කළු කුමාර වෛරෝඩිය ( 5 ) අවසාන කොටස






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි

 පසුගිය කොටසින්

ඕන් ඉරගුරළු ශක්ක්‍රම් දිවගුරළු ශක්ක්‍රාම් සුරිය ශක්ක්‍රාම් කවිචි ගිනි ශක්ක්‍රාම් විර පත්ත්‍ර ගිනි ශක්ක්‍රාම් ගිඩි ගිඩි ශක්ක්‍රාම් විෂ්නු කවිචි ගිනි ශක්ක්‍රාම් ගිනි ශක්ක්‍රාම් කුඹාධාරනී හර හර කල්ලූශර ගිනි ගිනි විත සෙල්ලූම්.
ඕන් හ්‍රීන් අරුවලවු යෙල් සිවා සිවා කායුම් මුරි මුරිනේ යුම් ඇරි ඇරි කොඩාගුරු යුම්පෙපෙන් ගිනි ගිනි වා වා පුඩි පුඩි පුඩිබානුම් ඉරි ඉරි තුඩ වොනුම් ජලතුඩා වෙර කාලිම්ත සෙල්ලූම් කොයිරාඩි වයිරෙවට කාලි නමඃ

නමුත් මන්තර මතුරන විට දිෂ්ටිය ඉවත්ව ගියද මන්තර නතරකරන විටම දිෂ්ටිය නැවතත් පැමිණ ඇය පරල වීමට පටන් ගනී .

මම කරකියාගත දෙයක් නැතිව බලා සිටියෙමි .

" උඹේ මුණුබුරාට කියපන් පරිස්සම් වෙලා ඉන්න කියලා "
" උඹේ මුණුබුරාට කියපන් පරිස්සම් වෙලා ඉන්න කියලා "
" උඹේ මුණුබුරාට කියපන් පරිස්සම් වෙලා ඉන්න කියලා "

මාගේ සිතේ නැවත නැවත මතුවූයේ මෙම වචන කීපයයි .

අද එතැන් සිට





ඔහු ඔහුගේ වියරුව නැවත පිට කරන්නේ අපගේ පවුලෙන් විය යුතුය . සඳමලීත් මමත් පිලිබඳ දැන් මුළු ගමම දනී . සීයාට ගුරුකම් කර පිරිමසන්නට බැරි බව කවුරුත් දනී . ඒ නිසා විය යුතුය සඳමලීගේ මාර්ගයෙන් මාගෙන් පලි ගැනීමට සැරසෙන්නේ . සීයාගේ පෙළපත ගැන දන්නා කිසිවෙක් සාමාන්‍යයෙන් සීයාගෙන් පලි ගන්නට තියා සීයාගේ අහලකටවත් එන්නට දෙවාරයක් සිතයි . මොහුගේ මෝඩකමට කලයුත්තේ කුමක්ද කියා සිතාගත නොහැක . මම මෙය ලේසියෙන් අත්නොහරිමි . සීයා සඳමලී නංගිගේ නළලට අත තබාගෙන තවමත් මතුරමින් සිටියි . 

" සීයේ " 

සීයා මට කතා කරන්නට එපා යයි අතින් සංඥා කළේය . මම නැවතත් කරබාගෙන සිටියෙමි . සීයා මන්තරය මතුරා අවසන් වත්ම ඇය පරල වෙයි . සීයා මන්තරය නතර කිරීමට කැමැත්තක් නැත . ඇප නූල් දමා යකා මෙල්ල කිරීමට පුළුවන් නම් සීයා මේ වන විටත් ඇප නූල් බැඳ ඇය තරමක් දුරට හෝ සුවපත් කිරීමට කටයුතු යොදයි . කෙසේ හෝ වතාවක් සීයා මන්තර මැතිරීම නතර කළේය . 

" චූටි පුතේ . මේ ගුරුකම කපන්න වෙනවා . පුතා මෙතනට වෙලා මන්තර මතුර මතුර ඉන්න . මේක අදම කරන්න වෙනවා . ඒ නිසා මම වලව්වට ගිහින් ඕනා කරන දේවල් ලෑස්ති කරගෙන එන්නම් . මේක ආපිට කපන්න ඕන . කරපු එකා කවුරු උනත් . අංජනම මම මෙහට අරගෙන එන්නම් . මෙහේදී අංජනම ඇරලා බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා " 

" හා සීයේ . එසේ කියා සීයා එතනින් ඉවත් වෙත්ම මම සඳමලී නංගි සිටින ඇඳ මත හිඳගෙන සීයා මැතිරූ මන්තරය මතුරන්නට පටන් ගත්තෙමි " 

ඕන් භුතානා හා භුන්ජෙතුමා ලා තොඩා දෙහො කලි නොඩා ජලි රජ බාහුන් ශ්‍රී ජාලාහලබාහෙජා ලඩිහරි හ්‍රීස් තොඩා ජාකාජාලරෙහි ලල්මි සිවිසි ජෙතා වුහි ගිනි ගිනි වාඩිතා විර ජා සෙල්ලම්.
ඕන් පුල්ඩිමාරා දොහොම් විසනු භාරෙසු කඩි අකිලාඩි හො ජලා හෙඃ ස්මිල්ලා නොතවි තල්ල හෙහෙස් අල්ල හත්ති ජටා දෙහොස්ලා හොජාලා හෙ හෙස්කි හන්ති දෙදෙස් අරා දෙහෙස් තුකි ජල හො පෙස ගිනි ගිනි සෙල්ලූම්.
ඕන් හරනර පුරකදිර නාරායනේ ඉරි ඉරින්දු පෙස ගිනි කාලි සෙගු සෙගු බනු බනු ගිනි හිර මුලජ්ලාඩීගිඩි ශැර කාවාප්‍රොරදෙස් දිල පිලලි බාහෙස්.
කල්ලූ ප්‍රදෙස් හර හර හර්‍ලලාඩි ගිනි ගිනි අලගු සෙල්ලූම්.
ඕන් ප්‍රොන් ජෙස්සං ක්‍රාව්ග්‍රෙන්ස්‍රෝන් බ්‍රහොස් ක්‍රන්තු හෙස් ජරංහෙන් තු ශොනක්‍රොන් හෙ හෙස් හ්‍රීන් ප්‍රොන්තු දෙඩෙස්දොන් දොන්තු අක්‍රාමිදෝස් හොරාත් තුජක්ක්‍රාම් ශ්‍රෝන්තු බාහෙස් ඉංක්ක්‍රාත් ශ්‍රෝංක්‍රෝබාහෙස් ගිනි ගිනි අලගු සෙල්ලූම්.
ඕන් ඉරගුරළු ශක්ක්‍රම් දිවගුරළු ශක්ක්‍රාම් සුරිය ශක්ක්‍රාම් කවිචි ගිනි ශක්ක්‍රාම් විර පත්ත්‍ර ගිනි ශක්ක්‍රාම් ගිඩි ගිඩි ශක්ක්‍රාම් විෂ්නු කවිචි ගිනි ශක්ක්‍රාම් ගිනි ශක්ක්‍රාම් කුඹාධාරනී හර හර කල්ලූශර ගිනි ගිනි විත සෙල්ලූම්.
ඕන් හ්‍රීන් අරුවලවු යෙල් සිවා සිවා කායුම් මුරි මුරිනේ යුම් ඇරි ඇරි කොඩාගුරු යුම්පෙපෙන් ගිනි ගිනි වා වා පුඩි පුඩි පුඩිබානුම් ඉරි ඉරි තුඩ වොනුම් ජලතුඩා වෙර කාලිම්ත සෙල්ලූම් කොයිරාඩි වයිරෙවට කාලි නමඃ

මන්ත්‍රය මතුරන විට ඇය නාසීන් කටින් සෙම දැමීමත් වෙවිලීමත් නතරකර ඔහේ බලාගත් අතම බලාගෙන සිටී . එහෙත් මන්තර නවතන විටම නැවතත් වෙවෙලීම අරඹා මද වෙලාවකින් සෙම දැමීම ආරම්භ කරයි . මම ඇයගේ නළලට අත තබාගෙන නොනවත්වාම මන්තර මතුරමින් වෙන්නේ කුමක්දැයි බලාගෙන සිටියෙමි . 

වෙද සීයාත් , සීයාත් වෙද ගෙදර සාලයේ සාකච්ඡා කරමින් සිටින්නේ මීළඟට කරන්නේ කුමක්ද කියාය . 

" වෙද මල්ලියේ . අර බෙර ගහන බෙරගලලා ඉන්න දිහාව දන්නෙවා නේද . වෙද ගෙදර කරත්තේ එහාට යවන්න පුළුවන්ද බෙරගලව  මෙහාට එක්කගෙන එන්න කියලා ? " 

" හොඳමයි අරනෝලිස් අයියේ . මේ අපේ කෙල්ලට මොකක්ද වෙලා තියෙන්නේ ? " 





" මමනම් හිතන්නේ විනයක් කරලා . ඔය අපේ චූටි පුතා එක්ක තිබ්බ තරහකට නෙවෙයි . මගෙත් එක්ක තිබ්බ තරහකට තමයි ඔය කරේ . මම මේක ලේසියෙන් අතාරින්නෙ නැහැ . අනිත් එක මාත් එක්ක තරහක් තියෙනවනම් මේ කොහෙවත් ඉන්න අයගෙන් පළිගන්නේ නැතිව කෙලින්ම මගෙන් පලිගන්න ඕන . මේ මිනිස්සු මේ ගමට රටට මහ විනයක් . ඒ නිසා හදපු වදපු උන්ටත් උන ගැනෙන්න එක්ක මම මේක කපනවා . ජීවිතේ නැතිවුණත් මම මේක අතාරින්නෙ නැහැ . ගුණමකු එවුන් . මම දන්නවා ඕක කවුද කරේ කියලා . " 

" මම දන්නේ නෑ අරනෝලිස් අයියේ . මගේ වෙදකම් නම් මෙතන අහන්නේ නැහැ කියලා මම දන්නවා . ඒ නිසා අරනෝලිස් අයියා හොඳ දෙයක් බලලා කරන්න " 

" ,මල්ලියේ . මෙහේ කයිල වැල් එහෙම තියෙනවද ? " 

" වත්ත පහල තිබුණා මතකයි " 

" එහෙනම් මට රියන් දෙක දෙක විතර දිග තියෙන කයිලවැල් පටවල් නවයක් ගෙනැල්ලා තියන්න . තව ඕනා කරන දේවල් මම වලව්වෙන් අරගෙන එන්නම් . මම දැන් පිටත් වෙනවා . චූටි පුතා කෙල්ලගේ ආරස්සාවට එතන මම තියලා යනවා . ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ " 

" හොඳයි අරනෝලිස් අයියේ " 

සීයා වෙද ගෙදරින් ඉවත්ව ගියේය . මම තවමත් මන්තර මතුරමින් සඳමලී නංගිගේ ඇඳ මත හිඳගෙන සිටී . ඇයගේ මවද පසෙකින් හිඳගෙන සිදුවන්නේ කුමක්දැයි බලාගෙන සිටී . වෙද ගෙදර සියල්ලෝම දැන් බලාපොරොත්තු තබාගෙන සිටින්නේ සීයාගේත් මගේත් මන්ත්‍රය මත පමණි . වෙද සීයා , සීයා කියූ අන්දමට කරත්තය පිටත් කර හැරියේ බෙරගල මාමා කැඳවාගෙන ඒමටය . දැන් වේලාව රාත්‍රී දහයට පමණටවත් වන්නට ඇත . මම වෙදගෙදරට දිව එන විට සවස හතට පමණ කිට්ටු වී තිබිණි . බෙරගල මාමා අවදියෙන් සිටිනවාද දන්නේ නැත . ඒ නැතත් ඔහු ගෙදර ඉන්නවාද නැත්ද කියා දන්නේවත් නැත . සිටියොත් හොඳය . 

පැය දෙකක් පමණ මන්තර මතුරනවිට මටද දරාගත නොහැකි තෙහෙට්ටුවක් දැනෙන්නට විය . එහෙත් මන්ත්‍රය නතර කිරීමට නොහැක  . එසේ නතර කරනවානම් ඇය පරල වේ . එසේ වීමට ඉඩ දී මට මන්ත්‍රය නතරකිරීමට නොහැක .

පැය දෙකක් පමණ ගතවනවිට සීයාත් බෙරගල මාමාත් වෙද ගෙදරට පැමිණියහ . තවත් ස්වල්ප වේලාවකින් වෙද ගෙදරම පුළුටු බැදෙන සුවඳකින් වෙලී ගියේය . සීයා යක්ෂ දිෂ්ටි ගෙන්වාම මෙය කැපීමට සූදානම් වනවා විය යුතුය . සීයාට මෙතෙක් කල් නොලැබුණු අභෝයෝගය සීයා කෙසේ භාරගනියිද කියා සිතා ගත නොහැක . නමුත් සීයාට කේන්ති ගොස් ඇති බවනම් මා හොඳාකාරවම දනී .





මාත් සමග තිබෙන කේන්තියට ඇයගෙන් පළිගන්නේ ඇයිදැයි මට තවම සිතාගත් නොහැක . මිනිසෙකුට රිදවීමට ඇති හොඳම ක්‍රමය නම් ඔහු සමග වඩාත් තද බැඳීමක් ඇති කෙනෙකුට හතුරුකම් කිරීමයි . මේ සිදුකර තිබෙන්නේද එවැන්නකි . සීයා තවමත් විනය කැපීමට සූදානම් වේ . මද වෙලාවකින් සීයා කාමරයට පැමිණියේය . ඔහුගේ මුහුණ කෝපයෙන් රත් පහ ගැන්වී තිබිණි .

" චූටි පුතේ කෙල්ලව ඉස්සරහා ඉස්තෝප්පුවට එක්කගෙන යන්න ඕන . මේ ඇඳ , උළුවස්ස පටු නිසා එලියට ගන්නත් බැහැ . ඒ නිසා මේ ළමයාව උස්සගෙන ගියොත් තමයි හොඳ "

ඇයව තනිවම ඔසවාගනීම මා කළයුත්තක් නොවන බැවින් සඳමලී නංගිගේ පියාත් මමත් ඇයගේ මවත් ඇයව අල්ලා ඔසවාගත්හ .  අනතුරුව ඇයව ඉස්තෝප්පුවට රැගෙන ගොස් එහි එලා තිබෙන පැදුර මත තැබුවෙමු . එම මොහොතට පමණක් නැවතූ මන්ත්‍රය නිසා ඇය ටිකෙන් ටික පරල වන්නට වූයෙන් මා පැදුරේ හිඳ නැවතත් මන්ත්‍ර මැතිරීම ආරම්භ කලෙමි .

සීයා වෙදගෙදරින් සොයාගත් කයිලවැල් දරණු ආකාරයට රවුම් කරමින් වළලු සාදා සඳමලී නංගිගේ උරහිස් කකුල් බෙල්ල ඉන ආදී ස්ථාන වලට එම වළලු දමා විනය කැපීමට ඇයව සූදානම් කළේය .

" හා දැන් මන්තර මතුරන එක නවත්තන්න "

සීයා මාහට විධාන කළේය . සඳමලී නංගිට ආවේශ වූ යක්ෂයා ලත් ඇසිල්ලේ නැවතත් ක්‍රියාත්මක වී ඇයගේ පාලනය නැවතත් තමා සතු කරගත්තේය . ඒත් සමගම සීයා තමාගේ ගුරුකම ආරම්භ කළේය . සීයා ආපිට කපන ගුරුකම් ආරම්භ කරන්නේ කතරගම දෙවියන් වන්දනා කිරීමෙන් හා කතරගම දෙවියන්ට ආරාධනා කිරීමෙන්ය . පන්සිල් ගත් සීයා කතරගම දෙවියන්ට ආරාධනා කළේය .


කාචරාග්‍ර ගාමන්තර වාසභවන නිත්‍යං
ශ්‍රී ඝන ශාසන සංරක්‍ෂණ ලංකාදීපං
මයුර වාහනාරූඪ කන්ද දේව රාජං
ශ්‍රී විරාජ මාන පුෂ්ප ආසනං ප්‍රවිශ්ඨං

දීප දූප ගන්ධපුෂ්ප  තාම්බුලාදි වන්දනම්
ධ්‍යාන හෝම දාන යාච  නාදිකර්ම සේවිතං
පූජයාමි වාර වාර සෞඛ්‍ය ලාභ හේතුජං
ස්‌කන්ධ දේව රාජ පාද පද්මකං නමෝ තදා

ද්වාදශෛර්ය ගුණෝපලක්‌ ෂිතත් ගෘහිත මායුධං
ස්‌වර්ණ වර්ණ කෝ මයුර වාහනාහි රූඪපං
තුංග දේහ ස්‌වර්ණතාමු මිශ්‍රවර්ණ කොජවලං
තං කුමාර දේව රාජ පාද පත්ම තංනමෝ

සාධු! සාධු!! දොහොත් මුදුනේ තබා වැන්දෙම්, දෙපා වැන්දෙම්, ශ්‍රීමත් සිද්ධ තේජෝබල පරාක්‍රමාන්විත රණමයුර වාහනාරූඪව රක්‌තවර්ණ ශ්‍රී දේහයකින්ද · මුහුණු සයකින් · විචිත්‍ර නානාවිධ ආයුධ දොළසක්‌ අත් දොළොසේ දරා නිතර කන්දේ වැඩ වාසය කරන තෙද ඇති කතරගම දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස· කතරගමට කිරි වෙහෙරට, මැණික්‌ ගංගාවට, රුහුණු මාගම්පුරට, වැඩිහිටි කන්දට, මුන්නේශ්වරම් දේවාලයට, කැබලිත්තට යහතින් දිවැස්‌ලා බලා වැඩ වාසය කරන සිද්ධ ස්‌කන්ධ නාමෝපලක්‌ක්‍ෂිත කතරගම දෙවි මහා රාජෝත්තමයාණන් වහන්ස· ඔබදෙවි හාමුදුරුවන් වහන්සේට අත නගා අයෑද සිටින්නේ මැයට සිතින්, කයින්, භාරවීමකින්, අමතක වීමකින් මා අත යම් වරදක්‌ ඇතත්, ඔබ වහන්සේ සමා වී මා විසින් නමස්‌කාරයෙන් කියා සිටින අභිමතාර්ථයන් ඉෂ්ට කරදීමෙන්ද වැද පැමිණි සියලු දෝෂ ගසා දුරු කොට පිනට පිහිට වී පින් ගන්නා සේක්‌වා· ඔබ කීර්ති පස්‌වාන් දහසකට ආයුබොහෝ වේවා ආයුබොහෝ වේවා ආයුබොහෝ වේවා !!!!!

කතරගම දෙවියන්ට පහන පත්තුකළ සීයා මීළඟට හූනියම් දේවාරාධනාව කියා හූනියම් දෙවියන්ටද පහනක් පත්තු කළේය . දැන් තිබෙන්නේ අවශ්‍ය දිෂ්ටි ගෙන්වා ගැනීමයි . සීයා පළමුවෙන්ම රවීන්ද යමකාල දිෂ්ටිය ගෙන්වාගැනීමට මන්තර මැතිරුවේය . ඒත් සමගම සීයා සමග පැමිණි බෙරගල මාමා තමාගේ යක් බෙරය ර්ර්ර්ර්ර්ර්ර්ර්රූන් ගුගුඳ ගත ගදීගත ගුගුඳ ගුගුඳ ගදි ගදීගත යන හඬ නංවමින් මහා හයියෙන් වයන්නට විය . මේ බෙර හඬ ඇසෙත්ම අහල පහල නිවෙස්වල සිටින කීපදෙනෙක් වෙද ගෙදරට හුළු අතු පත්තු කරගෙන ආහ . සඳමලී නංගිට වී ඇති වින්නැහිය ඔවුන් දැනගත්තේ එවිටය . 

ඕං හ්‍රීං නමඃ ඕං හ්‍රීං හ්‍රීං රවි චන‍ද්‍ර යම කාල දේවතාවා පුර්‍වයම තඹකාරවරු දිෂ්ටි වර වර 
අග්නි යම සුර නාග මරු දිෂ්ටි වර වර 
යම්‍යා විජය යමරාජ පුලයෙන් දිෂ්ටි වර වර 
නෛර්ත්‍රය හ්‍රීං යමකාල දිෂ්ටි වර වර 
පංච විමවිභූභන යම දේවරාජයා දිෂ්ටි වර වර 
වාඝ්‍ර සිරම කාලන රාජ දිෂ්ටි වර වර 
සවුව්‍යරාජගුරු යම නන්ද කාල රාජයා දිෂ්ටි වර වර 
ඊසාන්‍ය වුන්ද්‍රා වෙමනායක යමකාල රාජයා දිෂ්ටි වර වර 
ආකාශ ඝණාතින්ද යමරජුරුවන්ගෙන් රාමයෙං ජවි ජවි පාතා ලද විබුසන කීලයට යමරජුරුවන්ගෙන් දිෂ්ටිරාමයෙන් ජවි ජවි පංචක්ෂරයට හ්‍රීං හ්‍රීං යමකාල දිෂ්ටි වර වර 
නැගි නැගී කිඩ කිඩ තිඩිත්‍රි චිදිරි හ්‍රීං හ්‍රීං චන්දං භූවි පුවර්ලා ලඩ නෛත්‍ය ණරයන යමකාල දේවතාවා පුර නත් කොණ්ඩු අෂ්ට යම දිෂ්ටි භූමිපාල දිෂ්ටි දිෂ්ටි හිරන්ද කාම බන්ධ හිර හිර විච්ජින්ත නෛර්ත්‍ය ලත් කොණ්ඩුතේ වර වර 
තේවින්ද ඉන්ද හර සුර රාම ස්‍රීං ස්‍රීං රං රං හුං හුං තේවින්ද නයියා රනේ මුකාල් කොත්තු සොළොස් දිග යමහීං රාජ රාජා නමෝ තේවින්ද නෛයාරනේ නමඃ

බලගතු ගුරුකම්වලට ආරාධනා කරන යාම දේවරාජයාට ආරාධනා කල පසු සීයා කළුකුමාරයා ගෙන්වීමට මන්ත්‍රය පිරුවේය .

 කළු කුමාර වෛරෝඩි වා වා නසී කොන්ඩු වාරුම් වර කළුකුමාර වෛරෝඩි හෙන ගිනි බන්ධන ඉඩහැරී එන්ඩ කළුකුමාර වෛරෝඩි වා අඩා වා................ ආකාශ වාරුන් පාතාල වාරුන් වර කළුකුමාර වෛරෝඩි වඩිග බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ..................... ඇසුර ගිනි රාක්ෂ සොහොන් කාලි අම්මා රාම ශර බන්ධන ඉඩහැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ............ සත් ඉර සත්දන්ත කපාල කොන්ඩු විෂ්ණු දළ කඩවර වර කළුකුමාර වෛරෝඩි පිල්ලි බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා....................... සිවාකා මේ කා කා වාරුන් වර කළුකුමාර වෛරෝඩි රාම බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ................ භාගිනි රාක්ෂයා වඩිග හඬ දැරූ ගිනි රාමයෙන් කළුකුමාර වෛරෝඩි තෙලිඟු බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ......................... කල්ලු ගිනි රාක්ෂ දේව ගිනි නීල රාක්ෂ කළුකුමාර වෛරෝඩි විෂ්ණු බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ........................ කයිරප්පාම් රාඩී වර කළුකුමාර වෛරෝඩි දෙවගිනි බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ............ දේව කාම ගුරුළු නීල කොන්ඩු වැරුම් වර කළුකුමාර වෛරෝඩි දේව බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ................... ගුරු පේසා හැර ගිනි වඩිග කොන්ඩු වැරුම් වර කළුකුමාර වෛරෝඩි ජාල බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ................. සූර්ය නීලා කොන්ඩු ප්පේසා සීසා කළුකුමාර වෛරෝඩි තාරුකා බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ...................... රන් ගිනි කුමාර අප්පොච්චී පාතාල නාග වාරුම් කළුකුමාර වෛරෝඩි චන්ද්‍ර බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා .................... කදිර වා පාතාල කළුකුමාර වෛරෝඩි ග්‍රහ බන්ධන පිපිරී ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා .............. 

කළුකුමාරයාට ආරාධනා කල පසු නොසිතු විරූ මොහොතක සීයා මන්ත්‍ර පුරන්නට පටන්ගත්තේ මාරයා ගෙන්වීමටය . සීයා මෙම ගුරුකම ආපිට කපනබව දැන් ප්‍රත්‍යක්ෂය . මාරයා ගෙන්වනවානම් මාරයාට කුකුල් ලේ ගොටුවක් කැපකළ යුතුය . සීයා ඒ සියල්ල පැය කීපයකදී සූදානම් කර තිබේ . 


බෙරගල මාමා බෙරයේ වේගය තව තවත් වැඩි කළේය . ඒත් සමගම වියරු වැටුණු සීයා මාරයාට රඟමඩලට ආරාධනා කළේය .

ඕන් ශ්‍රීනල් හරිහර රීරි ඔරු තන්නිරයුම් කීල කීලාඩි මරුකීල් මෙත්ත පොන්නාලයා අහසවලාකද සිදුරුකර දෙරණත පලාගෙන ගුවන්තල ඉරා පුල්ලේ මාරු උරුට්ටු මරුට ඔට්ටු මරුවා මාරු කීල සෙයිතාම් ගුරු නාරායන මාරු කීලේ එළියගත් මරු රීරි මස්සිනා වට කරකැවී ආරූඪපත්ම කවිලාසනේ කිලඹු කිලඹු කීල ධාරී රීරිප්පුල්ලේ ඉජ ඉජ දැරහබිලි වරන්ගත් මරුවා මාගේ මුහුණ බලා මාරු කීල දිෂ්ටි බලා වර වර නමඃ ඕන් අරුවාන තෙරිඩාල් මරුකීල මෙත්ත පොන්නාලයා තරඟ මා දෙයියා ගිනිසලා මණ්ඩලය දෙදරවා මැරුවේ පේසනී පේසලාඩී උරුවාල් අරුනුත්තු උග්‍ර සෙයිතාඟුරු වාරේ රීරි විල කළඹා ලේ මුහුද කලඹා ලේ මුහුදේ කිමිද එන් මරු රීරි මස්සිනේ දස අවතාර පෙන්නා වරෙන් වෙසමුණි දිෂ්ටියෙන් වරෙන්  සර්ව කෝවිල් බල බද්‍ර නාරායනේ කීල මාරු දිෂ්ටී වර වර නමඃ ඕන් නමෝ ලේ විලේ ලේ මල් දේසේ ලේ මල් කෝවිලේ වැඩ වාසස්ථානය කරන ලේ ඔරුවෙන් උපන් මාරු අවතාරලත් සොහොන් දන්ඩේ මාරු පොල්ලේ වරංගත් මාරු රීරි යක්ෂයා අවමන්ගල්ලේ යාලුවා මළකඳ බල සිටින අහස ගුවන්තල වෙඋල්ලා අමු සොහොනෙන් ඉගිල වර වර මේරු කීලේ එළිය බලා සෙයිගාඟුන් ගුරුවෙලාසනෙන් මාගේ නේත්‍ර දෙකට දස අවතාර පෙන්නා වරෙන් ආරුඩවාතෙරිඩාල් මැරුවේ සන්නි කරුවාල් කිං කිනියමාලයුන් කිරිංචිගං සුරගුරුළු ප්‍රාණ දිෂ්ටි රීරි අවතාර වර වර නමඃ කියා ඊශ්වර දෙවියෝ සත්විටක් මතුරා ගැසූ මාරු කීල දලපටියයි මං අද ගසන්නේ ගිණි කීල පන්දමේ එළියාගත් මාරු රීරි මස්සින එක් ශනෙන් අවතාර පෙන්නා මාවෙත විගස වර වර ඒස්වාහඃ 

සීයාට මරු දිෂ්ටියා ආවේශ විය . සීයාගේ දෑස් රතු පැහැයෙන් දිදුලන්නට වීමෙන් මම මරුදිෂ්ටිය ආ බව දැනගත්තෙමි . සඳමලී නංගි මන්තර මතුරන අතරවාරයේ තරමක් සංසුන්ව හිඳ නැවතත් වෙව්ලන්නට විය . ඇයගේ මවත් පියාත් ඇයව අල්ලාගෙන පැදුරේ හිඳ සිටී . මම දැන් සිටින්නේ සීයා අසලය . සීයා දෙහි ගෙඩියක් ගිරයේ තබා කළුකුමාර බන්ධන ආපිට කපායවන වහානුභාව සම්පන්න කළුකුමාර වෛරෝඩිය නමින් හැඳින්වෙන මන්ත්‍රය මතිරීම ආරම්භ කළේය . සීයා මාරු දිෂ්ටිය ඇඟට ගෙන කළුකුමාර වෛරෝඩිය මතුරයි . ඒ නිසා මෙම ගුරුකම කල ඇදුරා හෝ කරවූ පුද්ගලයා අනිවාර්යයයෙන්ම මරුවා විසින් තමාගේ වසඟයට ගන්නා බව නොරහසකි . සීයා ආපිට ගුරුකම් කපන්නේ කලාතුරකිනි . ඒත් මාරු දිෂ්ටිය රැගෙන ගුරුකම් ආපිට කැපූ කාලයක් මාහට මතක නැත . අද අපගේ ගුරුකුලයේ තීරණාත්මක දිනයකි . ගුරුකුලයට අභියෝග කල පුද්ගලයෙකුගේද තීරණාත්මක දවසකි . 

සීයා කළුකුමාර වෛරෝඩිය මතුරන්නට විය . 

..................... සෙයියාඩ පෙරිය ඉරික්ක සෙල්ලුම් තාන් තඩික්ක කළුකුමාර වා මෙත්ත ඉජ වාරේ නලල තම්බි වෛරෝඩි වාරේ සිව කර්ග්ග හස්ත ධරණී ඉගිල සුර නාරායනේ කළුකුමාර වෛරෝඩි වාවෙආ සිවන්ද පේස නීල වාරේ රාජ කළු කුමාර වෛරෝඩි වාවා කයියේඩ ඉජ ඉජ කළුවා ඉජ වාරේ ඉජ 
දේවින්ද නාරායනේ කළුකුමාර වෛරෝඩි ආපිට හැරී පලයන් විනකළ ඇදුරා බිලිගන් මරාගන් මාගේ රඟ මඩලට දිෂ්ටි හෙළා මරාගන් මා අත වරද නැත ගුරුන් අත වරද නැත ඕඩු ස්වාමියානේ ඕඩු ඕන් ගුරුළු හංස ධාරණී වින කන්ද ඕඩු ඕඩු ස්වාමියානේ ඕඩු කදිර රාම සුර වර අසුර වර කෛල උරුට්ටු කළුකුමාර තම්බිරානේ සුර රාජ වෛර වර වර ජහර ජහරක් වෛරෝඩි වාවා වින කන්ද උගුල්ලන් සීග්‍ර මරණ මරණ දිෂ්ටි ආපිට හැරී පලයන් සිවාකා මේකාකා තීන්දු තීන්දු කළුකුමාර වෛරෝඩි තීන්දු තීන්දු ඒස්වාහඃ .........................

ආදී වශයෙන් කළුකුමාර වෛරෝඩියේ අඩංගු සියලුම මන්තර මතුරමින් සීයා දෙහි කැපුවේය . අනතුරුව කයිල වැල් වළලු පළඳා තිබුණු සියලු සන්ධි වලටද සීයා දෙහි කපා එම වළලු ඉවත් කළේය . සඳමලී නංගිගේ සියලු දොස් නිවාරණය වූයේ අනතුරුවය . දැන් ඉර පායන්නටත් ළඟය . 

" සරණපාල . මේ මිදුල මැද ගිණි ගොඩක් ගහපං " 

සීයා සරණපාලට විධාන කළේය . ඔහු පොල්කටු දර කැබලි රැගෙනවිත් මිදුල මැද ගිනිගොඩක් මෙලෙව්වේය . සීයා තමාගේ ගුරුකමට ගත් සියලුම දේවල් ඇතුළුව කයිල වැල් නවපටද ගිනිගොඩට දමා අළු වී යනතුරු පිලිස්සුවේය . කොටින්ම කියනවානම් දෙහි ගෙඩි පවා අළු වී යනතුරු පිලිස්සුවේය . සීයා නැවතත් මාරු දිෂ්ටියෙන් ඈත්ව ප්‍රකෘති තත්ත්වයට ආවේ ඒ අතරතුරය . සඳමලී නංගිට දැන් සනීපය . මාගේ සිතටද මහත් සැනසිල්ලක් දැනේ . එහෙත් ගුරුන්නාන්සේ වලව්වට වින කල පුද්ගලයාට වන්නේ කුමක්ද ? . එය තවමත් විසදී නැත . වෙද ගෙදරට ආ අහල පහල උදවිය ගුරුකම බලා හිඳ නැවතත් නිවෙස් බලා ගියේ ඉර පෑයුවාටත් පසුවය . කතාව මේ වනවිට කමේ හැමතැනම පැතිර ගොස් ඇති බව ආයෙත් සිතන්නට දෙයක් නොවේ . 

" එහෙනම් දුවේ දැන් සනීපයි නේද ? . මොනවත් ඇඟට අමාරුවක් එහෙම තියෙනවද ? " 

" මට ඇඟට පණ නැහැ වගේ දැනෙනවා " 

සඳමලී නංගි ඒ වචන ගැටගහගත්තේ ඉතාමත් අමාරුවෙන්ය . ඇය තවමත් පැදුරේ හිඳ සිටී . 

" එහෙනම් කාමරේට ගිහින් ටිකක් හාන්සිවෙලා ඉන්න . වෙද මල්ලියේ . මේ දැරිවිට ඇඟට පන එන්න මොනවෙආ හරි දුන්න නම් හොඳයි . ගම්මාලු කිරි , එළකිරි එක්ක කලවම් කරලා දුන්න නම් ඇඟ පත පනගහලා එයි . මමත් දැන් වලව්වට යනවා " 

" බොහොම පිං අපේ කෙල්ලව සනීප කරාට අරනෝලිස් අයියේ " 

" උඹලගේ විතරක් නෙවෙයිනේ . කෙල්ල දැන් අපෙත් පවුලේ කෙනෙක් වෙන්නනේ යන්නේ . මම යනවා එහෙනම් . හාමිනේලා එහෙම බලාගෙන ඇති මොකද උනේ කියලා . රාත්තිරියේ මම කලබලේ මේවා ලෑස්ති කරනකොට හාමිනේ බයේ හිටියේ කෙල්ලට අතුරු ආන්තරාවක්ද කියලා . අංජනම ගෙනාවට මෙහේ බලන්නත් බැහැ . මම වලව්වට ගිහින්ම බලන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා " 

වෙද සීයා සීයාට ආචාර කල අතර අනෙක් සියල්ලෝම සීයාට වැන්දාහ .

" සීයේ මම තව ටිකක් ඉඳල එන්නම් " 

සීයා පිටත්ව ගිය පසු මමත් සඳමලී නංගිගේ මවත් සඳමලී නංගිව කාමරයට කැඳවාගෙන ගියෙමු . ඇය මාගේ අතින් අල්ලාගෙන කාමරයට ගියාය . ඒ ඇය මා ස්ඵර්ෂ කල පළමු වතාවයි . ඇය ඇඳේ හාන්සි කරවා ඇගේ මව කාමරයෙන් පිටත්ව ගියාය . ඇයත් මමත් කාමරයේ තනි විය . ඇය මගේ අතින් නැවතත් අල්ලාගෙන මා දෙස බලා සිටියාය . මමද ඇය දෙස බල සිටියෙමි . ඇගේ මුහුණෙන් පෙනුණේ ඇගේ සුරක්ෂිතබව දැන් තහවුරු වී ඇති බවයි . මම අගේ හිස අතගා කාමරයෙන් පිටතට පැමිණ ඇයට දීමට සාදන ගම්මාලු කිරි පානය පිලිබඳ බැලුවෙමි . වෙද සීයා එය සාදා මා අතට දුන්නේය . මම සඳමලී නංගිට එය පොවා ඇයට නින්ද යනතුරුම ඇය අසල හිඳ වලව්වට ගියෙමි . සීයා කිසිවක් මා සමග ඒ පිළිබඳව නැවත සාකච්ඡා කලේ නැත . අංජනමෙන් ආපිට වැදුනාද කියා බැලුවේද නැත . 

ගතවූයේ දින තුනකි . රා බොන්නට රා පොළට ගිය පොල් මුදලාලිගේ පුතා ගස් මදින්නාගේ පිහිය ගෙන තමාගේම පපුවට ඇණ මරු තුරුලට පාර කපා විනය ආපිට වැදුණු බව සනාථ කළේය . එහෙත් පොල් මුදලාලි ඔහු වෙනුවෙන් සුදු කොඩියක් හෝ දැමුවේ නැත .

කළු කුමාර වෛරෝඩිය මෙතෙකින් සමාප්තයි !




මේ කතාව මම ලියන්න නෙවෙයි හිටියේ . ඒත් හදිස්සියේම ආව ආරාධනාවක් නිසා තමයි මේක ලිව්වේ . මේ කතාව ලියන්න හේතු වුණේ අපේ බ්ලොග් එක කියවන චන්දිම කියන සහෝදරයාගේ මතක් කිරීමක් . එයාගේ අදහසක් තමයි සඳමලී ලෙඩ වෙනවා කියන කතාව . ඒ එක්කම මට මතක් වුණා මේ කතාවට නිධාන වෙච්ච ඔය වැල්ලබඩ පත්තුවේ මම කියන පවුලේ සිදුවීම . අනික තමයි මේ දවස්වල කළුකුමාර දෝෂය තියෙන කෙනෙක් ගැන මම අධ්‍යනය කරගෙන යෑම . ඒ සියල්ලම එකතු කරලා මේ කතාව ලිව්වා . 

කොටස් පහකින් කතාව ඉවර උනාට කතාවට අසාධාරණයක් උනේ නැහැ . මම ලියන්න ඕන සේරම ලිව්වා . ඒ වගේම කතාව ඇදි ඇදී ගිහින් කියවන ඔයාලටත් එපාවෙන නිසා මම දවසට එක ගානේ ලියලා කතාව අවසාන කළා . රණබා ආයෙත් කරලියට ගෙනාවේ ඇයි කියලා අනාගතයේ ඔයාලට දැනගන්න ලැබෙයි .

මේ කතා ලිවීම එක්ක මට තරමක අපහසු තාවයකට මුහුණ දෙන්න වුණේ කීපදෙනක් මගෙන් මන්තර ගැන අහන්න ගත්ත නිසා  . මම හැම ලිපියකම වගේ කියලා තියෙනවා එහෙම ඇහුවා කියලා මගෙන් උත්තරයක් නම් ගන්න ලැබෙන්නේ නැහැ කියලා . අනික මම ලියන සීමාව විතරයි මම ලියන්නේ . මම මන්තර දන්නවා . ඒ දන්නේ ඇදුරෙක් වෙන්න ඕන නිසා නෙවෙයි . ඒවා කොහොම දේවල්ද කියලා පුළුල්ව ගවේෂණය කරපු නිසා . මේ කරදර එන නිසා මම අනන්‍යතාවය හෙළි කරන්න මුල කාලේ අකමැත්තෙන් හිටියේ .

මම මගේ අනන්‍යතාවය හෙළි කරන්නේ නැතුව මුල කාලයේ හිටියත් පස්සේ සිංදු අයියගේත් බලවත් විරෝධය ඇතුව තමයි වයලීනෝ කියන්නේ කවුද කියලා බ්ලොග් එකේ දැම්මේ . ඒ දැම්මේ එක හේතුවක් නිසා .

කොහොම හරි ඒත් එක්කම සීමාව ඉක්මවාගිය ප්‍රශ්න ගොඩකට මට උත්තර දෙන්න සිදුවුණා . සමහර අය ප්‍රතික්ෂේප කරන්නත් වුණා . දැන් කතා ලිවීම ගැන මගේ තරමක පසුබෑමක් තියෙන්නේ . ඒ නිසා මේ කාරුණික දැනුම් දීම මන්තර ගැන අහන අයටයි . මගෙන් මන්තර ගැන නම් අහන්න එපා . වෙදකම් සහ ජ්‍යෝතිෂ විද්‍යාව ගැන බ්ලොග් එකේ අහන ප්‍රශනයක් කමෙන්ට් විදියට අහන්න . මට ඒවා පෞද්ගලිකව දැනගන්න කතා කරගන්න ඕන නම් මම එකට ඉඩ හසර සලසා දෙන්නම් . මෙච්චර පැහැදිලිව කියලත් ආයෙත් මගෙන් මොනවා හරි අහනවනම් එක්කෝ ඔබට සිංහල තේරෙන්නේ නැහැ . නැත්නම් මම ඒක ඒ වෙලාවට කියන්නම් . පැහැදිලි කිරීමට කාගේ හෝ හිත් රිදවීමක් උනානම් සමාවෙන්න ඕන . ආයෙත් සමාව ගන්න ඕන නැහැ මගෙන් . මොකද ඒ අය ගැන හිතේ කහටක් නෑ . 

ආආආසම නම් ඉතින් අහන්න . ඒත් පිළිතුරු නොලැබුණා කියලා තරහා වෙන්න නම් එපා ආ .

එහෙනම් තවත් වෛරෝඩියක් තියෙනවා . ඒකත් අරගෙන ආයෙත් එන්නම් . එතකල් 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

4 comments:

  1. ඇත්තටම කථා පෙල නම් ගොඩක් හොදයි. ඒත් මේ වගේ ගුරුන්වහනසෙලා දැන් නැහැ නේද.

    ReplyDelete
  2. 2018 ලිපි පෙළක්. අද තමයි කියෙවුවේ. ඊයෙ බ්ලොග් එක හමුඋනේ. කමෙන්ට් කලේ නැති උනාට, ලිපි කියවනවා. ඒ නිසා සත්‍ය කථා ලියන්න

    ReplyDelete
  3. සියගේ මුනුපුරාගේ කතා ඉවරයිද සස්තර ආතාගෙන් පස්සේ

    ReplyDelete
  4. හැම කතාවකම අපූරු කතා ශෛලියක්, රසවත් භාවයක් සහ අපේකම, ශාස්ත්‍රයේ ප්‍රබලත්වය ඉස්මතු වෙලා තියෙනවා. මේවා හෙළයන්ගෙ, අසරණයින්ගෙ යහපතට යොදවන්ට ඉගෙනගන්ට තියෙනවානම් කියලා හිතෙනවා. ඉඩමකට කර තුබූ බන්ධන කැපූ කතා සහ තොරතුරු ලියන්න පුලුවන් නම් හොඳයි. මේවා දිගටම කර ගෙන යන්ට ඔබතුමාට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා !!!

    ReplyDelete