවාද කිරණ බලවත් කරනවද දුබල කරනවද කියලා හොඳට හිතලා බලලා තමයි මේ මැණික් පැළඳීම කරන්න ඕන .

කෙසේ වෙතත් අනිත් ග්‍රහයින්ට වඩා ගුරු ග්‍රහයාගේ විශේෂත්වයක් තියෙනවා වගේම තමයි පුෂ්පරාග ගල්වලත් අනිත් මැණික් වලට වඩා වෙනස්ම වුණ යම් විශේෂතාවයක් තියෙනවා කියලා කියන්න පුළුවන් .









තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment