ආලෝක විද්‍යාව සහ මැණික් භාවිතය ( 4 ) ( රතු කොරල් Red coral )








අපේ මැණික් සම්බන්ධ කතාබහේ ඊළඟ සාමාජිකයා විදියට මම කතා කරන්න හිතුවේ අඟහරු ග්‍රහයාට අදාළ රතු කොරල් සම්බන්ධව . අඟහරු ග්‍රහයා හඳුන්වන්නේ ග්‍රහලොව සෙන්පති විදියට . ඒ නම කිව්වම අපිට අදහසක් ගන්න පුළුවන් සෙන්පති කෙනෙකුගේ වැඩ කටයුතු කොහොමද කියලා .


සෙන්පති කෙනෙක් සාමාන්‍යයෙන් ඉතාම වේගවත්ව ප්‍රතිචාර දක්වනවා . ඒවගේම අධික බලවත් භාවයක් තියෙනවා . ඒ බලවත් භාවය නිසාම සෙන්පති කෙනෙක්ට සාමාන්‍යයෙන් අධික තේජසක් පවතිනවා . ඒ අයගේ තීරණ ඉතාම වේගවත් වගේම තමයි තියුණු තීරණ ගැනෙනවා . මේ තීරණ සාමාන්‍යයෙන් කෙනෙක්ගේ යහපතට වගේම අයහපතට පවා හේතු වෙන්න පුළුවන් . සෙන්පතියෙක් ඉන්න තැනක සාමාන්‍යයෙන් වෙනත් කෙනෙක්ට වුණත් හෙමින් වැඩ කරන්න වෙන්නේ නැහැ . එතන කෙරෙන වැඩ කටයුතු ඉතාම ඉක්මණින් කෙරෙන බවක් පවතිනවා .


අඟහරු ග්‍රහයාත් අන්න ඒවගේ තමයි . විවාහ සම්බන්ධව කේන්දර ගැලපීම කතා කරනකොට අඟහරු ග්‍රහයා විශේෂ තැනක් ගන්නවා . සාමාන්‍යයෙන් කේන්දරේ බලනකොට විවාහයක් වෙනුවෙන් , අඟහරු ග්‍රහයාගේ පිහිටීම කොහොමද බැලීමත් අඟහරු ග්‍රහයාගේ දෘෂ්ටි වැටීම කොහොමද වෙන්නේ කියලාත් බැලෙනවා . ඒ විශේෂ පරීක්ෂා කිරීමක් අඟහරුට ලැබිලා තියෙන්නේ අඟහරු විසින් භෞම දෝෂය කියන විවාහ දෝෂය ඇතිකරන නිසා . මේ දෝෂය නිසා සාමාන්‍යයෙන් විවාහ ජීවිතවල යම් යම් ගැටළු ඇතිවීම වෙන්න පුළුවන් වගේම තමයි විවාහ වීමෙන් අනතුරව විවාහක යුවලගේ සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවීමක් වෙන්නත් පුළුවන් කමක් තියෙනවා .




සාමාන්‍යයෙන් අඟහරු ඇතිකරන ගැටළු වලදී අනතුරු ඇතිවීම් වෙන්න ඉඩ තියෙනවා වගේම තමයි ලේ ගැලීම් ඇතිවෙන්නත් ඉඩ තියෙනවා . ලේ කිව්වම මතක් වුණේ . අඟහරු ග්‍රහයා රුධිරයට අධිපති ග්‍රහයා වෙනවා . ඒ නිසා රුධිරය සම්බන්ධව ඇතිවෙන ලෙඩ රෝග වලදී අඟහරු ප්‍රධාන ස්ථානයක ඉන්නවා . ශරීරයේ රුධිර ගමන ඉක්මන් කරවීම පාලනය කරවීම සහ රුධිර ධාතුවේ ගුණාත්මක බව පවත්වාගැනීම කියන මේ දේවල් වෙනුවෙන් අඟහරු වැදගත් කාර්යයක් ඉටු කරනවා .


මේ මේ කරුණු කාරණා වලදී ඇතිවෙන යම් යම් ප්‍රශ්න සඳහා පිළියම් විදියට රතුකොරල් භාවිතා කරන්න පුළුවන් . රතු කොරල් මුහුදෙන් ලබාගන්නේ . එහෙම ලබාගන්න කොරල් ආභරණවල පළඳින්න පුළුවන් ආකාරයට සකස් කරලා ඔපදමලා පැළඳීම සිදුකරනවා .





රතුකොරල් විතරක්ම පබළු මාලයක් වගේ අමුණලා පැළඳීමත් සමහර අවස්ථා වලදී දකින්න ලැබෙනවා . ඒත් වැඩියෙන්ම මුදු වලට තමයි රතුකොරල් අල්ලන්නේ . මොකද රතුකොරල් ශරීරයේ ස්පර්ශ වෙන්න පැළඳීම ජ්‍යෝතිෂ මත අනුව යම් යම් අවස්ථා වලදී ගැටළු සහගත තත්වයන් ඇතිකරන්න පුළුවන් නිසා . ඒ නිසා මේ රතුකොරල් හෝ වෙනත් මැණික් වර්ග හෝ පළඳිනවානම් ජ්‍යෝතිෂ මතය අනුවත් යම් ගැලපීමක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා මතක තියාගන්න ඕන .















තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment