ආලෝක විද්‍යාව සහ මැණික් භාවිතය ( 2 )







කියන ලිපියෙන් අපි සවිස්තරාත්මකව මැණික් භාවිතයට ගැනීම සම්බන්ධව යම් අදහසක් ලබාගත්තා . අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ මැණික් භාවිතය කිරීම සඳහා මැණික් ගල්වල කැපුමේ ස්වභාවය කොහොමද අපි ජ්‍යෝතිෂ විද්‍යාව අනුව භාවිතා කරන්නේ කියලා . ගොඩක් වෙලාවට අපල වලට මෙන්න මේ මැණික දාන්න කියලා කිව්වට සමහර අවස්ථා වලදී මැණික් ගලේ cut එක ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති නිසා සමහරුන් වැරදි cut සහිත මැණික් ගල් දාගෙන කරදරයට පත් වෙනවා . ඒ ප්‍රශ්නය ජ්‍යෝතිෂ ඇසින් කොහොමද නිරාකරණය කරගන්නේ කියලා තමයි මේ ලිපියෙන් යම් තරමකට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ .





ග්‍රහයින්ගේ ස්වභාවය විස්තර කරනකොට ඒ ග්‍රහයින්ගේ බලවත් වීම හා දුබල වීම කියන කාරණා සරළව විග්‍රහ කරන්න මෙන්න මේ ක්‍රමයට ග්‍රහ බල තත්ව වෙන් කරලා තියෙනවා . ඒ අනුව තමයි මූලිකවම තීරණය කරන්නේ මේ ග්‍රහයා ඉන්නේ බලවත් වෙලාද නැත්ද කියලා . ඊට පස්සේ මේ ග්‍රහයින්ගේ යෝග , සංයෝග , දෘෂ්ටි වගේ ඉතාමත් සංකීර්ණ තත්ත්ව අනුව පරීක්ෂා කෙරෙනවා ඒ ඒ ග්‍රහයින් සුබ පල ද අසුබ පලද ලබාදෙන්නේ කියලා . දසා , අන්තර් දසා , විදසා , සූක්‍ෂම දසා , ප්‍රාණ දසා විදියට සැලකෙන දසා ක්‍රමයත් කලින් දක්වපු ග්‍රහ තත්ව බලවත් වීමත් සහ ග්‍රහ චාරයත් අනුව අවසානයේ නිගමනය කරන්න පුළුවන් ඒ ඒ ග්‍රහයින් සුබ පලද ලබාදෙන්නේ සහ අසුබ පලද ලබාදෙන්නේ කියලා .

ඒ සිද්ධාන්ත මත තමයි අවසානයේ මේ ග්‍රහයාගෙන් අපලයි . මේ ග්‍රහයා නම් හොඳයි කියලා කියන්නේ . මෙහෙම ලේසියෙන් සරළව මේ කතාව විග්‍රහ කරත් ජ්‍යෝතිෂ විද්‍යාවේ කියලා අවසානයක් කරන්න බැරි තරම් යම් යම් සියුම් සිද්ධාන්ත තියෙනවා පරීක්ෂා කිරීමේදී සැලකිල්ලට ගන්න පුළුවන් දේවල් . ඒ සියල්ලෙන්ම වැඩි ප්‍රමාණයක් කැටි කරගත් පුද්ගලයා දක්ෂ ජ්‍යෝතිෂ වේදියෙක් වෙනවා වගේම තමයි මැණික් ගල් පැළඳවීම සම්බන්ධව ඒ වගේ ජ්‍යෝතිෂ වේදියෙකුගේ නියම කිරීමත් වෙන්නේ . ඒ අනුව ග්‍රහ බල තත්ව වෙනස් කිරීමේ ප්‍රධානම ක්‍රම කීපයක් අපිට මැණික් ගල් භාවිතා කරලා කරන්න පුළුවන් .

එකක් තමයි කේන්දරේ ඉතාමත් බලවත් සුබ පල දෙන ග්‍රහයාගේ බලය තවත් වැඩි කරගැනීම . මේ බලය වැඩි කරගැනීම සඳහා යම් යම් හේතු කාරණා තියෙන්න පුළුවන් . එකක් තමයි චාරයෙන් ග්‍රහයා දුර්වල වීම . අනිත් කාරණාව තමයි ග්‍රහයාට අසුබ දෘෂ්ටි වැටීම . එහෙමත් නැත්නම් අස්ත වීම . මේ තත්ව වලදී ග්‍රහයාගේ බලවත් භාවය තවත් වැඩි කරගෙන තමන්ගේ ශරීරයට සහ විඥ්ඥානයට ඒ ග්‍රහයාගේ සුබ දායක තත්ව වැඩි කරගැනීම වෙනුවෙන් මැණික් දාන්න පුළුවන් .

