මලයාල නාග වෛරෝඩිය ( 9 ) ( අවසාන කොටස )







මලයාල නාග වෛරෝඩිය 1

මලයාල නාග වෛරෝඩිය 2

මලයාල නාග වෛරෝඩිය 3

මලයාල නාග වෛරෝඩිය 4

මලයාල නාග වෛරෝඩිය 5

මලයාල නාග වෛරෝඩිය 6

මලයාල නාග වෛරෝඩිය 7

මලයාල නාග වෛරෝඩිය 8



මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

පසුගිය කොටසින්

" මට බයයි ගුරුන්නාන්සේ ඕක අල්ලන්න . ඕක ශාප වැදිච්ච ආභරණයක් " 

" හඃ හඃ හඃ හඃ " 

සීයා සිනහවක් පල කළා මිස කිසිවක් කීවේ නැත . දැන් මාගේ සිත තුල නලියන්නේ සීයා විසින් කියන ලද නාග වෛරෝඩිය තැම්පත් කිරීමට සුදුසුකම් ලද එම ප්‍රදේශ කුමක්ද කියාය . තරමක් වෙලා නිහඬව සිටි මම නැවතත් සීයාගෙන් ඒ පිළිබඳව විචාළෙමි . 

" සීයේ කොහෙද ඉතින් මේක තැම්පත් කරන්නේ ? . පන්සලක් තියෙන කන්දක් කොහෙද තියෙන්නේ ? " 

" සංඛපාල " 

අද එතැන් සිට 

" සීයේ සංඛපාල කියන්නේ අර පුස්සදේව යෝධයාගේ හක්ගෙඩිය තැම්පත් කරලා හදපු පන්සලද ? "

" ඔව් . එතන හොඳ ජය භූමියක් . අනික ලේසියෙන් මනුස්සයෙක්ට එතනට ලං වෙන්නත් බෑ . ඒ නිසා සංඛපාල කන්දේ හොඳ තැනක් බලලා අපි මේක තැම්පත් කරමු . මට හිතාගන්න බැරි මේ අනුර ළමයා මේක අතින්වත් අල්ලන්නේ නැති එක . ඕක ඉතින් ශාපයක් වැදුනා කියලා අපිත් ඉතින් ඕක අතින් අල්ලලානේ ගත්තේ . ඔය ළමය ඕක ඇල්ලුවා කියල ඉතින් ප්‍රශ්නයක් වෙයි කියලා මමනම් හිතනේ නෑ . අනික ඉතින් තව දවසක් විතරනේ අපි ගාව ඕක තියෙන්නේ " 

" අපෝ ගුරුන්නාන්සේ මමනම් ඕක අල්ලන්නේ නෑ . මට බයයි " 

" හා හා ඔය ළමයා එහෙනම් ඔහොම ඉන්නකෝ . අපිම ඒ රාජකාරියත් ඉවර කරලා දෙන්නම් " 

සීයාත් මමත් අනුර අයියාත් සීතාවක පසුකර හිරු උදාව එළැඹෙන විට කුරුවිට ප්‍රදේශයට ළඟා විය . තවමත් සම්පූර්ණ ලෙස හිරු එළිය පොළවට වැටී නැත . රාත්‍රී ගත් ආහාර වේල සීයාටද මටද ප්‍රමාණවත් නොවීය . සාමාන්‍යයෙන් ඒ ආහාරවේල මෙන් දෙගුණයක් පමණ ආහාර වේලක් අප වලව්වේදී ගනු ලබයි .  එබැවින් මොනවා හෝ කෑමට ගතයුතු යැයි යෝජනා කරේ සීයා විසින්මය . මම එම යෝජනාව එකහෙලාම ස්ථීර කලෙමි . පසුව අපි කුරුවිට කඩමණ්ඩිය අසල කරත්තය නවතා කෑමට යමක් ගැනීමට කඩ මණ්ඩියේ ඇති කඩයකට පිවිසියෙමු . 

සීයා අපි තුන්දෙනාටම සෑහෙන්න තරම් වූ ඉඳිආප්ප සහ පොල් සම්බෝල ගත් අතර ඒවා කෑමට එම ස්ථානයේ නතර වීමට සීයා කැමැත්ත පල කරේ නැත . ඊට හේතුව වූයේ අනියම් ආකාරයෙන් හෝ ආණ්ඩුව සතුකරගත් , පසුව අප විසින් සොරාගත් වස්තුවක් කරත්තයේ තිබීමයි . මේවන විට මුරකරුවන් අවදි වී සිදුවී ඇත්තේ කුමක්ද කියා සෙවීම අරඹා ඇත . ඔවුන් මෙම ප්‍රදේශය කරා හඹා ඒමට මත්තෙන් සංඛපාල ප්‍රදේශයට අප ළඟා විය යුතුය . 

උදෑසන ආහාරය ගැනීමට අප නැවතුනේ කුරුවිට ප්‍රදේශය පසුකර යන විට අපට හමු වූ පාළු ප්‍රදේශයකි . අනුර අයියා පැවසූයේ එම ප්‍රදේශය බටුහේන යනුවෙන් හඳුන්වන බවයි . කරත්තයෙන් බැසගත් අපි තුන්දෙනා කරත්තය ඒ අසල වූ  ගසක ගැටගසා කුඩා ගල් කුලක් උඩ හිඳ ඉඳිආප්ප ආහාරයට ගත්තෙමු . ඒ අතරවාරයේ සීයා කතා කලේ නාග වෛරෝඩිය නිධන් කල යුතු ආකාරය පිලිබඳවය .







" අපි මේක ලොකු කළු ගල් පර්වතයක් ඇතුලේ නිධන් කරත් කාලයක් යනකොට ඔය ගල් කඩලා කළුගල් වලට ගත්තොත් මේක ආයෙත් එලියට එන්න පුළුවන් . ඒ නිසා කවදාවත් ලේසියෙන් මේක එලියට ගන්න බැරි තැනක මේක නිධන් කරන්න ඕන . මට හිතාගන්න බැරි කිසිම ආයුධයක් නැතුව මේ නාග වෛඉරෝඩිය කොහොමද කළුගල් ඇතුලේ තැම්පත් කරන්නේ කියලා . අමනුස්සයෝ ලවා තමයි වැඩේ කරන්න වෙන්නේ . බලමුකෝ ඒ වෙලාවට . ඉස්සෙල්ලා අපිට තැනක් හොයාගන්න වෙනවා .

අපි තවමත් රත්නපුරේටවත් ලං වෙලා නෑ . ඒ කියන්නේ සංඛපාල විහාරය තියෙන පැත්තට යනකොට රෑබෝ වෙයි . මම ගුරුකමකට ගිහින් අඳුරගත්ත කෙනෙක් ඉන්නවා ඒ පැත්තේ වලව්වක . අපිට අද රෑ එහෙ නවතින්න පුළුවන් උනොත් හෙට උදෙන්ම කන්දට නැගල හොඳ තැනක් බලලා නාග වෛරෝඩිය තැම්පත් කරන්න පුළුවන් " 

" සීයේ , කන්ද උඩ තියෙන ගල් තලාවක ගැඹුර වැඩි වලක් හාරවලා ඒ වලේ නාග වෛරෝඩිය තැම්පත් කරන්න පුළුවන් නම් මේකේ ආරක්ෂාව ගැන අපිට වැඩිය බය වෙන්න දෙයක් නෑ . මොකද පොළව මට්ටමේ තියෙන ගල් තලාවක් කඩලා කළුගල් වලට ගනියි කියලා හිතන්න බැහැනේ . අනික කන්දක් උඩ කොහොමත් එහෙම ගල් කඩන එකක් නැහැනේ " 

" අපි බලමුකෝ ගිහිල්ලා " 

" ගුරුන්නාන්සේ . මට ඔය ගල් තලාව හිල් කරන එකට උදව්වක් කරන්න පුළුවන් වෙයි . අපි යමුකෝ . මම උදව් කරන්නම් ඒකට . ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා " 

" ඒ කොහොමද දරුවෝ ? . ඔය දරුවා අඳුරන කෙනෙක්වත් ඉන්නවද ඒ පැත්තේ ? " 

" නෑ " 

" එහෙනම් ඔය දරුවා අතේ ආයුධයක්වත් නැහැනේ . ඒත් කොහොමද ගල් තලාවක් හිල් කරන්න උදව් කරන්නේ  ? "

" හඃ හඃ හඃ හඃ හඃ . මට පුළුවන් වෙයි . ගුරුන්නාන්සේ යමුකෝ අපි ඒ ඉසව්වට " 

උදෑසන ආහාර වේල සපුරාගත් අපි අනතුරුව නැවතත් සංඛපාල බලා පිටත් වීමු . රත්නපුරය , පැල්මඩුල්ල , කහවත්ත , මාදම්පේ , ගොඩකවෙල පසුකර පල්ලේබැද්ද ප්‍රදේශයට ළඟා වනවිට රාත්‍රී අට පමණ වන්නට ඇතැයි මම විශ්වාස කරමි . සීයා කරත්තය දක්කාගෙන ගියේ පල්ලෙබැද්ද ප්‍රදේශයේ වූ සුප්‍රසිද්ද වලව්වකටය . සීයා වතාවක් එහි ගුරුකමකට ආ බව කලින් අප සමග පැවසුවේය . ඒ අනුව සීයා රාත්‍රී නවාතැන් ගැනීමට සූදානම් වූයේ එම වලව්වේය . 

වලව්වට සම්ප්‍රාප්ත වීමත් සමගම එම වලව්වේ වූ රදලයින්ගෙන් සීයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය . එදින රාත්‍රියේ අප නවාතැන් ගත්තේ එම වලව්වේය . පසුදින උදෑසනම අප නිදා සිටි කාමරයෙන් පිටත් වීමට මත්තෙන් සීයා විසින් නාග වෛරෝඩිය අප රැගෙන ආ රෙදි කඩක හොඳින් ඔතා මල්ලකට දමා කිසිවෙකුට නොදැනෙන ලෙස ගෙනයාමට හැකි වන සේ සකසා ගත්තේය . අනතුරුව කරත්තය එම වලව්වේම ගාල් කර පල්ලෙබැද්ද ප්‍රදේශයේ සිට සංඛපාල විහාරය දක්වා අප ගමන් කලේ පයින්මය . 

සංඛපාල විහාරය සහිත භූමිය සිත් සනහන පරිසරයක් ඇති භූමි භාගයක් නොවේ යන්න මගේ හැගීමයි . එය කිසියම්හෝ ගුප්ත බලවේගයකින් වෙලී ඇති බවක් මා හට දැනිණි . සීයා පළමුව විහාරයේ වන්දනා කිරීමට නියමිත ස්ථාන වන්දනා කර තුණුරුවන්ගේ ආශිර්වාද ලබාගත්තේය . අපිද ඒ අනුව තුණුරුවන්ගේ ආශීර්වාද ලබා ගත්තෙමු . අනතුරුව සංඛපාල විහාරය අසලින් කන්ද නැගීමට ඇති පාර දිගේ අපි ඉහලට ගමන් කළෙමු . එම ගමන් මාර්ගය පන්සල් භූමිය අවසාන වීමත් සමගම අවසන් විය . ඉන් අනතුරුව ඇත්තේ ගල් කුළු , විශාල ගස් සහිත තරමක දුෂ්කර මාර්ගයකි . එහෙත් එය සීයාට පවා යෑමට අපහසු පාරක් නොවේ . අනුර අයියාගේද මාගේද උදව් ඇතිව සීයා කෙසේ හෝ කන්ද තරණය කළේය . කන්දේ ඉහලට යන්නට යන්නට බෑවුම් සහිත බව අඩුවී තැනිතලා ප්‍රදේශයක් මතුවිය .









" මේ ගල්තලාව අපේ රාජකාරියට හොඳයි කියලා මට හිතෙනවා . චූටි පුතා මොකද කියන්නේ "

" මටත් හිතෙනවා සීයේ මෙතන හොඳයි කියලා "

" හ්ම්ම්ම් අනුර ළමයෝ . දැන් ඔය ළමයා කොහොමද මේ ගල් තලාව සිදුරු කරන්න අපිට උදවු කරන්නේ ? "

" ගුරුන්නාන්සේ , මෙච්චර දවසක් මම ගුරුන්නාන්සේට කලේ බොරුවක් මම අනුරවත් , දොඩම්පේ ගණිතයාගේ නෑක්වත් නෙවෙයි "

" එහෙනම් ? "

" මම කවුද කියලා කියන්න දැන්මම ඉක්මන් වෙන්න ඕන නැහැ . ඉන්න ; මගේ සේවකයෝ ඇවිත් මේ ගල් තලාව සිදුරු කරලා දෙයි "

ගල්තලාව අසල වූ වන ලැහැබ තුලින් පුද්ගලයෙකු මතුව ආවේය . ඔහු සාමාන්‍ය මනුෂ්‍යයකුගේ ශරීර ප්‍රමාණය සහිත පුද්ගලයෙකි . ඔහුගේ අතේ යම් යම් උපකරණ කීපයක් විය . කෙමෙන් කෙමෙන් අප අසලට ආ ඔහු අනුර අයියාට වැන්දේය . අනතුරුව අනුර අයියාගේ විධානයෙන් ඔහු අපට ඈති වූ තැනකින් ගල් තලාව සිදුරු කිරීමට පටන් ගත්තේය . තමා අත වූ කෙන්ඩියෙන් යම් දියරයක් ගල් තලාවට වත්කරන ලද හෙතෙම ස්වල්ප වෙලාවක් බලා සිටියේය .

ඉන් පසුව උදැල්ලක් වැනි උපකරණයකින් ගල් තලාවේ විශාල වලක් හැරීමට පටන් ගත්තේය . මෙම පුද්ගලයා එම වල හාරන්නේ සීයා විසින් මිනී වලවල් හැරීමට කනත්තේදී ගෙන්වා ගන්නා යක්ෂයින් මිනී වලවල් හාරන පිළිවෙලටය . කෙසේ හෝ වැඩි වෙලාවක් යන්නට මත්තෙන් මෙම වල අඩි දහයක් පමණට හාරා අවසන් කිරීමට එම පුද්ගලයා සමත් විය . සීයාටද මටද ඒ සියල්ල බලා සිටිනවා හැරෙන්නට වචනයක් හෝ කතා කිරීමට කල්පනාවක් වූයේ නැත .

" අනුර ළමයෝ . ඇත්තටම මේ කවුද ? "

" මගේ සේවකයෙක් . ගුරුන්නාන්සේ මේ නාග වෛරෝඩිය තැම්පත් කරලා මෙතනට මලයාල දිෂ්ටි ගෙන්නන්න . මම ඒ අයට කියන්නම් මෙතන ආරක්ෂා කරන්න කියල . එතකොට මෙතනට ආයෙත් වෙන අයට ලේසියෙන් ලං වෙන්න පුළුවන් වෙන එකක් නැහැ "

" හොඳමයි ළමයෝ "

සීයා තරමක් දුර්වල වූ ස්වභාවයක් පෙන්වීය . පසුව සීයා නාග වෛරෝඩිය , හාරන ලද වලට දැම්මේය .

" දැන් මේ වල වහන්නේ කොහොමද ? "

" ගුරුන්නාන්සේ පැත්තකට වෙලා බලාගෙන ඉන්නකෝ "

වල හාරන ලද පුද්ගලයා විසින්ම වල වසා තමාගේ අතේ වූ කෙන්ඩියෙන් ඉතිරි දියරය ස්වල්පයක් එම ස්ථානයට වත් කළේය . ඉන් පසුව අනුර අයියාට වැඳ ඔහු ආ පාරේම පිටත්ව ගියේය . ඉන් පසුව සීයාත් මමත් නාග වෛරෝඩිය තැම්පත් කල වල අසලට ගමන් කර එම ස්ථානය පරීක්ෂා කළේය .

පුදුමයකි . ගල් තලාව කිසිඳු වෙනසක් වූ බවක් පෙන්වන්නේ නැත . අතීතයේ සිටි රජ දරුවන් කළු ගල් මෘදු කර ඒවායෙන් නොයෙක් නිර්මාණ කල බව මම අසා තිබේ . එහෙත් එවැනි දෙයක් ඇස් පනාපිටම දකින්නට ලැබේ යැයි මා කෙදිනකවත් බලාපොරොත්තු වූයේ නැත . අනුර අයියාගේ කීම අනුව සීයා මලයාල දිෂ්ටි ගෙන්නවා නාග වෛරෝඩිය ආරක්ෂා කිරීමට මන්ත්‍ර මතුරන්නට පටන්ගත්තේය .








............................ පුරවර නාරායනේ මලයාල නාග වෛරෝඩි වාවා මලයාල හගන්තින් මලයාල නාග වෛරොඩී වා වා ඉෂ්ටප්‍රවර කාලියානේ මලයාල නාග වෛරෝඩි වා වා ඕන් ජෙතා ලංක ක්‍රලාඩිංද හොරවා ගිනි ගිනි දේස් ගිනි ගිනි පට්ටා ක්‍රින්තු ක්‍රිස් ගිනි දළුන හෙහෙස් කුමාර ශර පෙසු පෙසු සලාහම් මලයාල නාග වෛරොඩී වාවා ඕන් ආදෙස් ක්‍රාලා එමා ඉස්පු ලෙන්ද කොඩෙන් අඝොර විර පත්ත්‍ර නාරායනේ ගිනි ගිනි සිලංබර කතානඩි තෙලංග දොළුවර දෙස් සර්‍ව බන්ධන ඉඩ හැරී එන් මලයාල නාග වෛරොඩී වාවා නාරායනේ ඉගිල වර වර සලාහම් මලයාල නාග වෛරොඩී වා වා ඕන් විර පශාඩි තෙලිහ දොළුවරදෙස් ගිනි ගිනි සහර ගිනි දැපන මන්ත්‍ර දෙස් දෙවගුරුධාරිනේ මලයාල නාග වෛරොඩී වාවා සර්ව බන්ධන බන්ධාමි බන්ධන බන්ධන දේවයානේ මලයාල නාග වෛරොඩී වාවා ඕන් හර හර පුරකදිර නාරායනේ ඉරි ඉරින්දු පෙස ගිනි කාලි සෙගු සෙගු බනු බනු ගිනි හිර මුලජ්ලාඩීගිඩි ශැර කාවාප්‍රොරදෙස් දිල පිලලි බාහෙස් මලයාල නාග වෛරොඩී වාවා දෙවයානේ වාවා කල්ලූ ප්‍රදෙස් හර හර හර්‍ලලාඩි සෙල්ලුම් වාවා බන්ධන බන්ධන සර්ව බන්ධන බන්ධාමි ඕන් ප්‍රොන් ජෙස්සං ක්‍රාව් ග්‍රෙන්ස්‍රෝන් බ්‍රහොස් ක්‍රන්තු හෙස් ජරංහෙන් තු ශොනක්‍රොන් හෙ හෙස් හ්‍රීන් ප්‍රොන්තු දෙඩෙස්දොන් දොන්තු අක්‍රාමිදෝස් හොරාත් තුජක්ක්‍රාම් ශ්‍රෝන්තු බාහෙස් ඉංක්ක්‍රාත් ශ්‍රෝංක්‍රෝබාහෙස් ඕන් ඉරගුරළු ශක්ක්‍රම් දිවගුරළු ශක්ක්‍රාම් සුරිය ශක්ක්‍රාම් කවිචි ගිනි ශක්ක්‍රාම් විර පත්ත්‍ර ගිනි ශක්ක්‍රාම් ගිඩි ගිඩි ශක්ක්‍රාම් විෂ්නු කවිචි ගිනි ශක්ක්‍රාම් ගිනි ශක්ක්‍රාම් කුඹාධාරනී හර හර කල්ලූශර සෙල්ලූම් ඕන් හ්‍රීන් අරුවලවු යෙල් සිවා සිවා කායුම් මුරි මුරිනේ යුම් ඇරි ඇරි කොඩාගුරු යුම්පෙපෙන් පුඩි පුඩි පුඩිබානුම් ඉරි ඉරි තුඩ වොනුම් ජලතුඩා වෙර කාලිම්ත සෙල්ලූම් කොයිරාඩි වයිරෙවට මලයාල නාග වෛරොඩී වාවා දෙවයානේ බන්ධ බන්ධ ස්වාමියානේ වර වර වර .......................................


" හරි ගුරුන්නාන්සේ . දිෂ්ටි ඇවිල්ලා තියෙන්නේ . මම ඒ අයට කියන්නම් මේ තැන ආරක්ෂා කරන්න කියලා . අපි එහෙනම් දැන් මෙතනින් යමු . අපි යන ගමන්ම මේ අපි ආව පාරත් අවහිර කරගෙනම යමු . එතකොට කාටවත් මේ තැනට එන්න පුළුවන් වෙන එකක් නෑ ලේසියෙන් "

" හොඳයි ළමයෝ .ඔය ළමයාගේ කැමැත්තක් . ඇත්තටම ඔය ළමයා කවුද ? "

" මම අන්තිමටම කියන්නම් ගුරුන්නාන්සේ මම කවුද කියලා . අපි යමුකෝ පහලට "

මෙතෙක් දවස් වෙහෙසවී ආරක්ෂා කල මලයාල ඇදුරන් ශාප කල එම නාග වෛරෝඩිය නමැති මනහර ගෙල පළඳනාව කළුගල් තලාවක හාරන ලද වලක සඟවා දමා අපි සියල්ලෝම පිටත් වීමු . ඒ එන අතරතුර අනුර අයියා කාටදෝ කතා කළේය . එම ආමන්ත්‍රණය මාහට වඩා පැහැදිලි ලෙස ඇසුනේ නැත . එම ආ පුද්ගලයා අත කඩුවක් තිබිණි ; පිරිසක්ද විය .

අනුර අයියාගේ විධානය අනුව ඔහු තම කඩුවෙන් ගසමින් මහා කළුගල් පර්වත දෙබෑ කළ අතර ඔහුට සහයට පැමිණි පිරිස ගල් කුට්ටි පෙරලා දමා පාර අවහිර කළහ . ඔවුන් සාමාන්‍ය මනුෂ්‍යයින් තරම් ප්‍රමාණයේ පිරිසක් වූවද ගල් පර්වත නම් පෙරලන්නට තබා හෙලවීමටවත් හිතන්නට බැරි ඒවා විය . මොවුන් නිසැකවම අමනුෂ්‍යයින් විය යුතු යැයි මම නිගමනය කලෙමි .

කඩුවෙන් ගසමින් කළුගල් දෙබෑ කරමින් ඒවා පාරට දමමින් අප ආ පාර කිසිවෙකුට ලං විය නොහැකි තත්ත්වයට පත්විය . පන්සල් වත්ත මායිමට ආ අපි නැවතත් අනුර අයියාගෙන් ඔහු කවුරුදැයි විමසීමු .

" අනුර ළමයෝ . මේ ආවේ මනුස්සයෝ නෙවෙයි කියලා මම හොඳටම දන්නවා . ඔය ළමයා කවුද ? "









" අරනෝලිස් , ඔබ කරපු උපකාරයට පිං . මට මේ නාග වෛරෝඩිය අතින් අල්ලන්න පුළුවන් කමක් නැහැ . කිසිම අමනුස්සයෙක්ට මේක අල්ලන්න බැහැ . ඒ තරමටම මේ ශාපය බලවත් . ඒත් මනුස්සයින්ට මේක අල්ලලා ටික කාලයක් ඉන්න පුලුවන් . මොකද මේ ශාපය මනුෂ්‍යයින්ට බලපාන්නේ කාලයක් අරගෙන නිසා . මල්වතීව මම එක්කගෙන ගියාට පස්සේ දොඩම්පේ ගණිතයා මාත් එක්ක තරහෙන් ඉඳලා තියෙන්නේ . මල්වතී දේවිය අකාලයේ මැරුණට පස්සේ මම මැදගොඩ දේවාලය හැදෙව්වේ මල්වතී දේවිය වෙනුවෙන් .

මගේම වැරදි නිසා තමයි දොඩම්පේ ගණිතයා මට විෂ බැන්දේ . මම දන්නවා මම වැරදියි කියලා . ඒ නිසා මම මරණින් පස්සේ දොඩම්පේ ගණිතයාගේ පවුලෙන්වත් පලි ගත්තේ නැහැ . මම දැන් පත්තිනි දේවතාවිය යටතේ ඉන්න දෙවි කෙනෙක් . කබුළුමුල්ල දේවාලය , මැදගොඩ දේවාලය කියන දේවාල දෙකට මගේ බැල්ම කොයිවෙලෙත් තියෙනවා . ඒ දේවාල වලට එන අයව මම ආරක්ෂා කරනවා . නාග වෛරෝඩිය මනුෂ්‍ය වාසයෙන් ඈත් කරන්න ඕන නිසයි මම අරනොලිස්ව හොයාගෙන ආවේ .

සියාතු හමුවෙන්න මම ගියේ නැහැ . ඒ නිසා සියාතුගෙන් මේ ගැන අහන්න උවමනා නැහැ . මේ නිධන් වදුල තියෙන තැන දැන් නිධානය නැති නිසා අනාගතයේ ගැටළුවක් වෙන්නේ නැහැ . අරනොලිස් මේ නිධන් වදුල තියාගන්න මේ කරපු දේ මතක් වෙන්න . ආයේ කවදාවත් මෙතනට එන්න එපා . මොකද මෙතන ආරක්ෂා කරන්න මම මගේ සේනාව යොදවනවා . කලින් වතාවේ තදබල ගුරුකම් කරලා තමයි බන්ධන කඩලා දාලා නාග වෛරෝඩිය ඒ අය එළියට ගත්තේ .

ඒ දේ සිද්ද උනේ මේ නිධන් වදුලේ ඕන කරන මන්තර තියෙන නිසා . දැන් ඒ බන්ධන වෙනස් වෙලා තියෙන නිසා ඒවා කඩන්න කාටවත් පුළුවන් වෙන එකක් නැහැ . මම දැන් මෙතනින් පිටත් වෙලා යනවා . ඔය දෙන්නට මගේ බැල්ම හැමදාටම තියෙනවා . ඕනෑම වෙලාවක මගෙන් උදව්වක් ඕන නම් ගනේගොඩ දෙවියෝ මතක් කරන්න . ඒ වෙලාවේම මම එතනට එනවා . ඕන දේ සිහිපත් කරන්න මම ඒක ඉෂ්ට කරලා දෙන්නම් . හදිස්සියෙවත් මාව අඳුරගනියි කියලා හිතලා මම ඔය දෙන්නට අඳුන ගැන අමතක කෙරෙව්වා . මේ තියෙන්නේ වලව්වේ තිබ්බ අඳුන . මේකට මගෙන් කිසිම අතුරු ආන්තරාවක් උනේ නෑ . මෙන්න අඳුන භාරගන්න අරනෝලිස් . එහෙනම් අරනෝලිස් . මම පිටත් වෙනවා . මම තමයි පළවෙනි රාජසිංහ රජතුමා වෙලා හිටපු ටිකිරි කුමාරයා "

විසඳා ගැනීමට නොහැකි ප්‍රශ්න රාශියක් අපට ඉතිරි කරවා අනුර අයියා නමින් මනුෂ්‍ය වෙසින් ආ ගනේගොඩ දෙවියන් එකවරම අපට ආචාර කර අතුරුදහන් විය . අප අතරේද මනුෂ්‍යයින් ලෙස පෙනී සිටින දෙවියන් සිටින්නට බැරි නැත .

කොටස් නවයක් පුරාවට දිවආ මලයාල නාග වෛරෝඩිය මෙසේ සමාප්ත කරමි . 

පලි : 
ඔන්න කතාව ඉවර කරා එහෙනම් . මේ කතාව ලියන්න හේතු භූත උනේ මෙන්න මෙහෙම සිදු වීමක් . මම ධර්මාචාර්ය විභාගය ලිව්වේ 2013 වෙන්න ඕන මතක හැටියට . විභාගය ලියන්න යන දවස් කීපයේ මට අඳුනන්නේ නැති යාළුවෙක් මුණගැහුනා විභාගය ලියන්න ආව , විභාගය පටන්ගන්නකල් ඉන්න කෙනක් . ඒ ළමයා සීතාවක රාජධානියේ මානියම්ගම රජමහා විහාරය තියෙන පැත්තේ කෙනෙක් . මම ඇහුවා මචං උඹ කොහෙද කියලා . පස්සේ ඒ ළමයා කිව්වා මම මානියම්ගම කියලා . 

මම ඊට පස්සේ මානියම්ගම මානියම්ගම කිය කිය කල්පනා කර කර ඉඳලා ඇහුවා මට මානියම්ගම හොඳට අහලා පුරුදුයි මතක් වෙන්නේ නෑ කියලා . පස්සේ ඒ ළමයා කිව්වා මානියම්ගම රාජමහා විහාරය නිසා තමයි අහලා ඇත්තේ කියලා . ඊට පස්සේ මටත් මතක් උනා මේ රජමහා විහාරය ගැන . පස්සේ අපි සීතාවක රාජධානිය ගැන ගොඩක් විස්තර කතා උනා . ඒ ළමයා තමයි මට කිව්වේ මෙන්න මෙහෙම ශාපයක් තියෙනවා කියලා කතාවක් අහලා තියෙනවා කියලා . ඒ අනුව තමයි මම ජනශ්‍රුති අල්ලලාම කතාව ගොඩනැගුවේ . 

සංඛපාල විහාරයේ උඩ මළුවට මම ඉස්සෙල්ලම ගියේ 2015 12 27 . එදා අපි වටෙන් ගිහින් කන්ද උඩට යන්න ට්‍රයි කරා . ඒත් යන්න බෑ . ඔක්කොම ගල් පර්වත වලින් පාරවල් ඇහිරිලා . ඒ නිසා අපි මගට ගිහින් ආයෙත් ආවා . එතන තියෙන ගල් පර්වත ඔක්කොම වගේ මැදින් පැලිලා දෙබෑ වෙලා තියෙන්නේ . ඒ වෙලාවේ තමයි මම හිතුවේ ධර්මාචාර්ය විභාගයෙන් පටන් අරගෙන සංඛපාල විහාරයෙන් කතාව නවත්තන්න ඕන කියලා . ඔන්න ඔහොමයි කතාව හැදුනේ. ඒ නිසා සංඛපාල කන්දේ ගල් අතගගා බලන්න තරම් කවුරුවත් මෝඩ වෙන එකක් නෑ කියලා මම විශ්වාස කරනවා . 

අනුර අයියා කවුද කියලා එක්කෙනෙක් තමයි හරියටම ගෙස් කරලා කමෙන්ට් එකක් දාලා තිබ්බේ . තවත් අය ගෙස් කරන්න ඇති . ඒ ගෙස් කරපු කෙනාට මම කමෙන්ට් කරා මේ කොටස කියවන්න කියලා . කියෙව්වද දන්නේ නෑ . 

එහෙනම් ආයෙත් කතාවකින් හම්බෙමු . මලයාල නාග වෛරෝඩිය එක්ක මෙච්චර කාලයක් රැදී හිටියට ස්තූති . මේ කතානම් ළඟකදී ලියවෙන්නේ නෑ . ආයෙත් මියැසියේ රසකතා සංගීතයෙන් පුරවන්න තමයි මම හිතාගෙන ඉන්නේ . ඒත් ආයෙත් යක්කු භූතයෝ මියැසියේ රසකතා වලට එයි . එතකල් මියැසියේ රසකතා එක්ක රැදී ඉන්න . 



මේ තියෙන්නේ මැදගොඩ පත්තිනි දේවාලය





තෙද වරම් පස්වාන් දහසකට බුදුවන්ඩ සිද්ද පත්තිනි දේව මාතවුනි.තවද මෙලොව සත්වාරයක් පහල වූ හෙයින් සත් පත්තිනි යන නමින් ප්‍රසිද්ද වන ඔබ දිව්යාන්ගනාවුන් වහන්සේ දෙමට මලෙන් නයි කඳුලෙන් ගිනි ජාලාවෙන් පිනි බින්දුවෙන් සිනා රැල්ලෙන් මවිත අඹෙන් මෙසේ සත් වාරයක් ලොව පහල වූ සත් පත්ත්තිනි දිව්යාන්ගනාවුන් වහන්ස.සුර ලොවින් අසුර ලොවට වරම් ලබා අසුර ලොවින් නාග ලොවට වරම් ලබා නාග මානවිකාවන් දසදහසක් පිරිවරා පුන්කලසක් ශ්‍රී හස්තයෙන් දරාගෙන පිහිටි දිව්‍ය මන්දිරාමානව නවගමුව හිමි දේවාලයට අධිගෘහිතව වැඩ වසන සිද්ද පත්තිනි දිව්යානගනාවුන් වහන්ස.ඔබ වහන්සේගේ දිව්‍යනුභව සිඳලමියි සිතා සක්‍ර දිව්‍ය රාජයෝ සුරලොවින් සතර පැත්ත කපා අට බොරදන් ගා එවූ මල කොස් කණුව පොරකවුලා දළු ඇද තුන් දුමාව පලගන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑවිනම් පරංගි සමයක් කාරයන්ගේ යුද්දය තුන් මාසයක් කල්තියා දැනගෙන නවගමුව දේවාලයෙන් රුවන් සළඹ සත් නමක් මැදගොඩ ඇල්ලට ඇලිකිඹුලෙක් පිටෙහි වැඩමවා මැදගොඩ ඇල්ලෙහි කෙලිපුද ගන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑවිනම් තවද ඔබ වහන්සේ අන්දුන්ගිරි පර්වතේ තපස් රකිනවා දැක සක්‍ර දිව්‍ය රාජයා මහලු වෙස්ගෙන අන්දුන්ගිරි පර්වතයට වැඩ නැගෙනියනි මට දානයක් දෙන්නයි කියූ තැනේදී කුමන දානයක්දයි අසු තැනේදී අන්දුන්ගිර පයින් පාගා මඩකර දියෙන් ගිනිගෙන බොජුන් තනා දෙන්නයි කිව තැනේදී අන්දුන්ගිර පාගා මඩකර සුවඳ ඇල් වි ඉස පැලකොට ගොයම් කපා වී කොටා පොලා දියෙන් ගිනි මොලවා සත් පැයෙන් දානය දී හමාර කර මතු බුදු වන්ඩ ප්‍රර්ථනා කර සක්‍ර දිවය රාජයාගේ ආනුභාවයෙන් පඬිපුර අඹ ගෙඩියෙහි පිළිසිඳ පඬි රජුගේ තුන් නෙතින් නළලෙහි නෙත මැකෙන්ඩ වරම් දුන්නා සත්‍ය වාදී සැබෑවිනම් තවද ස්වාමී පාලඟ මැරූ පඩිරජුගේ මාලිගාවට වැඩම කරවා තමා රක්ශාකල පතිදම් ශිලයෙන් වම තනය ඉරා ගලවා මාලිගාවෙහි පොලවේ ගසා පඬි රට ගිනිගන්නට සාප කල හෙයින් පඬිරට එක පෑමුක්කාලෙන් ගිනිගෙන අළු දුලි වන්නට වරම් දුන්නා සත්‍ය වාදී සැබෑවිනම් නම් සියලු ආතුරයින් ආරක්ෂා කර දෙන්නට දැන වදාරා නවගමුව දිව්‍ය මන්දිරයෙහි චිරාත් කාලයක් වැඩවසමින් ලංකාද්වීපය දිව නෙතින් බලා වදාරන්නට සමා වෙනවයි ඔබ කිර්ති පස්වාන් දහසකට ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා......!



ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

3 comments:

  1. පරණ නම නවගමුවද? නාගොමුවද? වී ඩී ද ලැනරෝල්ගේ පොතක තියෙන්නෙ නාගොමුව කියලා. තාමත් නාගස් ගොමුවක් නම් තියනවා

    ReplyDelete
    Replies
    1. මටනම් ඒ සම්බන්ධව පැහැදිළි අදහසක් නැහැ මිත්‍රයා . අපි හොයලා බලමු .

      Delete
  2. සියල්ල කියෙව්වා . අපූරුයි .

    ReplyDelete