කේන්දරේ දුර්වල ඒත් සුබ පල ලබාදෙන ග්‍රහයෙකුගේ බලවත් කරගැනීම වෙනුවෙන් මැණික් පළඳින්න පුළුවන් . ඒ වෙනුවෙන් ග්‍රහයාගේ කිරණ ශරීරයට වැඩි වැඩියෙන් ඇතුළු කරගැනීමක් තමයි අවශ්‍ය වෙන්නේ . මැණික් ගලේ cut එක හරියාකාරව හදලා ඒ විදියට මැණික් ගල් පළඳින්න පුළුවන් .

සතුරුවීම හෝ බලවත් වීම හෝ දුර්වල වීම නිසා අසුබ පල දෙන යම් ග්‍රහයෙකුගේ බලය අඩු කරලා දාන්න හෝ තව දුරටත් අඩු කරන්න මැණික් පළඳින්නත් පුළුවන් . එතකොට ඒ ග්‍රහයාගේ බලය දුර්වල වෙලා ගිහින් අපල තත්ව අඩුවෙලා තමන්ගේ සුබ සිද්ධිය ඇතිකරගන්න පුළුවන් .

මේ වගේ සරළව විසඳෙන ප්‍රශ්න සහ කේන්දරේ පරීක්ෂා කිරීමේදී සංකීර්ණ අවස්ථා දක්වා විහිදිලා යන යම් යම් ප්‍රශ්න සඳහා මැණික් ගල් භාවිතා කරන්න පුළුවන් . ඒ අනුව භාවිතා කෙරෙන ප්‍රධාන මැණික් කැපුම් හැඩ තුනක් තියෙනවා . ඒවා තමයි Ideal Cut , Shallow Cut සහ Deep Cut කියලා හඳුන්වන්නේ .






Ideal Cut 

මේ කැපුමෙන් කිරණ උරාගෙන ශරීරයට ඇතුල් කරන්නේ නැතුවම පිට කිරීමක් කරනවා . ඒ නිසා අසුබ පල ලබාදෙන ග්‍රහයින්ගේ කිරණ වැඩි ප්‍රමාණයක් ශරීරයට ඇතුළු නොවීම ඉවත් කිරීම නිසා ග්‍රහයාගේ බලපෑමෙන් ශරීරය ආරක්ෂා වෙනවා .

Shallow Cut සහ Deep Cut කියන කැපුම් දෙකේදීම ශරීරයට කිරණ ඇතුළු වීම වෙනවා . ඒත් ඒ කිරණ ඇතුළු වෙන්නේ ආකාර දෙකකට .


Shallow Cut

ග්‍රහයාගේ කිරණ ශරීරයට ඇතුළු කිරීම වඩාත් වැඩි කරන්න තමයි මේ කැපුම සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ . ග්‍රහයින් අස්ථ වීම , දෘෂ්ටි නිසා දුර්වල වීම වගේ දේවල් නිසා ග්‍රහ කිරණ දුර්වල නම් ඒ දුර්වල වීම අඩු කරලා වැඩියෙන් ග්‍රහ කිරණ ශරීරයට ඇතුළු කරන්න තමයි මේ කැපුම යොදාගන්නේ .


Deep Cut

මැණික් ගලේ තියෙන රසායනික ගුණය හරහා නැවත නැවතත් ගමන් කිරීමෙන් කිරණ ශෝධනයකට ලක්වීමක් මේ කැපුමේදී සිදුවෙනවා . ඒ කිරණ වලින් ග්‍රහයාගේ සුබ පල ලබා දීමක් තමයි වැඩියෙන්ම සිදු කෙරෙන්නේ .


මෙන්න මේ ප්‍රධාන කැපුම් ක්‍රම පරීක්ෂා කරලා මැණික් ගල් කප්පවලා තමයි පළඳිනවානම් පළඳින්න ඕන . නිකං මැණික් දානවා කියන්නේ සමහරවිට මරණයට අතවැනීමක් පවා වෙන්න පුළුවන් . ඒ නිසා මැණික් කියන දේ සෙල්ලමකට ගන්න එපා . මැණික් පළඳිනවානම් දෙතුන් වතාවක් හිතලා බලලා පරීක්ෂා කරවලා තමයි මැණික් පළඳින්න ඕන .


තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment